Monday, October 31

~මහිම මන්දහාසි~ 9වන කොටස

                  මං පාර පනින්න ඔන්න මෙන්න තියෙනකොට තමයි දැක්කේ අර පිරිමි ළමයින්ගෙන් කෙනෙක්ගේ school badge එක... තෝමස් ... තව අඩි 4,5කින් මං එයාලව පහු කරගෙන යනවා. ඔව් ඔව්..ඒ කියන්නේ මං නිල් නානවා... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ අප්පා.


                  මං බිම බලාගෙන මූණත් ඇඹුල් කරගෙන ඇස් දෙක පියාගත්තා. නිල් නාල බස් එකේ යන විදිය හිතේ ඇඳගත්තා. අනේ අම්මප මෙහෙමත් කරුමයක්..නිල් නාන්න සැදී පැහැදී එයාලව පහු කරගෙන යනවාජයග්‍රාහි ලෙස නෑවා,නෑවා,නෑවා.....ඔන්න නෑවා... ඔන්න නෑවා.............මං එයාලව පහු කරා.ඈ...කෝ........ කෝ නෑනේ... නිල් ගැහුවේ නෑ. වෙන්න බෑ. මං හීනයක්වත් දැක්කද අප්පා මේ පට්ට දවල්? හැරිලා බලනකොට දැක්ක දෙයින් ඇස් අදහ ගන්න බැරි වුණා. 


                  මහිම? එයා කොයි වෙලේද මෙතෙන්ට ආවේ? මං ඇස් දෙක පිහිදාලත් බැලුවා. ඔව් ඒ මහිමම තමයි. මට බස් එකට නගින්නත් අමතක වෙලා කියල මට තේරුනේ මහිමත් හැරිලා මං දිහා බලනකොට. ආයේ ඉතින් බොරු කියන්න ඕනේ නෑ. කොටින්ම කිව්වොත් මං ඒ වෙලාවේ හිටියේ අඬන්න ඔන්න මෙන්න සයිස් එකට. මහිම මට මොනවහරි කියන්න හැදුවත් ලැජ්ජාවටම මං ඉක්මනට බස් එකට නැගල වාඩිවුනා. හිතේ ගැස්ම නම් තාම පොඩ්ඩක්වත් අඩුවුණේ නෑ. තාම වෙලාව 5ට නැති නිසා බස් එකේ මහා ලොකු සෙනගක් හිටියේ නෑ..

                  'Excuse us'. මං හැරිලා බලනකොට අර කොල්ලෝ දෙන්නා මං ළඟ හිටගෙන ඉන්නවා. ඒ පාර බස් එක අතුලේදීම නිල් ගහන්නවත් ද ලෑස්තිය? 

                  'අනේ සොරි වෙන්න ඕනේ. ඔයා කවුද කියල දන්නේ නැතුව තමයි අපි නිල් ගහන්න ලෑස්ති වුණේ. සොරි'.මට මුකුත් හිතා ගන්න බැරිවුණා. මොකද්ද අප්පා ඒ අපබ්‍රංශෙ?? ඇයි මං කවුද? ඔන්න එතකොටම මහිමත් පිටිපස්සේ දොරෙන් බස් එකට නැග්ගා. මං හෙන අසරණ හිදියට හිනාවුණා.

                 'අනේ සොරි විශ්, ඔයා මධූ අයියගේ නංගි කියල මුන් දන්නේ නෑ. ඒකයි මේ. වෙලාවට මං ආවේ'. අහ් ඒකයි මේ. ඔව් නේ. මං මධුකගෙ නංගි නේ. මට නිල් ගහල ඉතින් මෙයාල ආයේ ඉස්කෝලේ යන්නයැ.  ෂාහ්.... බලාගෙන ගියාම අපේ අයියකාරයත් ඉස්කෝලේ හෙන පොරක්නේ.

                  'ඒකනේ. ගෑනු ළමයෙක්ට නිල් ගැහුවම බස් එකකවත් යන්නේ කොහොමද කියල හිතුවේ නෑනේ ඔයාලා'.මං නිකන් චන්ඩියා වගේ කිව්වා.

                  'අපෝ සොරි සොරි.. මධූ අයියට නම් කියන්න එපා. ප්ලීස්.. මොන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නෑ' නිල් බෝතලේ අතේ තියාගෙන හිටපුකෙනා කිව්වා. දැන් බලාපල්ලකෝ ශේප් එකට කතා කරන හැටි විතරක්. 

