Tuesday, March 6

~මහිම මන්දහාසි~ [පසු වදන]

      මගෙත් කට කහනවට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්තිය. :P


මහිම මන්දහාසි ..... ඒ මගේ කුලුඳුල් නවකතාව... 

     ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මං ලියන්න පටන් ගත්ත මේ කතාවේ කොටස් 23 ක් ලියල ඉවර කරන්න මට මාස 5 ක විතර කාලයක් ගත වුණා. කොච්චර පරක්කු වුණත් පහුගිය ආදරවන්තයින්ගේ දවසේ කතාව ඉවර කරන්න මං තීරණේ කරලා තිබුණා. ඉතින් ඒ විදියටම කතාව ඉවරකරන්නත් මට අවස්ථාව ලැබුණා. පරක්කු වෙනකොට බැන බැන හරි කතාව බලන්න ආපු අයට ගොඩක් ස්තුතියි... :DD

           මේ කතාව ලියන්න මට අදහස ආව හැටි ගැන කියලම ඉන්නම්කො. අයිස් කියන්නේ කතුවරියක් නම් නෙමෙයි ඔන්න. දැනට අවුරුදු 8 කට විතර කලින් මම ඉස්කෝලේ අටේ පන්තියේ ඉගෙන ගත්ත කාලේ මගේ එකම අක්කි කතාවක් ලිවවා. බ්ලොග් එකකටද කියලද අහන්නේ?? පිස්සුද බං, ඒ කාලේ කොහෙද බ්ලොග්? :P පරණ පොතක් අරගෙන අක්කිගෙ ලස්සන අකුරු වලින් ලියල තිබුනේ එයාගේ ආදර කතාවම වෙන්න ඇති කියල මට අද හිතෙනවා. ඒත් එදා ඔය මගුල් තේරුම් ගන්න තරම් වයසක අයිස් නොහිටියාට, එක ඇබ්බැහි වීමක් නිසා ඒ සිදුවීම මගේ හිතේ තදින්ම කාවැදිලා තිබුණා. පුංචි දවස් වල ඉඳන්ම ඕනෙම පොතක්,පත්තරයක් අහු වුණාම කියවන පුරුද්දක් මට තිබුණා. 'නවකතා කියවන්න එපා, ඔලු නරක කරගන්න එපා' කියලා අම්මිගෙන් කිසිම වොර්නින්ග් එකක් කවදාවත් මට ලැබිල තිබුනේ නෑ. (එහෙම තහංචි දැම්ම ම  පුංචි හිත වලට කුතුහලේ ඇතිවෙන නිසා වෙන්න ඇති.) ඒ නිසාම ඉතින් අක්කිගෙ කතාවත් මං කියෙව්වා. 'කවදාහරි මාත් කතාවක් ලියන්න ඕනේ' කියලා සිතිවිල්ලක් මුලින්ම හිතට ඇතුළු වුනේ එදා... 


    ඉතින් දැනට ටික කාලෙකට කලින් (ගිය අවුරුද්දේ) පරණ අල්මාරියක් අවුස්සද්දි අක්කිගෙ නවකතාවේ කොටස් කීපයක කොල වගක් හම්බවුණා මට. එදා ආයෙත් මට හිතුණා මගේ බ්ලොග් එකටත් ලස්සන ආදර කතාවක් කියන්න ඕනේ කියල. ඒ ආසාව නිසාමයි මං ~මහිම මන්දහාසි~ ලියන්න පටන් ගත්තේ. 

මං දන්නවා දැන් අහන්න යන ප්‍රශ්නේ... :PP

    මේ කතාව ඇත්ත කතාවක් නේද කියල හැමෝම ඇහුවා. මේ මගේ කතාව කියලත් සමහරු කිව්වා. (මේ මගේ කතාව නෙමෙයි කිව්වම මගේම යාලුවොවත් මාව විශ්වාස නොකරන තැනක හිටියා පහුගිය දවස් වල.) ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නිසා තමයි මං මේ පසුවදන ලියන්න පොරොන්දු වුණේ.. හික් හික්.. 
මේ විදියේ කතා ගොඩක් මේ ලෝකේ හැමතැනම ඇති... ඒත් මේ මගේ කතාව නම් නෙමෙයි. මං අහපු දැකපු කතාවකුත් නෙමෙයි.. 

        සමහර කොටස් වලදී මේ කතාව කියෙව්ව මගේ බ්ලොග් අවකාශයේ මිතුරන්ට මතක් වෙලා තියෙන්නේ තමන්ගේම අතීතේ.. ආදරේ ප්‍රකාශ කරපු විදිය, රෑට රෑට මල් කැඩුව විදිය, ප්‍රථම පෙම් හසුන වගේ වගේ දේවල්..... ගොඩක් තැන වලදී සමහර යාලුවන්ගේ ආදර කතාවයි - මං ලිව්ව ආදර කතාවයි ගොඩක් සමානයි කියලා මටත් හිතිලා තියෙනවා. සමහර දෙබස් පවා.... ඒත් ඉතින් සීමිත අවස්ථා කීපයකදී ඇරෙන්න ~මහිම මන්දහාසි~ සහ මගේ (අයිස්ගේ) ආදර කතාව අතරේ කිසිම සම්බන්දයක් නෑ හොඳේ.


