Monday, November 7

~මහිම මන්දහාසි~ 10වන කොටස

                     සකූ.... computer තිරේ ඉස්සරහ නිකන් අකුණක් ගැහුවා වගේ හැගීමක් මගේ හිතට දැනුනේ. කවුද මේ සකූ?. මහිමත් ඔය තරම් ආදරෙන් කතා කරන්නේ නිකන් වෙන්න බෑනේ.. ඒ මදිවට එයා අයියාවත් දන්නවා. මං සකුණිගේ profile එකට ගිහින් බැලුවත් privacy හදල නිසා බලන්න පුළුවන් pro pic එක විතරයි. ඉතින් මං request  එකක් දාන්න ගියෙත් නෑ.


     ' Vish??'

                      ඔන්න මහිම අදත් එව්වා message එකක්. අදත් ඉතින් මං chat කරන mood එකක නෑ. මොනවා කරන්නද අප්පා. මං log out වුණා. රෑ කෑමට අම්මි වද දීල මාව එක්කගෙන යන්න එනකන්ම මං කල්පනා කර කර හිටියා. ගොඩක් දේවල් ගැන. Fb log out වුනාට පස්සේ මට හිතුනේ මං ඒ කරපු වැඩේ වැරදි කියලයි.  හවස නිල් කන්න ගිහින් දශමෙන් බේරුනේ මහිම නිසා. අඩු තරමේ එයාට thank කරන්නවත් මට යුතුකමක් තිබුණා. ශික්.... මං මහා ගුණමකු කෙල්ලෙක් කියල එයා හිතනවා ඇති. එත් ඉතින් අර කොහෙද හිටපු සකුණියෙක් නිසා ඔක්කොම අවුල් වුණා. ඔය ගැන හිතල හිතල අන්තිමේදී මං තීරණේ කරේ මේ දේවල් වලට වගකියන්න ඕනේ සකුණි කියලයි. ඒක හරි මෝඩ , තකතීරු ,මැටිමෝල් තීරණයක් තමයි. ඒත් මගේ හිතෙන් ඒ හැගීම එලවන්න මට පුළුවන් වුනේ නෑ..

                        අප්පච්චියි , අයියයි දෙන්නම කෑම කන වෙලාවේදී මට කිව්වේ results එනකන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මොනවා හරි course එකක් කරන්න කියලයි. ඒත් අම්මි නම් ඒ අදහසට කොහෙත්ම කැමති වුනේ නෑ. මං තාම අම්මිගේ චූටි දුවනේ. ඒ නිසා මාව මහන්සි කරවන්න පව් ලු. ගෙදර හිටපුදෙන්ලු. එතකොට කාලා කාලා අඩු තරමින් මහතවත් වෙයි ලු. ඒ කතාවට නම් මටත් හිනා ගියා. අම්මිට හැමදාම මාව හරි කෙට්ටුවට තමයි පේන්නේ. මට කොච්චර කැව්වත් අම්මිට මදි. අන්තිමට ඒ කතාව ඉවර වුනේ, මාව හුරතල් කරලා නරක් කරන්නේ අම්මි තමයි කියලා අයිය කිව්වට පස්සේ. ඒ කතාවට අප්පච්චිවත්,අම්මිවත්  මුකුත් කිව්වේ නෑ. ඒත් හුරතල් පුතාගේ තරම නම් මට ඒ දෙන්නට කියලා දෙන්නත් හිතුණා ආපු තරහට. මෙයාට මෙච්චර උදවු කරලත් කියන කතා බලහල්ලකෝ. ආයේ වරෙන්කො උදවු ඉල්ලගෙන. එතකොට බලාගමු.

                          හෙට සඳු අපේ ගෙදර එනවා කියල කෑම කන වෙලාවේදී ගෙදර අයට කිව්වත් විනූත් එනවා කියල නම් මං අයියට කිව්වේ නෑ.. අර කිව්ව නොසන්ඩාල කතාවේ තරහ වගේම , මං කිව්වොත් මේ මනුස්සයා හෙට අම්මි ගියාට පස්සේ විනූ නිසා ගෙදර නැවතෙනවා. ඊට පස්සේ මොනවා හරි හුට පටයක් එහෙම වුනොත් මං ආයේ ගෙදර වසල හමාරයි. ආදරේ අන්දයි ලුනේ අප්පා..


