Friday, January 6

~ ලෝක සොභාවය සහ මියැදුණු ආලය ~

ඔයා වෙනස් වුණා
මං එදා දුක් වුණා...
පස්සේ මං කාලෙත් එක්ක වෙනස්වීම් දරාගන්න හුරුවුණා...
ඒත් දැන්,
ඔයා දුක් වෙනවා
මං වෙනස් වෙලා ලු
ඉස්සර වගේ නෑ ලු
අනේ............
ඔයත් හිත හදාගන්නකෝ වස්තුවේ 
මොකද,
'මේ ලෝකේ වෙනස් නොවෙන එක්කම දේ 
වෙනස් වීම විතරයි'
කියල මට ඉගැන්නුවෙත් ඔයා නේ..



40 comments:

  1. හ්ම් හ්ම් .. ඇත්ත අප්පා...

    ජය..

    ReplyDelete
  2. වෙනස් වීමවත් වෙනස් නොවී තියෙන්නෙ නෑ!

    ReplyDelete
  3. බොක්කෙන්ම ලියපු එකක් වගේ.......

    ReplyDelete
  4. හ්ම් වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම...ඒක ඇත්ත..
    ලස්සනයි...

    අද තමයි ඉස්සෙල්ලාම ආවේ..ෆලෝ පාරකුත් දැම්මා..ආයිත් එන්නම්කෝ..

    ReplyDelete
  5. මොනවා උනත් කොල්ලෝ පව් නේද.මේ ලෝකේ වැඩියෙන්ම දුක් විඳින්නේ කොල්ලෝ අප්පා...

    ReplyDelete
  6. ඇත්ත..ඇත්ත...

    ඒක නෙමේ අපිට කතාව ඕනේ.....:))

    කතාව දෙනතුරු උපවාසයේ..

    ReplyDelete
  7. "ඔයත් හිත හදාගන්නකෝ වස්තුවේ "

    අන්තිමේදි කියන්න වෙන්නෙ ඔච්චරයි!!!! :( කොල්ලො නෙවෙයි කෙල්ලොයි පවු..

    ReplyDelete
  8. වෙනස් වුනත් වැරදියිලු...වෙනස් නොවුනත් වැරදිලු.....අනේ මන්ද මොනදේ කරත් අන්තිමට අපිම තමයි වැරදි වෙන්නෙ...

    හිතට දැනුන දේ හොදින් පද වලට ගලපල තියෙනවා.ලස්සනයි යාළු..!!!!

    ReplyDelete
  9. ඔව්..ඔව් එයාල වෙනස් වෙද්දි අපි බලන් ඉන්න ඔනෙනෙ..කිසිම වෙනසක් නැතුව...හික්...

    ReplyDelete
  10. වැඩිපුරම දුක විඳින්නෙ කොල්ලෝ කියන එකටවත් වැඩිපුරම දුක විඳින්නෙ කෙල්ලෝ කියන එකටවත් මම එකඟ නෑ.. ආදරේ කළේ බොක්කෙන්ම නම්, ඒක නැවතුනොත්.. පිටට කොයි තරම් සෝභන මූණ දාගෙන උන්නත්,වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න හැදුවත් දෙන්නම දවස ගානේ පිච්චෙනවා..

    ReplyDelete
  11. අදයි මේ පැත්තට අවේ !
    බොක්කෙන් ආදරේ කරපු කාට උණත් ඔය දුක දැනෙනවා!

    ReplyDelete
  12. අනේ මන්දා වෙනස් වීම් නම් .... දුක තමා නගේ...

    ReplyDelete
  13. වෙනස් වීම.. ඇත්තටම මාරම ප්‍රශ්ණයක්..

    ReplyDelete
  14. වෙනස්වෙන්නෙ නෑ කවදාවත් වෙන්ස්වෙන එක...

    ReplyDelete
  15. ම්ම්ම්... නියම කවියක්.... :)

    ReplyDelete
  16. දැන් මොකක්ද ඔය වෙනස.... ඉස්සර වගෙ බොළඳ මදි ද..

