උදේ යන්න කලින් මං කාමරේ අස් කරලා ගිය නිසා අම්මි කාමරේට එන්න ඇති කියල හිතන්නත් බෑ. අප්පච්චි කොහොමත් ගෙදර නැති නිසා අප්පච්චිව සැක කරන්නත් බෑ. එහෙනම් සැක කරන්න ඉන්නේ එකම එක්කෙනයි. වෙන මොකාද ඉතින් අයියකාරයා තමයි. ශික්.... අයියා ඩයරි එක දැක්කනම් කිසිම ලැජ්ජාවක් නැතුව ඔක්කොම බලන්න ඇති. බැරිවෙලාවත් අයියගේ ඩයරි එක මට අහුවුනොත් එයාට අත්වෙන්නෙත් ඔය ඉරණම ම නිසා මගේ සැකේ බොහොම සාධාරණ එකක් වුණා. ඒ හැමදේම අයියා බලලා නම්? එහෙනම් ඉතින් මං ඉඳලා ඉවරයි. කොහොමද මං ආයෙත් අයියට මුණ දෙන්නේ? ඊටත් වැඩිය මට තිබුණු බය මහිමට ප්‍රශ්නයක් වෙයි කියලා. පැත්තක ඉඳලා මේ කිසිදෙයක් නොදන්න මහිමත් වැරදිකාරයෙක් වුණොත් මට සමාවදෙන්න මටම බැරිවෙයි.
මං රෑ කෑම මේසෙට වාඩිවුනෙත් නැතිවුණ ඩයරි එක ගැන හෝඩුවාවක් හොයාගන්න හිතාගෙන. ඒත් කිසිම වෙනසක් නැතුව වෙනද විදියටම එදත් කට්ටියම කෑම කෑවා. මමයි, අයියයි දෙන්නම කලින් කාල ඉවර වුණ නිසා ටීවී එක බලන්න මං වාඩිවුණේ මොබයිල් එකත් අතේ තියාගෙන. ටික වෙලාවකින් අයියත් ඇවිත් ටීවී බලන්න වාඩිවුණා. හිතේ තිබුණු දුකයි, කාන්සියයි නිසා මං මහිමට මැසේජ් කරේ ඕනෙවට එපාවට වගේ.
"Oya mokak hari awulakin neda inne??" මහිම එහෙම ඇහුවම මට පුදුමත් හිතුණා.
"Ai ehema ahuwe?"
"Nah, mata ehema danenawa. Eka hari neda?" ෂා.... දැන් මහිමට මාව දැනෙන්නත් පටන්ගෙන නේ.. ආ... නෑ විශ්මිව නෙමෙයි, මන්දහාසිව.
"Nah, prashnayakmath nemei oluwa poddak ridenawa." මහිමට ඇත්ත කියන්න ඕනේ වුණත් මං බොරුවක් කිව්වා. මට මොන ප්‍රශ්න තිබුණත් ඒවාට මහිම පලි නෑ කියලා හිතුන නිසා බල බලා හිටිය නාට්ටිය පැත්තකින් තියල මං කාමරේට යන්න ලෑස්ති වුණේ නිදහසේ මැසේජ් කරන්න පුළුවන් නිසා.
"කාටද දැන් තමුසේ ඔය ටෙක්ස්ට් කරන්නේ?" පුටුවෙන් නැගිටින්න හැදුව මාව ආයෙමත් පුටුවෙන් වාඩි කරවන්න ඒ වචන වලට පුළුවන් වුණා.
"මේ... කා... කාටවත් නෑ. ඇයි?" මං බයටම උත්තර දෙන්න පරක්කු වුණා විතරක් නෙමෙයි ගොතත් ගැහුණා.
"කාටවත් නෑ? කාටවත් නෑ නේ? මං මෝඩයෙක් කියලද ඔයා හිතන්නේ නංගි?" ඔව් කියලා කියන්න හිතුණත් මං බිම බලාගත්තා. දැන් හරිනේ ඉතින්.... ඔක්කොම බලලා කියලා නම් මීට වඩා සාක්ෂි ඕනේ නෑ.
"මතක තියාගන්නවා නංගි, මං තමුන්ගේ අයියා. මට හොරෙන් වැඩ කරන්න නම් හිතන්නවත් එපා හරී???" ඒක අනතුරු ඇඟවීමක් ද, නැත්තම් තර්ජනයක්ද කියලා හිතන්න උත්සාහ කරන අතරේ මං ඉක්මනටම කාමරේට ආවා. තවත් ටිකක් වෙලා එතන හිටියා නම් අයියා ෆෝන් එකත් උදුරලා ගන්නවා කියලා නම් මට ඉර හඳ වගේ ෂුවර්...
