Saturday, October 1

~මහිම මන්දහාසි~ 3වන කොටස


              'ස් ස් ...'.විනූ එයාලට කතා කරා. හිනා වෙවීම එයාලා අපි ලඟට ආවා.

              'පාඩම් කරලා ඉවරද බං දැන්?'සඳු එහෙම ඇහුවේ කෙලින්ම නියම ප්‍රශ්නේ අහන්න බැරි නිසා.
             'ඉවරයි බං.අද සර් කිව්ව ටිකයි,හෙට මැත්ස් ක්ලාස් එකේ කියන ටිකයි ආයෙත් බල ගන්න ඕනේ'.උත්ර දුන්නේ දිනාදී.
               'මේ මොකද මේ?'. දෞපදී ඇහුවේ අපේ අයගේ ඇඳුම් වල නිල් පාරවල් දැකලා.

               'අන්න අර බූරු පැටවුන්ගේ වැඩනේ බං'
   
                'කාගේද?විශ්වලාගේද?'.

                'ඔව්.අර අනිත් උන් දෙන්නා කවුද බං?දැකලා නෑනේ කලින්' සඳු එහෙම අහනකොට මට සඳුව ඉඹින්න හිතුනා...
               
                'අර සුදු චීස් බෝලේ රුචිර'. දිනාදී කිව්වේ ලස්සන හිනාවකුත් එක්ක..
 එතකොට අනිත් එක්කෙනා?හිතට තියෙන හදිස්සියක්...

                 'අර අනිත් එක්කෙනා 'මහිම'.තෝමස් එකේ prefect කෙනෙක්'.
'මහිම.... එයටම ගැලපෙන ලස්සන නමක්'.මට එහෙම හිතුනා.
                
                 'ඇයි අපේ math ක්ලාස් එන්නේ.දැකලා නැද්ද?'
මොකක්,එයා මැත්ස් ක්ලාස් එනවා? ඇයි මං එයාව කලින් දැකලා නැත්තේ? මං මෙච්චර කල් ක්ලාස් එකේ හිටියේ අසිහියෙන්ද අනේ...

                I’m so lonely broken angel… I’m so lonely listen to my heart….යියාගෙන් කෝල් එකක්.
'හෙලෝ'
'ක්ලාස් ඉවරද?'
'ඔව්'
'එහෙනම් හෝල්ට් එකේම ඉන්නවා. මං එනවා'
'ඇයි ඒ?'
'අම්මි කිව්වා ඔයාට එක්සෑම් එකට ඕනේ පෑන්,පැන්සල් ටික ගන්න එක්කගෙන යන්න කියලා'.
'හරි හරි මං ඉන්නම්.ඉක්මණට එනවා හරිද, හැඩ වෙවී ඉන්නේ නැතුව'.
'හැඩ නොවී කොහොමද ඕයි තමුසෙගෙ යාළුවො ටික ඔතන ඇතිනේ බැබළි බැබළි'
'ආ... ඔව් ඔව්.ඉක්මණට එනවකො බලන්න.බායි'
අයියා හිනා වෙවී ම ෆෝන් එක කට් කරා...
            
                'අයියද?අනේ මට නෑනේ ඔහොම අයියා කෙනෙක්'.දුලනි කිව්වා.

                'ඒ වගේ සහෝදරයෙක් ඉන්න ගොඩාරියක් පින් කරලා තියෙන්න ඕනේ'.මං කිව්වේ කොලර් එකත් උස්සල. ඇත්තටම මං මගේ අයියා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.මට වඩා අවුරුදු තුනක්  වැඩිමල් වුනාට සහෝදරයෙක්ට වඩා යාලුවෙක් වගේ එයා මට ලඟයි.

                 'උඹ දන්නවද විශ් අපේ ඉස්කෝලේ කෙල්ලෝ කීයක් මධුක අයියට crushද කියලා? දෞපදී ඇහුවා.
                 'කොයි කෙල්ලද බං ඒ වගේ කොල්ලෙක්ට අකමැති වෙන්නේ? අනික තෝමස් head prefect කිව්වම ලේසිද?. දුලනි කියනකොට ඒ අයියගේ නංගි වුණා එක ගැන මට දැනුණේ ලොකු සතුටක්.
            