                අන්තිම කොටසේ ලියුම දැකලා ගැමියා මලයා (මලයා කිව්වට මට වඩා දවස් කීපයයි බාල මගේ හිතේ. :P) ඇහුවා මේ මගේ කතාව නෙමෙයි නම් කොල්ලෙක් ලියන විදියට මහිම ලියුම ලියන්න කොහොමද කියලත්.?? අයිස්ට නම් ඔය සෙනෙහෙ කොල ලැබිලා නැතෝ. (ලංකාවේ අපිට නම් ඉතින් මොබිටෙල් නෙ.. හික් හික්).... ඒ ලියුම ලිව්වේ කොල්ලන් ගැන දීර්ඝ කාලීනව කල සමීක්ෂණයකින්. සාර්ථකයි කියලා හිතනවෝ......

                  කලින් කිව්වා වගේම මං කතුවරියක් නම් නෙමෙයි ඔන්න. හිතේ ගොඩ නැගුණු, සත්‍ය නොවුණු කතාවක් යථාර්තයට ගලපන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා මං තේරුම් ගත්තේ කතාව ලියන්න ගත්තට පස්සේ. කියවන අයට කතාවේ අස්වාභාවික ගතියක් නොදැනෙන්න මං ලොකු උත්සහයක් ගත්තා. ඒ ඇරෙන්න මහා ලොකුවට, වචන භාවිතය ගැනවත් උපමා රූපක ගැනවත් මං තැකීමක් කරේ නෑ අවංකවම. මගේ කැමැත්ත තිබුණේ සරල ආදරණීය කතාවක් ලියන්න මිසක්, සංකීර්ණ කතාවක් ලියන්න නෙමෙයි. ඒ හැකියාව මට නෑ කියලා මං දන්නවා.. :P

         ඒත් මගේ හිතට වදදෙන තරමට මේ කතාව ලියනකොට එක තැනකදී මං වැරද්දක් කරා... ඒ මහිමගෙයි, විශ්මිගෙයි ඉස්කෝල වලට බොරු නම් දීලා. නුවර ඇත්ත ඉස්කෝල වල නම් ලියලා, මගෙන් නොදැනුවත්ව ඒ ඉස්කෝලෙක නමට හානියක් වේවි  කියලා හිතුන නිසා මං එතනට ආදේශක නම් කීපයක් පාවිච්චි කරා.. ඒත් පස්සේ කට්ටියට කියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා කියලයි මට හිතෙන්නේ.. කතාව උවමනාවෙන්ම අස්වාභාවික ගතියක් දැනෙන්න ඇති හැමෝටම.. ඒ වැරැද්දට සමාවෙන්න. අයෙත් ඒ වැරැද්ද කවදාවත් වෙන්නේ නෑ.. 

    
මහිම තරුනෙත් වීරසේකර

විශ්මි මන්දහාසි සූරියබණ්ඩාර

                  මේ කතාවේ ප්‍රධාන චරිත දෙක... පුදුම තරමේ ආදරේකින් ඒ චරිත වලට පණ දෙන්න මං ලොකු උත්සහයක් ගත්තා. ඒ උත්සාහය ටිකක් හරි සාර්ථක වෙන්න ඇති කියලා මං විශ්වාස කරන්නේ කියවපු ඔයාලගේ අදහස් නිසයි. මහිමගේ චරිතේ ගති ගුණ වලට ගොඩක් කැමති අය හිටියා. පෞද්ගලිකව ඒ ගතිගුණ වලට මමත් ගොඩක් කැමතියි. ;)... මේ කතාව හිතේ ඇඳුණු දවසේ ඉඳලම මගේ හිතේ හොල්මන් කරපු හැබැහින් හමු නොවුණු ඒ චරිත දෙකට මම පුදුම විදියට ආදරේ කරා. කතාව ඉවරවුණු දවසේ ඉඳන් හිතේ නොසන්සුන්කමකින් හිටියේ මේ දෙන්න නැතුව පාලු නිසයි.. :))

               අපි කවුරුත් ආදර කතාවකදී බලාපොරොත්තු වෙන ආදරණීය අවසානයක් (ඇරඹුමක්) මේ කතාවට දෙන්න මං වගබලාගත්තා. ඒ හැමෝගෙම හිත සුව පිණිසයි..ඉතින් අන්තිමේදී පහුවුණු ආදරවන්තයින්ගේ දවසේදී ආදරණීය විදියට කතාවේ අන්තිම කොටසත් ලියල ඉවර වුණා.. ගොඩක් අය ඒ කොටස කියවල අඬල තිබුණා. දැන් නම් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඔයාල අඬපු නිසා නම් නෙමෙයි මට සතුටු, කියෙව්ව අයව සංවේදී කරවන්න මගේ වචන වලට පුළුවන් වුණා කියලා දැනගත්තම අහිංසක ආඩම්බරයක් දැනුණා.  :)))

