Friday, December 16

අඹේපුස්ස = The Missing + The Bad Smell

        කම්මැලි අෆ්ෆා.... ගොඩ දවසක ඉඳන් බාගෙට ලියල තිබුණු කතාවක් ඉවර කරලා දාන්න හිතුවා.. මගේ ජීවිතේ අමතක නොවන , රසවත් සිදුවීමක් වුනත් මේ කතාව ලියන්න ඇත්තටම මං බයයි. මොකෝ මං ලියන විදියේ අඩු පාඩුවක් වුණොත් මේ කතාවේ රස නැතිවෙයි කියල බයයි අනේ.. ඒත් අපේ සෙට් එකම මේ කතාව ලියන්න කිව්ව නිසා ලියනවා ඕන්....
        ඔන්න දැන්ම කිව්වා මේ පොස්ට් පොස්ට් එක දිග වැඩි කියලා තේරෙයි.. ගණන් ගන්න එපා ඒ ෆොටෝස් තියෙන නිසා.. :P :P
_______________________________________________

            මං කලින් කිව්වනේ අපේ ක්ලාස් එකේ සෙට් එක ගැන. බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලලා එන්නකෝ.. 
           ඔන්න ඉතින් අපේ ඉන්ෆොටෙක් ඉන්ස්ටිට්යුට් එකේ  අපේ බැච් එක වෙනකන් (මේ සැප්තැම්බර් වෙනකන්) බ්‍රාන්චස් තිබුණා පහක්. නුවර , කොළඹ , ගම්පහ , කුරුණෑගල , කෑගල්ල (දැන් ගාල්ලෙත් තියෙනවා).. මේ බ්‍රාන්චස් පහ අතරේ වාර්ෂිකව පවත්වනවා ලොකු  ක්‍රිකට් තරඟයක්. ISS කියලා.(Infortec Super Sixes) ඔය ඉවෙන්ට් එකට ඉන්ස්ටිට්යුට් එකේ ලොකු තැනක් හම්බවෙනවා. ඉතින් ඒ නිසා අපිට ක්ලාස් පටන් ගත්ත කාලේ ඉඳන් අපි හිටියේ ISS පටන් ගන්නකන් ආසාවෙන්.

           අපිට ඔන්න මැච් එක ගැන පණිවිඩේ ආවා මේ ජනවාරි වල විතර. මැයි වල තමයි මැච් එක තියෙන්නේ. මේ අවුරුද්දේ ලොකුවටම සංවිධානය කරපු නිසා මැච් එකට දවස් දෙකක් යොදාගෙන තිබුණා.  ඉතින් ඔන්න එක බ්‍රාන්ච් එකකින්  ටීම්ස් දෙක ගානේ ඉදිරිපත් වෙන්න කියලත් කියලා තිබුණා අපිට. (අපිට කිව්වට ඉතින් ටීම්ස් වල ඉන්නේ කොල්ලෝ. ගෑනු ළමයි යන්නේ මැච් එක බලන්න විතරයි. ලොල්.. :p).... ඉතින් ඔන්න නුවරින් ටීම්ස් දෙකක් හදාගෙන ප්‍රැක්ටිස් පටන් ගත්ත පෙබරවාරි වල ඉඳල..( ප්‍රැක්ටිස්  හා සම්බන්ධ කතා වෙනත් පොස්ටුවකින් හොඳේ .. :) )

             ටීම් A සහ B... මං කලින් පොස්ට් එකේ කිව්ව මගේ සහෝදරයෝ ටික දෙනෙකුත් හිටිය මේ ටීම්ස් දෙකේ. නෙරා අයියා , මධුවා , චින්ති අයියා , නීලේ , කාංචි සහ 'X' (මේ X ගැන මං කලින් පොස්ට් එකෙත් කිව්වා. ඒත් මේ පොස්ට් එකේ මෙයාගේ ඇත්ත නම හෙළි කිරීම මට තහනම්... ඇයි කියල පස්සේ තේරෙයි). මේ X තමයි A ටීම් එකේ කැප්ටන් හොඳේ. 

