Monday, November 28

සුබ උපන්දිනයක් අප්පච්චි!!



   අද මගේ ආදරණීය අප්පච්චිගේ 53 වෙනි උපන්දිනේ...

    තාත්තෙකුගේ ගුණ කියල ඉවරයක් කරන්න බෑ කියල මේක කියවන මගේ සහෘදයෝ හොඳටම දන්නවනේ.. ඉතින් අප්පච්චි ගැන ලිව්වොත් කොතනින් පටන්ගෙන කොහොම ඉවර කරන්නද කියල හිතාගන්න බැරි උභතෝකෝටිකයක මං පැටලිලා ඉන්නේ දැන්.. 

අප්පච්චි මට දෙන ආදරේට , සෙනෙහසට ,රැකවරණයට මං ජාති ජාතිත් ණයගැතියි මගේ අප්පච්චි.

මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා!!


Friday, November 25

~මහිම මන්දහාසි~ 13වන කොටස

    ඔක්කොටම කලින් සමාවෙන්ට ඕනේ මේ කොටස දාන්න ගොඩක් පරක්කු වුණාට. කාලෙකින් සෙට් එක සමග සෙට් වීමේ ප්‍රීතිය සමග ඒ අස්සේ තවත් ජල්තරස් වැඩක් වුණා. ඒ වැඩේට පිළියම් හොයමින් කාලය ගත කල නිසා තමයි මේ පොස්ට් එක ලියල ඉවරයක් කරන්න පරක්කු වුණේඒ ජල්තරස් වැඩේ මොකද්ද කියල නම් අහන්න එපා ඔන්න.. අනික වෙනද වගේම ඒ වැඩේ වුණේ අපේ මධුවා නිසා කියලත් මං කියන්නේ නම් නෑ හරිය.. :P :P


එදා මහිම විශ්මිගේ කටහඬ අඳුර ගත්තනේ... අද එතැන් සිට.. >>>
_____________________________________________________
      


           'ඇයි කතා කරන්නේ නැත්තේ? විශ් මේ ඔයා නේද?'

           'ඔ..ඔව්..' මං අපැහැදිලි හඬකින් උත්තර දුන්නා.

           'කොහෙන්ද මගේ නම්බර් එක?' ඒ ටික ඇහෙනකොට නම් මගේ කණ සීතල වෙලා ගියා. දැන් කොහොමද මේ දේවල් කියන්නේ? මං මේ මොන මෝඩකමක්ද කරගත්තේ? ෂිට්... මට කතා කරගන්න බැරි තරමට මං කලබල වෙලයි හිටියේ. කොටින්ම හුස්ම ගන්න පවා අමාරුවක් දැනුණා. කවදාවත් මීට කලින් මේ වගේ අවස්ථාවකට මුණ දීලා නැති නිසා මොනවද කරන්න ඕනේ කියල හිතාගන්නත් බෑ..

          'ඇයි විශ්, ඔයා කතා කරන්නේ නැත්තේ? මොනවටද කතා කරේ? හදිස්සියක්ද?' ඒ පාර නම් මහිම බය වෙලා. මේ ටිකටම මං කතා කරේ දෙපාරයි. එයාට දැන් මගෙන් ප්‍රශ්න අහලම එපා වෙලා ඇති. හදිස්සියෙවත් තරහ වෙලා ෆෝන් එක තිබ්බොත් මොකද කරන්නේ?

          'කතා කරනවා විශ්. මොකද වෙලා තියෙන්නේ?' මහිම අහපු විදියට බයවුණු මම ඉද්ද ගැහුවා වගේ ඇඳේ වාඩි වුණේ දාඩියත් පෙරාගෙන. කලුවරේම අතපත ගාලා ස්ටූල් එක උඩ තිබුණු වීදුරුවෙන් වතුර උගුරු දෙක තුනක්ම බීලා ෆෝන් එක අරගෙන ඩයල්ඩ් නම්බර්ස් බැලුවා. මහිම ෆෝන් එක කට් කරලවත්ද? ටිකක් වෙලා වුණේ මොනවද කියල කල්පනා කරනකොට තමයි මතක් වුණේ. හයියෙන් හිනාවක් යන්න ගියත් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා. අම්මිලාට ඇහුනොත් මොනවා නොහිතයිද? මං හිතන්නේ ආනා රූනා ගණන් කර කර ඉන්නකොට මට නින්ද ගිහින්. අම්මෝ................. කොහොමද හීනෙක තරම. සෙට් එක දැනගත්තොත් මං වසල හමාරයි. මාසයක් බයිට් වෙන්න පුළුවන්. 

 *****
         
          වැඩි විශේෂයක් නැතුව දවස් තුන හතරක්ම ගෙවිල ගියා. නිකන් ඇදගෙන නාන්න ආසාවක් නැති නිසාම අර හීනේ ගැන යාලුවන්ට කිව්වෙත් නෑ.. ඒ වගේම මහිමට ටෙක්ස්ට් කරන එකත් අමතක කරලා දැම්මා. කැමැත්තකින් නම් නෙමෙයි. හීනෙන් දැකපු දේවල් ඇත්තක් වුණොත් කියල පුංචි බයක් තිබුණු නිසා. හැබැයි ඒ මොන දේ වුණත් fb එකෙන් මහිමගේ අලුත් විස්තර බලන එක නම් අමතක කරේ නෑ. ලොග් වෙන හැමවෙලාවකම මහිමගේ ප්‍රොෆයිල් එක බලන එකත් පුරුද්දක් බවට පත්වුණා. මහිමව අමතක කරන එක ගොඩක් අමාරු දෙයක් කියලත් මං තේරුම් අරගෙන්න හිටියේ. බැදීම් කියන්නෙත් හරි පුදුම දේවල්. හේතුවක් ඇතුව වගේම , නැතුව වුණත් බැදීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හේතුවක් ඇතිව හෝ නැතුව ඒ බැඳීම බිඳිලා යන්නත් පුළුවන් කියල මං දැනගෙන හිටියා. බැඳීම් දුකයි තමයි. ඒත් අපි ඇලෙන්නෙම ඒ දුකේම වුණ එකත් හරි පුදුම දෙයක්.


          සතියකට විතර පස්සේ මං නොහිතපු දෙයක් සිද්දවුණා. මේ නිසා මගේ තීරණ ගැන තව පාරක් හිතන එකේ හදිසි අවශ්‍යතාවයක් දැනුණා. බ්‍රහස්පතින්දා දවසක්. මේ අවුරුද්දේ අන්තිම සතිය. සුපුරුදු පරිදි අප්පච්චි වැඩට ගියාට පස්සේ අයියත් ඉස්කෝලෙට ගියා. පොර මේ දවස්වල හෝ ගාලා sports meet එකට බැහැලාම වැඩ. ඒ නිසාම දවස් දෙකක් විතර ක්ලාස් එකත් කට් කරගෙන තිබුනා. අම්මිගෙන් එලෝ කෝටියකට බැනුම් ලැබුණත් පොර නෙමෙයි කණ හරියකටවත් මායිම් කරන්නේ. පස්ස කඩපු කඩියා වගේ එහාටයි මෙහාටයි දුවනවා. ඔන්න එදත් පොර උදේ පාන්දරම අතුරුදහන් වුණා ඉස්කෝලෙට යන්න.. දවල් වෙනකොට මට තද ඔලුවේ කැක්කුමක් හැදිලා හිටියේ.. අලුත් අවුරුද්දක් එන නිසා ගෙදරට බඩු ගෙන්න යන්නකොට මාවත් එක්කගෙන යන්න තමයි අම්මි හිතාගෙන ඉඳල තියෙන්නේ. මටත් ගෙදරම ඉඳල ඇති වෙලා තිබුණත් ඔලුව රිදෙන නිසා අම්මි මාව එක්කගෙන ගියේ නෑ. මාත් ඉතින් අම්මි ගියාට පස්සේ ටීවී එකත් ඔන් කරගෙනම වාඩිවෙලා හිටියා. එත් ටීවී බලනකොට ඔලුව රිදෙන එක වැඩි වෙනවා වගේ දැනුණු නිසා ටීවී එක ඕෆ් කරලා දැම්මා. ඒත් මං පුටුවෙන් නැගිට්ටේ නෑ..


        ටිකවෙලාවකින් පාර පැත්තේ ඇහුණු කටහඬවල් කීපෙකුත් එක්ක ගේට් එක ඇරෙන සද්දේ මට ඇහුනා..ජනෙල් රෙද්ද අයින් කරලා බලනකොට අයියා එනවා තව කොල්ලෝ ටිකකුත් එක්ක. අප්පෝ අපේ මනුස්සයා ඔහොමමයි. හැමවෙලේම කාවහරි ඇදගෙන එනවා ගෙදරට. ගේට් එක ළඟ ඉඳල ගෙදරට ටික දුරක් තියෙන නිසා එයාල ගේ ඇතුලට එන්න කලින් මට කාමරේට රිංගගන්න පුළුවන් වුණා. ඔන්න කට්ටිය හිනා වේවි ගේ ඇතුලට ඇවිත් ඉඳ ගත්තා.. මං කාමරේ හිටයට කණ තිබුනේ සාලේ. 


       'ඔහොම හිටපන්කෝ. මං එන්නම්' අයියා එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා. අම්මිව හොයන්න යන්න ඇත්තේ. එය දන්නේ නෑ නේ අම්මි ගෙදර නෑ කියලා. හපෝ... දැන් ඉතින් මේ මාර සේනාවට තේ හදාපල්ලකෝ. ශික්.... මට අපේ අයියාකාරයාගේ කණ අතගාන්න හිතයි. 