                         එතකොට අන්තිම කොටසේ අදහස් වලින් කට්ටිය අහල තිබුණා කෝ කතාවේ ඉතුරු ටික කියලා..දෙවෙනි සීරියස් එකක් තියෙනවද ඇහුවා... ආදරේ පටන් ගත්තට පස්සේ ඇතිවෙන ප්‍රශ්න කොයි ඇහුවා.. කසාද බඳින ටික වෙනකන් ජීවිතේ කොයි ඇහුවා ( කසාද ජීවිතේ කොහොමද කියලා විතරයි ඇහුවේ නැත්තේ..:PP ) 

      අනේ මේ කතාවේ දෙවෙනි සීරියස් එකක් නම් ලියන්නේ නැතෝ...කසාද බඳිනකන් ජීවිතේ ලියන්නෙත් නැතෝ... එහෙම වුනොත් මේ කතාව මහගෙදරට හපන් මෙගා වෙනවා ෂුවර්.. හි හි... 

       අපි මහිමටයි, විශ්මිටයි එයාලගේ ආදර ලෝකේ ගොඩ නගා ගන්න ඉඩදෙමු නේ?. ප්‍රශ්න ජීවිතේට පන්නරයක් කරගෙන ආදරෙන් ඉන්න ලැබේවා කියලා විතරක් ප්‍රාර්ථනා කරමු.. :)))

      අවසාන වශයෙන්>>>


     ඔයාල හැමෝටම ගොඩාරියක් ස්තුතියි..
     කතාව ලියන්න පටන් ගත්තු දවසේ ඉඳලා අවසානය වෙනකන්ම කතාව කියවපු.... කතාවේ මගදී එකතුවෙලා අයෙත් මුල ඉඳන් කතාව කියවගෙන ආපු..... අඩු පාඩු පෙන්නලා මාව දිරිමත් කරපු බ්ලොග් අවකාශයේ හැම යාලුවෙක්ටම, සහෝදරයෙක්ටම ගොඩාක් ස්තුතියි... (කොටස් 23ටම අදහස් දක්වපු හැම කෙනෙක්ගෙම නම් කියන්න ගිහින් එක්කෙනෙක්ව හරි මග ඇරුණොත් දුක නිසා නම් නොකිය ඉන්නම්..) 

     බ්ලොග් අවකාශයේ සාමාජිකයන් නොවුණත් ~ මහිම මන්දහාසිය~ කියවන්නම කොලමට ගොඩ වැදුණු මගේ හැම යාලුවෙක්ටම, යාලුවන්ගේ යාලුවන්ට, සහ එයාලගේ සහෝදර සහෝදරියන්ට ගොඩාක්ම ස්තුතියි.. ( විශේෂයෙන්ම අපේ අන්දාලි පුංචි කෙල්ලට.. ) ඔයාලගෙත් නම් කියන්න ගියොත් කාවහරි මට මග ඇරෙයි කියලා බයයි.. හැමදාමත් කතාව කියවලා 'ඇනෝ' විදියට කමෙන්ට් කරපු හඳුනා නොගත් සියලුම සොයුරු සොයුරියන්ටත් ස්තුතියි.. ඒ වගේම හැම කොටසක්ම නිහඬවම කියවලා, රස විඳපු හැමකෙනේක්ටමත් ගොඩක් ස්තුතියි... 

               තවත් කතාවක් ලියමු කියලා ගොඩක් අය යෝජනා කරා.. ඒ වගේම ~මහිම මන්දහාසිය~ ඉවර වෙනවට දුකේ අඬපු බබාලටත් අලුත් කතාවක් ලියනවා කියලා අයිස් පොරොන්දු වුණා.. හි හි..... ආයෙත් කතාවක් ලියන්න ආසයි.. ඒත් තාමත් ඒ ගැන කිසිම අදහසක් නෑ. ප්ලොට් එකක් ලැබුනොත් ලියන්න බලන්නම්කෝ..  

දැන් තමයි පමාවට හේතු විමසීම>>>

              අවසන් කොටස ලියල ඉක්මනින්ම පසුවදන ලියන්න හිටියත් ටික කාලයක් පරක්කු වුණා.. මෙන්න මේකයි හේතුව. ~මහිම මන්දහාසිය~ විද්‍යුත් පොතක් විදියට ඔයාලට දෙන්න මං හිතුවා..මෙන්න ලින්ක් එක (ලින්කුවේ අවුලක් තිබේ නම් වහාම දන්වන්න.. :D) කැමති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්.. 
______________________________________________

ප/ලි : සුබ ආරංචියක් තියෙනවා කියන්න... පෙබරවාරි 26 වෙනිදා අපේ ක්ලාස් එකේ කොන්වොකේෂන් එක තිබුණනේ BMICH එකේ... එකේදී මං කිව්ව අපේ සෙට් එක නොහොත් ඔරකල් ගෘප් එක 'වසරේ විශිෂ්ටතම කණ්ඩායම' විදියට අභිෂේක ලැබුවා. ඉතින් මට ගොඩාක් සතුටුයි.. :DDD

ප/ප/ලි : අල්ලගන්න බැරි තරම් පෝස්ට්ස් ගොඩක් මග ඇරිලා මට... ඒත් කොහොමහරි ආයෙත් ඔයාලගේ බ්ලොග්ස් වලට හොම්බ දාල යන්න ඉක්මනටම එනවෝ........