            දැන් ඔන්න මැයි මාසේ 7 සහ 8 තිඹිරිගස්යාය පොලිස් ග්‍රවුන්ඩ් එකේ තමයි මැච් එක තියෙන්නේ. දැන් ඉතින් මැච් එක බලන්නත් යන්න එපැයි කස්ටිය. ඒත් දවස් දෙකක් කිව්වම අපේ නුවර ක්ලාස් එකෙන් 100ක් විතර එක්කගෙන ගිහින් කොහේ ඉන්නද??? අනික දන්නවනේ ගෙවල් වලින් එහෙම ලේසියෙන් යවන්නෙත් නෑනේ. ඒ වුණාට ඉතින් අපේ ටීම්ස් දෙකෙන් එකක් ෆයිනල්ස් එනවා කියල අපිට බුදු ෂුවර්. ෆයිනල්ස් තියෙන්නේ 8 වෙනිදා නිසා 8 වෙනිදා කස්ටියව එක්කගෙන යමු කියල කතා වුණා .ඒ නිසා ඔන්න සර්ලා , මිස්ලා එක්ක කතාකරලා බස් එකක් කතා කරගත්ත. (ඒ ගැනත් වෙනම පොස්ට් එකක් දැමීමට තරම් කරුණු ඇත.. :P)

            දැන් ඉතින් මැච් බලන්න ඉන්න උන් 8 වෙනිදා ගියාට ටීම්ස් දෙක කලින් යන්න එපැයි. ටීම්ස් දෙකේ කස්ටිය 20යි. නවතින්න තැනක් X හොයාගත්තා , හොරණ පාරෙන්, දැන් ඉන්න තැනත් හරි. කස්ටිය යන්නේ මැයි 6 වෙනි සිකුරාදා.

            දැන් ඔන්න ISS ලංවෙන්න ලංවෙන්න මටත් හැදීගෙන එනවා එක්තරා ආකාරයක 'උණක්'.... උණ තමයි ටීම්ස් දෙකත් එක්ක 6 වෙනිදා කොළඹ යන්න... :O P දැන් ඉතින් ඕක හිතන තරම් ලේසි නෑනේ.. කොල්ලෝ 20 ක් එක්ක කෙල්ලෙක්ව තනියම යවනවද ගෙදර අය? ඒ මදිවට දවස් 3කට?? මිස්ලා නුවරින් යන්නේ 7 වෙනිදා උදේ.. ඒ උණාට අයිස්ට 6 වෙනිදාම යන්න ඕනේ. ඒත් ඉතින් මගේ වාසනාවට ඔය උණ හැදුනේ මට විතරක් නෙමෙයි.  අපේ සුදු අක්කි හෙවත් සිතාරා අක්කිටත් ඔය ලෙඩේ බෝවුනා.

           අපේ අම්මි, අප්පච්චි මාරම හොඳයි. පොඩි දවස් වල හිටන්ම මට සෑහෙන නිදහසක් දීල තිබුණා. අයිස් කවදාවත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන නොගත් නිසාත් , ඕනේ මගුලක් ගෙදරට කියලා කරන නිසාත් , කොල්ලෝ සෙට් එකම 100%ක් අපේ ගෙදරට ෂුවර් නිසාත්, මිස් අප්පච්චිට කතා කරලා මං ගැන හොඳ රෙකමෙන්ඩ් එකක් දුන්න නිසාත් යන්තම් කන්කෙඳිරි ගාල යන්න අවසරේ ලබාගත්තා. අම්මේ.... මට දැනුණු සතුටක්. සිතාර අක්කිටත් යන්න අවසරේ ලැබුණා. (අපේ පූ නැති පාළුව නම් සෑහෙන්න දැනුන එදා). දැන් ඔන්න හරි අපිත් යනවා කොළඹ. ටීම්ස් දෙකේ 20 දෙනයි, අපේ මාරේයි, රේයි,අක්කියි ,මමයි.
         
          හවස 3.30 ට නුවරින් තිබුණු කෝච්චියේ තමයි යන්නේ අපි. දැන් ඔය දවසේ ක්ලාස් එකට ඇවිත් හැමෝගෙන්ම ආශිර්වාදය අරගෙන දළදා මාළිගාවටත් ගිහින් අපි ආවා railway station එකට.

