Thursday, September 29

~මහිම මන්දහාසි~ 2වන කොටස


සර් නම් දැන්ම එන පාටක් නෑ වගේ.බංකුවේ අයිනේම ඉන්න නිසා මුළු ක්ලාස් එකම පේන්නෙත් නෑ.දැන් නම් අරයව හොයාගන්නම ඕනේ.බංකුවේ මුල්ලේම වාඩිවෙලා හිටියේ විනුරි.

 'විනූ,මං ඔතෙනට එන්නද?'මං ඇහුවේ මුල්ලට වෙලා බිත්තියට හෙත්තුවුනාම  මුළු ක්ලාස් එකම පේන නිසා.

                     'ඔන්න ඔතන දීපන් බං.නැත්තං අද ක්ලාස් ඉවරවෙනකොට මෙයා නවතින්නේ බෙල්ලේ අමාරුවක් හදාගෙන.කාවදෝ හොයනවා මං හිතන්නේ'.
                      හුටා.ඒ කියන්නේ සඳුට ඒක නෝට් ද? ශිෂ්‍යත්ව පන්තියේ ඉඳන් සහෝදරියක් වගේ එකට ඉන්න සඳුට බොරුකරන්න බෑ කියලා මට හිතුණා. කට්ටියගෙම නෝන්ඩි පාර මැද්දේ මං ගිහින් මුල්ලෙන් වාඩි වුණා.'දැන් හරි..ආයේ බලනකොට පරිස්සමින් බලන්න ඕනේ.මෙයාලට මාට්ටු වුනොත් එහෙම මාසයක් බයිට් වෙන්න පුළුවන්.'.

                'හොඳයි ළමයිනේ,දැන් අපි බලමු මේ පාර පේපර් එකට එන්න පුළුවන් විදියේ ප්‍රශ්න ටිකක්.අවුරුදු ගානකින් අහල නැති නිසා මේ පාර 'කණ' ගැන අහන්න තියෙන ඉඩකඩ වැඩියි'.සර් එහෙම කියනකොට මට මතක වුණේ මගේ කාමරේ බිත්තියේ අලවලා තියෙන 'කණක හරස්කඩ'.තවත් පැයක් විතර වෙන් වුණේ අනුමාන ප්‍රශ්න ගැන කතා කරන්න.ඒ හැම එකක්ම වගේ හරියට නෝට් කරගත්තේ ගෙදර ගිහින් පාඩම් කරනකොට විශේෂ අවදානයක් යොමු කරන්න පුළුවන් නිසා.

                                       තවත් ටික වෙලාවකින් සඳු,දුලා,විනූ,මංසලා ඒ කියන්නේ මගේ යාලුවෝ ටික තරමක් විතර නොසන්සුන් වෙලා කියලා මට තේරුණා.'ෂුවර් එකටම මුන්ට බඩගිනි වෙලා'.එහෙම හිතෙනවත් එක්කම විනූ මගේ අතට ඇන්නේ 'විශ්,මේ බලපන්'කියාගෙන.
    Oh my god!
                   එයාලගේ පොත් වලයි,ඇඳුම් වලයි නිල් තීන්ත විසිරිලා තිබුණා. මුල්ලේ හිටිය මට වැදිලා තිබුනේ නෑ..
       'මොකාද මේක කරපු බූරුවා? කියාගෙන මං හැරෙනවත් එක්කම.............. මං හිතන්නේ මං එයාව දැක්කා. ඔව් ඒ එයා තමයි. එයා වාඩිවෙලා හිටියේ පිරිමි ළමයින්ගේ අන්තිම පේලියේ එහා කොනටම වෙන්න.මොහොතකට ඒ තරු ඇස් දැකලා මං ගල් ගැහුණා.

         'අන්න සර් මේ පැත්තට එනවා'

          'මොකද මේ ළමයි දගලන්නේ?' අපි ලඟට ආපු සර් එහෙම අහනකොට අපි මූණෙන් මුණ බලාගත්තා.
     'අහ්..කවුද මේ වැඩේ කරේ?'
                             සර්ගේ ශාන්ත මූණට ආවේ නපුරු ගතියක්.ඒ බැල්මෙන්ම එහා පැත්තේ හිටපු පිරිමි ළමයි දිහා බැලුවම කට්ටියම පොත් වලට එබුණා.පව් අප්පා...තවත් ටික වෙලාවක් පිරිමි ළමයින්ට බැන්න සර් අයෙමත් පන්තිය ඉස්සරහට ගියා.. අර හුරතල් මුණටම අයිති වෙලා තිබුණු තරු ඇස වල තිබුනේ දඟකාරකමක්.මෙයාලව නම් මෙහෙම හදන්න බෑ...
         "දැන් ඔය ළමයි interval ගන්න.විනාඩි 45යි".
ඔන්න පටන් ගත්තා ගෝශාව.සර් පන්තියෙන් යන්නත් කලින් විසේකාර කොල්ලෝ ටික පන්තියෙන් එළියට පැනලා ඉවරයි.

        'අද ඉතින් පන්තියේ අන්තිම දවස නිසා ගෝල්ඩ් ඩස්ට් හරි නිල් හරි ගහයි කියලා අපි හිත හිත හිටියේ.එත් මෙහෙම බස් වල යන්නේ කොහොමද බං?' දුලනි ඇහුවේ දුකින්.