     'ඒ මොනවත්ම නැතත් ගිම්හාන් අයියා ළඟ තියෙන්නේ කිසිම කෙල්ලෙක්ට අකමැති වෙන්න හිතෙන්නේ නැතිවිදියේ හොඳ ගතිගුණ ටිකක්'.ගිම්හාන් කිව්වෙත් මගේ අයියටම තමයි. මධුක ගිම්හාන් සූරියබණ්ඩාර. ඒත් මට තිබුන එකම ප්‍රශ්නේ හැමෝම අයියට 'මධුක' හරි 'මධූ' හරි කියද්දී විනුරි විතරක් අයියට ගිම්හාන් කිව්ව එක.අනික විනූ ඒක කිව්වෙත් අමුතු විදියට කියලා මට හිතුනා.විනූගේ හිතේ අයියා ගැන....?????

                 'කිසිම කෙල්ලෙක් අකමැති වෙන්නේ නැති වුණාට,අයියා තාම එකම කෙල්ලෙක්ටවත් කැමති නැති එකනේ බං ප්‍රශ්නේ'. මගේ කතාවට කට්ටියටම හිනා ගියා.
            
                     තවත් ටික වෙලාවක් අපිත් එක්ක ඉඳපු දිනාදී,දෞපදී ඊළඟට ආව බස් එකේ ගෙදර ගියා.අයියා තාම නෑ.මගේ යාලුවෝ ටික ඉන්නේ අයියා එනකං,මාව මෙතන තියාම තියල යන්න බැරි නිසා. මහිම...ඔව් තාම එයත් හෝල්ට් එකේ.

         'ඔන්න උඹලගේ අයියා එනවා'. ඈතටම ඇහුණු CBR බයික් එකේ සද්දෙට සඳු කිව්වේ. 'ඔය සද්දෙන් මුළු නුවරම දන්නවා මධුක අයියා එනවා කියලා'.
          අයියට තිබුණේ පුදුම බයික් උණක්.එයාට 18 පිරෙනකොටම අපේ අම්මි,අප්පච්චි ඉතින් එකම පුතානේ කියලා බයික් එකකුත් අරන් දුන්නා.අනේ ඉතින් එකම දුවනේ කියලා මට තමා මුකුත් නැත්තේ.අප්පා...

                       මාව දැක්ක ගමන් හෝන් එකකුත් ගහගෙනම අයියා අපිව පහුකරගෙන ටිකක් ඉස්සරහට ගිහින් බයික් එක නැවැත්තුවා.ශා.. මෙන්න මහිමයි යාලුවෝ ටිකයි ගිහින් අපේ අයියා එක්ක කතා කරනවා.හ්ම්...එහෙනම් අපේ අයියා එයාලව දන්නවා.....

            'අනාගත මස්සිනාල දෙන්නගේ කතාව බලහන්කො' සඳු,මංසලාට කිව්වේ රහසින් උනත් මට ඒක ඇහුණා. එත් ඇහුනේ නෑ වගේ හිටියා.'මං එයාට ආදරේ කරනවද? අනේ මන්ද අප්පා.. එක්කෝ එහෙම වෙන්න බෑ. මං එයාව දන්නෙත් නෑනේ. ඒ නිසා එහෙම වෙන්න බෑ.. ඒත් ඇයි මං එයා ගැන මෙච්චර වද වෙන්නේ?' මගේ හිතම දෙපැත්තකට බෙදිලා තර්ක කරනවා.

            'එහෙනම් මං යන්නද? අර දඬු මොනරේ ගිහින් ඇක්සිඩන්ට් වර්ඩ් එකේ ඉන්න උනේ නැත්තං හෙට අනිවා math ක්ලාස් එනවා හොඳේ'.