මේ ඉන්නේ අපිට සුබ පතන්න පාරට ආව කෙනෙක්.. හිකිස්..


මේ ඉන්නේ එදා මං කිව්ව අපේ සෙට් එක....අර Xව අහුවෙන නිසා නම් ටික නොකියා ඉන්නම්කො.. (දන්නෝ දනිති)

            අපේ 24 දෙනාම එක කෝච්චි පෙට්ටියක් අයිතිකර ගත්තා. මේ විදියේ ගමනක ෆන් එක ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දැන් ඔන්න කෝච්චියේ අපි යනවා කියමුකෝ...... සින්දු කියනවා (මටයි, අක්කිටයි කන් වහගන්න කියලා කස්ටිය අමුතු අමුතු සින්දු කෑලි එහෙම කිව්වෙ නෑලු හරිය)  හූ කියනවා, කෑම කනවා මල මගුලයි... ඔන්න දැන් කතාවේ ට්‍රැක් එක පනිනවා මං.. කලින් පොස්ට් එකේ කියන්න බැරි වුණා දෙයක් දැන් මතක් කරලා දෙන්න ඕනේ.. මේ විදියේ ගමනක් යනකොට ඔය සැර බීම ජාති එහෙම කොල්ලොන්ට අමුතු දේවල් නෙමෙයි නේ.. කියන්න සතුටුයි ඒත් අපේ මේ සහෝදරයෝ එදා ඒ කිසිම දෙයක් හොරෙන්වත් පාවිච්චි කරේ නෑ... අර උඩ ෆොටෝ එකේ කස්ටිය නම් කොහොමත් ඒවට නෑ. ඒ නිසා අපිට බයක් තිබුනෙත් නෑ කිසිම... (මගේ සහෝදරයොන්ට : පට්ටම ආඩම්බරයි බොලා ල ගැන අයිස්ට ඕන්). 

            දැන් ආයෙත් කතාවට, දැන් අපි යනවා ඕන් සතුටෙන්... මමයි , අක්කි ජනෙල් වලින් එලියට බෙලි දාගෙන , මාරේයි මදුවයි දොරේ එල්ලිලා. ඔය පාරවල් අයිනේ හිටිය කෙල්ලන්ට එහෙම අපේ කස්ටිය මුකුත් කිව්වෙත් නෑල්ලු ඕන්... :P  පිට්ටනියක සරුංගල් අරිමින් හිටි පොඩි උන් වගයක් එක්ක කියවගත්තෙත් නෑල්ලු ඕන්... :P ඒ අස්සේ අපේ නෙරා අයියා අන්කල් කෙනෙක්ට 'බායි' කියන්න ගිහින් ඒ අන්කල් හොඳවයින් හස්ත සංඥාවක් කරලා පෙන්නුවේ එහෙමත් නෑල්ලු..... :P 

මේ මගෙනුයි , අක්කිගෙනුයි බැනුම් අහ අහා දොරේ එල්ලිලා ගිය වඳුරු පැටවූ දෙන්නා.

අර අපිට කන් වහ ගන්න කියලා කිව්වා සින්දුව.සින්දුවක් කිව්ව වෙලේ .. :P 



මේ බිංගෙයක් අස්සෙන් යනකොට හූ කිව්ව අපේ අක්කි 

         ටිකක් හවස් වෙලා කාරිය අපි ආවයි කියමුකෝ 'අඹේපුස්ස'ට. අඹේපුස්ස කතාවේ සන්දිස්ථානයක්. මං හෙඩිමේ දාල තියෙන්නෙත් එහෙමනේ. අඹේපුස්සට ටිකකට කලින් නෙරා අයියා, මාරේ සහ අර X කියන කස්ටිය කෝච්චියේ බහින දොර  ඉන්නවා මං දැක්කා. මාත් ඉතින් ෆොටෝස් අරන් අරන් හිටි නිසා ගානක් නෑ.. ටික වෙලාවකින් අනිත් උන් සින්දු කියන සද්දේට වඩා සද්දෙන් මෙහෙම කියන ගමන් නෙරා අයියා ආවා..
         "මාර කේස් එක....  මාරේට කෝච්චියට නගින්න බැරි වුණා. "
         අවංකවම එහෙම ඇහුවම මට එක පාරටම ලොකු බයක් ඇතිවුණා. නොදන්නා පැත්තක. රෑ වෙන්න ඉතාම ආසන්නයෙන් එහෙම වුණාම බය දැනෙන එක සාධාරණයි නේ. හැබැයි ඒත් එක්කම ඒ මග ඇරුණේ මාරේ නිසා මගේ බය නැතිවෙලා ගියා. මාරේ කියන්නේ අජාසත්ත ජාතකෙත් රීමික්ස් කල හැකි පොරක් කියලා මං කලින් කිව්ව නේ.. 

