"කලණ, කෝල් එකක් දාල බලපන් අවිශ්කයා දැන් කොහෙද කියල" කාර් පාර්ක් එකේ සිමෙන්ති බිත්තියට හේත්තු වෙන ගමන් මං කලණට කිව්වා. නුවර අහස වැහිබරයි. මොනවා නැතත් අද නම් හොඳටම නාන්න වෙනවා කියලා මට ඉර හඳ වගේ ෂුවර්.
"දිදුල, බලපන් බං අහස කළු කරලා තියෙන කැත විතරක්. වැස්සකට කලින් අපේ මේ වහුකුණා ආවොත් ලොකු දෙයක්" සමීර කිව්ව කතාවට ඇහුම්කන් දුන්නා වුණත් මගේ ඇස් තිබුණේ ෆෝන් එක කනේ ඔබාගෙන හිටිය කලණ දිහාවේ.
"මචං දිදුල අර බලපන්" ඇස් දෙකත් කුරුම්බැට්ටි සයිස් කරගෙන සමීරයා මගේ ඇති ඇද්දා. උගේ කතාවේ තිබුණු පුදුමේ නිසාම කලණත් දඩි බිඩියේ kcc එන්ට්‍රන්ස් එක පැත්ත බලනවා මං දැක්කා.
එක පාරටම බැලුවම වෙනස මොකද්ද කියලා හිතාගන්න බැරි වුණාට තප්පර ගානකින් සමීරයා පෙන්නුවේ කෙල්ලෙක්ව කියලා මට මීටර් වුණා. කෙල්ල නම් ලස්සනයි. ඒත් අවුලකට තිබුණේ ඇඳගෙන හිටිය ඇඳුම තමයි.. ලා නිල් පාට ඩෙනිම් කලිසමට, සූටිම සූටි බැනියම් කෑල්ලක් ඇඳගෙන. බන්ඩිය එළියේ. ඒකිව දැක්කම මටයි ලජ්ජා හිතුණේ. ඒ කියලා මං අහක බලාගත්ත කියලා හිතුවද? එහෙනම් ඉතින් පිස්සුවක් ඇතේ. පාර පැනලා කෙල්ල යන්න ආවේ අපි හිටිය පැත්තෙන්.
"සමියා..........."
"කලණයෝ.........." උන් දෙන්නා ඇදල පැදලා කියන ගමන් ඇස් වලින් ඉඟි කරගන්නවා දැක්කම මගේ ඇඟ පත හීතල වෙලා ගියා. මුන් දෙන්නා මෙතන මොන ජවුසම නටන්න පටන් ගනීද කියලා කවුද දන්නේ.
"තොපි මොකද කරන්න හදන්නේ?" මං කලණගෙන් ඇහුවා.
"දිදුල.. රිලැක්ස් මචං" ඒ මට උගෙන් ලැබුණු උත්තරේ.. අවිශ්කයාවත් හිටිය නම් කියලා මට හිතුණා. අර කෙල්ල අපි හිටිය තැනට අඩි දෙක,තුනකින් ලං වෙනකොටම සමීරයා පාර හරස් කරලා හිට ගත්තා. පුදුම වෙච්ච මුණකින් සමියා දිහා බලපු කෙල්ල ඌව මග ඇරලා යන්න හදනකොටම කලණත් පාර හරස් කරලා හිටගත්තා. ඒ පාර නම් කෙල්ල හොඳටම අවුල් වුණා. මං අපේ එවුන්ට එපා කියන්න කට අරිනකොටම.....
"බුරියලතා..... බුරියලතා.......... මගේ සිතගත් සුදු කෙල්ලේ......... මගේ පෙම් ලොව එලිය කලේ ........ ඔබේ පෙම් සිනාවයි.... ඔබේ සිනාවයි"
ශික්... වස නෝන්ඩියයි.. මුන් දෙන්නා ගිය තැන විනාසයි. මෙයත් ආවනේ මෙතනටම නෝන්ඩි වෙලා යන්න. මුල් වචනේ ඇහෙනකොටම කෙල්ල කරේ අතින් බඩ වහගත්ත එක. ඊළඟට ඒ මූණේ ක්ෂණික හැගීම් විපර්යාසයක් වෙලා සුදු මුණට ලේ පුරන හැටි මං හොඳටම දැක්කා. ඒ එක්කම තමයි මගේ නම කියල කවුදෝ කතා කරනවා ඇහුනේ..
