Monday, January 9

~මහිම මන්දහාසි~ 18වන කොටස

    හිත පුරා දැනුණු මගේ අහිංසක ආදරෙත් යටපත් කරගෙන අලුතින්ම ලියලන්න පටන්ගෙන තිබුණු හැගීමට නමක් දෙන්න මට බැරිවුණා. බයක්, තැතිගැන්මක් වගේ සමාන සිතිවිලි නිසා මගේ හිතේ තිබුණු සතුට, සැනසීම හරියට හොරු අරන් ගියා වගේ. මං මහිමට කොහොමද මේ දේවල් කියන්නේ? එයා මන්දහාසිව විශ්වාස කරන තරමට, මන්දහාසිට ලං වෙන තරමට විශ්මි විදියට අසරණ වුණේ මං. ඒකට වගකිවයුත්තා විදියට මට මං ගැනම ඈති වුණේ තරහක්. 


     එකම විදියට, කිව්ව කිසිම දෙයක් පටලවා ගන්නේ නැතිව මාස 4ක් මන්දහාසි විදියට කරපු රඟපෑම නිසා මං හිටියේ හෙම්බත් වෙලා. එක වෙලාවකට මේ හැමදෙයක්ම දමල ගහලා මහිමට ඇත්තම කියන්න හිතුණත්, හිතේ ආවේගෙට මෝඩ වෙලා හැමදෙයක්ම නැති කරගන්නත් මට තිබුනේ ලෝබකමක්. 




     'හදිස්සි වෙන්න එපා බං. මේ ටිකත් ඉවසල හිටපන්ඒ හැම වෙලාවේම යාලුවන්ගෙන් ලැබුනේ ඒ විදිය අවවාදයක්. තව ටිකක්,තව ටිකක්, තව ටිකක්........... මේ ටික ඇති කියල මට හිතුන වාර අනන්තයි.


     හිතේ සැනසීම නැතුව ජීවත් වෙලත් වැඩක් නෑ කියල මං අදහන්න පුරුදු වෙලා දැන් ගොඩක් කල්. එහෙවු මං බලෙන්ම මගේ හිතේ සැනසීම නැති කරගෙන. මං විහින්ම පැටලුව නූල් බෝලේ අගක් මුලක් හොයා ගන්න බැරි තරමට මං දැන් අසරණ වෙලා. ඒත් තවත් ගොඩක් කාලයක් මෙහෙම් ඉන්න මට කිසිම ආසාවක් නෑ. ඒත් මේ ගැන කතා කරන්න යාළුවො ටික එකට එකතු කරගන්න දවසක් ලැබෙනකම් මට ඉවසන්න සිද්ධ වුණා.
_____________________________________________

    'අනේ ප්ලීස් බං. මට දැන් මේක ඇති. කියපන් මං දැන් මොකද කරන්න ඕනේ කියලා' තනියම තීරණයක් ගන්න බැරි පොඩි එකෙක් වගේ මගේ අදෝනාව දිග ඇරියේ එක සෙනසුරාදාවක වයිට් හවුස් එක ඇතුලේ දවල්ට කන ගමන්.

    'හරි හරි බොල. පොඩ්ඩක් ඉදපන්කෝ ඔය වෑර්ලස් එක වහලා' මංසලා එහෙම කිව්වේ මගේ ෆෝන් එකේ මැසේජස් ටික බලන ගමන්. කට්ටියම ගුලිවෙලා, බෙලි දික් කරගෙන මහිම මන්දහාසිට එවල තියෙන මැසේජස් ටික බලනවා කෑමත් පැත්තක තියලා. දවල්ට කන්න වයිට් හවුස් එකට ඇවිත් හිටිය මිනිස්සු සරින් සැරේ අපේ සෙට් එක දිහා බලනවා. ඊට හපන් වේටර්ලා ටික. ඇයි යකෝ ජීවිතේට ෆෝන් එකක් දැකල නෑ වගේ මුන් ටික ෆෝන් එකට එබිලා ඉන්නවනේ. ඒ මදිවට නොහොබිනා කතා කියලා හයියෙන් හිනාත් වෙනවා. ඒ වෙලාවේ මං හිටිය මානසික තත්ත්වෙත් එක්ක බලනකොට මටත් ඒක විකාරයක් වගේ පෙනුනට, වෙන වෙලාවක නම් මාත් ඔච්චර තමයි.


