එදා මහිම විශ්මිගේ කටහඬ අඳුර ගත්තනේ... අද එතැන් සිට.. >>>
_____________________________________________________
'ඇයි කතා කරන්නේ නැත්තේ? විශ් මේ ඔයා නේද?'
'ඔ..ඔව්..' මං අපැහැදිලි හඬකින් උත්තර දුන්නා.
'කොහෙන්ද මගේ නම්බර් එක?' ඒ ටික ඇහෙනකොට නම් මගේ කණ සීතල වෙලා ගියා. දැන් කොහොමද මේ දේවල් කියන්නේ? මං මේ මොන මෝඩකමක්ද කරගත්තේ? ෂිට්... මට කතා කරගන්න බැරි තරමට මං කලබල වෙලයි හිටියේ. කොටින්ම හුස්ම ගන්න පවා අමාරුවක් දැනුණා. කවදාවත් මීට කලින් මේ වගේ අවස්ථාවකට මුණ දීලා නැති නිසා මොනවද කරන්න ඕනේ කියල හිතාගන්නත් බෑ..
'ඇයි විශ්, ඔයා කතා කරන්නේ නැත්තේ? මොනවටද කතා කරේ? හදිස්සියක්ද?' ඒ පාර නම් මහිම බය වෙලා. මේ ටිකටම මං කතා කරේ දෙපාරයි. එයාට දැන් මගෙන් ප්‍රශ්න අහලම එපා වෙලා ඇති. හදිස්සියෙවත් තරහ වෙලා ෆෝන් එක තිබ්බොත් මොකද කරන්නේ?
'කතා කරනවා විශ්. මොකද වෙලා තියෙන්නේ?' මහිම අහපු විදියට බයවුණු මම ඉද්ද ගැහුවා වගේ ඇඳේ වාඩි වුණේ දාඩියත් පෙරාගෙන. කලුවරේම අතපත ගාලා ස්ටූල් එක උඩ තිබුණු වීදුරුවෙන් වතුර උගුරු දෙක තුනක්ම බීලා ෆෝන් එක අරගෙන ඩයල්ඩ් නම්බර්ස් බැලුවා. මහිම ෆෝන් එක කට් කරලවත්ද? ටිකක් වෙලා වුණේ මොනවද කියල කල්පනා කරනකොට තමයි මතක් වුණේ. හයියෙන් හිනාවක් යන්න ගියත් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා. අම්මිලාට ඇහුනොත් මොනවා නොහිතයිද? මං හිතන්නේ ආනා රූනා ගණන් කර කර ඉන්නකොට මට නින්ද ගිහින්. අම්මෝ................. කොහොමද හීනෙක තරම. සෙට් එක දැනගත්තොත් මං වසල හමාරයි. මාසයක් බයිට් වෙන්න පුළුවන්.
*****
වැඩි විශේෂයක් නැතුව දවස් තුන හතරක්ම ගෙවිල ගියා. නිකන් ඇදගෙන නාන්න ආසාවක් නැති නිසාම අර හීනේ ගැන යාලුවන්ට කිව්වෙත් නෑ.. ඒ වගේම මහිමට ටෙක්ස්ට් කරන එකත් අමතක කරලා දැම්මා. කැමැත්තකින් නම් නෙමෙයි. හීනෙන් දැකපු දේවල් ඇත්තක් වුණොත් කියල පුංචි බයක් තිබුණු නිසා. හැබැයි ඒ මොන දේ වුණත් fb එකෙන් මහිමගේ අලුත් විස්තර බලන එක නම් අමතක කරේ නෑ. ලොග් වෙන හැමවෙලාවකම මහිමගේ ප්‍රොෆයිල් එක බලන එකත් පුරුද්දක් බවට පත්වුණා. මහිමව අමතක කරන එක ගොඩක් අමාරු දෙයක් කියලත් මං තේරුම් අරගෙන්න හිටියේ. බැදීම් කියන්නෙත් හරි පුදුම දේවල්. හේතුවක් ඇතුව වගේම , නැතුව වුණත් බැදීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හේතුවක් ඇතිව හෝ නැතුව ඒ බැඳීම බිඳිලා යන්නත් පුළුවන් කියල මං දැනගෙන හිටියා. බැඳීම් දුකයි තමයි. ඒත් අපි ඇලෙන්නෙම ඒ දුකේම වුණ එකත් හරි පුදුම දෙයක්.