          නෙරා අයියා කිව්ව ආරංචිය අපි කවුරුත් මුලින්ම විස්වාස කරේ නෑ. ඒ නිසා නෙරා අයියා සිද්ද වුණ දේ කිව්ව අපිට... වෙලා තියෙන්නේ මේකයි. අපේ X නුවර ඉඳන්ම කියා කියා ආවේ බඩ රිදෙනවා කියලා.  ඉතින්. මේ පොරට ඉතාමත් හදිසි අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා ටොයිලට් එකට යන්න. ඉතින් ඇතුළට ගිහින් බලනකොටලු දන්නේ ටොයිලට් එකේ ටැප් එක කැඩිලා නිසා වතුර නෑ කියලා. අපි බොන්න ගෙනාව වතුරත් ඉවරයි. ඉතින් අඹේපුස්සේ කෝච්චිය නවත්තනකන් හිටපු අපේ මාරයා (මාරේ) ලොකු බෝතලේකුත් අරගෙන කෝච්චියෙන් බැහැලා තියෙනවා වතුර ගේන්න. X ටොයිලට් එක ඇතුලේ හොඳේ. අනේ Xගේ වසනාවක මහත..... මාරේ වතුර පුරවා ගන්න කලින් කෝච්චිය අද්දලා..... 

         "මාරේ දුවගෙන ආව කෝච්චියට නගින්න ඒත් අර @!^$#*^ කඩලකාරයා දොර අයිනේ හිටියනේ ඒ නිසා නගින්න බැරිවුණා".

         "දැන් X කෝ?" කවුදෝ එහෙම අහනකොට තමයි අපිට X ව මතක් වුණේ. 

        "අම්මට හුඩු, ඒකා තාම ටොයිලට් එක අස්සේ" කට්ටියම හයියෙන් හිනා වුණා. ශරීර කෘත්‍ය අහවර කරාට හෝදගන්න වතුර නැතුව X තාමත් ටොයිලට් එකේ. මධුවා, මාරෙට කෝල් එකක් ගත්තම දැනගන්න ලැබුණා ඊළඟට අඹේපුස්ස හරහා කොටුවට එන කෝච්චියක් 6 ට තියෙනවා කියලා. එහෙනම් ඒකෙ වරෙන් කියලා අපි හිත හදාගත්තා. 

         ඔය අස්සේ අපිත් එක්ක ගිය උදයන්ත අයියගේ බෑග් එකෙ තිබුණු ලොකු වතුර බෝතලයක් නෙරා අයියා Xට ගිහින් දුන්නා හෝදගන්න කියලා. දැන් හෝදගෙන ඉවරවෙලා පොර එලියට එන්න ලැජ්ජාවේ ඉන්නවා. ඇයි යකෝ අර විදියේ ලැජ්ජාවක් වෙලා හිත හදාගෙන කස්ටිය අතරට එන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන???  ඔන්න අපි බලාගෙන ඉන්න ටිකට ටොයිලට් එක ඇතුලේ ඉඳල X ෆේස්බුක් ස්ටේටස් එකක් අප්ලෝඩ් කරා මෙහෙම කියලා, 
'        Yako balagena giyama mekath maru pot ekane.. :P '
      
       ඕක දැකල කස්ටියම බඩ අල්ලන් හිනා වුණා... අපි බලාගෙන හිටියට මූ එන පාටක් නෑ. අපි X එනකන් බලාගෙන හිටිය විදිය දැනගන්න කැමතිද? පහල තියෙන ෆොටෝ එක බලන්නකෝ... :P


