Sunday, December 4

~මහිම මන්දහාසි~ 14වන කොටස

      'Who'z  dis plz?'
  
               අහ්.... දැන් දීපන්කො උත්තර. හ්ම්..... කොහොමද පටන් ගන්නේ... දවස් ගානක් පෙරුම් පුර පුරා හිටපු මොහොත උදා වෙලත් මං දැන් ලොප් වෙලා. අපේ එකෙක්ට කෝල් කරලා උපදෙසක් ගන්න විදියක් ගැන හිතනකොටම මගෙන් උත්තරයක් නැති නිසාම ද කොහෙද මහිම රින්ග් එකකුත් තිබ්බා. කමක් නෑ... ඔන්න ඔහේ කමක් නෑ. ආවොත් ආවා, ගියොත් ගියා කියල හිතලා මාත් රිප්ලයි කරා. 


     'Hi Mahima. Am Mandahaasi... :D '.ඔන්න එහෙනම් මන්දහාසි කුලුඳුල් මැසේජ් එකත් යැව්වා. ෂා.... ඒත් ඒ ගැන ආඩම්බර වෙන්න කලින්ම අනිත් මැසේජ් එක ආවා.


    'Hmm... Mandahaasi? Do i knw yu?'


            Yes of course කියන්න බෑනේ ඉතින්. මහිම දන්නේ විශ්මිව මිසක් මන්දහාසිව නෙමෙයි නේ. ඒ නිසා ප්ලෑන් එකේ හැටියට තමයි වැඩ.


    'Nah... yu dn't knw me... Bt i knw ya'


    'Ohh... rlly? Bt hw?'


            ඔය තියෙන්නේ... දැන් නම් ටිකක් විතර මගේ බොරු බය අඩු වෙලා. ඒත්.. මහිම මෙච්චර ඉක්මනට ලණුව ගිල්ලා කියල නම් මට විශ්වාස කරන්නත් අමාරුයි.


     'Ooopz... it'z a secret... ;) '
        
            බොරු ෂෝ එක දාන්න කෙල්ලෝ නිතරම කියන වචනෙකුත් දාලම මං රිප්ලයි කරා. අපේ කස්ටිය නම් කියන්නේ හැට හතරක් ම තියෙන එකේ ඒවගෙන් එකක්,දෙකක්වත් පාවිච්චි කරලා බැලුවට අවුලක් නෑ කියල. ඉතින් මාත් ඒ තියරි එකම අනුගමනය කරා. ඒත්... මේ ටිකට හැරෙන තැපෑලෙන් රිප්ලයි කරපු මහිමගෙන් ඒ මැසේජ් එකට රිප්ලයි නෑ. මං විනාඩි පහක් විතර හිටියා. දැන් නම් එක මැසේජ් එකට මැසේජ් 100 ක් එවන්න වෙලා නිසා මං රින්ග් කරලත් බැලුවා. ඒත් නෑ... දැන් මොකෝ කරන්නේ. මට සබ්බුව දෙන්න පිටු 4,5ක මැසේජ් එකක්වත් ටයිප් කරනවද? ඒ වෙලාවෙනම් අවංකවම මගේ හිතේ ලොකු බයක් ඇතිවුනා.. මගේ අතින් වරද්දක්වත් උනාද? මං කෝකටත් කියලා මං යැව්ව මැසේජ් ටික තව පාරක් බැලුවා. ඒත් අප්සෙට් වෙන විදියක කිසිම දෙයක් තිබුනේ නෑ. නිකමට හරි මහිමට සැක හිතුණා නම්?? මොකකින් මොකක් වෙයිද?..


     'Ane me #@(!~^@&#.. Nikan pala yako yanna. Cheeththa kaallak wage msg karama man andeyi kiyala hithuwada? Ewa hande yako. Kiyapiya kawuda me?'

