මිස් පර්ෆෙක්ට්ගෙ වීදුරු බෝල වගේ ඇස් වලට ටිකා....ක් වශීවෙලා හිටිය මම ඉක්මනට අහක බලාගත්තේ සමියාගෙ කටහඬ ඇහුණු වෙලාවේ.
"කවුද බං?"
"අර සුදු උස එක බං"
"ඉතින් ඒ කවුද කියපන්"
"දන්නෑ බං" අවිශ්ක උරහිස් දෙකත් ගස්සලා ගානක් නැතුව කියල දැම්මා.
"නොදකින් මේ වහුකුණා! තොට හෙනයක්ම ගහපිය. අම්මපා අර කෙල්ලෝ ටික මෙතන හිටියේ නැත්තන් උඹට දෙකක් ඇනලා, හංගනවා අර බෝක්කුව අස්සේ" සමියා අවිශ්කයට දෙහි කපන අතරේ තමයි අර කෙල්ලෝ ටික අපි හිටිය තැනින් යන්න ආවේ. ඒ වුණාට ඉතින් අපිට ටිකක් එහායින් උන් සෙට් එක නැවතුනා.. හේතුවද ඇහුවේ? අපි ඉඳගෙන හිටියේ ක්ලාස් එකට යන්න තියෙන ගල් පඩි පෙලේ තැනින් තැන. ඉතින් එතනින් යාගන්න බැරුව තමයි මුන් ටික නැවතුනේ.
"නැගිටින්න එපා ඔහොමම ඉඳපල්ලා" අපිට එහෙම කියන ගමන් ඌ ඉඳගෙන හිටිය පඩියෙන් උඩ පඩියේ ඉඳගත්තා.
"මචං, අර රෝස පාට බ්ලවුස් එකක් ඇඳල ඉන්න එක කවුද බං?" මිස් පර්ෆෙක්ට් ගැන මං ඇහුවේ මට පල්ලෙහා පඩියකින් ඉඳගෙන හිටිය සමියාගෙන්.
"උඹට ඒක ලස්සනයිද?" ඇහිබැම දෙකත් උස්සගන්න ගමන් සමියා මගේ දිහාවට අමුතු බැල්මක් දැම්මා.
"එහෙම අටමගලකට නෙමෙයි ගොනෝ"
"එහෙනම් කොහොම අටමගලෙකටද? මොකා නමුත් ඒකි ජීවත් වෙන්නේ නම් පට්ටම පණ්ඩිත විදියට කියලා මට හිතෙනවා" සමියා මට කිව්වේ අවවාදයක් දෙන ගානට කටහඬ හදාගෙන.
"නම දන්නේ නැද්ද?" උගේ රෙද්දේ අවවාද වලින් මට වැඩක් නැති ගානට මං ඇහුවා.
"තාම දන්නේ නෑ. ඒත් පොඩ්ඩක් ඉඳපන්" එහෙම කියල මූ වීරයා වගේ නැගිටලා කෙල්ලෝ ටික ලඟට ගියේ මට හිතන්නවත් වෙලාවක් නොදී.
"ඒයි දිදුල,අරූ මොනවද අර කරන්නේ?"
"මට හිතෙන විදියට නම් දිදුලයා දැකපු හීනේ,හැබෑවක් වෙන්නයි යන්නේ" මොහොතකට මං කල්පනා කරා මොකද්ද ඒ හීන කතාව කියලා. එතකොටයි මතක් වුණේ මැඩම් හාතාවාරිය කඩාකප්පල් කරපු මගේ අහිංසක හීනේ..
"දැන් දැන ගන්න පුළුවන් ඒකිගේ නම" ටික වෙලාවක් කෙල්ලොත් එක්ක කතා කර කර හිටිය සමියා ඇවිත් මට ඇහැක් ගහලා ආයෙත් පඩි පෙලෙන් වාඩි වුණා.
