Friday, November 11

~මහිම මන්දහාසි~ 11වන කොටස

                    මගේ හිත ඉගිල්ලුනේ මං මහිමව දැකපු ඉස්සෙලාම දවසට. ඊටපස්සේ මේ වෙනකම්, එයාව දැකපු දවස්, කතා කරපු දේවල්, එයා ගැන හිතපු විදිය .... හැමදෙයක්ම මගේ මතකෙට ආවා. මගේ යාලුවන්ගේ නම් ලිස්ට් එකේ පිරිමි ළමයි කීපදෙනේක්ගෙත් නම් තියෙනවා හොඳම යාලුවෝ විදියට. ඒත් මෙච්චර කාලෙකට මගේ අයියට තරම් වෙන පිරිමි පරාණයකට මං ලං වෙලා නෑ. අවස්ථා කීපයකදිම පිරිමි ළමයි ගැන පුංචි පුංචි විශේෂතා දැනිල තිබුණත් ඒවා බොහොම සාමාන්‍ය හැගීම් බවට පත්වුණේ කාලෙත් එක්කමයි. ඒත් මහිම??.... ඉස්සෙල්ලම එයාව දැක්ක මොහොතේ හිතේ පෙරලි කරපු හැම සිතිවිල්ලක්ම අදටත් එයාව මතක් වෙන හැම මොහොතකම හිතේ පෙරලි කරන්නේ එදා වගේමයි. මහිම මට ගොඩක් විශේෂ කෙනෙක් විදියට දැනෙන්නේ ඒ හේතුව නිසා.

                   'නිහඬතාවයෙන් පෙනී යන්නේ ඔබට ඔහුව අමතක කල නොහැකි බවයි'. දෞපදී හිනාවෙලා එහෙම කියනකොට තමයි මෙයාලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියල මට මතක් වුනේ. මගෙන් උත්තරයක් නැති නිසා එයාලම උත්තරයක් නිගමනය කරගෙන. කමක් නෑ ඒකත් හොඳයි. මං යන්තම් හිනාවෙලා පාඩුවේ හිටියා.

                    'හරි දැන් ඉතින් mission එකක් කරලා හරි අපිට මහිම ගැන හොයන්න වෙනවා. මෙයාගේ දොළ දුක සන්සින්දුවන්නත් එපැයි' මංසලා කිව්ව කතාවට අනිත් ඔක්කොම හිනාවුනත් මට මගේ යාලුවෝ ගැන ඇති වුනේ ලොකු ආදරයක්. තමන්ගේ යාලුවෙක් වෙනුවෙන් ඕනෙම කැපකිරීමක් කරන්න එයාල ලෑස්තියි. මට මගේම කියල සහෝදරියක් නැති අඩුව පිරුණේ සහෝදරියෝ වගේ ඉන්න මගේ ආදරණීය යාලුවෝ ටික නිසයි.

                   'ඒයි... ඒයි .. පොඩ්ඩක් හෝව්'. දිනාදී කිව්වේ හදිස්සියේම මොනවහරි මතක් වෙලා වගේ. 'එදා මහිම සින්ග් කරානේ ක්ලාස් එකේදී. මියුසික් කරනවා කිව්වද?'

                   'ඔව්.. ස්කූල් මියුසික් ගෘප් එකේ ඉන්නවා කිව්වා. ඇයි?' මං ඇහුවා.

                   'ඔය තියෙන්නේ... එල.පොඩ්ඩක් හිටහන්කෝ' එහෙම කියන ගමන් දිනාදී ෆෝන් එකත් කනේ ඔබගෙනම එලියට ගියා. අපි හැමෝම පුදුමවෙලා එයාගේ නිවුන්නා දිහා බැලුවත් දෞපදී හිටියේ කිසිම වෙනසක් නැතුව.

                   'මං හිතන්නේ මියුසික් ගෘප් එකේ ඉන්න කාවහරි මතක් වෙන්න ඇති අක්කිට' එයා කිව්වේ පුදුම වෙලා හිටිය අපි දිහා නොන්ඩි විදියට හිනාවකුත් දාලා.
'මේ නුවර කොල්ලෙක් ගැන දැනගන්න ඕනේ නම් ඉතින් "D twins" තමයි' කියලා මුළු ඉස්කෝලෙම කියනවා. ඇත්තම කිව්වොත් මේ දෙන්න ඇවිදින ඩේටා බේස් 2ක් වගේ තමයි. හැබැයි ඉතින් කොල්ලෝ ගැන විස්තර විතරමයි පිරිලා තියෙන්නේ. හදිස්සියකටවත් පොල් ගෙඩියක ගාන එහෙම නම් දන්නෙම නෑ.. 

