Saturday, November 3

-ආඩම්බර සඳවතී- [3]

 [1] කොටස                         [2] කොටස

හුටා.......... දැන් ඉතින් මොකේද කියහල්ලකෝ දන් වළඳන්නේ? සර්ගේ ගෝරනාඩුව ඇහෙනකොට නැගිටලත් බෑ, ඒ වුණාට ඉතින් ඉඳගෙන ඉන්නවා කියන්නේ ඊට හපන් භයානක වැඩක්. පන්තියේ එවුන්ගෙන් කිසිම හැල හොල්මනක් නැති වුණ වෙලාවේදී "කිත්තා" ස්ටේජ් එකෙන් බැහැලා ඩෙස් පේළි අතරින් ඇවිදින්න පටන් ගත්තා. කොල්ලෝ කිත්සිරි සර්ගේ නම කොට කරලා කිත්තා කියලා තමයි කතා කරේ. ආයේ ඉතින් නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකද්ද. මම දෙතුන් පාරක් හිතන්නේ නැතුව නැගිට්ටා. වීරයා වගේ නැගිට්ටේ වෙන මොනවත් නිසා නෙමෙයි මේ වගේ වෙලාවක අපායට යන්න වුණත් අපේ එවුන් මාත් එක්ක ඉන්නවා කියල දන්නා නිසා. තප්පර දෙක තුනකින් සමියයි, අවිෂ්කයි, කලණයි මගේ දෙපැත්තෙන් නැගිට්ටා. 

"අඃ........ මේ ඉන්නේ" ගාම්භීර කටහඬින් කියන ගමන් සර් අපි හිටිය පැත්තට හිමින් ඇවිදගෙන ආවා. මුළු ක්ලාස් එකේම තිබුණු ඇස් දාස් ගානක් හැරවිලා තිබුනේ අපි හතර දෙනා පැත්තට. නොදකින් මුන්ටත් ඉතින් කාටහරි කෙලවෙනවා නම් ඊට වැඩි දෙයක් නෑ. අපි ලඟට ඇවිත් නතර වුණු සර් මාරුවෙන් මාරුවට අපේ මුණූ දිහා බැලුවා.

"තමුන්ලා මෙතනට එන්නේ ඉගෙන ගන්න මිසක්, වෙන වෙන මගුල් නටන්න නෙමෙයි. තමුසෙලාගේ අම්මලාගේ, තාත්තලාගේ බලාපොරොත්තු, හීන.................................." අපි හතර දෙනා ඇතුළුව මුළු පන්තියටම සමස්ත දේශනාවක් දෙන්න පටන් ගත්තා. 

ඒ වුණාට පන්තියේ හිටිය එක කොල්ලෙක්වත් නෙමෙයි ඒ කතාව කණකට ගත්තේ. උන් කරේ සර් එහෙ මෙහේ වෙනකන් ඉදලා කෙල්ලෙක්ට කොල ගුලියකින් ගහපු එක. ඒකටත් එක්ක කෙල්ලෝ....... හතර පෝයට සිල් ගන්න අම්මණ්ඩිලා ටිකක් වගේ කටවල් ඇරගෙන අපි දිහා බලාගෙන හිටියේ හරියට නිකන් අපි ආනන්තරීය පාප කර්මයක් කරපු එවුන් වගේ. ඒ වුණත් කෙල්ලොන්ගේ පේළිය දිහා බලන බලන සැරේට මගේ හිතට පුංචි නොසන්සුන් හැගීමක් ආවේ ඇයි කියලා මට හිතාගන්නවත් බැරි වුණා. සමහර විට මීට කලින් මෙච්චර කෙල්ලෝ ගොඩක් මගේ දිහා එක සැරේ බලලා නැති නිසාද දන්නේ නෑ. 

"දිදුල, අර බලපන් අරකි" සර් දිගටම බණ කියවන අතරේ සමියා මට රහසින් වගේ කිව්වේ කෙල්ලොන්ගේ පේළියක් දිහා රවාගෙන ඉන්න ගමන්.