     'දැන් මහිම ෆිට් නේ උඹත් එක්ක?' මැසේජස් ටික බලල ඉවර වෙලා ඉස්සෙල්ලම කට ඇරියේ සඳු.

     'ඔව් ෆිට්. හැබැයි ඒ මාත් එක්ක නෙමෙයි. මන්දහාසි එක්ක' මං කිව්වේ තරහෙන්. මං තරහ ගත්තට මෙයාල පලි නෑ කියලා මට හිතුණේ එහෙම කිව්වට පස්සේ. 

     'සොරි' ඊට පස්සේ අයෙමත් මං ම කට ඇරියේ අවංකවම පසුතැවිල්ලක් දැනුණු නිසා.

     'නෑ බං. ඒ වචන ටිකෙන්ම උඹේ හිතේ තියෙන අප්සෙට් ඒක තේරෙනවා. එක අතකට මන්දහාසි වෙයන් කියලා උඹව ඇවිස්සුව අපිත් මේවට වග කියන්න ඕනේ' ෆුල්ම සීරියස් මූඩ් එකක් මූණට ගන්න ගමන් දෞපදී කිව්වේ අනිත් අයගේ දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.

   'නෑ. අනේ මං ඔයාලට වැරද්දක් කියන්නේ නෑ දෞපි. ඒ හැමදේම ඔයාල කරෙත් මං නිසා නේ. මේ විකාරේ පටන් ගන්නකොට මෙච්චර දුර දිග යයි කියලා මං හිතුවෙත් නෑ. ඒත් දැන් හිතා ගන්න බැරි තරමට මේ ප්‍රශ්නේ ඇදුනා වැඩි. ඉස්සෙල්ල ඉස්සෙල්ල මන්දහාසිට පට්ට පල් බොරු කිව්ව මහිම දැන් හැමදෙයක්ම කියන්නේ ඇත්ත. ඔයාලත් දකින්න ඇති නේ මැසේජස්. මට හිතාගන්න බෑ, මොනවා කරන්නද කියලා. මහිම මන්දහාසිව විශ්වාස කරනවා දැන්,ගොඩාක්. ඒ විදිය දෙයක් වෙයි කියලා මං කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. ඒකට මහිමට වැරද්දක් කියන්න බෑ බං. මොකද ඕනෙම මෝඩයෙක් මේ වගේ වැඩක් දවසක් කරයි, දෙකක් කරයි ඊටපස්සේ අත ඇරලා දානවා. ඒත් මං...... මාස හතරක් බං. මාස හතරක් කියන්නේ ලොකු කාලයක්'...... වෙනද වගේ මගේ කතාවට බාධා නොකර හැමෝම උවමනාවෙන් මට ඇහුම්කන් දුන්නා. හිතේ තියෙන කලකිරීම නැති කරගන්න මමත් ඒ අවස්ථාව උදව්වක් කරගන්න හිතුවා. 

    'දැන් මේක මටවත් ලෙහාගන්න බැරිතරමට අවුල් ජාලාවක් වෙලා ඉවරයි බං. මං දන්නේ නෑ කොහොම මේවා මහිමට කියන්නද කියලා. එයා මං ගැන කොහොම හිතාවිද? මේ දේවල් එයා හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති නේ. එයා මං ගැන මොනවා හිතයි ද? බොරුකාරියක්? වංචාකාරියක්? මහිම මට කවමදාකවත් ආදරේ නොකරත් මට කමක් නෑ බං. ඒත් කවදාහරි මහිමට බොරුකාරියක් වෙලා මට මැරෙන්න බෑ බං. මට දැන් මේ සෙල්ලම ඇති' මුළු කතාව පුරාම තිබුණු ඉකිය කතාව අන්තිමේදී කඳුළු බවට පෙරළුණා.