                    'මේ විශ්, ඇයි ඔයාට මහිම ගැන අයියගෙන් අහන්න බැරි?' විනූ ඇහුවා.

                    'ඒක නම් ඇත්ත තමයි. මධූ අයියා උඹට යාලුවෙක් වගේනේ බං.'

                    'හ්ම්... මාත් ඔය ගැන හිතුවා. ඒත් කොච්චර ෆිට් වුණත් මට අයියගෙන් ඔය වගේ දෙයක් අහන්න බෑ බං. කොල්ලෙක් ගැන විශේෂයෙන් ඇහුවම අයියා දන්නවනේ බං ගොනා හැරෙන්නේ පොල් පැලේට විත්තිය. ඒ වගේ දේකට කොහොම ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා මට තේරෙන්නේ නෑ. මොනාවුණත් මං නංගිනේ' මට හිතුන ඇත්තම දේ මං කිව්වා.ඒ කතාවට හැමෝම 'හ්ම්..' කියනකොටම වගේ දිනාදී ඇතුලට ආවා. මෙච්චර වෙලා මගේ හිතේ නොතිබුණු බලාපොරොත්තුවක සේයාවක් ඇතිවුනේ එයාගේ හිනාව දැක්කමයි.

                     'මට පැයක් දෙන්නකෝ. හොඳටම ෂුවර් ෆිට්ම තැනකට පණිවිඩයක් දුන්නා. හොයල බලලා පැයකින් විතර කෝල් එකක් දෙයි. බයවෙන්න එපා,මං විශ් ගැන කිව්වේ නෑ' මට ඒ වෙලාවේ දිනාදිව ඉඹල මරන්න තරම් සතුටක් දැනුණේ.  ෂූ..... මේ පණිවිඩ සේවාව ස්කොට්ලන්ඩ් යාර්ඩ් පරාදයි නේ. බලාගෙන ගියාම මේ දෙන්නා ගින්දර කෙල්ලෝ දෙන්නෙක් ආ.... දැන් ඉතින් පැයක් ඉන්න එපැයි. ඔන්න ඔහේ කමක් නෑ...

                      තවත් ටික වෙලාවක් ෆිල්ම් එකක් බලපු අපි දවල්ටත් කෑවා.... කාලා කැරම් ගහන්න පටන් ගත්තා. පැයක් කරන්න වැඩක් තියෙන්නත් එපැයි. මොනතරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සාහකරත් හිතේ තිබුනේ ලොකු දෙගිඩියාවක්. කුතුහලය, බය , සතුට කියන හැගීම් ඔක්කොම එකට මික්ස් වුණු අච්චාරුවක් වෙලා හිත. මේ ගැන තේරුණු නිසාම වෙන්න ඇති මගේ යාලුවෝ හැදුවේ මාව සතුටෙන් තියන්න. තත්පර විනාඩි වෙලා පැයකුත් පහුවුනා.. ඒත් තාමත් බලාපොරොත්තුවෙන් හිටිය කෝල් එක නෑ.. 

                    'සෝනා සෝනා .... ලම්හා ලම්හා.... මේරී රාහේ තන්හා තන්හා.....
                    ආකර් මුජේ තුම් තාහ්ම ලෝ .... මන්සිල් තෙරී දෙක්හේ රස්තා..'

                     තවත් විනාඩි 10කට විතර පස්සේ දිනාදිගේ ෆෝන් එක රින්ග් වුනා.. ෆෝන් එකේ vibrate එක පරද්දල මගේ හිත vibrate වෙනවා වගේ මට තේරුනේ .කලින් වගේම දිනාදී මේ වෙලාවෙත් ෆෝන් එකට ආන්සර් කරන ගමන් එලියට ගියා. දෞපදී, සඳු දෙන්නත් ඒ පස්සෙන්ම එලියට ගියා.. ගේ ඇතුලේ තිබුනේ ලොකු නිහැඬියාවක්.

