Showing posts with label Set එක සහ රස කතා. Show all posts
Showing posts with label Set එක සහ රස කතා. Show all posts

Friday, December 16

අඹේපුස්ස = The Missing + The Bad Smell

        කම්මැලි අෆ්ෆා.... ගොඩ දවසක ඉඳන් බාගෙට ලියල තිබුණු කතාවක් ඉවර කරලා දාන්න හිතුවා.. මගේ ජීවිතේ අමතක නොවන , රසවත් සිදුවීමක් වුනත් මේ කතාව ලියන්න ඇත්තටම මං බයයි. මොකෝ මං ලියන විදියේ අඩු පාඩුවක් වුණොත් මේ කතාවේ රස නැතිවෙයි කියල බයයි අනේ.. ඒත් අපේ සෙට් එකම මේ කතාව ලියන්න කිව්ව නිසා ලියනවා ඕන්....
        ඔන්න දැන්ම කිව්වා මේ පොස්ට් පොස්ට් එක දිග වැඩි කියලා තේරෙයි.. ගණන් ගන්න එපා ඒ ෆොටෝස් තියෙන නිසා.. :P :P
_______________________________________________

            මං කලින් කිව්වනේ අපේ ක්ලාස් එකේ සෙට් එක ගැන. බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලලා එන්නකෝ.. 
           ඔන්න ඉතින් අපේ ඉන්ෆොටෙක් ඉන්ස්ටිට්යුට් එකේ  අපේ බැච් එක වෙනකන් (මේ සැප්තැම්බර් වෙනකන්) බ්‍රාන්චස් තිබුණා පහක්. නුවර , කොළඹ , ගම්පහ , කුරුණෑගල , කෑගල්ල (දැන් ගාල්ලෙත් තියෙනවා).. මේ බ්‍රාන්චස් පහ අතරේ වාර්ෂිකව පවත්වනවා ලොකු  ක්‍රිකට් තරඟයක්. ISS කියලා.(Infortec Super Sixes) ඔය ඉවෙන්ට් එකට ඉන්ස්ටිට්යුට් එකේ ලොකු තැනක් හම්බවෙනවා. ඉතින් ඒ නිසා අපිට ක්ලාස් පටන් ගත්ත කාලේ ඉඳන් අපි හිටියේ ISS පටන් ගන්නකන් ආසාවෙන්.

           අපිට ඔන්න මැච් එක ගැන පණිවිඩේ ආවා මේ ජනවාරි වල විතර. මැයි වල තමයි මැච් එක තියෙන්නේ. මේ අවුරුද්දේ ලොකුවටම සංවිධානය කරපු නිසා මැච් එකට දවස් දෙකක් යොදාගෙන තිබුණා.  ඉතින් ඔන්න එක බ්‍රාන්ච් එකකින්  ටීම්ස් දෙක ගානේ ඉදිරිපත් වෙන්න කියලත් කියලා තිබුණා අපිට. (අපිට කිව්වට ඉතින් ටීම්ස් වල ඉන්නේ කොල්ලෝ. ගෑනු ළමයි යන්නේ මැච් එක බලන්න විතරයි. ලොල්.. :p).... ඉතින් ඔන්න නුවරින් ටීම්ස් දෙකක් හදාගෙන ප්‍රැක්ටිස් පටන් ගත්ත පෙබරවාරි වල ඉඳල..( ප්‍රැක්ටිස්  හා සම්බන්ධ කතා වෙනත් පොස්ටුවකින් හොඳේ .. :) )

             ටීම් A සහ B... මං කලින් පොස්ට් එකේ කිව්ව මගේ සහෝදරයෝ ටික දෙනෙකුත් හිටිය මේ ටීම්ස් දෙකේ. නෙරා අයියා , මධුවා , චින්ති අයියා , නීලේ , කාංචි සහ 'X' (මේ X ගැන මං කලින් පොස්ට් එකෙත් කිව්වා. ඒත් මේ පොස්ට් එකේ මෙයාගේ ඇත්ත නම හෙළි කිරීම මට තහනම්... ඇයි කියල පස්සේ තේරෙයි). මේ X තමයි A ටීම් එකේ කැප්ටන් හොඳේ. 