    ReplyDelete
  17. කොල්ලෙක්ට කෙල්ල එක්ක යාළු වුනු මුල්ම කාලේ එක කෝල් එකක් මිස් වුනත් ගොඩක් දුකයි දවස් ගනන් කෝල් එනකන් බලං ඉන්නවා.

    කෙල්ල තමන්ගේ වුනාම කෙල්ල අනිවා කෝල් කරන බව දන්න නිසා බලාගෙන ඉන්නේ නෑ කෝල් ආවාම ගන්නවා.

    ඊට පස්සේ රස්සාවක් එහෙම කරන්න වුනාම කෙල්ලට කියනවා මේ පාළුව දරාගන්න හුරුවෙන්න කියලා කෙල්ලත් හුරු වෙනවා.

    කාලයක් යද්දි කොල්ලට ආයේ පාළු දැනෙනවා ලැබෙන වැඩ කන්දරාවත් එක්ක ඒත් එතකොට කෙල්ල වෙනස් වෙලා....වෙනස් වෙලා නෙමෙයි අපිමයි එයාලව වෙනස් කරන්නේ(එයාලට ඒ පාළුව දරාගෙන ඉන්න පුළුවන් එතකොට)

    මම හරිද දන්නේ නෑ මම නිකන් මේ කිව්වේ ඒ වුනාට මම නම් හිතන්නේ අර දයාන් විතාරණගේ සිංදුවක තියෙනවා වගේ

    "අස්ථිරයි සිතූ සියළුම දෙයට වඩා...
    ස්ථිරයි නුඹ.."

    කියලා....

    ReplyDelete
  18. අනිවාර්යෙන්ම !
    කතාව සහතික ඇත්ත. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා.අපි එක තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.

    ReplyDelete
  19. 'මේ ලෝකේ වෙනස් නොවෙන එක්කම දේ
    වෙනස් වීම විතරයි'
    කියල මට ඉගැන්නුවෙත් ඔයා නේ..

    මදෑ.. වෙනස්වෙනකොට දරාගන්න පුරුදුකෙරුවා.. :D

    ReplyDelete
  20. පොඩි කෙල්ල පැහිලා තියෙන තරං.....

    ReplyDelete
  21. වෙනස් වීමම ආදරයේ තවත් ලස්සන දෙයක් කියලා හිතන්න පුළුවන් නම්...

    ReplyDelete
  22. @සිංහයා : හ්ම්... හ්ම්... :))))

    @තනි අලියා : සහතික ඇත්ත.. :D

    ReplyDelete
  23. @කුබුවි : එහෙනම් එහෙනම්... ;)

    @තරූගේ ලෝකය : ස්තුතියි තරූ.... සාදරයෙන් පිලිගන්නවා මගේ කොලමට... :DD

    ReplyDelete
  24. @මහිම මධුරංග : නැතුව නැතුව... :DD

    @අසරණයා : ඇත්තට? කොල්ලෝ පව් ද? පව්.... :PP

    ReplyDelete
  25. @සයුරි අක්කි : හි හි..... අද හවසට ලියනවා අක්කෝ... උපවාස එපෝ... :))

    @හිතූ අක්කි : ඇත්ත අක්කියෝ... :DD

    ReplyDelete
  26. @සිහින මතකයන් : කෙනෙක් හොඳ පැත්තට වෙනස් වෙන එක හොඳයි.. ඒත් තවත් කෙනෙක්ට බලාපොරොත්තු දීලා වෙනස් වෙන එක හොඳයි කියන්න බෑ නේද?
    ස්තුතියි යාළුවා...:DD

    @කිරිල්ලි : ඒකනේ..... අපි වෙනස් වුනොත් වැරදි... :D

    ReplyDelete
  27. @ශානි : හරියටම හරි..... මං එකඟයි.... :DD

    @නුවන් : ඇත්ත.... සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. :DD

    ReplyDelete
  28. @නිසූ අක්කි : ඒකනේ අක්කෝ... දුක තමා.. :)

    @දිනේෂ් අයියා : අපි ඒක ප්‍රශ්නයක් කරගෙන නේද ඉන්නේ? :)

    ReplyDelete
  29. @පොඩි මෑන් : අහ්..... වෙල්කම් කිව්වා පොඩීට... ඒක නම් ඇත්ත.. :)

