"ඔයාල ගිහින් එන්න. මං මෙතන ඉන්නම්" මා එසේ පැවසුවේ ත්‍රී රෝද රථය තුල වාඩිගෙනමය. මා පැවසු දෙයට පිළිතුරක් නොදීම අක්කා සහ මස්සිනා සිඟිති පුතුවත් රැගෙන කඩිනමින් ළමා රෝහල වෙත පිය නැගීය. ටික වේලාවක් ඔවුන් ගිය මග දෙස බලාගෙන සිටි මා හට ත්‍රී රෝද රථයෙන් බිමට බැසීමට අවශ්‍යතාවය ඇතිවුණේ දැඩි අව් රශ්මිය දැනෙන්නට පටන්ගත් නිසාවෙනි. රියෙන් බිමට බැස අසල තිබු දැවැන්ත අඹ ගසේ සෙවනට වී සිටි මා හට මහත් අස්වැසිල්ලක් දැනිණි. රෝහල් වලටම පොදු 'බෙහෙත් ගඳ' ද විටින් විට මද නළ සමග මුසුව මා පසුකර ගියේය.
මද වෙලාවක් රෝහල් භුමිය තුල එහා මෙහා යන රථවාහන දෙසත්, රෝගීන් දෙසත් බලමින් සිටියදී තරමක් හුරු පුරුදු මුහුණක් මා නෙත ගැටිණි. මුහුණ හුරු පුරුදු වූවත් බොහෝ සෙයින් පැසි තිබුණු හිසකෙස් දුටුවනම මේ ඇයම දැයි කුහුලක් මසිතට ක්ෂණයකින් ඇතුල්විණි. ඒ සමගම ඇය මා දැක පුදුමයෙන් සහ කුහුලෙන් යුතු සිනහවකින් මුව සැරසීය.
"පොඩි නංගි ඇයි මෙහේ?" ප්‍රථම පැනය ඇසුවේද ඇයයි.
"මේ, පුතා වැටිලා අක්කා. තොල ටිකක් තුවලවෙලා. එයාව අරගෙන ආවා"
"අනේ කොල්ලට ගොඩක් තුවාලද?"
"අව්ව වෙලාව නිසා වෙන්න ඇති ගොඩක් ලේ එනවා"
"ඒක නම් ඇත්ත තමයි මේ පෑවිල්ලේ හැටියට. නංගි නිවාඩු ආව ගමන්ද?" ඒසේ නම් ඇය මගේ රැකියාව පිළිබඳවත් දනී.
"ඔව් අක්කා,ඊයේ ආවේ"
"නංගිලා දැන්ම යන්නේ නෑනේ. මං මේ කුණු එක දාල එන්නම්" ඒසේ පවසමින් ඇයත්, ඇයගේ මිතුරියන් දෙදෙනාත් කුණු මලුත් රැගෙන රෝහල පිටු පසට යන අයුරු මා බලා සිටියෙමි.
ඇය නමින් 'සුජාතා' ය. මාගේ පියපසින් පැමිණෙන නෑකමකට අනුව ඇය මගේ සොයුරියකි. රජයේ රෝහල් විසින් පෞද්ගලික අංශයක් වෙත ලබා දී ඇති රෝහල පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ඇයගේ රැකියාවයි. මා එය දැනගත්තේද එම මොහොතේදීය.
"පව් සුජාතා. අර දරුවන්ට උගන්නන්න දහදුකක් නේ විඳින්නේ" මගේ අම්මා ඇය පිළිබඳව මෙලෙස පවසනු කිහිපවරක්ම මගේ දෙසවන් වැකි ඇත.
"ආ පුතේ......." මා සමග ආගිය තොරතුරු පවසන අතරතුර අම්මා හදිසියෙන් මෙන් එලෙස පැවසුවාය.
