Sunday, November 20

තැන්කූ ඔරකලයෝ !! තැන්කූ ඉන්ෆොටෙක් !!


                මෙච්චර දවසක් මේ කොළමේ මං ලිව්වේ නවකතාවයි, කවි වගේ අපබ්‍රංශ ටිකකුයි විතරනේ. ජීවිතේ හරි බෝරිං අප්පා.... ඉතින් මං හිතුවා පොඩි වෙනසකටත් එක්ක මගේ ජීවිතේ රසවත් සිදුවීම් කීපෙකුත් ලියල බලන්න... 


              නමෝ විත්තියෙන්ම පටන් ගන්නම්කො අපේ ක්ලාස් එකෙන්. ඒ වගේම මේක කෘතඥතාවයේ ලිපියක් විදියටයි ලියන්නේ.


                  හ්ම්... ඕන් ඉතින් (අපරාදේ.පොත් ගත්ත.සල්ලි) උ/පෙළ කරලා ඉවර වෙලා අයිසුත් වැඩිදුර පරිගණක අංශය ගැන ඉගෙන ගන්න කියලා පන්තියකට යන්න පටන් ගත්තා. Infortec International  ආයතනයේ. 2010/ 09/ 27 වෙනි සඳුදා මාත් ඉස්සෙල්ලම ක්ලාස් එකට ගියා. ඒ ගමන මගේ ජීවිතේ තීරණාත්මක, වැදගත් දවසක් වෙයි කියලා නම් එදා හීනෙන්වත් හිතුවේ නෑ. මං හිටියේ මගේ ඉස්කෝලේ යාලුවෝ එක්කෙනෙක්වත්  මේ ක්ලාස් එකට අවේ නැති එක ගැන පශ්චාත්තාපයෙන්. ඉස්සෙල්ලම දවස් දෙකේ ගෑනු ළමයි වෙනම , පිරිමි ළමයි වෙනම. පාඩුවේ ඉගෙන ගත්තා. ඒත් අපිට එහෙම ඉන්න පුළුවන් වුනේ සති දෙකක් විතරයි. මොකද ඊට පස්සේ ක්ලාස් එකේ හදනවා ගෘප්ස් කියල ජාතියක්.. එතකොට කොල්ලෝ , කෙල්ලෝ ඔක්කොටම අකමැත්තෙන් වුනත් මික්ස් වෙන්න වෙනවා.. :P :P


                 ඔන්න ඉතින් මාත් වැටුන ඔයවයින් එකකට. අපි මේ ගෘප් එකට නම තිබ්බේ 'Oracle' කියලා. කාලා වරෙන්කො ඉතින් ගෘප් එකේ කොල්ලෝ 7දෙනයි, මාත් එක්ක කෙල්ලෝ 4දෙනයි. අපේ පලවෙනි ප්‍රොජෙක්ට් එක තමයි ගෘප් එක ගැන profile එකක් හදන එක. ඔය වගේ වැඩකට ඉතින් මුළු ගෘප් එකේම අයගේ සහයෝගය , අදහස්  පට්ටම වැදගත් නේ. ඒත් ඉතින් අපි කතා කරන්න ටිකක් විතර ලැජ්ජයි. ඉස්සෙල්ලම කියලා ඉන්නම්කො කවුද මේ 'අපි' කියලා.


අපේ නඩ නායකයාගෙන් පටන් ගමු..
අරඹේ  (පට්ටම මීටරයක්)
ලලා අයියා (පතරංග මීටරයක්, වෙද සිසුවෙක්)
නෙරා අයියා ( දීමට නිර්වචන බොහෝමයි)
සුදු අක්කි ( හිනාවෙන්න ගියාම තැනක් නොතැනක් නෑ)
අමිල අයියා ( ආඳා කිව්වොත් හරි)
සුජී අයියා (කොට ජීවිතේ)
Pooh (මට අක්කි වුනාට මං කවදාවත් අක්කිවත් , මෙයා මට නංගිවත් කියලා නෑ තාම..)
සචිනි ( ටියුබ් ලයිට්)
මධූ ( කොල්ලොක් හොඳේ. මේකා නිසා බොහෝ චාටර් කා ඇත.)
මාරේ ( ගෘප් එකේ බාලම හාදයා. අජාසත්ත ජාතකෙත් රීමික්ස් කරයි.)
අන්තිමට Ice ( ශරීර කූඩුවෙන් ගෘප් එකේ පොඩිම කෙනා සහ ගෘප් එකේ චන්ඩියා... :P)