******


                 'පුතේ... පුතේ... නැගිටින්න ළමයෝ. මං අප්පච්චිත් එක්කම යනවා. උණුවතුර බෝතලේ තේ ඇති දාගෙන බොන්න. උදේටත් උයල තියෙන්නේ ,යාලුවෝ ආවම කන්න' කියලා අම්මි කියනවා මට යන්තම් වගේ ඇහුනා මතකයි. ඊට පස්සේ නළලත් ඉඹල අම්මි ගියා. යාලුවෝ? මොන යාලුවොද? අනේ මන්ද... ඒ ප්‍රශ්නෙට උත්තරේ මතක් වෙන්න කලින් මට ආයෙත් නින්ද ගියා.

මාමා... මාමා.... මාම මාමා ...... මාමා මාමා.... මාමා..... මා....මා.... බ්රූ... හි හි හි...

                   මගේ කන ගාවින්ම මෙහෙම මර ලතෝනියක් ඇහෙනවා. කවුද යකෝ? මුකුත් හිතා ගන්න බැරුව මං උඩ ගිහින් ඇහැරුණා. බිමට එනකොට තමයි වැඩේ මීටර් වුනේ. මගේ අතිජාත පාප මිත්‍ර සේනාව අපේ ගදර ආක්‍රමණය කරලා. ඒ මදිවට ෆෝන් එකේ මල විකාර tone එකක් දාලා, උදේ පාන්දර මගේ ඇඟේ ලේ වතුර කරවලා දැන් ඉන්නවා නිකන් සිනහ පපා, ටිකිරි නගාලා වගේ.

                   'අපෝ ගිහින් මුණ හෝදගෙන වරෙන්. අපිට නිකන් සසර කලකිරවන්නේ නැතුව' සඳු කිව්වා. විනූ, දුලා,මංසලා මදිවට මුන් අපේ  කිඹුල් පැටවූ දෙන්නවත් ඇදගෙන ඇවිල්ලා. ඒ කිව්වේ අපේ දිනාදියි, දෞපදියි. 


                    මං ඉක්මනටම ඇඳෙන් බැහැලා bathroom එකට ගියා මුණ හෝදන්න, ආයෙත් එන ගමන් උඩට ගිහින් අයියගේ කාමරේට එබිලා බැලුවත් අයියා නම් හිටියේ නෑ.. පොර ෂුවර් එකටම ඉස්කෝලෙට යන්න ඇති. ඒකත් හොඳා.... දැන් ඉතින් මේක මගේ රාජධානිය තමයි. 


                    තාම වෙලාව 9යි. මෙයාල එනවා කිව්වේ 10ට නේ. මොකට මෙච්චර කලින් ආවද දැන් නෑ කියල හිතින් බැන බැන මං ආයෙත් මගේ කාමරේට ආවා. එනකොට එකෙක් coputer එක on කරලා. දෙන්නෙක් තුන් දෙනෙක් ඇඳේ හත් අට පොලක ඉන්නවා. එකෙක් මේසේ උඩ. තව එකෙක් ජනෙල් පඩිය උඩ... 'අනේ අම්මප මෙහෙමත් කෙල්ලෝ' කියල හිතන ගමන් මාත් ගිහින් මේසේ උඩ වාඩි වුණා. 

              'කාලද ඉන්නේ?'

              'පිස්සුද විශ් , අපි මේ තකහනියක් කුකුලත් අතින් අරන් දුවගෙන ආවේ. එහෙවු අපෙන් කාලද ආවේ කියල ඇහුවම හරිද මං අහන්නේ?' මංසලා ඉක්මණටම කිව්වා. මෙයාලගේ බඩ ජහරිකම දන්න නිසාම වෙන්න ඇති අම්මි උදේ උයල යන්න ඇත්තේ.

              'අපෝ... තව ටිකකින් කමුකෝ. දැන් ආවා විතරනේ'

              'අන්න හරි දුලාට විතරයි තේරුණේ. මෙහෙම උදේම ගෙදරකට ඇවිත් හිඟමන් යදිනවා යැ'

              'අනේ පල පල'...

              'මේ ඒක නෙමෙයි.....' සඳු හරි බරි ගැහිලා අහන්න යන කතාව මට ඉවෙන් වගේ තේරුණා.

