Wednesday, January 18

~මහිම මන්දහාසි~ 20වන කොටස

      මගේ තීරණේ ගැන වචනයක්වත් අහන්නේ නැතුව මහිම ෆෝන් එක කට් කරපු එකත් හොඳයි කියල හිතුනා. මොකද එයාට කියන්න ඕනේ හැමදෙයක්ම මෙහෙම ෆෝන් එකෙන් කියල වැඩක් නැති නිසා. මහිම අහපු දේට අඬන්න ඕනෙද, හිනා වෙන්න ඕනෙද කියලවත් නොතේරෙන තරමට මං අවුල් වෙලයි හිටියේ. ඇත්ත ..... මං අහන්න ආසාවෙන් හිටිය දෙයක් තමයි මහිම ඇහුවේ , ඒත් ඒක ඇහුවේ වැරදි කෙනාගෙන්. මට කොතනද වැරදුනේ? ඇයි මහිම ඉක්මන් වුණේ? මං ඕනෙවට වඩා බලාපොරොත්තු දුන්නාවත් ද? මං හිටියේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. ෆෝන් එක තිබ්බට පස්සේ මහිම අයෙත් මැසේජ් එකක්වත් එව්වේ නැති එකත් වෙලාවේ හැටියට පුදුම අස්වැසිල්ලක් වුණා. මට හිතල තීරණයක් ගන්න එයා කාලය දෙන්න ඇති. 


     මේ හැමදෙයක්ම වෙන්නෙත් මගේ අවාසනාව නිසා වෙන්න ඇති. නැත්තන් දවල් යාලුවොන්ව හම්බවෙලා, කරන්න ඕනේ මොනවද කියලා කල්පනා කරලා හැමදේම හොඳින් අවසන් කරන්න ප්ලෑන් කරාට පස්සෙත් මේ වගේ දෙයක් වෙන්න හේතුවක් නෑනේ. උදේ පාන්දරම මහිම කතා කරොත් මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරිවුණා. අපේ කස්ටියටම මිස් කෝල් තියල , මැසේජ් එකක් දැම්මේ උදව්වක් ගන්න හිතාගෙන. මේ පාන්දර දෙකට විතර ඇහැරගෙන ඉන්නේ මොන නිශාචාරයද.. ඒත් එකම එක නම්බර් එකක් විතරක් 'waiting ' වෙලා තිබුණා. වෙන කාගේවත් නෙමෙයි ඉතින් මගේ වෙන්ඩ නෑනන්ඩිගේ තමයි. අඩේ මං හිතුවා අපේ අයියාකාරයා නිදිමරාගෙන පාඩම් කරනවා ඇති කියලා. යකෝ බලාගෙන ගියාම මුන් දෙන්නා මල් කඩනව නේ. අයියට නෝන්ඩියක් දෙන්නත් නොහිතුනාම නෙමෙයි. ඒත් මේ වෙලාවේ හැටියට මූඩ් අවුල් අප්පා. අනික අපේ එකා අහයි මං මේ වෙලාවේ ඇහැරගෙන මොකද කියලා. ශිකේ......... මේ මගුලක් නිසා හිතට නිවනක් නැති හැටි.... 




_______________________________________________

    උදේ පාන්දරම මං ඇහැරුණේ ෆෝන් එකේ වයිබ්රේට් එක නිසා. මොන මගුලක් ද කියලා හිතෙනකොටම තමයි ඊයේ වුණ වැඩේ මතක් වුණේ. මහිම නම් මොකද කරන්නේ? ෆෝන් එක කොට්ටේ යට තියෙද්දීම මං කල්පනා කරත් කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ. කමක් නෑ කතා කරනවා කියලා බලනකොට කෝල් එක මහිමගෙන් නෙමෙයි, අපේ සඳුගෙන්. අම්මේ...... හිතට දැනුණු සනීපයක්...

    'හෙලෝ'

    'හෙලෝ නෙමෙයි. මේ,මොකෝ පුතේ වුණේ?' ඔන්න මේකි දැන් මට අම්මා වෙලා.

   'අනේ බලපන් සඳු' කියලා පටන්ගෙන මං මහිම මන්දහාසිට කිව්ව දේවල් එක්ක මුළු විස්තරේම දිග ඇරියා.

   'අම්මට සිරි... එහෙනම් වැඩේ දරුණුයි වගේ නේ?' සඳු එහෙම කිව්ව නම් ඉතින් දරුණුයි ම තමා.

   'ඔව් බං. මං කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ මෙහෙම දෙයක්'

   'උඹ විතරක් නෙමෙයි බං, අපිවත්. මාර කේස් එකනේ. තවත් අවුල් වෙන්න කලින් මොනවමහරි කරන්න වෙයි' 

    'තරහ වෙන්න එපා කියලා මං බෑ කියන්නද?' මං ඇහුවා.

