Saturday, November 19

~මහිම මන්දහාසි~ 12වන කොටස

               මන්දහාසි වෙලා මහිමට ටෙක්ස්ට් කරන්න කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වුණාට ඔය කවුදෝත් කියලා තියෙනවලු නේ 'කියන්න තරම් ලේසි නෑ ,කරන්න ගියාම' කියලා. ඉතින් මං හිතුවෙත් දැලි පිහියෙන් කිරි කනවා වගේ ඔය වැඩ කරන්න ගිහින් මාට්ටු වුනොත් එහෙම මගේ විතරක් නෙමෙයි අපේ අයියාකාරය ගෙත් සායම හේදෙයි කියලා. ඉතින් මං ඒකමතිකව අදහස ප්‍රතික්ෂේප කරා. ඉතින් මගේ අතිජාත පාපමිත්‍රයෝ ටික එදා හවස ආපහු ගියෙත් මල් අතින් අරගෙන. 


               'පවට පින දෙන්න බෑනේ බං. යමු'

               'ආයේ වරකෝ උදවු ඉල්ලගෙන'

               අපරාදේ ආවේ කියලා මට බැන්නට මොකද හවසට තේත් බීලම තමයි කස්ටිය එලියට බැස්සේ. කොච්චර බැන්නත් ඉතින් මාත් ඒවා ඉවසගෙන ගේට් එක ලඟට ගියා. මොන වුණත් මං කිව්ව ගමන්  දුවගෙන ආපු මගේ ආදරණීය යාලුවෝ ටිකනේ. ගේට් එක ලඟදි මගේ අතේ තිබුණු මොබයිල් එක උදුරලා ගත්තු දෞපදී මොකද්ද අංකයක් කෙටුවා.

              'විශ් , මේ මහිමගේ නම්බර් එක. අපි දැන් යනවා. ඊට පස්සේ ඔයා හොඳට කල්පනා කරන්න. කල්පනා කරලා හිතට එකඟව දෙයක් කරන්න. ඔයා මොන තීරණේ ගත්තත් අපි ඔයත් එක්ක ඉන්නවා. හැබැයි පුතෝ මේකත් මතක තියාගනින්.... මේක සෙල්ලමක් නෙමෙයි. තීරණයක් ගත්තොත් ගත්තා.. ටිකක් දුර ගිහින් ආයෙත් හැරෙන්න බෑ. තේරුණා නේ?' මං ඔව් කියන්න ඔලුව වැනුවා. 


              මොනවා කියලා මට බැන්නත් කට්ටිය ගියේ මං ගැන අවංක ආදරයක් , අවංක දුකක් හිත් වල ඉතුරු කරගෙන කියලා මට එයාලගේ ඇස් වලින් තේරුනා.

              යාලුවෝ ගියාට පස්සේ ආයෙත් ඇවිත් ටීවි එක ඔන් කරගත්තේ සුපුරුදු කාර්ටූන්ස් ටික බලන්න. ඒත් ටීවි එක ඉස්සරහ හිටියට මං කාර්ටූන්ස් බලලා නෑ කියලා මට තේරෙනකොට පැයක් විතර ගිහින්. හිත තිබුණේ වෙන කොහේදෝ ලෝකෙක. ප්‍රශ්න වලින් පිරුණු ලෝකෙක. ජීවිතෙත් මහා පුදුමාකාර වන්දනාවක්. මේ ඊයේ පෙරේදා වෙනකන් කාර්ටූන්ස් බල බල සතුටෙන් , සැහැල්ලුවෙන් ජීවිතේ වින්ද  විශ් කෝ දැන්?  බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී කියන්නේ මේකද?

*****

              මං කොයි වෙලාවේ ඇඳට ඇවිත් නිදගත්තද කියන්න මට මතක නෑ. ඒත් මං ඇහැරුනේ අයියා බෙරිහන් දුන්න නිසා.