                   'හරි හරි,මං කියන්නේ නෑ'.

                   'තැන්කූ තැන්කූ .... එහෙනම් අපි ගියාවේ ඈ... බායි.' එහෙම කියල ඒ දෙන්නා බස් එකෙන් බැස්සත් මහිම ටිකකට නැවතුණා. ඇත්තටම මහිමලගේ ගෙවල් කොහෙද කියලවත් මං තාම දන්නේ නෑ. එයත් මේ බස් එකේ යනවාවත් ද? 

                   'Exam කොහොමද විශ්? එයා ඇහුවේ හරි ආදරණීය විදියට.

                   'හොඳයි ඉතින්. Results ආවම තමයි වැඩේ.. හි හි...  ඔයාට?'

                   'අපොයි කොළෙත් හොඳයි. අකුරුත් හොඳයි. ඔක්කෝ.....ම හොඳයි' මෙයාට තියෙන්නෙත් මට දෙවෙනි නැති කටක්. කටක් නෙමෙයි කතුරක්. ඒත් මොනතරම් කටර් එක වුණත්, මං මහිම ඉස්සරහ වැඩිපුරම ඉන්නේ ගොළුවෙලා. ඇයිද මන්ද....



                     'බස් එක යන්නවගේ හදන්නේ.එහෙනම් මං බහිනවා විශ්.අරුන්ට සොරි වෙන්න හොඳේ. බායි. පරිස්සමින් යන්න. බුදුසරණයි'....එයා කියවගෙන කියවගෙන ගිය ටිකට උත්තරයක් දෙනවා වෙනුවට මට පුළුවන් වුනේ යන්තම් හිනාවෙන්න විතරයි. මොනවා කියන්නද කියල හිත ගන්න බැරිව ඉන්නකොට මහිම මට අතත් වනාගෙනම බස් එකෙන් බැස්සා. 'පරිස්සමින් යන්න. බුදුසරණයි' හරි ආදරෙන් , අහිංසක විදියට මෙහෙම කිව්වම ගෑනු ළමයි අසරණ වෙනවා කියලා මේ ඉලන්දාරින්ට නොතේරෙන හැටි.....

*****


                    'තමුසෙට අපේ පොඩි එවුන් වගයක් නිල් ගහන්න ගියද?' ගෙට ගොඩ වෙනකොටම අයියා අහපි. ඔය බලහල්ලකෝ ඉතින් ,මට කියන්න එපා කියලා එයාලම කියලා.

                    'ඔව් හලෝ. ඉස්කෝලේ තියෙන හැදිච්චකම තමයි ඉතින් ... මට ගහන්න හිතුණා දත් ටික බඩට යන්න'
                    'අනේ ඔව් ඔව්... මට මහිමයා කිව්වා තමුන්ගේ චන්ඩි පාර්ට් එකේ තරම. හොටු පෙරාගෙන අඬන සයිස් ලු. ඒකට මොකද කට නම් තියෙනවා' අයියා මහා නොන්ඩි විදියට කිව්වේ. ඒ කියන්නේ මහිම තමයි කියලා තියෙන්නේ. එයා ඇත්තටම එහෙම කියන්න ඇතිද? නෑ මේවා මේ අපේ අයියගේම වචන නෙ.

                     'ඇයි පුතේ මෙච්චර පරක්කුවුනේ?' අයියගේ වෙලාව හොඳ නිසාමද කොහෙද අම්මි එහෙම අහගෙන කුස්සියේ ඉඳන් සාලෙට ආවා. නැත්තන් මෙයා මගෙන් කනේ පාරක් කන්න ලෑස්තිවුණේ.

*****
          
                      ඇත්තටම අද මට වෙන්න ගිය වින්නැහිය අපේ සෙට් එකත් එක්කවත් කියන්න මට ලැජ්ජයි අප්පා.. මාසයක් බයිට් එක මං වෙයි. අද මහිම ආවේ නැත්තන් මං කොහොම ගෙදර එයිද? මට මැවිලා පේනවා අනේ. හිනාත් යනවා මතක් වෙනකොට. ඔන්න ඒ අස්සේ මොබයිල් එකත් රින්ග් වෙනවා. සඳු....

    'කියහන්' 

    'ආ.... නිල් කුමාරී.... ගෙදරද? ' මේ ටිකට මෙයාලට ආරංචි වුණේ කොහොමද? දැන් ඉතින් වසලා හමාරයි.