    'ඊට පස්සේ?' 

    'හ්ම්....ඊට පස්සේ... මැසේජ් කරන එක නවත්තල දාන්නම්'

    'ඒ වුණාට කවදමහරි ඕක මහිමට කියන්න වෙනවනේ. එදාට මොකද කරන්නේ?' සඳු ඒ ඇහුවා ප්‍රශ්නෙට නම් මං කොර වුණා.

    'මන්දා...... ' මං හිටියේ හොඳටම අවුල් වෙලා.

    'මන්දා කියලා බෑනේ විශ්. මේ අහපන්කෝ, බොරුවක් කරා කියලා දැනගත්තම මහිමගෙන් නෙමෙයි කාගෙන්වත් සමාවක් නෑ. එක උඹ හොඳටම දන්නවනේ. ඒ මදිවට උඹ මෙච්චර කල් මැසේජ් කරලා, ඕනෙම කරන දේ නොහිතපු විදියකින් අහගෙන මැසේජ් නොකර අතැරලා දාන එක සාධාරණ නෑනේ? අනික උඹට එහෙම කරන්නත් බෑ. මං දන්නවනේ උඹ ගැන' සඳු කිව්ව හැමදේම ඇත්ත. 

    'දැන් ඔය මහිම ඇහුව දේට උඹ එක්සයිට් වෙලාද ඉන්නේ? මං කියන්නේ ඒ උඹ බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් නේ?'

     'ඔව් සඳු... ඒක ඇත්ත. මං ඒක පිළිගන්නවා. ඒත් එයා ඒක ඇහුවේ මන්දහාසිගෙන්. ඒකයි නේ අවුල'

     'ඒක අවුලක් වෙන්න නම් ඉතින් ෂුවර් එකටම බලපාන්න ඇත්තේ උඹේ කල්කිරියාව වෙන්න ඇති නේ' සඳු හයියෙන් හිනා වෙලා එහෙම කිව්වා.

     'උඹ කියන්නේ මං අනවශ්‍ය විදියට බලාපොරොත්තු දෙන්න ඇති කියලද?' මං කෙලින්ම ඇහුවා.

     'නැතුව... ඒත් ඒක උඹ හිතල කරා කියලා මං කියන්නේ නෑ. උඹත් නොදැනුවත්ව එහෙම වෙන්න පුළුවන්. කොහොමත් උඹ මහිමට ලව් නිසා ඒක සාමාන්‍යයි නේ' අන්තිමේදී යන්තම් සඳු මගෙන් බැනුම් නොඅහා කතාව ඉවර කරා. මහිම කෝල් කරාම ජාමේ බේරාගෙන කතා කරන්නේ කොහොමද කියලා අපි දෙන්න ගොඩක් වෙලා කතා කරලා තීරණේ කරා.

*******

     වෙනදට උදේ පාන්දරම මිස් කෝල්ස් ගහලා මාව ඇහැරවන මහිම අද තාම සද්දයක්වත් නෑ. ඇත්තටම මං බය වුණා. මෙයා මට ජෝක් එකක්වත් කරලා නම්? අම්මෝ...... මං බෙල්ලේ වැල දාගෙන මැරෙනවා. බලාගෙන ඉඳල ඉඳලා එපා වුණ නිසා මං කාමරෙන් එළියට ආවා. මං සාලෙට එනකොට අයියා ටීවී බලනවා. මගේ මූණට හිනාවක් ආවේ ඊයේ මෙයාගේ මල් කැඩිල්ල ගැන මතක් වෙලා. 

    'මොකද මේ අද උදේම නැගිටලා?' ඔන්න ඉතින් උදේ පාන්දරම නක්කලේ දැම්මා.

    'ආ..... නංගී දැන් ඉස්සර වගේ නෑනේ ලොකූ. දැන් උදේම නැගිටිනවා. මගේ හොඳ කෙල්ල' ආදරේ උතුරලා යන ඇස් වලින් මගේ දිහා බලන ගමන්  අම්මි සාලෙට ආවා. උදේම ඒ ලස්සන සුදු මුණ දැක්කම ඇතිවෙන ආදරේට මහිමත් යටයි කියලා මට හිතුණා.

    'ඔව් මේ, ළගදි ඉඳන් ඉස්සර වගේ නෑ කියලා මටත් තේරෙනවා' පිට මැද්දට, තඩි පොල්ලකින් පත බෑවා වගේ අයියා එක පාරටම කියපි. මගේ ඉහ මොළ රත්වුණා. මං හිමිට ඇස් කොනින් අම්මි දිහා බැලුවත් අම්මි බලාගෙන හිටියේ ටීවී එක දිහා. මගේ වෙලාව හොඳ නිසාමද කොහෙද අම්මිට වැඩිය ඒ කතාව තේරුණේ නෑ. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවේ මෙයා එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න. ඉදපන්කෝ මගේ සුදු අයියේ, මං බොට කරන්නම් වැඩක්. එහෙම හිතල මං ගිහින් අම්මි ලඟින් වාඩි වෙලා අම්මිගේ උරහිසට හේත්තු වුණා.

