Sunday, October 7

ආයු බොහෝ වේවා! :D


විස්සයි විස්සේ උණුහුමත් එක්ක අයිස් නැවතත් කරලියට.......




   අයිස් කිව්වේ, අර ඉස්සර බ්ලොගේට පොස්ට් එහෙම ලිය ලියා ඉඳලා දුෂ්කර පළාතක රාජකාරියක් එක්ක අතුරුදහන් වුණ අයිස් හොඳේ..... :P (මේ ටිකට තවත් අයිස්ලා බ්ලොග් ලෝකෙට පැමිණ ඇත්දැයි සැක සිතී)

   මේ ටිකට බ්ලොග් ලෝකේ ගොඩක් දේවල් වෙනස්වෙලා නේ. මට සයිබර් උළෙලත් මග ඇරුණා. ඔබා මාමා අපි අතරින් වියෝ වුණු බව ඇහුවම මට අදහගන්නත් බැරි වුණා. ඒ ගැන ගොඩක් කණගාටුයි. :( ඒ අස්සේ බස් රේඩියෝවේ සම්මාන උළෙලක් ගැනත් ආරංචි.... :)

  ඉතින් කොහොමද කට්ටියගේ සැප සනීප එහෙම? මම නම් දැන් ගොඩක් හොඳින්, ගොඩක් සතුටින්. මොකද මාස හයක් ඉනාමළුවේ ගෙවුණු කටුක, අපහසු ජීවිතේ ඉවරකරලා අයිස් ආයෙමත් ගෙදර ඇවිත් ඉන්නේ. දැන් රැකියාව කරන්නේ නුවරම නිසා මං දැන් සතුටින්.  :D

      ඉස්සෙල්ලම සමාවෙයල්ල දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුණාට. මීට මාස හයකට විතර ඉස්සර අන්තිම පෝස්ටුව දැම්මේ ඉක්මනටම ලියන්න එනවා කියල පොරොන්දු වෙලා නේ. ඒත් මාස හයක් යනකන් මට ඒ පොරොන්දුව ඉටු කරන්න බැරි වුණා නෙව. හේතුවද ඇහුවේ? ඉනාමළුවේ සිටියදී හච් ඇරුණම අනිත් හැම බඩකඩිත්තු පැකේජ් එකක්ම පාවිච්චි කරලා බැලුවත් ඉනාමළුවට නම් 3G අරහං. ඉතින් කොහොමැයි බ්ලොගේ ලියන්න එන්නේ.

       ගෙදර අයගෙන්, යාලුවන්ගෙන් ඈත්වෙලා හිටිය නිසා වගේම මගේ සාමාන්‍ය දින චර්යාව වෙනස් වුණු නිසාම කිසිම නිර්මාණාත්මක අදහසක් ක්‍රියාත්මක කරන්න තරම් මට ඉස්පාසුවක් තිබුණෙත් නෑ. ඉතින් ලියන්න පටන් ගත්තු කතාවත් අතරමග නතර කරලා දාලා පොත් කියවන්න විතරක් වෙලාව වෙන් කරගෙන තමයි මම හිටියේ. ඒත් දැන්, පරණ පුරුදු ක්‍රමේටම මගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න මට පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා. ඒ නිසාම අද මේ කොලම පැත්තේ ආවේ මකුළු දැල් ටික එහෙම කඩලා,පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරලා යන්න. මොකෝ මම ආයෙත් ලියන්න පටන් ගන්නයි යන්නේ. :D

      බ්ලොග් එක පටන් ගෙන අවුරුද්දකටත් වැඩි වුණාට තාම පෝස්ට්ස් 50 ක් වත් ලියාගන්න මට බැරි වුණා. ඒ හැම අඩුපාඩුවක්ම මගහැරගෙන අයිස් ආයෙත් ලියන්න පටන් ගන්නවා. ඉස්සර වගේම හැම කෙනෙක්ගෙම පොස්ටුවලටත් හොම්බ දාලා යන්න එන්නම්කෝ හොඳේ...

ජය වේවා!

තටු  සලන මතකයන්  හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර 
සයිබරයේ අකුරු කෙරෙන 
ICEගේ කොලම..................

36 comments:

  1. මම දැක්ක අද උදේ මෙයා බුකියේ මතු වෙලා ඉන්නවා...

    ReplyDelete
  2. එල කිරි කිව්වා එහෙනම්...පුනරාගමනයට ජය වේවා...!