            දැන් ඔන්න මැයි මාසේ 7 සහ 8 තිඹිරිගස්යාය පොලිස් ග්‍රවුන්ඩ් එකේ තමයි මැච් එක තියෙන්නේ. දැන් ඉතින් මැච් එක බලන්නත් යන්න එපැයි කස්ටිය. ඒත් දවස් දෙකක් කිව්වම අපේ නුවර ක්ලාස් එකෙන් 100ක් විතර එක්කගෙන ගිහින් කොහේ ඉන්නද??? අනික දන්නවනේ ගෙවල් වලින් එහෙම ලේසියෙන් යවන්නෙත් නෑනේ. ඒ වුණාට ඉතින් අපේ ටීම්ස් දෙකෙන් එකක් ෆයිනල්ස් එනවා කියල අපිට බුදු ෂුවර්. ෆයිනල්ස් තියෙන්නේ 8 වෙනිදා නිසා 8 වෙනිදා කස්ටියව එක්කගෙන යමු කියල කතා වුණා .ඒ නිසා ඔන්න සර්ලා , මිස්ලා එක්ක කතාකරලා බස් එකක් කතා කරගත්ත. (ඒ ගැනත් වෙනම පොස්ට් එකක් දැමීමට තරම් කරුණු ඇත.. :P)

            දැන් ඉතින් මැච් බලන්න ඉන්න උන් 8 වෙනිදා ගියාට ටීම්ස් දෙක කලින් යන්න එපැයි. ටීම්ස් දෙකේ කස්ටිය 20යි. නවතින්න තැනක් X හොයාගත්තා , හොරණ පාරෙන්, දැන් ඉන්න තැනත් හරි. කස්ටිය යන්නේ මැයි 6 වෙනි සිකුරාදා.

            දැන් ඔන්න ISS ලංවෙන්න ලංවෙන්න මටත් හැදීගෙන එනවා එක්තරා ආකාරයක 'උණක්'.... උණ තමයි ටීම්ස් දෙකත් එක්ක 6 වෙනිදා කොළඹ යන්න... :O P දැන් ඉතින් ඕක හිතන තරම් ලේසි නෑනේ.. කොල්ලෝ 20 ක් එක්ක කෙල්ලෙක්ව තනියම යවනවද ගෙදර අය? ඒ මදිවට දවස් 3කට?? මිස්ලා නුවරින් යන්නේ 7 වෙනිදා උදේ.. ඒ උණාට අයිස්ට 6 වෙනිදාම යන්න ඕනේ. ඒත් ඉතින් මගේ වාසනාවට ඔය උණ හැදුනේ මට විතරක් නෙමෙයි.  අපේ සුදු අක්කි හෙවත් සිතාරා අක්කිටත් ඔය ලෙඩේ බෝවුනා.

           අපේ අම්මි, අප්පච්චි මාරම හොඳයි. පොඩි දවස් වල හිටන්ම මට සෑහෙන නිදහසක් දීල තිබුණා. අයිස් කවදාවත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන නොගත් නිසාත් , ඕනේ මගුලක් ගෙදරට කියලා කරන නිසාත් , කොල්ලෝ සෙට් එකම 100%ක් අපේ ගෙදරට ෂුවර් නිසාත්, මිස් අප්පච්චිට කතා කරලා මං ගැන හොඳ රෙකමෙන්ඩ් එකක් දුන්න නිසාත් යන්තම් කන්කෙඳිරි ගාල යන්න අවසරේ ලබාගත්තා. අම්මේ.... මට දැනුණු සතුටක්. සිතාර අක්කිටත් යන්න අවසරේ ලැබුණා. (අපේ පූ නැති පාළුව නම් සෑහෙන්න දැනුන එදා). දැන් ඔන්න හරි අපිත් යනවා කොළඹ. ටීම්ස් දෙකේ 20 දෙනයි, අපේ මාරේයි, රේයි,අක්කියි ,මමයි.
         
          හවස 3.30 ට නුවරින් තිබුණු කෝච්චියේ තමයි යන්නේ අපි. දැන් ඔය දවසේ ක්ලාස් එකට ඇවිත් හැමෝගෙන්ම ආශිර්වාදය අරගෙන දළදා මාළිගාවටත් ගිහින් අපි ආවා railway station එකට.