     'අයියගේ ඇස් වටේට කලු වෙලා නේද අම්මි?' මං නිකන් අයිය දිහා ඕනෙවට එපාවට බලලා කිව්වා. අයියත් මගේ දිහා ඕනෙවට එපාවට බැලුවේ තාමත් පොරට වැඩේ මීටර් නැති ගානයි.

     'ඔව්මයි....... පාඩම් කරනවා නේ පුතේ ඒ නිසා වෙන්න ඇති' අයියා දිහා ආදරෙත්, අනුකම්පාවත් මිශ්‍රවුණු විදියේ බැල්මකින් බලන ගමන් අම්මි කිව්වා.

     'හ්ම්..... ඔයාට සබ්ජෙක්ට්ස් කීයක් තියෙනවද අයියා?' මං අම්මි අහක බලාගන්න කලින් ටාර් ගාලා අයියගෙන් ඇහුවා. 

    'තමුසෙට තියෙන ගානම තමයි. ඇයි??' අයියා ප්‍රශ්නාර්තෙකුත් මූණට අරගෙන මගෙන් ඇහුවේ පුදුමෙන් වගේ. අම්මිගේ මූණත් ඒ ගානමයි.

    'ඒක තමයි.... ඒ සබ්ජෙක්ට්ස් තුනෙන් රෑට රෑට ෆෝන් එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ කොයි සබ්ජෙක්ට් එකද කියලා තමයි මං මේ කල්පනා කරේ?' මං අම්මිගේ මුණ දිහත් හොරෙන් බලන ගමන් අයියට කියලා දැම්මා. අයියගේ මුණ කලු වුණෙත්, පුදුමෙට අම්මිගේ කට අරුණේත්, මං කාමරේට දිවුවේත් එකම වෙලාවේදී වගේ..

   'මොකද්ද චූටි දුව ඒ කිව්ව කතාව.......' කාමරේට පැනල දොර වහගන්නකොට අම්මි කෑගහල එහෙම ඇහුවා.. මං උත්තර දෙන්න ගියේ නෑ. අම්මිගේ ආදරණීය පුත්‍ර රත්නයම උත්තර දෙයි නේ..

    කාමරේට ඇවිත් ටික වෙලාවක් සාලේ දිහාට මීටරේ අල්ලාගෙන හිටියේ, අයිය ඇවිත් මාව එලොව යවයි කියලා බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම වුණේ නෑ. සමහරවිට අම්මලා, පුතාල එකතු වෙලා වට මේස සාකච්චාවක් තියනවද දන්නෙත් නෑ... 

    අයියගෙන් තර්ජනයක් නැති නිසා හිත නිදහස් වුණාම තමයි ඊළඟ පාරාලේ ඔලුවට පාත් වුණේ. මේ වඩා නිසා මට මහිමව අමතකම වෙලා ගියානේ. මහිමගෙන් මිස් කෝල් එකක් තිබුණා. අන්ස්වර් නොකරපු නිසා මොනවා හිතුවද දන්නේ නෑ. කෝල් කරනවද? මැසේජ් කරනවද? නැත්තන් මොනවත්ම නොකර පාඩුවේ ඉන්නවද කියලා කල්පනා කරනකොටම මහිම ආයෙත් කෝල් කරා. හිතේ ලොකූ කැළඹීමක් තිබුණු නිසාම මං ආන්සර් කරේ කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී.

    'හෙලෝ'

    'හෙලෝ... ගුඩ් මොර්නින්ග්! අම්මේ...... දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ' මහිම කිව්වේ පුදුම හදිස්සියකින්.

    'ගුඩ් මොර්නින්ග්!.. ඒ මොකෝ?'

    'මං හිතුවා තරහ වෙලා කියලා' ලොකූ හුස්මක් ගන්න ගමන් මහිම එහෙම කිව්වම, මගේ හිත මොකද්දෝ නොතේරෙන හැගීමකින් පිරුණා. 

    'නෑ....' පුළුවන් තරම් සන්සුන් විදියට කතා කරන්න හැදුවත් මගේ කටහඬ කලබල වෙලා කියලා මට හිතුනා.

   'හසී....??' පුදුම තරමේ ලෙන්ගතුකමකින් කටහඬ පුරවලා, ශාන්ත විදියට මහිම මට කතා කරනකොට කලින් දැනුණු හැගීම තවත් වැඩි වුණා. මේ දැනෙන්නේ ආදරේද?