      අයියා ගියාට පස්සේ සාලෙන් කිසි සද්දයක් නෑ.. මට හොරෙන් කාමරේ දොර රෙද්ද අස්සෙන් බලන්නත් හිතුණා. කොල්ලෝ දැකල නැතුව නෙමෙයි අනේ. මහිමවත් ඇවිත්ද කියලා දැනගන්න. මං දොර රෙද්දට අත තියන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ අයියා ඇවිත් 'දඩාස්' ගාල හැප්පුනේ නැතැයි මගේ ඇඟේ. අප්පේ..... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...


         'ඇයි?' අයියා ඇහුවේ ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන.


         'මං එලියට එන්න හැදුවේ' අයියාට සැක හිතෙන්න කලින් මං කිව්වා. 

         'කෝ අම්මි?'

         'අම්මි ටවුන් ගියා අයිය. මගේ ඔලුව රිදෙනවා' 

         'හ්ම්... මුන්ට මොනවත් බොන්න දෙන්නේ කොහොමද? මං තේ හදන්නද?' අඩේ අප්පා... මේ ඊයේ පෙරේදා වෙනකන් හොටු පෙරාගෙන හිටි එකා කවද්ද තේ හදන්න ඉගෙන ගත්තේ. 

         'අනේ අනේ මේ... කමක් නෑ මං හදන්නම්. කීදෙනෙක් ඉන්නවද?' ඔය අස්සේ එළියේ හිටිය කට්ටිය එක එක කතා. මට ඇහුනේ වෙනදා එන අයියගේ යාලුවෝ ටික ගේ කටහඬවල් ටික විතරයි.

         'එකොළහක් ඉන්නවා. මං වතුර තියන්නම්. වතුර උණු වුනාම ඔය ගිහින් තේ හදනවද? බිස්කට්වත් තියෙනවද?'

        'ක්‍රීම් ක්‍රැකර් තිබ්බම ඇති නේ?'

        'හා හා...' කියාගෙනම අයියා කාමරෙන් එලියට ගියා.

        'උඹල කන්න බලාගෙන ආවට වැඩක් නෑ හොඳේ. අම්මි ගෙදර නෑ.' අයිය එලියට ගිහින් කිව්වා.

        'අපෝ.... ඇයි කෝ විශ්මි නංගිත් නැද්ද? එයාට උයන්න කියපන්කො'. අපේ අයියගේ හොඳම යාළුවා ගිහාන් අයියා කියනවා මට ඇහුණා. ඔය බලපල්ලකො අනුන්ගේ ගෙදරකට ඇවිත් මුන් කියන කතා.

        'අනේ මේ ගිහාන් අයියා ...' කියාගෙන මං කාමරේ දොර ළඟ හිටගත්තා. එතකොටම වගේ ඉස්සරහ තිබුණු පුටුවෙන් වාඩිවෙලා හිටපු කෙනෙක් මගේ දිහා බැලුවා. ඒ ඇස් මට හරි පුරුදුයි. ඒත්.... පෙනුණේ ඇස්  කන්නාඩි ඇතුලෙන් නිසා මං මොහොතකට කල්පනා කරා. මං අඳුරගන්න කලින් ඒ ඇස්වල අයිතිකාරයා කට පුරා ලස්සනට හිනාවුණා. ඒ හුරතල් හිනාවට නම් ඉන්නේ එකම එක අයිතිකාරයෙක් විතරමයි. වෙන කවුරුත්  නෙමෙයි, ඒ එයාම තමයි. ඒත් මහිම කන්නාඩි පාවිච්චි කරනවා මං කලින් දැකල තිබුණේ නෑ. ඒ මදිවට යන්තම් රැවුලත් වවාගෙන. කොහොම වුණත් හුරතල් ගතිය නම් ටිකක් විතර අඩුවෙලා,වැදගත් පෙනුමයි කන්නාඩි නිසා. හත් අවුරුද්දක් පායපු පැත්තකට හදිස්සියේම අයිස් කැට වැස්සක් වැස්ස වගේ සන්තෝසෙකින් මගේ හිතම පිරුණා.

        'මෙයා ඉව්වොත් ඉතින් මචං..... උඹලට ඉන්න වෙන්නෙම ටොයිලට් එකේ තමයි.' අපේ අයියා කිව්ව නොහොඹිනා කතාව නිසාම මට මහිමගෙන් ඇස් අයින් කරගන්න සිද්දවුණා. නැත්තන් ඉතින් මට ඕනේ තරම් වෙලා මහිම දිහා බලාගෙන ඉන්න පුළුවන්.

        'අනේ ඔව් ඔව්.. එහෙනම් ඉතින් මං තේ හදන්නෙත් නෑ. ඔයාලට ඕනේ නම් මධුක අතින් තේ හදාගෙන බීල බලන්නකෝ. ටොයිලට් එකෙන් නැවතුනොත් ඇති' මාත් අයියව කපලම දැම්මා.

        'අපෝ... මොනවද යකෝ'

        'නොදකින් ඇත්තද මේ කියන කතා?' කස්ටිය එකතුවෙලා අයියව බයිට් කරන්න පටන් ගත්තා. කුම්භලා මාළු කෑවා නම් ඉතින් විඳවපන් බළලෝ කියන්නේ ඕවට තමයි. 

      ඔන්න ඔහේ ඕනේ මගුලක් කියවගත්තදෙන් කියල මං ආයෙත් කාමරේ ඇතුලට ආවා. දැන් ඉතින් කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අම්මේ..... නොදැකපු දවස් ටිකට මහිම වෙනස් වෙලා තියෙන තරමක්. හිතේ සතුටට ෆේස්බුක් status එකක් අප්ලෝඩ් කරන්නත් හිතයි. ඒත් ඉතින් අපේ අයියා මොබයිල් ෆේස්බුක් ඇක්ටිව් කරලා නිසා දැන් ඕක දැක්කොත් එහෙම මල ජංජාලයයි. ටික වෙලාවකින් කට්ටිය උඩට යනවා ඇහුණා. 


     'මහිම අපේ ගෙදර ආවා' කියලා සඳුට මැසේජ් එකකුත් යවලම මං කුස්සියට ආවේ තේ හදන්න. සඳුලා කලබල වෙලා අපේ ගෙදර දුවගෙන එයිද දන්නෑ කියලත් හිතුණා ඔය අස්සෙම. පීරිසි කෝප්ප කට්ටල දෙකක්ම හෝදන්න මට සිද්දවුණා. ඇයි අප්පා එකොලොස් දෙනෙක් නේ. මං තේ හදල ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට කුස්සියට ටිකක් එහායින් කවුරුහරි කතා කරන සද්දයක් ඇහුණා..
        'ඇයි?'

        'වැඩකට ඇවිත් ඉන්නේ' කතා කරනවා ඇහෙන්නේ එක්කෙනෙක්. ඒ කියන්නේ කවුරුහරි කෝල් එකක.

        'මං මේ ඉස්කෝලේ වැඩක්'

        'බෑ' 

        'කිව්වනේ දැන් එක පාරක්'

       'අනේ මේ කියන දේ තේරෙන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ' ඒ කවුරුහරි නෙමෙයි මහිම කියලා හිතෙනකොට කුස්සියෙන් ඔලුව දාලා එය දිහා බැලුනේ මට ඉබේටම වගේ. 

       'මේ....' මාව දැකලා එයා ගොඩක් කලබල වුණා කියලා මට තේරුණේ කියන්න ගියදේත් ගිලගෙන ෆෝන් එක කට් කරපු නිසා. මං ආයෙත් කුස්සියට ආවා. හිතේ තිබුණේ ලොකු දෙගිඩියාවක්. කාටද මහිම ඒ කතා කරන්න ඇත්තේ? 


      'ඔය තේ බොන්න පුළුවන් වෙයි නේද?' හිනාවෙන ගමන් මහිම කුස්සියට ඇවිත් වතුර වීදුරුවක් අරගෙන බීගෙන බීගෙන ගියා. මට හිතෙන්නෙම මහිම ඉන්නේ කලබල වෙලා කියලා. ඊට හපන් මං කලබලවෙලා හිටියේ. ඒත් ඉතින් ඒ කලබලේ මහිමට පෙන්නන්න හොඳ නෑ කියලා මං හිතාගත්තා.

     'බීලම බලන්නකෝ' මට හිතුන විදියට නම් මං කිසි වෙනසක් නැතුව උත්තර දුන්නා. මහිම වතුර වීදුරුවත් අතේ තියාගෙනම පැන්ට්‍රි එක උද ඉඳගත්තා.

     'ඒක නෙමෙයි විශ්, ඔයා මොනාද කරන්න ඉන්නේ ඒ ලෙවල් වලට?'

     'පොඩි දවස්වල ඉඳල කැමැත්තෙන් හිටියේ කොමර්ස් කරන්න. ඔයා?'
    'මං නම් කැමති ඒ ලෙවල් නොකරම ඉන්න.. හෙහ් හෙහ්.. ඒත් ගෙදර කට්ටිය කැමති බයෝ කරනව නම්' මහිමට දිගටම කතා කරන්න ඕනේකම තිබුණා කියලා දැනුනත් හිතේ කලබලේ නිසා මට ඕනේ වුණේ ඉක්මනින් එතනින් යන්න. තේ ටික ට්‍රේ දෙකකට තියල මං මහිම දිහාට හැරුණා.

     'ඔන්න තේ නම් හදල ඉවරයි. ඔයාට පුලුවන්ද එක ට්‍රේ එකක් ගන්න?'

    'හ්ම්... අනිත් එක?'