                      දැන් කට්ටිය බලාගෙන ඉන්නේ අවුරුදු 6කට සැරයක් පවත්වන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල බලන්න වගේ නොයිවසිල්ලකින්. බැරිවෙලාවත් මහිමට girl කෙනෙක් හිටියොත් මට එයාව අමතක කරන්නම වෙනවා. දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන අදහසක් නම් මගේ ජීවිතේ මෙච්චර කාලෙකට තිබුනේ නෑ වගේම කවදාවත් තියෙන්නෙත් නෑ..

                      විනාඩි 15කට විතර පස්සේ එලියට ගිය තුන්දෙනා ඇතුලට ආවා. නිකන් නෙමෙයි බිමට බරකරගත්ත බෙරි මූනුත් එක්කම. වැඩේ හරි වගේ.... දැන් ඉතින් හීන ලෝකේ සමාප්තයි. The End තමයි.

                     මගේ ඉස්සරහ තිබුණ පුටුවෙන් කතාවක් නැතුවම ඉඳගත්ත සඳුගේ ඇස් කලබලේට එහෙ මෙහෙ දුවනවා. ඒ මට මුණදෙන්න බැරිකමට කියලා මට තේරුණා. මුළු ඇඟම හිරිවට්ටගෙන ඇතිවුණු වේදනාවක් මගේ ඇස් වලින් එලියට පනින්න පෙරමං තනන විත්තිය මට දැනෙනවා. ඒත් මේ වෙලාවේ යාලුවන්වත් අසරණ කරන්න බැරිකමට මං යන්තම් හිනාවුණා. 

                     කලබලෙන් එහෙ මෙහෙ දුවපු සඳුගේ ඇස් මං දිහාට හැරිලා නතර වුනා. ඊළඟට කියන්න යන කතාව අහන්න මට ඕනේ වුනේ නෑ. අවංකවම කිව්වොත් ඒ කතාව අහන්න තරම් ශක්තියක් මගේ හිතට තිබුණේ නෑ. ඇත්ත... මං මහිම ගැන බලාපොරොත්තු ඇති කරගත්ත මිසක් , දැනුවත්ව එයාගෙන් මට අනුබලයක් ලැබිල තිබුනේ නෑ කවදාවත්. ඉතින් වැරැද්ද මගේ අතේ නිසා තනියම වින්දවන්නත් මං ලෑස්තියි. මං නැගිට්ටේ මගේ කාමරේට යන්න.

                    'විශ්'... එහෙම කියපු දිනාදී මගේ අතින් අල්ලලා නවත්තනවත් එක්කම අපේ එවුන් ටික වහලේ උළු ගැලවිලා යන්න තරම් මහා සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තා. එතකොට තමයි මට වැඩේ මීටර් වුණේ. ඒ කියන්නේ මේ මළගෙදරක යන්න වගේ මුණු හදාගෙන ආවට , ගෙනල්ල තියෙන්නේ සුබ ආරංචියක්. අපෝ මේ  වගේ නොසන්ඩාල යාලුවෝ.... ශික්....
                    මටත් යාලුවන්ගේ හිනාවට එකතුවෙලා හිනාවෙන්න ඕනෙකම තිබුණත් මොන හේතුවක් නිසාද මන්ද මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කඳුළු එලියට පැන්නා. එතකොට නම් අපේ අයගේ හිනාව නැවතිලා ටිකක් බයවුණා..

                    ඒයි විශ්... ඇයි මේ?

                   අඬන්න එපා බං...  විහිළුවක් කරේ.

                   ප්ලීස්... අඬන්න එපා විශ් සොරි. ඔයාව බය කරන්න හිතුවේ.. 
                කොහොමහරි තරහ ගන්න හේතුවක් තිබුණේ නැති නිසාම මං ඉක්මනට කඳුළු පිහිදා ගත්තා. හැමෝම දිහා රවල බැලුවත් ඒත් එක්කම මට හිනා ගිය නිසා මගේ රැවිල්ල 'අල' වුණා.. 

                  'අපෝ ඇති යන්තම්. මදැයි ඔහොම බයවුනොත් එහෙම...'

                 'අනේ පල.... ඒක හොඳ බයකෙරිල්ල'.

                 'හා හා... මේ දැන් වුණේ මොකද්ද අහන්න ඕනේ නැද්ද?'

                 'කියන්න කියන්න.. මොකද්ද කිව්වේ?' දිනාදී හරිබරි ගැහිලා පුටුවෙන් වාඩි වුණේ වැදගත් කතාවකට.
                'මේකයි... මහිමට girl කෙනෙක් නම් නෑ. ඒ ගැන බය වෙන්න එපා. ඒත්.....'
                 