අපි ඔක්කොම කටවල් ඇරගෙන කෙල්ලෝ ටික දිහා බලාගෙන හිටියා. දැන් උන් හොරෙන් හොරෙන් අපි දිහා බලලා මොනවදෝ කුටු කුටු ගානවා. අර වීදුරු බෝල ඇස් වල නම් තිබුණේ මහා නොරිස්සුම් පාටක්. මෙතන මොනවා වෙන්න යනවද කියල මට හිතාගන්නවත් බැරි වුණා.
"උඹ මොනවද උන්ට කිව්වේ?" බලාගෙන ඉඳලා බැරිම තැන මං සමියාගෙන් ඇහුවා.
"පොඩ්ඩක් ඉවසල බලාගෙන ඉන්දපන්කෝ" ඌ මගේ දිහා බලන්නේවත් නැතුව උත්තර දුන්නා.
"ක්ලාස් එකට තව විනාඩි දහයයි තියෙන්නේ" සමීර කෙල්ලෝ ටිකට කෑගහල කිව්වා. ඒක ඇහුව ගමන් උන් ටික පස්ස කඩා දාපු කඩි ටිකක් වගේ කුලප්පු වුනා. සමියා කිව්ව කතාවේ අගක් මුලක් තෝරාගන්න මට ඒ වෙනකොටත් පුළුවන් කමක් තිබුණේ නෑ.
විනාඩියක්වත් ගියේ නෑ. අර කෙල්ලෝ සෙට් එකෙන් කෙල්ලෝ දෙන්නෙක් අපි හිටිය පැත්තට ඇවිදගෙන ආවා. ආවෙත් නිකන් මරන්න ගෙනියන හරක් දෙන්නෙක් වගේ පණ ගැහි ගැහි. පඩිපෙළ මුලට ඇවිත් උන් දෙන්නා මූණෙන් මුණ බලාගෙන ඊළඟට සමියා දිහා බැලුවා.
"ම... මම සඳුනි. ඉගෙන ගන්නේ [ඉස්කෝලෙක නමක්] එකේ" දුඹුරු පාට ගවුමක් ඇඳලා හිටිය කෙල්ල බිම බලාගෙන කියල දැම්මා. මමයි, අවිශ්කයයි, කලණයි මූණෙන් මුණ බලාගත්තා.
"මං අනුෂ්කා... ඉස්කෝලේ [____________]" ඒ එක්කම වගේ අනිත් කෙල්ලත් කිව්වා.
"මෙයාල දෙන්නට යන්න දීපල්ලා" එහෙම කියන ගමන් සමියා නැගිටලා පැත්තකට වුණා. අපිත් ඌ කරපු විදියටම නැගිටලා අර ගෑණු ළමයි දෙන්නට යන්න ඉඩ දීල පැත්තකට වුණා. ඒ දෙන්නා ගියා විතරයි අපි ආයෙත් හිටිය විදියටම ඉඳගත්තා. අන්න ඒ වෙලාවේ තමයි මට සමියා කරපු වැඩේ මොකද්ද කියල මීටර් වුණේ. ඒ කියන්නේ දැන් මේ හැම කෙල්ලටම මෙතනින් ක්ලාස් එකට යන්න ඕනේ නම් නමයි,ඉස්කෝලෙයි කියන්න වෙනවා. ශික්............පව් අප්පා.. ඉගෙන ගන්න තියෙන ආසාවට කෙල්ලෝ කන කටු. මට මේ හොටු කෙල්ලෝ සංහතිය ගැන මහා දුකක් ඇති වුණා.
ඊළඟට දිනුෂිකා, ඊළඟට සමනලී, ඊළඟට දුලංජි, ඊටත් පස්සේ අමන්දි.... මේ හැමෝටම ක්ලාස් එකට යන්න ලැබුණා. ඔන්න අන්තිමට ඉතුරු වුණේ කෙල්ලෝ දෙන්නයි. අර වීදුරු බෝල ඇස් තිබුණු කෙල්ලයි,එයාගේ යාළුවයි විතරයි. එතන හිටිය හැමෝම තොරතුරු කියලා ගියාට පස්සේ ඒ මුණූ දෙකේ තිබුනේ අපහසුතාවයක පෙර ලකුණු ටිකක් විතරයි. සමියා මගේ දිහා බලලා වීරයා වගේ හිනා වුණා.