              'මොකද ඕයි? මල වදේ' 

              'නැගිටිනවා නැගිටිනවා. නැත්තන් දෙනවා වතුර පාරක්'

              'අනේ මේ.... කිව්ව කියලා හිතා ගන්නවා. මොකද?' සිරාවටම මල පැනලා මං නැගිට්ටේ.

               'අද විනූ ආවද?' අයියා මගෙන් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. ආ..... එහෙනම් ඒකයි මේ.

               'ඔව් .ඇයි?' මං නිකන් බබා වගේ ඇහුවේ.

               'ඇයි අහන්නේ. මට කිව්වේ නැත්තේ ඇයි? කිව්ව නම් මං ගෙදර ඉන්නවනේ'

               'අනේ මේ අයියා. විනූ ආවේ මාව හම්බ වෙන්න. මගේ යාළුවා විදියට මිසක් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට නෙමෙයි. අනික තමුන් ඊයේ කිව්ව නොසන්ඩාල කතාව නිසා ඔයාලට උදවු කරන එක මං තාවකාලිකව අත්හිටෙව්වා'

               'මොන කතාවද?' 

               'මතක් කරලා බලන්න. ඊයේ කෑම කනකොට කිව්වේ' අයියා තඩි ප්‍රශ්නාර්තෙකුත් මූණේ අලවගෙන හෝ ගාල මතක් කරනවා.

                'මතක නැද්ද? නැත්තන් කාමරේට ගිහින් පාඩුවේ මතක් කරනවා. දැන් මට නිදිමතයි. යනවා යනවා' මං ආයෙත් නිදා ගන්න හදන ගමන් කිව්වා. අයියා කටවහගෙන කාමරෙන් ගියේ කතාව මතක් වුණ නිසා වෙන්න ඇති. ඒත් මට ආයෙත් නිදිමතක් නම් තිබුණේ නෑ. මට ඕනේ කරලා තිබුණේ ටිකක් මගේ පාඩුවේ ඉන්නයි. රැවුල ගිනි අරන් තියෙන වෙලාවේ මෙයා එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න..

                 මං ස්ටූල් එක උඩ තිබුණු ෆෝන් එක අතට අරගෙන මහිමගේ නම්බර් එක බැලුවා. හ්ම්... මොබිටෙල් එකක්. මගෙත් මොබිටෙල්. රින්ග් කට් එකක් තියනවද ? නැද්ද? අපේ කස්ටිය නම් කිව්වේ ඉස්සෙල්ලම රින්ග් කට් එකක් තියල බලන්න කියලයි. එයාගෙන් රිප්ලයි රින්ග් එකක් එනකන් රින්ග් කරන්න කිව්වා. එතකන් sms කොටන්නත් එපා කිව්වා.හ්ම්... මොකද කරන්නේ? මං හෝ දහය විස්ස ගැනලා බැලුවා ආවේ රින්ග් කරන්න කියලයි. ඉතින් මං මහිමගේ නම්බර් එකට ඩයල් කරා. ඊළඟ තත්පරේ ආයෙත් කට් කරා. ආයෙත් ගත්තා.. ආයෙත් කට් කරා. ඔහොම දහසැරයක් විතර කරා. බයයි අප්පා රින්ග් කරන්න. කතා කරලා බැන්නොත් එහෙම. අපේ අය නම් කිව්වේ කෝල් කරොත් ආන්සර් කරන්න එපා කියලා. කටහඬ අඳුර ගත්තොත් ගිනි විජ්ජුම්බරයයි නේ. මොනවා වුනත් මෙච්චර කාලෙකට ෆෝන් එකෙන් මේ වගේ හොර වැඩක් කරලා නැති නිසා හරි බයයි. 