              'කෝ උඹලගේ අයියා පොඩ්ඩ? එක්කෙනෙක් ආවේ එයාව surprise කරන්න නේ'

               'අනේ යනවා සඳු යන්න. බොරු කියන්න එපා' විනූ බොරු කියල කිව්වත් ඒ කතාව ඇත්ත කියල මං දන්නවා.

               'අයියා ඉස්කෝලෙට ගියා බං එයාලගේ sports meet එකේ වැඩකට. මං විනූ එනවා කියල එයාට කිව්වේ නෑ. කිව්වා නම් පොර ඉස්කෝලෙට නොගිහින් ගෙදර නවතිනවා'

                'ඔව් ඔව්... ඊට පස්සේ අපිට මෙතන ප්‍රේම ජවනිකා බලලම එපා වෙයි. ඒ නිසා මධූ අයියා ගිය එකමයි හොඳ'

                 'අනේ මේ....' ඒ පාර නම් විනූට ඇත්තටම තරහ ගියා.

                 'හෝව් හෝව්... ශේප් හොඳේ. මේ,මොනවා හරි කාල ඉමුද? මට බඩගිනි. තාම තේ බිව්වෙත් නෑ' මං කිව්වේ තව ටිකකින් මෙතන සිද්ද වෙන්න යන යමර හටන නවත්ත ගන්න වෙන ක්‍රමයක් නැති නිසා.

                 'හ්ම්... ඒක හොඳයි. යන්කො එලියට' සඳු මාවත් ඇදගෙන සාලෙට ආවා. කට්ටියටම බලන්න tv ඒකත් දාල දීල මං සඳු එක්ක කුස්සියට ආවා. 

                 'මං අර කතා කරන්න ඕනේ කිව්ව දේවල් ගැන දිනාදියි, දෞපදී ඉන්න තැන කතකරන එක අවුලක් නැද්ද බං? මං සඳුගෙන් එහෙම ඇහුවේ එයාලාව අපි යාලුවෝ විදියට ආශ්‍රේ කරාට පෞද්ගලික ජීවිතේ ගැන කිසි දෙයක් මෙච්චර කල් එයාලත් එක්ක කතා කරලා නැති නිසා.

                 'බය වෙන්න එපා විශ්. මං ඒ දෙන්නට කියල එක්කගෙන ආවේ' සඳු ඉතින් කිව්වොත් කිව්වම තමයි. දෙයක් කරන්නේ හොඳට කල්පනා කරලා. මට සඳුව ගොඩක් විශ්වාසයි. ඒ නිසා මං ආයෙත් ඒ ගැන ඇහුවේ නෑ. අපි තේ හදාගෙන බොන ගමන් ඉතින් කරේ ලිඳ ළඟ සංගමේ වගේ වල්පල් කියෙව්ව එක තමයි. 

 ඊටත් පැයකට විතර පස්සේ තමයි අතුරු කතා වාරය එළඹුණේ. 
                 'විශ්, දැන් කියන්නකෝ ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා?' සඳු ඇහුවේ හරිම තීරණාත්මක විදියකට. මං ඒකට සුදානම් වෙලයි හිටියේ කලින්ම.

                 'ප්‍රශ්නයක්මත් නෙමෙයි'... කලින් වෙච්ච හැමදේම මෙයාල දන්න නිසා මං ආයෙත් ඒ ගැන කියන්න උවමනාවක් වුනේ නෑ. ඊයේ නිල් පාරක් කන්න ගියා එක ඇතුළුව මහිම ගැන මට හිතෙන හැම දෙයක්ම මං යාළුවොත් එක්ක කිව්වා. වැඩේ කියන්නේ මං කතාව කියලා ඉවර වෙනකන් එක්කෙනෙක්වත් මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නෑ.. මං අන්තිමේට අර සකුණි ගැනත් කිව්වා. කිව්වා කියන්නේ ඉතින් එයාට බැන්න වගේ තමයි.

                   'හරි.... දැන් කියපන් උඹ මහිමට ආදරෙයිද?' ඉස්සරවෙලාම කට ඇරියේ දුලනි. ඒත් මාව කොරවෙන ප්‍රශ්නයක් අහගෙනම. 