"ඇයි ක්ලාස් එකට යන්න ඕනේ නැද්ද,ආ?" කලණයා මහා සද්දෙන් කෙල්ලෝ දෙන්නගෙන් ඇහුවා. මං නම් බලාගෙන හිටියේ අර වීදුරු බෝල ඇස් දෙක සරින් සැරේට අමුතු වෙන හැටි. මං හිතන හැටියට කෙල්ලෝ දෙන්නා අතරේ පොඩි ආ(ර්)ගිව් එකක් පටන් ගත්තා.
"දිදුල, මුං දෙන්නා මෙතන කෙහෙවලු පටලගනී ද බං?" කලණ මගෙන් ඇහුවෙත් මට ඒ වෙලාවේ හිතුන දේමයි. අන්තිමට තරහ වැඩිකමට මූණත් රතු කරගත්තු වීදුරු ඇස් තිබුණු කෙල්ලගේ යාළුවා අපි ලඟට ආවා.
"මං සෙනුරි. කොන්වන්ට් එකේ ඉගෙන ගන්නේ" එයා යාළුවගේ තරහ පිටකර ගත්තේ අපිට දමලා ගැහුව වචන වලින්.
"ෂා..... ඔයාට තරහ ගියාම මාර ලස්සනයි නෙ" කෙල්ල ගිනි පුපුරු පිටවෙන ඇස් වලින් කලණ දිහා රවලා බැලුවා.
"මේ හලෝ.... වැඩිය කලර්ස් එපා හරී. ඇස් දෙක උගුල්ලනවා" කලණයත් යකෙක් ආරුඪ වුණා වගේ කෙල්ලගේ මූණටම කියලා දැම්මා.
"ඔන්න ඔහේ යන්න දීපන් බං" මං ශේප් එකේ කලණයව ඇදල ගන්න ගමන් කිව්වේ,කෙල්ල ගොඩක් අසරණ වුණා කියලා දැනුණු නිසයි. සෙනුරි එකම එක පාරක් එයාගේ යාළුවා දිහා හැරිලා බලලා ක්ලාස් එක ඇතුලට ගියා. මං කෙලින්ම බැලුවේ අර වීදුරු බෝල ඇස් දිහා. ඒ ඇස් වල තිබුණේ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙච්ච මහා අසරණ පෙනුමක්. ඒක දැක්කම නම් මගේ හිතට මහා අමුතු හැගීමක් දැනුණා.
"ඇයි කුමාරිහාමිට, බුලත් දීලා පාවඩත් එළන්න ඕනෙද?" අවිශ්ක අහනකොට අපේ එවුන් හයියෙන් හිනා වුණා. අසරණකමත්, දුකත් පිරිලා තිබුණු ඒ ඇස් දෙක බිමට හැරුණේ බොහොම හිමීට. ඒත් තප්පර දෙක තුනකින් ආයෙමත් ඉස්සුණු ඒ ඇස් වල බැල්ම කෙලින්ම නැවතුණේ මගේ ඇස් මායිමෙන්. හැමදේකටම වැරදිකාරයා මං කියලා නෝක්කාඩුවක් ඒ කඳුළු පිරුණු ඇස් වල ලියවිලා තිබුණා. මගේ මුළු හිතම පිච්චිලා ගියා වගේ වේදනාවක්.......... කඳුළු කැට එළියට පනින්න ඔන්න මෙන්න තිබුණු ඒ වීදුරු බෝල ඇස් වල බැල්ම දරාගන්න බැරුව මගේ ඉලන්දාරි ඇස් අහක බලාගත්තා. විශ්වාස කරන්න............. ජීවිතේ පළවෙනි වතාවට දිදුල කෙල්ලෙකුගෙ ඇස් ඉස්සරහ අසරණ වුණා.