          අපේ ගෘප් එකේ පිරිමි ළමයි  7දෙනාගෙන් ලලා අයියා ඇරෙන්න අනිත් 6දෙනාම පිරිමි පාසල්වල ඉගෙන ගත්ත අය. ගෑනු ළමයින්ගෙන් සිතාර අක්කි (සුදු අක්කි) ඇරෙන්න අනිත් 3 දෙනාම බාලිකා පාසල්වලට ගිය අය. මේ ලියන මාත් ඉගෙන ගත්තේ බාලිකා විද්‍යාලයක. තේරෙනවනේ බරපතලකම??
ඊට හපන් යාළුකමට කීපදෙනෙක්ම ආශ්‍රේකරත් අයිස්ට කොල්ලෝ ජාතිය පේන්න බෑ ඔය දවස්වල... :P :P ඒත් ඉතින් එහෙම කියලා බෑනේ.. ප්‍රොජෙක්ට් එක කරන්නත් එපැයි.. ඒ මදිවට මං සොභාවයෙන්ම කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඒ ඉස්සර ඉඳන් මගේ හැටි. ඉතින් එහෙම කෙනෙක්ට කටපියන් ඉන්න හෙන ගේමක් දෙන්න වෙනවනේ. මං ක්ලාස් එකේ හිටියේ හරි අපහසුවෙන්.

            කොහොමින් කොහොමහරි පොඩි හිනාවකින් , වචනෙකින් දෙකකින් කතා කරන්න පටන් ගත්තා. දවසින් දවස ගෙවිල ගියා හැබැයි නිකන්ම නෙමෙයි ජීවිතේට අලුත් ආරම්භයක් , නැවුම් බලාපොරොත්තු එකතු කරගෙන. 'එක සමාන පියාපත් ලද්දෝ එකට පියාඹති' කියලා කතාවටත් කියනවනේ. ඒ වගේ අපි 11දෙනාගේත් බැඳීම එක සමාන වුණා. මේ බැඳීමේ පදනම වුනේ සහෝදරත්වය කියන අති මානුෂික හැගීම.(ඔය දිහා වෙන විදියට බැලුව අයත් හිටියා. තමන්ගේ මට්ටම් තම්මට්ටම් නේ ..P) වචනෙකින් ඇරඹුණු බැඳීමට දැන් අවුරුද්දකටත් වඩා වැඩියි. ඒ අවුරුද්දේ අපි ජීවිතේ ඉගෙන ගත්තා. ඉස්සෙල්ලම කතා නොකර පාඩුවේ හිටිය මං දැන් කියවනවා අනිත් අයට වදයක් වෙන තරමට. අනිත් අයත් එහෙමයි. මටම කියලා සහෝදරයෙක් නැති අඩුව මට දැනෙන්නේ නැත්තේ මේ සහෝදරයෝ නිසා.. මීට වඩා මේ ගැන කියන්න දේවල් ගොඩක් තිබුණත් හදවතේ තියෙන හැගීම් ලස්සන වචන වලට පෙරලන්න මට තාම තේරෙන්නේ නෑ..  ඒකට සමාවෙන්න..  

         ඔය අතරේ මළගෙවල් , දානේ ගෙවල් , get together , කස්ටිය ඉස්පිරිතාලේ නැවතුනු දවස් පවා තිබුණා. ඒ හැමදේකටම මේ සහෝදර බැදීම නිසා ලැබුණු දායකත්වය නම් කියලා ඉවර කරන්න බෑ. ෆොටෝස් 6000 ගානක photo collection එකක් තියෙනවා මගේ ළඟ ඔය පිස්සු වැඩ වල... :P :Dඅපේ ගෙවල් වල යන්න - එන්න, පර්ටියකට සෙට් වෙන්න, මැච් බලන්න ... ඔය අස්සේ තව ජල්තරස් වැඩ කෝටියයි... ඉඩ ලැබෙන හැටියට කියන්නම්කො..

         'හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් , තමාගේම සරත් සමයකුත් තියෙනවා'. ඉතින් මගේ ජීවිතේට සංක්‍රාන්තික සමයක් එළඹෙන්නේ ඔය අතරවාරයේ. මේ ගැන කියලා හිත හදාගන්න කවුරුත් මගේ ළඟ නැති වෙනකොට මට ඇහුම්කන් දුන්නේ, මාව සැනසුවේ , කොන්ද කෙලින් තියාගෙන ජීවිතේට මුණ දෙන්න මට කියලා දුන්නේ මේ පිස්සෝ , පිස්සියෝ ටික. ( ඒ ගැන කියලා මේ පොස්ට් එක ශෝකාලාපයක් කරන්න මං කැමැති නෑ... ) කොටින්ම කියනවා නම් මේ දෛවෝපගත හමුවීම නිසා තමයි මං දෛවය විශ්වාස කරන්න පටන් ගත්තෙත්..   :D

        ඔය පිස්සු කතා අතරේ අර අපි හදන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවර කරලා බාර දුන්නා.. නුවර බ්‍රාන්ච් එකේ ගෘප්ස් 71ක් අතරින් අපේ Oracle ගෘප් එක වැඩිම ලකුණු අරගෙන බ්‍රාන්ච් එකේ best group වුණා. (Collar up.. :P)  ඒ තමයි අපේ සහෝදරත්වයෙන් ශක්තියෙන් අපි ලබාගත්ත පළවෙනි ජයග්‍රහණය. තව ජයග්‍රහණ බොහෝමයි.

       මං පටන් ගන්නකොටම කිව්වා වගේ මේ හදන්නේ ස්තූතිය පුදකරන්න... ජීවිතේ , සමාජේ නොදැක්ක දේවල් විවෘත මනසකින් දකින්න , ජීවිතේ දිහා අලුත් ඇහැකින් බලන්න මං ඉගෙන ගත්තේ මේ අය නිසා. ඉතින් ස්තුතියි මගේ සහෝදර , සහෝදරියන්ට..... 
(මෙතනට ගැලපෙනවද මන්ද , ඒත් මේ මං ආසම වචන පේළියක්.. පොඩ්ඩක් වෙනස් කරා).

     'මා යළි ජීවිතයට ගෙනැවිත් , මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් .. සහෝදරත්වය කියාදුන් ඔබ සියලු දෙනාටත් දේවාශිර්වාද ලැබේවා.... එදා පෑවූ ඉරටත් , එදා පවතී කාලගුණයටත් කෘතඥතාවය හිමිවේවා..!! - ගුරු ගීතය.

      ඒ වගේම අපිව ගෘප් එකක් විදියට එකතු කරපු Infortec International අපේ ආදරණීය ක්ලාස් එකටත් , ගයාන් සර්ටත් ගොඩක් ස්තුතියි....

මේ අපේ පලවෙනි ගෘප් ෆොටෝ එක..

මේ ක්ලාස් එකේ meeting එක දවසේ.


ගිය අවුරුද්දේ මගෙයි, මාරේගෙයි , අමිල අයියගෙයි birthday parties එක දවසක ගත්තා. මේ එදා... ටික දෙනෙක් අඩුයි.

        ඒත් එක්කම මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ තව කීපදෙනෙක් ඉන්නවා. මොකෝ ඔය අපේ පිස්සු වැඩ වලට මෙයාලත් හවුල් වුන නිසා. අපේ ගෘප් එකේ නොවුණට මෙයාලත් අපේ ක්ලාස් එකේ කස්ටියම තමයි.. අයිස්ට ගොඩක් ළඟ යාළුවො.. සහෝදරයෝ...