    'කවුද කිව්වේ?' ඇත්තටම මං ඇහුවේ පුදුමෙන්.

    'මහිම කුමරයාලුනේ බේරාගත්තේ?' අප්පෝ.... කාලා වරෙන්කො දැන් ඉතින්.

    'කවුද බොල ඔය ගිනිගෙඩිය දුන්නේ?

    'මධූ අයියා , විනූට කියලා. ඇත්තද බොරුද කියලා බලන්න මං මේ ගත්තේ. හි හි...' 

    'ආ... එහෙනම් අයියයි, නෑනායි එකතුවෙලා මට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා නෙ? බලාගමුකෝ'

    'කතාව ඇත්ත නේ?'

    'ඔව් බං. හෙට අපේ ගෙදර එනවද? මට කතා කරන්න ඕනේ උඹලත් එක්ක' මහිම ගැන මෙයාලත් එක්ක කිව්වේ නැත්තන් ඒක හිතට ලොකු බරක් වෙයි.

    'මං දන්නවා කවුරු ගැනද කතාකරන්න ඕනේ කියලා. ගෙදර කතාකරන්න අවුලක් නැද්ද?'

     'හ්ම්.... අම්මි හෙට ලොකු අම්මිලගේ ගෙදර යනවා කිව්වා. අයියත් හෙට ඉස්කෝලෙට යයි එයාලගේ sports meet එකේ organizing වැඩකට. විනූවත් එක්කන් වරෙන්'

      'හරි හරි, මං මංසලාටයි, දුලාටයි කතා කරන්නම්. හෙට 10ට?'


      'හා ඒ වෙලාව හොඳයි'

      'දැන් ඉතින් උඹද මගේ ෆෝන් bill ඒක ගෙවන්නේ? නෑනේ.. තියපන් තියපන්' සඳු හිනාවෙවී කියනවා.

      'අපෝ ලෝබි. බායි'.
             හෙට සඳුල ට අපේ ගෙදර එනවා කිව්වම මගේ හිතට දැනුනේ ලොකු සැහැල්ලුවක්. හිතේ තියෙන ඕනෙම දෙයක් යාළුවන්ට කිව්වම,හිතට සැහැල්ලුවක් වගේම, ප්‍රශ්නයක් නම් උත්තරේකුත් ලැබෙනවා කියලා අත්දැකීමෙන්ම මං දැනගෙන හිටිය. 


             දැන් ආයෙත් සුපුරුදු සැහැල්ලු ජීවන රටාවට වැටෙන්න මට පුළුවන්. ඒ නිසාම ගොඩ දවසකින් fb පැත්තේ ගිහින් එන්න ඕනේ කියලා මං හිතුවා. News feed එකේ ඉස්සෙල්ලම තිබුන news එක තමයි,

           'Madhuka Gimhan went from being 'single' to 'in a relationship' '. 
           ආ... ඔය තියෙන්නේ. කෑවයි?? මහිමට වගේම අපේ අයියා පොඩ්ඩටත් වැඩිපුරම fb යාලුවෝ ඉන්නේ කෙල්ලෝ. වෙලාවට විනූ fb නැත්තේ. හිටිය නම් ඉතින් ඉරිසියාවේ පැලිල මැරෙනවා. මේ news එකටත් ඉතින් comments ගොඩක් තිබුණා.

            'පුහ්.... මැස්සෙක් ගිය උඩ. :p. පව් ඒ girl.. කීවෙනි girlfriend ද ඔය?'කියලා තමයි මං කරේ. එත් ඉතින් මගේ අයියා ඒ ජාතියේ කොල්ලෙක් නෙමෙයි. විනාඩියක් ගියේ නෑ, ඒ comment එකට මෙහෙම reply එකක් එනවා. 
       '@Vishmi Sooriyabandara: මධූ අයියා ඒ ජාතියේ කොල්ලෙක් නෙමෙයි. ඔයාට වැරදිලා.' 
   සකුණි කියලා girl කෙනෙක්ගෙන්. පුහ්... ඒක කොහොමද? එකකුස උපන් මගේ සහෝදරයා ගැන මට කියලා දෙන්න එන්න මේ හෝ හපුට්ටි කවුද? ඕවටනේ ඉතින් මල පනින්නේ. දෙකක් අමතන්නම් කියලා ලෑස්ති වෙනකොටම මහිම comment එකක් පොස්ට් කරා එතන.