"අම්මට සිරි ඒක කෝමද?" මහා පුදුමෙකින් සමියා කියනකොට මං ආයෙත් පාර දිහා බැලුවා.. මෙන්න කෙල්ල හැරිලා ආයෙමත් ටවුම පැත්තට යනවා.
"ඒයි පව් බං.. ගිහින් නවත්තමු"
"ඒකි ගියාම, උඹට මොකද්ද තියෙන අමාරුව?" සමියා අවිශ්කගෙන් ඇහුවා.
"එහෙම කියන්න එපා බං. ඒකිට අපි නිසා අද ක්ලාසුත් කට් වෙනවා"
"අනේ මේ,අනිත් එවුන් මෙතනින් පාඩුවේ ගියා නම් ඒකිට විතරක් මොකද බැරි? ඇයි ඒකි නෙළුමෙන් උපන් කුමරිහාමිද?" සමියා අවිශ්කගෙන් ගේම ඉල්ලනවා.
"දිදුල, මං උඹට කිව්වනේ ඒකි පණ්ඩිතයි කියලා. කොහොමද ඝනකම?" සමියා ඊළඟට මගෙන් ඇහුවා. ඇත්ත, සමීර මේ වැඩේ කරේ මං ඒ කෙල්ලගේ නම ඇහුව නිසා. ඒ නිසා මේක මම ම ශේප් කරන්න වෙයි.
"හ්ම් හ්ම්...... ඒක නම් ඇත්ත. මේ ඒක ඉවරයි යමල්ලා ක්ලාස් එකට" මං කිසිම දෙයක් නොවුණු ගානට අපේ එවුන්ට කිව්වා. නැත්තන් මෙතන සමියයි, අවිශ්කයයි කියවගන්න ගියොත් ඒක ඉවර වෙන්නේ ගුටි කෙළියකින්.. මං ඒ දේ දකින්න කොහෙත්ම කැමැත්තක් තිබුණේ නෑ. මොකද කෙල්ලෙක් නිසා කොල්ලෝ දෙන්නෙක් ගහ මරා ගන්නව කියන එක කොලු සංහතියටම නින්දාවක් නිසා.
__________________________________________________
බොහොම අමාරුවෙන් අවිශ්කයවයි, සමියාවයි ශේප් කරගෙන අපි ක්ලාස් එක ඇතුළට එනකොට විනාඩි විස්සක් විතර පරක්කු වෙලත් තිබුණා. කොහොමත් හැමදාම අපි එන්න පරක්කු වෙන නිසා,සර්ට නම් ඒකෙ වගේ වගක් තිබුණේ නෑ.. ක්ලාස් එකට ඇවිත් විනාඩි දහයක්, පහළවක් යනකන් මම හිටියේ නොසන්සුන් වෙලා තිබුණු හිත හදාගන්න බැරුව. ඒත් ටික වෙලාවකින් ආයෙමත් මගේ සුපුරුදු විදියට ඉන්න මට පුළුවන් වුණා.
"දිදුල, චිට් එකක් ලියපන්කො මචං" කලණ මට කිව්වා.
"කාටද?"
"අර සුදු පාට බ්ලවුස් එකක් ඇඳලා ඉන්න එකට, ඒකි හොරාට හොරාට ඇහැ දෙනවා" ඌ ඇස් වලින් මට පෙන්නුවේ අපිට එහා පැත්තේ හිටිය පේලියේ ඉඳගෙන හිටිය කෙල්ලෙක්ව.
"හ්ම්... ඉඳපන්කෝ." එහෙම කියලා මං ටික වෙලාවක් ඒ කෙල්ල දිහා බලාගෙන හිටියා. ලියන්න අදහසක් ගන්නත් එපැයි.