චින්ති අයියා ( අර ක.............. සිදුව කියන කෙනා එහෙමනෙමයි හොඳේ.. )
පැතුම් (මෙයා ගැන වැඩිය කියන්නේ නෑ.. :ප් )
රේ (නම ටිකක් අමුතුයි නේ?)
මිහිරාන් ( ටිකක් තඩි.. :p)
කාංචි (කොල්ලෙක් හොඳේ .. කාංචන )
නීලේ ( නිසංසල නීලනුවන් )

        අයිස් ඔයාලට ආදරෙයි හැමදාම.... කවදාවත් ඔයාලගෙන් ලැබුණු ආදරේ , සෙනෙහස , රැකවරණය , සහෝදරත්වය අමතක වෙන්නේ නෑ මට. අමතක කරන්නෙත් නෑ.. අමතක කරන්නත් බෑ... ඉතින් අයෙත් පාරක් ස්තුතියි ඔයාල හැම කෙනෙක්ටම.. ඒ වගේම ඔයාල හැමෝටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා.. :) :*

ජයවේවා!!


ප/ලි : අපේ මේ හමුවීම නිසා මං දැන් බාලක ,බාලිකා පාසල් සංකල්පයට විරුද්ධයි. කවදහරි මගේ ළමයින්ව දන්නේ නම් මිශ්‍ර පාසලකට කියල දැන්ම තීරණේ කරලා තියෙන්නේ.. හිකිස්..


48 comments:

  1. ඔය වගේ අත්දැකීම් හරි ලස්සනයි! :) :) :)

    ReplyDelete
  2. @තනි අලියා : ඒක නම් ඇත්තම ඇත්ත සහෝදරයා.. ස්තුතියි මේ පැත්තේ ආවට.. :) :)

    ReplyDelete
  3. මම ගියේ මිශ්‍ර පාසලකට.. ඒනිසා මටනම් හැමෝම එක්ක වැඩ කරන එක අමුත්තක් උනේ නෑ කවදාවත්ම..

    ReplyDelete
  4. ICE ඔයා නම් නියමයියියි . . .මගේ හදවතින්ම සුභ පතනවා ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න !!!. . .මීට Ruzziii . . . :-* Mmmmwah . . . :-* !!!

    ReplyDelete
  5. @Dinesh අයියා :අපි එහෙම නෑනේ අනේ.... දැන් නම් ඔන්න ඒ චකිතය නැත.. :)

    @Ruziii : ආහා ..... අද Oracle ෆිට් එක ගැන හොඳටම දන්න ස්පෙෂල් අමුත්තෙක් ඇවිත් නේ.. තෑන්ක්ස් Rusiii..... :* :* :*

    ReplyDelete
  6. @නෝටියා : කෝ මේ නෝටියා දමනා එක කමෙන්ට් එකක්වත් නෑනේ.??? :/ දෙතුන් පාරක්ම කමෙන්ට් කර නොවේද? :P

    ReplyDelete
  7. නියමයි...අයිස් ගෙ පොටෝ එකකුත් බලා ගත්තා එහෙනම් :)

    ReplyDelete
  8. ජිවිතේ ගොඩක් අවස්ථා තියෙනවා අමතක කරන්ඩම බැරි...........
    එවා හරිම සුන්දරයි........ ;)

    ඒකාලේ ආයෙත් එනවා නම්...........
    කොච්චර අසාද........!!!!!!

    ReplyDelete
  9. එකනම් සහතික ඇත්ත
    මටත් දැන් ඔයවගේ සෙට් එකක් සෙට් වෙලා ඉන්නේ
    ඔය වෙගේම තමා මුන්නම් ඔක්කොටම හොදටම පිස්සු :-D

    ReplyDelete
  10. ;) ape ithin campus jiwithe gaththath ohoma thama.. harima jolie.. kollo kello bedayak ne..

    ReplyDelete
  11. මාත් බ්ලොග් අවකාශයේ ගොඩක්ම ආස කරන දෙයක් තමා එක එක අයගේ අත්දකීම් කියවන්න. සමහර එවුවා කියවලා හිනා වෙලාම මැරුනෑකි !!!