   'ම්ම්....'

  'ඔයා මං කිව්ව දේවල් ගැන කල්පනා කරාද?' මහිමගේ මං කැමතිම ගුණාංගයක් මගේ හිත කලබලවෙලා තිබුණු ඒ වෙලාවෙත් එයා ප්‍රකට කරා. වැඩිය වටේ නොගිහින් කෙලින්ම ප්‍රශ්නෙට ආවා.

    'හ්ම්... ඔව්' මං ඇත්තම කිව්වා.

    'හොඳ ළමයා.... ඉතින්??' 

    'ඉතින්??' එයා අහන කතාව තේරුණත් හසරක් නොදන්න පොඩි එකා වගේ මාත් ඇහුවා.

    'අනේ ඔයා බබා නේ.. හි හි.. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ?' පුදුම තරමේ ඉවසීමකින් මහිම ඇහුවා.

    'ඊට කලින් මට ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඕනේ??' මං මහිමට කිව්වා.

   'ඕකේ.... ෂුවර්.. අහන්නකො ඉතින්' ඒ ලෙවල් ක්ලාස් එකක ළමයෙක් පහේ ශිෂ්‍යත්වේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න යනවා වගේ සැහැල්ලුවකින් මහිම කිව්වා.

   'ඇයි ඔයා මට ආදරේ කරන්නේ? ඔයා මං කවුද කියලා දන්නෙත් නෑ, මාව දැකලත් නෑනේ?' ඇත්තටම මගේ හිතේ තිබුණා ප්‍රශ්නේ මං ඇහුවා.

   'ආදරේට ඒ දේවල් ප්‍රශ්නයක්ද හසී? ගොඩක් කෙල්ලෝ ආශ්‍රේ කරලා තිබුණත් මට විශේෂයක් දැනුණේ ඔයා ගැන විතරයි. ඒක සාමාන්‍ය දෙයක් වෙන්න බෑ පැටියෝ. මං දන්නවා මං ඔයාට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ඒක සාමාන්‍ය ආකර්ෂණයක් නෙමෙයි. ඔයාට මාව විශ්වාස නැද්ද?' මහිම ඇහුවේ පාපොච්චාරණක් කරන ගානට.

    'නෑ නෑ.. මට ඔයාව විශ්වාසයි. ඒත්..... ඒත් මහිම,ඔයා මාව දැක්කට පස්සේ ඒ අදහස් වෙනස් වුණොත්? ඔයා හිතන තරම් මං ලස්සන නෑ මහී'

   'මට තියෙන්නේ එහෙම රූපේ දැක්කම වෙනස් වෙන හිතක් කියලා ඔයා හිතනවද හසී? එහෙම හිතක් තියෙනවා නම් මං මීට් වෙන්න කලින් ඔයාගෙන් මෙහෙම අහන්නේ නෑ. දැක්කට පස්සේ තීරණේ කරනවා මිසක්. මට ගැලපෙනම කෙනා කියලා මෙච්චර කාලෙකට මට හිතුනේ ඔයා ගැන විතරයි හසී. මං ආදරේ කරන්නේ මං දන්න ඔය ලස්සන හදවතට මිසක් දැකල නැති ඔයාගේ මූණට නෙමෙයි' මහිම එහෙම කිව්වේ ආවේගේකින් කියලා මට හිතෙනවා. 

   'අහන්න මහිම... මං ඔයා කිව්ව දේවල් ගැන ගොඩක් හිතුවා. මට තේරෙන්නේ නෑ මං මොනවද කරන්න ඕනේ කියලා. අපි මීට් වුණාට පස්සේ අපේ තියෙන යාලුකමත් නැතිවෙයි කියලා මට බයයි. ඒ නිසා මට දැන්ම තීරණයක් ගන්න බෑ. අපි මීට් වෙමු? ඊට පස්සේ ඔයාම තීරණේ කරන්න. එතකොට මං මගේ තීරණේ ගැන කියන්නම්. ප්ලීස් මහී...' මගේ හිතේ තිබුණු අවංකම හැගීම් මං මහිමත් එක්ක කිව්වා.

   'අනේ කොච්චර ෂෝක් ද? මට ඔයාව මීට් වෙන්න කොයි තරම් ආස වුණත් මං ඒ ගැන කිව්වේ නෑ. ඔයා කියනකන්ම හිටියේ, නැත්තන් ඔයා මං ගැන වැරදියට හිතයි කියලා' මහිමගේ කට හඬේ තිබුනේ ලොකූ සතුටක්. 'ඕකේ.. එහෙනම් ඔයා මීට් වෙලාම කියන්නකෝ මට. ඉතින් අපි කවද්ද මීට් වෙන්නේ?' ඒ කටහඩට අමුතුම උද්යෝගේකුත් එකතුවෙලා තිබුණා.