"දිදුල.... දිදුල....." අවිශ්කගේ කටහඬ ඇහෙනකොට මං වට පිට බැලුවත්, ඌ පෙන්න හිටියේ නෑ.
ඉවසීමේ රතු කට්ටත් පැනල හිටිය කෙල්ල සමියාගේ කම්මුලට ගහන්න අතක් උස්සනකොටම........ භුමිකම්පාවක් ඇති වෙනවා වගේ මට දැනුණා. හෑ........... නෑ නෑ භුමිකම්පාවක් නෙමෙයි කවුදෝ මාව අල්ලලා හොලවගෙන හොලවගෙන ගියා.
"දිදුල...... නැගිටපන් @!%%&**(&" ලෝකේ තියෙන හොඳම, සුන්දරතම වචන ටිකක් කියල අවිශ්කයා මාව ඇමතුවා. මං බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ඔලුව උස්සන්න හැදුවත් ඌ මගේ ඔලුව උස්සන්න බැරි වෙන්න තද කරගෙන හිටියේ.
"එක පාරට බූරුවෙක් වගේ ඔලුව උස්සන්නේ නැතුව,ශේප් එකේ නැගිටපන්. 'මැඩම් හාතාවාරිය' ඇවිත් ඉන්නේ" අවිශ්ක පන්තියේ ඉස්සරහ බලාගෙනම මට උපදෙස් දෙන ගමන් මගේ ඔලුවෙන් අත ගත්තා. මැඩම් හාතාවාරිය කිව්වේ අපිට ෆිසික්ස් උගන්නපු ගුරුවරිය. ඇත්ත නම ඉන්ද්‍රානි රාජගුරු වුණාට ඉස්කෝලේ ඕනේ එකෙක් දන්නේ හාතාවාරිය කිව්වම තමයි. ඒ නමට හේතුව නම් අහන්න එපා, මොකද දන්නේ නැති නිසා. මං හිතන්නේ ඒ නමත් අපිට බැචස් හතර පහකට කලින් හිටිය ආදී ශිෂ්‍යයන්ගේ පරිත්‍යාගයක් වෙන්න ඇති.
"ශිහ්.......... මැඩම් හාතාවාරියට මහාමාරියම හැදෙන්න එපැයි මගේ නින්ද කැඩුවට. සමියා අර කෙල්ලගෙන් කණ රත්වෙන්න කනවා බලාගන්න මට බැරිවුණානේ"එහෙම හිතනකොටම මට එහා පැත්තෙන් වාඩිවෙලා මගේ දිහාවට මහම මහා නෝන්ජල් හිනාවක් දාගෙන ඉන්න සමියව මට පෙනුණා. මොන මේ ඉන්නේ මේකා මෙතන දිලිසි දිලිසි. හැබැයි පුතෝ තොගේ ඔය වනචර හිනාවට නම් දවසක කෙල්ලෙක්ගෙන් කනේ පාරක් අනිවා හම්බවෙයි.
"ආරියතිලක....." ඔලුව ඉස්සුවා විතරයි, ටකරමකට මැටල් වැටෙනවා සුමිහිරි ගීතවත් ගායනයක් මට ඇහුණා.
ලාවට වගේ ඇස් පොඩි කරගෙන මං පුටුවෙන් නැගිට්ටා.
"ගුඩ් මෝර්නින් මැඩම්"
"ගුඩ් මෝර්නින්???. තමුන් දන්නවද දැන් වෙලාව කීයද කියලා?"
"නෑ මැඩම්, කීයද ?" පන්තියේ කොල්ලොන්ගේ ලාවට 'ස්' පාරක් යනකොට මැඩම් හාතාවාරියගේ මුණ රතුවුණා. ඉතින් යකෝ මං වැරදි ප්‍රශ්නයක් ඇහුවයැ. මොකද ඉතින් මැඩම්ගේ ඉස්සරහපිට කලිසම් සාක්කුවෙන් මොබයිල් එක ඇදල වෙලාව බලත හැකියැ.
"දැන් වෙලාව දොළහයි හතලිස් පහයි" රතු වුණු මූණෙන්ම හාතාවාරිය කිව්වා.
"අප්පට සිරි.. ඒ කියන්නේ මං පීරියඩ් දෙකක්ම නිදාගෙන නෙ" සමියා මගේ අත කෙනිත්තුවා.
"වට්?"
"නෑ මැඩම්, තව විනාඩි හතලිස් පහක් තියෙනවා කිව්වා" මං ටාර් ගාල කතාව වෙනස් කරා.