     මගේ කඳුළු නතර කරන්න යාළුවො කිසිම කෙනෙක් උත්සහකරේ නෑ. ඒ වෙනුවට එයාලත් ඇස් වල කඳුළු පුරවගෙන මං දිහා බලාගෙන හිටියා. මුළු හිතම පුච්චගෙන වගේ ඇඟ ඇතුලෙන් දැනෙන දැවිල්ලක් එක්කම, දිගටම මගේ ඇස් වලින් කඳුළු ඉනුවා. අන්තිමේදී කඳුලුත් එක්කම හිතේ තිබුණු දුකත් හේදිලා ගියා කියලා දැනෙනකන්ම ඇඩුව මං ඔලුව ඉස්සුවා. ඒත් ටිකකින් මේ ඉමක් කොනක් නැති ප්‍රශ්නේ නිසා අයෙමත් ඇස් දැවිල්ලක් එක්කම කඳුළු ආවත් මං දරාගෙන ඉන්න පුළුවන් තරම් උත්සහ කරා.
ලොකු නිහඬතාවයකට පස්සේ ඉස්සෙල්ලම කතාකරේ සඳු,


    'හරි...... ඉස්සෙල්ලම කියන්න, මාස 4 කට පස්සේ ඔයාට මහිම ගැන හිතෙන දේ?' 

    'හ්ම්... මාස 4 කට පස්සේ.......... මහිම ගොඩක් හොඳ කෙනෙක්. මං හිතුවට වඩා. සමහර විට කොල්ලෙක්ව තේරුම් ගන්න මාස 4 ක් මදි වෙන්න පුළුවන්. ඒත්.... ඒත් මහිම කියන්නේ මං කවදත් කැමති විදියේ කොල්ලෙක්. ඉස්සෙල්ලම මං එයාගේ ඇස් වලට, හිනාවට ආදරේ කරාට මං දැන් අවංකවම එයට ආදරේ කරනවා. කලින් හිතුව විදියෙම හිත හොඳ, ඕනේ කෙනෙක් එක්ක හොඳට හිනාවෙලා කතා කරන්න පුළුවන්, වැඩක් පිළිවෙලට කරන, වැඩි කැටයම් නැති සරල චරිතයක්..' මට මහිම ගැන හිතුන දේ අඩුවක් නැතුවම මං යාලුවොන්ට පැහැදිලි කරා.

   'ඇයි එතකොට හුරතල් නැද්ද?' විනූ ඒ ටික නම් ඇහුවේ මාව හිනස්සවන්න හිතාගෙන.

   'ඕනෙවටත් වඩා' මාත් උත්තර දුන්නේ හිනාවකින්. මෙච්චර වෙලා හිතේ තිබුණු කනස්සල්ල දැන් නැතිවෙලා කියලා මට තේරුනේ ඒ වෙලාවේ.

    'හරි එතකොට කෙල්ලෝ සම්බන්දයෙන්?' ඉස්සර මට ලොකුම ප්‍රශ්නේ වෙලා තිබුණු දේ ඇහුවේ සඳු.

    'කෙල්ලෝ. අපි දන්නවා වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් නෑ තමයි. ඒත් යාළුවො ගොඩක් ඉන්නවා එයාට. මන්දහාසි තරමට ෆිට් කීප දෙනෙකුත් ඉන්නවා ලු. ඒත් මට දැනුණු දේ නම් ඒ සම්බන්දයෙන් එයා හරි ඩීසන්ට්.'

    'අන්න ඒක නම් සෑහෙන්න වැදගත්. මාත් හොයාගන්න ඕනේ ඒ වගේ කොල්ලෙක් තමයි' සඳු කිව්වේ ඉතින් විහිලුවට වගේ වුණාට ඒක ඇත්තක් කියලා මං දන්නවා.

'ඒ කියන්නේ මහිම සම්බන්දයෙන් විශ්මිට තිබුණු ආදරේ අඩුවක් වුණේ නෑ?'

'වැඩි වුණා මිසක්, බින්දුවක්වත් අඩුවුණේ නෑ' මගේ කටහඬේ ඕනෙවටත් වඩා ආඩම්බරේ තිබුණා කියලා හිතුණට ඉතින් කිව්ව වචනේ මැමත් කෙනෙක් ලව්වා අද්දවන්නයැ.