95 comments:

  1. Replies
    1. මේ හොර කෙල්ල 1 වෙලානේ

      Delete
    2. මදෑ අපිත් ඇත්ත කියලා කියෙව්වා. කථාව නම් ලස්සනයි. පස්සේ කාලෙක වෙන විදිහක කථාවකුත් ලියන්න.

      Delete
    3. @වර්ණා නංගා- හී හී.. හුරේ... කමක් නෑ මගේ නංගෝ.. ඔයා දෙකනේ..

      Delete
    4. මේ ප්‍රර්ථනා හැමෝටම නංගි මල්ලි කියන්නේ.හරි ලොකු කෙල්ල කියල හිතන් ඇත්තේ.මටත් මල්ලි කියලනේ කිවුවේ.මම ඒ පලිය ගන්නවා...

      Delete
    5. අසාර්-හැබැයි එයා මටනම් අක්කි :D

      Delete
    6. @ප්‍රාර්ථනා : හුරේ..... ප්‍රාර්ථනා අක්කි එක...... :D :D

      Delete
    7. @වර්ණා : වර්ණා අක්කි හරියට නිකන් සොඳුරු ත්‍රස්තවාදියා වගේ නේ.. හික් හික්..

      Delete
    8. @Anonymous : ගොඩක් ස්තුතියි.... ලියමු ලියමු.. :D

      Delete
    9. @අසරණයා : අහ්..... ප්‍රාර්ථනා අක්කිට මං නංගිනෙ... :D

      Delete
    10. පරක්කු වුණා.. විභාග හිරවෙලා

      Delete
  2. මදැයි මම හිතාගෙනම හිටියේ නඟා ගේ කතාව කියලා. කමක් නැහැ,, කොහොමහරි ලස්සන අවසානයක් තියෙන ලස්සන කතාවක්. හදපු කතාවක් උනත් ඔයා ලස්සනට ඒ චරිත ජීවමාන කරා. මමත් මගින් එකතු වුනු එත් ආපහු මුල ඉදන් එක හුස්මට කියවන් ගිය කෙනෙක්. ආපහු ලස්සන කතාවකින් හමුවෙමු නගෝ.. සුභ පැතුම්.. අද මම 1 ද?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි වර්ණා අක්කෝ... කතාව ඉවර වෙනකන්ම මාත් එක්ක හිටියට.. :DD

      Delete
  3. අනේ මන්දා.. මම කිව්වනේ මමත් මහීන්ට මාරම ආසයි.. ඇත්ත නංගෝ කථාවක් ලියද්දි ඒ ලියන චරිත වලට අපි නොදැනුවත්වම පුදුම විදියට ආදරේ වෙනවා.. ඔයා මහිමට, මන්දහාසිට තිබුන ආදරේ නිසාමයි කථාව මේ තරමට ලස්සන වුනේ.. ඇත්තටම මාත් ආසයි මට මේ වගේ ආදර කථාවක් ලබෙනව නම්.. මේ තව ලස්සන කථාවක් ලියන්න හොඩෙ.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. කව්ද මහින්? එකනම් සැලකිල්ලට භාජනය කල යුතු කරුණක් :D

      Delete
    2. කට බොරු කීවත් දිව බොරු නොකියයි හික් හික්

      Delete
    3. මළා... මගේ කථාවේ චරිතයක් මෙතනට ඇවිත්නේ.. පොඩි printing mistake එකක් අෆ්ෆා.. මහිමට මහීන් කියලා කියවුනා... හයියූ...

      Delete
    4. @ප්‍රාර්ථනා අක්කි: ගොඩාරියක් ස්තුතියි අක්කියෝ.. මහිමට මහීන් කියල කියවෙන්නේ නැතුව තියේවියැ අක්කි මේ දවස්වල මහීන් ගැනම හිතන නිසා..:PP මං මේ කිව්වේ කතාව ලියන නිසා.. හි හී..........