මේ ඉන්නේ අපිට සුබ පතන්න පාරට ආව කෙනෙක්.. හිකිස්..


මේ ඉන්නේ එදා මං කිව්ව අපේ සෙට් එක....අර Xව අහුවෙන නිසා නම් ටික නොකියා ඉන්නම්කො.. (දන්නෝ දනිති)

            අපේ 24 දෙනාම එක කෝච්චි පෙට්ටියක් අයිතිකර ගත්තා. මේ විදියේ ගමනක ෆන් එක ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දැන් ඔන්න කෝච්චියේ අපි යනවා කියමුකෝ...... සින්දු කියනවා (මටයි, අක්කිටයි කන් වහගන්න කියලා කස්ටිය අමුතු අමුතු සින්දු කෑලි එහෙම කිව්වෙ නෑලු හරිය)  හූ කියනවා, කෑම කනවා මල මගුලයි... ඔන්න දැන් කතාවේ ට්‍රැක් එක පනිනවා මං.. කලින් පොස්ට් එකේ කියන්න බැරි වුණා දෙයක් දැන් මතක් කරලා දෙන්න ඕනේ.. මේ විදියේ ගමනක් යනකොට ඔය සැර බීම ජාති එහෙම කොල්ලොන්ට අමුතු දේවල් නෙමෙයි නේ.. කියන්න සතුටුයි ඒත් අපේ මේ සහෝදරයෝ එදා ඒ කිසිම දෙයක් හොරෙන්වත් පාවිච්චි කරේ නෑ... අර උඩ ෆොටෝ එකේ කස්ටිය නම් කොහොමත් ඒවට නෑ. ඒ නිසා අපිට බයක් තිබුනෙත් නෑ කිසිම... (මගේ සහෝදරයොන්ට : පට්ටම ආඩම්බරයි බොලා ල ගැන අයිස්ට ඕන්). 

            දැන් ආයෙත් කතාවට, දැන් අපි යනවා ඕන් සතුටෙන්... මමයි , අක්කි ජනෙල් වලින් එලියට බෙලි දාගෙන , මාරේයි මදුවයි දොරේ එල්ලිලා. ඔය පාරවල් අයිනේ හිටිය කෙල්ලන්ට එහෙම අපේ කස්ටිය මුකුත් කිව්වෙත් නෑල්ලු ඕන්... :P  පිට්ටනියක සරුංගල් අරිමින් හිටි පොඩි උන් වගයක් එක්ක කියවගත්තෙත් නෑල්ලු ඕන්... :P ඒ අස්සේ අපේ නෙරා අයියා අන්කල් කෙනෙක්ට 'බායි' කියන්න ගිහින් ඒ අන්කල් හොඳවයින් හස්ත සංඥාවක් කරලා පෙන්නුවේ එහෙමත් නෑල්ලු..... :P 

මේ මගෙනුයි , අක්කිගෙනුයි බැනුම් අහ අහා දොරේ එල්ලිලා ගිය වඳුරු පැටවූ දෙන්නා.

අර අපිට කන් වහ ගන්න කියලා කිව්වා සින්දුව.සින්දුවක් කිව්ව වෙලේ .. :P 



මේ බිංගෙයක් අස්සෙන් යනකොට හූ කිව්ව අපේ අක්කි 

         ටිකක් හවස් වෙලා කාරිය අපි ආවයි කියමුකෝ 'අඹේපුස්ස'ට. අඹේපුස්ස කතාවේ සන්දිස්ථානයක්. මං හෙඩිමේ දාල තියෙන්නෙත් එහෙමනේ. අඹේපුස්සට ටිකකට කලින් නෙරා අයියා, මාරේ සහ අර X කියන කස්ටිය කෝච්චියේ බහින දොර  ඉන්නවා මං දැක්කා. මාත් ඉතින් ෆොටෝස් අරන් අරන් හිටි නිසා ගානක් නෑ.. ටික වෙලාවකින් අනිත් උන් සින්දු කියන සද්දේට වඩා සද්දෙන් මෙහෙම කියන ගමන් නෙරා අයියා ආවා..
         "මාර කේස් එක....  මාරේට කෝච්චියට නගින්න බැරි වුණා. "
         අවංකවම එහෙම ඇහුවම මට එක පාරටම ලොකු බයක් ඇතිවුණා. නොදන්නා පැත්තක. රෑ වෙන්න ඉතාම ආසන්නයෙන් එහෙම වුණාම බය දැනෙන එක සාධාරණයි නේ. හැබැයි ඒත් එක්කම ඒ මග ඇරුණේ මාරේ නිසා මගේ බය නැතිවෙලා ගියා. මාරේ කියන්නේ අජාසත්ත ජාතකෙත් රීමික්ස් කල හැකි පොරක් කියලා මං කලින් කිව්ව නේ.. 