මමත් ඒ පැත්ත බැලුවා...... අර වීදුරු බෝල ඇස් දෙක. ඒ කියන්නේ මෙයා ක්ලාස් එකට ඇවිල්ලා. මගේ හිත කූල් වෙලා ගියා, හැබැයි ඒ තප්පර කීපෙකට විතරයි. දැනට පැයකට විතර කලින් කඳුළු පිරිලා තිබුණු, මගේ හිත සලිත කරපු අහිංසක නෝක්කාඩුව වෙනුවට ඒ ඇස් වල ලියවිලා තිබුණේ තරවටුවක්. ඒත් එක්කම කටත් උල් කරලා මට මොනවද කිව්වත් කිව්වේ මොනවද කියල මට හිතා ගන්න බැරි වුණා. මට මොනවදෝ කියලා එයා, එයාගේ යාලුවොත් එක්ක හිනාවෙනවා දැක්කම මොනවා කිව්වත්, කිව්වේ මට නෝන්ඩියට කියල නම් මට පැහැදිලිවම තේරුණා.




අන්න ඒ වෙලාවේ නම් මට උපරිමේටම තරහ ගියා. දිදුල කියන්නේ වලියෙන් නම් වලියෙන්, ධර්මෙන් නම් ධර්මෙන් රාජ්‍ය පාලනය කරගෙන ඉන්න අහිංසකයෙක්. ඕන්න ඕන්න......... ඉතින් මේ හතරට ගනින්න බෑ වගේ හිටිය දැරිවි දිදුලගේ සීලේ බින්දා. උඹට දෙන්නම් ජම්බෝ කියලා මං හිතාගත්තා. කිත්තා දේශනේ ඉවර වෙලා අයෙත් අපි දිහාවට හැරුණා.

"තමුන්.... ආරියතිලක සර්ගේ පුතා නේද?" කිත්තා මගෙන් ඇහුවේ මයික් එක අයින් කරලා. මේකා කොහොමද ඒක දැනගත්තේ. මං ඔව් කියන්න ඔලුව වැනුවා.

"එහෙනම් දැන් කියමුකෝ බලන්න ඇයි අර අහිංසක ගෑනු ළමයි ටිකට ක්ලාස් එකට එන්න නොදුන්නේ කියලා?" මුළු පන්තිය වටේටම හිනාවක් දාලා කිත්තා මට මයික් එක දික් කරා. පොර හදන්නේ මාව නෝන්ඩියට ගන්න. 

මම මයික් එක අතට ගත්තේ හිතේ ඇතිවුණු තිගැස්මෙන්මයි. නොහිතපු මොහොතක පිරිසක් ඉස්සරහ කතාවක් කරන්න ගත්තම හැමෝටම වෙනවා වගේ මටත් හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම දැම්මා. ඒ වුණාට කොල්ලා නෙමෙයි සැලුණේ. අත වෙවුලන එක පාලනේ කරගන්න ලොකු ට්‍රයි එකක් දෙන ගමන් මං කතා කරන්න පටන් ගත්තා.  

"හ්ම්... අපි.. අපි පඩිපෙළේ ඉඳගෙන හිටිය වෙලාවේ එතන ගෑණු ළමයි වගයක් නම් හිටියා තමයි සර්. ඒත්........" මං ඒ ටික කියලා කතාව නතර කරා. සමියා හොඳ සෝදිසියකින් මගේ මුණ දිහා බලනවා මට ඇස් කොනින් පෙනුණා.

"ඒත්??... ඒත් මොකද?" කිත්තා මහ සද්දෙන් ඇහුවා.

"ඒත්... ඒ ගෑණු ළමයි අහිංසකද නැද්ද කියලා නම් දන්නේ නෑ සර්" මං ඇත්තම කිව්වා. පන්තියේ කොල්ලෝ ටික එක පොදියට හිනා වෙන්න ගත්තම නම් කිත්තාගේ මුණ බයිසිකල් ටයර් එහෙකට අහුවුණු පුවක් ලෙල්ලක් වගේ වුණා. කෙල්ලොන්ගේ අතරිනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් අව්‍යාජ විදියට හිනා වුණත් අනිත් එවුන් ලතාවට "ආ...." කිව්වා.