    'මං ගන්නම්'

    'එපා. පොඩ්ඩක් ඉන්නකෝ.' කියලා මෙයා අපේ අයියට කතා කරා අනිත් ට්‍රේ එක ගන්න. යකෝ මං ට්‍රේ එකක් අරගෙන පඩි පෙළක් නගින්න දන්නේ නැති කෙල්ලෙක් කියලා මෙයා හිතනවද? ඒත් අයියා පහලට ආවට පස්සේ නම් මහිමට හිතෙන්න ඇති මං ම තේ ටික ගෙනිච්ච නම් හොඳයි කියලා. අයියා ඇවිත් බලපු බැල්ම නම් මට ඇල්ලුවෙම නෑ. මහිමත් අප්සෙට් වුණා කියලා මට තේරුණා. ඇත්තනේ අයියා බලන්න ඇති මහිම මොකටද මෙතන නැවතුනේ කියලා. ඒත් මුකුත් නොකියම අයියා ට්‍රේ එක අරගෙන මහිමත් එක්ක උඩට ගියා. මං මගේ තේ එක අරගෙන කාමරේට ආවා.. මදැයි කාලෙකින් තේ හැදුවා.....

*****
         
      පැය දෙකක් විතර අපේ ගෙදර හිටිය කට්ටිය යන්න කියලා පහලට එනකොට එච්චර වෙලා කාමරේට වෙලා හිටිය මමත් එලියට ආවා. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි , යන්න කලින් මහිමව ඇස් පුරා දැක ගන්න එක.  අනිත් එක , අයියට යම්කිසි සැකයක් ඇති වුණා නම් ඒ සැකේ දුරු කරන එක. හොරා වගේ කාමරේටම වෙලා හිටියොත් අයියා දන්නවා ගොනා හැරුනේ පොල් පලේට විත්තිය. මං ඒ නිසා වෙනසක් නැතුවම එලියට ආවා. අයියත් ආයෙත් මෙයාලත් එක්කම යන්නයි ලෑස්තිය.


     'අපෝ මචන්.. මගේ බඩ දඟලනවා බං' අයියගේ යාලුවෙක් කිව්වේ බඩත් අල්ලගෙනම.

    'බීපු තේක නිසා වෙන්න ඇති යකෝ' අපෝ... මේ මාව බයිට් ඒකට ගන්න හදන්නේ. මං තරහෙන් වගේ අහක බලාගත්තා. 

    'මුන්ට පිස්සු නංගි. සිරා තේක නම් මාරු ඈ... ' ගිහාන් අයියා කිව්වම තමයි මං හිනා වුණේ. කස්ටිය ඉතින් මටත් ස්තුති කරලා යන්නම් කියලා හෙන සද්දයක් දැම්මත් එක්කෙනෙක් විතරක් මොනවත්ම නොකියා අනිත් අය කියන දේවල් වලට හිනාවෙන් විතරක් දායක වුණා. කොටින්ම මං දිහා බැලුවෙත් එකම එක පාරයි. ඒකත් හොරෙන් වගේ. ඇත්තටම මහිමගේ මේ නිහඬබව මට ලොකු ප්‍රශ්නයක් වුණා. අපේ අයියා මහිමට මොනවත් කිව්වද කියලා සැකේකුත් නොහිතුනාම නෙමෙයි. ඒත් හැමෝටම පිටිපස්සෙන් ගිය මහිම ගේට් එක වහන්න ආපහු හැරෙන මොහොතේ නම් ලොකු හිනාවක් දාගෙනම බායි කිව්වා. අම්මේ ......... දැනුනු සතුටක්.

        මං ගේ ඇතුලට ආව ගමන් කලේ සඳුට කෝල් එකක් අරගෙන මහිමට අර ආව කෝල් එක ගැන සහ අලුත්ම තොරතුරු ටික කියපු එක. ඒ වෙලාවෙත් සඳු බැන්න මට. පණ්ඩිතකම් කරනව කියලා එයාල කිව්ව දේවල් නොකර. ආයෙත් පරණ තීරනේමයි. මන්දහාසි වෙන්න. ඒත් අද නම් හීනෙන් නැතුව හැබැහින්ම මහිමට රින්ග් කට් එකක් තියන්න ඕනේ කියලා මං තරයේම හිත ගත්තා. ඒත් අයියා ගෙදර ආවට පස්සේ තමයි ඒ වැඩේ කරන්න ඕනේ.

        හවස අම්මි ආවට පස්සේ තමයි මං දවල්ටත් කෑවේ. අයියා ගෙදර එනකොට හවස හයත් පහුවෙලා. අයියා ඇවිත් ටික වෙලාවකට පස්සේ මං කාමරේට ගිහින් ෆෝන් එක අරගෙන මහිමගේ නම්බර් එක ගත්තා. 'අද නම් ආනා රූනා කරලා වැඩක් නෑ විශ්' කියලා මංම හිත ගත්තා. ඒත් දෙමෝලෙන් පිටි කොටනවා හිත කලබල වෙලා තිබුණේ.. ඔන්න ඔහේ කමක් නෑ. මං මහිමගේ නම්බර් එක ඩයල් කරලා රින්ග්ස් යනවා අහගෙන හිටියා. Ronan Keatingගේ It's amazing තමයි රින්ගින්ග් ටෝන් ඒකට දාලා තිබුණේ. ඒ සින්දුවට ආසවුණත් වැඩි වෙලා සින්දුව අහන්නේ නැතිව කට් කරා. අන්සර් කරොත් කියලා බයේ. කට් කරාට පස්සේ මට මං ගැනම පුදුමයක් හිතුණා. ජයග්‍රාහී ලෙස මං රින්ග් එකක් තිබ්බ එහෙනම් ඈ....... කාටද ආඩම්බර??? මට නේ බොලවු. වෙන මොක ආඩම්බර වෙන්නද. ආ....  ඇයි මගේ අතිජාත මිතුරු කැල. එයාලත් සතුටුවෙයි මගේ වීරකම ඇහුවම..



       විනාඩි දහයක් විතර හිටියා.. ම්හු... නෝ රිප්ලයි... තව රින්ග් එකක් තිබ්බා.. තවත් විනාඩි දහයක් විතර හිටියා.. ඒත් නෝ රිප්ලයි. තව විනාඩි පහක් විතර හිටියා. මං හිටියේ එයත් රින්ග් කරයි කියලා බලාපොරොත්තුවෙන්. හ්ම්... ඒත් නෑ... මං තවත් තුන් පාරක් විතර රින්ග් කරත් කිසිම සද්දයක් නෑ. අන්තිමේට මට හිතුණා ඒ වැඩෙනුත් වැඩක් නෑ කියලා... දැන් මොකෝ කරන්නේ කියලා කල්පනා කර කරම තමයි රෑට කන්න ගියෙත්. කාල ඇවිත් මට මේ වුණු සංතෑසියට වගකියන්න ඕනේ ඇත්තියන්ට හොඳවයින් කියලා යවන්න ඕනේ මැසේජ් එකත් මං කන ගමන්ම හිතේ ටයිප් කරගත්තා.

      කාල ආව ගමන් ෆෝන් එක අතට ගත්තේ අර හිතේ ටයිප් කරගත්ත මැසේජ් එක ටයිප් කරලා යවන්න. ඒත්... මට මගේ ඇස් අදහා ගන්නත් බැරිවුණා ෆෝන් එක බැලුවම. මහිමගෙන් මිස් කෝල්ස් හතරයි. අම්මේ.. ඒ සතුට පිටින්ම මැසේජ් එකක් ටයිප් කරන්න හිතනකොටම මෙන්න බොලේ මහිම මැසේජ් එකක් එව්වා..

මහිම එවපු මැසේජ් එකේ තිබුණේ මොනවද කියලා ඊළඟ කොටසෙන් බලමුකෝ.. >>>

Sunday, November 20

තැන්කූ ඔරකලයෝ !! තැන්කූ ඉන්ෆොටෙක් !!


                මෙච්චර දවසක් මේ කොළමේ මං ලිව්වේ නවකතාවයි, කවි වගේ අපබ්‍රංශ ටිකකුයි විතරනේ. ජීවිතේ හරි බෝරිං අප්පා.... ඉතින් මං හිතුවා පොඩි වෙනසකටත් එක්ක මගේ ජීවිතේ රසවත් සිදුවීම් කීපෙකුත් ලියල බලන්න... 


              නමෝ විත්තියෙන්ම පටන් ගන්නම්කො අපේ ක්ලාස් එකෙන්. ඒ වගේම මේක කෘතඥතාවයේ ලිපියක් විදියටයි ලියන්නේ.


                  හ්ම්... ඕන් ඉතින් (අපරාදේ.පොත් ගත්ත.සල්ලි) උ/පෙළ කරලා ඉවර වෙලා අයිසුත් වැඩිදුර පරිගණක අංශය ගැන ඉගෙන ගන්න කියලා පන්තියකට යන්න පටන් ගත්තා. Infortec International  ආයතනයේ. 2010/ 09/ 27 වෙනි සඳුදා මාත් ඉස්සෙල්ලම ක්ලාස් එකට ගියා. ඒ ගමන මගේ ජීවිතේ තීරණාත්මක, වැදගත් දවසක් වෙයි කියලා නම් එදා හීනෙන්වත් හිතුවේ නෑ. මං හිටියේ මගේ ඉස්කෝලේ යාලුවෝ එක්කෙනෙක්වත්  මේ ක්ලාස් එකට අවේ නැති එක ගැන පශ්චාත්තාපයෙන්. ඉස්සෙල්ලම දවස් දෙකේ ගෑනු ළමයි වෙනම , පිරිමි ළමයි වෙනම. පාඩුවේ ඉගෙන ගත්තා. ඒත් අපිට එහෙම ඉන්න පුළුවන් වුනේ සති දෙකක් විතරයි. මොකද ඊට පස්සේ ක්ලාස් එකේ හදනවා ගෘප්ස් කියල ජාතියක්.. එතකොට කොල්ලෝ , කෙල්ලෝ ඔක්කොටම අකමැත්තෙන් වුනත් මික්ස් වෙන්න වෙනවා.. :P :P


                 ඔන්න ඉතින් මාත් වැටුන ඔයවයින් එකකට. අපි මේ ගෘප් එකට නම තිබ්බේ 'Oracle' කියලා. කාලා වරෙන්කො ඉතින් ගෘප් එකේ කොල්ලෝ 7දෙනයි, මාත් එක්ක කෙල්ලෝ 4දෙනයි. අපේ පලවෙනි ප්‍රොජෙක්ට් එක තමයි ගෘප් එක ගැන profile එකක් හදන එක. ඔය වගේ වැඩකට ඉතින් මුළු ගෘප් එකේම අයගේ සහයෝගය , අදහස්  පට්ටම වැදගත් නේ. ඒත් ඉතින් අපි කතා කරන්න ටිකක් විතර ලැජ්ජයි. ඉස්සෙල්ලම කියලා ඉන්නම්කො කවුද මේ 'අපි' කියලා.