             මොකක්?..... මං අයෙත් පාරක් ඒ මැසේජ් එක බැලුවා. හුටා.... මහිම හිතලා තියෙන්නේ යාලුවෙක් ගෑනු ළමයෙක් විදියට එයාට මැසේජ් කරනවා කියලද? මදැයි මං අහගත්ත ටික. ශික්.... දැන් මොකද කරන්නේ? ලැජ්ජාවේ බෑ. ඒත් මෙතනින් මේක නවත්තලා බෑනේ.

     'OMG!.... Wht???? :O'

     'Hari hari dan athi umbage komale. oya redda nawaththapan. Dan kiyapan machan kawuda me?? :P ' අය්යෝ.... මහිමට මාව විහිළුවක් වෙලාද?

     'Hey ,i told ya... Man Mandahaasi. i'm a girl..  :\ '

     'OOOoooo... R yu SURE? :P lol @ yu man' අප්පේ... මේ බලහල්ලකෝ අහපු කතාවේ කැත විතරක්. වෙන කවුරුහරි ඔහොම ඇහුව නම් 'ඇයි ඔයාට සැකද?' කියලා අහන්න මං කොයි වෙලාවෙත් පසුබට වෙන්නේ නෑ. ඒත්.. මට මේ වෙලාවේ මහිමගෙන් එහෙම අහන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

      'yeah am 100% sure.. ' කල්පනා කරලා එහෙම උත්තරයක් දුන්නා.

      'Sooo......' 

     'So.. wht?' ඒ පාර මෙය මොකාටද එන්න හදන්නේ?

     'So.. then call me.  :-c'
              ආහ්.... ඔය තියෙන්නේ. කාලා වරෙන්කො දැන් ඉතින්.. මොකද කරන්නේ? දැන් වෙලාව රෑ 11ත් පහුවෙලා. අම්මිලාගේ කාමරේ තියෙන්නේ මගේ කාමරේට එහා පැත්තේ නිසා කෝල් කරොත් ඇහෙන්නත් බැරිකමක් නෑ. මේ වෙලාවට කෝල් කරලා පුරුදුත් නෑ. ඒත් කෝල් නොකරත් බෑ. මහිම කටහඬ අඳුරගත්තොත් එතනත් මල ජංජාලයයි. මේ වෙලාවට තමයි යාළුවොන්ගේ අගේ තේරෙන්නේ. ඒත්.... මහිමගේ සැකේ දුරුකරන්න නම් කෝල් කරන්න ඕනේ මේ වෙලාවේම තමයි කියලා ටිකක්වෙලා කල්පනා කරනකොට මගේ ටිකිරි මොලේට තේරුණා.

      'Mandahaasi? R u there? :P'

              ඒ කල්පනා කරන ටිකට මහිම නක්කලේ දාල මැසේජ් එකකුත් එව්වා. ඒ මැසේජ් එකට රිප්ලයි නොකර මං කෙලින්ම කෝල් එකක්ම ගත්තා. එහා පැත්තෙන් රින්ග්ස් යනවා. 

                  It'z amazing how you can speak right to my heart..
                  Without saying a word you ca...
        
             මගේ රසවින්දයට බාධා කරන්න මහිම ෆෝන් එක ආන්සර් කරා. දැන් තමයි හුස්ම හිරවෙන හරිය. ආන්සර් කරාට මොකද මහිම කතා කරන්නේ නැතුව අහගෙන හිටියා. මං පණ්ඩිතයා වගේ කෝල් කරාට මොකද බයගුල්ලි වගේ ගොළුවෙලා හිටියා. මං හුස්ම ගත්තෙත් හරිම හිමින්. ඒත් මහිම හුස්මගන්න සද්දේ මට ඇහෙනවා.... වෙනදට වඩා ලඟින්.... ගොඩක් ලඟින්..... නුපුරුදු ආගන්තුක හැගීමකින් මුළු හිතම කිතිකැවිලා යද්දී මට ඕනේවුණේ මේ මොහොත ඒ සුන්දර විදියටම විඳගන්න... සදහටම මතකේ තියාගන්න.... ඒ හුරතල් හිනාව, දඟකාර ඇස් හැමදාටම මගේ වෙනව නම්? ඒ වෙනුවෙන් කැප කරන්න බැරිදෙයක් මට නැති තරම් කියලා ඒ මොහොතේදීත් මට හිතුණා. 