"මොනවටද?"
"ඉස්කෝලේ ඇරෙන්න" ආයෙමත් පාරක් අපේ එවුන් "ස්" පාරක් දුන්නා.
ඒ පාර මැඩම් හාතාවාරිය කතා කරන්න ගත්තේ කලකිරුණු මූණක් හදාගෙන. පරණ ටේප් එකම බව දන්නා නිසා,මං මැඩම්ගෙන් අහන්නෙත් නැතුව ඉඳගත්තා..මොකද ඔය රීමික්ස් එක දිගටම ඇහුවම ඕනේ මල යකෙකුට කලන්තේ දාල වැටෙන නිසා..
"දිදුල. ඔයා ඉස්සර කොයි තරම් හොඳ ළමයෙක්ද. දැන් ඔයාට මොකද වෙලා තියෙන්නේ දරුවෝ. ඔයාගේ තාත්තා ඔයා ගැන දැනගත්තොත් එයාට මොනවා හිතෙයිද?" එතන ඉඳන් විනාඩි දහයක් විතර ඉතින් බ්ලා බ්ලා බ්ලා තමයි. ඔයා ටේප් එක අහලා අහලම අපේ පන්තියේ එවුන්ට දැන් ඒක කට පාඩම්..
"මචං..මැඩම් හාතාවරියට මොකද්ද දන්නෑ නේද උඹලගේ අප්පච්චි ගැන ඔච්චරටම තියෙන කැක්කුම?" හාතාවාරිය පන්තියෙන් ගියාම අපේ එවුන් මගෙන් අහන්න පටන් ගත්තා.
"කවුද බං දන්නේ" මං උත්තර දුන්නේ ඕනෙවට එපාවට.
"මට නම් හිතෙන්නෙම දිදුල, මැඩම් හාතාවාරිය ගුරු විද්‍යාල ඉන්න කාලේ උඹලගේ අප්පච්චිගේ ලව් එකක් වෙන්න ඇති කියලා" අවිශ්ක එහෙම කිව්වේ මගේ අප්පච්චිත් ගුරුවරයෙක් නිසා. නිකන්ම නෙමෙයි. නුවර තවත් ජනප්‍රිය පිරිමි පාසලක මුල් ගුරුවරයා. හරි ඉතින් ඒ කිව්වේ ප්‍රින්සිපල් කියලා තමයි.
"හ්ම්ම්........... එහෙම වෙන්නත් බැරි කමක් නෑ" මං ඒ ටික හිතෙන හිතුවා.
______________________________________________
ඉස්කෝලේ ඇරෙන්න විනාඩි පහළොවකට විතර කලින් අපි පාරට ආවේ හැමදාම ඉස්කෝලෙන් පනින පාවිච්චි කරපු සංගීත කාමරේ ළඟ තාප්පෙන් පැනලා. ක්ලාස් එක ඉස්සරහ තිබුණු ගල් පඩිපෙලේ තැනින් තැන වාඩි වෙලා ඉන්න ගමන් මං දැකපු හීනේ ගැන යාලුවොත් එක්ක කිව්වා.
"ඔව් ඉතින් මං කෙල්ලෙක්ගෙන් ගුටි කන්න හැදුවොත් ඒක දවල් හීනයක්ම විතරයි කියල මතක තියාගනිල්ලා" ෂර්ට් කොලර් එක උස්සන ගමන් සමියා පොර ටෝකක් දුන්නා.
"මචං අපි හීනෙන් දකින්නෙත් හැබැහින් දකින්න ආස දේවල් නේ?"
"උඹ කියන්නේ සමියා කනේ පාරක් කනවා දකින්න දිදුලයා ආසයි කියලද?" කලණ අවිෂ්කගෙන් ඇහුවා.
"පිස්සුද? මූට මේ බුරියලතා කෙනෙක්ව දකින්නයි ආසාව තියෙන්නේ" ඒක ඇහුව ගමන් අපේ එවුන් ටික මහ හයියෙන් හිනා වුණා.