         'කරන්න දෙයක් නෑ බං දැන් වෙලා ඉවරනේ.අනික ඕවා මේ නාහෙට අහන් නැති හිතුවක්කාර උන්ගේ වැඩනේ'.එතකොට මට මතක් උනේ හුරතල් මුණ. කෑම කන අතරේ මේ එයා ගැන යාලුවොන්ට කියනවද නැද්ද කියලා මං දහස් වාරයක් කල්පනා කළා.. කිව්වා කියලා මොනවා කියන්නද? එක්කෝ ඕනේ නෑ...

              'කවුද බං නිල් ගැහුවේ? එතන කොල්ලෝ හතර දෙනෙක් හිටියනේ'.

             'මං හිතන්නේ ප්ලෑන් කරන්න ඇත්තේ හතර දෙනාම.ඒත් නිල් ගැහුවේ මෙහා කොනේ හිටපු තිසරයි,විශ්වයි වෙන්න ඕනේ.මං බලනකොට අනිත් උන් දෙන්නා හිනා වේවි ඉන්නවා.මට පුදුම තරහක් ආවේ බං
           'මොන ඉස්කෝලේ ද දන්නෑ නේ?'
      
           'තෝමස් එකේ බං.විශ්වයි,තිසරයි මං යුනියෙන් දැකල තියෙනවා'.
         
           'එතකොට අර එහා කොනේ හිටිය එක්කෙනා?'... අපෝ හිතන්නත් කලින් කට ඉස්සර උණා.ඉවරයි...දැන් මොකේදැයි දන් වළඳන්නේ.
කට්ටිය බත් කන එක නවත්තලා මාව කන්න වගේ දැන් බලාගෙන ඉන්නවා.

             'ඇයි?'මං ඇහුවේ වෙනසක් පෙන්නන්නේ නැතුව.

         'නෑ උඹ මොකද්ද ඇහුවේ?හරියට ඇහුනේ නෑ වගේ'

         'ඕකනේ ඉතින් බැරි.අපි කොල්ලෙක් ගැන ඇහුවත් වැරදි.නැතත් වැරදි'.මං කිව්වේ අසරණ විදියට. සඳුගේ ඇස්වල තිබුණේ හරි කුතුහලයක්.

    'හරි හරි,ඒ කොල්ලානම් මොන ඉස්කෝලේද දන්නෑ.හැබැයි හොයාගන්න බැරිවෙන එකක් නෑ.අපිත් ඉන්නේ මේ නුවරනේ'.අනිත් අයට ඇහැක් ගහන ගමන් සඳු කිව්වා.

*********

                      පන්තිය ඉවර වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ.අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගත්ත,දුක -සතුට බෙදාගත්ත පන්තිය දාල යන්න අපි හැමෝටම තිබුණේ දුකක්.විභාගෙට හොඳින් මුණ දෙන්නේ කොහමද කිව්වා සර් අන්තිමේදී අපි හැමෝටම සුබ පැතුවා.ඒ අවස්ථාව නම්  හැමෝටම ගොඩක් සංවේදී අවස්ථාවක් වුණා.හැමෝම පේලියට ගිහින් සර්ට වැඳලා ආශිර්වාද ලබා ගත්තා.ඒ අතරේම අපි සල්ලි එකතුකරලා ගත්ත සමරු සිහිවටන කීපයකුත් සර්ට තෑගිකරා.යාලුවෝ හැමෝටම සුබ පතලා අපි බිම බලාගෙනම බස් හෝල්ට් එකට ආවා.
    
              'විශ්,අන්න අර කොනේ හිටපු එක්කෙනා ඉන්නවා අර නරුමයෝ ටිකත් එක්ක'.දුලා නරුමයෝ කිව්වේ තිසරටයි,විශ්වටයි.
මං ඒ දිහා බලනකොට එයාලා අපි දිහා බලාගෙන හිටපු නිසා මං ඉක්මණට අහක බලාගත්තා.

                'අන්න දිනාදී යි,දෞපදි යි එනවා'.සඳු කිව්වේ ඈතින් එන නිවුන් සහෝදරියන්ව පෙන්නලා.ඒ දෙන්නත් අපේ ඉස්කෝලේ,අපේ පන්තියේ ඉගෙන ගන්නේ.

                'මේ නුවර කොල්ලෙක් ගැන දැනගන්න ඕනේ නම් ඉතින් අහන්න ඕනේ ඒ දෙන්නගෙන් තමයි'.මංසලා කිව්වේ මං දිහා බලාගෙන.ඒ කියන්නේ මෙයාලා දැන් මේ ලෑස්ති වෙන්නේ අර හුරතල් මුණ ගැන මෙයාලගෙන් අහන්න.ගම කයි ද  මන්දා..
ගම කෑවද බලන්න 3 වෙනි කොටසෙන් හමුවෙමු!! >>>
       

4 comments:

  1. මං හිතුවේ ඒ සෙට් එක සෙන්ට් ඇන්තනීස් එකේ උන් කට්ටියක් කියලා !! හික්ස් :)
    ඔයාලගේ විභාගෙට එනවැයි කිව්වේ කණ ද ? අපේ නම් ආවේ හර්දය වස්තුව !!! මං දුන්නා ඇඬෙන්න !!!

    ReplyDelete
  2. මධුරංග අයියා ගියේ ඇන්තනිස් ද? අපිට නම් ආවේ 'දිව'.... හිහි..
    :D

    ReplyDelete
  3. හික්ස්ස්.. මරු!! මෙහෙම කොල්ලො බලපු කාලයක් අපිටත් තිබ්බා හෆ්ෆා.. :D මට හිනා යනවා..:D

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියෙනවා කියන්නේ ඕකනේ... හික් හික්.. ඇත්තටම ඒ කාලේ මතක් වෙනකොට හිනත් යනවා තමයි.. :DD

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)