                   මං මහිමට ආදරෙයිද? ඇයි මං එයා ගැන හොයන්නේ,එයා ගැන උනන්දු වෙන්නේ? ඒකට කියන්නේ ආදරේ කියලද? එහෙමත් නැත්තන් මේ වයසට සාමාන්‍ය ආකර්ෂණය කියන හැගීමද? මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙනවා කියලා දැනගෙන හිටියත් උත්තරේ මොකද්ද කියලා මට හිතා ගන්න බැරි වුණා.
                    කට්ටිය දැන් මගේ මුණ දිහා බලාගෙන ඉන්නේ කන්න වගේ. ඒ අස්සේ මගේ හිත මාත් එක්ක තර්ක කරනවා. තවත් විනාඩි කීපයක් කල්පනා කරලා මං තීරනෙකට ආවා.

          'ඔව් ... මං ....මහිමට ආදරෙයි' වචන පිටවුනේ බාගෙට. මගේම යාලුවෝ ඉස්සරහ මං හිටියේ නොසන්සුන් වෙලා. කවදාවත් මේ විදිය අපහසුවක් දැනිල තිබුනේ නෑ. හිත යකාගේ කම්මල වගේ. 

                  'එල...' පොඩි අත්පොලසන් නාදයක් පිටවුනේ මගේ තීරණේට කැමැත්ත පල කරලා. ඒක නම් හිතට පුංචි සැනසීමක් වුණා.

                  'හරි... දැන් එතකොට උඹට අවුල තියෙන්නේ මහිමට girl කෙනෙක් ඉන්නවද නැද්ද කියන එකද?'

                  'ඔව්'

                  'හිටියොත්?' දිනාදී ඇහුව විදියට මගේ හිත හිරිවැටිල ගියා. ඇයි මට කලින් ඔය ගැන හිතුනේ නැත්තේ? එහෙම වුනොත්...

                 'එයාව අමතක කරනවා'

                 'පුළුවන් වෙයිද? තවත් ප්‍රශ්නයක්. මගේ මතකෙට ආවේ කුලුඳුලේම මගේ හිත ඉඳුල් කරපු ඒ තරු ඇස් දෙක..... අහිංසක හිනාව..... මට මහිමව අමතක කරන්න පුළුවන් වෙයිද?



36 comments:

  1. කතාව ලස්සනට ගලාගෙන යනවා. බොරුවට මහිමට ආදරේ නෑ කියලා කියන්නේ මොකෑ. ඔයා ඉතින් ඒ කොල්ලට ආදරෙයි නේ. හික්ස් :)

    ඒක නෙමෙයි මොකද්ද නංගි මේ සද්දේ

    මාමා... මාමා.... මාම මාමා ...... මාමා මාමා.... මාමා..... මා....මා.... බ්රූ... හි හි හි...

    මට හිතාගන්න බැරි උනා. :)

    ReplyDelete
  2. මේ මේක ඇත්තටම උන එකක් වගේ මට නම් පෙන්නේ..... නියමයි.... ලස්සනයි කියලා වැඩක් නෑ...
    මධු වාට වගේම මටත් සින්දුව තේරුනේ නැතෝ..

    ජය....

    ReplyDelete
  3. එල එල
    මධු කියන කතාව ඇත්තනේ මොකටද නිකන් බොරු කියන්නේ
    අම්මප මේ කෙල්ලොන්ගේ ඉරිසියාව කියන එකනම් ආයි උපරිමෙන්ම තියනවා නේ
    කොල්ලත් එක්ක වෙන කෙල්ලෙක් කතා කලත් මරන්න හදනවා නේ

    ReplyDelete
  4. අහා මධු කිව වගේ මොකක්ද අර සින්දුව?

    ReplyDelete
  5. කතාව ලස්සනයි..
    ඒත් මේ කලු පාට පසු බිම නම් ඇස් වලට හරිම අමාරුයි..
    පුලුවන්නම් වෙනස් කරලා ලා පාටක් දාන්න..

    ReplyDelete
  6. මේකනම් ඇත්තටම උන කතාවක් දත් මන්දා...මේ විශ් කියන්නේ ඔයා නේද ? :))

    ReplyDelete
  7. hmmm..mahaimata ochharama kamathi wenna mahima monawage kollekda?? a wage una nam godama thamai ne?? :D

    ReplyDelete
  8. @මධුරංග : ස්තූතියි මධූ අයියා.... ඒ උනාට ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් විතර සැකේකුත් තියෙනවනේ... හි හි....
    අපොයි ඔය මාමා... මාමා... කියලා හරිම කැත tone එකක් තියෙනවා. මලම කන්දොස් කිරියාවක්. පුළුවන් වුනොත් ඔයාලටත් අහන්න upload කරන්නම්කො වෙලාවක.. හි හි ..