                'ඒත්....... ??? ඇයි ඒත්? මොකද්ද අවුල?'
                 
                'නෑ නෑ... කලබලවෙන්න එපා බොල. ලොකු අවුලක් නෙමෙයි'
                 
                'ඇත්තම කිව්වොත් විශ්, මහිම ගැන ඔය විදියට හිතන්නේ ඔයා විතරක් නෙමෙයිලු'.

                'ඒ කිව්වේ?'

                'තව දෙතුන් දෙනෙක් ඉන්නවලු මේ වගේම මහිම ගැන හොයන. සමහරවිට එයාලත් ඔයා වගේ මහිමට ලව් ද දන්නේ නෑනේ'. සඳු කිව්වා විදියට ඇත්තටම මට බයක් දැනුණා.

                'ඈ......අප්පෝ.... ඒ මොනා කැත කතාවක්ද?' මටත් කලින් එහෙම ඇහුවේ මංසලා.

               'ඒ ගොඩක් කෙල්ලොන්ගේ හැටි බං. කොල්ලොන්ගේ ඉස්කෝලවල ෆේමස් කැරැක්ටර්ස් වලට නමට හරි ලව් කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා' දෞපදී කිව්වේ අත්දැකීම් ගොඩකින් වෙන්න ඇති කියලා මට හිතුනා.

              'අනේ මං නම් එහෙම දැනගෙන හිටියේ නෑ දෞපදී' මං කිව්වේ ඇත්තම කතාව.

              'හරි බං... ඒක අපි දන්නවා'

               'එතකොට අපි දැන් මොකද කරන්නේ?' විනූ ඇහුවා.

               'මං දැන් කතා කරේ මහිමලත් එක්ක මියුසික් කරන තෝමස් එකේ මගේ හොඳම යාලුවෙක්ට. එයා කියන විදියටනම් මහිමට girl කෙනෙක් නෑ. ටිකක් පිස්සු වැඩකරත් මහිම හරි හොඳයි කිව්වා. යාලුවොන්ට එහෙම පන ඇරලා උදවු කරන හිත හොඳ කොල්ලෙක් ලු. ඒත් මහිමට යාලුවෝ ගොඩක් ඉන්නවලු ගර්ල්ස්ලා. ඉතින්........මහිම කෙල්ලෝ සම්බන්දයෙන් නම් කොහොම චරිතයක්ද කියන්න හරියටම දන්නේ නෑ කිව්වා. එහෙම දෙයක් හොයන එකත් අමාරු වැඩක් නේ. ඒ නිසා ඒක අහන්න වෙන්නේ කෙල්ලෙක්ගෙන්ම තමයි ලු' දිනාදී සම්පුර්ණ විස්තරේම කිව්වා. 

               'ඒ කියන්නේ මහිමගේ පිටින් පේන හොඳ චරිතේ වගේම කවුරුත් නොදන්න දෙබිඩි චරිතයක් තියෙනවද?' හිතේ තිබුණු ප්‍රශ්නේ මං කෙලින්ම ඇහුවා.

               'ඒක හරියටම එහෙමයි කියන්න බෑ අපිට. මගේ යාළුවා කියන්නේ එහෙම එකක් තියෙනවද කියලා හොයල බලන්න කියලා. කොල්ලෙක් වෙලත් එයා එහෙම කිව්වේ මගේ යාළුකම නිසා වෙන්න ඇති. අනික කොල්ලොන්ගේ හැටි දන්නවනේ බං'.ඒ කතාවට නම් මගේ හිතේ ඇතිවුණේ ලොකු බයක්. මහිම ඒ වගේ කෙනෙක් වෙන්න පුලුවන්ද? රූපෙන් , කතාවෙන් කෙනෙක්ව මනින්න බෑ කියලා නම් මං හොඳටම දන්නවා. ඒත්.... දැන්ම මහිම ගැන චරිත සහතික දෙන්න කල් වැඩි කියලා මට හිතුන.. යාලුවෝ කියන කතාව ඇත්ත. දැන් අහන්න තියෙන කතාවල හැටියට කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් අමාරුයි.

               'හ්ම්... ඒක නම් ඇත්ත කතාව. එත් දැන් කොහොමද අපි ඒ ගැන හොයන්නේ?' ඒ ප්‍රශ්නේ ඇහුවේ සඳු.