                   වෙලාව 7ත් පහුවෙලා. රෑට කාලම මහිමට රින්ග් එකක් තියනවා කියල හිතාගෙන මං එලියට ආවා. අම්මි ඇවිල්ලා උයන්නත් පටන් අරගෙන. ලොකු අම්මිලාගේ ගෙදර විස්තර අහන්න මං ටික වෙලාවක් කුස්සියේ නතර වෙලා ආයෙත් ආවේ ටීවී එක බලන්න හිතාගෙන. එනකොට අයියා නිවුස් බලනවා. මාත් පාඩුවේ පැත්තකින් වාඩිවුණා. විනාඩි 10ක් විතර ඉන්න ඇති , ඒත් ඒ වෙනකන් අයියා මාත් එක්ක කතා කරේ නෑ. වෙනදට නම් අපි මෙහෙම ඉන්නේ නෑ. මට මගේ අයියාත් එක්ක තරහ වෙලා ඉන්නත් බෑ. පුංචිකාලේ ඉඳලම ඕනේ දේටයි , එපා දේටයි හැමවෙලේම රණ්ඩු වුණත් ඒ හැමදේකින් අපි දෙන්න අතරේ තිබුණු සහෝදරත්වය තවත් වැඩිවුණා මිසක් කවදාවත් අඩුවුණේ නෑ..එහෙම හිටපු අපි දෙන්න මේ වගේ කතා නොකර ඉන්නවා දැක්කොත් ඒක අම්මිටයි, අප්පච්චිටයිත් ප්‍රශ්නයක් වෙනවා ෂුවර් එකටම. ඊට පස්සේ ඉතින්  පරණ පික්චර් එකක වගේ 'ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ??' කියල ප්‍රශ්න එලෝ කෝටියයි. 

                    මං නෙ තරහ ගිහින් අයියට පාර්ට් එකක් දැම්මේ , ඒ නිසා මං ම කතා කරනවා කියල හිතාගත්තා. 
                   'මොකෝ අයියා මේ පාර ඔයාලගේ sports meet එක කලින් තියනවද?' හිතලා හිතලා පොටක් හොයා ගත්ත කතා කරන්න.

                   'ලබන පෙබරවාරි වල තියෙන්නේ' ඔන්න ඕනෙවට එපාවට වගේ උත්තර දුන්නා. Something is better than nothing නෙ කියල හිතලා මාත් වැඩේ ඇත ඇරියේ නෑ.

                   'ඉතින් පෙබරවාරි නම් මේ දෙසැම්බර් නිවාඩුවෙත් ප්‍රැක්ටිස් තියෙන්නේ?'

                    'එතකොට ලේසි'

                    'හ්ම්.... ඔයාලගේ ප්‍රින්සිපල් සර් මරු නේද? ඉස්කෝලේ දියුණුවට මාර වැඩ ගොඩක් කරනවා නෙ?' අප්පට සිරි අයියගේ ඇස් දෙක දිලිසෙනවා නිකන් ජිල්බෝල දෙකක් වගේ. දැන් ඉතින් මෙයාගේ කතා පෙට්ටිය ආයෙත් වහනවා බොරු.. ඉස්කෝලේ ගැන කවුරුඅරි හොඳක් කතා කරොත් මෙයට ඊට වැඩ දෙයක් නෑ..
                    දැන් ඉතින් ඔන්න මෙයාලගේ මුළු sports meet එක ගැනම මට හෙන විස්තරයක් කිව්වා. මං ඉතින් හරි උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා වගේ හිටියට මොකද මට ඒ කිසි දෙයක් මතක නෑ. එයාලගේ දේවල් වලින් මට වැඩක් නෑනේ.කොහොමින් කොහොමහරි අයියා පුරුදු ට්‍රැක් එකටම ගන්න ඒ කතාවෙන් පුළුවන් වුණා. නැත්තන් මට අද හරියට නින්ද යන එකකුත් නෑ. මොනවා වුණත් මං මීට පස්සෙනම් අයියට හවස කතා කර වගේ කතා කරන්නේ නෑ කියල හිතා ගත්තා.

*****

                   රෑට කෑවේ අම්මිගේ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න වෙන නිසා මිසක් කැමැත්තකින් නම් නෙමෙයි. කාමරේට ආවට පස්සේ facebook යන්න ඕනේ කියල හිතුනත් අන්තිමේට ඒකත් කම්මැලි වැඩක් නිසා ඒ අදහසත් අතැරලා දැම්මා. අනික දැන් බැරිවෙලාවත් මහිම online හිටියොත් එහෙම තව ටිකකින් මං කරන්න ඉන්න වැඩේට ඒක බලපෑමක් වෙයි කියල හිතුණා. 