"ආරියතිලක... වැරදි කරලා මෙතන කට කියවන්න එපා. ඇහුව දේට උත්තර දෙනවා. මොකටද ඒ ළමයින්ට පන්තියට එන්න නොදුන්නේ?" කිත්තාගේ කටහඬේ ඉස්සෙල්ල තිබුණු ගතිය ටිකක් විතර අඩු වෙලා තිබුණා.

"නෑ සර්... එයාලට පන්තියට එන්න දුන්නා. ඒත් එක කොන්දේසියක් පිට" අපිට ඉස්සරහ පේළියේ හිටිය කොල්ලෝ සෙට් එකේම ඇස් ගෙඩි තඩි වුණා ඒ කතාවට.

"මොකද්ද ඒ?" කිත්තා නළලත් රැලි කරලා අහනකොටම සමියා මගේ අතින් මයික් එක උදුරලා වගේ අරගත්තා.

"අපි එයාලට යන්න දුන්නා. හැබැයි එයාලගේ නමයි, ඉස්කෝලෙයි අපිට කිව්වට පස්සේ. ඒක තමයි සර් අපි දැම්ම කොන්දේසිය" සමියා කට කොනක හිනාවකුත් තියාගෙනම කියලා දැම්මා.

"තමුසෙලාට මොකටද අයිසේ එයාලගේ නම්?"

"ඇත්තටම අපිට ඒ හැමෝගෙම නම් දැනගන්න ඕනේ කමක් තිබුණේ නෑ සර්. එක්කෙනෙක්ගේ නම තමයි දැනගන්න ඕනේ කම තිබුණේ" සමියා මේ ටික කියනකොට මං බැලුවේ අර වීදුරු බෝල ඇස් තිබුණු ආඩම්බරකාරී දිහා. එයා මාරම උනන්දුවකින් සමියගේ කතාව අහගෙන ඉන්නවා කියලා මට තේරුණා.

"එක්කෙනෙක්ගේ? ඒ කවුද?" කිත්තා සර් ගේ කටහඬේ තිබුණේ කුතුහලයක්. බලාගෙන ගියාම මෙයාටත් ඕනේ නැති ඉටි ගෙඩියක් නෑනේ.

"ඒකනේ සර් ප්‍රශ්නේ" මං ආයෙත් සමියගේ අතින් මයික් එක ඉල්ලා ගත්තා.. "දැනගන්න ඕනෙම කෙනාගේ නම දැනගන්න බැරි වුණා. දැන් අපි සර්ට එයාව පෙන්නුවොත් සර්ට පුලුවන්ද එයාගේ නම අහලා කියන්න?" මං අර ආඩම්බරකාරිගේ දිහාම බලාගෙන ඇහුවා. කෙල්ල කරේ පුළුවන් තරම් ඉක්මනට පන්තියේ ඉස්සරහ පැත්තට හැරුණු එක. ඇද්ද පන්ඩිතීට? මං කිව්ව කතාවට තප්පර ගානක් ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටිය සර් ඊළඟට මගේ අතින් මයික් එක ගත්තා. "ක්ලාස් ඇරිලා මාව හම්බ වෙලා යනවා" එහෙම කියලා සර් හැරිලා ස්ටේජ් එකට ගිහින් ආයෙත් පාඩම පටන් ගත්තා.

________________________________________________

අපි ක්ලාස් ඇරිලා කිව්ව විදියටම කිත්තාව හම්බවෙන්න ස්ටාෆ් රූම් එකට ගියා. 

"මොනවද අයිසේ තමුසෙලත් කරන වැඩ? කෙල්ලෙක්ගෙ නම දැන ගන්න වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද?" අපි බර සාර දේශනාවක් බලාපොරොත්තුවෙන් හිටියට සර් කතා කරේ සැහැල්ලුවෙන්.