          නෙරා අයියා කිව්ව ආරංචිය අපි කවුරුත් මුලින්ම විස්වාස කරේ නෑ. ඒ නිසා නෙරා අයියා සිද්ද වුණ දේ කිව්ව අපිට... වෙලා තියෙන්නේ මේකයි. අපේ X නුවර ඉඳන්ම කියා කියා ආවේ බඩ රිදෙනවා කියලා.  ඉතින්. මේ පොරට ඉතාමත් හදිසි අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා ටොයිලට් එකට යන්න. ඉතින් ඇතුළට ගිහින් බලනකොටලු දන්නේ ටොයිලට් එකේ ටැප් එක කැඩිලා නිසා වතුර නෑ කියලා. අපි බොන්න ගෙනාව වතුරත් ඉවරයි. ඉතින් අඹේපුස්සේ කෝච්චිය නවත්තනකන් හිටපු අපේ මාරයා (මාරේ) ලොකු බෝතලේකුත් අරගෙන කෝච්චියෙන් බැහැලා තියෙනවා වතුර ගේන්න. X ටොයිලට් එක ඇතුලේ හොඳේ. අනේ Xගේ වසනාවක මහත..... මාරේ වතුර පුරවා ගන්න කලින් කෝච්චිය අද්දලා..... 

         "මාරේ දුවගෙන ආව කෝච්චියට නගින්න ඒත් අර @!^$#*^ කඩලකාරයා දොර අයිනේ හිටියනේ ඒ නිසා නගින්න බැරිවුණා".

         "දැන් X කෝ?" කවුදෝ එහෙම අහනකොට තමයි අපිට X ව මතක් වුණේ. 

        "අම්මට හුඩු, ඒකා තාම ටොයිලට් එක අස්සේ" කට්ටියම හයියෙන් හිනා වුණා. ශරීර කෘත්‍ය අහවර කරාට හෝදගන්න වතුර නැතුව X තාමත් ටොයිලට් එකේ. මධුවා, මාරෙට කෝල් එකක් ගත්තම දැනගන්න ලැබුණා ඊළඟට අඹේපුස්ස හරහා කොටුවට එන කෝච්චියක් 6 ට තියෙනවා කියලා. එහෙනම් ඒකෙ වරෙන් කියලා අපි හිත හදාගත්තා. 

         ඔය අස්සේ අපිත් එක්ක ගිය උදයන්ත අයියගේ බෑග් එකෙ තිබුණු ලොකු වතුර බෝතලයක් නෙරා අයියා Xට ගිහින් දුන්නා හෝදගන්න කියලා. දැන් හෝදගෙන ඉවරවෙලා පොර එලියට එන්න ලැජ්ජාවේ ඉන්නවා. ඇයි යකෝ අර විදියේ ලැජ්ජාවක් වෙලා හිත හදාගෙන කස්ටිය අතරට එන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන???  ඔන්න අපි බලාගෙන ඉන්න ටිකට ටොයිලට් එක ඇතුලේ ඉඳල X ෆේස්බුක් ස්ටේටස් එකක් අප්ලෝඩ් කරා මෙහෙම කියලා, 
'        Yako balagena giyama mekath maru pot ekane.. :P '
      
       ඕක දැකල කස්ටියම බඩ අල්ලන් හිනා වුණා... අපි බලාගෙන හිටියට මූ එන පාටක් නෑ. අපි X එනකන් බලාගෙන හිටිය විදිය දැනගන්න කැමතිද? පහල තියෙන ෆොටෝ එක බලන්නකෝ... :P