 'මධුක අයියා? ප්‍රශ්නයක් වෙයිද?' ඒ ප්‍රශ්නෙන් මාව කරකවල අත ඇරියා වගේ හැගීමක් දැනුණා. මගේ එකම සහෝදරයා, මේ වගේ තීරනේකදී කොහොම හැසිරෙයිද? මට ඒක හිතාගන්නවත් බැරිවුණා.


 'ඒ ගැන බය වෙන්න එපා. ගිම්හාන් අයියා ගැන මං බලා ගන්නම්. ප්‍රොමිස්' ඔන්න ඉතින් අපේ අයියගේ වෙන්ට බාරි නොහොත් මගේ අතිජාත මිතුරිය විනූ ඒ වගකීම කරට ගත්තා.

  'මං හිතන්නේ නෑ බං' 

   'ගිම්හාන් අයිය මේ වයසේදී එයාගේ නංගිට ආදරේ කරන්න දෙන්නේ නැත්තම්, එයාගේ නංගිගේ වයසේම මට ආදරේ කරන්නත් එයාට තහනම්' ඒ ටික නම් විනූ කිව්වේ සීරියස් විදියට. ඒ කිව්වේ එයා එෆ්ෆෙයාර් එක නවත්තනවා කියලා? අපේ අම්මෝ එහෙම වුනොත් අපේ එකා වහ බොයි. බෙල්ලේ වැල දාගනි. කෝච්චියට පනියි. ඒ නිසා එහෙම වෙන්න බෑ කියන්න කට අරිනකොටම,

   'බය වෙන්න එපා විශ්. මාව විශ්වාස කරන්න. ගිම්හාන් අයියා මං කියන දේ අහනවා. මට ඒක ඉර හඳ වගේ විශ්වාසයි' ඒ කටහඬේ තිබුණු ලොකු ස්ථිර බවක්. 

   'ඔන්න බලපන් ඉතින්, ළමයි දාස් ගානකට අනසක පතුරවාගෙන ඉන්න අපේ අහිංසක මධු අයියා මේ හෝ හපුට්ටිට දැන්ම බයයි ලු. අබුද්දස්ස කාලෙට ලබුත් තිත ලු. සංසාරේ..........' කම්මුලට අතකුත් තියාගෙන දිනාදී කිව්වේ විනූව අවුස්සන්න. ඊට පස්සේ එතන ඇතිවුන කතා ටිකට හිනාවුණු මගේ දුක කොහේ අතුරුදහන් වුනාද කියන්න දන්නේ නෑ.

____________________________________________

    'Mahi, mata oyata deyak kiyanna thiyenawa' ඉක්මනට මීට් වෙන්න ඕනේ කියලා මහිමට අදම කියන්න කියලා යාළුවො ටික කිව්වා. ඒ නිසා හවස ගෙදර යන ගමන් බස් එකේදී මහිමට ඒ ගැන කියලා මං මැසේජ් එකක් දැම්මා. ඉක්මනට මීට් වෙලා හැමදේම කියලා හිත නිදහස් කරගන්න මට තිබුනේ ලොකු උවමනාවක්. මං හිතුවා මොකද්ද? මොකද්ද? කියලා අහල දැන්ම මහිම මට කරදර කරයි කියලා. ඒත් වුණේ මං නොහිතපු දෙයක්.

    'Ayyooo... i wanna tl yu smthin 2. Onna man thamayi issellama kiyanne, harida? Man kiwwata passe oya one deyak kiyanna.. Deal??' මං කියන්න ඕනේ දේවල් ඇයි මහිම මට කියන්නේ? මේ මොන මරාලයක්ද කඩාපාත් වෙන්න යන්නේ? මං ඇත්තටම බය වුණා. මොනවා කියන්නද කියලා ගොඩක් වෙලා කල්පනා කරා.

   'Okay... deal... Kiyanna??' කිසිම ගානක් නැතුව වගේ එහෙම කිව්වට මං ඇත්තටම හිතෙන් පිච්චුනා. 