නෑදැයින් ලෙස අප අතර ළඟ බැඳීමක් නොමැති වුවද මා ඇය ගැන විස්තර සෑහෙන ප්‍රමාණයක් දැන සිටියෙමි. එයට හේතුව අප පවුල තුල ඇය දිරිය කතක් වූ නිසාවෙනි. සුජාතා අක්කා වයස තිස් ගණන් වල පසුවන විවාහක තැනැත්තියකි. ඇයට දියණියන් තිදෙනෙකු සහ සිව්වැනියා ලෙස පුතෙකුද සිටියි. නීතියෙන් වෙන් වී නොමැති වුවද සුජාතා අක්කාගේ සැමියා ඇය හැර ගොසිනි. තම මව සහ එකම සොයුරා සමග වෙසෙන සුජාතා අක්කාට ඇති එකම බලාපොරොත්තුව වුයේ දරුවන් සිවු දෙනාගේ අධ්‍යාපනය ඉහල මට්ටමින් ලබා දීමයි. කෙතරම් අගහිඟයෙන් පිරුණද ඇයගේ සිවු දරුවන් අධ්‍යාපනය ලබන්නේ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලකය. සුජාතා අක්කාද තරමක ඉහල අධ්‍යාපනයක් ලබා තිබු එකියක නිසාම දිවියේ එකම සම්පත ලෙස සැලකුයේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයයි. කන්නට අඳින්නට පවා නොමැති අඩියක සිටියදී තම දරුවන් කෙසේ හෝ ජාත්‍යන්තර පාසලකට යවන මේ දිරිය ගැහැණියට ඊර්ෂ්‍යා කල උන්ද අප ගමේ බොහෝ වෙසෙයි.
චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන සුජාතා අක්කාගේ දරුවන් සිවු දෙනා ද ඉගෙනීමට දස්කම් දක්වන දරුවන් වෙයි. වයස අවුරුදු 15 සහ 16 හි පසුවන වැඩිමහල් දියණියන් දෙදෙනාද සිත්ගන්නාසුළු සුන්දරත්වයෙන් හෙබි තරුණියන් බවට පත්වෙමින් සිටියි. "දරුවෝ ඉන්ටනැෂනල් යවන්න ඉස්පිරිතාලේ කුණු අදින ආදරණීය අම්මා" මා සිතින් එලෙස මිමිණුවේ ඇය පිළිබඳව උපන් ගෞරවය මුසු ආදරයකිනි.
අප රෝහලෙන් පිට වීමට පෙර සුජාතා අක්කා නැවත නෙත නොගැටුණු නිසා ඇයගෙන් සමුගැනීමටවත් හැකියාවක් ලැබුණේ නැත. ඉන් තෙදිනකට පසු රැකියාව සඳහා පිටත්ව ගිය මා නැවත නිවසට පැමිණියේ මාස එකහමාරකට පමණ පසුවය.
"අර සුජාතා අක්කලාගේ ලොකු දුවල දෙන්නව ඉස්කෝලෙන් අස් කරලලු"
"ඇයි ඒ?" මම වහා විමසීමි.
"ඒ ළමයි දෙන්නා ත්‍රී විල්කාරයෝ දෙන්නෙකුත් එක්ක සම්බන්දයක් තිබිල තියෙනවලු. ගිය සතියේ දෙන්නම ඒ කොල්ලෝ දෙන්නත් එක්ක පැනලා යන්න හිතාගෙන ඉස්කෝලෙට ඇඳුම් අරන් ගිහින්. ඒක අහුවෙලා ඉස්කෝලෙන් අයින් කරලලු. පව් සුජාතා." අම්මා තව තවත් දේ පැවසුවත් මගේ අවදානයක් ඒ වෙත නොවිය.
මගේ මනසේ ඇඳුනේ එදා කුණු බෑගය රැගෙන මට පිටුපා ගිය සුජාතා අක්කාවය. ඇය විඳ ඇති දුක් කම්කටොලු නිසාමදෝ ඇයගේ හිසකෙස් අකලට පැසී තිබිණි. ඊටත් වඩා සිතට කාවැදුණු දෙය නම් ඇය හැඳ සිටි ටී ෂර්ටයේ පිටුපස සඳහන් කොට තිබුණු T A R G E T යන වදනයි. ඒ ඇය බැදී සිටි පෞද්ගලික ආයතනයේ නාමය වූවත් ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා එම රැකියාව ඇයගේ T A R G E T එක වූ බව මා හට නොරහසක් විය.