සතියකට විතර පස්සේ මං නොහිතපු දෙයක් සිද්දවුණා. මේ නිසා මගේ තීරණ ගැන තව පාරක් හිතන එකේ හදිසි අවශ්‍යතාවයක් දැනුණා. බ්‍රහස්පතින්දා දවසක්. මේ අවුරුද්දේ අන්තිම සතිය. සුපුරුදු පරිදි අප්පච්චි වැඩට ගියාට පස්සේ අයියත් ඉස්කෝලෙට ගියා. පොර මේ දවස්වල හෝ ගාලා sports meet එකට බැහැලාම වැඩ. ඒ නිසාම දවස් දෙකක් විතර ක්ලාස් එකත් කට් කරගෙන තිබුනා. අම්මිගෙන් එලෝ කෝටියකට බැනුම් ලැබුණත් පොර නෙමෙයි කණ හරියකටවත් මායිම් කරන්නේ. පස්ස කඩපු කඩියා වගේ එහාටයි මෙහාටයි දුවනවා. ඔන්න එදත් පොර උදේ පාන්දරම අතුරුදහන් වුණා ඉස්කෝලෙට යන්න.. දවල් වෙනකොට මට තද ඔලුවේ කැක්කුමක් හැදිලා හිටියේ.. අලුත් අවුරුද්දක් එන නිසා ගෙදරට බඩු ගෙන්න යන්නකොට මාවත් එක්කගෙන යන්න තමයි අම්මි හිතාගෙන ඉඳල තියෙන්නේ. මටත් ගෙදරම ඉඳල ඇති වෙලා තිබුණත් ඔලුව රිදෙන නිසා අම්මි මාව එක්කගෙන ගියේ නෑ. මාත් ඉතින් අම්මි ගියාට පස්සේ ටීවී එකත් ඔන් කරගෙනම වාඩිවෙලා හිටියා. එත් ටීවී බලනකොට ඔලුව රිදෙන එක වැඩි වෙනවා වගේ දැනුණු නිසා ටීවී එක ඕෆ් කරලා දැම්මා. ඒත් මං පුටුවෙන් නැගිට්ටේ නෑ..
ටිකවෙලාවකින් පාර පැත්තේ ඇහුණු කටහඬවල් කීපෙකුත් එක්ක ගේට් එක ඇරෙන සද්දේ මට ඇහුනා..ජනෙල් රෙද්ද අයින් කරලා බලනකොට අයියා එනවා තව කොල්ලෝ ටිකකුත් එක්ක. අප්පෝ අපේ මනුස්සයා ඔහොමමයි. හැමවෙලේම කාවහරි ඇදගෙන එනවා ගෙදරට. ගේට් එක ළඟ ඉඳල ගෙදරට ටික දුරක් තියෙන නිසා එයාල ගේ ඇතුලට එන්න කලින් මට කාමරේට රිංගගන්න පුළුවන් වුණා. ඔන්න කට්ටිය හිනා වේවි ගේ ඇතුලට ඇවිත් ඉඳ ගත්තා.. මං කාමරේ හිටයට කණ තිබුනේ සාලේ.
'ඔහොම හිටපන්කෝ. මං එන්නම්' අයියා එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා. අම්මිව හොයන්න යන්න ඇත්තේ. එය දන්නේ නෑ නේ අම්මි ගෙදර නෑ කියලා. හපෝ... දැන් ඉතින් මේ මාර සේනාවට තේ හදාපල්ලකෝ. ශික්.... මට අපේ අයියාකාරයාගේ කණ අතගාන්න හිතයි.
අයියා ගියාට පස්සේ සාලෙන් කිසි සද්දයක් නෑ.. මට හොරෙන් කාමරේ දොර රෙද්ද අස්සෙන් බලන්නත් හිතුණා. කොල්ලෝ දැකල නැතුව නෙමෙයි අනේ. මහිමවත් ඇවිත්ද කියලා දැනගන්න. මං දොර රෙද්දට අත තියන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ අයියා ඇවිත් 'දඩාස්' ගාල හැප්පුනේ නැතැයි මගේ ඇඟේ. අප්පේ..... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
'ඇයි?' අයියා ඇහුවේ ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන.