             දැන් නිකන් මේක ගොළු බිහිරි චිත්‍රපටියක් වගේ වෙන්නයි යන්නේ. ඒත් එහෙම වෙන්න බෑ.... මංම කතා කරනවා කියලා හිතලා පුළුවන් තරම් හිමීට ,පැහැදිලිව මං කතා කරා.

       'හෙලෝ' මං කතාකරන්න හදනකොටම මහිම කතා කරා.

       'හෙලෝ මහිම'

       'ඔහ්... එහෙනම් මේ ඇත්තටම ගර්ල් කෙනෙක්? සොරි මන්දහාසි.... මං හිතුවේ මගේ යාලුවෙක් මාව බයිට් එකට ගන්න හදනවා කියලා' ඒ හුරතල් කටහඬ ඕනෙම කෙනෙක්ගේ හිත මහිමට පැහැදෙන්න ලොකුම හේතුවක් කියලා ජීවිතේ පළවෙනි වතාවට මට හිතුණා. ඒ තරමටම පැහැදිලි විශ්වාසවන්ත කටහඬක් මහිමට උපතින් උරුම වෙලා තිබුණේ.

        'ආ.. ඉට්ස් ඕකේ. ඒ නිසා තමයි මං කෝල් කරේ' කටහඬ අඳුර ගනී කියලා තිබුණ බය නිසාම මං කතා කරේ ගොඩක් හිමින්.

       'හ්ම්.... ඉතින් ඉතින්?' මහිමගෙන් ප්‍රශ්නයක්. ගොඩක් සුහද විදියට ඇහුවත් ඒ ප්‍රශ්නෙට සුහද උත්තරයක් දෙන්න මට පුළුවන් කමක් නෑ. මොකද 'ඉතින් ඉතින්' කියන්නේ මං කවුද? නම්බර් එක කොහෙන්ද? මොකටද කතා කරේ? ඉස්කෝලේ මොකද්ද? ඉන්නේ කොහෙද? වගේ ප්‍රශ්න පත්තරේකට උත්තර එයා බලාපොරොත්තු වෙනවා කියලා මට ඉවෙන් වගේ තේරුණා. ඔය ප්‍රශ්න පත්තරේට පැටලි පැටලි උත්තර දුන්නොත් අන්තිමේදී මන්දහාසි , විශ්මි වෙලාම තමයි නතර වෙන්නේ. ඒ නිසා දැන් කරන්න තියෙන හොඳම දේ ශේප් එකේ ෆෝන් එක තියන එක කියලා මං තීරණේ කරා.

      'මහිම.. දැන් ඔයාගේ සැකේට හරි උත්තරේ ලැබුණා නේ?

     'ඔව්...'

     'එහෙනම් මං දැන් ෆෝන් එක තියන්නද?' 

     'ඇයි ඒ?'

     'මේකයි,දැන් ගොඩක් රෑ වෙලානේ. අම්මට ඇහුනොත් මට ලොකු ප්‍රශ්නයක් වෙයි. මං ඔයාට ටෙක්ස්ට් කරන්නම්. ඕකේ?'

     'අහ් එහෙමද? ඕකේ.. එහෙනම් මං තියන්නම්. බායි. බුදුසරණයි!'

     'බායි. බුදුසරණයි!'
                 හම්මේ.... හිතට දැනෙන නිදහසක්. ඒ විනාඩි දෙක , තුන මං හිටියේ ගිනි කබලක් උඩ ඉන්නවා වගේ අපහසුවකින්. ඔන්න දැන් නම් හරි. ඒත්..... මහිම මගේ කටහඬ අඳුර ගත්තා නම්?? අඳුරගෙන එයා දන්නෑ වගේ රඟපෑවා නම්?? ෆෝන් එක තිබ්බට පස්සේ මං ඉස්සෙල්ලම මහිම මැසේජ් එකක් එවනකන් බලාගෙන හිටියා.