      Delete
    5. @වර්ණා අක්කි & ගැමියා :ඒක මේ පොඩි ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක්ලු හලේ...... :DD

      Delete
  4. දුකයි අපේ යාලුවෝ දෙන්න නැති ඒකට
    අවුලක් නැ කතාව ගොඩක් ලස්සනට ඉවර කාලා මෙගා එකක් නොකර කලට වෙලාවට ඉවරකරපු ඒකනම් ගොඩක් හොදයි
    බලමු නේ ඊළගට මොනවද අපිට ගේන්නේ කියලා :):)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මහිම අයියා කතාවේ මුල ඉඳන්ම අවසානය වෙනකන්ම කතාව කියවන්න එකතු වුණාට...
      බලමු බලමු.... හි හී... :DD

      Delete
  5. ඇත්තටම හරිම සුන්දර කතාවක් නංගා... ඇත්ත කතාවක් නොවුණත් ඒ චරිත ඔයා ජීවමාන කළා... ආයෙත් ලස්සන ආදර කතාවක් ලියමු නිවාඩු පාඩුවේ... මාත් සුභ පතනවා ඔයාට... ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ශානි අක්කියෝ...
      මීට වඩා වෙනස් තවත් ලස්සන ආදර කතාවක් ලියන්නයි බලාපොරොත්තුව.. :DD

      Delete
  6. තව කතාවක් හෙමිහිට ලියමු හොඳේ. මේ වගේම සරල, ලස්සන එකක්. පමාවට හේතුව සාධාරණ හේතුවක් නිසා සමාව දෙනවා ඔන්න :) ඔයාලගේ කණ්ඩායම ටත් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරිය සාධාරණ හේතුවක් කියපු නිසා නිකා හිටියේ නැත්තන් සුනාමි

      Delete
    2. @සයුරි අක්කි: ගොඩක් ස්තුතියි සයුරි අක්කෝ... හි හි...
      වෙනස් විදියෙක කතා තේමාවක් හිතට ආව ගමන් කතාවක් ලියන්න පටන් ගන්නම්කො..
      සමව දුන්නටත් ස්තුතියි කිව්වා.. :DD

      Delete
    3. @ගැමියා මලයා: ඔයාද සුනාමි නැත්තන් සයුරි අක්කද? හික් හික්.. :D

      Delete
  7. වචන එන්නේ නෑ ලියන්න සිරාවටම.....මම ආයෙම පාරක් අන්තිම කොටස කියෙව්වා සිරාවට ආයේ ඇඬෙනවා තව ඩිංගෙන්

    මේක මාර කෙලියක්නේ යකෝ ජීවිතේට කොල්ලෙක්ගෙන් ලියුමක් ලැබිලා නැති අයිස් කොල්ලෙක් ලියන විදියටම ලියුමක් ලිව්වා කියන්නේ ඇඬෙනවා ඕයි....මේක කියවනකන් හිතුවෙම මේ මෙයාගෙ ලවට අයිසිං දාලා අපිට ගිල්ලුවේ කියලා...සිරාවට මාරම ලස්සන මාරම ගති කතාවක් බං අක්කේ.....

    හැකියාව අගයන්නම වටිනවා ඊ බුක් එක බාගත්තා පොතකුත් ගැහුවා නම් එලට තියෙයි නේ??මොකෝ කියන්නේ

    ඊ බුක් එකේ පිටකවරේ දාපු ඇඩ්‍රස් එක අප්සට් වෙලා ඒක හදලා ආයේ දැම්මොත් මොකෝ.....??

    පසු වදනත් එලකිරි මාව මතක් කරලා තියෙන්නේ හි හි

    අවසාන වශයෙන් මට හිතුනා ඉතින් අයිස් ඇස්.ඇම්.ඇස් වලින් සෙනෙහේ කොල ටයිප් කරමින් ලව් කරන බව හි හි... තව එකක් ලියමු ඔහොම යද්දි පොටක් පෑදෙන්නේ නැතෑ...බැරිම වුනොත් මේ දෙන්නගේ ළමයි ගැනවත් ලියමු ඉතින්....

    ජය වේවා අර ජයග්‍රහණයටත් එක්කම....

    ReplyDelete
    Replies
    1. හික් හික්.... තැන්කු තැන්කු මලේ... මගේ ලාවට අයිසින් දාලා නම් බොලාලට ගිල්ලවන්නේ නැතෙයි මං කවදාවත්. එහෙම ගිල්ලුවොත් කෝ බොල මට ලවක්? :PP

      පොතක් ගහන්ඩ කොහේ තියෙන සල්ලිද බං මල්ලියේ? බලමුකෝ පස්සේ කාලෙකවත්.. හි හි..
      ඊ බුක් එකේ වැරැද්ද පෙන්නුවටත් ස්තුතියි..
      හප්පේ මේ දෙන්නගේ ළමයි ගැන කියන්ඩ නම් ඉතින් මට අනාගතේට ගිහින් එන්ඩ වෙයි නෙ.. :DD

      Delete
  8. මාත් පොත ඩවුන් කර ගත්තා..තැන්කූ......

    ReplyDelete
    Replies
    1. ඩවුන් කරගත්තනම් මේසයක් උඩින් තියන්න.

      Delete
    2. @වින්චැට් කිරිල්ලී : තැන්කු කිරිල්ලී අක්කේ.... :DD

      Delete
    3. @අසරණයා : මේසේ උඩින් තියන්නේ කොහොමැයි පීඩීඑෆ් එකක්?

      Delete
    4. මම හිතුවේ ඩවුන් කරගතතා කිවුවහම බිමටවත් දගෙනද කියල.