    අපිත් ඔන්න ඔරකල් කට්ටියට ණය ගැතියි. ඒ වෙන මොකකටවත් නෙමේ නිදහස් මෘදුකාංග නිසා. අපි ලිනක්ස් නිසා නිදහස් මෘදුකාංග ගොඩක්ම වටිනවා !!!

    ReplyDelete
  12. ඔය වගේ අත්දැකීම් තමයි අපිට පස්සේ කාලෙක උනත් මතක් කරලා හිනා වෙන්න පුළුවන් වෙන්නේ..

    බලන්යනකොට මෙයා නේ ගෘප් එකේ චන්ඩියා :P

    ReplyDelete
  13. eka maruuuuuuuuuuuuuuuuu......... mare maru..... elx......

    ReplyDelete
  14. ඇති යාන්තං . . කොමෙන්ට් කරන්න පුලුවන් එකක් ලියලතියනව (මම ඔය නවකතා වලට, කවි වලට එහෙම කොමෙන්ට් දාන්නෙ නෑ නෙ . . ඒකයි)

    //කවදහරි මගේ ළමයින්ව දන්නේ නම් මිශ්‍ර පාසලකට කියල දැන්ම තීරණේ කරලා තියෙන්නේ..//

    අන්න ඒක තමයි වෙන්න ඕනෙ . . . හෝඩියෙ ඉඳල 9 වසරට එනකං ගමේ මිශ්‍ර පාසලට ගිය මාව O/L කරන්න පිරිමි ඉස්කෝලෙකට ගෙනත්දාල හිටපු අවුරුදු තුන . . . හයියෝ . . පුදුම අමාරුවකින් ගෙවුවෙ . . . ඇයි බොලේ . . . ගමේ ඉස්කෝලෙ . . අපේ පංතියෙ කොල්ලො 5යි . . කෙල්ලො 11යි . . ඔක්කොමල්ල ඇවැස්ස නෑනල මස්සිනාල . . එහෙම හිටි මට අම්මල අවුරුදු 3ක් කරපු අපරාදයක් . . .
    මම මගෙ හාමිනේට දැම්මම කියල තියෙන්නෙ අපි දෙන්නගෙ කෙල්ලව ගමේ මිශ්‍ර ඉස්කෝලෙට ඇරෙන්න වෙන කොහෙටවත් දාන්න බෑ කිඅල . . .

    ReplyDelete
  15. @සයුරි අක්කි : එහෙනම් එහෙනම්.. :) ස්තූතියි අක්කි.. :)

    @Kanchi: හැමදාම ~මහිම මන්දහාසි~ කියවල ඒ කතාවෙන් චරිතයක් ඉල්ලන මෙයත් අද මේ පැත්තේ ඇවිල්ලනේ.. තෑන්ක්ස් කිව්වා... ඇත්ත,දැන් නම් ඒ දවස් මතක් වෙනකොට ගොඩක් දුකයි. එත් මොනාකරන්නද. අපි අපේ ගමන යන්නත් එපැයි.. :) :)

    ReplyDelete
  16. @මහිම මදුරංග : එහෙනම් සතුටෙන් ඇත්තේ නේද? අපේ ජීවිතේදී ඇතිකර ගන්න බැදීම් නිසා අපේ අනාගතේම වෙනස් කරන්න පුළුවන්.... මේ වගේ බැදීම් හරි සුන්දරයි... :) :)

    @Red Riding Hood : ඒකනේ අක්කි.. ඒ අත්දැකීම් ජීවිතේට හරි සතුටක් ගේනවා.. :) :)

    ReplyDelete
  17. @මධුරංග අයියා : ඉස්සරහදි මේ අයත් එක්ක මුණ දුන්න ලස්සන අත්දැකීම් කීපයක්ම තියෙනවා ලියන්න. හි හි.. :) :)
    අහ්... ඒ ඔරකල් සහ මේ ඔරකල් හැරුණුවිට තවත් ඔරකල් ලා සිටීද? හිකිස්...