              'මං මහිමගේ මොබයිල් නම්බර් එකත් ඉල්ලගත්තා' කියලා දිනාදී කියනකොට හැමෝම මගේ මුණ දිහා බැලුවා. මෙයාල කියන්නේ මට මහිමට ටෙක්ස්ට් කරන්න කියලද?

              'ඔයාටම තමයි විශ් ඒක කරන්න වෙන්නේ' 

              'ඒ කිව්වේ? ටෙක්ස්ට් කරන්න ද? අනේ මට නම් බෑ බං. නිකන් මගේ නම චාටර් වෙයි. මං එයාගේ පස්සෙන් යනවා කියලා'.

              'එහෙම වෙන්නේ උඹ කවුද කියලා මහිම දැනගත්තොත් නේ. දැනට මහිම ඔයා ගැන කිසි දෙයක් දන්නේ නෑනේ. හරියට නමවත් , ෆෝන් නම්බර් එකවත්'

              'මහිමට crush කරන කෙල්ලෙක් වගේ ටෙක්ස්ට් කරොත් ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි මහිම කියන්නේ කොයි වගේ කොල්ලෙක්ද කියලා'

              'ඉතින් මං ටෙක්ස්ට් කරන්නේ කවුරු කියලද? බොරු නමකින්ද?'

              'ඔව්..ඇයි බං ඔය දායාදයක් විදියට හම්බෙලා තියෙන්නේ අපිට මායම් 64ක්ම. එකක් දෙකක් පාවිච්චි කරාට වරදක් නෑනේ' මංසලා කිව්වේ ඇහැකුත් ගහන ගමන්.

              'බොරු නමකින්ම එපා බං. මහිම කියන්නේ ඔය කියන විදියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ කොල්ලෙක් නම් විශ් එයාට ආදරෙයි කියලා කවදාහරි එයාට කියනවනේ නේද?' දිනාදී අහනකොට ඉතින් කස්ටියම එක එක සද්ද දැම්ම.

             'ඔව්' මං දෙකට තුනට ඇඹරිලා කිව්වා.

             'අන්න එහෙම කිව්ව දවසට බොරු කරා කියලා මහිම දැනගත්තොත් ඒකත් අවුලක් වෙයි' දිනදී කිව්වේ හොඳට දුර දිග බලපු කතාවක්.

            'අනේ ඒ උනාට මට ඇත්ත නමින් ටෙක්ස්ට් කරන්න නම් කියන්න එපා... ප්ලීස්..'

            'ඔයාගේ නම fb එකේ තියෙන්නේ විශ්මි සූරියබණ්ඩාර කියලනේ විශ්?' සඳු ඇහුවා.

             'ඔව්. මහිම fb එකේ යාලුවෙක් නේ'

             'හරි ඉතින් ඔයාගේ අනිත් නම කවුරුත් දන්නේ නෑනේ. ඉස්කෝලේ අයගෙන් දන්නේ අපි ටික විතරනේ. අයියගෙන් කීයටවත් ඔයාගේ අනිත් නම ගැන කියවෙන එකකුත් නෑනේ මහිම ඉන්න තැනක. හෙව්වත් මහිමට හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ කවදාවත්. ඉතින් ඔයාට පුළුවන් නේ ඒ නමින් ටෙක්ස්ට් කරන්න. බොරුවක් කරා කියලා මහිමට කියන්නත් බෑනේ'

            'මොකද්ද ඒ අපි නොදන්න අනිත් නම?' දෞපදී ඇහුවේ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන.

           'ආහ්... උඹ දන්නෙත් නැද්ද? අපේ විශ්ට තියෙනවනේ තව ලස්සන නමක්.

           මන්දහාසි.....

       මං විශ්මි මන්දහාසි සූරියබණ්ඩාර....

35 comments:

  1. අහ්..මමත් මෙච්චර කල් හිත හිත හිටියේ කොහෙන්ද යකෝ මේ ටයිට්ල් එකට මන්දහාසි කෑල්ලක් ආවේ කියලා...:)

    යාළුවන්ගේ මොළ ටික නම් නියමයි...ඇලේ දාන්නයි වටින්නේ..