"ආ..................... අරයා කොහෙද මෙහේ?" හිටි ගමන්ම අවිශ්කයා ඇහුවේ ක්ලාස් එක පැත්තට ඇවිදගෙන එන කෙල්ලෝ ටිකක් පෙන්නලා. කිව්වේ කොයි එක්කෙනාටද කියල නම් මං දන්නේ නෑ. කාට කිව්වම මට මොකෝ මං ඉතින් ඒ හැම කෙල්ල දිහාම විශ්ලේශනාත්මක බැල්මක් දැම්මා. හ්ම්...... නොට් බෑඩ්.... ගුඩ්.... වෙරි ගුඩ්... ගුඩ්.. නොට් බෑඩ්.... වෙරි ගුඩ්... ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නිසාම,මගේ අදහස් වලට සාපේක්ෂව මං ඒ හැම කෙල්ලගේම ලස්සන බැලුවා. චික්... වල් හිතකින් නෙමෙයි ඕයි.. සහෝදරකමට...
ඒත් අන්තිමට මං දැක්ක කෙල්ලව........... දුඹුරු පාට වීදුරු බෝල දෙකක් වගේ ඇස් දෙක......... මගේ හිත ඇතුලෙන් විදුලියක් කෙටුවා වගේ හැගීමක් දැනෙද්දී එයාව මනින්නේ කොහොමද කියල මං කල්පනා කරන්න ගත්තා... වෙරි ගුඩ්.... හ්ම්ම්ම්.. නෑ ඒක හරි යන්නේ නෑ... පර්ෆෙක්ට්.. ඔව් පර්ෆෙක්ට්.... එයාට හරියටම හරියන්නේ පර්ෆෙක්ට්....
ආඩම්බර සඳවතිය සමගින් නැවත හමුවෙමු!
මම එක.
ReplyDeleteආව්ව්ව්ව්ව්ව්ව්ව්... අයිස්... අලුත් ඇඳුමක් ඇන්දලා... මරු!!
Deleteකතාවනම් නංගෝ එලම එල.. හෙ හෙ මහිම මන්දහාසි වගේම ඉටත් වඩා ලස්සන කතාවක් ව්අගේ!! කියවන් යද්දි හරිම ආසයි!! ඊලඟ කොටසත් ඉක්මනින් දාන්න..
ඔන්න ආයෙත් අතුරුදහ්න් වෙනවා එහෙම නෙවෙයි හලී??
හුරේ...හිතූ අක්කි එක........ (Y)
Deleteඔව් නේ හලේ අපි පොඩ්ඩක් එයාලගේ පැත්තෙනුත් ලෝකේ දැක්කොත් හොඳයි කියලා හිතුවා.. :P
හම්මියෝ....... ආයෙත් නම් අතුරුදහන වෙන්නේ නැතෝ.. හි හි...
ගොඩාරියක් ස්තුතියි අක්කියෝ! :D
maru maru ohomayan....
ReplyDeleteගොඩක් ස්තුතියි නිසූ අක්කි.. මොකෝ මේ දවස්වල පේන්න නැත්තේ? :D
Deleteමරු කතාව අක්කි.....
ReplyDeleteමමත් නිකන් කතාව ඇතුලෙ ඉන්නව වගෙයි දැනුනෙ...
ඊළඟ එකත් ඉක්මනටම දාන්ඩෝ......
ගොඩක් ස්තුතියි ඔයාට!
Deleteඉඩ ලැබෙන හැම වෙලාවේම කොටස් ටික ඉක්මනින් ලියන්නයි හිතාගෙන ඉන්නේ.. :D
අලුත් එකක් පටන් අරගෙන නේද...?
ReplyDeletebest of luck
ඔයාට ලස්සනට ලියන්න පුලුවන්....මේ කතාවත් ලස්සනට ලියගෙන යන්න ලැබෙන්න කියල පතනවා.... (Y).
ඔව් ලොකු අයියේ!
Deleteදිගු නිහැඬියාවකට පස්සේ,කතාවකින්ම ලියන්න පටන් ගන්න හිතුවා..
ගොඩාක් ස්තුතියි අයියට! :D
අඃ.. තව කතාවක්..
ReplyDeleteඅඃ ඔව් නෙ... හි හි...
Deleteමම අදමයි මේ පැත්තට ආවේ...මාවත් පිළිගනීවි කියලා හිතනවා... :)
ReplyDeleteකතාව මුල ඉඳලම කියවන්න ඕනේ...
අනිවාර්යෙන්... ලිහිණිව සාදරයෙන් පිලිගන්නවා කොලමට!
Deleteඑහෙනම් ඔයාට තවත් ලේසි.. මේ පළවෙනි කොටසනේ..
Mata meke akuru load wenne nene. Roopa witharai penne.
ReplyDeleteSinhala install karanna.. Ethakota hari.. :D
Deleteඅළුත් කතාවක්....