    @ChammA අයියා : ඒක නම් ඇත්ත අයියා. හි හි....
    ඒකනේ .... මං තමයි චන්ඩියා. එත් වලි දාගන්න නම් බයයි. වලි බේරන්න නම් පුළුවන්... :p :)

    ReplyDelete
  18. @Ray : Elaz.... ඊළඟට ISS කතාව ලියන්න ඉන්නේ. :P :P :) :)

    @ඕනයා :හි හි.. ස්තුතියි සහෝදරයා මේ පැත්තේ ආවට.. :)

    ඒක නම් ඇත්ත තමයි අයියා... ඒක පාරම ඉගෙන ගන්න පරිසරේ වෙනස් වුනාම පිස්සු වගේ,මට වුනේ ඕකේ අනිත් පැත්ත...
    හි හි... :) :) :)

    ReplyDelete
  19. මමත් බාලිකා පාසලක කමයි ඉ‍ගෙනගත්තේ. ඒ උනාට මටනං එහෙම අවුලක් තිබ්බේ නෑනෙ හලෝ:-? සමහරවිට මට සහෝදරයෙක් ඉන්න නිසා වෙන්න ඇති ‍නේද ඉන්ෆොටෙක් නම් ඉතින් කියන්න දෙයක් නෑ සුපිරියි:-bd
    එළ පෝස්ට් එක.

    ReplyDelete
  20. could you please tell me how to use this smilies.
    plz.

    ReplyDelete
  21. @Mithuru : මං හිතාගෙන හිටියේ මිතුරු සහෝදරයෙක් කියලා. :P ඒකට සොරි වෙන්න ඕනේ.. හි හි.....
    නෑ නෑ... මටත් එහෙම ලොකු අවුලක් තිබුනේ නෑ. ඒ කියන්නේ පිරිමි ළමයින්ට වෛර කරේ නම් නෑ කවදාවත්. පොඩ්ඩක් කොල්ලොන්ව නොරිස්සුම්.. ඒකයි කාරණාව.අනික මට කියලා සහෝදරයෙකුත් නෑනේ. ඒකට දැන් නම් සහෝදරයෝ ගොඩක් ඉන්නවා.. :) :)

    මිතුරුත් ඉන්ෆොටෙක් ක්ලාස් ගියාද?

    අනේ මං මේ ස්මයිලීස් ඇඩ් කරලා තියෙන විදිය වැරදි මං හිතන්නේ.. ඒකයි වැඩ නැත්තේ.. :P :) :)

    ReplyDelete
  22. ඈ ඒ මොකෝ එහෙම හිතුවේ! මට දැන් මට ඇඩෙනවා ඉතින්.මටතත් නොරිස්සුම තිබ්බා තමයි.

    ගියාද නෙමෙයි තාම යනවෝ.හැබැයි මමත් ඔයාගේ බැච් එකේමයි.
    මගේ යාළුවෝ නම් දැන් නැහැ.

    ReplyDelete
  23. @Mithuru : පාර්ට් ටයිම් බැච් එකේද? නැත්තන් ලීවින්ග් බැච් එකේද? අනේ දැන් කියන්න නම් එපා කැන්ඩි බ්‍රාන්ච් එකේ කියල හොඳේ... :P :P :P :P (කැන්ඩි නම් මේ කවුද කියලත් කියන්න.. :) :D )

    ReplyDelete
  24. ලීවින්ග් බැච් එකේ.කැන්ඩි බ්‍රාන්ච් එකේ නෙමෙයි.අපෝ මෙයා බයවෙලා තියෙන තරම්. හූ හූ :P:P කැන්ඩි බ්‍රාන්ච් එකේ වුනානම් මෙයාට පොළව පලාගෙන යන්න වෙයිනෙ මං නොදන්න මට පාට් දාන එකා මොකාද කියලා:D =))

    ReplyDelete
  25. හ්ම්ම් මෙහෙම යාළුවො ඉන්න එක ගොඩාක් හොදයි.. මටත් ඉන්නවා මෙහෙම සෙට් එකක් :)))