අපේ නඩ නායකයාගෙන් පටන් ගමු..
අරඹේ  (පට්ටම මීටරයක්)
ලලා අයියා (පතරංග මීටරයක්, වෙද සිසුවෙක්)
නෙරා අයියා ( දීමට නිර්වචන බොහෝමයි)
සුදු අක්කි ( හිනාවෙන්න ගියාම තැනක් නොතැනක් නෑ)
අමිල අයියා ( ආඳා කිව්වොත් හරි)
සුජී අයියා (කොට ජීවිතේ)
Pooh (මට අක්කි වුනාට මං කවදාවත් අක්කිවත් , මෙයා මට නංගිවත් කියලා නෑ තාම..)
සචිනි ( ටියුබ් ලයිට්)
මධූ ( කොල්ලොක් හොඳේ. මේකා නිසා බොහෝ චාටර් කා ඇත.)
මාරේ ( ගෘප් එකේ බාලම හාදයා. අජාසත්ත ජාතකෙත් රීමික්ස් කරයි.)
අන්තිමට Ice ( ශරීර කූඩුවෙන් ගෘප් එකේ පොඩිම කෙනා සහ ගෘප් එකේ චන්ඩියා... :P)

          අපේ ගෘප් එකේ පිරිමි ළමයි  7දෙනාගෙන් ලලා අයියා ඇරෙන්න අනිත් 6දෙනාම පිරිමි පාසල්වල ඉගෙන ගත්ත අය. ගෑනු ළමයින්ගෙන් සිතාර අක්කි (සුදු අක්කි) ඇරෙන්න අනිත් 3 දෙනාම බාලිකා පාසල්වලට ගිය අය. මේ ලියන මාත් ඉගෙන ගත්තේ බාලිකා විද්‍යාලයක. තේරෙනවනේ බරපතලකම??
ඊට හපන් යාළුකමට කීපදෙනෙක්ම ආශ්‍රේකරත් අයිස්ට කොල්ලෝ ජාතිය පේන්න බෑ ඔය දවස්වල... :P :P ඒත් ඉතින් එහෙම කියලා බෑනේ.. ප්‍රොජෙක්ට් එක කරන්නත් එපැයි.. ඒ මදිවට මං සොභාවයෙන්ම කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඒ ඉස්සර ඉඳන් මගේ හැටි. ඉතින් එහෙම කෙනෙක්ට කටපියන් ඉන්න හෙන ගේමක් දෙන්න වෙනවනේ. මං ක්ලාස් එකේ හිටියේ හරි අපහසුවෙන්.

            කොහොමින් කොහොමහරි පොඩි හිනාවකින් , වචනෙකින් දෙකකින් කතා කරන්න පටන් ගත්තා. දවසින් දවස ගෙවිල ගියා හැබැයි නිකන්ම නෙමෙයි ජීවිතේට අලුත් ආරම්භයක් , නැවුම් බලාපොරොත්තු එකතු කරගෙන. 'එක සමාන පියාපත් ලද්දෝ එකට පියාඹති' කියලා කතාවටත් කියනවනේ. ඒ වගේ අපි 11දෙනාගේත් බැඳීම එක සමාන වුණා. මේ බැඳීමේ පදනම වුනේ සහෝදරත්වය කියන අති මානුෂික හැගීම.(ඔය දිහා වෙන විදියට බැලුව අයත් හිටියා. තමන්ගේ මට්ටම් තම්මට්ටම් නේ ..P) වචනෙකින් ඇරඹුණු බැඳීමට දැන් අවුරුද්දකටත් වඩා වැඩියි. ඒ අවුරුද්දේ අපි ජීවිතේ ඉගෙන ගත්තා. ඉස්සෙල්ලම කතා නොකර පාඩුවේ හිටිය මං දැන් කියවනවා අනිත් අයට වදයක් වෙන තරමට. අනිත් අයත් එහෙමයි. මටම කියලා සහෝදරයෙක් නැති අඩුව මට දැනෙන්නේ නැත්තේ මේ සහෝදරයෝ නිසා.. මීට වඩා මේ ගැන කියන්න දේවල් ගොඩක් තිබුණත් හදවතේ තියෙන හැගීම් ලස්සන වචන වලට පෙරලන්න මට තාම තේරෙන්නේ නෑ..  ඒකට සමාවෙන්න..  

         ඔය අතරේ මළගෙවල් , දානේ ගෙවල් , get together , කස්ටිය ඉස්පිරිතාලේ නැවතුනු දවස් පවා තිබුණා. ඒ හැමදේකටම මේ සහෝදර බැදීම නිසා ලැබුණු දායකත්වය නම් කියලා ඉවර කරන්න බෑ. ෆොටෝස් 6000 ගානක photo collection එකක් තියෙනවා මගේ ළඟ ඔය පිස්සු වැඩ වල... :P :Dඅපේ ගෙවල් වල යන්න - එන්න, පර්ටියකට සෙට් වෙන්න, මැච් බලන්න ... ඔය අස්සේ තව ජල්තරස් වැඩ කෝටියයි... ඉඩ ලැබෙන හැටියට කියන්නම්කො..

         'හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් , තමාගේම සරත් සමයකුත් තියෙනවා'. ඉතින් මගේ ජීවිතේට සංක්‍රාන්තික සමයක් එළඹෙන්නේ ඔය අතරවාරයේ. මේ ගැන කියලා හිත හදාගන්න කවුරුත් මගේ ළඟ නැති වෙනකොට මට ඇහුම්කන් දුන්නේ, මාව සැනසුවේ , කොන්ද කෙලින් තියාගෙන ජීවිතේට මුණ දෙන්න මට කියලා දුන්නේ මේ පිස්සෝ , පිස්සියෝ ටික. ( ඒ ගැන කියලා මේ පොස්ට් එක ශෝකාලාපයක් කරන්න මං කැමැති නෑ... ) කොටින්ම කියනවා නම් මේ දෛවෝපගත හමුවීම නිසා තමයි මං දෛවය විශ්වාස කරන්න පටන් ගත්තෙත්..   :D

        ඔය පිස්සු කතා අතරේ අර අපි හදන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවර කරලා බාර දුන්නා.. නුවර බ්‍රාන්ච් එකේ ගෘප්ස් 71ක් අතරින් අපේ Oracle ගෘප් එක වැඩිම ලකුණු අරගෙන බ්‍රාන්ච් එකේ best group වුණා. (Collar up.. :P)  ඒ තමයි අපේ සහෝදරත්වයෙන් ශක්තියෙන් අපි ලබාගත්ත පළවෙනි ජයග්‍රහණය. තව ජයග්‍රහණ බොහෝමයි.

       මං පටන් ගන්නකොටම කිව්වා වගේ මේ හදන්නේ ස්තූතිය පුදකරන්න... ජීවිතේ , සමාජේ නොදැක්ක දේවල් විවෘත මනසකින් දකින්න , ජීවිතේ දිහා අලුත් ඇහැකින් බලන්න මං ඉගෙන ගත්තේ මේ අය නිසා. ඉතින් ස්තුතියි මගේ සහෝදර , සහෝදරියන්ට..... 
(මෙතනට ගැලපෙනවද මන්ද , ඒත් මේ මං ආසම වචන පේළියක්.. පොඩ්ඩක් වෙනස් කරා).

     'මා යළි ජීවිතයට ගෙනැවිත් , මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් .. සහෝදරත්වය කියාදුන් ඔබ සියලු දෙනාටත් දේවාශිර්වාද ලැබේවා.... එදා පෑවූ ඉරටත් , එදා පවතී කාලගුණයටත් කෘතඥතාවය හිමිවේවා..!! - ගුරු ගීතය.

      ඒ වගේම අපිව ගෘප් එකක් විදියට එකතු කරපු Infortec International අපේ ආදරණීය ක්ලාස් එකටත් , ගයාන් සර්ටත් ගොඩක් ස්තුතියි....

මේ අපේ පලවෙනි ගෘප් ෆොටෝ එක..

මේ ක්ලාස් එකේ meeting එක දවසේ.


ගිය අවුරුද්දේ මගෙයි, මාරේගෙයි , අමිල අයියගෙයි birthday parties එක දවසක ගත්තා. මේ එදා... ටික දෙනෙක් අඩුයි.

        ඒත් එක්කම මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ තව කීපදෙනෙක් ඉන්නවා. මොකෝ ඔය අපේ පිස්සු වැඩ වලට මෙයාලත් හවුල් වුන නිසා. අපේ ගෘප් එකේ නොවුණට මෙයාලත් අපේ ක්ලාස් එකේ කස්ටියම තමයි.. අයිස්ට ගොඩක් ළඟ යාළුවො.. සහෝදරයෝ...