           ඔන්න කොහොමින් කොහොමහරි අපි හිනා වෙන්නේ නෑ කියලා දැනුම් දුන්නට පස්සේ X යන්තම් එළියට ආවා.. නිකන් නෙමෙයි කස්ටියගේ අත්පුඩි සද්දේ ,හූ සද්දේ අස්සෙන්. පව් නේද අපේ X?? හිකිස්.. ඒ වෙලාවේ මං ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු ස්ටේටස් එක තමයි මේ පොස්ට් එකෙ හෙඩිම..ඕක දැකලා X මාව මරාගෙන කෑවේ නැති එක විතරයි.. :P
      "Ambepussa= The missing + The bad smell... :P :P"

          අපි ඉතින් කොටුවට ඇවිත් ඊළඟට මාරේ එනකන් පැය දෙකක් විතර කොටුවේ හිටියා. ඒ අස්සේ එදා ස්ටේෂන් එකෙ කස්ටියට අපේ උන් වීදි නාට්‍යකුත් පෙන්නුවා. :P :P ඔය පහල තියෙන්නේ ඒ ෆොටෝස්..


     ඒ ඉවර වෙලා පහුවෙනිදට තියෙන මැච් එකෙ පෙරේ පුහුන්වීම් කරන්නත් පටන් ගත්තා.


     ඒ අස්සේ අපේ නීලේ කොටුවට එන එන කෝච්චිවල මාරේව හොයන්න පටන් ගත්තා. 

       පැය දෙකකින් විතර මාරේ ආවා.... 
 මේ පාරේව පිළිගන්න රේ නටාගෙන ගිය වෙලාව.

මාරේ හමුවීමේ ප්‍රීතිය නිමිත්තෙන්.... ඔය මැද තියෙන්නේ වගකිවයුතු බෝතලේ... :P :P

     ඔය හැම ජල්තරයක්ම ඉවර වෙලා අපි නවතින ගෙදරට ගියා. ඒ ගමනේත් පිස්සු ගොඩායි...  මගේ ජීවිතේ දැනුත් මතක් වුණාම තනියම හිනා යන ලස්සන මතක සැමරුමක් වුණා මේ සිදුවීම් පෙළ..
 අඹේපුස්ස=The missing + The bad smell

ප/ලි :කාටහරි කතාව බෝරින්ග් වුණා නම් සොරි වෙන්න ඕනේ.... කාටහරි මේ X කවුද කියලා දැනගන්න ඕනේ නම් කලින් පොස්ට් එකයි, ෆොටෝ ටිකයි බලන්නකෝ... එය ඉන්නවා මේ ෆොටෝස් වල.. (මං එහෙම කිව්ව කියලා එයට කියන්න එපා හොඳේ..:P )

ප/ප/ලි : ආයෙත් කතාව කියවල බැලුවම ඒ මොහොතේ සජීවීව වින්ද රසය නෑ කියලා මට හිතෙනවා. අනේ ඒකට සොරි වෙයල්ලා...


Sunday, November 20

තැන්කූ ඔරකලයෝ !! තැන්කූ ඉන්ෆොටෙක් !!


                මෙච්චර දවසක් මේ කොළමේ මං ලිව්වේ නවකතාවයි, කවි වගේ අපබ්‍රංශ ටිකකුයි විතරනේ. ජීවිතේ හරි බෝරිං අප්පා.... ඉතින් මං හිතුවා පොඩි වෙනසකටත් එක්ක මගේ ජීවිතේ රසවත් සිදුවීම් කීපෙකුත් ලියල බලන්න... 


              නමෝ විත්තියෙන්ම පටන් ගන්නම්කො අපේ ක්ලාස් එකෙන්. ඒ වගේම මේක කෘතඥතාවයේ ලිපියක් විදියටයි ලියන්නේ.