දෙමාපියෝ සතුටු කරන්න ඉගෙන ගන්න ඔනේ කිය එකට මං එකග වෙන්නේ නෑ......... එහෙම ඉගෙන ගන්න උන්ට යන්න පුළුවන් දුර අඩුයි කියන එක අද්දැකීමෙන්ම දන්නව . ඒත් අනිවාර්්‍යයෙන්ම තමන්ගේ දරුවෝ ඉගෙනගෙන හොද තැනකට එයි කියන , අම්මගේ තාත්තගේ ඒ අහිංසක බලාපොරෝත්තුව තමන්ගේ විදිහට ඉටුකරල සතුටු දායක අවසානයක් දෙමාපියන්ට පෙන්නවන එක තමන්ගේ වගකීමක් බව හැම දරුවෙක්ම මතක තියාගන්න ඔනේ .
ReplyDeleteඔව් ඇත්ත.... දෙමවුපියෝ සතුටු කරන්න ඉගෙන ගන්නවා කියන කාරණයට මාත් එකඟ නෑ සහෝ.. හැමෝම හැමදේකටම දක්ෂ නෑ. හැමෝම ඉගෙන ගන්න දක්ෂත් නෑ. ඒත් මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්.. ජීවිතේ හයක් හතරක් නොදන්නා පුංචි උන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ජීවිතේ කාලකන්නි කරගත්ත දවසට උන්ට ඉතුරු වෙන්නෙත් දෙමවුපියෝම විතරයි. ඒකට ඒ පොඩි උන් විතරක් නෙමෙයි වැරදිකාරයො වෙන්නේ..
Deleteකලකට පස්සේ :)
ReplyDeleteඒක නේන්නම්...
Deleteහ්ම්ම්.. හිතන්න ගොඩක් දේවල් කියලා තියෙන්නේ.
ReplyDeleteඔව්... හිතන්න ඕනේ කාරණයක්.. ස්තුතියි අයියා.. :D
Deleteමම හිතුවේ කෙටි කතාවක් කියලා ඒත් අන්තිම වෙද්දි හිතුනා මේක ඇත්ත කතාවක්දෝයි කියලත්...
ReplyDeleteහැබැයි මෙහෙමයි කෙල්ලෝ ත්‍රිවිල් කාරයෝ එක්ක පැනලා යන එක ගැනනම් දෙපාරක් හිතන්නෝන මොකද පෙන්නන තරම් මේ ජීවිතේ සුන්දර වෙන්නේ නෑ කියලා තේරෙන්නේ වැඩ වැරදුනාමනේ... ඒත් ඒක කෙල්ලෝ ලේසියෙන් ඉගෙන ගන්නේ නෑ වෙන එකෙක් දිහා බලලවත් හැදෙන්නෑ...
මම ත්‍රීවිල් කාරයෙක් වුනා කියමු.එතකොට මම මගෙ කෙල්ලව නොබැඳ ඉන්නවද කියලා කාට හරි අහන්න පුළුවන්.හැබැයි අන්න එතනදි මට දෙන්න උත්තරයක් නෑ...
ආදරේ පුදුමාකාරයි+අන්ධයි
ආදරෙයි,හැගීම් වලට වහල් වීමයි කියන්නේ දෙකක් නේද මලයෝ?
Deleteමෙතන ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රීවිල්කාරයොන්ගේ ආදරේ ගැන විතරක්ම නෙමෙයි.
අවංකවම ආදරේ කරන කිසි කෙනෙක් මේ විදියේ පුංචි කෙල්ලෙක්ට පැනල යන්න කතා කරයිද ඉගෙනීමත් කඩාකප්පල් කරලා?
අනික හිතුමතේට පැනල ගිහින් හොඳින් ජීවත් වෙන කිසිම කෙනෙක්ව මට නම් තාමත් හම්බ වෙලා නෑ.
ඒ අම්මලාගේ හීන කඩාකප්පල් කරන නිසා වෙන්න ඇති.
මේක ඇත්ත කතාවක්. :D
ආදරය මොන තරම් අන්ධ වුනත් තමන්ව උස් මහත් කරපු දෙමාපියන්ට ඔහොම දුක් දෙනවා නම් එහෙම අයට හරි යන්නේ නැ. අනේ මන්දා..