            'අනේ පලයන් විශ්. ඇක්සිඩන්ට් උනත් එනවා කියපන්.අරයව බලන්න එපැයි'. දුලනි එහෙම කිව්වේ ඇස් වලින් මහිමව පෙන්නන ගමන්. යාලුවෝ මහිම ගැන කියල බයිට් කරනකොට බොරුවට රැව්වට , ඇත්තටම මං එයාල එහෙම කියනවට හිත යටින් ගොඩක් කැමැත්තෙන් හිටියේ. මං සෙට් එකටම බායි කියල අයියා ලඟට ආවා.

             එතනට ගියාම මහිම දිහා නොබලා ඉන්නවා කියල හිතාගෙන ගියත්,මට ඒ තරු ඇස් දිහා නොබලා ඉන්න බැරි වුණා.ලස්සන හිනාවකුත් එක්ක මහිම මගේ දිහා බැලුවා.ඒත් අනේ මගේ තියෙන ගොන් බූරුකමට මට එයාට හිනාවෙන්න අමතක වුණා.

        'හරිද? යන්ද?'. අයියා ඇහුවම මං හා කියන්න ඔලුව වැනුවා.

       'එහෙනම් මං යනවා මල්ලිලා'.අයියා එයාලට කියන කොට මං හෙල්මට් ඒක දාගෙන බයික් එකට නැග්ගා.
        'එළ අයියා'

       'පස්සේ හම්බෙමු'

       'පරිස්සමින් යන්න' මහිම ඒ ටික නම් කිව්වේ මං දිහා බලලා. හත් අවුරුද්දක් පායපු පැත්තකට හදිස්සියේම වැස්සක් වැස්සා වගේ මට දැනුණේ. 'දැන් ඉතින් මං පරිස්සමින් යන එක කෙසේවෙතත් මගේ හිත නම් පරිස්සම් කරගන්නම වෙනවා,මොකද ඔයා ළඟ නවතින්න බලාගෙන ඉන්නේ ' කියන්නත් මට හිතුණා.
          අයියා තව පාරක් එයාලට අත වනාගෙනම බයික් එක ඉස්සරහට ගත්තා. මං මහිම දිහා බලාගෙන හිටියේ 'අනේ දැන් බලයි,දැන් බලයි' කියලා.ඒත් එයා බැලුවේ නෑ. 'අපෝ තියෙන නපුරුකම විතරක්' දුක නිසා එහෙමත් හිතුණා.'පුහ්...පුදුම ආඩම්බරයක්නේ ඒක.එක පාරක් බැලුවම හෙන ගහනවද?'මං මටම කියාගත්තා. ඒත් ඉතින් නුවර කොල්ලෝ ගොඩක් ඔය වගේ තමයි අප්පා. හරි ගණන්. ඒ ආඩම්බරේට තමයි ඉතින් අපි කැමතිත්.
ගුණසේන Book Shop එක ළඟ බයික් එක නවත්තනකන්ම මං කල්පනා කරේ මහිම ගැන.


****** 

හෙට maths ක්ලාස් එකේදී හම්බවෙමු >>

4 comments:

  1. මගේ කමෙන්ට් එක නැති වෙලා !!! මලා !!!

    අර සුදු චීස් බෝලේ කියලා අපේ කම්පියුටර් ඩිපාර්මන්ට් එකේ මිස් කෙනෙක්ටත් අපි කිව්වා !!1 හික්ස් :)

    ReplyDelete
  2. එහෙනම් ෂුවර් එකටම අයියට මේ ටික කියවනකොට ඉස්කෝලේ මතක් වෙන්න ඇති නේ??? හි හි..

    ReplyDelete
  3. නුවර කොල්ලො ඒ තරම් අඅඩම්බරයිද හෆ්ෆ...?? ශාහ්.. මගේ මයිල් කෙලින් වෙනවා මේ ටික කියවද්දි..:D කොල්ලා ළඟින්ම ඉද්දි, අයියාගෙ බයික් එකට නැගලා යද්දි නිකන් කිචි ව්අගේනෙ..

    ReplyDelete
    Replies
    1. අපෝ නුවර කොල්ලොන්ගේ ආඩම්බරේ ගැන නම් කතා කරලා වැඩක් නෑ..:P :P
      කිචිදත් අහනවා.. හි හි..

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)