Saturday, November 5

ඇයයි මමයි | ඔබේ ඇසින්


මම තලෙලුය.
ඇය සුදුම සුදුය.

මම කැසටුය.
ඇය බෝල ගෙඩියක් මෙන් පිරිපුන්ය.

මගේ කැරලි කොණ්ඩය උරහිසට මදක් පහතට වන්නටය.
ඇයගේ කෙලින් කොණ්ඩය දිගම දිගය.

මම දඟකාරය.
ඇය තැන්පත්ය.

 මම කටකාරය.
ඇය නිහඬය.

මම තරමක් සැරය.
නමුත් ඇය 'පට්ටම' නපුරුය.

ඉතින් ඔබට හොඳ වැඩේ යැයි කියා මට සතුටු විය (නො)හැක.

20 comments:

  1. ඇත්ත තමා. එහෙම හිනා වෙන්න බෑනේ. ඔය කිව්වේ මහිම ගැන ද ?

    ReplyDelete
  2. කවියෙන් කියවෙන කතාව විඳින්නාට දුකක් විය හැකි වුවත්, කියවන්නාට නම් හරිම ලස්සනයි.....

    ReplyDelete
  3. මධුරංග : ඒකනේ අයියා. හිනා වෙන්න බෑනේ. පව් නේ..... හි හි... මහිම ගැන නෙමෙයි අනේ...

    Miyuru : මේක කවියක් ද අනේ?? හි හි.. මට නම් එහෙම හිතෙන්නේ නෑ.. හිතට ආව අදහසක් නිකන් ලිව්වා විතරයි.. කොහොම වුනත් comment එකට ගොඩක් ස්තුතියි.. :D :D

    ReplyDelete
  4. මට නම් දැනෙන්නෙ නිසඳැසක් වගේ, කොමෙන්ටුවෙ කවියක් කියල ලිය වුනාට... :D

    ReplyDelete
  5. ඇය ඇයම උනාවේ
    නුඹ නුඹම උනාවේ...

    ReplyDelete
  6. @Miyuru : හි හි... ස්තුතියි මියුරු..

    @නෝටියා : අනිවා අනිවා...

    ReplyDelete
  7. මහිම මන්දහාසි අනිත් එපිසෝඩ්ස් ටික කෝ...?

    ReplyDelete
  8. පව් කොල්ලා... :))

    ReplyDelete
  9. ඔව් විය නොහැකිය(මගේ දෘශ්ටියට අනුව)..නමුත් සතුටුවිය හැක (පොදු සමාජ දෘශ්ටියට අනුව)

    ReplyDelete
  10. නුඹ නුඹ නොවී,
    ඇය ඇය නොවී
    නුඹ ඇය උනා නම්?
    සතුටුවන්නේ කෙලෙසින්ද?
    සිතක්නම්
    ගලක් නොව....

    ReplyDelete
  11. @නෝටි : ඊයේ හවස ලිව්වෝ.... :D

    @නිසුපා : ඒකනේ අක්කි.. පව් තමා.. :D

    @ජනරඟ : ඒකනේ අයියා. අපිට වෙලාවකට ඔය දෙපැත්තෙන්ම බලන්න වෙනවනේ.

    @ක්සැන්ඩර් : වෙලාවකට හිත ගලක් වුනා නම් කියලා හිතෙන අවස්ථාත් තියෙනවා සහෝදරයා... :D

    ReplyDelete
  12. @ඔබ නොදු‍ටු ලොවක් : \m/ ස්තූතියි සහෝදරයා.. :)

    ReplyDelete
  13. ෂා........ මරු නෙ.. නියම අදහසක්...:) මම අදයි මෙහාට බලන්න හරියටම ආවෙ..:) දිගටම එන්නම්කෝ අද ඉදන්.. අපූරුයි නගා.. නියම අදහසක්..

    ReplyDelete
  14. දික් කර සිටියා
    කොණ්ඩය ඉණ තෙක්
    කොට කර කැපුවා
    ඩයනගේ තාලෙට
    කලකදී කෙලින්ය
    කලකදී කැරලි ය

    අවසන වැටහුණි
    මා මාමය
    ඔහු ඔහුමය :)

    ReplyDelete
  15. @හිතුවක්කාරි :ස්තූතියි හිතූ අක්කි කමෙන්ට් එකට වගේම , මේ පැත්තේ ආවටත්... :D :D

    @අමා :ඔන්න ඔය ඇත්ත තේරුම් ගන්න ගොඩක් අය පරක්කු වෙනවා... :) ස්තූතියි ලස්සන අදහසට අමා අක්කි.. :)

    ReplyDelete
  16. ගැඹුරු තැන් නිසලයි කියනවානේ ජලාශයක වුණත්,..
    ඒකයි නිහඬ චරිතය පට්ටම නපුරු...

    ReplyDelete
  17. @ගලයා : ඒක නම් නියම කතාව ගලයෝ... :) :)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)