   'Hmmm..... ane manda kohoma kiyannada kiyala.. ;)' දෙයියනේ.... මහිම ලෑස්ති වෙන්නේ මාව බය කරවලා මරන්නද?

   'Kohomahari kiyanna... Mokadda?'

   'Meka issellama oyata witharayi kiyanne harida? Kaatawath kiyanna baa dan ma..K? Prmz??' පොරොන්දුවක් ගන්න එයාගේ රහසක් ගැන? හැමදෙයක්ම විසඳෙන්න යන මොහොතේ මෙයා මොනාද කියන්න යන්නේ?

'K prmz... Ane danwath kiyannako plz... :O' මං ඇහුවේ ඉවසල ඉවසල බැරිම තැන.

'Ammooo... meyata thiyena hadissiya... Okay then,,,...........................................................................................................................................................................................I'm in luv Hasi.. I'm in luv.' මෙච්චර කාලයක් පරිස්සමට හැඩකරපු මගේ හීන මාලිගාව මගේ ඇස් ඉස්සරහා බිඳිලා විසිරිලා යන්න හදන වෙලාවේ කඳුළු ආවේ නැත්තන් ඒක ලෝක පුදුමයක්.. ඔව් මං ඇඩුවා. 

'Wht???' මට එච්චරයි අහන්න පුළුවන් වුණේ..



ප/ලි : ගිය සතියේ කිව්වනේ හොරට කතාව පොඩ්ඩක් ලියල කියලා ඔන්න අද ලිව්වා දිග................... ට. හිකිස්...

54 comments:

  1. දිගායි......................................................... නියමායි... කලින් පෝස්ට් ටිකත් බලන්ට වෙයි වගේ. ජය ශ්‍රී !

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් අද නම් හොඳයි දිගට ලියලා තියෙනවා.....ඉතුරු ටිකත් ඉක්මනට කියවන්න තිබුනා නම් තමා හොඳ.....:)

    ReplyDelete
  3. hmm..prashnaya..mahima aadare karanne wishmitada??mandahasitada?? :O monawa unath mahima ge charitha lakshana maru kollekta.. :D

    ReplyDelete
  4. හරි හරී මන්දහාසිට හරී..........

    ReplyDelete
  5. මහීට ද..? විශ්ට ද...? :O

    ReplyDelete
  6. ලස්සන කතාවක්..මම කලින් කොටස් බලපු නැති නිසා ටිකක් තෙරෙනවා අඩුයි..ඔක්කොම බලල එන්නම්..

    ReplyDelete
  7. මලමගුලයි මොකෝ මේ වෙන්නේ
    ආයි මරලයල්ද?

    ReplyDelete
  8. එල කිරි...තැන්කු තැන්කු අයිස්...ඔන්න මම නම් දන්නවා එයාට කා ගැනද ආදරේ හිතිලා තියෙන්නේ කියලා....ඒක දැන් නොකියා ඊ ළඟ කොටස එනකන්ම ඉන්නම්කො..

    ReplyDelete
  9. මාත් මුල ඉඳන්ම කියවන්න වෙයි වගේ කතාව යන හැටියට නම්.. එල එල නංගා.. ඔයා එදා අහපු එකට උත්තරේ මම 90 නේ. ඉතින් මම අක්ක තමා.. :)

    ReplyDelete
  10. මේකෙ ඔක්කොම කියවන්න වෙයි වගේ අවබෝධ කරගන්න නම්.. :/

    ReplyDelete
  11. නියමයි.. අනිත් කොටසත් ඉක්මනට දැම්මනම්..

    ReplyDelete
  12. අනිත් කොටස එනකම් බලන් ඉන්නවා........

    ReplyDelete
  13. ඉන්න ඇස් දෙකේ කදුලු පිහිනකං......

    ReplyDelete
  14. මට එකක් මිස් උනා
    මං ඇඩුවයි හිනාවුනයි.එළ කතාව
    හසීට බඩු හරි වගේ.

    අනේ අයිස් මේකෙ අවසානය කොහොම වෙයිද කියලා හිතලා පිස්සු හැදෙනවා අප්පා.