      Delete
  9. අද්දැකීමක් නෙවෙයි වෙලත් මෙච්චර ලස්සනට ලියන්න...ඔයානම් ඇත්තටම ගොඩක් දක්‍ෂයි යාලු...

    ලස්සන කතාවක නිමා නොවන කතාවක්....

    ReplyDelete
    Replies
    1. @සිහින මතකයන් : ගොඩාක් ස්තුතියි යාලු.. :DD

      Delete
  10. මම අහන්ඩ හිටියේ පොත එලියට දාන්නේ නැතෙයි කියලා. දැන් ඒකත් හරි නේ.මොනා උනත් කතාව මරු !

    ReplyDelete
    Replies
    1. නැත්තන් එකත් ඉතින් අඩුවක් නෙ.. හි හි.. ස්තුතියි මධු අයියේ... :DD

      Delete
  11. කතා ලියන්න ඔයා දක්ෂ නෑ කියල කියනවනම් එහෙනම් ඔයා වැරදියි නංගෝ. මේ කතාවට පණ පිහිටුවල ලියල තිබ්බ විදියට මම නං හිතුවෙම මේක ඇත්ත කතාවක් වෙන්න ඇති කියල. ඔයා හීනියට දීල තිබ්බ හින්ට් එකත් මං හිතන්නේ මට ලාවට අහුවුනා. කොහොමින් හරි මම බලාන හිටියේ පසුවදන එනකම්. අර ඉස්කෝල දෙකේ ප්‍රශ්නේ නං මට තිබ්බේ මමත් නුවර කෙනෙක්ම උන හින්ද.. දැන් ඔන්න පොතත් ඇවිත් පසුවදන එක්කම. තැන්කු වේවා දෙකටම. එහෙනම් තවත් එක සාර්ථක කතා කාරියක් වීමට මගෙන් සුභපැතුම්.

    ඔයාලගේ ජයග්‍රහණය මම බුකියේ දැක්ක. සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. හි හි....... ගොඩාක් ස්තුතියි අයියා ..
      හින්ට් එක කිව්වේ අර ඉස්කෝල හුටපටේ වෙන්ඩ ඇති නේද? අනේ ඇත්තටම ඒ වැරැද්ද නම් මට ලිව්වට පස්සේ ගොඩක් දැනුණා..
      ඒත් අයෙත් ඒ වැරැද්ද වෙන්නේ නෑ.. :DD
      ගොඩාක් ස්තුතියි අයියාගේ සුබ පැතුම් වලට!! :)

      Delete
  12. //ඒ ලියුම ලිව්වේ කොල්ලන් ගැන දීර්ඝ කාලීනව කල සමීක්ෂණයකින්//
    අයිස් දන්න දේවල්..!!

    ReplyDelete
    Replies
    1. හික් හික්.. එහෙනම් එහෙනම්.... :D

      Delete
  13. හරිම ලස්සන කතාවක්.. මම හිතුවෙත් ඇත්තම කතාවක් කියලා..කොහොම ව්උනත් නගාට සුභ පතනවා... ලස්සනට අකුරුකරලා තිබුණා...:)

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා හලෝ .ඔයා කලින්ම දන්නවා මේක කතාවක් කියල.

      ~~ඇනෝ කෙනෙක්~~

      Delete
    2. අන්න අද අපේ අසරණ අයියා අතටම හසු වූවා...

      Delete
    3. නෑ.... කවදාවත් මම ඇනෝ කෙනෙක් විදියට කමෙන්ට් නැහැ.

      Delete
    4. හනේ...දන්නවා අසාර් අය්යේ...මම විහිලුවටයි කිව්වේ...ඔයා මට අනෝ කෙනෙක් නෙවෙයි...සහෝදරයෙක්නේ....

      Delete
    5. @හිතු අක්කි : ගොඩාරියක් ස්තුතියි අක්කියෝ.. :D

      Delete
    6. @ අසරණයා අයියේ- අනේ යනවා යන්න.. පචයා..ඔයා තමා මේ තැන් තැන් වල ගල් පැලෙන බොරු කිය කිය යන්නෙ..:p

      Delete
    7. වලියක් වලියක්... හික් හක්..

      Delete
  14. අනේ ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ නෙ නංගෝ... :(((

    කතාව ලස්සනයිනෙ.අපේ නගාටත් කියවන්න ඕනෙලු.

    ReplyDelete
    Replies
    1. ඩවුන් වෙනෝ මම ඊයෙම දැම්මා

      Delete
    2. @නිසූ අක්කි : හනේ....... ඒ මොකෝ ඒ? :/ තරහ නැතුව පුළුවන් නම් තව පාරක් ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ.. මේ ගැමියා මලයා එහෙමත් ඩවුන්ලෝඩ් කරගෙන තිබුනා නෙ.. :(

      Delete
  15. අලුත් එකකින් හම්බෙමු එහෙනම්....ජය වේවා...!!!