    ReplyDelete
  9. Gayan Rupasinghe : හි හි... ඇත්තටම උන එකක්ද නැද්ද කියලත් මං වෙලාවක පොස්ට් එකකින්ම කියන්නම්කො හොඳද... ස්තූතියි අයියා... :D

    ReplyDelete
  10. මහිම : ඒකනේ අනේ... රුසියාවට වැඩිය ලොකුයි ලු නේ ඔය ඉරිසියාව... හි හි... මං ඒ tone එක වෙලාවක upload කරන්නම්කො.. :D

    ReplyDelete
  11. nimanthi : ස්තූතියි සහෝදරී මේ පැත්තේ ආවට...මං පාට වෙනස් කරන්න බලන්නම්.. :D

    ReplyDelete
  12. @සයුරි : හි හි... ඇත්ත කතාවක් වගේද? ඒ ගැනත් වෙලාවක කියන්නම්කො හොඳේ.. ස්තුතියි.. :D

    ReplyDelete
  13. @(‍‍‍අයි කෙ) :කොහොමත් තමන් කැමති කෙනෙක්ගේ විශේෂතා ගොඩක් අපිට පේනවනේ ඉසුරු.. ඔයා ඉතින් ගොඩ ගිහින් නේ ඉන්නේ.. :P :P ඒ විදියටම ඉන්න. එහෙම හොඳයි. හි හි...

    ReplyDelete
  14. මේකනම් ඇත්ත කතාවක් වෙන්න ඕනේ.. හ්ම්ම්.. කෙල්ලෙක්ගෙ ජීවිතේ.. මාරයි..

    ReplyDelete
  15. @ක්සැන්ඩර් : හි හි... කස්ටිය මේක කියවලා බනිනවද දන්නෙත් නෑ 'මෙහෙමත් කෙල්ලෝ' කියලා... ඒත් සංස්කෘතියට පටහැනි නොවි අලුත් විදියට ලෝකේ දකින පරම්පරාව ගැනයි මට ලියන්න ඕනේකම තියෙන්නේ..වැරදි විදියට දකින්න නම් එපෝ...... :D

    ReplyDelete
  16. මේක ඇත්තටම උන දෙයක්ද කතාවක්ද කියලා අහන්න යන්නෑ... ඒත් හිතත් එක්ක බෑ අප්පා.... වෙලාවකට හිතෙනවා ත්රූ ස්ටෝරි එකක් කියලා... ඉවර වෙනකම් බලමුකෝ...

    ඉතිරි එපිසෝඞ්ස් ටිකත් ඉක්මනට දාමූ....

    ReplyDelete
  17. hehee..mama kawadawath wenas wena kenek nemei.. :D a hinda me widiha hondai wage thama.. :D

    ReplyDelete
  18. @නෝටි : හි හි... ඇත්ත කතාවක් කියල හිතෙනවා නම් මං සාර්ථකයි වගේ. ඉතුරු ටිකත් බලන්නකෝ.. ඔව් ඔව්..ඉක්මනට ලියන්න ඉන්නේ.. :D

    ReplyDelete
  19. (‍‍‍අයි කෙ) : ඒකනේ.. ඔය ඉන්න විදිය හොඳයි තමයි.. හි හි..

    ReplyDelete
  20. ඒක කැත ටෝන් එකක් ද ? එහෙනම් ඒක අප්ලෝඩ් කරන්න. මම් ආසයි ඔය කැත වැඩ වලට. හික්ස් :)

    ReplyDelete
  21. අපිත් දිගටම බලනවා!!
    කතාවනම් නියමටම ලියනවා...ගොඩාක් දෙනා කියනවා වගේම මේකනම් ඇත්ත කතාවක් වගේ!
    ඒ ගැන දැනගන්නත් බලාගෙන ඉන්නවා!
    ටෝන් එකත් අප්ලෝඩ් පාරක් දෙන්න හොදේ!!
    ජය වේවා!