                   හවස ගිය වෙලාවේ ඉඳල යාලුවෝ පැය බාගෙන් බාගෙට මට මැසේජ් කරනවා. මහිමට රින්ග් කරද අහලා. නෑ කිව්වම ඉතින් රටේ තියෙන ඒවගෙන් අහගන්නවා. හොඳටම බනිනවා. ඒත් ඉතින් මං බයයි නම් මොනවා කරන්නද අප්පා. 

                  වෙනද වගේ නිදිමතකුත් නෑ. ඒ හවස නිදාගත්ත නිසාද ,එහෙමත් නැත්තන් හිතේ කලබලේ නිසාද කියන්න මට තේරෙන්නේ නෑ. මං මේ මොනවද කරන්නේ? මං කරන දේවල් හරිද? මගේ හිත යකාගේ කම්මල වගේ වෙලා. හිතලා හිතලා ඔලුවත් අවුල් වෙනවා.සඳුටත් මැසේජ් කරලා ඇහුවා. 

                  අන්තිමේදී හිතුව මහිමට රින්ග් කරලම බලනවා කියලා. ආයෙත් ෆෝන් එක ගත්ත අතට. හොයාගත්ත මහිමගේ නම්බර් එක. ඩයල් කරා. රින්ග්ස් යන්න කලින් කට් කරා.රී ඩයල් .. කට් .... රී ඩයල් .. කට්.... රී ඩයල් .. කට්... අප්පෝ මේක හිතන තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. මීට වඩා ලේසි වැඩක් නැද්ද කියලා මං ආයෙත් හොඳට කල්පනා කරා. මීට වඩා ලේසි වෙයි මහිමට කෙලින්ම මේ දේවල් කිව්වා නම්. ඒත් ඉතින් මං එහෙම කෙලින් කියයි කියලද? මොනවා උනත් සාම්ප්‍රදායික ගෑනු ගතිය නිසා ඒ තීරනෙට හිත නමන්න මට බෑ. 

                   මං ආයෙත් හෝ දහය විස්ස ගැනල බැලුවා..  ම්හු... ඒක හරියන්නේ නෑ.. 'සීගිරියේ ගල මුදුනේ කොක්කු ජෝඩුවක්' විදියට ගණන් කරලා බැලුවා..ඒත් නිකන් හිතට හරි නෑ හරි නෑ  වගේ... ඊට පස්සේ ආනා රූනා රූන කටුස්සා ගැනල බැලුවා... ඒත් වැඩක් නෑ.. අන්තිමේදී තවත් කල්පනා කරලා මේ පාර නම් රින්ග් කරනවා කරනවාමයි කියලා හිතුවා. 

'Calling Mahima' ඔව්... මං ඩයල් කරා. ඒත්...... ඒත්..... මට හිතන්නවත් අවස්ථාවක් නොදී එහා පැත්තෙන් කෝල් එකට ආන්සර් කරා. 

      ' Hello ' මහිමටම ආවේනික ඒ හුරතල් කටහඬ එහා පැත්තෙන් මට ඇහෙනවා. දෙයියනේ... දැන් මොකද කරන්නේ??බයවුණු තරමේ හැටියට මට හුස්ම ගන්නවත් බැරිවුණා. කටේ කෙලත් හිඳිලා.

      'Hello' දෙවෙනි පාරටත් මහිම කතා කරා. මොකද දැන් කරන්නේ? ඒ හුරතල් හඬ ඇහෙනකොට කට් කරන්නත් ලෝබයි. ඒත් කතා කරන්නත් බයයි.

      'Hello කවුද මේ? ඇයි කතා කරන්න බැරි? කට සාක්කුවෙද?' අම්මෝ ඔන්න ඒ පාර නම් ඒ හඬේ හුරතල් ගතිය නැතිවෙලා නපුරු වුණා.