     'Mandahaasi kiyanne oyage aththama nama da?' මං කොහෙත්ම බලාපොරොත්තු නොවුණ මැසේජ් එකක් මහිම එවල තිබුණ නිසා මං ගොඩක් කලබල වුණා. 

     'Ayi ehema ahanne?' මාත් කල්පනා කරලා ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා.

    'Naa mage yaaluwek innawa Vishmi kiyala. Eyage voice ekath oyage wagemayi' කියයි කියලා මං බලාපොරොත්තුවකින් හිටියත් එයා එවල තිබුණේ මේ වගේ මැසේජ් එකක්.

     'Naa man e nama wadiya ahala naa.. ekayi ehema ahuwe. 'Mandahaasi' ... nice name. :D'


     'Thnx mahima.. :D '


     'Any time.. :D.... Man thama oyage age ekawath danne naane. So hw old r yu? :P'

     
    ' I'm sixteen... oyage wayasama thamayi. :D'


    'OOoooh... oya man gana dannawa wage godak ne?'

    
    ' Hmmm... i hope. :)'


    'K.. then mandahaasi. mata nidimathayi halo.. I'll txt ya 2moro. k?' අනේ කොච්චර දෙයක්ද? මාත් හෙන නිදි මතේ හිටියේ.

    'Ahh.. ya sure mahima. Gd n8. Swt drmz. Bs. Tc'

    'Gd nght. Swt drmz. bs. tc. byeeee... :) '

            මගේ පළවෙනි කෙටි පණිවිඩ හුවමාරුව ඔන්න ඔය විදියට අවසන් වුණා. නිදිමත තිබුණට පාන්දර වෙනකන් නින්ද නම් මගේ අහලකවත් තිබුණේ නෑ. මේක හීනයක් නෙමෙයි නේද කියලා තහවුරු කරගන්න මට දෙතුන් පාරක් ඉන්බොක්ස් බලන්න සිද්දවුනා. අන්තිමේදී මගේ අතක් කොනිත්තලාත් බැලුවා. අම්මියෝ... රිදුනා. නෑ නෑ.. ඒ කියන්නේ මේක හීනයක් නෙමෙයි. අමුතුම විදියේ කෝඩුකාර හැගීම් වලින් හිත පිරෙද්දී අන්තිමේදී මට නින්ද යනවා තේරුණා. උදේ මං ඇහැරුණේ ෆෝන් එක වයිබ්රේට් වුණ සද්දෙන්... නෑ නෑ මහිම නෙමෙයි. සඳු...

    'Ade vish nagitapiya... moko wune? msg karada? Ngitapanko wade... Aaaaaa me eka nemeyi, Good Morning swt hrt.. :D ;)' ඔය බලහල්ලකෝ ඉතින් උදේ පාන්දර බැනලා, දවසම මුස්පේන්තු කරලා අන්තිමේට ගුඩ් මොර්නින්ග් කියන කැත විතරක්. අම්මප මෙහෙමත් යාළුවො. 

ඊළඟ කොටසෙන් හමුවෙමු >>>>


ප/ලි : මං මේ කොටස ලිව්වේ උණ විකාරෙන්. මේ දවස් වල හොඳටම උණ. ඒත් කතාව ලියන්න පරක්කු ඇයි කියලා යාළුවො කීපදෙනෙක්ම මූණු පොතට මැසේජ් එවල තිබුණු නිසා අමාරුවෙන් හරි කතාව ලියන්න හිතුව. අඩු පාඩු ඇති. ගණන් ගන්න එපා.  කතාව ලියවෙලා ඇත්තෙත් වෙනදට වඩා පොඩ්ඩයි. සොරි හොඳේ..... කට්ටියගෙම අලුත් පෝස්ට්ස් ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා දැක්කා. හෙට දිහාට ඇවිත් යන්න එන්නම්කෝ. තරහ වෙන්න ඔට්ටු නෑ හරිය?? 