"බලනවකො ඕක අර ළමයා ඇවිත් මට කිව්ව නිසාම හොඳයි. නැත්තන් මේ ඉන්ස්ටිටියුට් මැනේජ්මන්ට් එකට කිව්ව නම් එහෙම අද තමුන්ලා එළියේ නේ"

"අර ළමයා කිව්වේ සර්?" අවිශ්කයා ඉඳල ඉඳල අද දවසේ හොඳම ප්‍රශ්නේ ඇහුවා. 

"ඔය තමුසෙලාට නම නොකියා හැරිලා ගිය ගෑනු ළමයා. ඒ ළමයා පන්තියට ආවේ ඉන්ටවල් එකේ" සර් කිව්වේ අපි නොදැන හිටිය දෙයක්. අපි හතර දෙනා මූණෙන් මුණ බලාගත්තා.

"මේ, තමුසෙලා ඒ ළමයට කරදර කරනවා එහෙම නෙමෙයි. මට තමුසෙලාගේ ඔය කුපාඩි හිනාව ඇල්ලුවේ නෑ" සර් එහෙම කියනකොට අපි හතර දෙනාට හිනා ගියා.

"පිස්සුද සර්. අපි හෙන අහිංසක කොල්ලෝ" කලණයා සර්ට කියන ගමන් අපි ස්ටාෆ් රූම් එකෙන් එලියට ආවා. අපි එදා ගෙවල් වලට ගියේ කොහොමහරි අර ආඩම්බරීගේ ගෙම්පර් බස්සන්න ඕනේ කියලා හිතාගෙන. ඒකට අපිට ප්ලෑන් එකකුත් තිබුණා. ඔක්කොටම කලින් ඒ හොල්මනගේ නම දැනගන එපැයි.

__________________________________________________

ගෙදර ඇවිත් ඇඟ පත හෝදගෙන, රෑ කෑම කන්න කලින් බුකිය පැත්තේ ගිහින් එන්න හිතුවා. එහෙම හිතලා ලැප් එකත් ඔන් කරගෙන ඇඳෙන් වාඩි වෙනකොටම,

"ගෙදර කවුද?" බලෙන් කටහඬ ගොරහැඩි කරගන්න ගත්ත අසාර්ථක උත්සහයක් එක්ක ලාමක ටින් ටින් වොයිස් එකක් ඇහුණේ ගෙදර ඉස්සරහ දොර ලඟින් නෙමෙයි, මගේ කාමරේ දොර ලඟින්.

"ගෙදර කවුරුත් නෑ.... ගිහින් වෙන වෙලාවක එනවා" මං ඒ දිහා බලන්නේවත් නැතුව උත්තර දුන්නා.

"අනේ යනවා..හලෝ යන්න" එහෙම කියාගෙන මගේ කාමරේට කඩාගෙන පාත් වුණේ අරලියා. ඒ කිව්වේ මගේ එකම ඇවැස්ස නෑනන්ඩි. මොන්ටිසුරියේ මගේ පාට්නර්. පුංචි කාලේ ඉඳන් දුකට සැපට හිටිය හොඳම යාලුවා. මගේ අසල්වැසියා. අපේ එවුන් කියන හැටියට නම් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.......... 

අපේ එවුන් හැමදාම පුරුදුවෙලා හිටියේ අපි දෙන්නව පූට්ටු කරලා විහිලු කරන්න. අරලියා නම් කියන්නේ අපේ එවුන්ට එයා වගේ ලස්සන නෑණන්ඩි කෙනෙක් නැති නිසා ඒවා උන් තනිකරම ඉරිසියාවට කියන කතා කියලා. ඒ වෙලාවට එයා ලස්සන නෑ කියලා මං විහිලු කරාට අවංකවම කිව්වොත් අරලියා කියන්නේ පුංචි හුරුබුහුටි කෙල්ලෙක්. ගොඩක් කොල්ලෝ එක පාරක් දැක්කොත් දෙවෙනි පාරත් හැරිලා අරලියා දිහා බලනවා මං ඕනේ තරම් දැකලා තියෙනවා. මේකිත් එක්ක පාරේ ගියොත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල හිතලා කෙල්ලෝ මගේ දිහා බලන්නේ නැති අවාසිය ඇරුණම, අරලියා මගේ සහෝදරියක් වුණු එකට මං කවදත් හිතින් ආඩම්බර වුණා.