          @Saku : විශ්මි කියන්නේ මධූ අයියගේ එකම නංගි පොඩ්ඩ. හි හි...'
    මෙන්න මහිම ඒ පාර එයාට සකූ ලු. ඒ කියන්නේ මහිමත් මෙයාව දන්නවා. ඒ ආමන්ත්‍රණේ මට එච්චර ඇල්ලුවේ නෑ... මෙයා මහිමගේ girlfriend ද?

 Exam එකක් තිබුණ නිසා මේ කොටස ලියන්න ගොඩක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න.. :D

20 comments:

  1. එල එල මෙන්න මෙයා අලුත් කැල්ලක් දාලා
    අනේ පරක්කු කරන්න එපෝ

    ReplyDelete
  2. ලස්සනයි නංගියෝ... ඔයා ලියන විදියට මම කැමතියි.

    ReplyDelete
  3. හප්පට සිරි දැං ඉතිං බයිට් වෙයංකෝ කෙල්ලොන්ගෙං..කෙල්ලොන්ගෙ කටවල් මොක්ද ඉතිං....
    ආ ඔන්න ඉතිං දැංfb මරයි එක්සෑමුත් ඉවරනේ...( මං වගේ..හි හී)
    අර මහීමයා ත් වෙලාවටම ආවනේ..නිල් පාරක් කන්න නොදී පන්ඩිතීට
    අයියා ඉතිං ෆේමස් වෙන එක අහන්නත් දෙයක්ද බොල HF වුණාම ඉස්කෝලෙ....
    මරු කොටස..අනිකත් දාන්න විගහට..
    මම බැලුවා මොකෝ පරක්කු කියලා...

    ReplyDelete
  4. වැරදීමක් HP හොඳේ...

    ReplyDelete
  5. ඇතිනේ ටොපිය.කාලා වරෙන්කෝ දැන් ලුණු නැති පරිප්පු...
    අපරාදේ නිල් කුමාරිට නිල් ස්නානය මිස්ඩ් උනේ..
    හී...හී....
    කෝලන් පී - දිව දොට්ට

    ReplyDelete
  6. @මහිම: හි හි... ඉක්මනට ඉතුරු ටික ලියනවා. Exam නිසා පරක්කුවුනේ සහෝදරයා. ස්තුතියි මග බලාගෙන හිටියට..:D

    @අමා : ස්තුතියි අක්කියෝ... :D :D

    ReplyDelete
  7. @ගලයා : අනේ හැමෝම බලාගෙන හිටියේ විශ් නිල් නායි කියල නේ?? හූ හූ..... අයියා HP කියල විශ්මිටම අමතක වෙලා.. හි හි... මග බලාගෙන හිටියට ස්තුතියි සහෝදරයා... තමන් ලියන කතාවක් කියවන්න කට්ටියක් බලාගෙන ඉන්නවා කියල හිතෙනකොටත් පුදුම තරමේ සතුටක් දැනෙන්නේ... ස්තුතියි..

    @නෝටියා : අපෝ නිල් කෑවා නම් පව් අනේ.. කොහොමද බස් වල යන්නේ? ඔයාලට නම් ඉතින් මොකද, ගෑනු ළමයි එනවයැ ඔයාලට නිල් ගහන්න...හි හි.. ස්තුතියි මේ පැත්තේ ආවට නෝටි....

    ReplyDelete
  8. ඇත්තටම කවුද ඒ සකූ ??? අම්මෝ මේ කතාව තමා මේ වෙනකන් ලියලා තියෙන කෙල්ලෝ වැඩිම ගානක් රගපෑව කතාව. කමක් නෑ ඉස්සරහට යමුකෝ. :)

    ReplyDelete
  9. නියමයි..නියමයි...මේ වගේ කතා ගොඩක්ම ලියන්නේ කොල්ලොනේ...කෙල්ලෙක්ගෙ කෝණෙන් ලියන කතාවක් හින්දා මරු...:)

    ReplyDelete
  10. @මධුරංග : සකූ කියන්නේ කවුද කියලා තම කවුරුත් දන්නේ නෑ අයියා... බය වෙන්න එපා ඒක ෆොබියාවක් නෙමෙයි... හි හි...

    @සයුරි :ගොඩක් ස්තුතියි සහෝදරි මේ පැත්තේ ආවට වගේම comment එකටත්.. :D

    ReplyDelete
  11. නුවර මොන ඉස්කෝලේද නංගි තෝමස් කියල තියෙන්නේ? මමත් නුවරනේ..