'මං එලියට එන්න හැදුවේ' අයියාට සැක හිතෙන්න කලින් මං කිව්වා.
'කෝ අම්මි?'
'අම්මි ටවුන් ගියා අයිය. මගේ ඔලුව රිදෙනවා'
'හ්ම්... මුන්ට මොනවත් බොන්න දෙන්නේ කොහොමද? මං තේ හදන්නද?' අඩේ අප්පා... මේ ඊයේ පෙරේදා වෙනකන් හොටු පෙරාගෙන හිටි එකා කවද්ද තේ හදන්න ඉගෙන ගත්තේ.
'අනේ අනේ මේ... කමක් නෑ මං හදන්නම්. කීදෙනෙක් ඉන්නවද?' ඔය අස්සේ එළියේ හිටිය කට්ටිය එක එක කතා. මට ඇහුනේ වෙනදා එන අයියගේ යාලුවෝ ටික ගේ කටහඬවල් ටික විතරයි.
'එකොළහක් ඉන්නවා. මං වතුර තියන්නම්. වතුර උණු වුනාම ඔය ගිහින් තේ හදනවද? බිස්කට්වත් තියෙනවද?'
'ක්‍රීම් ක්‍රැකර් තිබ්බම ඇති නේ?'
'හා හා...' කියාගෙනම අයියා කාමරෙන් එලියට ගියා.
'උඹල කන්න බලාගෙන ආවට වැඩක් නෑ හොඳේ. අම්මි ගෙදර නෑ.' අයිය එලියට ගිහින් කිව්වා.
'අපෝ.... ඇයි කෝ විශ්මි නංගිත් නැද්ද? එයාට උයන්න කියපන්කො'. අපේ අයියගේ හොඳම යාළුවා ගිහාන් අයියා කියනවා මට ඇහුණා. ඔය බලපල්ලකො අනුන්ගේ ගෙදරකට ඇවිත් මුන් කියන කතා.
'මෙයා ඉව්වොත් ඉතින් මචං..... උඹලට ඉන්න වෙන්නෙම ටොයිලට් එකේ තමයි.' අපේ අයියා කිව්ව නොහොඹිනා කතාව නිසාම මට මහිමගෙන් ඇස් අයින් කරගන්න සිද්දවුණා. නැත්තන් ඉතින් මට ඕනේ තරම් වෙලා මහිම දිහා බලාගෙන ඉන්න පුළුවන්.
'අනේ ඔව් ඔව්.. එහෙනම් ඉතින් මං තේ හදන්නෙත් නෑ. ඔයාලට ඕනේ නම් මධුක අතින් තේ හදාගෙන බීල බලන්නකෝ. ටොයිලට් එකෙන් නැවතුනොත් ඇති' මාත් අයියව කපලම දැම්මා.
'අපෝ... මොනවද යකෝ'
'නොදකින් ඇත්තද මේ කියන කතා?' කස්ටිය එකතුවෙලා අයියව බයිට් කරන්න පටන් ගත්තා. කුම්භලා මාළු කෑවා නම් ඉතින් විඳවපන් බළලෝ කියන්නේ ඕවට තමයි.
ඔන්න ඔහේ ඕනේ මගුලක් කියවගත්තදෙන් කියල මං ආයෙත් කාමරේ ඇතුලට ආවා. දැන් ඉතින් කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අම්මේ..... නොදැකපු දවස් ටිකට මහිම වෙනස් වෙලා තියෙන තරමක්. හිතේ සතුටට ෆේස්බුක් status එකක් අප්ලෝඩ් කරන්නත් හිතයි. ඒත් ඉතින් අපේ අයියා මොබයිල් ෆේස්බුක් ඇක්ටිව් කරලා නිසා දැන් ඕක දැක්කොත් එහෙම මල ජංජාලයයි. ටික වෙලාවකින් කට්ටිය උඩට යනවා ඇහුණා.
'මහිම අපේ ගෙදර ආවා' කියලා සඳුට මැසේජ් එකකුත් යවලම මං කුස්සියට ආවේ තේ හදන්න. සඳුලා කලබල වෙලා අපේ ගෙදර දුවගෙන එයිද දන්නෑ කියලත් හිතුණා ඔය අස්සෙම. පීරිසි කෝප්ප කට්ටල දෙකක්ම හෝදන්න මට සිද්දවුණා. ඇයි අප්පා එකොලොස් දෙනෙක් නේ. මං තේ හදල ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට කුස්සියට ටිකක් එහායින් කවුරුහරි කතා කරන සද්දයක් ඇහුණා..