26 comments:

  1. කමක් උණ විකාරෙන් වුනත් නියමෙට ලියලා තියෙන්නෙ.උණ විකාරෙන්ම ලියන එක හොදයි වගේ..:)))

    ඉක්මනට සනීප වෙන්න හොදේ...

    ReplyDelete
  2. ඔය ලියල තියෙන්නේ ලෙසටම
    උන විකාරේ හොදයි නේ
    ඔන්න ඔහේ දිගටම උන තියගන්න :-D

    ReplyDelete
  3. බලන් ගියාම උණ විකාරෙන් ලියපු එකත් ඔය ලෙසටම තියෙන්නේ...
    Anyway.. Get well soon Ayesha..

    ReplyDelete
  4. උණ විකාරෙන් මෙහෙම නං.... :)

    ReplyDelete
  5. ෂා.... ඔය තියෙන්නේ නියමෙටම වැඩේ කරලා. ඔහොම යං නංගී....
    //'මහිම.. දැන් ඔයාගේ සැකේට හරි උත්තරේ ලැබුණා නේ?

    'ඔව්...'

    'එහෙනම් මං දැන් ෆෝන් එක තියන්නද?'

    'ඇයි ඒ?'

    'මේකයි,දැන් ගොඩක් රෑ වෙලානේ. අම්මට ඇහුනොත් මට ලොකු ප්‍රශ්නයක් වෙයි. මං ඔයාට ටෙක්ස්ට් කරන්නම්. ඕකේ?'

    හම්මේ.... හිතට දැනෙන නිදහසක්. ඒ විනාඩි දෙක , තුන මං හිටියේ ගිනි කබලක් උඩ ඉන්නවා වගේ අපහසුවකින්. //

    අපෝ මේ විශ්මි හෙන කපටියිනේ.:)

    Get well soon Ice.

    ReplyDelete
  6. una wadi wenna athi caLL eka answer karama..

    ReplyDelete
  7. ඉක්මනට සනීප වෙන්න මන්දහාසි :))

    වෙනද වගේම කතාව ලස්සනයි....

    ReplyDelete
  8. ලස්සනයි, වරදක් කියන්න නෑ හොන්දට ලියල තියෙනවා.
    ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  9. උණ විකාරෙන් උනත් නංගිට ලස්සනට ලියන්න පුලුවන් නේ, මුල ටික කියවගෙන ගියහම මට උන විකාරේ වගේ උනා. ඇයි අප්පා කෙලින්ම කියන්න තිබ්බා නේ විශ්මි කියලා !!! වටේ ගිහින් නේ කියලා තියෙන්නේ.

    අපි ඉතින් එහෙම කිව්වට බෑ නේ. කතුවරියට ඕන විදිහට නේ කතාව ගලාගෙන යන්නේ. අපි ඉතින් ඉවසන් ඉමු :)

    ReplyDelete
  10. මේක අත්තටම අපේ මහිම මදුරන්ග අය්යට වෙච්ච සිද්දියක් ද?

    ReplyDelete
  11. ane pawu ane akki ... une thiyagenath apite kathawe dala,, oya dannewane akki ithin meke danekan api iwesillak nathuwe balan inne :) thanks for uploading a post wen u r sick :) wish you to get well soon :) Take care

    ReplyDelete
  12. මාර වැඩේ තමයි..

    ReplyDelete
  13. @Hashan Taraka
    මල්ලියෝ මගුලක් කතා කරන්න එපා
    මම මේ පැත්තක ඉන්න සමනලයෙක් වගේ අහිංසක කොල්ලෙක්
    අපි ඕවට නැ :-D

    ReplyDelete
  14. ඔන්න අද තමයි නොට්ච්චි ඔයාගේ බ්ලොග් එක බැලුවේ... එක හුස්මට කතාව කියෙව්වා... ඔයා ලස්සනට කතාව ලියලා තියනවා... ඉතිරි ටිකත් දාන්නකෝ ඉක්මනට..