      'මහා රෑ ජාමේ උඹලට නින්ද යන්නේ නැතිවුණාට මං පලිද යකෝ?' මහිම ඇහුව විදියට මගේ ඉහින් කනින් දාඩිය මතුවුනා. හොඳටම තරහ ගිහින්. තව මොනවා මොනවා කියයිද දන්නේ නෑ. ඒ නිසා ඊළඟට වැඩිය නොහිතාම මට කතා කරන්න සිද්දවුණා.

     'මහිම' ගොත ගැහෙන්න නොදී ඒ වචනේ මං අමාරුවෙන් කියාගත්තා.

     'කවුද මේ?' ඊළඟට මහිම කතාකරේ හරි හිමීට. එයාගේ තරහ පාලනය වුණා කියලා මට තේරුණා. ඒත් දැන් ඒ කටහඬේ තියෙන්නේ කුතුහලයක් කියලත් මට නොතේරුණා නෙමෙයි. ඊළඟට මං කතා කරන්න කලින් ආයෙත් මහිම කතා කරා.

'විශ්මි ඔයා?' මහිම ඇහුවේ ලොකු පුදුමෙකින්. එයා මගේ කටහඬ අඳුර ගත්තා. දැන් මං මොනවද කියන්නේ? 

31 comments:

  1. ඔන්න මම අදයි මේ පැත්තට ආවේ. මම තමයි මේ කොටස මුලින්ම කියෙව්වේ ..හුරේ.. මුල ටිකත් කියවල එන්නම් ....

    ReplyDelete
  2. අම්මෝ මේ ආදරේ දුවන්නේ යාලුවෝ හන්දා කියලා වෙලාවකට මට හිතෙනවා. යාලුවෝ හදන්නේ ඔයාට හොදක් කරන්න කියලා මේ විශ් ට තේරෙන්නේ නැද්ද අප්පා. :)

    ඒක නෙමෙයි ඔයාට තිබ්බෙඋ 'අපේ මමී කොළඹ ගිහින් කිරී පණි ගෙනල්ලා' කියන විදිහට ගනින්න.

    මහිමට ඔච්චර බය ද.... :)
    ඔයාට අයියෙක් ඉන්නවැයි කියලා හිතුනට අයියෙක් නෑ කියලා මම් කොහෙද මන්දා කමෙන්ට් එකක දැක්කා.

    ඉතින් ඊට පස්සේ ........

    ReplyDelete
  3. දැන් හරිනේ?
    ඔය කරලා තියෙන්නේ
    දැන් මොකෝ කරනේ?

    ReplyDelete
  4. ඉල්ලන් කාලා වගේ

    ReplyDelete
  5. ඉල්ලන් කාලා වගේ

    ReplyDelete
  6. @වර්ණා :හි හි... ඉතුරු ටිකත් කියවලම එන්නකෝ .. ස්තුතියි යාලු.. :) :)

    @මධූ අයියා : කොහොමත් ගොඩක් කස්ටියගේ ආදරේ දුවන්න යාළුවො නේ ලොකු වැඩ කොටසක් කරන්නේ නේ අයියා?
    අප්පෝ කොල්ලෝ කොහොමත් නපුරු විදියට කතා කරනවට ගෑනු ළමයි බයයි...
    ඔව් අනේ මට අයියා කෙනෙක් නෑනේ. සයුරි අක්කිගෙ පොස්ට් එකක දකින්න ඇත්තේ. ඉතුරු ටික පස්සේ කියන්නම්කො... හි හි..

