Saturday, December 10

මගේ ආදරණීය හිමූට...

              ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ඕනේ කියලා හිතුන ඕන්... ගොඩක් කාලෙකට කලින් මේ පොස්ට් එක දාන්න හිතාගෙන හිටියට කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරිව හිටි නිසා  ඒ වැඩෙත් දවසින් දවස කල් ගියා.... ඒත් දැන් තමයි ඒකට අවස්ථාව කියලා හිතුණා, එත් දුක හිතෙන කතාවකුත් එක්කම...... :(

            අයිස්ට සහෝදරයෙක් නෑ කියලා ගොඩක් කස්ටිය දන්නවා මයේ හිතේ. මගේ ජීවිතේට සහෝදරයෙක් උරුම නැතුව ඇති. ඒත් දැන් මට මගේම වගේ සහෝදරයෝ ගොඩක් ඉන්නවා කියලා මං කියලා තියෙනවනේ. පුංචි කාලේ ඉඳන්ම මගේ දුකට සැපට හැමදේටම මට හිටියේ මගේ අක්කි විතරයි. එය 'ඉඳුනිල්' අපි දෙන්න අතරේ වයස් පරතරේ අවුරුදුම 7ක්. ඒත් අපි දෙන්න ආශ්‍රේ කරේ හොඳ යාළුවො දෙන්නෙක් වගේ. අක්කි මට ගොඩක් ආදරෙයි. මාත් එයාට ගොඩක් ආදරෙයි. හැබැයි මේ කියන්න යන්නේ අක්කි ගැන නම් නෙමෙයි. 

             අක්කි කසාද බැන්ද 2008 දී. දැන් ඉන්නවා පුතාල දෙන්නෙක්. ඔව් ඔව්.. මං දැන් පුංචි කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම මං පොඩි උන්ට හරි ආදරෙයි. ඉතින් මගේ අක්කි මාව පුංචි කෙනෙක් කරපු දවසේ මට දැනුනු සතුට නම් මට වචන වලින් විස්තර කරන්න බෑ. ලොකු පුතා 'හිමහංස මිතුදම්'. ඒ පුංචි ප්‍රාණීයාව ඉස්සෙල්ලම දැක්ක මොහොත මට අද වගේ මතකයි. රෝසම රෝස පාටයි. එයාව ඉස් ඉස්සෙල්ලම වඩාගත්තෙත් එයාගේ පුංචි. අපේ පවුලේ ඉන්නේ කෙල්ලෝම රොත්තක්. ඒ නිසා අපෙ මේ හතර වෙනි පරම්පරාවේ පළවෙනි පුරුක වුනු පුංචි එකාට හැමෝගෙම ආදරේ නොඅඩුව ලැබුනා. එයා ඉස්සෙල්ලම හිනා වුණ හැටි , පෙරලුනු හැටි ,ඉඳ ගත්ත හැටි , එයා තිබ්බ මුල්ම පියවර මට අද වගේ මතකයි. කාර්යබහුල වෙලා තිබුණු අපේ ජීවිතවලට මගේ ආදරණීය 'හිමූ' ගෙනාවේ ලොකු අස්වැසිල්ලක්. දවසින් දවස එයා වෙනුවෙන් අපි හැමෝම බලාපොරොත්තු පොදි ගැහුවා. මගේ අප්පච්චිට - හිමූගේ අත්තාට හිමූ ඇරුණම වෙන ලෝකයක් නැති තරම්. 