"මේ,අපි පොඩ්ඩක් ෆෝම් කරලා ගමුද? අයි මීන් ඇහැ දෙනවා නම්, උගුල්ලාම දාමුද?" මං කලණගෙන් ඇහුවා.
"මේ මොන කතාද සනා. ලියපන් ලියපන්" ඌ මගේ පිටට තට්ටුවකුත් දැම්මා.
"ඇයි ඔහොම බලන්නේ?" පොතේ අන්තිම පිටුවෙන් කඩාගත්ත පුංචි කොල කෑල්ලක මං ඒ ටික විතරක් ලියලා චිට් එක කලණගේ අතට දුන්නා. අර කෙල්ල උගේ දිහා බලනකන් ඉඳල ඌ කරේ, කෙල්ලට චිට් එක පෙන්නුවා, ඊට පස්සේ ඒ කෙල්ල හිටිය පේළියේ අයිනේම හිටිය කෙල්ලගෙ අතට චිට් එක දීලා "අරයට දෙන්න" කිව්වා.
"බලපන්කො ඒක කියවලා දැම්ම මල් හිනාව. අම්මට සිරි ඔන්න දිදුලයෝ රිප්ලයි එකක් ලියනවා" කලණයා මට රහසින් කිව්වා. තප්පර ගානකින් කෙල්ල එව්ව පිළිතුරු චිට් එක කලණයා දිග ඇරියා.
"ඇයි හොඳ නැද්ද?" බෝල අකුරු වලින් ලියවෙලා තිබුණා.
"හොඳයි, ඒත්.... ඒත් එහෙම බලලා හිනා වෙන්න එපා" ඒ චිට් එකත් පාස් වුණා.
"අනේ........ ඇයි කියන්නකෝ"
"නොදකින් මුන්ගේ නාකි හුරතල්" කලණයා එහෙම කියලා මගෙත් එක්ක බනින ගමන් ඒකිට හිනා වෙනවා.
"අනේ... මගේ පපුව පිච්චෙනවා රත්තරන්... ඔය හුරතල් හිනාවට" ඒක දැක්කම නම් කෙල්ලගෙ ඇස් දෙක ලොකු වෙලා,කම්මුල් රතු වුණා.
"අඩේ පව් කියලත් හිතෙනවා බං. ඒත් මොනවා කරන්නද කෙල්ලේ. අපේ දිදුලයා උපන්ගෙයි අවලමා" අපේ එවුන් රහසින් මුමුණනවා. අඃ අමතක කරන්න එපා අපි මේ ඉන්නේ ක්ලාස් එකක කියලා. සර්ද? සර් බෝර්ඩ් ඒකෙ මොනවද ලියනවා පේනවා.
"අනේ යන්න අනේ බොරු නොකියා..... හහ්"
"එහෙම කියලා හරි යන්නේ නෑ. ඔය හිනාවට මගේ හිත අසරණ වෙලා ඉන්නේ. මට ඔයාව ඕනේ" ඒ චිට් එකට නම් කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා.
"මොකක්?" මේ වැඩේ අපිට හෙන ආතල් වුණාට අපි වටේ හිටිය එවුන්ට නම් අපිව මල ඇණයක් වෙලයි තිබුණේ ඒ වෙනකොට.
"මට ඔයාව ඕනේ.... අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්...." ඒ පාර නම් කෙල්ල හොඳටම බය වෙලා අපි දිහා බැලුවා.
"අනේ මේ පිස්සු නම් නටන්න එපා. මං විහිළුවක් කරේ. මට boyfriend කෙනෙක් ඉන්නවා. Sorry..Sorry..Sorry"
"යකෝ... කොල්ලෙකුත් තියාගෙන ද මේකි මේ ඇහැ දෙන්නේ"
"පොඩ්ඩක් හිටු දැන් තමයි හොඳම හරිය" අවිශ්කට එහෙම කියලා මං ලියන්න පටන් ගත්තා.