    ඒක නෙමෙයි අයියා 'අපේ මමී කොළඹ ගිහින් කිරී පණි ගෙනල්ලා'... ඒ මොකද්ද ? මං අහල නෑනේ... :D :D

    ReplyDelete
  7. @මහිම මදුරංග : ඒකනේ බලන්නකෝ.. ඊළඟට බලමුකෝ මොකෝ කරන්නේ කියලා. ඒක නෙමෙයි මේ මහිම හරි නපුරුයි හලෝ... ඔය මහිමත් එහෙමද දන්නේ නෑ.. :) :)

    @ශානු: ඒකනේ .... ඉල්ලගෙන කාල තියෙන්නේ එසේ මෙසේ කෑමක් නෙමෙයි.රජ කෑමක්.. :P :)

    ReplyDelete
  8. ආනා රූනා රූන කටුස්සා,.. හිකිස්,.. මම නම් ඒ වගේ වෙලාවට අදාල පුද්ගලයගෙ සම්පූර්ණ නමම එකින් එක අකුර ගානේ කියලා තමයි ඔය වගේ දේවල් තෝරන්නේ,.. ඔයාටත් තිබුනේ ම, හි, ම,.. etc etc විදියට තෝරන්න... හිකිස්,.. ලස්සනයි නංගෝ, අපි බලමුකෝ වෙන දේ,. :)

    ReplyDelete
  9. අනේ පිස්සුද හලෝ
    මම හරි හොදයි
    මම ඇල් වතුරත් නිවල බොන ජාතියේ කෙනෙක් නේ

    ReplyDelete
  10. @ප්‍රාර්ථනා අක්කි : මං ඒ ක්‍රමේ දැනගෙන හිටියේ නෑනේ... මීට පස්සේ කරලා බලන්නම්කෝ.. ස්තූතියි අක්කියෝ.. :D :D

    @මහිම මදුරංග : එහෙනම් එල ඈ.... :D

    ReplyDelete
  11. මමත් හිටි ගමන් ඔය වගේ වැඩ කරන්න කලින් ගණන් කරලා බලනවා,,, හික් හික්.... නියමයි,,, යකුනේ දැන් මොනාද ඒ කොල්ලට කියන්නේ,,,, මේ නිකන් වැරදිලා එබුන කියන්න තමයි වෙන්නේ,,,

    ජය...

    ReplyDelete
  12. හිතුමතේ ගොඩාක් ආසාවෙන් කියවනවා.. ආදරේ සුන්දර වරදක්ලුනේ.... ජයවේවා.. ආදරේට.... දිනපු ආදරයක් කියවන්න ලැබෙනකොට අමුතුම හැගිමක් දැනෙනවා.... සුන්දරයි......

    ReplyDelete
  13. ඒ මොකක්ද අයිස් 'සීගිරියේ ගල මුදුනේ කොක්කු ජෝඩුවක්' ක්‍රමේ?
    මං ඒක දන්නේ නෑනෙ අප්පා.......
    පට්ට පදිරි වැඩක්නෙ වෙලා තියෙන්නේ.
    දැන් ඉතින් කාලා වරෙන්කෝ.. හිකිස්

    ReplyDelete
  14. ඇතිනේ ටොපිය... කාලා වරෙන්කෝ දැන්...
    ලස්සනට ඉල්ලන් කාලා තියෙන්නේ ලුණු නැති පරිප්පුව...
    දාමු දාමු ඉතිරි එපිසෝඩ් එකත් ඉක්මනට..

    ReplyDelete
  15. shah,, vishmi hari forward girl kenek wage ne,, ane apoy man nam plaweni hello eke ahuna gaman cut karay bayateme :P hehehe keep writing akki .. take care <3

    ReplyDelete
  16. අපෝ..ඔය කරගෙන තියෙන්නේ...මෝඩි :-\

    ReplyDelete
  17. @ගයාන් අයියා : ඒක තමයි අයියා.. අපි බලමිකෝ මොකද කරන්නේ කියලා... ස්තුතීයි අයියා.. :) :)

    @අයි කෙ : ඉල්ලන් කාවේ නැත්තන් විශ් කතා කරන්නේ නැතිවෙයි කියලා හිතුන නේ?? :) :)

    ReplyDelete
  18. @හිතුමතේ : විශ් තාම එයාගේ ආදරේ දිනලා නෑ හිතුමතේ ... ස්තුතියි යාලුවා.. :) :)

    @මිතුරු : ඒකනේ ... ස්තුතීයි මිතුරු...ඒකත් අර හෝ දහය විස්ස වගේ, හැංගිමුත්තන් කරනකොට ගණන් කරන විදියක්. මට මතක හැටියට නම් මෙහෙමයි.