              ගෙදර විතරක් නෙමෙයි පවුලේම හුරතලා වුණු මේ පුංචි කොල්ලට දැන් වයස අවුරුදු දෙකයි මාස නවයයි. හැබැයි ඉතින් ඒ ඔක්කොම පැත්තකින් තිබ්බම මේක මහා දඟ මල්ලක්. මගේ ඇඟේ ලේ කෝපකරවන මහ නසරානියෙක්. වෙලාවකට කරන වැඩ වලට මගේ අතින් ඕනේ තරම් ගුටි කාල ඇති. බැනුම් අහලත් ඇති. ඒත් ඒ දේවල් වලින් එයා ගැන තවත් ආදරයක් මිසක් කවදාවත් වෛරයක් නම් ඇති වෙලා නෑ මගේ හිතේ. ඇත්තම කිව්වොත් ඉතින් මගේ හිතේ කොනක මෙයා ගැන පුංචිම පුංචි ඉරිසියාවකුත් නැතුවම නෙමෙයි. මොකෝ ඉතින් මෙයා එන්න කලින් ගෙදර හැමෝගෙම ආදරේ , සැලකිලි ලැබුව පුංචිම සාමාජිකයා මම නේ. මට ලැබෙන්න ඕනේ සැලකිලි ඔක්කොම මේ දඟ කොල්ල හොරකම් කරලා දැන්. වෙලාවකට මාත් එක්ක රණ්ඩු කරනවා එයාගේ අත්තාවයි , අත්තම්මවයි බෙදා ගන්න. එතකොට අපේ අම්මි නම් මට කියන්නේ මෙහෙමයි 'එයාට තම අවුරුදු දෙකයි, ඔයාට දැන් විස්සයි පුතේ. අවුරුදු දහ අටක පරතරේ වෙලත් ඇයි ඔය පොඩි එකත් එක්ක රණ්ඩු වෙන්නේ? නිකන් ඉන්නකෝ' අම්මි එහෙම කිව්වත් ඇත්තටම එහෙම රණ්ඩු වෙලා හිමූව පොඩ්ඩක් අවුස්සලා ගුටියක් කන්න මං මාරම අසයි. කොහොම හරි දැන් ඔන්න හිමූටත් මල්ලි කෙනෙක් ඉන්නවා. 'හසදුන් තරුපියුම්' තම මාස 6යි. එයා ඉතින් කවදාහරි අයියටත් වඩා දඟ වෙන ලකුණු දැන්ම පේන්න තියෙනවා.  