    ReplyDelete
  2. මේක කරන්නේ බැ
    යකෝ මේකා පස්සෙන් කෙල්ලෝ හැට හැත්තෑවක් යනවා
    අපිටනේ එකෙක්වත් නැත්තේ
    මේක හරි අසාදරනයි

    අද කොටසත් සුපිරි ඈ

    ReplyDelete
  3. අද කොටස නම් සුපිරිය. නෝටිට අතීතේ දවසක වෙච්ච දේවල් මතක් උනාය.
    නෝටියටත් ඒ අතීතේ සොදුරු මතකේ ගැන පෝස්ට් එකක් දාන්න හිතුණිය...
    ආයෙත් සැරයක් පෝස්ට් එක එළය...
    අන්ත් එපිසෝඩ් එකත් ඉක්මනටම දානවලුය..

    ReplyDelete
  4. මහිම මන්දහාසි කථාව ඇත්ත එකක්ද නංගෝ,. කොහොම වුනත් කථාව නම් මරු,.

    ReplyDelete
  5. හි හි මම මෙච්චර කාලයක් හිතුවෙ මන්දහාසි කිව්වෙ මහිමගෙ හිනාවට කියලා... එල එල කතාව එලටම යනවා... ජය වෙවා... ඉකෙ වගෙ සිතලට ලියනව ඉවර වෙනකම් දන්නෙ නෑ.....

    ReplyDelete
  6. කතාව නියමෙට යනවා.... මම හිතුවෙත් මන්දහාසි කෑල්ල ආවේ සිනහවට කියල..... එක හොදයි... දැන් ඉතුරු ටික කියවන්න ඉවසිල්ලක් නෑ.

    ReplyDelete
  7. ඇයි වදේ මේ එක කොල්ලට කෙල්ලෝ සෑහෙන ගානක් මැරෙන්න යන්නේ ? මම් දන්න විදිහට නම් නුවර කොල්ලන්ගෙන් අහේනියක් නෑ. හික්ස් :)

    ඒක නෙමෙයි මහිම මන්දහාසි කියලා කියන්නේ කතාවේ නම නේ. ඒ කියන්නේ අනිවා ෂුවර් එකටම මේ මහිමයා ඔයත් එක්ක (විශ් එක්ක) යාලු වෙන එක වෙනවමයි !!!

    මේ කතාව ලියන කතුවරිය කොච්චර විශ් ට කැමතිද කියලා කියනවනම් විශුයි තමාවයි වෙන් කරන්නත් කැමති නෑ. ඒ කියන්නේ මේ ඔයාගේ කතාව නේ ? හික්ස් :)

    ජය වේවා !!!!

    ReplyDelete
  8. එළ එළ.ඔය කතාව නැගලම යන්නෙ.දෑන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නෙ.{මන් හරිද මන්ද:)}
    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්ඩෝ.

    ReplyDelete
  9. @සයුරි අක්කි : ඇත්තටම මගේ යාලුවෝ (Iceගේ යාලුවෝ) ටිකත් ඔහොම තමයි... ඇලේ දාන්න වටිනා මොළ ටික.. හිකිස්. ~මහිම විශ්මි~ ගැලපෙන්නේ නැති නිසා ටයිට්ල් එකකට මන්දහාසි දැම්මේ ... :) :)

    @මහිම : මේ මහිමයි , ඔය මහිමයි පැටලෙයි කියලද ඔයා මහිම මධුරංග කියලා නම වෙනස් කරේ? හිකිස්.... කොහොමත් මේක මහා අසාධාරණ ලෝකයක් හලෝ.. ස්තූතියි යාළුවා... :) :)

    ReplyDelete
  10. @නෝටියා : තැන්කූ වේවා කිව්වලු.. :) :) අපිත් ආසයි ඒ කතාව අහන්න...මං දැක්කා නෝටි පෝස්ට්ස් දෙක තුනක් දාල තියෙනවා... තව ටිකකින් එන්නම්කෝ ඒ පැත්තේ...

    @ප්‍රාර්ථනා අක්කි : කතාව ඇත්තද කියලත් වෙලාවක මං කියන්නම්කො.. ස්තූතියි අක්කි.. :) :)

    ReplyDelete
  11. @සිහින කොදෙව්ව : හි හි... ස්තූතියි යාළුවා මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරාට.. :) :)

    @Anonymous : ස්තූතියි යාලු...ඉතුරු කොටස් ටිකත් ඉක්මනින් ලියන්න තමයි කල්පනාව.. කියවන්න එන්නකෝ... :) :)

    ReplyDelete
  12. @මධුරංග අයියා: ඔව් අයියා අපරාදේ කියන්න බෑ නුවර කොල්ලොන්ගෙන් අහේනියක් නෑ... ඒත් ඉතින් 'ඒ ගොඩක් කෙල්ලොන්ගේ හැටි බං. කොල්ලොන්ගේ ඉස්කෝලවල ෆේමස් කැරැක්ටර්ස් වලට නමට හරි ලව් කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා' මේ කතාවත් ඇත්ත..