   'ඔයාම කියන්නකෝ ඔයාට ලේසි දවසක්, තැනකුත් එක්ක?' මට ඒ ගැන කිසිම අදහසක් තිබුනේ නැති නිසා මං මහිමටම ඒ වගකීම පැටෙව්වා.

   'හරි.... ඔයාට සෙනසුරාදා ක්ලාස් ද? උදේ වරුවද , හවස් වරුවද පුළුවන්?'

   'හ්ම්ම්.... හරි. සෙනසුරාදා හොඳයි. වෙලාවේ ප්‍රශ්නයක් නෑ'

   'එහෙනම් සෙනසුරාදා හවස හතර හමාරට ඩයින්මෝ එකේදී? පුළුවන් ද?' මහිම ඇහුවා.

   'හා' ඒ තීරණාත්මක අවස්ථාවට මගෙන් අනුමැතිය ලැබුණා.


එහෙනම් ඊළඟ දවසේ ඩයින්මෝ එකේදී හම්බවෙමු... එතකන් ජයවේවා!
_______________
ප/ලි : ලැපේ චාජර් එකේ අවුලක් නිසා දවස් ගානක් මේ පැත්තේ එන්න බැරිවුණා. ඒ නිසා මේ කොටස දාන්න පරක්කු වුණා. ඒකට සොරි හොඳේ.........

84 comments:

  1. හප්පේ.. දිගාාාාාාායි... කතාව හොදයි..

    කෑලි දෙකකට දැම්ම නම් සිරා..

    අපිත් එන්නද සෙනසුරාදා :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින්..... ටිකක් ලිව්වම කතාව පොඩියි ලු, දිගට ලිව්වම කොටස් දෙකකට දාන්න ලු... හික් හික්...
      එන්න එන්න... :DD

      Delete
  2. ෂා මරු මරු.. හොඳම කෑල්ල ඊළඟ එක....

    ReplyDelete
  3. සෙනසුරාදට මාත් ඩයින්මෝ එකට එනවා. මොකෑ වෙන්නේ කියලා බලාගන්න !!

    මන්දහාසිත් විශ්මි කියලා දැනගත්තම කොල්ලා කලන්තේ දාලා වැටෙයිද මන්දා.

    ඊලඟ කොටස එනකන් නොඉවසිල්ලෙන් !!!

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.... එදාට එන හැමෝටම බිල් එක මධු අයියා ගානේලු.... හික් හික්...
      අනේ මන්ද, කලන්තේ දාල බේරුනොත් ඇති.. :) :)

      Delete
  4. ane math yanewa dinamor ekate :D :D ade post eke nam shoy :D ilange ekath danne ikmanate :D

    ReplyDelete
    Replies
    1. හුරේ........ ඔයත් එන්න එදාට.. තෑන්ක් යූ නංගා.. පුළුවන් ඉක්මනට ලියන්නම්.. :D

      Delete
  5. මේ හැමෝම ඩයින්මෝ යන නිසා මම නම් හිතන් ඉන්නෙ අයේෂා ඉතුරුටික දානකම් ඇඟිලි ගැන ගැන ඉන්න...

    ReplyDelete
    Replies
    1. අන්න කරනවා නම් නියම වැඩක්....... :D :D :D

      Delete
  6. අනේ අදත් කොටාටාටාටායි...මේ මේ ඔන්න කෑලි කඩනවා එහෙම නෙමේ සෑම් කිව්වා කියලා....ඊ ළඟ කොටසින් ඉවර වෙනවද..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඊට පස්සේ මෙතන කස්ටියගේ මරණ තර්ජන වලට ලක්වෙන්න බෑ අප්පා...... හි හි...

      නෑ අක්කි, තව කොටස් දෙකකින් නැත්තම් තුනකින් අනිවා ඉවර කරනවා.. :D :D

      Delete
    2. නැත්තන් මේක මෙගා වෙනවනේ නංගෝ.. :D

      Delete
  7. හරී දැමු බලන්න ඊලග කෑල්ලත් ඉක්මනටම
    කතාවනම සිරාවටම ලස්සනට ගලාගෙන යනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා ඕන්......
      පුළුවන් ඉක්මනට ලියන්න බලන්නම්කෝ.. :D :D

      Delete
  8. ඩයිනමෝ කියද්දී කෙල කී බෝඩ් එකේ..

    ReplyDelete
    Replies
    1. හප්පෝ....... තියෙන පෙරේතකමක්... :P :D

      Delete
  9. අයේශා නංගියෝ ඉතුරු ටික ඉක්මනට දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට ලියනවා අයියේ.. දැන් ඉවර වෙන්න ළඟ නිසා හදිස්සි නේ?? හි හි

      Delete
  10. ඊලග කොටසනනන් ඉක්මනට දාන්න .. එකටනං ගොඩක් දවස් බලන් ඉන්න බෑ..