             මං ගිය සතියේ කිව්වනේ මට හොඳටම උන හැදිලා හිටිය කියලා. ඒ දවස් ටිකේම ගෙදර හැමෝටම උන හැදුණා. පොඩි උන් දෙන්නටත් එක්කම. අපේ චුටි තරූට නම් ඉක්මනට හොඳවුනා. හිමූට බෙහෙත් පොවන්න අපි පුදුම මහන්සියක් ගත්තේ. ඒත් වැඩක් වුනේ නෑ. එයාට දවස් 4ක් උන තිබුණා. ඉතින් ගිය බ්‍රහස්පතින්දා එයාගේ බ්ලඩ් ටෙස්ට් එකක් කරාම රුධිර පට්ටිකා ප්‍රමාණය නියමිත ප්‍රමාණෙට  වඩා ගොඩක් අඩුයි කියලා දැන ගන්න ලැබුණා. පුළුවන් තරම් ඉක්මනට පේරාදෙණිය ළමා රෝහලට ඇතුල් කරන්න වෛද්‍ය උපදෙස් ලැබුණ නිසා අපි ඉක්මනින් වුණා. අනේ ගිය ගමන් කොල්ලගේ අත් දෙකම තුවාල කරලා. කැනියුලා ගහන්න. සේලයින් දෙන ගමන් පැය හතරෙන් හතරට ලේ ගන්නවා. චුටි තරූ ඉන්න නිසා අක්කිට ළඟ නවතින්න බෑනේ. අයියා තමයි රෑට ළඟ නැවතිලා හිටියේ. සිකුරාදා දවල් මං ළඟ නැවතුනා.  
           'පුංචා අනේ අපි අපේ ගෙදර යමුකෝ........ අනේ යමුකෝ පුංචි........ මාව වඩා ගන්නකො ඔයා......... අනේ අත්තට එන්න කියන්න..... මාව එක්කන් යන්නකෝ...' මගේ චුටි කොල්ලා වාට්ටුව දෙවනත් වෙන්න කෑගැහුවා. දෙයියනේ මං පිච්චුණ තරමක්. එයා ඉස්සරහ අඬන්න බැරිකමට මං ඉවසගෙන හිටියා. ගෙදර අයට කන්න බොන්නවත් සිහියක් නෑ. කිසිම දෙකට සැලෙන්නේ නැති මගේ අප්පච්චි පවා හැමදාම ඇඩුවා.එයා අපේ ජීවිත වලට කොයි තරම් ලොකු ආලෝකයක් වුනාද කියලා මට ඒ වෙලාවේ හරියටම දැනුණා. ඒත් මං හිටිය දවසේ ටික වෙලාවක් අඬල එයා මාත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඒ ගැන නම් මට තිබුනේ ලොකු සතුටක්. නර්ස් කෙනෙක් හරි ඩොක්ට කෙනෙක් හරි ලඟට එනකොට හයියෙන් කෑගහනවා.... අම්මි හැමතිස්සෙම බුදු පහන ළඟ වැඳගෙන ඇඩුවා. කන දෙයක් හරියට උගුරෙන් පහලට යන්නේ නෑ. අපි හැමෝම හිටියේ ලොකු දුකකින්. ඒත් ඊයේ උදේ ඉඳන් එයාගේ බ්ලඩ් රිපොර්ට්ස් ඔක්කොම සාමාන්‍ය තත්වෙන් තියෙනවා. අප්පච්චි ඊයේ දවසම එයා ළඟ. මේ ලියන දැනුත් එයා ළඟ. දැන් නම් ඇත්තමට අපිට පුදුම සතුටක් තියෙන්නේ... කියාගන්න බැරි තරම් සතුටක්. මට කෑගහන්න බැරි නිසාම ඒ සතුටට මේ පොස්ට් එක ලියල මගේ සතුට බෙදා ගන්න හිතුවා.. දැන් ටිකකට කලින් අප්පච්චිගේ ෆෝන් එකෙන් මට කෝල් එකක් අරගෙන කියනවා 
          'පුන්ති , පුතාගේ නීපොතු ඇවිලා, අප්පම්මා අතේ නිය කතල් එක එවන්න. පුතාගේ අත උයියා කලලා තිබ්බ කතු දෙකම ගැලෙව්වා නර්ස් ආන්ටි. දොත්ත අන්කල් පුතාගේ නළලේ පොත්තුවක් තිබ්බා. පුතා අත්තා එක්ක ශවුමක් ගියා. අපි ගෙදල එනවා. නත්තල් ගා අදමු අපි දෙන්නා......' කියවගෙන කියවගෙන ගියා. සන්තෝසේ වැඩිකමට ළඟ හිටපු අම්මිටත් කඳුළු ආවා. අද හවසට නැත්තන් හෙට උදේට එයාව ඩිස්චාර්ජ් කරනවා කිව්වලු... 

          ඉතින්...... ආයෙත් මගේ හිමූ ගෙදර එනවා. පොස්ට් එකක් ලිය ලිය ඉද්දි ඇවිත් ලැප් එකේ කීබෝර්ඩ් එකට ගහල දුවන්න, ෆිල්ම් එකක් බලන්න ඉල්ලලා කරදර කරන්න මගේ පුංචි චන්ඩි බන්ඩියා ආයෙත් ගෙදර එනවා. අපි නත්තල් ගහ හදනවා. ඔයාගේ පුන්තී ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුතේ.. ඔයා නැතුව පාලු සොහොන් පිටටනියක් වෙලා තිබුණ ගෙදරට සතුට අරගෙන ඔයා එනකන් අපි ආදරෙන් මග බලාගෙන ඉන්නවා මගේ රත්තරනේ.... ඔයාට දළදා සමිදු පිහිටයි!!


ප/ලි : පුංචි උන්ට ආදරෙන් සලකන, රැකබලා ගන්න පේරාදෙණිය ළමා රෝහලේ වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට හද පිරි ස්තුතිය!!...
*වැඩ ගොඩක් අස්සෙත් හිමූව බලන්න දුවගෙන ආව ,හිමූගේ වචන වලින් කියනවා නම් නෙලා මාමි (නෙරා අයියා), පූ නැන්දි (Pooh), දියබලියා මාමි (මධු) , තුතුලා මාමි (චින්ති අයියා) ,තූති මාමි (චුටි අයියා) ඔයාලට ගොඩක් ස්තුතියි!...
*එන්න බැරි වුනත් හිමූ ගැන ඇහුව පැතුම් මාමි (පැතුම්), රේ මාමි (Ray), තතී පුන්ති (සචී අක්කි) , විමූ නැන්දි (විමූ), ඉසුරු ඇතුළු මගේ යාළුවො ඔක්කොටම , නෑදැයෝ ඔක්කොටම ගොඩා....රියක් ස්තුතියි!!