    ReplyDelete
  22. අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එක පැත්තට අවේ...ආපු ගමන් එක හුස්මට ""මහිම මන්දහාසි" කියෙව්වා....කතාව මරේ මරු..ඔයා ලියන style එක හරි ලස්සනයි. ඊලඟ කොටස ඉක්මනට දාන්න...all the best.

    ReplyDelete
  23. @මධුරංග :අයියා audio file එකක් upload කරන විදිය දන්නවද? මං දන්නේ නෑනේ.ඒ tone එක audio එකක්.

    ReplyDelete
  24. @Chamikawp : හි හි... ස්තුතියි සහෝදරයා...
    ජයවේවා!

    ReplyDelete
  25. @ලොකු අයියා : බොහොම ස්තුතියි සහෝදරයා මේ පැත්තේ ආවට.. :D

    ReplyDelete
  26. ඇත්තටම එයාට කෙනෙක් හිටියොත්, ඒ තරු ඇස් දෙක අමතක කරන්න පුළුවන්ද? දෙවියනේ,.. මම ආදරේ කරන කෙනාගෙත් මම ආසම තරු වගේ දිලිසෙන ඇස් දෙකයි, එයාගේ ලස්සනම ලස්සන හිනාවයි,. දෙන්නම කථා කරන්නේ එක්කෙනා ගැන නෙවෙයි වෙන්න ඇතිනේ,. :) ;)
    ලස්සනට කථාව ගලාගෙන යනවා,.

    ReplyDelete
  27. @ප්‍රාර්ථනා අක්කි : හි හි.... නැතුව ඇති නේ? එයාගේ නම මහිම එහෙම නෙමෙයි නේ? ;);)
    ස්තුතියි අක්කි...

    ReplyDelete
  28. ඈනෝනිමස් කොල්ලාNov 9, 2011, 6:15:00 AM

    'අනේ අම්මප මෙහෙමත් කෙල්ලෝ' මහ සංකර විසේකාර කෙල්ලො ටිකක්.. හොච් හොච්
    ලිඳ ළඟ සංගමේ දාගත්තම අහල පහල ගෙවල් වල අයට දෙයියන්ගෙම පිහිටයි ඉතින්.. අද කතාව පුරාම කෙලි ආතල් තමා නේ.. බලමුකො කට්ටිය මොනවගෙ advice 1k දෙයි ද කියල..
    ඔයගෙ free style කතා විලාසය නිසා තමා storiya තවත් රහ වෙන්නෙ..
    එල එල.. carry on කරන්ඩකො එහෙනන්..:P

    ReplyDelete
  29. @ඈනෝනිමස් කොල්ලා : ඔයාල ඉතින් හැමදාමත් කොලු ආතල් ගැන ලියන එකේ අපි ඉඳල හිටලවත් මෙහෙම ලියන්න එපැයි... හි හි...
    ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ අදහස් වලට.. කතාව continue කරන්න ඔය වචන ලොකු ශක්තියක්... :D :D

    ReplyDelete
  30. යන්තං බළලා මල්ල ඇතුලේ කෑ ගහ ගහ ඉඳලා මල්ලෙන් එළියට පැන්නා....
    "මහීම මං ඔයාට ආදරෙයි..."
    බකස්...කෙල්ලෝ මාරයි ඈහ්!

    ReplyDelete
  31. @ගලයා : හි හි... කෙල්ලෝ එහෙම තමයි... :) :)

    ReplyDelete
  32. ඔයා ඔය කියන Ring Tone එක මේක නේද.....?

    http://www.mobuniverse.com/wp-content/uploads/2007/02/crazy-dj-frog-mobuniverse-4.mp3

    ReplyDelete
  33. @ලොකු අයියා : නෑ ලොකු අයියේ.. ඒක සිංහල ටෝන් එකක්...මං ඒක හෙව්වා හැම තැනම upload කරන්න.
    මගේ ෆෝන් එකේ නම් තියෙනවා. Audio file එකක් upload කරන හැටි මං දන්නේ නැතෝ.... :P :P

    ReplyDelete
  34. ade thama akki me blog eke mate hambune ahamben,, harima lassanay kathawe akkige,, digateme liyane,, take care <3

    ReplyDelete
  35. @Glimmer Girl : ස්තුතියි නංගා....... :)

    ReplyDelete
  36. :) :) ur most welcome akki :)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)