ReplyDeleteඅනිවාර්යෙන්..... මං එකඟයි රෙඩ් අක්කත් එක්ක.. :D
Deleteඅම්මලා විඳින දුක ගැන ළමයිට හිතන්න බැරි හැටි :(
ReplyDeleteඒකනේ අනේ.... :(
Deleteනියම ටාගට් එක හැබැයි !
ReplyDeleteඒක හැම දෙමවුපියෙක්ගේම ටාගට් එක මං හිතන්නේ.... :)
Deleteකාලකන්නි දූවරු
ReplyDeleteඔව්... ඒ නමත් මෙතැනට නම් හරි තමයි.. ස්තුතියි කමෙන්ටුවට.. :D
Deleteදැන් හැදෙන ගැනු ළමයිගේ හැදියාව තමා ඔය....
ReplyDeleteඒකනම් සංස්කෘතික රාමුව ඇතුලේ ඉන්න පිරිමියෙක්ගේ කතාවක් සහෝ... :)
Deleteදැන් හැදෙන ගෑනු ළමයි කියන්න එපා.එතකොට හැමෝම අයත් වෙනවනේ.. "සමහරක්" කියන වචනේ නම් ගැලපෙනවා.. ස්තුතියි සහෝ!
ඔය ප්‍රශ්ණේ හැම තැනම වගේ තියෙනවනේ... කව්රු හරි ඒකට හේතුව හොයලා බැලුවද? හේතුව තමයි දෙමව්පියන්ගේ දුක් දරුවන්ට පෙන්නන්නේ නැති කම...
ReplyDeleteඔව්... සමහරවිට දෙමවුපියෝ දරුවන්ට කිසිම දුකක් නොදැනෙන්න හදන නිසා වෙන්නත් පුළුවන්. එතකොට එයාලට තව කෙනෙක්ගේ වේදනාව තේරෙන්නේ නෑනේ. :D
Deleteඇත්තටම මට උනත් තේරුනේ නෑ අපේ අම්මයි තාත්තයි අප උගන්වන්න ගත්තු උත්සහයේ තරම.ඒත් දැන් නම් හොදට තේරෙනවා.ඒ නිසා තමා එයාලවත් සතුටු කරවන්නත් එක්කම මගේ අනාගයත් හදාගන්න යන්නේ.
ReplyDeleteඅපිත් අපේ ගෙවල් වලින් දුන්න සල්ලි වලට අම්බානක පිස්සු කෙලියා.අපරාදේ
ඉස්කෝලේ යන කාලේ අපි හැමෝම සාපේක්ෂ විදියට පිස්සු කෙලිනවා.. ගොඩක් වෙලාවට ඒක හරි සරල, සුන්දර හිතුවක්කරකමක්... ජීවිතේ කවදම හරි ඒ දේවල් මතක් කරලා පුංචි සතුටක් ලබන්න පුළුවන් නම් ඒක වටිනවා...
Deleteඒත් ඒ පුංචි හිතුවක්කාරකම් වෙනුවට අපි ලොකු මෝඩ වැඩක් කරොත් කවද හරි අපිට වෙන්නේ දුක් වෙන්නම විතරයි.. විශේෂයෙන් මේ වගේ මෝඩකම්.
ස්තුතියි සහෝ.. :D
අහිංසක අම්මලාගේ කඳුළු තේරෙන්නේ නැති පව්කාර ළමයි. තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා මදිවට අනුන්ගේ ජීවිතත් විනාශ කරනවා. ඉගෙන ගෙන තමන්ගේ අම්මට සලකාගෙන ඉන්නේ නැතුව ජීවිතේ අනාගෙන අඩු වයසෙන්. අනේ අර අම්මගේ දාඩිය, කඳුළු,
ReplyDeleteඒක නම් ඇත්ත.... අඩුවයසෙන් මේ මෝඩ වැඩ කරන එක නම් දැන් විලාසිතාවක් වෙලාද මන්ද.. ස්තුතියි සහෝ.. :D
Deleteපව් සුජාතා
ReplyDeleteඔව්... ඒ අම්මා ගොඩක් පව්.. ගොඩක් ස්තුතියි.. :)
Deleteඅම්මල ළමයි නිසා කොච්චර දුක් විදිනවද??