    ReplyDelete
    Replies
    1. හි හි...... හරියෝ... පුළුවන් ඉක්මනට ලියන්න බලන්නම්කෝ. ඒත් මේ ටිකේම වැඩ ගොඩ ගැහිලා.. :D

      Delete
  11. අනේ අම්මේ මොකෝ මේ වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අනේ... මේ මොකෝ වෙන්නේ... :)

      Delete
  12. හුටස් පටස්.කට්ටිය ඩයිනමෝ එකේදි හම්බවෙලා පුපුරයිද දන්නෑ.
    නැත්නං මහී කියයි ආ.... විශ්. මං මන්දහාසිව මීට් වෙන්න ආවා.ඔයා කොහෙද මෙහෙ? කියලා:D

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න බෑ ඉතින්. වෙලාවකට කොල්ලොත් බෝම්බ වගේනේ.. හිකිස්...
      අනේ මං මේ සබ්මැරින් එකක් කන්න ආවා, කියල ශේප් වෙයිද දන්නේ නෑ... :DD

      Delete
  13. ඉක්මනට ඉතුරු කොටසත් ඕනෙ....

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට ලියනෝ...... ඒත් ඉතින් මේ ටිකේම හෙන බිසී අප්පා..
      :D :D

      Delete
  14. මේ සෙනසුරාද එහෙමනම් මමත් ඩයින්මෝ ඒක පැත්තේ ඉඳීවි..

    ReplyDelete
    Replies
    1. අඃ......... එල එල ...
      එහෙනම් අයියටත් සීන් කෝන් ඒක බලතහැකි. :D

      Delete
  15. කතාව ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා... ඊළඟට???? :) කතාව නම් ෆට්ට නගා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා..... ඒත් දැන් මුහුදට වැටෙන්න ලඟයි.
      ස්තුතියි ශානි අක්කියෝ... :D :D

      Delete
  16. මරු හලෝ මේක තමයි කතාවේ රසවත්ම කොටස හැම දෙබසක්ම ඇත්තම විදියට ගියා දැන් නම් මට හිතෙනවා මේ ඇත්තටම මෙයාට වෙච්චි දෙයක්දෝ කියලා හි හි මාර ලස්සනයි...මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව ඉන්නේ....(පුදුම වැඩේ කියන්නේ මම නදී මාව හම්බුවෙන්න ඇහුවෙත් ඔහොම්ම තමා)ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් දැන් ගැමියත් පේන බලන්න අරගෙන... හි හි... ස්තුතියි කිව්වා..
      ඉක්මනට කියන්නම් මොකද වෙන්නේ කියලා. (මෙයාට පෙර සිදුවීම් මතක් වෙලා ;) )
      ජය වේවා!

      Delete
    2. aaaaaa me eka nemei mama me wadagat gamanak awa.hee heee ogollonge gedatta sahenna lagai a gamanedi hambunu duuthayek kiwawa oya clz yanne JWA ekatada kiyala...tawa eya kiwwa mihiran,wishwanath kiyala dharmaraje yaluwo dennek gana eyala oyage yaluwoda???...(dada kiyala tamai a yaluwo me duuthayata kiyanne "the best" kiyana english clz ekedi)

      me sinhalen type karanna widiyak na net connection slow nisa unicode ganna widiyak na...gedara apuwama sinhalen reply ekak ewannam....

      mama kiyapu de hari wage me siddiya sirawatama oyata wechchi deyak tamai :)

      Delete
    3. හෑ....... මොකක් කිව්වා? O_o
      මිහිරාන් නම් මගේ යාලුවෙක් තමයි.. ඒත් විශ්වනාත් කියල කෙනෙක්ව නම් දන්නේ නෑ..
      ඔව් මං JWA එකේ ක්ලාස් යනවා.
      ඩඩා කියලද කියනවා කිව්වේ? මිහිරාන් නම් එහෙම කෙනෙක්ව මතක නෑ කිව්වා.. අනේ කවුද හැබැට ඔය දුතයා? එයත් ධර්මරාජේ ද? :D

      Delete
    4. ධර්මරාජේ විතරද කොල්ලෝ ඉන්නේ හි හි එයා මිහිරාන්වයි ඔයගේ පින්තුරෙක හිටිය තව යාළුවෙක්වයි දන්නවා...ඔයා ඉරිදා සෙනසුරාදා ක්ලාස් යනවා කියලා ඒ දූතයා ප්‍රකාශ කර සිටියා...දූත තොරතුරු බොහෝ දුරට හරියන්න ඉඩ තියෙනවා ...ම්ම්ම්ම් මේ කියන ඒවා හරිනම් නුවන් අයියා හොඳ රහස් පරීක්ෂකයෙක් හි හි