    'සීගිරියේ ගලමුදුනේ කොක්කු ජෝඩුවක්..
    ඔලුව ජපන් , ඇඟ ජර්මන් , කකුල් ඉතාලී..
    අපේ අක්කගේ දත් සෙට් එක රට අඹ ලෑලී..
    ටකන් ටිකන් ටුකන්... ..'

    (ඉස්සර ඕක කිව්වම අපේ අක්කිට ගොඩක් තරහ යනවා.. හිකිස්..)

    ReplyDelete
  19. @නෝටියා : ඒකනේ කාල වරෙන්කො.... ඉක්මනට ලියනවෝ.... තැන්කූ කිව්වා.. :)

    @Glimmer Girl : හෙහෙ..ඒකනේ.. අපි බලමුකෝ විශ්මිගේ තරම.. ස්තුතීයි නංගා.... :) :)

    ReplyDelete
  20. @සයුරි අක්කි : ඒකනේ බලන්නකෝ මේ මෝඩි කරගෙන තියෙන වැඩේ... හි හි.. ස්තූතියි අක්කියෝ... :) :)

    ReplyDelete
  21. ඔන්න ඉල්ලගෙනම කාලා...කාලා කියන්නෙ නාලලා වගේ....

    ReplyDelete
  22. හෆෝ මෝඩි....
    දැන් කාලා වරෙන්කෝ...
    අර අතිජාත මිත්තරයෝ කියපු ටික ඇහුවේ නෑ...දැන් උත්තර බැඳහංකෝ....
    ඕන්න ඔහොමයි කෙල්ලෝ ...අර කොල්ලගේ හුරතල් කට හඬ ඇහුවම ඔක්කොම ලොක් වුණා නේ...?
    දැන් ඉතින් ඔය පටං ගත්තු එක දිගටම මල් ගස් පිටිං ගලවහං!
    හච් මල් සිම් එකකුත් දාගෙන මල් කඩන්නට මගෙන් උණුසුම් සුබ පැතුම්!
    ඉදිරියට අපිට දෙන්නගේ පැණි හැලෙන් හැටි බලාගන්න පුළුවං එහෙනං..

    ReplyDelete
  23. ලස්සනයි.... කතාව ගොඩක් තවත් ලස්සනට ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි සේරටම කමෙන්ට් කළේ නෑ...අවසාන එකට විතරයි කමෙන්ට් කළේ එත් කතාව නම් කියෙවුවා සේරම

    ReplyDelete
  24. ya ya...godak ayata aadare ahimi wenawa katha nokarana hinda..

    ReplyDelete
  25. @නිසූ අක්කි : නාලා කියන්නේ පට්ට කැත විදියට නාලා.. හි හි..

    @ගලයා : හි හි.. මේවගේ මෝඩියක් නේ?? මල් කඩන , පැණි හලන හැටි බලමුකෝ.. තැන්කු වේවා!!

    ReplyDelete
  26. @දිනේෂ් සංජය : ඒකට කමක් නෑ සහෝදරයා. මේ එක කමෙන්ට් එකත් වටිනවා මට ගොඩක්.. ස්තූතියි.. :) :)

    @අයි කෙ : අත්දැකීමක්ද මන්ද? මොන වුණත් කතාව නම් ඇත්ත... :)

    ReplyDelete
  27. ලස්සනට ලියල නංගි...වෙනද වගේම. ඕනවට වඩා soppy නොකර හිනාත් යන විදිහට ඔයා ලියන නිසා කියවන්න චුට්ටක්වත් boring නැහැ.

    ReplyDelete
  28. @අමා : ගොඩක් ස්තුතියි අමා අක්කියෝ.... :-bd

    ReplyDelete
  29. heheh.. magemath nemei.,,..mage yaaluwekge..mage wage thamai ithin.. :D

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)