                  හ්ම්... ඕන් ඉතින් (අපරාදේ.පොත් ගත්ත.සල්ලි) උ/පෙළ කරලා ඉවර වෙලා අයිසුත් වැඩිදුර පරිගණක අංශය ගැන ඉගෙන ගන්න කියලා පන්තියකට යන්න පටන් ගත්තා. Infortec International  ආයතනයේ. 2010/ 09/ 27 වෙනි සඳුදා මාත් ඉස්සෙල්ලම ක්ලාස් එකට ගියා. ඒ ගමන මගේ ජීවිතේ තීරණාත්මක, වැදගත් දවසක් වෙයි කියලා නම් එදා හීනෙන්වත් හිතුවේ නෑ. මං හිටියේ මගේ ඉස්කෝලේ යාලුවෝ එක්කෙනෙක්වත්  මේ ක්ලාස් එකට අවේ නැති එක ගැන පශ්චාත්තාපයෙන්. ඉස්සෙල්ලම දවස් දෙකේ ගෑනු ළමයි වෙනම , පිරිමි ළමයි වෙනම. පාඩුවේ ඉගෙන ගත්තා. ඒත් අපිට එහෙම ඉන්න පුළුවන් වුනේ සති දෙකක් විතරයි. මොකද ඊට පස්සේ ක්ලාස් එකේ හදනවා ගෘප්ස් කියල ජාතියක්.. එතකොට කොල්ලෝ , කෙල්ලෝ ඔක්කොටම අකමැත්තෙන් වුනත් මික්ස් වෙන්න වෙනවා.. :P :P


                 ඔන්න ඉතින් මාත් වැටුන ඔයවයින් එකකට. අපි මේ ගෘප් එකට නම තිබ්බේ 'Oracle' කියලා. කාලා වරෙන්කො ඉතින් ගෘප් එකේ කොල්ලෝ 7දෙනයි, මාත් එක්ක කෙල්ලෝ 4දෙනයි. අපේ පලවෙනි ප්‍රොජෙක්ට් එක තමයි ගෘප් එක ගැන profile එකක් හදන එක. ඔය වගේ වැඩකට ඉතින් මුළු ගෘප් එකේම අයගේ සහයෝගය , අදහස්  පට්ටම වැදගත් නේ. ඒත් ඉතින් අපි කතා කරන්න ටිකක් විතර ලැජ්ජයි. ඉස්සෙල්ලම කියලා ඉන්නම්කො කවුද මේ 'අපි' කියලා.


අපේ නඩ නායකයාගෙන් පටන් ගමු..
අරඹේ  (පට්ටම මීටරයක්)
ලලා අයියා (පතරංග මීටරයක්, වෙද සිසුවෙක්)
නෙරා අයියා ( දීමට නිර්වචන බොහෝමයි)
සුදු අක්කි ( හිනාවෙන්න ගියාම තැනක් නොතැනක් නෑ)
අමිල අයියා ( ආඳා කිව්වොත් හරි)
සුජී අයියා (කොට ජීවිතේ)
Pooh (මට අක්කි වුනාට මං කවදාවත් අක්කිවත් , මෙයා මට නංගිවත් කියලා නෑ තාම..)
සචිනි ( ටියුබ් ලයිට්)
මධූ ( කොල්ලොක් හොඳේ. මේකා නිසා බොහෝ චාටර් කා ඇත.)
මාරේ ( ගෘප් එකේ බාලම හාදයා. අජාසත්ත ජාතකෙත් රීමික්ස් කරයි.)
අන්තිමට Ice ( ශරීර කූඩුවෙන් ගෘප් එකේ පොඩිම කෙනා සහ ගෘප් එකේ චන්ඩියා... :P)

          අපේ ගෘප් එකේ පිරිමි ළමයි  7දෙනාගෙන් ලලා අයියා ඇරෙන්න අනිත් 6දෙනාම පිරිමි පාසල්වල ඉගෙන ගත්ත අය. ගෑනු ළමයින්ගෙන් සිතාර අක්කි (සුදු අක්කි) ඇරෙන්න අනිත් 3 දෙනාම බාලිකා පාසල්වලට ගිය අය. මේ ලියන මාත් ඉගෙන ගත්තේ බාලිකා විද්‍යාලයක. තේරෙනවනේ බරපතලකම??
ඊට හපන් යාළුකමට කීපදෙනෙක්ම ආශ්‍රේකරත් අයිස්ට කොල්ලෝ ජාතිය පේන්න බෑ ඔය දවස්වල... :P :P ඒත් ඉතින් එහෙම කියලා බෑනේ.. ප්‍රොජෙක්ට් එක කරන්නත් එපැයි.. ඒ මදිවට මං සොභාවයෙන්ම කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඒ ඉස්සර ඉඳන් මගේ හැටි. ඉතින් එහෙම කෙනෙක්ට කටපියන් ඉන්න හෙන ගේමක් දෙන්න වෙනවනේ. මං ක්ලාස් එකේ හිටියේ හරි අපහසුවෙන්.