"එයා හිටියට කමක් නෑ"
"ඔයා මොනවද මේ කියන්නේ? අනේ ප්ලීස් මං විහිළුවක් කරේ. සොරි.. මං ආයෙත් ඔයාට චිට් එවන් නෑ. සොරි"
"අයියෝ ළමයෝ,බය වෙන්න එපා. මං ඔයාව කෙලින්ම ගෙනියන්නේ අපේ ගෙදරට. අපේ ගෙදර තිබුණු හිරමනේ මලකඩ කාලා. ඉතින් මං හිතුවා ඒ වෙනුවට ඔයාගේ දත් සෙට් එක රීප්ලේස් කරන්න. කොහෙද ඒකටත් ඔයාට පින නෑනේ. බුහ් හහ් හා.......... :P " කෙල්ල ඒ චිට් එක දිග ඇරලා. අපි ටික දිහා බැලුවේ මරාගෙන කන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරුව වගේ. ඒ දැකපු අපි එක එකාට පහේ ඒවා දාගන්න ගමන් ඩෙස්ක් ඒකෙ ඔලුව ඔබා ගත්තේ හිනාව පිට පනියි කියලා බයට. ඒකි නම් ආයේ ජීවිතේට කොල්ලොන්ට චිට් ලියන එකක් නෑ.
ඒත් එක්කම වගේ ඉන්ටවල් ලැබුණු නිසා අපි හතර දෙනා පන්තියෙන් එළියට පැනලා ඇති තරම් හිනා වුණා. ඒත් ඉන්ටවල් එකෙන් පස්සේ, පන්තියට ආව සර් කිව්ව කතාවට අපේ හිනාව එහෙම්මම දිරෙව්වා.
"ළමායි........ අද.... මේ පන්තියට එන්න ආපු ගෑනු ළමයි ටිකකට... පන්තියට එන්න නොදී කොල්ලෝ හතර දෙනෙක් පාර අවහිර කරගෙන ඉඳල තියෙනවා. මං දන්නවා උන් හතර දෙනා දැන් මේ පන්තිය ඇතුලේ ඉන්නවා. හ්ම්.... දැන් ඉතින් නැගිටපියව් ඒ නැහැදිච්ච, පාහරයෝ ටික.. %#@#%%^& &^!@# *&%$@#%^ ((*&$" ඕනේ යකෙකුට ඇහුවම බඩ යන ජාතියේ හොඳම සුද්ද සිංහල වචන ටිකක් සර් කිව්වා. මං අනිත් උන් තුන් දෙනා දිහා බැලුවා. උන් හිටියෙත් මං වගේම හොඳටම බයවෙලා කියලා මට උන්ගේ මුණූ දැක්කම තේරුණා.
හමුවෙමු නැවතත් ආඩම්බර සඳවතිය සමගින්!
පහුගිය කොටසත් එක්කම අද කියෙව්වේ,,කථාව ලස්සනයි..මේක මග නතර වෙන එකක් නෑ නේ
ReplyDeleteස්තුතියි සහෝ...
Deleteනෑ නෑ... ලියන්න ගත්තොත් මග නතර කරන්නේ නම් නෑ...
ගොඩාක් ස්තුතියි! :D
හෙනම මොගා සීරීස් එකක් වගේ !!!! බලමුකෝ මොකද වෙන්නේ කියල
ReplyDeleteකොටස් දෙක තුනක කතාවක් නම් නෙමෙයි තමයි සහෝ...
Deleteස්තුතියි කියවනවට.. :D
ela ela..aarambaya atheethaya sihi karanawa.. :D
ReplyDeleteliyannako digatama... suba pathum.. :)
ස්තුතියි ඉසුරු!
Deleteගොඩක් ස්තුතියි... මේ කතාවත් කියවන්න එකතුවුණාට.
කට්ටියගේ පිස්සු වැඩ අනිවා මතක් වෙනවා ඇති නේ.. :D
පුදුම උත්තරයක් නෙව.. හික්ස් :)
ReplyDeleteහිනා වෙලාම පන ගියා !