    ReplyDelete
  26. oya kattiya gen godak ayawa mamath dannawa.
    mamath oya institute ekema colombo branch eke ne. :D ehema welath api branches tika hari ekathui neda ayesha :D

    ReplyDelete
  27. මාත් ගියේ මික්ස් එකකට.ඒක නිසා අද මං ගැහැණු ළමයි ගැන අමුතුවට හිතන්නේ නෑ

    ReplyDelete
  28. e kiyanne nanga marama lassnaii... ara man kiyapu vidihata anith evath liyala danda... lassnai godak.. e kalte hitha yanva dannema nathuwa ...... ahaa eka nemei නෙරා අයියා ( දීමට නිර්වචන බොහෝමයි) me mokadda me ahaaa ??? bennavth da mata ??? he heeeeeeeee jaya wexxx nango digatama karagena yanda me vede fattaiii

    ReplyDelete
  29. @Mithuru : හිකිස් .... ඒක නේන්නම්... මාත් බැලුවේ මේ කවුද බොලේ මේ කියල.. හි හි...

    @වර්ණා : ඒක නම් ඇත්ත. ඔයා ආයෙත් ලියන ඒක ගැන සතුටුයි. ඒ යාළුවො ගැනත් දැනගන්න ආසාවෙන් ඉන්නවා... :) :)

    ReplyDelete
  30. @මතකයන් : අනිවා අනිවා සහෝදරී... මාත් එහෙනම් ඔයාව දන්නවා ඇති නේ.. :) :) ඊළඟ කතාව ISS ඒක ගැන.. :)

    @අසරණයා : හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑනේ සහෝ... :) :)

    ReplyDelete
  31. @නෙරා අයියා : ආහ්...ඔයත් ඇවිල්ලා... තෑන්ක්ස් මගේ අයියා.. ඊළඟට ISS ගැන තමයි ලියන්න හිතාගෙන ඉන්නේ.. මතකනේ ඒ ගමන??? ආයේ පිස්සුවක් ඇතේ... හිකිස්..
    ආහා.... බැන්න නෙමෙයි. ඇත්තටම ඔයා ගැන දෙන්න නිර්වචන ගොඩයි. කොහොම හඳුන්වා දෙන්නද කියල හිතාගන්න බැරිවුණා.. ඒකයි.. තැන්කූ තැන්කූ අයියා... :) :)

    ReplyDelete
  32. හැමෝගෙම ජීවිත වල පුංචි පුංචි මතකයන් තියනවා.ඒ මතකයන් අනිත් අයත් එක්ක බෙදා ගන්න එකත් සුන්දර අත්දැකීමක්

    ReplyDelete
  33. තමන් ගේ ඉස්කෝලෙ කාලෙ ඔය එක එක institute වල කරපු වැඩ තමා ජීවිතකාලෙටම රහ කරලා කියන්න පුලුවන් වෙන්නේ.

    "කවදහරි මගේ ළමයින්ව දන්නේ නම් මිශ්‍ර පාසලකට කියල දැන්ම තීරණේ කරලාතියෙන්නේ..." ඒක නම් නියමයි :D :P

    ReplyDelete
  34. ane shoooooooooooooooooi ice.ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaa.........

    ReplyDelete
  35. @:මනූManu: මේ පැත්තේ ආවට ස්තුතියි සහෝදරයා... :):)

    @Suri : ඒක නම් ඇත්තම තමයි සහෝදරයා.. ස්තුතියි..

    ReplyDelete
  36. @Uma : අනේ... ඔයත් ඇවිල්ලා... එහනම් තැන්කූ කිව්වා ස්වීට් හාර්ට්... Ummmmmmmmmaaaaa... :* :) :D :D

    ReplyDelete
  37. elz...mtak wenwa hema welawema....