    ReplyDelete
  16. ඔරකල් ගෘප් එක වසරේ විශිෂ්ටතම කණ්ඩායම wechha ekata subapathum..kathuwariyak newei kiuwata dan kathuwariyak wela iwarai..langadima aluth adahasak ekka aluth kathawak liyai kiyala balaporotthu wenawa...mama wadiya aadara katha thiya love story film wath balanne na.. a unata oyage aadara kathawa mula indanma kiyeuwa..( oya liyapu :P) a eke thiyena sarala අව්‍යෘජ bawa hinda.. nwy digatama liyanna.. honda anagathayak thiyenawa..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අතුතියි ඉසුරු... කතාව ලියන්න පටන් ගත්ත දවසේ ඉඳලම හැම කොටසකටම අදහස් පල කරලා මාව දිරිමත් කරපු හොඳ යාලුවෙක් ඔයා..
      ෆිල්ම් එකක්වත් බලන්න කම්මැලි කෙනෙක් කට්ටක් කාගෙන බ්ලොග් ලෝකෙට අලුත්, මගේ කතාව කියවන්න ආව එක ගැන ගොඩාක් පින්..:))

      අලුත් අදහසක් ලැබුණ ගමන් තවත් කතාවක් ලියන්නයි බලාපොරොත්තුව...
      ගොඩාක් ස්තුතියි හැමදේකටම..:DD

      Delete
  17. ලංකාවේ අපිට මොබිටෙල් උනේ කොහොමද ඈ... :P
    මාත් ඩවූන් පාරක්ඩ් දාන්න බැලුවා ඒ උනාට වැඩ කොරන්නේ නැහැ නේ..පොඩ්ඩක් බලන්න...

    ReplyDelete
    Replies
    1. මටත් වැඩ කලේ නැතෝ.

      Delete
    2. @ChammA අයියා : වී කෙයාර් ඕල්වේස් නෙ.. හි හි...අනේ ඒ මොකෝ වැඩ කරන්නේ නැත්තේ? කට්ටියකට වැඩ කරනවනේ.. කොතනද අවුල කියල නම් හිත ගන්න බෑ.. :(

      Delete
    3. @වර්ණා අක්කි : අනේ ඒ මොකෝ? :((

      Delete
    4. @ප්‍රාර්ථනා අක්කි : හයියෝ...... පස්සෙවත් ට්‍රයි කරලා බලන්නකෝ පොඩ්ඩක්.. :(

      @ගැමියා : ඒකනේ.....

      Delete
  18. මම කියවන්න උත්සහ කළා ඒත් අවාසනාවකට ආදර කතා රසවිඳින්න හැකියාවක් නැහැ.පස්සේ නවත්වල දැම්ම වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්ව එක ගැන නම් සතුටුයි අසාර් අයියා.... :DD

      Delete
    2. මෙයාට ඔව්වට වෙලා නෑනෙ අයිස් නගෝ.. මෙයාට ඊටවඩා වැඩ තියෙනවාලු, එක එක්කෙනාගෙ ඕපදූප හොයනන් එහෙම..;)

      Delete
    3. හිතුවක්කාරී මට කේන්ති ගියාම හරි සැරයි.මාව කේන්ති ගස්සන්න එපා.

      Delete
    4. එකේ ඉඳන් දහයට ගනින්න...එතකොට කේන්තිය පහවගොස් දැහැමි සිතක් පහල වෙයි....

      යාලුවෙක්....

      Delete
    5. ඉංග්‍රීසියෙන්ද ?

      Delete
    6. හපෝ..... අසර් අයියා රණ්ඩු කෙක්කක්නේ.. :PP

      Delete
  19. ඇඬෙනවා තනි ඇහැට !!!! තව එකක් පටං ගන්න නංගියේ......

    ReplyDelete
    Replies
    1. හි හි........ අලුත් අදහසක් ආව ගමන් පටන් ගන්නම්කො අයියේ.. :DD

      Delete
  20. අලුත් එකකට ආසිරි පතනව කලා කාරයත් ඔන්න.මටනම් වැඩ කරනව අක්කේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මලයෝ... ඊ බුක් එක ඩවුන් කරගත්තටත් බොහොම ස්තුතියි.. :DD

      Delete
  21. ඈනොනිමස් කොල්ලාMar 9, 2012, 7:40:00 AM

    පට්ටම ආදරනීයයි.. පට්ටම තාත්විකයි.. ආයෙ සුපිරියටම ලියල තියෙනව.. දිගටම කියවන්ඩ ආස හිතුනා.. ඔය බ්ලොග් 1ක කතාවක් දිගටම කියෙව්වමයි.. මෙක කියෙව්වම හිතෙනව ඔයත් සුන්දර අදහස් තියෙන දගකාර කෙල්ලෙක් කියල..(දෑන් ඔන්න හිතට ගන්නව එහෙම නෙවෙයි ඈ..) හෙහ් හෙහ්
    දිගටම මෙහෙම ලස්සනට ලියන්ඩ සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා සහෝදරයා! දිගටම කතාව කියවන්න එකතු වුණාටත් ගොඩක් ස්තුතියි.. :DD

      අපොයි පොඩ්ඩක්වත් හිතට ගත්තේ නෑ, සුට්ටක් විතර උඩ ගියා... හි හී........ දැන් පහලට ඇවිත් ඉන්නේ..
      අයෙමත් ගොඩාක් ස්තුතියි..