    ReplyDelete
  15. ඉතුරු කොටස් 17ත් බලලම එන්න වෙනවා !

    ReplyDelete
  16. හපොයි..... මහීට ලව්ද දන්නෙ නෑ...

    ReplyDelete
  17. මහිම ආදරේ කරන්නේ විශ්මිට.....මං හරිනේ..?

    ReplyDelete
  18. අහ්හ් මාර වැඩේ.. මු ෂුවර් එකටම කියන්න හදනවා ඇත්තේ I'm in love with vishmi කියලා හුහු..

    ReplyDelete
  19. බ්ලොග්ස් කියවන්න වෙලාවක් හම්බවුනේ අඩුවෙන්.මේ කතාව මුල ඉඳන් කියවලා comment කරන්නම්........................

    ReplyDelete
  20. ane deviyane eththatama mata me gena mukuth kiyanna behe.anith kotas valata vada digai vagema sarthakai.hebei ICE akke,kellekge muhunavath nodeka mehema aadare karana kollo innavada?

    man ehema livve meya aadarei kiyanna hadanne MANDAHAASIta kiyala hithalai.ane manda..

    ikmanata liyanna akkio..@@@..

    ReplyDelete
  21. මහිමා කියන්නේ "අයිස්ටද" එකියන්නේ ඔයා..

    ReplyDelete
  22. Vishmita neda :D

    ReplyDelete
  23. I'm in love with vishmi ඕක වෙන්න ඇති සුවර් එකටම මහිම කියන්න යන්නේ,.. :D

    හෆොයි.. මම ආවේ හෙන කාලෙකින්නේ,. ඒ ටිකට වෙලා තියෙන දේවල්,.

    ReplyDelete
  24. කාටද ආදරේ ???
    අර ඇනෝ කියපු විදිහට විශ්මිට ද ? හික්ස් :)
    මේක හරියට රබ්නේ බනා දී ජෝඩි වගේ කතාවක් නේ.

    ඒක නෙමේ කවද්ද ඔයා ඇමරිකාවේ ගියේ. අර වයිට් හවුස් එකේ කෑම කාලත් තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  25. හපොයි ඔන්න ඕය වෙලාවට තාමා තද වෙන්නෛ ඕනම ටික දාල නැතෝ.... එටික අමතක වෙලෝ... :D :D

    ReplyDelete
  26. අදනෙ ආවෙ මුල ඉදල එන්න වෙයි වගේ,,,, ආ ලස්සනට ලියනවනෙ. ෂෝක් අප්පා... ඉතිරි ඒවත් කියවල බලන්නම්

    ReplyDelete
  27. ලස්සන කතාවක් අයිස්ගෙ කෝලමේ යනවයි කියලා ආරංචියක් ආවා ඉහළින්.කලින් දිග කතාවක් වුනාට ආසාවෙන් කියෙව්වා. ලස්සනයි,හොඳයි.
    මහිම ආදරේ කරන්නේ විශ්මිට කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  28. HURRYYYYYYYYYY.................UP!

    ReplyDelete
  29. @sAm sRi :හික් හික්... ඔව් නේද? සාදරයෙන් පිලිගන්නවා කොලමට...
    සෑම් ශ්‍රීටත් ජය ශ්‍රී! :)

    @කුබූ: මොකෝ නමේ කෑල්ලක් හලලා? ස්තුතියි අයියා. තව දවස් දෙකකින් කියනෝ... :))

    ReplyDelete
  30. @(අයි කෙ) : මන්දහාසිට ද? විශ්මිටද? නැත්තන් වෙන කෙනෙක්ට ද? හික් හික්..
    උත්තරය >> ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වන්න.. ))

    @ගැමියා : ෂුවර් ද? :PP

    ReplyDelete
  31. @නන්දු අක්කා : ඊළඟ කොටසෙන් කියනෝ... :))

    @පුංචි කුමාරිහාමි : සාදරයෙන් පිලිගන්නවා කොලමට.. :)) ස්තුතියි.. :DD

    ReplyDelete
  32. @මහිම මධුරංග : ඒක තමයි මොකෝ මේ වෙන්නේ? මරාලයක්ද මන්ද.. හික් හික්.. :) :)