'ඇයි?'
'වැඩකට ඇවිත් ඉන්නේ' කතා කරනවා ඇහෙන්නේ එක්කෙනෙක්. ඒ කියන්නේ කවුරුහරි කෝල් එකක.
'මං මේ ඉස්කෝලේ වැඩක්'
'බෑ'
'කිව්වනේ දැන් එක පාරක්'
'අනේ මේ කියන දේ තේරෙන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ' ඒ කවුරුහරි නෙමෙයි මහිම කියලා හිතෙනකොට කුස්සියෙන් ඔලුව දාලා එය දිහා බැලුනේ මට ඉබේටම වගේ.
'මේ....' මාව දැකලා එයා ගොඩක් කලබල වුණා කියලා මට තේරුණේ කියන්න ගියදේත් ගිලගෙන ෆෝන් එක කට් කරපු නිසා. මං ආයෙත් කුස්සියට ආවා. හිතේ තිබුණේ ලොකු දෙගිඩියාවක්. කාටද මහිම ඒ කතා කරන්න ඇත්තේ?
'ඔය තේ බොන්න පුළුවන් වෙයි නේද?' හිනාවෙන ගමන් මහිම කුස්සියට ඇවිත් වතුර වීදුරුවක් අරගෙන බීගෙන බීගෙන ගියා. මට හිතෙන්නෙම මහිම ඉන්නේ කලබල වෙලා කියලා. ඊට හපන් මං කලබලවෙලා හිටියේ. ඒත් ඉතින් ඒ කලබලේ මහිමට පෙන්නන්න හොඳ නෑ කියලා මං හිතාගත්තා.
'බීලම බලන්නකෝ' මට හිතුන විදියට නම් මං කිසි වෙනසක් නැතුව උත්තර දුන්නා. මහිම වතුර වීදුරුවත් අතේ තියාගෙනම පැන්ට්‍රි එක උද ඉඳගත්තා.
'ඒක නෙමෙයි විශ්, ඔයා මොනාද කරන්න ඉන්නේ ඒ ලෙවල් වලට?'
'පොඩි දවස්වල ඉඳල කැමැත්තෙන් හිටියේ කොමර්ස් කරන්න. ඔයා?'
'මං නම් කැමති ඒ ලෙවල් නොකරම ඉන්න.. හෙහ් හෙහ්.. ඒත් ගෙදර කට්ටිය කැමති බයෝ කරනව නම්' මහිමට දිගටම කතා කරන්න ඕනේකම තිබුණා කියලා දැනුනත් හිතේ කලබලේ නිසා මට ඕනේ වුණේ ඉක්මනින් එතනින් යන්න. තේ ටික ට්‍රේ දෙකකට තියල මං මහිම දිහාට හැරුණා.
'ඔන්න තේ නම් හදල ඉවරයි. ඔයාට පුලුවන්ද එක ට්‍රේ එකක් ගන්න?'
'හ්ම්... අනිත් එක?'
'මං ගන්නම්'
'එපා. පොඩ්ඩක් ඉන්නකෝ.' කියලා මෙයා අපේ අයියට කතා කරා අනිත් ට්‍රේ එක ගන්න. යකෝ මං ට්‍රේ එකක් අරගෙන පඩි පෙළක් නගින්න දන්නේ නැති කෙල්ලෙක් කියලා මෙයා හිතනවද? ඒත් අයියා පහලට ආවට පස්සේ නම් මහිමට හිතෙන්න ඇති මං ම තේ ටික ගෙනිච්ච නම් හොඳයි කියලා. අයියා ඇවිත් බලපු බැල්ම නම් මට ඇල්ලුවෙම නෑ. මහිමත් අප්සෙට් වුණා කියලා මට තේරුණා. ඇත්තනේ අයියා බලන්න ඇති මහිම මොකටද මෙතන නැවතුනේ කියලා. ඒත් මුකුත් නොකියම අයියා ට්‍රේ එක අරගෙන මහිමත් එක්ක උඩට ගියා. මං මගේ තේ එක අරගෙන කාමරේට ආවා.. මදැයි කාලෙකින් තේ හැදුවා.....
