Wednesday, October 24

-පාන් කෑවොත් ඔහොමමයි-


මචං මං UK යනවා. Job එකකට..යාලුවොන්ට කිව්වා.
"නෑ...... නියමයි නෙ. උඹ නම් මාර Lucky"
එහෙම කිව්වට උන් මට ඉරිසියා කරා...

අපේ පුතා එංගලන්තේ යනවා. රස්සාවකට. අපේ අම්මා ගමේ උන්ට කිව්වා..
"කොල්ලට තෙරුවන් සරණයි!"
එහෙම කිව්වට උනුත් මට ඉරිසියා කරා...

Honey මම England යනවා. Job එකකට. Girl Friendට කිව්වා..
"ඔයා ආයෙත් එනවා නේද?"
එහෙම ඇහුවට එයා හිතුවා මං සුද්දියක් බැඳගනී කියලා...

අන්තිමේදී කවුරු කොහොම හිතුවත් මං එංගලන්තෙට ආවා.
වැඩිකල් ඉන්න වුණෙත් නෑ. මට දැන් ආයෙමත් ලංකාවට යන්න වෙනවා..
නිකන් නෙමෙයි පිටුවහලෙක් විදියට..
මොකද මං මෙහෙට ආවේ හොර පාරෙන් හින්දා..

දැන් මං ගිහින් යාලුවන්ට මුණ දෙන්නේ කොහොමද?
ගමේ උන් මට මොනවා නොකියයිද?
Girl Friend තරහ වෙයිද?
අනේ මන්ද......

"පාන් කෑවොත් ඔහොමමයි"



49 comments:

  1. පාන් කෑවොත් ඔහොමමයි... හික්ස්..
    (මම ටියුබ් ලයිට්ද මන්දා.. තේරුනේ නැත.)

    ReplyDelete
    Replies
    1. සුට්ටක් විතර ටියුබ් ලයිට් තමයි.. :P
      මෝඩ වැඩ කරපුවාම ඉතින් වන්දි ගෙවන්නත් වෙනවා නොවැ.
      හරියට නිකන් "කුම්භලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ" වගේ..

      Delete
  2. හ්ම්ම්... ඒකනේ පාන් කන්ඩ එපා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මූට ඒක තේරිලා නෑ මයේ හිතේ.... :P

      Delete
  3. මම නං ඔය ජරාව කන්නෙ නෑ. පාන් කෑවොත් හීන දකින්න පුළුවන්.

    ReplyDelete
  4. අපෝයි.....
    මාත් පාන් කන එක අඩු කරන් ඕනෙ...

    ReplyDelete
  5. ටියුබ් ලයිට්.........

    ReplyDelete
  6. පාන් නැතිව කේක් කන්න ඕනේ!

    ReplyDelete
  7. යා යා මටත් ඔහොම වෙනවා.... හැබැයි කාලයක් ජාතික ආහරය වෙලා තිබ්බ.. දැන්නම් බත් කද්දි පොඩි කෑල්ලක් දාලා අනාගෙන කෑවොත් මිසක් තනිකර පාන් විතරක්නම් බෑ බෑමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඇඟටත් ගුණයි, හිතටත් හොඳයි.. :D

      Delete
  8. පාන් නැතුව බත් කන්න පුරුදු වෙන්න. අර වීරවංශ,ජොන්ස්ටන් කියනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඕවා කිව්වට එයාලත් පිළිපදිනවද කියල නම් මට සැකයි.. ;)

      Delete
  9. හොර පාරෙන් ගියානම් ඒ වගේ ඉන්නත් දැනගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් රූ නෝනේ.. කොහෙද අපේ එකාලට තැනකට ගියාම තමුන් කවුද කියලත් අමතකයි නෙව. මතකනේ පහුනු පෝස්‍ටුවක මම කියපු කතාව.

      Delete
    2. @රූ :මේ මනුස්සයට ඒක තේරිලා නෑ නොවැ... :D

      Delete
    3. @Sarath Chandrasiri :ඒක නම් ඇත්ත. අපේ උන්දැලාට ගිය තැන වගේ වගක් නෑනේ..

      Delete
  10. තාම නම් ටියුබ් ලයිට් එක පත්තු උනේ නැතිද කොහෙද..

    ReplyDelete
    Replies
    1. හයියූ..... සිත්තරාවියේ............. වැඩිය ඒ ගැන හිතන්න එපෝ...
      පාන් කෑවොත් ඔහොමමයි = කුම්භලා මාළු කාලා විඳවීම... :D

      Delete
  11. හාල් පිටි පාන් කෑවොත් ඔහොම වෙන්නේ නෑළු !!!!

    ReplyDelete
  12. පාන්?? බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඔක්කොම තේරුනා ඒ ටික නැතුව..

    ReplyDelete
    Replies
    1. මෙන්න හිරූ රැස් පිටකරනෝ..... :P

      Delete
  13. බත් කන්නේ නැතුව පාන් කාපුහම අන්තිමට පාන් කියාගන්නවත් පණ නෑ

    ReplyDelete
  14. වවුලගේ මගුලේ ගියානම් එල්ලිලා ඉන්න ඕන කියලා කතාවක් තියෙනවා. මගේ හිතේ මේ හාදයා ඒක දැනගෙන ඉන්න නැතුවැති.

    ReplyDelete
  15. මන් කිවුව කන්න එපා කියල පාන්..! lol

    ReplyDelete
    Replies
    1. කියන දෙයක් අහන පොරක් නෙමෙයි වගේ.. :P

      Delete
  16. ලයිට් නෑ.ටියුබ් විතරයි.

    ReplyDelete
  17. කෙටියි උපහාසය ඉහළයි. ලස්සනයි හොඳයි.මං ආසයි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... අනිවා ඇවිත් යන්න එන්නම්.... :D

      Delete
  18. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මරේ මරු අයිස්!!! නියමයි!!! :D හිකි හිකි

    ReplyDelete
    Replies
    1. හික් හික්... තැන්කූ හිතුවෝ...... :D

      Delete
  19. මාත් මේකට කමෙන්ට් එකක් දැම්මා දවසක්. දැන්නම් ආගිය අතක් නෑ. බලන්න අයිස් පොඩ්ඩක්..
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... ඊ මේල් එකටත් ඇවිත් තිබුන ඔයාගේ කමෙන්ට් එක.. මං බලන්නම්කෝ සහෝ.. ස්තුතියි... :D

      Delete
  20. කා......පාන් කිව්වලු (කාපාන්)

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ බෑ... අද ඉඳන් රුපියල් දෙකකින් වැඩියිත් එක්කනේ... හික්ස්... :D

      Delete
  21. කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බලලෝ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. අන්න හරීරීරීරීරීරීරී......... :D

      Delete
  22. හි හි පාන් මිල නග්ගන්නෙ ඒකනේ

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)