ReplyDeleteඋපන්දා ඉදන් ළග හිටපු අම්මට වඩා මාසයක් දෙකක් අදුරන කොල්ලෙක් ලොකු උනානෙ..
ඒකනේ... මේක වෙන්න ඇති අලුත්ම ප්‍රවනතාවය... ස්තුතියි බණ්ඩා...... :D
Deleteice ගේ කොලමට ගොඩ වැදුණු පළමු වතාව ලස්සන බ්ලොග් එකක්
ReplyDeleteගොඩාක් ස්තුතියි.. සාදරයෙන් පිළිගන්නවා කොලමට.. :D
Deleteමෙන්න අයිස් ඇවිල්ලා..:O
ReplyDeleteඅම්මලාගෙ දුක තේරෙන්නෙ නැති හැටි!! වයස වරදද මංදා හෆ්ෆා..:(
ඔව් නේ හිතූ අයිස් ආවනේ......:D
Deleteවයසත් මේ මෝඩකමට බලපානවා තමයි මං හිතන්නේ...
ආදරේ අන්ධයි කියනවනේ!එත් දරුවෝ උනාම දෙමව්පියන්ගේ දුක තේරෙන්න ඕන!ඔය කිව්වට ගොඩක් වෙලාවට මම තේරුම් ගන්නෙත් නෑ :-/
ReplyDeleteආදරේනම් අන්ධයි තමයි.. ඒත් මට හිතෙන හැටියට මේ හැගීම් වලට වහල් වීමක්...
Deleteතේරුම් ගන්න බැරි වුනාට අඩුම තරමේ මෝඩකම්වත් නොකර ඉන්න එක ලොකු දෙයක්..
ස්තුතියි නුවන්.. :)
අනේ මන්ද..මේ වගේ කතා නම් කොයිතරම් ඇත්ද......:(
ReplyDeleteඅනිවාර්යෙන් මේ විදියේ කතා ගොඩක් ඇති.. මේ එක කතාවක් විතරයි.. ස්තුතියි හිරූ... :D
Deleteගොඩාක් දුක හිතුන. එහෙම දෙයක් ඒ අම්මට දැනගන්න ලැබුනම ඒ අම්මට මොනවා හිතෙන්න ඇතිද?
ReplyDeleteඒකනේ.... ඒ දරුවෝ නිකමටවත් එහෙම දෙයක් හිතන්න නැතුව ඇති.. පව් ඒ අම්මා.. :(
Deleteඇඩෙනවනේ ඉතින් :(
ReplyDeleteඅයිස්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ පස්වාන් දහසකට බුදුවන්ට රජතුමනි...
Deleteමෙතන අඬන්න නම් එපා.. ප්ලීස්..
ගොඩාක් ස්තුති වේවා! :D
හිතන්න දේවල් ගොඩක් එකතු කරපු සංවේදී කතාවක්..ඒත් කාටවත් ඇඟිල්ල දික්කරන්න අපිට අයිතියක් නෑ මම හිතන්නෙ..
ReplyDeleteකාලෙකට පස්සෙ දැක්කෙ අයිස්...
ඒක නම් ඇත්ත රූ අක්කියෝ..
Deleteමොකද මේකේ වැරැද්ද ළමයින්ගේම විතරක් කියන්නත් බෑ...
ඔව් අයිස් ගොඩ කාලෙකින්.. :D
ස්තුතියි අක්කෝ.
අදමයි ඔබගේ ඉසව්වට ගොඩ වැදුනේ =. සංවේදී කතා පුවතක් අපරාදේ අර අම්මගේ මහන්සිය.
ReplyDeleteස්තුතියි කෝරළේ මහත්තයා... සාදරයෙන් පිළිගන්නවා අයිස්ගේ කොලමට. :D
Deleteමොකෝ ෆොටෝ එක සෘණ වෙලා තියෙන්නේ ?
ReplyDeleteහලේ මන්ද අයියේ.. දැන් හරි මගේ හිතේ.. :)
ReplyDelete