    ReplyDelete
  38. ICE මගෙ පුතේ.......උඹලා දීපු මතකයන් අපිට සදාකාලික සුවයක් ගෙනත් දුන්නා..ඒකට thank you wewa.....මම ගොඩක් දේ කියන්න යන්නෙ නෑ කියනවට වඩා උඹල මාව දන්න හන්දා.....උඹල හැමෝටම ජය...!!!!!!
    මම කවුරුත් දන්න, Cyber Awakashaye Gladiator....
    one-nd-only රුසිරු(රුසි)

    ReplyDelete
  39. මිශ්‍ර පාසලක අගය තේරෙන්න අපේ පන්තියට එන්න ඕනෙ. කොල්ලො 4යි කෙල්ලො 5යි. පිස්සු කෙලින්න ගත්තම ආයෙ 20 - 30 ඉන්න පන්ති පරාදයි. ටික දෙනෙක් විතරක් ඉන්න ග්රෑප් එකක සේරමල එක්කෙනෙක් කියන හැඟීම ගොඩක් තියනව.

    හොඳම දේ අපේ සෙක්ෂන් එකේ ෂෝට් ලීව් දාල වාර්තාව තියල තියෙන්නෙත් කෙල්ලෙක්. එයාගෙම නිවුන් සහෝදරය පන්තියෙ ඉද්දි අක්ක කලින් පැනල ගෙදර.

    අවසන් නිගමනය :- සියළුම පාසල් මිශ්‍ර පාසල් කල යුතුය.

    ReplyDelete
  40. @මතකයන් :ඔව් නේ... මං ඔයාව දන්නවා නේන්නම්... මට නෙරා අයියා කිව්වා... :)))

    @ලලා : අනිවා අනිවා... :))ගොඩක් මතක් වෙනවා.

    ReplyDelete
  41. @gladiator : සරුත් ඇවිල්ලනේ මේ පැත්තේ.... :) ස්තුතියි රුසිරු සර්.. ක්ලාස් එකේ ඒ තරම් පිස්සු වැඩ කරන්න අපිට ලැබෙන්නේ නෑ සර්ලා වගේ ආදරණීය ගුරුවරු ටිකක් අපිට හිටියේ නැත්තන්... කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ ලස්සන කාලේ නම්..ඒ හැමදේටම පින් සර්... :)))

    @chanakalin :හපොයි... මාර වැඩේනේ ඒක... ඒක නම් ඇත්ත අයියේ.. ස්තුතියි මේ පැත්තේ ආවට... :)))

    ReplyDelete
  42. @Ice,
    හැක්...අයියෙ...
    මම 2012 උ/පෙ කාරයෙක් :P

    ReplyDelete
  43. හමිමෝ infortec සහෝදරියක් මුණ ගැසීමත් සතුටක්... මම 2011/2012 batch එකේ ......හැබැයි අපි නමි නුගේගොඩ එකේ......

    ReplyDelete
  44. @chanakalin : අපේ අම්මෝ... එහෙනම් ඔයා මල්ලි... මං 2010 උ/පෙළ... හිකිස්...අර ෂෝර්ට් ලීව් කතාවක් කිව්වා නිසා මං හිතුවේ ජොබ් එකක් කරනවා කියලා.. :PP

    @මගේ දින පොත : අඳුර ගන්න ලැබීම සතුටක් සහෝදරයා... මෙතන කමෙන්ට් කරලා තියෙන මතකයන් අපේ අපේ බැච් එකේ ඔයාලගේ බ්‍රාන්ච් එකේ කෙනෙක්.. :))

    ReplyDelete
  45. දැං "කට්ටි පනිනවා" කියල එකට අපේ කට්ටිය කියන්නෙ "ෂෝට් ලීව්" යනව කියල. පොඩි වැදගත්කමක් තියනවනෙ. නැත්තං පාරකදි දන්න කියන කවුරු හරි "මොකෝ කලින්?" කියල එහෙම ඇහුවම "අද කට්ටි පැන්න" කියන්න නිකං මොකක්ද මොකක්ද වගේනෙ :P

    ReplyDelete
  46. මිශ්‍ර පාසලකට නොයෑමේ පල විපාක අද ඕනෙවටත් වඩා විඳිනවා.

    ReplyDelete
  47. @Ayesha- මම නමි අනාතවෙලා නන්නත්තාර වුනා 2010 (ඔය බැජ් එකේම තමා)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)