      Delete
  22. අප්පද බොල මෙච්චර දේවල් වෙලා සුබ පතන්න ලේට් වුනා නොවැ.. සොරි..

    ජය පතමි !

    ReplyDelete
    Replies
    1. අහ් ඒකනේ ඒකනේ....... හි හී..... ගොඩක් ස්තුතියි සෑමා! :D

      Delete
  23. ඩව්න්ලෝඩ් බැරි වෙච්චි කට්ටිය මෙතෙන්ට යන්න. ඕක ප්‍රොක්සි අව්ලක්ලු. මං කලිං හිතං හිටියෙ මීඩියාෆයර් එකට හෙණ ගහලයි කියලා :) ඔය බ්ලොගට ගිහිං කියල තියන වැඩ ටික කරාම ඩව්න් පුලුවං!

    ReplyDelete
    Replies
    1. හලේ.......... ගොඩක් ස්තුතියි මලයෝ කරපු උදව්වට... :DD

      Delete
  24. අපි මහිමටයි, විශ්මිටයි එයාලගේ ආදර ලෝකේ ගොඩ නගා ගන්න ඉඩදෙමු නේ?. ප්‍රශ්න ජීවිතේට පන්නරයක් කරගෙන ආදරෙන් ඉන්න ලැබේවා කියලා විතරක් ප්‍රාර්ථනා කරමු.. :)))

    math ehema hithanava akki.. jaya wewa!
    you have a very bright future.keep up writing!

    ReplyDelete
    Replies
    1. හලේ........... බොහොම ස්තුතියි පුංචි කෙල්ලේ.. මේවා බලලා නරක වෙනවා එහෙම නෙමෙයි ඔං....... :DDD

      Delete
  25. හම්මියෝ....:D මගේ පළමවෙනි කමෙන්ට් 1 මම කැමතිම බ්ලොග් 1ට දාන්න හිතුවා(ඒක නම් බොක්කෙ පතුලෙන්මයි කියුවෙ:D). අක්කිගෙ කතාවෙ පලවෙනි කොටසෙ ඉදන් මම කියෙවුවා හොදේ. bt blogger කෙනෙක් නෙවේ නිසා comment 1ක්වත් දාගන්න බැරි වුනානෙ. ඒ ඹක්කොම අල්ලලා අද දානවා ලොවෙත් නැති වෙන්න ඕන්. හිහි........
    ඒත් ඉතින් ‍කොල්ලට කියන්න දෙයක් ඉතිරිවෙලා නෑනොවැ. උඩ කස්ටිය හැම දෙයක්ම කියලනේ.... අක්කි නුවර වටේ place අල්ලලා ලියපු 1 නම් පට්ට. කතාව කියවද්දී කොල්ලට නම් සීන් මැවිලා පෙනුනා නිකන් හින්දි පිචර් 1ක් වගේ.
    ඒත් අක්කිගෙ මොබයිල් සයිට් එක ටිකක් develop කරොත් හොදයි වගේ. coz අපි වගේ mobile phn 1න් net එන අහිංසක පුග්ගලයො කන කට්ට එසේ මෙස් නැ නොවැ.
    any way great job අක්කි.... කියවනව නම් මෙන්න කතා.සිරාවටම... wish u all da best වේවා.....!

    ReplyDelete
    Replies
    1. මං මේ රිප්ලයි එක ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ... මාස 7 කට විතර පස්සේ.. සමාවෙන්න ඒ තරම් පරක්කු වුනාට මල්ලියෝ..
      ගොඩාක් ස්තුතියි ඔයා දුන්නු සහයෝගයට..
      අලුත් කතාවකින් හමුවෙමු!
      තැන්කු වේවා! :D

      Delete
  26. එළ අයිසො එළ

    ReplyDelete
    Replies
    1. එලම තමයි.. ස්තුතියි මෝඩ කොල්ලෝ.. :P
      ඒ වගේම සමාවෙන්න කමෙන්ට් කරන්න ගොඩක් පරක්කු වුනාට.. :)

      Delete
  27. ඔන්න මමත් කතාව ඩවුන්ලෝඩ් කරගත්තා..දැන එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.. කතාව කියවලා ආයේ කොමෙන්ටුවක් දාන්නම් හොඳේ.. ජය වේවා

    ප.ලි. බ්ලොග් එක පාලුයි අනේ..මොනා හරි ලියන්ඩො..

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි රෙඩ් අක්කියෝ... කතාව කියවන්න ඇති කියල මම හිතනවා..
      දැන් මං අයෙත් ලියන්න ගත්ත නිසා පාලු නැතුව ඇතිනේ.. හි හි..
      ජයම වේවා! :D

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)