"මොනවද කරන්නේ?"

"තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ"

"පුහ්........ මෙයා බලහල්ලකෝ" මගේ දිහා රවලා බලලා අරලියා කිව්වා. එතකොටම මට මතක් වුණා සෙනුරිව. සෙනුරි කිව්වේ අර ආඩම්බරකාරිගේ යාලුවා. මොකද අරලියා ඉගෙන ගන්නෙත් කොන්වන්ට් එකේ.

"අඃ..... මේ අහනවකෝ අරලියා. ඔයාලගේ ඉස්කෝලේ බයෝ කරන සෙනුරි කියල කෙල්ලෙක් ඉන්නවද?"

"හ්ම්ම්...... සෙනුරී... ඔයාට මොකටද ඒක?" ඒ පාර මගේ ප්‍රශ්නේ පැත්තකින් තියලා අරලියා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

"පණ්ඩිතයා නොවී කියනවකො හලෝ"

"ඔව් ඉන්නවා" ඒක ඇහුවම නම් මගේ මූණේ ලොකු හිනාවක් පිරුණා.

"එයාගේ යාලුවෙක් ඉන්නවද...සුදුයි....ඒත් ගොඩක්මත් සුදු නෑ.උසයි.....කෙට්ටුයි.....ස්ට්‍රේට් හෙයාර්... කෙල්ල නම් ලස්සනයි. හැබැයි ඔයාලගේ ඉස්කොලේමද කියල නම් දන්නේ නෑ" මං මතක තිබුණු විදියට අර ආඩම්බරී ගැන ඇහුවා.

"හ්ම්ම්........ සෙනුරි ගේ යාලුවෙක්....." අරලියා ෂුවර් එකටම කොන්වන්ට් එකේ මුළු සයන්ස් පන්තියම මතක් කරනවා ඇති.

"ඇස් දෙක පට්ටම ලස්සනයි.. දුඹුරු පාට වීදුරු බෝල වගේ" දෙපාරක් නොහිතාම මම ඒ විශේෂණ පද ටිකත් එකතු කරා. ඒක ඇහුවම නම් අරලියාගේ ඇස් ලොකු වුණා. මූඩ් එකත් වෙනස් වුණා....

"අපෝ......... සඳමිණි... " 



හමුවෙමු නැවතත් ආඩම්බර සඳවතිය සමගින්!

ප/ලි: අයිස්ගේ කොලම ලියන්න අරගෙන අවුරුද්දකටත් වඩා කාලයක් ගත වුණාට, මේ තමයි කොලමේ ලියවෙන 50වෙනි පෝස්ටුව..  :) මෙච්චර කාලයක් මගේ අදහස් කියවන, ඒ ගැන අදහස් දක්වන, මට දිරි දෙන ඔයාලා හැමෝටම අයිස්ගේ ප්‍රණාමය! අයිස්ගේ කොලම කියවන ඔයාලා හැමෝටම ගොඩාක්.... ගොඩාක්.... ගොඩාක් ස්තුතියි!

53 comments:

  1. අදත් තකහනියක් දුවගෙන ආවා ඕන්.... ලස්සනයි කථාව,, ඉතුරුටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සහෝ... :D මේ ටිකේ ටිකක් විතර බිසී...

      Delete
  2. දිග වැඩිද මන්දා...හොඳයි දිගටම ලියන්න.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හප්පේ... එහෙමද?
      ස්තුතියි ගයනි..... :D

      Delete
  3. Replies
    1. ඒක නේන්නං අක්කෝ... ඔයාව ගොඩ දවසකින් දැක්කේ නෑ.. :D

      Delete
  4. අහා... සදමිණී තමයි එහෙනම් ආඩම්බර සදවතී.....
    කියවගෙන යනකොට ලස්සන තැනකින් නැවැත්තුවම තමයි ඉතින් යකා නගින්නේ.. බැරිද ඉක්මනට ලියන්න??

