Monday, November 28

සුබ උපන්දිනයක් අප්පච්චි!!



   අද මගේ ආදරණීය අප්පච්චිගේ 53 වෙනි උපන්දිනේ...

    තාත්තෙකුගේ ගුණ කියල ඉවරයක් කරන්න බෑ කියල මේක කියවන මගේ සහෘදයෝ හොඳටම දන්නවනේ.. ඉතින් අප්පච්චි ගැන ලිව්වොත් කොතනින් පටන්ගෙන කොහොම ඉවර කරන්නද කියල හිතාගන්න බැරි උභතෝකෝටිකයක මං පැටලිලා ඉන්නේ දැන්.. 

අප්පච්චි මට දෙන ආදරේට , සෙනෙහසට ,රැකවරණයට මං ජාති ජාතිත් ණයගැතියි මගේ අප්පච්චි.

මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා!!


21 comments:

  1. නංගිගෙ තාත්තට නිදුක් නිරෝගී, සෞභාග්‍යමත්, වාසනාවන්ත උපන් දිනයකට සුභ පැතුම්...!

    ප.ලි.
    අර අපේ අරුණයියා කළා වගේ ළමා උපන්දින සුභ පැතුම් තීරෙට දාන්න තිබ්බෙ...:D

    ReplyDelete
  2. නංගිගෙ තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී ජීවිතයක් ගෙවීමට ලැබේවා.

    ReplyDelete
  3. සුභ උපන් දිනයක් වේවා අප්පච්චිට..

    ReplyDelete
  4. ඔයාගේ අප්පච්චිට සුබම සුබ උපන් දිනයක් වේවා.
    Happy birthday to you
    Happy birthday to you
    Happy birthday to dear Ice's අප්පච්චි
    Happy birthday to you
    =D7

    ReplyDelete
  5. happy birthday to ur loving father ice akki :) i wish i had my father too :( nywy take care

    ReplyDelete
  6. අයිස් ගේ තාත්තිට සුබම සුබ උපන්දිනයක් වේවා..

    ReplyDelete
  7. ඔන්න නෝටියත් අයිස් ගේ අප්පච්චිට සුභම සූභ උපන්දිනයක් වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  8. ඔන්න මමත් අප්පච්චිට සුභ උපන්දිනයක් හා සුභ අලුත් අවුරුද්දක් පතනව! :)

    ReplyDelete
  9. නංගිගෙ තාත්තාට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
    ඕං මාත් සුභ පැතුවා නගෝ...

    ReplyDelete
  10. තාත්තට සුභ උපන්දිනයක් පැතුව කියල කියහං නගේ . . .

    ReplyDelete
  11. අයිස්ගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා....!!!

    ReplyDelete
  12. අප්පච්චිට සුභ උපන්දිනයක් වේවා!!!!! තරහ වෙන්න එපා ඇහුවට ..තාත්තා කන "බොන" මනුස්සයෙක්ද?

    ReplyDelete
  13. තාත්තට සුභ උපන්දිනයක් මාත් ප්‍රාර්ථනා කරනවා නංගියේ...

    ReplyDelete
  14. @තිසර, නිසූ අක්කි, සයුරි අක්කි, මිතුරු , වර්ණා, නෝටියා, තනි අලියා, හිතූ අක්කි, ඕනෙ අයියා, කුබුවි, දිනේෂ් අයියා : - ඕන් අප්පච්චි වෙනුවට මං ඔයාලා හැමෝටම ස්තූති කරනවෝ... :) :) :)

    @ මියුරු අක්කි : ස්තුතියි අක්කි .... අවුරුදු 53ක ළමයෙක්?? හිකිස්..

    @Glimmer නංගා : ස්තුතියි නංගා... Anywy don't worry dyr.. Tc.. <3

    @ඔබ නොදුටු ලොවක් : ස්තුතියි යාලුවා.... බොනවා වතුර එහෙම නම්.. ඒ ඇරුනම හොඳට කනවා.. හි හි.. ඇයි එහෙම ඇහුවේ?

    ReplyDelete
  15. අයේෂා නංගිගේ අප්පච්චිට නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !!!

    උපන්දිනයට සුබ පතන්න පමා උනේ හදිසියේම නුවර එළියේ යන්න උන නිසා බව කරුණාවෙන් සලකන්න. (දැනටමත් දොර පොල්ල අතට අරන් කරුණාවෙන් සලකන්න බලාගෙන ඉන්නවද මන්දා.)

    ReplyDelete
  16. "පිය සෙනහසට කවි ගී ලිය උනා මදි .." සුභ උපන්දිනයක් වේවා අයිස්ලගේ තාත්තේ..

    ReplyDelete
  17. නෑ නෑ පාටියක් එහෙම දැම්මද කියලා දැනගන්න ඇහුවේ......බිව්වා කියලා ඇහුවත් සනීපයි ඇඟට...හික් හික් .....

    ReplyDelete
  18. @මධුරංග අයියා : තැන්කූ කිව්වා ඕන්.... අනේ එහෙමත් සලකනවායැ මේ මං?? මං හරි අහිංසක එකී නොවැ... හිකිස්.. මං ඒත් බැලුවා නැත්තේ මොකෝ කියලා..

    @අසරණයා : අප්පච්චි වෙනුවට ඔන්න මං ස්තුතියි කිව්වා සහෝදරයා.. :)

    ReplyDelete
  19. @ඔබ නොදු‍ටු ලොවක් : අනේ මොන පාර්ටිද හලෝ.. උපන්දිනේ කියලා නෑ අප්පච්චි එදා ගියා අර එකෙන් කරපු පිකටින් එකට. ආවේ රෑ 11ත් පහුවෙලා.. පාර්ටි එකට හදපු කෑම බීම අපිටම කලින් කන්න සිද්දවුනා... බර්ත්ඩේ කේක් එක කැපුවේ පහුවෙනිදා.... හිකිස්.. :P

    @Glimmer නංගා : :) :)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)