    බලමුකෝ මධූ අයියගේ අනාවැකිය හරියයිද කියලා.. හිකිස්.. මගේ කතාව ද නේ?? බලමුකෝ බලමුකෝ.. :) :) හැමදාම වගේ අදත් ස්තුතියි අයියා... :)

    ReplyDelete
  13. @Mithuru :ඇත්තටම ඔයා හරි... දැන් තමයි කතාව හරියටම පටන් ගන්නේ.. ස්තූතියි යාළුවා. ඉක්මනටම ලියනවා.. :)

    ReplyDelete
  14. hmmm...mama oyawa hariyatama therum ganna tharam asraya karala nathi unata mata hithenawa mandahasige samahara gathiguna oyatath thiyenawa kiyala... eka ehemada??

    ReplyDelete
  15. @(‍‍‍අයි කෙ) : ඔයා හරි ඉසුරු... ඔයා කතාවම නෙරා අයියලත් කියනවා.. ඒක ඔයාට තේරුණේ ඔයා මගේ හොඳ යාලුවෙක් නිසයි. ස්තූතියි ගොඩක්.. :)

    ReplyDelete
  16. අදත් මං ටිකක් පරක්කුයි වගේ...
    ඔච්චර බෝයිස් කොලේජ් තියෙන නුවර එක කොල්ලට ඔච්චර සෙනගක්....
    මේ ලෝකේ පුදුම අසාධාරණයි,,,
    අපිට එකෙක් වත් නෑ..ශැහ්...
    මට නම් හිතෙන්නේ මේ අපේ අයිස් කෙල්ලගේ කතාවම තමයි...අපිට බොරුව දානවා නේ..
    මෙච්චර ඇත්ත වගේ ලියන්නේ ඒකනේ...(හැකැස්)
    හප්පේ ඇත්තටම කෙල්ලෝ එකතු වුනාම මෙහෙමෙයි...මුන්ටත් ඇත්තට ඈ....
    කොටස නම් ලස්සනයි ..මට හිනා ත් ආවා සමහර තැන් වල...
    ඉතිරියත් බලාපොරොත්තුවෙන්..ඇඩ් නම් එපා හොඳේ..

    ReplyDelete
  17. ඇඩ් කිව්වේ ටෙලි නාට්ටි වල වගේ මැද දී සින්දු කෑලි එහෙම....
    විශේෂ නිවේදන නම් කමක් නෑ...

    ReplyDelete
  18. @ගලයා : මහා ලොකු පරක්කුවකුත් නෑ ගලයෝ....
    මං ඇත්ත වගේ ලියනවද? එහෙනම් එච්චරයි ඈ පට්ටම හැපි ය...
    ඕන් අයිස් තැන්කූ කිව්වා...
    අර කතාව මැද්දේ තියෙන සින්දු කෑල්ල ඇඩ් එකක් නෙමෙයි බොලව්, රින්ග් ටෝන් එකක්.. හිකිස්..

    @(‍‍‍අයි කෙ): හි හි.. එල ... :D :D

    ReplyDelete
  19. නියමයි... මේ දැනුයි යාපනේ ගිහින් ආවේ.. ආව ගමන් මේකට එබුනේ,,, මේ ඔය යාලුවොන්ගෙන් කෙනෙක් මටත් සෙට් කරලා දෙන්නකෝ... හික් හික්....

    ජය,,,,

    ReplyDelete
  20. අදමයි මේ පැත්තෙ ආවෙ... ලස්සන කතාවක්... කොනක ඉඳන් කියවන්න ඕන...

    ReplyDelete
  21. @Gayan Rupasinghe : හි හි... යාපනේ ගියා? ෂා... මරුනේ. මටත් ආසයි යාපනේ යන්න.. ස්තුතියි අයියා... :) :)

    @Music girl : ස්තුතියි සහෝදරී... මුල ඉඳන් කියවගෙන එන්නකෝ...:) :)

    ReplyDelete
  22. එක්කො ඔයා හොඳ Professional Writer කෙනෙක්, නැත්නම් මේක ඔයාගෙ ජීවිත කතාව. මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් වෙන්න වෙන හේතුවක් නෑ. කොහොම උනත් කතාව මාර ලස්සනයි නංගා....ඊලඟ කොටස එනකම් මග බලාගෙන ඉන්නේ.