    ජය..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්... බණ්ඩාට තාම තේරිලා නෑනේ මාකටින් ගැන. බණ්ඩා කියන්නේ නිකන්ද ඉතින්... :P :)
      මේ දවස් ටිකේ ගොඩාක් බිසී.. ඒත් පුළුවන් ඉක්මනටම මේ කතාව ලියල ඉවර කරනවා..
      ස්තුතියි!

      Delete
  5. 50 ට සුබපැතුම් අයිස්...කලින් කතාව වගේම මේකත් ලස්සනයි..හොඳට ගලාගෙන යනවා. තව ටිකක් දිග උනානම් හොඳයි කියල හිතුනා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි අක්කියෝ...
      කතාව තව දිග වුණා නම් කිව්වේ ඇත්තටමද? :/

      Delete
  6. meka kiyawanne hiru ge sindu ahana gaman. lipiya niyamai

    ReplyDelete
  7. ඈ... අක්කා හාෆ් සෙන්චරිය ගැහුවද... සුබ පැතුම් ඔන්න..

    අනේ... නම කිව්වා විතරයි කථාව නැවැත්තුවා.. ඒක තමා අල්ලන්නේ නැත්තේ තව චුට්ටක් ලියන්න තිබුනානේ....

    හ්ම්..ම්ම් ඒකට කමක් නෑ.. ඉතිරි ටික ඉක්මනට දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. හපෝ හපෝ... හේම බෑ. කුතුහලය තියෙන්න එපැයි අනේ... හි හී
      ගොඩාක් ස්තුතියි සිත්තරාවි! :D

      Delete
  8. Congrats akki for your 50th blog post! :)

    ReplyDelete
  9. මේ කතාව දානකම් බලාගෙන ඉන්නේ කියවන්න ආස්සවේ "අ‍ෙ‍පා්.....සඳමිණි " අරලියාගේ ටෝකෙන් පෙන්නේ එයා වෙස්මුනක් දාගෙන ඉන්න කෙනෙක් වගේ . ආරියතිලකයා මොකක් කියාවිද දන්නේ නෑ. නියමයි....නියමයි කතාව . හාෆ් සෙන්චරියට හොට් හොට් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අනේ මට හොටු එපෝ... හික් හික්...
      ස්තුතියි පැතුම්!
      අපි ඊළඟට බලමුකෝ අරලියා මොනවද කියන්නේ කියලා..
      කතාව ලියනකම් මග බලාගෙන ඉන්නවට ස්තුතියි ගොඩක්.. :D

      Delete
  10. මෙතනට වෙනකන් හොඳයි මේ ලිවීමේ විලාසය දිගටම තියාගන්න. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ අයියා! :D

      Delete
  11. 50 සුභ පැතුම් නංගියේ.. කතාව ගැන ඉතින් අන්තිමේම කියන්නම්.. මේ යන විදිහ හොදයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දිනේෂ් අයියා!
      අයියගේ අවංක අදහස් වලටත් ගොඩක් ස්තුතියි! :D

      Delete
  12. 50ට සුභම සුභ පැතුම් නගෝ!!!

    කියවන කෙනාට බලන් හිටියා වගේ චිත්ත රූප මැවිලා, ඇඳුම් පැලදූම්, මූණේ ඉරියව් හැම දෙයක්ම මැවෙන්න කතා ලියන්න හැමෝටම බෑ.. එහෙම ලිව්වත් හිතට දැනෙන්න ලියන්න අමාරුයි.. ඒත් නංගාට ඒ හැකියාව තියෙනවා.. මහිම මන්දහාසී එකෙනුත් ඒ ශෛලිය ඔප මට්ටම් ව්උනා..