නසරානි කොල්ලොන්ගේ වැඩ තමයි ඉතින් ඔය... :D
Deleteබොහොම ලස්සනයි ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතියි අයියා කතාව කියවන්න එකතු වෙනවට.. :D
Deleteහ්ම්...ම්ම් මරු කථාව හොඳේ.. නියමෙට ලියලා තියෙනවා. ශෝයි..
ReplyDeleteඅම්මෝ ඔය වගේ කොල්ලෝ ටිකක් මම ක්ලස් ගිය තැනකත් උන්නා මහ වද කාරයෝ ටිකක්..
ඉතිරියත් ඉක්මනට ලියන්නකෝ.. කියවන්න ආසාවේ බෑ..
ඒක නේන්නම්... හැම ක්ලාස් එකකම මේ වගේ එක සෙට් එකක් හරි ඉන්නවාමයි..
Deleteස්තුතියි සිත්තරාවි!
ගොඩාක් ස්තුතියි! :D
Harima lassanata liyala::::))) ee langa kotasa kiyawanna balana innawa,,,, harila giya kella Honda wadak karala thiyenne:p
ReplyDeleteIkmanata ithuru tikath liyanna....... Wadiye kal ganna epoooo... Hariya,,,,,,
ඔයාටත් ස්තුතියි සහෝදරී කතාව කියවන්න එකතු වෙනවට..
Deleteඉක්මනින් ලියලා ඉවර කරන්න මමත් ගොඩක් ආසයි.. ඒත් ඉඩ ලැබෙන හැටියට තමයි ලියන්න වෙන්නේ යාලුවේ.. පරක්කු වෙනවට සමාවෙන්න ඕනේ..
ගොඩාක් ස්තුතියි ඔයාට!
හපොයි දෙවියනේ...
ReplyDeleteඅනේ ඉතින් අපිත් තාම අර විදුරු ඇස තියන කෙනාගේ නම දන්නේ නෑ නේ..කියන්නකෝ :)
ඊළඟ කොටසේ නම තියෙනවා අක්කියෝ!
Deleteතැන්කූ වේවා! :D
ඵට්ටයි හොඳේ
ReplyDeleteගොඩක් ස්තුතියි සුදු මහත්තයෝ! :D
Deleteමරු අලෙ මේක කොටස් 2 අද බැලුවා
ReplyDeleteඔයාටත් ගොඩාක් ස්තුතියි ලක්ෂ්! :D
Deleteමට කියවන් යද්දි ඉතුනෙම කොල්ලෙක් ලියනවා කියලායි.. ඇත්තටම හරිම ලස්සනයි අයිසෝ... :* ආසාවෙන් කියෙව්වා.. ක්ලාසස් වල මෙහෙම එව්වා මොනතරම් නම් වෙනවාද, චිට් මාරු වුනු හැටි අද වගේ මතකයි..
ReplyDeleteනියමයි නියමයි!! ඊලඟ කොටසත් ඉක්මනට ඕනෙ.. වීදුරු බෝල ඇස් තියෙන එක්කෙනාගෙ නම...... ඉකමනින්ම ඕනෙ....
ඔන්න මම තුන්වෙනි කොටසේ නම ලිව්වා..
Deleteක්ලාස් ගැන නම් ඉතින් කියල වැඩක් නෑනේ. ඕනේ නම් බ්ලොගයක්ම ලියතහැකි.. හික් හික්....
ඔයාට ගොඩාක් ස්තුතියි හිතූ අක්කියෝ කියවනවට වගේම, කමෙන්ට් කරනවාටත්.. :* :D
හ්ම්ම් ගැහැණු ළමයෙක් උනත් කතාව ලියන්නේ කොල්ලෙක්ගේ ඇසින්. ඒකත් එක්තරා දක්ෂතාවයක්. නියම කතාව ලියමු ඉතිරි ටිකත් මොකද නංගා අපේ වලව්වට එහෙම එන්නේ නැත්තේ http://chithula.blogspot.com/ අල්ලලා ගහනවා දඬු කඳේ. :)
ReplyDeleteඅනේ මම වලව්ව පැත්තේ එනවනේ හෆ්ෆා... අලුත් පෝස්ටුවටත් කමෙන්ට් කරා නොවැ..