    ReplyDelete
  15. @නිසුපා අක්කි : හි හි... එහෙමද? ස්තුතියි අක්කි.. දැන් නම් ඔන්න හොඳයි ගොඩක්... :) :)

    @මහිම මධුරංග : කමක් නැද්ද අනේ? හිකිස්.. තැන්කු වේවා! :D :)

    ReplyDelete
  16. @නෝටියා : ඔන්න දැන් ඉතින් Ice back 2 da track... හි හි.. තැන්කූ නෝටි... :)

    @මියුරු අක්කි : උණ නැතත් මට කොහොමත් ටිකක් විතර විකාර නේ අක්කි... හිකිස්.. ස්තුතියි.. :)

    ReplyDelete
  17. @මිතුරු : ඒකනේ ඒකනේ.... විශ්මි හරි කපටියි අප්පා.. ඔන්න දැන් අයිස්ට හොඳයි.. :) :) ස්තුතියි මිතුරු..

    @Anonymous : එළ... :):)

    ReplyDelete
  18. @අයි කෙ හෙවත් ඉසුරු : ඔයාටත් උණ ගැනිල තියෙනවා වගේ නේ?? කොහොමද බැච් පාර්ටි?? :) :)

    @සයුරි අක්කි : මන්දහාසිට නම් තියෙන්නේ බෙහෙත් නැති ලෙඩක් අක්කි.. හිකිස්.. :P
    අයිස්ට නම් දැන් හොඳයි... ස්තුතියි අක්කෝ.. :) :)

    ReplyDelete
  19. @සිහින කොදෙව්ව : දැන් හොඳයි යාලු.. ස්තුතියි ගොඩක්.. :) :)

    @මධුරංග අයියා : තාම විශ්මි කියල කිව්වේ නැතෝ... ස්තුතියි මධූ අයියේ.. :) :)
    ඒකනේ ඒකනේ.. බලමුකෝ කතුවරිය කතාව කොහොම ඉවර කරයිද කියල නේ? හිකිස්... :P

    ReplyDelete
  20. @Hashan Tharaka : ඒ මහිම සහ මේ මහිම දෙදෙනෙක්ය. ඒ මහිමටත් මෙහෙම වෙලා තියේද කියල මං දන්නේ නැතෝ.. :P

    @Glimmer නංගා : ඔන්න දැන් මට හොඳයි නඟා... ඒකනේ ගොඩක් පරක්කු වුණොත් කට්ටියට කතාව අමතක වෙනවනේ..
    හි හි.. ස්තුතියි නංගා..:)

    ReplyDelete
  21. @වර්ණා : ඒකනේ අනේ.. :) :)

    @නෝටිච්චි අක්කි : ඔන්න එහෙනම් නෝටිච්චි අක්කිවත් සාදරයෙන් පිළිගන්නවා අයිස්ගේ කොලමට... ස්තුතියි අක්කියෝ.. පුළුවන් ඉක්මනට ලියන්නම්.. :D :D

    ReplyDelete
  22. hehee..ayeth ahala..mata ithin hadunoth unak thamai......batch party eka fattama fun...dannawane api wadak kaloth.. :D :D

    ReplyDelete
  23. ආ... මේ ඇවිත් ඉන්නේ උණ ලෙඩා. මං බල බල හිටියේ ඔයාට උණ හොද වෙනකං.මටත් එකෙක් වදයක් ගහන්න පටන් අරන් බොරු නමකින්. යාළුවෙක් කියලා කියනවා විතරයි ස්ත්‍රී පුරුෂ භාවයවත් කියන්නේ නෑනෙ.

    ReplyDelete
  24. @(‍‍‍අයි කෙ) : හි හි.. එහෙනම් එහෙනම්.. මං දැක්කා ෆස්ට ෆොටෝස් ටිකක්.. :)

    ReplyDelete
  25. @Mithuru : අඩේ අෆ්ෆා... දැන් ඒකට සැක කරන්නෙත් මාවද? අනේ මං නම් ඕවට නෑ හරිය....
    සමහරවිට මන්දහාසි වෙන්න ඇති ... හිකිස්.. :P :) :)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)