            කොහොමින් කොහොමහරි පොඩි හිනාවකින් , වචනෙකින් දෙකකින් කතා කරන්න පටන් ගත්තා. දවසින් දවස ගෙවිල ගියා හැබැයි නිකන්ම නෙමෙයි ජීවිතේට අලුත් ආරම්භයක් , නැවුම් බලාපොරොත්තු එකතු කරගෙන. 'එක සමාන පියාපත් ලද්දෝ එකට පියාඹති' කියලා කතාවටත් කියනවනේ. ඒ වගේ අපි 11දෙනාගේත් බැඳීම එක සමාන වුණා. මේ බැඳීමේ පදනම වුනේ සහෝදරත්වය කියන අති මානුෂික හැගීම.(ඔය දිහා වෙන විදියට බැලුව අයත් හිටියා. තමන්ගේ මට්ටම් තම්මට්ටම් නේ ..P) වචනෙකින් ඇරඹුණු බැඳීමට දැන් අවුරුද්දකටත් වඩා වැඩියි. ඒ අවුරුද්දේ අපි ජීවිතේ ඉගෙන ගත්තා. ඉස්සෙල්ලම කතා නොකර පාඩුවේ හිටිය මං දැන් කියවනවා අනිත් අයට වදයක් වෙන තරමට. අනිත් අයත් එහෙමයි. මටම කියලා සහෝදරයෙක් නැති අඩුව මට දැනෙන්නේ නැත්තේ මේ සහෝදරයෝ නිසා.. මීට වඩා මේ ගැන කියන්න දේවල් ගොඩක් තිබුණත් හදවතේ තියෙන හැගීම් ලස්සන වචන වලට පෙරලන්න මට තාම තේරෙන්නේ නෑ..  ඒකට සමාවෙන්න..  

         ඔය අතරේ මළගෙවල් , දානේ ගෙවල් , get together , කස්ටිය ඉස්පිරිතාලේ නැවතුනු දවස් පවා තිබුණා. ඒ හැමදේකටම මේ සහෝදර බැදීම නිසා ලැබුණු දායකත්වය නම් කියලා ඉවර කරන්න බෑ. ෆොටෝස් 6000 ගානක photo collection එකක් තියෙනවා මගේ ළඟ ඔය පිස්සු වැඩ වල... :P :Dඅපේ ගෙවල් වල යන්න - එන්න, පර්ටියකට සෙට් වෙන්න, මැච් බලන්න ... ඔය අස්සේ තව ජල්තරස් වැඩ කෝටියයි... ඉඩ ලැබෙන හැටියට කියන්නම්කො..

         'හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් , තමාගේම සරත් සමයකුත් තියෙනවා'. ඉතින් මගේ ජීවිතේට සංක්‍රාන්තික සමයක් එළඹෙන්නේ ඔය අතරවාරයේ. මේ ගැන කියලා හිත හදාගන්න කවුරුත් මගේ ළඟ නැති වෙනකොට මට ඇහුම්කන් දුන්නේ, මාව සැනසුවේ , කොන්ද කෙලින් තියාගෙන ජීවිතේට මුණ දෙන්න මට කියලා දුන්නේ මේ පිස්සෝ , පිස්සියෝ ටික. ( ඒ ගැන කියලා මේ පොස්ට් එක ශෝකාලාපයක් කරන්න මං කැමැති නෑ... ) කොටින්ම කියනවා නම් මේ දෛවෝපගත හමුවීම නිසා තමයි මං දෛවය විශ්වාස කරන්න පටන් ගත්තෙත්..   :D

        ඔය පිස්සු කතා අතරේ අර අපි හදන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවර කරලා බාර දුන්නා.. නුවර බ්‍රාන්ච් එකේ ගෘප්ස් 71ක් අතරින් අපේ Oracle ගෘප් එක වැඩිම ලකුණු අරගෙන බ්‍රාන්ච් එකේ best group වුණා. (Collar up.. :P)  ඒ තමයි අපේ සහෝදරත්වයෙන් ශක්තියෙන් අපි ලබාගත්ත පළවෙනි ජයග්‍රහණය. තව ජයග්‍රහණ බොහෝමයි.