*****
පැය දෙකක් විතර අපේ ගෙදර හිටිය කට්ටිය යන්න කියලා පහලට එනකොට එච්චර වෙලා කාමරේට වෙලා හිටිය මමත් එලියට ආවා. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි , යන්න කලින් මහිමව ඇස් පුරා දැක ගන්න එක. අනිත් එක , අයියට යම්කිසි සැකයක් ඇති වුණා නම් ඒ සැකේ දුරු කරන එක. හොරා වගේ කාමරේටම වෙලා හිටියොත් අයියා දන්නවා ගොනා හැරුනේ පොල් පලේට විත්තිය. මං ඒ නිසා වෙනසක් නැතුවම එලියට ආවා. අයියත් ආයෙත් මෙයාලත් එක්කම යන්නයි ලෑස්තිය.
'අපෝ මචන්.. මගේ බඩ දඟලනවා බං' අයියගේ යාලුවෙක් කිව්වේ බඩත් අල්ලගෙනම.
'බීපු තේක නිසා වෙන්න ඇති යකෝ' අපෝ... මේ මාව බයිට් ඒකට ගන්න හදන්නේ. මං තරහෙන් වගේ අහක බලාගත්තා.
'මුන්ට පිස්සු නංගි. සිරා තේක නම් මාරු ඈ... ' ගිහාන් අයියා කිව්වම තමයි මං හිනා වුණේ. කස්ටිය ඉතින් මටත් ස්තුති කරලා යන්නම් කියලා හෙන සද්දයක් දැම්මත් එක්කෙනෙක් විතරක් මොනවත්ම නොකියා අනිත් අය කියන දේවල් වලට හිනාවෙන් විතරක් දායක වුණා. කොටින්ම මං දිහා බැලුවෙත් එකම එක පාරයි. ඒකත් හොරෙන් වගේ. ඇත්තටම මහිමගේ මේ නිහඬබව මට ලොකු ප්‍රශ්නයක් වුණා. අපේ අයියා මහිමට මොනවත් කිව්වද කියලා සැකේකුත් නොහිතුනාම නෙමෙයි. ඒත් හැමෝටම පිටිපස්සෙන් ගිය මහිම ගේට් එක වහන්න ආපහු හැරෙන මොහොතේ නම් ලොකු හිනාවක් දාගෙනම බායි කිව්වා. අම්මේ ......... දැනුනු සතුටක්.
මං ගේ ඇතුලට ආව ගමන් කලේ සඳුට කෝල් එකක් අරගෙන මහිමට අර ආව කෝල් එක ගැන සහ අලුත්ම තොරතුරු ටික කියපු එක. ඒ වෙලාවෙත් සඳු බැන්න මට. පණ්ඩිතකම් කරනව කියලා එයාල කිව්ව දේවල් නොකර. ආයෙත් පරණ තීරනේමයි. මන්දහාසි වෙන්න. ඒත් අද නම් හීනෙන් නැතුව හැබැහින්ම මහිමට රින්ග් කට් එකක් තියන්න ඕනේ කියලා මං තරයේම හිත ගත්තා. ඒත් අයියා ගෙදර ආවට පස්සේ තමයි ඒ වැඩේ කරන්න ඕනේ.
හවස අම්මි ආවට පස්සේ තමයි මං දවල්ටත් කෑවේ. අයියා ගෙදර එනකොට හවස හයත් පහුවෙලා. අයියා ඇවිත් ටික වෙලාවකට පස්සේ මං කාමරේට ගිහින් ෆෝන් එක අරගෙන මහිමගේ නම්බර් එක ගත්තා. 'අද නම් ආනා රූනා කරලා වැඩක් නෑ විශ්' කියලා මංම හිත ගත්තා. ඒත් දෙමෝලෙන් පිටි කොටනවා හිත කලබල වෙලා තිබුණේ.. ඔන්න ඔහේ කමක් නෑ. මං මහිමගේ නම්බර් එක ඩයල් කරලා රින්ග්ස් යනවා අහගෙන හිටියා. Ronan Keatingගේ It's amazing තමයි රින්ගින්ග් ටෝන් ඒකට දාලා තිබුණේ. ඒ සින්දුවට ආසවුණත් වැඩි වෙලා සින්දුව අහන්නේ නැතිව කට් කරා. අන්සර් කරොත් කියලා බයේ. කට් කරාට පස්සේ මට මං ගැනම පුදුමයක් හිතුණා. ජයග්‍රාහී ලෙස මං රින්ග් එකක් තිබ්බ එහෙනම් ඈ....... කාටද ආඩම්බර??? මට නේ බොලවු. වෙන මොක ආඩම්බර වෙන්නද. ආ.... ඇයි මගේ අතිජාත මිතුරු කැල. එයාලත් සතුටුවෙයි මගේ වීරකම ඇහුවම..