චින්ති අයියා ( අර ක.............. සිදුව කියන කෙනා එහෙමනෙමයි හොඳේ.. )
පැතුම් (මෙයා ගැන වැඩිය කියන්නේ නෑ.. :ප් )
රේ (නම ටිකක් අමුතුයි නේ?)
මිහිරාන් ( ටිකක් තඩි.. :p)
කාංචි (කොල්ලෙක් හොඳේ .. කාංචන )
නීලේ ( නිසංසල නීලනුවන් )

        අයිස් ඔයාලට ආදරෙයි හැමදාම.... කවදාවත් ඔයාලගෙන් ලැබුණු ආදරේ , සෙනෙහස , රැකවරණය , සහෝදරත්වය අමතක වෙන්නේ නෑ මට. අමතක කරන්නෙත් නෑ.. අමතක කරන්නත් බෑ... ඉතින් අයෙත් පාරක් ස්තුතියි ඔයාල හැම කෙනෙක්ටම.. ඒ වගේම ඔයාල හැමෝටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා.. :) :*

ජයවේවා!!


ප/ලි : අපේ මේ හමුවීම නිසා මං දැන් බාලක ,බාලිකා පාසල් සංකල්පයට විරුද්ධයි. කවදහරි මගේ ළමයින්ව දන්නේ නම් මිශ්‍ර පාසලකට කියල දැන්ම තීරණේ කරලා තියෙන්නේ.. හිකිස්..


Saturday, November 19

~මහිම මන්දහාසි~ 12වන කොටස

               මන්දහාසි වෙලා මහිමට ටෙක්ස්ට් කරන්න කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වුණාට ඔය කවුදෝත් කියලා තියෙනවලු නේ 'කියන්න තරම් ලේසි නෑ ,කරන්න ගියාම' කියලා. ඉතින් මං හිතුවෙත් දැලි පිහියෙන් කිරි කනවා වගේ ඔය වැඩ කරන්න ගිහින් මාට්ටු වුනොත් එහෙම මගේ විතරක් නෙමෙයි අපේ අයියාකාරය ගෙත් සායම හේදෙයි කියලා. ඉතින් මං ඒකමතිකව අදහස ප්‍රතික්ෂේප කරා. ඉතින් මගේ අතිජාත පාපමිත්‍රයෝ ටික එදා හවස ආපහු ගියෙත් මල් අතින් අරගෙන. 


               'පවට පින දෙන්න බෑනේ බං. යමු'

               'ආයේ වරකෝ උදවු ඉල්ලගෙන'

               අපරාදේ ආවේ කියලා මට බැන්නට මොකද හවසට තේත් බීලම තමයි කස්ටිය එලියට බැස්සේ. කොච්චර බැන්නත් ඉතින් මාත් ඒවා ඉවසගෙන ගේට් එක ලඟට ගියා. මොන වුණත් මං කිව්ව ගමන්  දුවගෙන ආපු මගේ ආදරණීය යාලුවෝ ටිකනේ. ගේට් එක ලඟදි මගේ අතේ තිබුණු මොබයිල් එක උදුරලා ගත්තු දෞපදී මොකද්ද අංකයක් කෙටුවා.

              'විශ් , මේ මහිමගේ නම්බර් එක. අපි දැන් යනවා. ඊට පස්සේ ඔයා හොඳට කල්පනා කරන්න. කල්පනා කරලා හිතට එකඟව දෙයක් කරන්න. ඔයා මොන තීරණේ ගත්තත් අපි ඔයත් එක්ක ඉන්නවා. හැබැයි පුතෝ මේකත් මතක තියාගනින්.... මේක සෙල්ලමක් නෙමෙයි. තීරණයක් ගත්තොත් ගත්තා.. ටිකක් දුර ගිහින් ආයෙත් හැරෙන්න බෑ. තේරුණා නේ?' මං ඔව් කියන්න ඔලුව වැනුවා. 


              මොනවා කියලා මට බැන්නත් කට්ටිය ගියේ මං ගැන අවංක ආදරයක් , අවංක දුකක් හිත් වල ඉතුරු කරගෙන කියලා මට එයාලගේ ඇස් වලින් තේරුනා.

              යාලුවෝ ගියාට පස්සේ ආයෙත් ඇවිත් ටීවි එක ඔන් කරගත්තේ සුපුරුදු කාර්ටූන්ස් ටික බලන්න. ඒත් ටීවි එක ඉස්සරහ හිටියට මං කාර්ටූන්ස් බලලා නෑ කියලා මට තේරෙනකොට පැයක් විතර ගිහින්. හිත තිබුණේ වෙන කොහේදෝ ලෝකෙක. ප්‍රශ්න වලින් පිරුණු ලෝකෙක. ජීවිතෙත් මහා පුදුමාකාර වන්දනාවක්. මේ ඊයේ පෙරේදා වෙනකන් කාර්ටූන්ස් බල බල සතුටෙන් , සැහැල්ලුවෙන් ජීවිතේ වින්ද  විශ් කෝ දැන්?  බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී කියන්නේ මේකද?

*****

              මං කොයි වෙලාවේ ඇඳට ඇවිත් නිදගත්තද කියන්න මට මතක නෑ. ඒත් මං ඇහැරුනේ අයියා බෙරිහන් දුන්න නිසා.

              'මොකද ඕයි? මල වදේ' 

              'නැගිටිනවා නැගිටිනවා. නැත්තන් දෙනවා වතුර පාරක්'

              'අනේ මේ.... කිව්ව කියලා හිතා ගන්නවා. මොකද?' සිරාවටම මල පැනලා මං නැගිට්ටේ.

               'අද විනූ ආවද?' අයියා මගෙන් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. ආ..... එහෙනම් ඒකයි මේ.

               'ඔව් .ඇයි?' මං නිකන් බබා වගේ ඇහුවේ.

               'ඇයි අහන්නේ. මට කිව්වේ නැත්තේ ඇයි? කිව්ව නම් මං ගෙදර ඉන්නවනේ'

               'අනේ මේ අයියා. විනූ ආවේ මාව හම්බ වෙන්න. මගේ යාළුවා විදියට මිසක් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට නෙමෙයි. අනික තමුන් ඊයේ කිව්ව නොසන්ඩාල කතාව නිසා ඔයාලට උදවු කරන එක මං තාවකාලිකව අත්හිටෙව්වා'

               'මොන කතාවද?' 

               'මතක් කරලා බලන්න. ඊයේ කෑම කනකොට කිව්වේ' අයියා තඩි ප්‍රශ්නාර්තෙකුත් මූණේ අලවගෙන හෝ ගාල මතක් කරනවා.

                'මතක නැද්ද? නැත්තන් කාමරේට ගිහින් පාඩුවේ මතක් කරනවා. දැන් මට නිදිමතයි. යනවා යනවා' මං ආයෙත් නිදා ගන්න හදන ගමන් කිව්වා. අයියා කටවහගෙන කාමරෙන් ගියේ කතාව මතක් වුණ නිසා වෙන්න ඇති. ඒත් මට ආයෙත් නිදිමතක් නම් තිබුණේ නෑ. මට ඕනේ කරලා තිබුණේ ටිකක් මගේ පාඩුවේ ඉන්නයි. රැවුල ගිනි අරන් තියෙන වෙලාවේ මෙයා එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න..

                 මං ස්ටූල් එක උඩ තිබුණු ෆෝන් එක අතට අරගෙන මහිමගේ නම්බර් එක බැලුවා. හ්ම්... මොබිටෙල් එකක්. මගෙත් මොබිටෙල්. රින්ග් කට් එකක් තියනවද ? නැද්ද? අපේ කස්ටිය නම් කිව්වේ ඉස්සෙල්ලම රින්ග් කට් එකක් තියල බලන්න කියලයි. එයාගෙන් රිප්ලයි රින්ග් එකක් එනකන් රින්ග් කරන්න කිව්වා. එතකන් sms කොටන්නත් එපා කිව්වා.හ්ම්... මොකද කරන්නේ? මං හෝ දහය විස්ස ගැනලා බැලුවා ආවේ රින්ග් කරන්න කියලයි. ඉතින් මං මහිමගේ නම්බර් එකට ඩයල් කරා. ඊළඟ තත්පරේ ආයෙත් කට් කරා. ආයෙත් ගත්තා.. ආයෙත් කට් කරා. ඔහොම දහසැරයක් විතර කරා. බයයි අප්පා රින්ග් කරන්න. කතා කරලා බැන්නොත් එහෙම. අපේ අය නම් කිව්වේ කෝල් කරොත් ආන්සර් කරන්න එපා කියලා. කටහඬ අඳුර ගත්තොත් ගිනි විජ්ජුම්බරයයි නේ. මොනවා වුනත් මෙච්චර කාලෙකට ෆෝන් එකෙන් මේ වගේ හොර වැඩක් කරලා නැති නිසා හරි බයයි. 


                   වෙලාව 7ත් පහුවෙලා. රෑට කාලම මහිමට රින්ග් එකක් තියනවා කියල හිතාගෙන මං එලියට ආවා. අම්මි ඇවිල්ලා උයන්නත් පටන් අරගෙන. ලොකු අම්මිලාගේ ගෙදර විස්තර අහන්න මං ටික වෙලාවක් කුස්සියේ නතර වෙලා ආයෙත් ආවේ ටීවී එක බලන්න හිතාගෙන. එනකොට අයියා නිවුස් බලනවා. මාත් පාඩුවේ පැත්තකින් වාඩිවුණා. විනාඩි 10ක් විතර ඉන්න ඇති , ඒත් ඒ වෙනකන් අයියා මාත් එක්ක කතා කරේ නෑ. වෙනදට නම් අපි මෙහෙම ඉන්නේ නෑ. මට මගේ අයියාත් එක්ක තරහ වෙලා ඉන්නත් බෑ. පුංචිකාලේ ඉඳලම ඕනේ දේටයි , එපා දේටයි හැමවෙලේම රණ්ඩු වුණත් ඒ හැමදේකින් අපි දෙන්න අතරේ තිබුණු සහෝදරත්වය තවත් වැඩිවුණා මිසක් කවදාවත් අඩුවුණේ නෑ..එහෙම හිටපු අපි දෙන්න මේ වගේ කතා නොකර ඉන්නවා දැක්කොත් ඒක අම්මිටයි, අප්පච්චිටයිත් ප්‍රශ්නයක් වෙනවා ෂුවර් එකටම. ඊට පස්සේ ඉතින්  පරණ පික්චර් එකක වගේ 'ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ??' කියල ප්‍රශ්න එලෝ කෝටියයි. 