ප/ප/ලි : මේ සතියෙත් ගිය සතියේ වගේම කස්ටියගේ පෝස්ට්ස් බලන්න එන්න බැරි වුණා මට.  අද හවසට හැමෝගෙම පෝස්ට්ස් බලල කමෙන්ටුවක් දාල යන්න එන්නම්කෝ.හොඳේ.. :) :)

34 comments:

  1. අද මමයි එක.
    දැන් එහෙනම් පෝස්ට් එක කියවමු. :)

    ReplyDelete
  2. ඔය නංගි ගොඩක් සතුටින් ඉන්නවා කියන එක ඔයාගේ පෝස්ට් එක කියවගෙන යනකොටම හිතා ගන්න පුලුවන්. මාත් හරිම ආසයි පොඩි ඈයෝ එක්ක ඉන්න.

    ඒ අය එක්ක ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඒ වගේම කරන පිස්සු වැඩ නිසා හිනා වෙලාම පණ යනවා.

    මාත් පොඩි හරි විවේකයක් තිබ්බම පුංචම්මගේ දූ පොඩ්ඩව වඩාගෙන ඔහේ ඇවිදිනවා. එතකොට ඉතින් අපේ පුංචම්ම ගේ ඇතුලේ ඉදන් කෑ ගහනවා ලොකු අයියයි පොඩිම නංගියි කියලා. ඔය පොඩි එකීයි මායි අතරේ වයස් පරතරේම අවුරුදු 22ක්. හික්ස් :)

    ඒක නෙමේ අයිස් නංගි කතෝලික දෑ ? අර නත්තල් ගහක් හදන්න තියෙනවා කියලා තිබුනේ. :)

    ReplyDelete
  3. මට නම් සහොදරියොන්වත් පොඩි ලමයි වත් නෑ. එත් යාලුවන්ගෙ පොඩි උන් ලෙඩ උනාම තියන තත්වෙ මම දෑකලා තියෙනවා. එ වෙලාවට පිහිට වෙන රොහල් කාර්යමන්ඩල වල ඉන්න අය දෙවි වරු වගෙම තමයි. ඔයාගෙ හිමුටත් ඉක්මනටම හොදටම හොද වෙලා ආයෙමත් දග කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  4. පොඩි උන්ට ලෙඩ හැදුනම හිතට එන බර සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩී තමා!

    ReplyDelete
  5. එල එල.. අපිටත් සතුටුයි..

    ජය..

    ReplyDelete
  6. ඉක්මනින් පැටියා හොද වුනු එක ගැන ගොඩාක් සතුටුයි. පොඩි ළමයි ඉන්න ගෙදරක සතුට ඉතිරෙනවා. :)))

    ReplyDelete
  7. හරිම හුරතල් පැටියෙක්..එයාව පරිස්සමින් බලාගන්න චූටි මල්ලියෙකුත් ඉන්න නිසා එයාට දැන් වෙනදට වඩා ගෙදර අයගෙ ආදරේ ඕන වෙයි..

    ReplyDelete
  8. අන්නා... හරිම හුරතක් කොලු පැංචෙක්.. අනේ මංදා මාත් පුංචි එවුන්ට වැඩියෙන්ම ආසායි. ඒත් හුගාක්ම කැමති කොලු පැංචොන්ට. ඒ ඇයි දන්නෙ නෑ... :D
    හැබැයි වෙනසක් නෑ පුංචි එවුන් මල් වගේ..කාටත් ආදරේ හිතෙනවනෙ..:)
    නංගි සතුටින් ඉන්නවා කියලා තේරෙන්නෙ..:D ඒක ගොඩාක් හොදයි..

    ReplyDelete
  9. ශෝයි කොලු පැංචා... මං වැඩියෙන්ම ආස කොලු පැංචන්ට.. පොඩ් උනාට හිටපුගමන් මුං මරු වැඩ කරන්නේ..