විනාඩි දහයක් විතර හිටියා.. ම්හු... නෝ රිප්ලයි... තව රින්ග් එකක් තිබ්බා.. තවත් විනාඩි දහයක් විතර හිටියා.. ඒත් නෝ රිප්ලයි. තව විනාඩි පහක් විතර හිටියා. මං හිටියේ එයත් රින්ග් කරයි කියලා බලාපොරොත්තුවෙන්. හ්ම්... ඒත් නෑ... මං තවත් තුන් පාරක් විතර රින්ග් කරත් කිසිම සද්දයක් නෑ. අන්තිමේට මට හිතුණා ඒ වැඩෙනුත් වැඩක් නෑ කියලා... දැන් මොකෝ කරන්නේ කියලා කල්පනා කර කරම තමයි රෑට කන්න ගියෙත්. කාල ඇවිත් මට මේ වුණු සංතෑසියට වගකියන්න ඕනේ ඇත්තියන්ට හොඳවයින් කියලා යවන්න ඕනේ මැසේජ් එකත් මං කන ගමන්ම හිතේ ටයිප් කරගත්තා.
කාල ආව ගමන් ෆෝන් එක අතට ගත්තේ අර හිතේ ටයිප් කරගත්ත මැසේජ් එක ටයිප් කරලා යවන්න. ඒත්... මට මගේ ඇස් අදහා ගන්නත් බැරිවුණා ෆෝන් එක බැලුවම. මහිමගෙන් මිස් කෝල්ස් හතරයි. අම්මේ.. ඒ සතුට පිටින්ම මැසේජ් එකක් ටයිප් කරන්න හිතනකොටම මෙන්න බොලේ මහිම මැසේජ් එකක් එව්වා..
මහිම එවපු මැසේජ් එකේ තිබුණේ මොනවද කියලා ඊළඟ කොටසෙන් බලමුකෝ.. >>>
හම්මේ මෙන්නෝ අලූත් එක දාලා.. ෂිහ්... හීනයක්ද බොල දැක්කේ...
ReplyDelete:)
අයියෝ...හීනයක්ද????
ReplyDeleteශික්... මට මේ කතාවෙ ඔක්කොම කියවගෙන එන්න බැරි ව්උනානෙ..:( ඒකට හේතුව අනේමංදා මට රීඩරේ අප්ඩේට් ව්එන්නෙ නෑනෙ..හුගක් බ්ලොග් එහෙමයි..මොකද මංදා..:( මට මිස් වුනානෙ දැන් හුගාක්..
ReplyDeleteමම කතාව ඔක්කොම ලියලා ඉවර වුනාම කියවනවා.ඊටපස්සෙ කමෙන්ට් කරන්නම්..
අයියෝ ! හීනයක්ද දැක්කේ. ෂික් මට නිකමවත් හිතුනේ නෑනෙ.
ReplyDeleteමේක හරියන්නේ නෑ. හාට් බීට් එක වැඩි වේගෙන එනකොට
කතාව ඉවර වෙනවා. ඊට පස්සෙ හෙන ගේමක් දෙන්න
ඕන ඒක අඩු කරගන්න. ඕං ඉතින් මට හාට් ඇටෑක් හැදුනොත්
ඔයා තමයි ;) :)
හලේ,.. මෝකක්ද අප්පා,. හීනයක්ද දැක්කේ,. කමක් නෑ ,.. මේ දෙවෙනි පාර හීනයක් නෙවෙයිනේ,.ශුවර් එකට මහිම අහලා ඇත්තේ who are you??,. කියලා,.. නේ,.??
ReplyDeleteඅම්මෝ හීනයක් ගියපු දුරක් !!!