                    මං නෙ තරහ ගිහින් අයියට පාර්ට් එකක් දැම්මේ , ඒ නිසා මං ම කතා කරනවා කියල හිතාගත්තා. 
                   'මොකෝ අයියා මේ පාර ඔයාලගේ sports meet එක කලින් තියනවද?' හිතලා හිතලා පොටක් හොයා ගත්ත කතා කරන්න.

                   'ලබන පෙබරවාරි වල තියෙන්නේ' ඔන්න ඕනෙවට එපාවට වගේ උත්තර දුන්නා. Something is better than nothing නෙ කියල හිතලා මාත් වැඩේ ඇත ඇරියේ නෑ.

                   'ඉතින් පෙබරවාරි නම් මේ දෙසැම්බර් නිවාඩුවෙත් ප්‍රැක්ටිස් තියෙන්නේ?'

                    'එතකොට ලේසි'

                    'හ්ම්.... ඔයාලගේ ප්‍රින්සිපල් සර් මරු නේද? ඉස්කෝලේ දියුණුවට මාර වැඩ ගොඩක් කරනවා නෙ?' අප්පට සිරි අයියගේ ඇස් දෙක දිලිසෙනවා නිකන් ජිල්බෝල දෙකක් වගේ. දැන් ඉතින් මෙයාගේ කතා පෙට්ටිය ආයෙත් වහනවා බොරු.. ඉස්කෝලේ ගැන කවුරුඅරි හොඳක් කතා කරොත් මෙයට ඊට වැඩ දෙයක් නෑ..
                    දැන් ඉතින් ඔන්න මෙයාලගේ මුළු sports meet එක ගැනම මට හෙන විස්තරයක් කිව්වා. මං ඉතින් හරි උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා වගේ හිටියට මොකද මට ඒ කිසි දෙයක් මතක නෑ. එයාලගේ දේවල් වලින් මට වැඩක් නෑනේ.කොහොමින් කොහොමහරි අයියා පුරුදු ට්‍රැක් එකටම ගන්න ඒ කතාවෙන් පුළුවන් වුණා. නැත්තන් මට අද හරියට නින්ද යන එකකුත් නෑ. මොනවා වුණත් මං මීට පස්සෙනම් අයියට හවස කතා කර වගේ කතා කරන්නේ නෑ කියල හිතා ගත්තා.

*****

                   රෑට කෑවේ අම්මිගේ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න වෙන නිසා මිසක් කැමැත්තකින් නම් නෙමෙයි. කාමරේට ආවට පස්සේ facebook යන්න ඕනේ කියල හිතුනත් අන්තිමේට ඒකත් කම්මැලි වැඩක් නිසා ඒ අදහසත් අතැරලා දැම්මා. අනික දැන් බැරිවෙලාවත් මහිම online හිටියොත් එහෙම තව ටිකකින් මං කරන්න ඉන්න වැඩේට ඒක බලපෑමක් වෙයි කියල හිතුණා. 

                   හවස ගිය වෙලාවේ ඉඳල යාලුවෝ පැය බාගෙන් බාගෙට මට මැසේජ් කරනවා. මහිමට රින්ග් කරද අහලා. නෑ කිව්වම ඉතින් රටේ තියෙන ඒවගෙන් අහගන්නවා. හොඳටම බනිනවා. ඒත් ඉතින් මං බයයි නම් මොනවා කරන්නද අප්පා. 

                  වෙනද වගේ නිදිමතකුත් නෑ. ඒ හවස නිදාගත්ත නිසාද ,එහෙමත් නැත්තන් හිතේ කලබලේ නිසාද කියන්න මට තේරෙන්නේ නෑ. මං මේ මොනවද කරන්නේ? මං කරන දේවල් හරිද? මගේ හිත යකාගේ කම්මල වගේ වෙලා. හිතලා හිතලා ඔලුවත් අවුල් වෙනවා.සඳුටත් මැසේජ් කරලා ඇහුවා. 

                  අන්තිමේදී හිතුව මහිමට රින්ග් කරලම බලනවා කියලා. ආයෙත් ෆෝන් එක ගත්ත අතට. හොයාගත්ත මහිමගේ නම්බර් එක. ඩයල් කරා. රින්ග්ස් යන්න කලින් කට් කරා.රී ඩයල් .. කට් .... රී ඩයල් .. කට්.... රී ඩයල් .. කට්... අප්පෝ මේක හිතන තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. මීට වඩා ලේසි වැඩක් නැද්ද කියලා මං ආයෙත් හොඳට කල්පනා කරා. මීට වඩා ලේසි වෙයි මහිමට කෙලින්ම මේ දේවල් කිව්වා නම්. ඒත් ඉතින් මං එහෙම කෙලින් කියයි කියලද? මොනවා උනත් සාම්ප්‍රදායික ගෑනු ගතිය නිසා ඒ තීරනෙට හිත නමන්න මට බෑ. 

                   මං ආයෙත් හෝ දහය විස්ස ගැනල බැලුවා..  ම්හු... ඒක හරියන්නේ නෑ.. 'සීගිරියේ ගල මුදුනේ කොක්කු ජෝඩුවක්' විදියට ගණන් කරලා බැලුවා..ඒත් නිකන් හිතට හරි නෑ හරි නෑ  වගේ... ඊට පස්සේ ආනා රූනා රූන කටුස්සා ගැනල බැලුවා... ඒත් වැඩක් නෑ.. අන්තිමේදී තවත් කල්පනා කරලා මේ පාර නම් රින්ග් කරනවා කරනවාමයි කියලා හිතුවා. 

'Calling Mahima' ඔව්... මං ඩයල් කරා. ඒත්...... ඒත්..... මට හිතන්නවත් අවස්ථාවක් නොදී එහා පැත්තෙන් කෝල් එකට ආන්සර් කරා. 

      ' Hello ' මහිමටම ආවේනික ඒ හුරතල් කටහඬ එහා පැත්තෙන් මට ඇහෙනවා. දෙයියනේ... දැන් මොකද කරන්නේ??බයවුණු තරමේ හැටියට මට හුස්ම ගන්නවත් බැරිවුණා. කටේ කෙලත් හිඳිලා.

      'Hello' දෙවෙනි පාරටත් මහිම කතා කරා. මොකද දැන් කරන්නේ? ඒ හුරතල් හඬ ඇහෙනකොට කට් කරන්නත් ලෝබයි. ඒත් කතා කරන්නත් බයයි.

      'Hello කවුද මේ? ඇයි කතා කරන්න බැරි? කට සාක්කුවෙද?' අම්මෝ ඔන්න ඒ පාර නම් ඒ හඬේ හුරතල් ගතිය නැතිවෙලා නපුරු වුණා.


      'මහා රෑ ජාමේ උඹලට නින්ද යන්නේ නැතිවුණාට මං පලිද යකෝ?' මහිම ඇහුව විදියට මගේ ඉහින් කනින් දාඩිය මතුවුනා. හොඳටම තරහ ගිහින්. තව මොනවා මොනවා කියයිද දන්නේ නෑ. ඒ නිසා ඊළඟට වැඩිය නොහිතාම මට කතා කරන්න සිද්දවුණා.

     'මහිම' ගොත ගැහෙන්න නොදී ඒ වචනේ මං අමාරුවෙන් කියාගත්තා.

     'කවුද මේ?' ඊළඟට මහිම කතාකරේ හරි හිමීට. එයාගේ තරහ පාලනය වුණා කියලා මට තේරුණා. ඒත් දැන් ඒ කටහඬේ තියෙන්නේ කුතුහලයක් කියලත් මට නොතේරුණා නෙමෙයි. ඊළඟට මං කතා කරන්න කලින් ආයෙත් මහිම කතා කරා.

'විශ්මි ඔයා?' මහිම ඇහුවේ ලොකු පුදුමෙකින්. එයා මගේ කටහඬ අඳුර ගත්තා. දැන් මං මොනවද කියන්නේ? 

Friday, November 11

~මහිම මන්දහාසි~ 11වන කොටස

                    මගේ හිත ඉගිල්ලුනේ මං මහිමව දැකපු ඉස්සෙලාම දවසට. ඊටපස්සේ මේ වෙනකම්, එයාව දැකපු දවස්, කතා කරපු දේවල්, එයා ගැන හිතපු විදිය .... හැමදෙයක්ම මගේ මතකෙට ආවා. මගේ යාලුවන්ගේ නම් ලිස්ට් එකේ පිරිමි ළමයි කීපදෙනේක්ගෙත් නම් තියෙනවා හොඳම යාලුවෝ විදියට. ඒත් මෙච්චර කාලෙකට මගේ අයියට තරම් වෙන පිරිමි පරාණයකට මං ලං වෙලා නෑ. අවස්ථා කීපයකදිම පිරිමි ළමයි ගැන පුංචි පුංචි විශේෂතා දැනිල තිබුණත් ඒවා බොහොම සාමාන්‍ය හැගීම් බවට පත්වුණේ කාලෙත් එක්කමයි. ඒත් මහිම??.... ඉස්සෙල්ලම එයාව දැක්ක මොහොතේ හිතේ පෙරලි කරපු හැම සිතිවිල්ලක්ම අදටත් එයාව මතක් වෙන හැම මොහොතකම හිතේ පෙරලි කරන්නේ එදා වගේමයි. මහිම මට ගොඩක් විශේෂ කෙනෙක් විදියට දැනෙන්නේ ඒ හේතුව නිසා.