    @අක්කා : අනේ මන්ද අක්කෝ, නිකම් හිතට ආව සිතිවිල්ලක්.. කවියක්ද කියන්න නම් තේරෙන්නේ නැතෝ.. ස්තුතියි.. :D

    ReplyDelete
  30. @නරකයා : ඔව් ඉතින් ආදරේ කරන කාලේදී වගේම ඊට පස්සෙත් බොළඳ වෙන්න බෑ නේ.. :))

    @ගැමියා : නියම පැහැදිලි කිරීමක්නේ ගැමියෝ... හැබැයි ඉතින් මට වුනේ නම් ඔය ටික නෙමෙයි ලු... හි හි... :DD

    ReplyDelete
  31. @මධුරංග අයියා : ඇත්ත අයියා .... :DDD

    @නන්දු : කියල වැඩක් නෑ අක්කෝ... හික් හික්...

    ReplyDelete
  32. @ඔබ නොදුටු ලොවක් : හික් හික්... 20 ක් කිව්වම පොඩිමත් නෑ නේ? ඔව් ඉතින් අන්කල්ලා එක්ක ගත්තම නම් පොඩි කෙල්ල තමයි.. හිකිස්..

    @රූ : එහෙම හිතල හිත හදාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? ඒත් තාමත් අපි ඒ තරමට දියුණු වෙලා නෑනේ.. :DD

    ReplyDelete
  33. මොකක්ද එතකොට වුනේ ඈ...????

    ආ ඒක නෙමෙයි මම මේ අහන්න ආවේ නුවර ඉදන් හූවක දුර තියෙන ගම මොකක්ද කියලා..ආ අනික මේ කොමෙන්ට් කරන මෙහොත වෙනකන් මම 19ක කොල්ලෙක්මි (මල්ලිද කියලා ඇහුවට උත්තරේ)නමුත් උ/පෙ 2010 හි හි

    ReplyDelete
  34. 'මේ ලෝකේ වෙනස් නොවෙන එක්කම දේ
    වෙනස් වීම විතරයි'

    ම්ම් ලස්සනයි..

    ඒ වගේම ගැමියගෙ පත් ඉරුව ලියන මල්ලි දාපු comment එකනම් ඇත්තම ඇත්ත..

    ReplyDelete
  35. @ගැමියා : නෑනේ ,මට නම් වුනේ එහෙම නෙමෙයි.. :)
    නුවර ඉඳන් හූවක දුර තියෙන ගම අපේ ගම නේ.. මැදබෝවල.. දන්නවද? :P
    අහ්හ් ඒ කියන්නේ ගැමියා 92 ජනවාරි? :DD

    @සිත්රූ : ස්තුතියි සිත් රූ.... :) :)

    ReplyDelete
  36. ඉස්සර ලියපු ලියුම්,මිටි ගනන් ඇත මා ලඟ,
    පිටු 3,4 දිග ආල කතා,සීනි බෝල සුරංගනා ගී පදවැල්,
    පුරවා ඇත හැම සෙනෙහෙ කොලේකම....
    පැය ගණන් කල කතා අපි,
    ආදරය ගැන,අනාගතය ගැන අපේ....
    හයියෙන් හුස්මක් හෙළුවත් ඔයා,මට කියන්නට පුරුදුව හිටියා...
    ඒත් දැන්,
    වචන 10ක් කොටන්නට වෙලා නැති වෙලා...
    ගෙදර ආපු ගමන් නිදාගන්න පුරුදු වෙලා...
    කියලාවත් ආදරෙන් වචනයක් කියවාගන්න බැරි වෙලා...
    ආදරේ හිඳිලා අනාගතේ අපේ අඳුරු වෙලා...
    ලතවුණා මම,සැනසුමක් නැතිව හිටියා,
    කල් ගතවුණා,මටත් ගානක් නැතිවුණා,
    කම්මලේ බල්ලා වාගෙ හුරුවුණා නිහඬවම ඉන්න
    හෙණ ගැහුවත් එකපිට එක මාගෙ ඉහ උඩටම..........

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)