    ReplyDelete
  3. ආපහු ආවාට මගෙනුත් සුබ පැතුම් ...
    හොඳ .. හොඳ .. දේවල් ලියාවි කියල බලාගෙන ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්........... ස්තුතියි යාලුවා.. :D

      Delete
  4. අපිත් ඔන්න අලුතෙන් ආවා මේ පැත්තට..එහෙනම් ලියමු.ජය!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා කොලමට... ස්තුතියි හිරුහිමාවී. :D

      Delete
  5. නැවත පැමිණීම - සාදරයෙන් පිලිගන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.. මොකෝ මේ නමත් එක්ක වෙනස් වෙලා? ;)

      Delete
  6. අම්මෝ අයිස් දැකපු කල්...කොච්චර එකක්ද? අපි කතාවක් අහන්න ආසාවේ හිටියේ. වෙන අයිස් ලා ආපු බවක් දැන ගන්න නම් නැහැ :) ඔයා තමයි තාමත් වන් ඇන්ඩ් ඔන්ලි අයිස්...හරි හරි එහෙනම් හොම්බ දාලා යන්න එන්නකෝ. තව ලස්සන කතාවකුත් ලියමු හරිද

    ReplyDelete
    Replies
    1. හෙහෙ....... අනිවා සයුරි අක්කියෝ.. ස්තුතියි අයිස්ව අමතක නොකරට.. ඉක්මනටම අලුත් කතාවක් අරන් එන්න තමයි බලාපොරොත්තුව. :D

      Delete
  7. ඇති යන්තං ඇවිත්.ආයෙත් සාදරයෙන් පිළිගන්නවා.ලියමු ලියමු.ජය!!!

    ReplyDelete
  8. අප්පේ... ආයෙ ඇවිත්. දැන් ලියමු දිගටම.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බලාපොරොත්තුව නිසූ අක්කියෝ.. :D

      Delete
  9. ආපහු ආවට ගොඩක් සතුටුයි.. දැන් ඉතින් ලියන්නයි තියෙන්නේ..
    මහිම හා විශ්මි මන්දහාසි සුවෙන් ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ආහ් ඒ ඩබල සුවෙන් ඇතැයි මමත් සිතමි. හි හි..... ස්තුතියි බණ්ඩෝ....... :D

      Delete
  10. Oyage "maheema manda hasi" novel eka baluwa. Harima lassanai. Nawatha pamineema gana sathutui.
    Man hithanne me mage palamu commentuwa.

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි කතාව කියෙව්වට.... ඒ වගේම පළවෙනි කමෙන්ටුවටත් ස්තුතියි. :D

      Delete
  11. දැක්ක කල්!;)
    මීට පස්සේ දීර්ඝ විරාම ගන්නේ නැතුව ලියවී කියල හිතනව!;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. පුළුවන් තරම් ලියන්න බලනවා. ස්තුතියි ඔයාටත්! :D

      Delete
  12. දැක්ක කල්.. ආපු එක හොදයි.. එහෙනම් හෙමීට ලියගෙන යමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් අයියේ...... ආයෙත් බ්ලොග් ලෝකෙට පයතිබ්බ වෙලාවේම දැක්කේ ඔයාගේ කනගාටුදායක පොස්ටුව. ගොඩක් කනගාටුයි පුබුදු අයියා ගැන. :( ඔහුට නිවන් සුව පතනවා.

      Delete
  13. වෙල් කම් බැක් කිව්ව

    -_ඩී-_

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මමත් තැන්කු කිව්වා... :D

      Delete
  14. සතුටුයි ආයිත් ආවට ........ මාත් හුගකාලෙකින් තමයි ආයිත් බිලොග් ලෝකෙට එකතු වුණේ....
    එහෙනමි අපේ පැත්තටත් හෙමින් සැරේ එන්නකෝ.........
    ජය!........................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා.. අනිවාර්යෙන්ම ඇවිත් යන්න එන්නම්.. :D

      Delete
  15. අහ්හ් මේ ඇවිල්ල ඉන්නේ.ඉනමලුවට වෙලා අයිස් ගහලා ගහලා.

    ReplyDelete
    Replies
    1. හප්පේ.... කවුද අනේ ඉනාමළුවට වෙලා අයිස් ගැහුවේ? අපි නම් අවංකව රාජකාරි කරපු ළමයි හරිය. :P

      Delete
  16. අඩේ වෙල්කම්බැක් අයිසක්කේ... ජය වේවා ඈ

    ReplyDelete
    Replies
    1. ආහ්.......... ගැමියා මලයා. තැන්කු වේවා කිව්වා! :D

      Delete
  17. වෙල්කම් බැක් කිව්වා ඔන්න..බ්ලොග් එකේ බැඳිලා තියන මකුළු දැල් අයින් කරන්න හමුදාවක්වත් ගෙන්නන්න වෙයිද දන්නෑ..:)

    ReplyDelete
  18. ඒක නේන්නම් රූ අක්කියෝ... ස්තුතියි ඔයාටත්.. :D

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)