                   'නිහඬතාවයෙන් පෙනී යන්නේ ඔබට ඔහුව අමතක කල නොහැකි බවයි'. දෞපදී හිනාවෙලා එහෙම කියනකොට තමයි මෙයාලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියල මට මතක් වුනේ. මගෙන් උත්තරයක් නැති නිසා එයාලම උත්තරයක් නිගමනය කරගෙන. කමක් නෑ ඒකත් හොඳයි. මං යන්තම් හිනාවෙලා පාඩුවේ හිටියා.

                    'හරි දැන් ඉතින් mission එකක් කරලා හරි අපිට මහිම ගැන හොයන්න වෙනවා. මෙයාගේ දොළ දුක සන්සින්දුවන්නත් එපැයි' මංසලා කිව්ව කතාවට අනිත් ඔක්කොම හිනාවුනත් මට මගේ යාලුවෝ ගැන ඇති වුනේ ලොකු ආදරයක්. තමන්ගේ යාලුවෙක් වෙනුවෙන් ඕනෙම කැපකිරීමක් කරන්න එයාල ලෑස්තියි. මට මගේම කියල සහෝදරියක් නැති අඩුව පිරුණේ සහෝදරියෝ වගේ ඉන්න මගේ ආදරණීය යාලුවෝ ටික නිසයි.

                   'ඒයි... ඒයි .. පොඩ්ඩක් හෝව්'. දිනාදී කිව්වේ හදිස්සියේම මොනවහරි මතක් වෙලා වගේ. 'එදා මහිම සින්ග් කරානේ ක්ලාස් එකේදී. මියුසික් කරනවා කිව්වද?'

                   'ඔව්.. ස්කූල් මියුසික් ගෘප් එකේ ඉන්නවා කිව්වා. ඇයි?' මං ඇහුවා.

                   'ඔය තියෙන්නේ... එල.පොඩ්ඩක් හිටහන්කෝ' එහෙම කියන ගමන් දිනාදී ෆෝන් එකත් කනේ ඔබගෙනම එලියට ගියා. අපි හැමෝම පුදුමවෙලා එයාගේ නිවුන්නා දිහා බැලුවත් දෞපදී හිටියේ කිසිම වෙනසක් නැතුව.

                   'මං හිතන්නේ මියුසික් ගෘප් එකේ ඉන්න කාවහරි මතක් වෙන්න ඇති අක්කිට' එයා කිව්වේ පුදුම වෙලා හිටිය අපි දිහා නොන්ඩි විදියට හිනාවකුත් දාලා.
'මේ නුවර කොල්ලෙක් ගැන දැනගන්න ඕනේ නම් ඉතින් "D twins" තමයි' කියලා මුළු ඉස්කෝලෙම කියනවා. ඇත්තම කිව්වොත් මේ දෙන්න ඇවිදින ඩේටා බේස් 2ක් වගේ තමයි. හැබැයි ඉතින් කොල්ලෝ ගැන විස්තර විතරමයි පිරිලා තියෙන්නේ. හදිස්සියකටවත් පොල් ගෙඩියක ගාන එහෙම නම් දන්නෙම නෑ.. 

                    'මේ විශ්, ඇයි ඔයාට මහිම ගැන අයියගෙන් අහන්න බැරි?' විනූ ඇහුවා.

                    'ඒක නම් ඇත්ත තමයි. මධූ අයියා උඹට යාලුවෙක් වගේනේ බං.'

                    'හ්ම්... මාත් ඔය ගැන හිතුවා. ඒත් කොච්චර ෆිට් වුණත් මට අයියගෙන් ඔය වගේ දෙයක් අහන්න බෑ බං. කොල්ලෙක් ගැන විශේෂයෙන් ඇහුවම අයියා දන්නවනේ බං ගොනා හැරෙන්නේ පොල් පැලේට විත්තිය. ඒ වගේ දේකට කොහොම ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා මට තේරෙන්නේ නෑ. මොනාවුණත් මං නංගිනේ' මට හිතුන ඇත්තම දේ මං කිව්වා.ඒ කතාවට හැමෝම 'හ්ම්..' කියනකොටම වගේ දිනාදී ඇතුලට ආවා. මෙච්චර වෙලා මගේ හිතේ නොතිබුණු බලාපොරොත්තුවක සේයාවක් ඇතිවුනේ එයාගේ හිනාව දැක්කමයි.

                     'මට පැයක් දෙන්නකෝ. හොඳටම ෂුවර් ෆිට්ම තැනකට පණිවිඩයක් දුන්නා. හොයල බලලා පැයකින් විතර කෝල් එකක් දෙයි. බයවෙන්න එපා,මං විශ් ගැන කිව්වේ නෑ' මට ඒ වෙලාවේ දිනාදිව ඉඹල මරන්න තරම් සතුටක් දැනුණේ.  ෂූ..... මේ පණිවිඩ සේවාව ස්කොට්ලන්ඩ් යාර්ඩ් පරාදයි නේ. බලාගෙන ගියාම මේ දෙන්නා ගින්දර කෙල්ලෝ දෙන්නෙක් ආ.... දැන් ඉතින් පැයක් ඉන්න එපැයි. ඔන්න ඔහේ කමක් නෑ...

                      තවත් ටික වෙලාවක් ෆිල්ම් එකක් බලපු අපි දවල්ටත් කෑවා.... කාලා කැරම් ගහන්න පටන් ගත්තා. පැයක් කරන්න වැඩක් තියෙන්නත් එපැයි. මොනතරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සාහකරත් හිතේ තිබුනේ ලොකු දෙගිඩියාවක්. කුතුහලය, බය , සතුට කියන හැගීම් ඔක්කොම එකට මික්ස් වුණු අච්චාරුවක් වෙලා හිත. මේ ගැන තේරුණු නිසාම වෙන්න ඇති මගේ යාලුවෝ හැදුවේ මාව සතුටෙන් තියන්න. තත්පර විනාඩි වෙලා පැයකුත් පහුවුනා.. ඒත් තාමත් බලාපොරොත්තුවෙන් හිටිය කෝල් එක නෑ.. 

                    'සෝනා සෝනා .... ලම්හා ලම්හා.... මේරී රාහේ තන්හා තන්හා.....
                    ආකර් මුජේ තුම් තාහ්ම ලෝ .... මන්සිල් තෙරී දෙක්හේ රස්තා..'

                     තවත් විනාඩි 10කට විතර පස්සේ දිනාදිගේ ෆෝන් එක රින්ග් වුනා.. ෆෝන් එකේ vibrate එක පරද්දල මගේ හිත vibrate වෙනවා වගේ මට තේරුනේ .කලින් වගේම දිනාදී මේ වෙලාවෙත් ෆෝන් එකට ආන්සර් කරන ගමන් එලියට ගියා. දෞපදී, සඳු දෙන්නත් ඒ පස්සෙන්ම එලියට ගියා.. ගේ ඇතුලේ තිබුනේ ලොකු නිහැඬියාවක්.

                      දැන් කට්ටිය බලාගෙන ඉන්නේ අවුරුදු 6කට සැරයක් පවත්වන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල බලන්න වගේ නොයිවසිල්ලකින්. බැරිවෙලාවත් මහිමට girl කෙනෙක් හිටියොත් මට එයාව අමතක කරන්නම වෙනවා. දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන අදහසක් නම් මගේ ජීවිතේ මෙච්චර කාලෙකට තිබුනේ නෑ වගේම කවදාවත් තියෙන්නෙත් නෑ..

                      විනාඩි 15කට විතර පස්සේ එලියට ගිය තුන්දෙනා ඇතුලට ආවා. නිකන් නෙමෙයි බිමට බරකරගත්ත බෙරි මූනුත් එක්කම. වැඩේ හරි වගේ.... දැන් ඉතින් හීන ලෝකේ සමාප්තයි. The End තමයි.

                     මගේ ඉස්සරහ තිබුණ පුටුවෙන් කතාවක් නැතුවම ඉඳගත්ත සඳුගේ ඇස් කලබලේට එහෙ මෙහෙ දුවනවා. ඒ මට මුණදෙන්න බැරිකමට කියලා මට තේරුණා. මුළු ඇඟම හිරිවට්ටගෙන ඇතිවුණු වේදනාවක් මගේ ඇස් වලින් එලියට පනින්න පෙරමං තනන විත්තිය මට දැනෙනවා. ඒත් මේ වෙලාවේ යාලුවන්වත් අසරණ කරන්න බැරිකමට මං යන්තම් හිනාවුණා. 

                     කලබලෙන් එහෙ මෙහෙ දුවපු සඳුගේ ඇස් මං දිහාට හැරිලා නතර වුනා. ඊළඟට කියන්න යන කතාව අහන්න මට ඕනේ වුනේ නෑ. අවංකවම කිව්වොත් ඒ කතාව අහන්න තරම් ශක්තියක් මගේ හිතට තිබුණේ නෑ. ඇත්ත... මං මහිම ගැන බලාපොරොත්තු ඇති කරගත්ත මිසක් , දැනුවත්ව එයාගෙන් මට අනුබලයක් ලැබිල තිබුනේ නෑ කවදාවත්. ඉතින් වැරැද්ද මගේ අතේ නිසා තනියම වින්දවන්නත් මං ලෑස්තියි. මං නැගිට්ටේ මගේ කාමරේට යන්න.