    ReplyDelete
  12. @ක්සැන්ඩර් : නුවර නම් තෝමස් කියල ඉස්කෝලයක් නෑ තමයි අයියා... නුවර තියෙන ඇත්ත ඉස්කෝලෙක නමක් දාල ඒ ඉස්කෝලේ නමට හානියක් වුනොත් එහෙම මට ගුටි කන්න වෙයි කියල තමයි මං කලින් හිතුවේ... ඒත් දැන් කට්ටියගේ අදහස් වලින් නම් තේරෙන්නේ මං එහෙම කරපු එකෙන් කතාවේ තාත්වික බව නැතිවෙලා කියලයි. ඒ ගැන කණගාටුයි. ඒත් දැන් කරන්න දේකුත් නෑ සහෝදරයා. දැන් ගොඩක් ලියලනේ.. ආයෙමත් අලුත් කතාවක් ලියන්න හිතුනොත් ඉස්කෝලවල ඇත්තම නම් ගම දාන්නයි කල්පනාව...
    මේ පැත්තේ අවට ස්තූතියි සහෝදරයා!!!

    ReplyDelete
  13. නියමයි නඟා, එල කතාව ඈ... වැස්ස නිසා පානදුරේ ඉන්ටනෙට් අවුල්... පරක්කු උනේ ඒකයි.... අනික් එකත ටක ගල දාන්න හොදේ,,


    ජය...

    ReplyDelete
  14. ඈනොනිමස් කොල්ලාNov 2, 2011, 7:30:00 AM

    ඒක තමයි කවුද "මේ හෝ හපුට්ටි" ? ලොල් (like it)
    කෙල්ලො ඔහොම්මයි.. හිතන් ඉන්නෙ චන්ඩ් රෑජිනියො කියල.. හෑබෑයි පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි කදුලු දෝර ගලනව.. හෙහෙ
    මම නම් 1න්ම අනුමත කොරනව ඉස්කෝලවල හබෑ නම් නොදාපු එක.. නෑත්තන් එව්වගෙ ඉන්න අහින්සක කොලුවොන්ට කතා හෑදෙනව.. පී - දිව දොට්ට
    එල එල ඔබට ජය ICE නොගහ ඉතිරි ටිකත් ලියන්ඩ..

    ReplyDelete
  15. @ක්සැන්ඩර් | Xander :
    ඔය සෙන් තෝමස් එක තියෙනේ නුවර නෙමේ අයියා. මාතලේ !! මාතලේ ටවුම මැද්දෑවේ තියෙන ඉස්කෝලේ තමා ඔය කියන්නේ.

    ReplyDelete
  16. අද තමයි මුලින්ම මේ පැත්තට ගොඩ උනේ.. කතාව හෙමින් කියවගෙන එන්නම්...

    ReplyDelete
  17. @Gayan Rupasinghe : ලොකු පරක්කුවක් නෑ අයියේ... ස්තුතියි ආවට... ඉක්මනින්ම ලියනවා... :D :D

    ඈනොනිමස් කොල්ලා : හි හි... එතකොට කොල්ලෝ විතරනේ චන්ඩි .... අනේ ඔය ඉස්කෝල වල කොල්ලෝ නම් හරි අහිංසකයි. පව්.. පී - දිව දොට්ට
    තැන්කූ තැන්කූ......

    ReplyDelete
  18. අද තමයි කථාවේ ඔක්කොම කොටස් ටික බලලා ඉවර කරේ,. කලින් සැරයක් ආවට විභාගේ නිසා කමෙන්ට එකක් දාන්න බැරි වුනා,. හී හී.. අපිටත් දැන් විභාගේ ඉවරයි,. කථාව ලස්සනට ගලාගෙන යනවා,.. අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා..

    ReplyDelete
  19. @මධුරංග : අනේ නෑ මධූ අයියා... නුවර ඉඳන් මාතලේ ඉස්කෝලේ යන්නේ නෑනේ අනේ මෙහෙ අය.. මේ මාතලේ තෝමස් එක නෙමෙයි. ඇත්තටම නුවර නැති කල්පිත තෝමස් එකක්... :D :D

    Dinesh :ස්තුතියි මේ පැත්තේ ආවට.. කතාව කියවලම බලන්නකෝ.. :D :D

    ReplyDelete
  20. @ප්‍රාර්ථනා : ස්තුතියි මේ පැත්ත ආවට වගේම එකටත්... ඊළඟ කොටස බලන්නත් එන්නකෝ... :D :D

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)