ReplyDeleteමරු මරු.. ඉතුරු ටිකත් ලියන්න.
ඔව් අයියේ.. ගොඩක් ස්තුතියි! :D
Deleteපටන් ගැන්ම නම් හොදයි.. ඉතුරු කොටසත් ඉක්මනට දාමුකෝ බලන්න..
ReplyDeleteගොඩක් ස්තුතියි මල්සරා.... :D
Deleteහ්ම්... නියමයි.
ReplyDeleteගොඩක් ස්තුතියි ධම්මික! :D
Deleteකතාව කියවල ආයෙත් බ්ලොග් එක කාගේද කියල බැලුවේ මට වැරදිලාවත්ද කියල, මම හිතුවේ කොල්ලෙක් ලියන කතාවක් කියලා. කතාව නියමයි, ලස්සනට ගලාගෙන යනවා, "බුරිය ලතා" පට්ට නම. පර්ෆෙක්ට් ගර්ල් අනිවා ආඩම්බර සඳවතී වෙන්න ඕනේ. අපි බලමුකෝ.
ReplyDeleteකොල්ලෙක්ගේ පැත්තෙන් කතාවක් ලියන එක කෙල්ලෙක්ට ටිකක් අමාරු වැඩක්..
Deleteඒ නිසා ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා මට..
අපි බලමුකෝ එයා ආඩම්බර සඳවතී ද කියල හොඳේ..
ගොඩාක් ස්තුතියි පැතුම්!
අහා.. අලුත් කතාව පටන් අරන්..
ReplyDeleteජය වේවා දිගටම ලියමු..
ගොඩක් ස්තුතියි බණ්ඩෝ.... :D
Deleteආඩම්බර සඳවතී ට ජය වේවා...ඔයාගේ කතා හැම එකම ලස්සනයි. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට (ඉක්මනටම) දාන්න හොඳේ
ReplyDeleteඉඩ ලැබෙන හැටියට ගොඩක් පරක්කු නොකර ඉතුරු කොටස් ටිකත් දානවා අනේ...
Deleteගොඩාරියක් ස්තුතියි සයුරි අක්කියෝ....
ඔය එකතු වෙලා ඉන්න එක සතුටක්! :D
නියමා....යි..ඔහොම ලියමු! ජය!
ReplyDeleteස්තුතියි හිරූ.... ජයවේවා! :D
Deleteඅයිස් නංගා අළුත් කතාවක් අරගෙනම ඇවිත්.. බ්ලොග් එකටත් ලස්සන ඇඳුමක් අන්දලා..
ReplyDeleteදිගටම එනවා කියවන්න.. ලස්සනයි නංගියෝ..!
ඉතිරිය නම් ඉක්මනටම ඕනෝ..
පුළුවන් ඉක්මනට ලියනෝ.....
Deleteඔව් නෙ නන්දු අක්කියෝ... දිගු නිහැඬියාවකට පස්සේ පොඩි වෙනසක් එක්කම ආවා..
කතාව කියවන්න එකතුවෙන එක ලොකු සතුටක් අක්කියෝ..
ගොඩාරියක් ස්තුතියි! :D
ඔන්න එක කියෙවුවා.. කතාව පටන් ගැන්ම නියමයි.. ඔන්න කතාව ඉවර නොකර අතුරුදහන් උනොත් නරකයි කියන්න එපා..
ReplyDeleteඅම්මේ..... බයේ බෑ. ආයේ නම් අතුරුදහන් වෙන්න බෑ වගේ අෆ්ෆා.... හි හි...
Deleteස්තුතියි අයියා!
Lassanata Patan aran kathawa ::)))
ReplyDeleteMaheema mandahasi wagema nemei eetath wada lassana wewa........
Thanks commentuwata reply karata,,,,
ගොඩාක් ස්තුතියි ඔයාගේ සුබ පැතුම් වලට!
Deleteකතාව කියවන්න එකතුවෙලා ඉන්න එක ලොකු සතුටක් මට.. :D
මමත් කියෙව්වා.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි ඔයාටත්!
Deleteඔයාලගේ දිහාත් ඇවිත් යන්න එන්නම්කෝ.. :D
ලස්සන කථාවක් අක්කා.. කියවගෙන යද්දි නිකන් ඇත්තටම කථාව මං ඉස්සරහා සිද්ද වෙනවා වගේ උනා.. දිගටම ලියන්න හැමදාම එන්නම්...
ReplyDeletenyc story sis :)
ReplyDelete