           ඔන්න කොහොමින් කොහොමහරි අපි හිනා වෙන්නේ නෑ කියලා දැනුම් දුන්නට පස්සේ X යන්තම් එළියට ආවා.. නිකන් නෙමෙයි කස්ටියගේ අත්පුඩි සද්දේ ,හූ සද්දේ අස්සෙන්. පව් නේද අපේ X?? හිකිස්.. ඒ වෙලාවේ මං ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු ස්ටේටස් එක තමයි මේ පොස්ට් එකෙ හෙඩිම..ඕක දැකලා X මාව මරාගෙන කෑවේ නැති එක විතරයි.. :P
      "Ambepussa= The missing + The bad smell... :P :P"

          අපි ඉතින් කොටුවට ඇවිත් ඊළඟට මාරේ එනකන් පැය දෙකක් විතර කොටුවේ හිටියා. ඒ අස්සේ එදා ස්ටේෂන් එකෙ කස්ටියට අපේ උන් වීදි නාට්‍යකුත් පෙන්නුවා. :P :P ඔය පහල තියෙන්නේ ඒ ෆොටෝස්..


     ඒ ඉවර වෙලා පහුවෙනිදට තියෙන මැච් එකෙ පෙරේ පුහුන්වීම් කරන්නත් පටන් ගත්තා.


     ඒ අස්සේ අපේ නීලේ කොටුවට එන එන කෝච්චිවල මාරේව හොයන්න පටන් ගත්තා. 

       පැය දෙකකින් විතර මාරේ ආවා.... 
 මේ පාරේව පිළිගන්න රේ නටාගෙන ගිය වෙලාව.

මාරේ හමුවීමේ ප්‍රීතිය නිමිත්තෙන්.... ඔය මැද තියෙන්නේ වගකිවයුතු බෝතලේ... :P :P

     ඔය හැම ජල්තරයක්ම ඉවර වෙලා අපි නවතින ගෙදරට ගියා. ඒ ගමනේත් පිස්සු ගොඩායි...  මගේ ජීවිතේ දැනුත් මතක් වුණාම තනියම හිනා යන ලස්සන මතක සැමරුමක් වුණා මේ සිදුවීම් පෙළ..
 අඹේපුස්ස=The missing + The bad smell

ප/ලි :කාටහරි කතාව බෝරින්ග් වුණා නම් සොරි වෙන්න ඕනේ.... කාටහරි මේ X කවුද කියලා දැනගන්න ඕනේ නම් කලින් පොස්ට් එකයි, ෆොටෝ ටිකයි බලන්නකෝ... එය ඉන්නවා මේ ෆොටෝස් වල.. (මං එහෙම කිව්ව කියලා එයට කියන්න එපා හොඳේ..:P )

ප/ප/ලි : ආයෙත් කතාව කියවල බැලුවම ඒ මොහොතේ සජීවීව වින්ද රසය නෑ කියලා මට හිතෙනවා. අනේ ඒකට සොරි වෙයල්ලා...


35 comments:

  1. පිස්සු හැඳෙයි සඳ බැබළෙයි කිව්වලු. කතාව නම් සුපිරි. ඉතින් මැච් එක දින්නද ???

    ReplyDelete
  2. කොල්ලො ටික බොන් නෑත්තේ මොකද බන් බොලව් තමයි ඔය විසබිජ දාලා කොල්ලො නරක් කොරන්නේ.....

    ReplyDelete
  3. ඒ පස්ට සීන් එකනේ.හි හී....
    මං හිටියනං එහෙම මාත් හූ කියනවා අනිවා ඩෙෆා.
    මං හිතන්නේ මැච් එකේ නම "Infortec Super Sixes"

    ReplyDelete
  4. අනේ මරු. මමත් ඔහොම යාළුවො කට්ටියක් එක්ක ට්‍රිප් එකක් ගියා කෝච්චියේ,, මාරම ෆන්, මට මේක කියෙව්වම එක මතක උනා. හරිම ලස්සන පින්තුර ටික,, හිහි, පව් කොහොම උනත් මාරේ නම් සැබෑම යාලුවෙක් ඔන්, හිහි

    ReplyDelete
  5. x= :P :p he he ... what a pittyyyyyy

    ReplyDelete
  6. නියම ට්‍රිප් එකනේ.. යාළුවෝ එකතු උනාම අපිත් ඔහොම තමයි.. නිදහස.....