    ReplyDelete
  10. ෂා...ෂොක් පොඩි එකෙක් අනේ.එයාට ඉක්මනට සනීප වුන එක ගැන සන්තෝසයි.

    අපේ නංගියි මායි අතරත් වයස පරතරය අවුරුදු 7ක්නෙ.

    ReplyDelete
  11. අපිටත් හරිම සතුටුයි නංගි...අර ෆොටෝ එකත් ලස්සනයි හොඳේ...:)

    ReplyDelete
  12. ගොඩක් සතුටුයි සනීප උනා එක ගැන.එයා කරපු අමතක නොවෙන දෙයක් දාන්නකෝ බ්ලොග් එකට කට්ටියම ආසවෙවී

    ReplyDelete
  13. දෙවි පිහිටෙන් පුතු පැටියාට ඉක්මනින් සනීප උනු එක හොදයි...
    නෝටි නං පොඩි උන් කාට උනත් ආදරෙයි..ඒ වගේම උන්ව කුලප්පු කරලා පැත්තකට වෙලා බලන් ඉන්නත් ආසයි..

    ReplyDelete
  14. මට ඇඬුනා අයිස්. මගේ මල්ලි පුංචි කාලෙත් ඔය වගේමයි.ලොකුවට මුකුත් කියන්න මට බෑ. තවම කම්මුල් දිගේ කඳුළු බේරෙනවා.

    ReplyDelete
  15. හප්පේ... ලොකු දෙයක්.... කොල්ලට ඉක්මනටම සනීප වුනු එක ගැන සංතෝසයි....

    ReplyDelete
  16. @මධූ අයියා : හි හි.... ඒක නම් ඇත්ත අයියේ... පොඩි උන් එක්ක ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ... :)
    අපෙත් පුන්චිලාගේ නිවුන්නු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා අපේ හිමුටත් වඩා බාලයි. එත් නෑකමට මට මල්ලි.. හිකිස්..
    අනේ නෑ අයියේ ,මං බෞද්ධ.. ඒත් අපි පොඩි දවස්වල ඉඳලම නත්තලට නත්තල් ගහක් හදනවා.. :) :)

    @රෙප් මහත්තයා :ස්තුතියි මේ පැත්තේ ආවට.. ඒක නම් ඇත්ත තමයි.. බෙහෙත් පොවගන්න නොවිඳිනා දුක් විඳින්න ඕනේ..ස්තුතියි රෙප් මහත්තයෝ.. එය ගෙදර ආවා...

    ReplyDelete
  17. @සබිත් අයියා : ඒක නම් ඇත්ත.. අනික එයාල ගෙදර නැතිවුනාමත් ගොඩක් පාලුයි. :)

    @ගයාන් අයියා : හි හි.. ස්තුතියි අයියා ... :) :D

    ReplyDelete
  18. @වර්ණා : ඔව් වර්ණා.. ඒක නම් ඇත්ත.. :)))

    @සිත්රූ සිහින : ඔව් ඇත්තටම ..... එයාට පොඩි වෙනසක්වත් දැනෙන්න අපි ඉඩ තියන්නේ නෑ.. පව් නේ... ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.. ස්තුතියි සිත්රූ.. :)

    ReplyDelete
  19. @හිතූ අක්කි : ඔව් අක්කි, හුරතල් වගේම හරිම දඟයි... මාත් එහෙමයි වැඩියෙන්ම ආස කොලු පැටවුන්ට.. අම්මලා ගොඩක් ආදරේ පුතාලට කියනවනේ. ඒ නිසා වෙන්න ඇති නේ?? හිකිස්.. :P
    ඔව් අක්කි ඇත්තටම මං ගොඩක් සතුටින් ඉන්නේ.. ස්තුතියි..