ReplyDeleteඒක නෙමෙයි මොකද්ද අර මැසේජ් එකේ තිබ්බේ කියලා දැනගන්නකන් ඉවසිල්ලක් නෑ. මහිම අච්චර රස තේ එක බීලා පොඩ්ඩක්වත් හොදයි කිව්වේ නැද්ද.
ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔයා අර තේ එකට ඉනාවක් දැම්මා නේ. නැත්නම් කෝමද මිස්කෝල් හතරක් තියෙන්නේ.
අනිත් කොයසත් ඉක්මනින් දාන්න...
ReplyDeleteමොකක්ද අලේ මරු තැනකින් නේ නවත්තලා තියෙන්නේ....
ReplyDeleteane apoy man hithuwe atheteme vish mahima ekke katha karala athi kiyala,, maday ithin, ane mahima ewwa msg eke mokakde kiyala dalame post eke end karanam mokak wenawade?? hary narekay akki oya,, dan ithin anik post eke danekan inne epay :( nywy keep writing :D <3
ReplyDeletemagulak karanawa nee
ReplyDeletemenna meyath patan aran hodama thenin kadanna
den hitapahko thawa kalayak balagena SMS eke thibunu dee denaganna
@නෝටියා : ඒකනේ.... හීනයක්නෙ බොල දැකල තියෙන්නේ... හිකිස්.. :P
ReplyDelete@නිසුපා අක්කි : ඒකනේ අක්කෝ... හීනයක් තමයී දැකල තියෙන්නේ.. :) :) :)
@හිතූ අක්කි : අනේ ඒකට කමක් නැතෝ... අක්කිට පහසු වෙලාවක කියවල කමෙන්ට් කරන්නකෝ.. :) :)
ReplyDelete@මිතුරු : අනේ අම්මෝ... මට නම් බැරියෝ ඕවට වග කියන්න.. හිකිස්... හීනයක් නෙ අනේ දැකල තියෙන්නේ.. :)
@ප්‍රර්ථනා අක්කි : ඒකනේ අක්කෝ... නෑ නෑ ..මේ දකින්නේ හීනයක් නෙමෙයි. හි හි.... එහෙමද අහන්න ඇත්තේ? අපි බලමුකෝ..
ReplyDelete@මධුරංග අයියා : හි හි.. ඒකනේ අයියා.. ඒකනේ අඩු තරමේ පොඩ්ඩක්වත් හිනා වෙලා නෑනේ. ඉතුරු එක ඉක්මනට ලියනවා...
ඉනාවක් කියන්නේ මොකද්ද? හිකිස්.. :P :P අනේ ඕං අපි නම් ඕව දන්නේ නෑ.. අපි පොඩි ළමයි. :)
@දිනේෂ් අයියා : පුළුවන් ඉක්මනට ලියන්න උත්සාහ කරනවා අයියේ... ස්තූතියි... :)
ReplyDelete@සයුරි අක්කි : හි හි.. ඒකනේ නේද? විශ්මි හරි නරක ළමයෙක්... හිකිස්.. :P :P
@Glimmer නංගා : හි හි.... එක්කෝ හීනයක් ගැන කියනකොට කලින් කියලා ඉන්න ඕනේ නේද හීනයක් කියලා? :P :)
ReplyDeleteමං නෙමෙයි නංගා විශ් තමයී නරක ළමයා.... :P
එයාට අදට මේ පොස්ට් ඒකට මෙච්චරයි ලු කතාව කියන්න පුළුවන්..හි හි... තෑන්ක් යූ නංගා... <3 :D
@මහිම මධුරංග : හිකිස්... ඒකනේ නේද? මගුලක් කරනවනේ මේ විශ්.... :P :P :)
ReplyDeleteනෑ නෑ.. SMS එකේ තිබුණු දේවල් කියලා ඉක්මනට ඊළඟ කොටස ලියනවා... :)
දැන් නම් කතාව ලස්සනට යනවා. ගොඩ දවසකින් නේ අවේ...ඔය හොඳට ලියනවා නංගෝ..ජය..
ReplyDeleteජය වේවා.....ඔහොම යං...ඔහොම යං.....
ReplyDelete@ක්සැන්ඩර් අයියා : ඔයාට ගොඩක් ස්තුතියි අයියේ... :D :) :)
ReplyDelete@ලොකු අයියා : හි හි... ස්තුතියි ලොකු අයියේ.. :) :)
mara love ekk ne maru maru nangi maka
ReplyDelete