Deleteස්තුතියි අයියා! :D
කියලා වැඩක් නෑ සුපිරියි, මට මේ කතාවේ රටාව පුරුදුයි වගේ , මම කල්පනා කළා, හරියට හරි, ෙයෳවන සමීන්ද්‍ර කතා ලියන්නෙත් මේ ටයිප් එකට තමයි. පන්තිය ඇතුලේ කොල්ලෝ ටිකට බඩ කපාගෙන මැරෙන්න වෙයිද දන්නේ නෑ.
ReplyDeleteඅඃ... මමත් සමින්ද්‍ර රත්නායකගේ කතා කියවනවා.
Deleteසමහර විට ඒ ස්ටයිල් එකත් මට එනවා ඇති ලියනකොට.. අනිත් කෙනා තමයි සමන් එදිරිමුණි. හි හි...
ස්තුතියි පැතුම්! :D
මරු හලෝ..අනේ මන්ද මට හිතෙන්නෙම කොල්ලෙක් ලියනවා කියලනේ අප්පා මේක :)
ReplyDeleteහිරූට එහෙම හිතෙනවා නම් මං ටිකක් හරි සාර්ථකයි කියල මට නිගමනයකට එන්න පුළුවන් නොවැ..
Deleteස්තුතියි හිරුවෝ! :D
අඩේ ආයෙමත් නියම කථාවක්... මරු මරු.. බලමුකො වෙන දේ... එක හුස්මට කියවගෙන ගියා කොටස් දෙකම... :D ඒ වීදුරු ඇස් දිදුලගේ වේවිද කියලා බලමුකො...
ReplyDeleteඅලේ..... ප්‍රාර්ථනා අක්කියා ගොඩ දවසකින්.. ගොඩක් සතුටුයි අක්කියෝ!
Deleteඔයාට ගොඩක් ස්තුතියි කතාව කියෙව්වට..
ඔයාගෙනුත් අලුත් කතාවක් බලාපොරොත්තු වෙනෝ! :DD
නම කියල ගියානම් ඉවරනෙ අපිටත් දැන ගන්න.. දැන් ඉතින් බලන් හිටපන්කො.. :P
ReplyDeleteලස්සනට ලියනවා.. ඉක්මනට අනිත් ටිකත් දාමු ..
ජය..
හේම තමයි බන්ඩෝ මාර්කටින් පාර.. හික් හික්...
Deleteනම කියල ගියා නම් වැඩක් නෑනේ,මොකෝ එයා ආඩම්බර සඳවතියක් නේ..
ඔයාටත් ගොඩාක් ස්තුතියි! :D
එල එල.....කතාව නියමෙට යනවා
ReplyDeleteකොල්ලෙක් ලියනව වගේමයි
අනිත් කොටස එනතුරු බලන් ඉන්නවා....සුභපැතුම්
ගොඩාක් ස්තුතියි ලොකු අයියේ!
Deleteකලින් කතාව වගේම මේ කතාවත් කියවන්න එකතු වුනාට ගොඩාක් ස්තුතියි අයියේ! :D
අෆ්ෆේ.. එන්න ටික් පරක්කු උනා.. කතාව නියමෙට යනවා... කෝ කෝ අනිත් කොටස... :)
ReplyDeleteගොඩක්මත් පරක්කු නැතෝ... ස්තුතියි දිනේෂ් අයියා..
Deleteඉතුලු ටිකත් හැකි ඉක්මනටම ලියනෝ... :D
හොඳ වැඩේ නසරානි කොල්ලො ටිකට..
ReplyDeleteඊළඟ කොටසත් බලමුකෝ..
ඒක නේන්නම් රූ අක්කියෝ..
Deleteතැන්කූ වේවා! :D