    @දිනේෂ් අයියා : අපෝ ඒක නම් ඇත්ත අයියේ.. මෙයත් වෙලාවකට මරු මරු වඩා කරනවා.. ලියන්න ඉන්නේ වෙලාවක.. ස්තුතියි අයියේ. :)

    ReplyDelete
  20. @නිසූ අක්කි : හි හි.. ස්තුතියි අක්කි.. ඒකනේ ගොඩක් අය හිතන්නේ එච්චර ලොකු පරතරයක් තිබ්බම දෙන්නා මරාගන්නවා කියල. එහෙමමත් නෑ නේද? අක්කිත් අක්කිගෙ නංගිට ගොඩක් ආදරෙයි කියල මං දන්නවා. :) :)

    @සයුරි අක්කි : හි හි.. ස්තුතියි අක්කියෝ.. :)

    ReplyDelete
  21. @අසරණයා : අම්මියෝ... ගොඩක් තියෙනවා.. ඉඩක් ලැබුන හැටියේ ලියන්නම්කො.. ස්තුතියි.. :)

    @නෝටියා : හි හි.. මාත් ඒකට නම් මාර ආසයි නෝටි... මරු මරු වැඩ කරනවනේ එයාලා.. ස්තුතියි.. :)

    ReplyDelete
  22. @ඔබ නොදුටු ලොවක් : ස්තුතියි යාලුවා... :))))

    @මිතුරු : ඔයා සංවේදී මියුරු ඒකයි ඒ....:) ඔයත් ඔයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි නේ.. :) :)

    ReplyDelete
  23. @මියුරු අක්කි : හි හි.. ස්තුතියි අක්කි... :)

    @හැමෝටම : ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි... හිමූ ඊයේ හවස ගෙදර ආවා.. අපි හැමෝම ගොඩක් සතුටින්.. එයාට ආවතේව කරකර හිටිය නිසයි කමෙන්ට් කරන්න පරක්කු වුනේ.. සොලී... :)

    ReplyDelete
  24. මං හිතන්නෙ පළවෙනි වතාවට මේ පැත්තෙ ආවෙ,
    කොල්ලෝ දෙන්නට දාල තියෙන නම් ලස්සනයි, දුවද නම් තේරුවෙ.

    ReplyDelete
  25. සාදරයෙන් පිළිගන්නවා මගේ කෝලමට!! :) :)
    ඔව් ඔබා මාමේ... තේරුවා කියන්නේ එයාල ඉපදෙන්න කලින් ඉඳන්ම මං නම් ලිස්ට් එකක් හදල තිබුනේ.. මේ දෙන්න විතරක් නෙමෙයි, අහල පහල පොඩි උන් ඔක්කොටමත් තියෙන්නේ මං හදපු නම්.. හි හි.. :)

    ReplyDelete
  26. Ice akke,ada idan oyage blog ekata ena me punchi kellavath aadaren piliganna vei..

    ReplyDelete
  27. @Anonymous : හි හි... ඔන්න එහෙනම් ඔයාවත් මගේ කොලමට ආදරයෙන් පිළිගන්නවා!!! :) :)

    ReplyDelete
  28. අම්මෙක් හරි තාත්තෙක් හරි උනාම තමා දරුවෙකුට අසනීපයක් උනාම හිතට දැනෙන වේදනාව කොහොමද කියලා තේරෙන්නෙ, කොහොම උනත් ඔය වගේ පුංචි කෙනෙක් පොඩි එකාට ඉන්න එක වාසනාවන් ......

    ෂොක් කොලු පොඩ්ඩා, පොඩි උනාට ලේසි නැති පාටයි ...

    ReplyDelete
  29. @පන්සල් හංදිය : ස්තුතියි අයියේ ..... අම්මෝ මේ ඩබලත් හරි මගේ පණත් හරි.. අපොයි ඔව්, ෂෝක් වගේම තමයි දඟ කරන්න පටන් ගත්තමත්..:)

    ReplyDelete
  30. පුන්චි අයත් එක්ක ඉන්නකොට දවස ගෙවෙනව දැනෙන්නෙ නෑ.........(මමත් ආඩම්බරකාර බාප්ප කෙනෙක්.....:D :D)

    ReplyDelete
  31. @කුබුවි : ඒක නම් ඇත්ත... අහ්හ්..... මරු නේ.. :)

    ReplyDelete
  32. ෂෝක් පැන්චා

    ReplyDelete
  33. ෂෝක් පැන්චෙක්

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)