    @සයුරි අක්කි : අන්න මගේ හොඳ අක්කියා... පේන බලන්න යන්න එපා... මං පව් නේ :P .. හැක හැක.. :))

    ReplyDelete
  33. @ශානි අක්කි : අහ් අක්කේ... හි හි.. කොටස් ගොඩක් පහු වෙලා තියෙන නිසා කතාව කියවන්න මහන්සි වෙන්න වෙයි ඔන්න... :))

    @ආගන්තුකයා : ඔව් නේ.. නැත්තන් කරකවලා අත ඇරියා වගේ තමයි මලේ... :))

    ReplyDelete
  34. @දිනේෂ් අයියා : ස්තුතියි අයියේ.. ඉක්මනින් ලියනෝ... :)))

    @කිරිල්ලී : ස්තුතියි කිව්වා එහෙනම්.. ඉක්මනට ලියනවා. :))

    ReplyDelete
  35. @ඔබ නොදුටු ලොවක් : හප්පේ... මං අහන්නේ හරිද ඔහොම කිව්වම? :PP

    @මිතුරු : ඒකනේ,මං බැලුව මොකෝ නැත්තේ කියලා.. :))
    අම්මියෝ මං ඉක්මනට කතාව ඉවර කරනෝ.. එතකන් පිස්සු හදාගන්නේ නැතුව ඉන්නෝ... නැත්තන් මට බෙහෙත් අරන් දෙන්න වෙයි.. හික් හික්.. :))

    ReplyDelete
  36. @නුවන් : ඔව් නේ.. එත් මං කතාව ඉවර කරනවා ඉක්මනටම. වෙලාවක් නැත්තන් ඉවර වුනාම කියවන්නකෝ.. :))

    @නිසූ අක්කි : ඊළඟ කොටසෙන් ඔබේ දැවෙන ප්‍රශ්නයට විසඳුම්... හි හි... :))

    ReplyDelete
  37. @ලොකු අයියා : හ්ම්... සාර්ථක පිළිතුරක්.. නිවැරදි පිළිතුර බලාපොරොත්තුවන්න. :PP :) :)

    @වර්ණා : මොකද බොල හූ කියන්නේ, ගාලු ගිහින් නරියෙක්වත් හපා කාවද? හික් හික්... නිවැරදි පිළිතුර ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න. :D

    ReplyDelete
  38. @සිහින මතකයන් : ස්තුතියි.... කමෙන්ට් නොකරත් කතාව කියවන එකම මට ලොකු ශක්තියන් සිහින.. :))

    @ඇනෝ 1 : ස්තුතියි නංගෝ... :))) අපි බලමුකෝ මහිම කාටද ආදරේ කරන්නේ කියලා. නොදැක ආදරේ කරන එහෙම කොල්ලොත් ඉන්නවා නංගෝ... ඉක්නනින් ලියනවා.. :))))

    ReplyDelete
  39. @අසරණයා : මහිමා?? ඒ කවුද? මං හිතන්නේ ඔයාට නම පැටලිලා.. මන්දහාසි ද? අපොයි නැතෝ... මේක මගේ කතාව නෙමෙයි ලු.. :DD

    @ඇනෝ 2 : ඉක්මනින්ම කියනවෝ... :))

    ReplyDelete
  40. @ප්‍රාර්ථනා අක්කි : ගොඩ දවසකින් මේ පැත්තේ.. හික් හික්.. අපි බලමුකෝ.. :))

    @මධුරංග අයියා : කියන්නේ ම නෑ.. හික් හික්.
    රබ් නෙ බනා දී ජෝඩි... එකත් මේ වගේද? හලේ මං බලල නෑනේ අප්පා.. :(

    නුවර වයිට් හවුස් හොටෙල් එක ගැන මධූ අයියා නොදැන ඉන්න විදියක් නෑනේ ?? මං නිවාඩුවට අපේ ඔබාමා අන්කල්ලාගේ ගෙදර ගියාම නම් කාම කන්නේ ඔය ඒ කිව්ව වයිට් හවුස් එකෙන් තමයි.. හැක හැක... :PP