      Delete
    5. ඔව් මං ඉරිදා,සෙනසුරාදා යනවා හැබැයි ක්ලාස් නම් නෙමෙයි. රස්තියාදුවේ..... යාළුවො සෙට් වෙන්නේ එදාට නේ. :P :D
      මිහිරාන් ගේ යාලුවා කාංචනවද දන්නවා කිව්වේ? ධර්මරාජේ නෙමෙයි නම් මොන ඉස්කෝලේ ද? කිංග්ස්වුඩ් ද? දැන් ඔය දුතයයි , නුවන් අයියයි එක්කෙනෙක් ද? හලේ........ කියන්නකෝ අප්පා.

      Delete
    6. නුවන් අයියා කියනවා එයාට ඔයාගේ ලින්ක් එකේ ඉන්න කෙනා තරම් සුදු වෙන්න අවශ්‍යතාවක් තිබ්බේ නෑලු හැබැයි ඒ කෙනාවත් මෙයා අඳුරනවා හි හි එයත් අයියගේ ක්ලාස් එකේ ඉඳලා තියෙනවා හලේ....ධර්මරාජෙත් කිංස්වුඩ් හැර තවත් ඉස්කෝල නොතිබේද???අයියයි මායි හොඳ රජයේ ඉස්කෝලවලට ගියපු කොල්ලෝ හොඳේ.....ඒ දූතයා සහ අපේ නුවන් අයියා දෙදෙනෙක් නොව එක්කෙනෙකි......

      Delete
    7. විද්‍යාර්තේ නේද? ඒ කියන්නේ ඔයාට මේවා කිව්වේ නුවන් අයියා නේ??? අර මං එව්ව ලින්ක් එකේ ඉන්නේ ඔයාගේ නුවන් අයිය නේ.. :P

      Delete
    8. නෑ හලේ නෑ නෑ ඒ අපේ නුවන් අයියා නෙමේ එයා වෙන එක්කෙනෙක්...එයා විද්‍යාර්තේත් නෙමේ හලේ..ඕං බලාගන්න මේ ඉන්නේ අපේ නුවන් අයියා.

      Delete
    9. හය්යෝ ............ මට පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. කියන්නකෝ කවුද ඔයාගේ ඔය දුතයා? plz....... :(

      Delete
    10. ඇයි බාං අක්කේ ඔය උඩින් දාලා තියෙන්නේ ලින්ක් එක ගිහිල්ලා බලහන්කෝ

      Delete
    11. අහ්හ් ......... මිහිරාන් දන්නවා කිව්වා ඔයාගේ අයියව. අයියට කියන්නේ "අප්පච්චි" කියලත් කිව්වා... මං JWA එකේ ක්ලාස් යනකොට මිහිරාන්ලත් එක්ක ඉන්නවා අයියා දැකල ඇති.. හි හි..

      Delete
    12. ඒකනේ මෙච්චර වෙලා කිව්වේ එයාට ඩැඩා කියනවා කියලා...ඔයාව දැකලා මීටරේ නිසාද කොහේදෝ මම අයියට ඔයාගේ පින්තූරේ පෙන්නුවාම සේරම ටික කිව්වේ හි හි....

      Delete
    13. හෆොයි.. මං ගැන අයියා වෙන මොනවත් දන්නේ නැතුව ඇති කියා සිතමි.. හික් හික්..

      Delete
    14. හික් හික් මමත් දැනගෙන නොදන්නා සේ සිටිමි...

      Delete
  17. haffa.. submarine ekak kana gaman wisdaganna wena prashnayak..dodamwala handiye inadala rs.60k gannawa yanna..sallith nathi wela kollath nathi weida?? :O

    ReplyDelete
    Replies
    1. එහෙම වුණොත් ඉතින් හූවක් කියලා අපිට ඉසුරුව ගෙන්න ගන්න බැරියැ... හික් හික්...
      සබ්මැරින් කන්න තරම් එතන සිටුවේෂන් එකක් තියෙයිද කියලත් මට නම් සැකයි.. :DD

      Delete
    2. hiki hiki hoo kiyala mawa gennala wishmita set karala dunnama mage keli patikkita mokada wenne??? :P

      Delete
    3. අෆ්ෆට සිරි එහෙමත් කේස් එකක් නේ නේද? එහෙනම් අපි වෙන කාට හරි සෙට් කරලා දෙමු. නැත්තන් මට ගුටි කන්න වෙයි.. හි හි..

      Delete
    4. hehe..ewa kiyanna ba...nwy oya senasurada kawadda enne??