    මේ කතාවත් මේ ගලාගෙන යන විදිය ලස්සනයි.. දිගටම ලියන්න නගෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අක්කියෝ....
      මේ වචන මගේ ගමනට ලොකු ශක්තියක්..
      ගොඩාරියක් ස්තුතියි මේ දිරිමත් කිරීම් වලට... :D

      Delete
  13. බැලුවම කොල්ලෝ කරන කියන විදි කොල්ලන්ටත් වඩා හොඳින් ලියන්න දන්නේ කෙල්ලොනේ. පුදුමයි ඒත් ඇත්තයි. මරු ඈ ^_^

    ReplyDelete
    Replies
    1. හි හි..... ඔයාටත් ගොඩාක් ස්තුතියි!
      කොලමට සාදරයෙන් පිලිගන්නවා.. :D

      Delete
  14. ජයෙන් ජය :) දිගටම ලියන්න..සුභ පැතුම් ..වෙලාව තියන විදිහට ඇවිත් අනිවාරෙන් කියවනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුවෝ! ඇත්ත, මටත් බ්ලොග් පැත්තේ කරක් ගහන්න ඉස්සර තරම් දැන් වෙලා නෑ...
      ජයවේවා! :D

      Delete
  15. නියම කතාව. ඊලඟ කොටසින් බලමු මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා මධූ අයියේ.. ගොඩාක් ස්තුතියි ඔයාටත්! :D

      Delete
  16. කතාව නියමයි. මම නම් හරි කැමති. පන්ති ගිය දවස් මතක් උනා ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් ගොඩාරියක්... මේ අපේ දිනේෂ් අයියගේ අරයා නේද? හාහා.......... :D

      Delete
  17. ලස්සන කතාවක්... අහම්බෙන් දැක්කේ. ඉතුරු ටිකත් බලන්න ෆලෝ එකක් දැම්ම.

    දෙලොවක් අතර සිට

    ReplyDelete
  18. ඒ පාර ආයෙ කතාවක් ලියනවා නේද.මං ඒ දවස්වල මහිම මන්දහාසියට පිස්සු වැටිලා හිටියෙ.හිහ්.. හි,මතකද දන්නෑ..)

    මේක නම් දැන්ම කියවන්න වෙන්නෑ අෆ්ෆ.ආෆ්ටර් ඕ/ලෙවල්ස් ම එන්නම්.
    තව වැඩි දවසක් නැහැනේ!

    ReplyDelete
  19. 50 වෙනි පෝස්ටුවට සුභ පැතුම්!!
    මහිම මන්දහාසි කියවන්නත් මේ පැත්තෙ ආවා, ඒත් අද තමා කමෙන්ටුවක් දාන්නෙ. :)
    මේ කතාවත් ආසාවෙන් කියවනවා...

    ~C~Tonks

    ReplyDelete
  20. පාඨකයා අතරමන් කිරීම තරයේ හෙලා දකිමි...

    ReplyDelete
  21. 50ට සුභ පැතුම්!!
    :)

    ReplyDelete
  22. Waiting for next episode

    ReplyDelete
  23. pls hurry up need to read next episode

    ReplyDelete
  24. මුකද අනේ ලියන්නැත්තෙ..:D

    ReplyDelete
  25. ගේ ලගට සුදු වෑන් 1ක් එවන්නද- නැත්නම් බ්ලොග් එක ආයෙත් ලියනවද- ඔන්න මම නරක මිනිහයි කියන්ඩ එපා හරී-එකක් මතක තියා ගන්නවා හොදයි මේ ගන්නෝරුවේ දෙබලත් එක්ක ඔය සෙල්ලම් බෑ-

    ReplyDelete
  26. ice දියවෙලාද මන්ද ....

    ReplyDelete
  27. සර් සැර මදි අරුං තුන් දෙනාට හොඳට පුක පැලෙන්න පාරවල් දෙකක් ගැහුවනම් ආතල් එක වැඩියි..

    ReplyDelete
  28. මේකේ ඉතුරු ටික ලියන් නැද්දෝ

    ReplyDelete
  29. මොකද දැන් ලියවෙන්නේ නැද්ද නගා?

    ReplyDelete
  30. හොදයි තව ඉස්සරහට යමූ

    ReplyDelete
  31. අඃ.. කිත්තා.. කොන්වන්ට් එක ඒ ඔක්කොම පුරුදු තැන් නොව.. මේක ඇත්ත කතාවක් කරකෝලා ලියනවා නේද?

    ReplyDelete
  32. කතාව ලස්සණයි. සත්‍ය සිදුවීමක්ද?

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)