    ReplyDelete
  7. මරු ගමනක් නේ.අර ටොයිලැට් එකේ හිටපු එකා ආයෙම රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යයිද දන්නේ නෑ.

    ReplyDelete
  8. ස්ටෙෂන් මාස්ටර්Dec 16, 2011, 9:18:00 AM

    දොට්ට පිලට ගිහින් ඔය අකරතෑබ්බිය වෙච්ච එකා ගෙ නම ....th.... එහෙම නෙවෙයිලු ඕන් ඈ.. ඔය ෆොටෝස් 5කම ඉන්නවය කියන්නේ.. මෙහෙම කිව්වට කමක් නෑද්ද මන්දා.. :P
    මදයි 1/2 ටිකට් 1කුත් අරන් කල හරිය..
    මුළු ස්ටෙසමම ගද ගස්සුවා නොව.. අවුලක් නෑ.. කොල්ලොනේ බන්..

    ReplyDelete
  9. mee mee meva navaththala kathava danavako akke..guti noka..

    ReplyDelete
  10. ඒක නම් පස්ට කතාව.....:D :D
    හැබෑටම මැච් එකට මොකද උනේ?

    ReplyDelete
  11. ඉතින් මැච් එක දින්නද කියලත් කියන්නකෝ...කතාවනම් එල..

    ReplyDelete
  12. කන් දෙක වහල ඉද්දි කියපු සින්දුව පොඩ්ඩක්වත් ඇහුනේ නැද්ද ?.පොඩ්ඩක් කියන්නකෝ

    ReplyDelete
  13. මරු පෙර සූදානම..ඒක නෙවෙයි නරකද පුවත් වාර්තාකරනයට බැස්සොත්..මරු ඩොකියුමන්ට්‍රි එක

    ReplyDelete
  14. මැච් එකට මොකද වුනේ??? මරු ට්‍රිප් එකක්නෙ නගෝ... හරිම ජොලිනෙ...

    ReplyDelete
  15. ha..lassana kollo tikaknee..matath enna thibuna nam kiyala hithuna.

    ReplyDelete
  16. @Hasitha : හි හි... ස්තුතියි සහෝදරයා.... ෆයිනල් මැච් එක නම් දිනුවේ නුගේගොඩ බ්‍රාන්ච් එක... ඒ හා සම්බන්දවත් කතා ගොඩක් තියෙනවා.. ඒත් ඒවා කිව්වොත් ගොඩක් අයට ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ නිසා නොලිය ඉන්නයි කල්පනාව .. :)))

    @අසංක : අපොයි කවුද විසබීජ දාන්නේ?? ඔන්න අපි නම් නෑ... :))

    ReplyDelete
  17. @මිතුරු : ඔව් නේන්නම් .... මට වැරදිලානේ.. ඔන්න මං ඒක හරි ගැස්සුවා.. ස්තුතියි මිතුරු.. හි හි...ඒකනේ ෆස්ට සීන් එක...

    @වර්ණා :ස්තුතියි වර්ණා... ඔව් මාරේ නම් හැබෑම යාලුවෙක් තමයි. ඔය විදියේ මතකයන් තියෙනකොට මතක් කර කර හිනා වෙන්න පුළුවන්.. :))

    ReplyDelete
  18. @ලලා අයියා : ආ... ඩොට්ට ලලාත් ඇවිත්.. හිකිස්.. වට්ට පිටි තමයි.. ලොල්... :P

    @දිනේෂ් අයියා :ඔව් අයියේ... ජීවිතේට මේ වගේ අත්දැකීම් නැත්තන් නැත්තන් වැඩකුත් නෑනේ..:))

    ReplyDelete
  19. @මධූ අයියා : හි හි... අපොයි ඊට පස්සෙත් එයා හොඳට හිටියා... කිසිම ගානක් නෑ.. ඒත් ඔය කතාව මතක් කරනකොට නම් ලැජ්ජාවේ ඇඹරෙනවා.. හිකිස්..