                    'විශ්'... එහෙම කියපු දිනාදී මගේ අතින් අල්ලලා නවත්තනවත් එක්කම අපේ එවුන් ටික වහලේ උළු ගැලවිලා යන්න තරම් මහා සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තා. එතකොට තමයි මට වැඩේ මීටර් වුණේ. ඒ කියන්නේ මේ මළගෙදරක යන්න වගේ මුණු හදාගෙන ආවට , ගෙනල්ල තියෙන්නේ සුබ ආරංචියක්. අපෝ මේ  වගේ නොසන්ඩාල යාලුවෝ.... ශික්....
                    මටත් යාලුවන්ගේ හිනාවට එකතුවෙලා හිනාවෙන්න ඕනෙකම තිබුණත් මොන හේතුවක් නිසාද මන්ද මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කඳුළු එලියට පැන්නා. එතකොට නම් අපේ අයගේ හිනාව නැවතිලා ටිකක් බයවුණා..

                    ඒයි විශ්... ඇයි මේ?

                   අඬන්න එපා බං...  විහිළුවක් කරේ.

                   ප්ලීස්... අඬන්න එපා විශ් සොරි. ඔයාව බය කරන්න හිතුවේ.. 
                කොහොමහරි තරහ ගන්න හේතුවක් තිබුණේ නැති නිසාම මං ඉක්මනට කඳුළු පිහිදා ගත්තා. හැමෝම දිහා රවල බැලුවත් ඒත් එක්කම මට හිනා ගිය නිසා මගේ රැවිල්ල 'අල' වුණා.. 

                  'අපෝ ඇති යන්තම්. මදැයි ඔහොම බයවුනොත් එහෙම...'

                 'අනේ පල.... ඒක හොඳ බයකෙරිල්ල'.

                 'හා හා... මේ දැන් වුණේ මොකද්ද අහන්න ඕනේ නැද්ද?'

                 'කියන්න කියන්න.. මොකද්ද කිව්වේ?' දිනාදී හරිබරි ගැහිලා පුටුවෙන් වාඩි වුණේ වැදගත් කතාවකට.
                'මේකයි... මහිමට girl කෙනෙක් නම් නෑ. ඒ ගැන බය වෙන්න එපා. ඒත්.....'
                 
                'ඒත්....... ??? ඇයි ඒත්? මොකද්ද අවුල?'
                 
                'නෑ නෑ... කලබලවෙන්න එපා බොල. ලොකු අවුලක් නෙමෙයි'
                 
                'ඇත්තම කිව්වොත් විශ්, මහිම ගැන ඔය විදියට හිතන්නේ ඔයා විතරක් නෙමෙයිලු'.

                'ඒ කිව්වේ?'

                'තව දෙතුන් දෙනෙක් ඉන්නවලු මේ වගේම මහිම ගැන හොයන. සමහරවිට එයාලත් ඔයා වගේ මහිමට ලව් ද දන්නේ නෑනේ'. සඳු කිව්වා විදියට ඇත්තටම මට බයක් දැනුණා.

                'ඈ......අප්පෝ.... ඒ මොනා කැත කතාවක්ද?' මටත් කලින් එහෙම ඇහුවේ මංසලා.

               'ඒ ගොඩක් කෙල්ලොන්ගේ හැටි බං. කොල්ලොන්ගේ ඉස්කෝලවල ෆේමස් කැරැක්ටර්ස් වලට නමට හරි ලව් කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා' දෞපදී කිව්වේ අත්දැකීම් ගොඩකින් වෙන්න ඇති කියලා මට හිතුනා.

              'අනේ මං නම් එහෙම දැනගෙන හිටියේ නෑ දෞපදී' මං කිව්වේ ඇත්තම කතාව.

              'හරි බං... ඒක අපි දන්නවා'

               'එතකොට අපි දැන් මොකද කරන්නේ?' විනූ ඇහුවා.

               'මං දැන් කතා කරේ මහිමලත් එක්ක මියුසික් කරන තෝමස් එකේ මගේ හොඳම යාලුවෙක්ට. එයා කියන විදියටනම් මහිමට girl කෙනෙක් නෑ. ටිකක් පිස්සු වැඩකරත් මහිම හරි හොඳයි කිව්වා. යාලුවොන්ට එහෙම පන ඇරලා උදවු කරන හිත හොඳ කොල්ලෙක් ලු. ඒත් මහිමට යාලුවෝ ගොඩක් ඉන්නවලු ගර්ල්ස්ලා. ඉතින්........මහිම කෙල්ලෝ සම්බන්දයෙන් නම් කොහොම චරිතයක්ද කියන්න හරියටම දන්නේ නෑ කිව්වා. එහෙම දෙයක් හොයන එකත් අමාරු වැඩක් නේ. ඒ නිසා ඒක අහන්න වෙන්නේ කෙල්ලෙක්ගෙන්ම තමයි ලු' දිනාදී සම්පුර්ණ විස්තරේම කිව්වා. 

               'ඒ කියන්නේ මහිමගේ පිටින් පේන හොඳ චරිතේ වගේම කවුරුත් නොදන්න දෙබිඩි චරිතයක් තියෙනවද?' හිතේ තිබුණු ප්‍රශ්නේ මං කෙලින්ම ඇහුවා.

               'ඒක හරියටම එහෙමයි කියන්න බෑ අපිට. මගේ යාළුවා කියන්නේ එහෙම එකක් තියෙනවද කියලා හොයල බලන්න කියලා. කොල්ලෙක් වෙලත් එයා එහෙම කිව්වේ මගේ යාළුකම නිසා වෙන්න ඇති. අනික කොල්ලොන්ගේ හැටි දන්නවනේ බං'.ඒ කතාවට නම් මගේ හිතේ ඇතිවුණේ ලොකු බයක්. මහිම ඒ වගේ කෙනෙක් වෙන්න පුලුවන්ද? රූපෙන් , කතාවෙන් කෙනෙක්ව මනින්න බෑ කියලා නම් මං හොඳටම දන්නවා. ඒත්.... දැන්ම මහිම ගැන චරිත සහතික දෙන්න කල් වැඩි කියලා මට හිතුන.. යාලුවෝ කියන කතාව ඇත්ත. දැන් අහන්න තියෙන කතාවල හැටියට කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් අමාරුයි.

               'හ්ම්... ඒක නම් ඇත්ත කතාව. එත් දැන් කොහොමද අපි ඒ ගැන හොයන්නේ?' ඒ ප්‍රශ්නේ ඇහුවේ සඳු.

              'මං මහිමගේ මොබයිල් නම්බර් එකත් ඉල්ලගත්තා' කියලා දිනාදී කියනකොට හැමෝම මගේ මුණ දිහා බැලුවා. මෙයාල කියන්නේ මට මහිමට ටෙක්ස්ට් කරන්න කියලද?

              'ඔයාටම තමයි විශ් ඒක කරන්න වෙන්නේ' 

              'ඒ කිව්වේ? ටෙක්ස්ට් කරන්න ද? අනේ මට නම් බෑ බං. නිකන් මගේ නම චාටර් වෙයි. මං එයාගේ පස්සෙන් යනවා කියලා'.

              'එහෙම වෙන්නේ උඹ කවුද කියලා මහිම දැනගත්තොත් නේ. දැනට මහිම ඔයා ගැන කිසි දෙයක් දන්නේ නෑනේ. හරියට නමවත් , ෆෝන් නම්බර් එකවත්'

              'මහිමට crush කරන කෙල්ලෙක් වගේ ටෙක්ස්ට් කරොත් ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි මහිම කියන්නේ කොයි වගේ කොල්ලෙක්ද කියලා'

              'ඉතින් මං ටෙක්ස්ට් කරන්නේ කවුරු කියලද? බොරු නමකින්ද?'

              'ඔව්..ඇයි බං ඔය දායාදයක් විදියට හම්බෙලා තියෙන්නේ අපිට මායම් 64ක්ම. එකක් දෙකක් පාවිච්චි කරාට වරදක් නෑනේ' මංසලා කිව්වේ ඇහැකුත් ගහන ගමන්.

              'බොරු නමකින්ම එපා බං. මහිම කියන්නේ ඔය කියන විදියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ කොල්ලෙක් නම් විශ් එයාට ආදරෙයි කියලා කවදාහරි එයාට කියනවනේ නේද?' දිනාදී අහනකොට ඉතින් කස්ටියම එක එක සද්ද දැම්ම.

             'ඔව්' මං දෙකට තුනට ඇඹරිලා කිව්වා.

             'අන්න එහෙම කිව්ව දවසට බොරු කරා කියලා මහිම දැනගත්තොත් ඒකත් අවුලක් වෙයි' දිනදී කිව්වේ හොඳට දුර දිග බලපු කතාවක්.

            'අනේ ඒ උනාට මට ඇත්ත නමින් ටෙක්ස්ට් කරන්න නම් කියන්න එපා... ප්ලීස්..'

            'ඔයාගේ නම fb එකේ තියෙන්නේ විශ්මි සූරියබණ්ඩාර කියලනේ විශ්?' සඳු ඇහුවා.

             'ඔව්. මහිම fb එකේ යාලුවෙක් නේ'

             'හරි ඉතින් ඔයාගේ අනිත් නම කවුරුත් දන්නේ නෑනේ. ඉස්කෝලේ අයගෙන් දන්නේ අපි ටික විතරනේ. අයියගෙන් කීයටවත් ඔයාගේ අනිත් නම ගැන කියවෙන එකකුත් නෑනේ මහිම ඉන්න තැනක. හෙව්වත් මහිමට හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ කවදාවත්. ඉතින් ඔයාට පුළුවන් නේ ඒ නමින් ටෙක්ස්ට් කරන්න. බොරුවක් කරා කියලා මහිමට කියන්නත් බෑනේ'

            'මොකද්ද ඒ අපි නොදන්න අනිත් නම?' දෞපදී ඇහුවේ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන.

           'ආහ්... උඹ දන්නෙත් නැද්ද? අපේ විශ්ට තියෙනවනේ තව ලස්සන නමක්.

           මන්දහාසි.....

       මං විශ්මි මන්දහාසි සූරියබණ්ඩාර....