      Delete
    5. ඉක්මනටම එනවලු, අපේ සෙනසුරාදයි මහිමගේ සෙනසුරාදයි වෙනස් ලු... හි හි..

      Delete
  18. maruma kella.jaya veva!

    ReplyDelete
  19. mahima vage kollek labaganna vishmi godak pin karala thiyenava.

    ReplyDelete
    Replies
    1. තාම විශ්මිට මහිමව ලැබුණේ නැතෝ... :D

      Delete
  20. Replies
    1. මං ෆලෝ කරා. පෝස්ට්ස් බලලා කමෙන්ටුවක් දාල යන්න එන්නම්කෝ පුළුවන් හැම වෙලාවේම... :D
      තෑන්ක් යූ නංගා...

      Delete
  21. අයිස් කතාව හරි ලස්සනයි ...
    ගඟ ලස්සනට ගලනවා ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාළුවා... :D :D

      Delete
  22. යමු යමු ... ඔහොම්ම යමු...

    ReplyDelete
    Replies
    1. යමු යමු... ගිහින් ඩයින්මෝ එකේම නවතිමු... :D:D

      Delete
  23. ඊළඟට මොනව වෙයිද මන්ද? කතාවනම් ලස්සනට ලියනව.ඊලග කොටසනනන් ඉක්මනට දාන්න ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..]..... පුළුවන් ඉක්මනට කියන්නම්කො... :D :D

      Delete
  24. ලස්සන කතාව ආසාවෙන් බැලුව.

    ReplyDelete
  25. අයියෝ ඉවරවෙන්න ලඟයි වගේ නේද?

    ReplyDelete
  26. ඔව් අනේ... තව කොටස් දෙකකින්, නැත්තම් තුනකින් ඉවරවෙයි.. නැත්තන් මේක මෙගා වෙනවා.. හි හි..

    ReplyDelete
  27. දිගායි ඒත් හොදම ටික ඊලග එකෙ,

    ReplyDelete
    Replies
    1. හි හි... ඔව්.. ආදරෙන් පිළිගන්නවා මේ පැත්තට. :DD

      Delete
  28. "එහෙනම් සෙනසුරාදා හවස හතර හමාරට ඩයින්මෝ එකේදී? පුළුවන් ද?'"

    අලේ නගේ ඊ ළඟ කොටසනම් ඉක්මනට ඕනෝ.... :D

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනින් ලියනවා අක්කෝ... මේ ටිකේ වැඩ ගොඩගැහිලා... අලි බිසී... හි හි..

      Delete
  29. බලන්නකො අනේ මට ආයෙමත් කොටස් දෙකක් මිස් වෙලා.. :((
    කතාවේ ඊළඟට මොනවා වේවිද.. අනේ මන්දා හිතනකොටත් බය හිතෙනවා..

    ReplyDelete
  30. කමක් නැතෝ.. අක්කි පරක්කු වෙලා හරි ආව නේ.. :))))
    ඒ කොටස එන්න නම් ටිකක් පරක්කු වෙයි.. වැඩ ගොඩාරියක් තියෙනවා මේ සතියේ කරන්න.. :DD

    ReplyDelete
  31. ඉතිරිය එනතුරු බලාසිටිමි ...........

    ReplyDelete
  32. අනේ මන්දා.....

    ReplyDelete
    Replies
    1. බණ්ඩාර අයියා හැමදාම මේ කතාව කියෙව්වම මූඩ් අප්සෙට් වෙනවා නේද? මොකක්හරි හොරයක් තියෙනවා.. :PP

      Delete
  33. පරණ කොටස් කියවන්නෙ නැතුව මගින් පටන් අරන් වැඩක් නෑ, ඒ නිසා අලුත් කතාවක් පටන් ගත්තම එන්නන්. කෝකටත් රීඩර් එකට දාගත්තා, එතකොට අලුත් පෝස්ට් වැටුනම දැනගත්තෑකිනෙ .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මේ කතාව තව කොටස් දෙකකින් විතර ඉවර වෙනවා.. ඊට පස්සේ පීඩීඑෆ් එකක් විදියට හදන්න ඉන්නේ. වෙලාවක් තිබුනොත් මාමාත් අරගෙන කියවන්නකෝ..
      ස්තුතියි ඔබා මාමේ! :DD

      Delete
  34. ඔක්කොම කතාව කියෙව්ව...නියමයි හොඳේ...හැබැයි අයියට කරපු දේ නම් පව් වැඩේ නේ....මොකෝ මාත් අපේ නංගිගෙ යාලුවෙක්ට ලව් කරල ඔහොම සීන් කෝන් එකක් වුනා....:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා... හි හි... හොඳ වැඩේ, එහෙම තමයි නංගිලා.. :P :DD

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)