    @ස්ටේෂන් මාස්ටර් : කවුද බොලේ මේ ස්ටේෂන් මාස්ටර්? අඹේපුස්ස ඉස්ටේෂමේද?? හිකිස්..... හරියටම කිව්වා නොවැ... හිකිස්.. අනේ උන්දැ 1/2 ටිකට් එකක්ද ගත්තේ?? අදනේ බොලේ එක දන්නේ... :))))

    ReplyDelete
  20. @Anonymous :අනේ කතාවත් ලියන්නම්කො... එකම දේ දකිනකොට කස්ටියට එපා වෙනවනේ අනේ.. හි හි....

    @කුබුවි : හි හි.. ස්තුතියි... මැච් එක දිනුවේ නුගේගොඩ අය... :))))

    ReplyDelete
  21. @සයුරි අක්කි : ස්තුතියි සයුරි අක්කෝ... :))))

    @අසරණයා : අපි හොඳ ළමයි අනේ.... කියන දේ අහනවා. ඒ නිසා පොඩ්ඩක්වත් ඇහුනේ නෑලු.... :PP

    ReplyDelete
  22. @ජනරඟ අයියා : හිකිස්... ඇත්තද අයියා? ස්තුතියි කිව්වා.. :)))

    @හිතූ අක්කි : නුගේගොඩ අය දිනුවේ අක්කෝ... ඔව් අනේ, ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ නැති ගමනක් ඒක... :DD

    ReplyDelete
  23. @Anonymous 2 : ඇනෝ විදියට නැතුව හරි නමින් ආවා නම් සලකල බලන්න තිබුණා ... හිකිස්... :PPP

    ReplyDelete
  24. ane akki lasanate kathawe liyala thiyenewa,, ehema kisima rasaye aduwak mate nam danune na :) hehe

    ReplyDelete
  25. මාර සීන් ටිකක් නේ වෙලා තියෙන්නේ...මැච් එකට මොකෝ උනේ.....

    ReplyDelete
  26. නියම සෙට් එකක්නෙ... ඇත්තට මැච් එකට මොකෝ උනේ ඈ....

    ReplyDelete
  27. @Glimmer :නංගා : ස්තුතියි නංගෝ... :))))

    @ඔබ නොදුටු ලොවක් : ඒකනේ අනේ.. මැච් එක දිනුවේ නුගේගොඩ බ්‍රාන්ච් එක.. :))

    @ශානි : ස්තුතියි ශානි.. :))

    ReplyDelete
  28. මරු ඈ උපරිමයි කිසිම අඩුවක් නැතුව රසවත්ව ලියලා තියෙනවා කියවලා ඉවර වෙද්දි බලාගෙන හිටියා වගේ පණ යන්න හිනා photo තිබ්බ නිසා තවත් ගති.දිගටම ලියමු ජයවේවා.මේ මගේ මුල්ම පැමිණීම ඔයාගේ බ්ලොග් එකට අද ඉදන් දිනපතා මෙහෙ ඇවිත් යන්නම්.නියමයි ඈ

    ReplyDelete
  29. එල තමා. අයිස් නගාත් මඩට බැහැලා. ගහපු මඩ හෝදන්නේ අර බෝතලේට ගෙනාපු වතුර වලින්ද?

    ReplyDelete
  30. @ගැමියා : අහ්....... ස්තුතියි ගැමියා.... සාදරයෙන් පිළිගන්නවා කොලමට... :))))

    @රෙප් මහත්තයා : හිකිස්... මං හරි අහිංසක ළමයෙක්.. අපි නම් නෑනේ ඔය මඩ වැඩ වලට... :PP

    ReplyDelete
  31. කොහොම ටොයිලට් එකේ ඉදන් ස්ටේටස් අප්ඩේට් කලාද මන්ද ... නුවර කෝච්චියේ ටොයිලට් ගැන මතක් වෙනව මටත්... අපෝයි...

    ReplyDelete
  32. ආතල් සෙට් එකක්.නියමයි ice කතාව.

    ReplyDelete
  33. @Sammani : හි හි... ඒකනේ.. ස්තුතියි මේ පැත්තට ආවට..:D

    @සෙට් එක : අහ්.... සෙට් එක.. ස්තුතියි කිව්වා :DD

    ReplyDelete
  34. me pisso kattiyak da

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)