    ReplyDelete
  23. ඈනෝනිමස් කොල්ලාNov 13, 2011, 6:59:00 AM

    මටනන් හිතෙන්නෙ true storiyata තෑනින් තෑනින් ඔයා කෑමති, ඔයා සිහින මවන පොඩි පොඩි සීන් කෑලි ටිකක් add කොරල එහෙම edit කරපු ස්ටෝරියක් කියාලය ඕන්.. සමහර තෑන් වල විශ්ගෙ පහනින් එලිය බලන්ඩ හදනවාය කිව්වොත් මං හරිද දන්නෑ.. හික් හික්
    මොනව උනත් දක්සයි ආහ්.. බලමුකො ඉස්සරහට romantic සීන් ටික කොහොමද ලියවෙන්නෙ කියල..

    ReplyDelete
  24. @ලොකු අයියා : Professional Writer?? අනේ අම්මෝ... ඔය ටික Professional Writer කෙනෙක් දැක්කොත් එහෙම එල්ලිලා මැරෙනවා ෂුවර්... හි හි... කතාවේ මගේ අදාලත්වය ගැනත් කියන්නම්කො වෙලාවක. ස්තූතියි අයිය.. ඉතුරු ටිකත් ඉක්මනින් ලියනවා.. :)

    @ඈනෝනිමස් කොල්ලා :රොමෑන්ටික් සීන් නේ?? බලමුකෝ බලමුකෝ.. හි හි. නිර්මාණයක් රසවින්දිනකොට ඒකට බාදාකරන්න හොඳ නෑනේ. ඒ නිසා ලියල ඉවරවුන දවසකම මේ කතාවේ ඇත්ත නැත්ත කියන්නම්කො හොඳේ.. ස්තූතියි සහෝ... :)

    ReplyDelete
  25. පිස්සු හැදෙනවා අක්කෝ.. පොස්ට් ඔක්කොම ටික (මන්දහාසි) කියවලා නැතිවුනත් හිතුමතේ ගේ හිතාටත් මොනවදෝ වෙලා ගියා.. ඔන්න ඒ හින්දාම 51 වෙනියත් උනා.. ඇත්තටම මම හිතනවා මේ ලියවෙන්නේ ඇත්තටම පවතින ආදර සම්බන්ධයක අතිත ආවර්ජනා කියලා... ගොඩාක් ආදරේ පිරුනු ලොකයක්ම වේවා කියලා පතනවා හිතුමතේ මුලු හදවතින්ම

    ReplyDelete
  26. හි හි... ස්තූතියි හිතුමතේ... :) :)

    ReplyDelete
  27. මේකෙ මන්දහාසි කියලා තියෙන්නෙ ඇයි කියලා මං කල්පනා කර කර හිටියෙ. දැන් නෙ ඒක එලියට ආවෙ.

    ReplyDelete
  28. apoy man me episode eke dakke dane bole :P wow akki this story is so nice :) keep writing :)

    ReplyDelete
  29. @නිසුපා අක්කි : එකනේ ගොඩක් ඇයට ඒක ප්‍රශ්නයක් වෙලා ඉඳල තියෙන්නේ.. හි හි..

    @Glimmer Girl : තෑන්ක්ස් නංගා.. :) :)

    ReplyDelete
  30. මම අදම තමා මේ පැත්තට ගොඩ වැදුනේ.
    අපූරු බ්ලොග් එකක් ...ලස්සන කතාවක්....
    ඔක්කොම කියවන්න වෙලා මදි.ආයෙ ඇවිත් කියවන්නම්.
    ඔන්න මමත් කොලමට එකතු උනා යාලුවා.....:)

    ReplyDelete
  31. @කුබුවි : ඉඩ ලැබෙන විදියට මේ පැත්තෙත් ඇවිත් යන්නකෝ.. :)
    ස්තූතියි යාළුවා.. :) :)

    ReplyDelete
  32. ෂාහ්.. හරිම ලස්සනයි අයිස් මේ කතාව.. මේ කියවගෙන යන ගමන්.. ඉදිරිපත් කිරීමේ වෙනසක්..
    සුබ පැතුම් දිගු ගමනකට..!!! :)

    ReplyDelete
  33. @නන්දු : ගොඩා.....රියක් ස්තුතියි නන්දු අක්කියෝ.. :DD

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)