       මං පටන් ගන්නකොටම කිව්වා වගේ මේ හදන්නේ ස්තූතිය පුදකරන්න... ජීවිතේ , සමාජේ නොදැක්ක දේවල් විවෘත මනසකින් දකින්න , ජීවිතේ දිහා අලුත් ඇහැකින් බලන්න මං ඉගෙන ගත්තේ මේ අය නිසා. ඉතින් ස්තුතියි මගේ සහෝදර , සහෝදරියන්ට..... 
(මෙතනට ගැලපෙනවද මන්ද , ඒත් මේ මං ආසම වචන පේළියක්.. පොඩ්ඩක් වෙනස් කරා).

     'මා යළි ජීවිතයට ගෙනැවිත් , මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් .. සහෝදරත්වය කියාදුන් ඔබ සියලු දෙනාටත් දේවාශිර්වාද ලැබේවා.... එදා පෑවූ ඉරටත් , එදා පවතී කාලගුණයටත් කෘතඥතාවය හිමිවේවා..!! - ගුරු ගීතය.

      ඒ වගේම අපිව ගෘප් එකක් විදියට එකතු කරපු Infortec International අපේ ආදරණීය ක්ලාස් එකටත් , ගයාන් සර්ටත් ගොඩක් ස්තුතියි....

මේ අපේ පලවෙනි ගෘප් ෆොටෝ එක..

මේ ක්ලාස් එකේ meeting එක දවසේ.


ගිය අවුරුද්දේ මගෙයි, මාරේගෙයි , අමිල අයියගෙයි birthday parties එක දවසක ගත්තා. මේ එදා... ටික දෙනෙක් අඩුයි.

        ඒත් එක්කම මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ තව කීපදෙනෙක් ඉන්නවා. මොකෝ ඔය අපේ පිස්සු වැඩ වලට මෙයාලත් හවුල් වුන නිසා. අපේ ගෘප් එකේ නොවුණට මෙයාලත් අපේ ක්ලාස් එකේ කස්ටියම තමයි.. අයිස්ට ගොඩක් ළඟ යාළුවො.. සහෝදරයෝ...

චින්ති අයියා ( අර ක.............. සිදුව කියන කෙනා එහෙමනෙමයි හොඳේ.. )
පැතුම් (මෙයා ගැන වැඩිය කියන්නේ නෑ.. :ප් )
රේ (නම ටිකක් අමුතුයි නේ?)
මිහිරාන් ( ටිකක් තඩි.. :p)
කාංචි (කොල්ලෙක් හොඳේ .. කාංචන )
නීලේ ( නිසංසල නීලනුවන් )

        අයිස් ඔයාලට ආදරෙයි හැමදාම.... කවදාවත් ඔයාලගෙන් ලැබුණු ආදරේ , සෙනෙහස , රැකවරණය , සහෝදරත්වය අමතක වෙන්නේ නෑ මට. අමතක කරන්නෙත් නෑ.. අමතක කරන්නත් බෑ... ඉතින් අයෙත් පාරක් ස්තුතියි ඔයාල හැම කෙනෙක්ටම.. ඒ වගේම ඔයාල හැමෝටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා.. :) :*

ජයවේවා!!


ප/ලි : අපේ මේ හමුවීම නිසා මං දැන් බාලක ,බාලිකා පාසල් සංකල්පයට විරුද්ධයි. කවදහරි මගේ ළමයින්ව දන්නේ නම් මිශ්‍ර පාසලකට කියල දැන්ම තීරණේ කරලා තියෙන්නේ.. හිකිස්..