    ReplyDelete
  41. @සිහින කොදෙව්ව : අමතක වුනේ නැතෝ.. හිතලමයි දැම්මේ නැත්තේ.. මාර්කටින් මාර්කටින්.. හික් හික්... :))

    @Shaggy : ආ...Shag මලේ.. කෝ ස්කුබි?? හි හි... කොලමට සාදරයෙන් පිලිගන්නවා.ස්තුතියි ගොඩක්.. :))

    ReplyDelete
  42. @අපි වගේ : ඉහලින් ආරංචියක් ආව කිව්වේ? දිව්‍යලෝකේ පැත්තෙන් වෙන්ටැ... මගේ ගම එහේනේ.. හික් හික්... අයිස්ගේ කොලමට (කෝලමට) සාදරයෙන් පිලිගන්නවා ඔයාව.
    මුළු කතාවම කියෙව්වටයි, කතාව ගැන කිව්ව අදහස් වලටයි ගොඩාක් ස්තුතියි.. :)))
    ඔයත් හොද පිළිතුරක් දීල තියෙනවා. සලකා බලන්නම්.. :))

    @ඇනෝ 3 (කවුද කියන්න මං දන්නෝ) : හික් හික්... සිකුරාදා ලියනෝ... :DD

    ReplyDelete
  43. නංගි! කතාවනම් පට්ට පටපට!
    මම කතව එක හුස්මට කියෙව්ව.
    කතාව හරිම රසවත්ව ලියල තියෙනව.
    ඉක්මනට "මහිම" කියනදේ කියන්ඩ "අප්පා"
    ("මහිම" විශ්ට ආදරෙයිනේද?)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා... :))
      ආදරෙන් පිලිගන්නවා කොලමට..
      කාටද ආදරේ කියල මහිම ඔන්න හෙට කියනවලු.. :D

      Delete
  44. ඔව ඔව කොමෙන්ට් එක දැම්මට පස්සේ දැක්කේ නම වැරදි කියල.මැකුවේ නැහැ එක එච්චර හොඳ වැඩක නොවෙන නිසා.

    ReplyDelete
  45. mahima - am in love hasi, am in love.. am in love with u (mandahasi) :D ilange kotesath ikmanate dandooooooooooooo

    ReplyDelete
    Replies
    1. හි හි... ඔයාට එහෙම හිතෙනවද? හෙට ලියනවා.. :) :)

      Delete
  46. නුවර වයිට් හවුස් එක.. හලේ අපි මොකද නොදන්නේ.. මේ නඟා එක නෙවෙයි.. ඔයා මේ කතාව වීකෙන්ඩ් පත්තරේකට ලියන්න. නැගල යයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ... කාටද ඕව අමතක වෙන්නේ... :)
      හලේ.... මේ කතාවේ එහෙමට ගත යුතු දෙයක් නෑනේ අයියා.. :D

      Delete
  47. හපෝ මේ ලව් කේස් අහනකොටත් බය හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ඕව නම් මොනවද.. බණ්ඩාර අයියා කියන කතා වලටනේ බය හිතෙන්නේ.. හි හි...

      Delete
  48. හිතාගන්න බෑනේ ෂුවර් නෑ එක්කෝ....කොහොමත් මේ කාලේ වෙන්නෙ හිතන දේ නෙමෙයිනේ මන්දහාසිට කියයිද දන්නේ නෑ මම අරයට ආදරෙයි කියලා(අරයා කියන්නේ මන්දහාසිට නෙමෙයි මන්දහාසි චරිතේ ඇක්ට් කරන ඔරිජිනල් කෙල්ලට) බඩුම තමා එහෙම උනොත්....අනේ ඉක්මන්ට ලියහන්කෝ අක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ඒක නම් ඇත්ත තමයි.. ෂුවර් නෑනේ.
      ඒ නිසා වැඩිය බලාපොරොත්තු තියාගෙන ඉඳල අන්තිමේට මට බනින්න එපා හොඳේ.. හික් හික්...
      අද හවසට ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නේ..:D

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)