අයියට ඩයරි එක අහුවුණා කියලා දැන ගත්තම සඳුල කිව්වේ කලින්ම අයියට කිව්වේ නැති එකට තරහ ඇති කියලයි. ඒ වුනාට ඉතින් එයාට කලින් කිව්වා නම් සබ්බුව හම්බවෙන්නේ මට නේ. ඩයරි එක ආයෙත් හොයාගන්න යාලුවොන්ගෙන් අදහසක් බලාපොරොත්තු වුණත් ඒ වැඩේ හරී ගියේ නෑ.
''ඕක හොයන්න ගිහින් අයියට මාට්ටු වුණොත් තවත් අවුල්වෙයි බං. අනික දැනටමත් හැමදේම බලලා ඉවර ඇති නේ විශ්'' යාළුවො කිව්වේ එහෙමයි. ඒකත් ඇත්ත කතාව තමයි. ඒත්, මොකද්දෝ නොතේරෙන සිතිවිල්ලක් නිසා මං දවස් ගානක් යනකන් හිටියේ හිතේ දුකින්. මං මගේ මුළු ආත්මෙම පාවා දුන්න වගේ හැගීමක් නිසා අයියගේ මුණ බලලා වෙනද වගේ සැහැල්ලුවෙන් කතා කරන්න මට බැරි වුණා. එයත් හැම තිස්සෙම මගේ දිහා බැලුවේ සැකෙන් වගේ. ඒත් මොන සැකේ තිබුණත් මේ ගැන අම්මිටවත්, අප්පච්චිටවත් වචනයක්වත් නොකියා ඉන්න තරම් එයා තාමත් මගේ හොඳ අයියා වෙලා හිටියා. ඒත් හැමදේටම මට උල්පන්දම් දෙනවා කියලා අයියා විනූට නම් බැනලා තිබුණා.
******
තවත් ටික දවසකට පස්සේ මාස ගානක් හිතේ දෙගිඩියාවෙන්, බලාපොරොත්තු පොදි බැඳගෙන බලාගෙන හිටිය අවස්ථාවක් උදා වුණා. ඕ ලෙවල් රිසල්ට්ස් ආවා. අම්මිගේ ආසාව නිසාම මාත් අම්මිගේ අඩි පාරේ යන්න හිතාගෙන කොමර්ස් සබ්ජෙක්ට්ස් තෝරාගත්තා. මහිමටත් ගෙදර අයගේ වදේ නිසා බයෝ කරන්න සිද්ධ වෙලා තිබුණා. මාත් එක්ක කොමර්ස් වලට මගේ හොඳම යාලුවොන්ගෙන් හිටියේ මංසලායි, දුලනියි විතරයි. විනූ මැත්ස් කරන්නත්, සඳු සයන්ස් කරන්නත් තීරණේ කරලා තිබුනේ එග්සෑම් වලටත් කලින් ඉඳලයි. අපේ D twins ආර්ට් තෝරාගත්තා. ඒත් අපේ යාළුකම් වලට ඒ ලෙවල් ප්‍රශ්නයක් වුණේ නෑ. කලින් විදියටම අපි කට්ටියම හිටියේ එකට.
ටික දවසකින් අයියගේ තිබුණු ඔල්මොරොන්දම් මුණ වෙනස් වෙලා පරණ පුරුදු විදියට ඇවිත් තිබුණා. අවුලක් නැතුව එග්සෑම් පාස් වෙලා තිබුණ නිසා අයියා මාත් එක්ක තිබුණු තරහ නැති කරගෙන කියලයි මං හිතුවේ. බැරි වෙලාවත් ෆේල් වුණා නම් එහෙම කොහොමට හිටීද?
__________________________________________
මාස හතරකට ටිකක් අඩු කාලයක් වෙනකන් මන්දහාසි විදියට මහිමට ටෙක්ස්ට් කරලා මහිමව ටිකක් හරී අඳුරගන්න මට පුළුවන් වුණා. ඒ වගේම මහිමට මං ගැන විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. කලින් එයා ගැන කිව්ව හැම බොරුවක්ම බොරු විදියට පිළිඅරගෙන මන්දහාසිට ඇත්තම කියන්න තරම් මහිම මන්දහාසිව විශ්වාස කරා. ඒත් ඒ හැම වෙලේම හිතින් වින්දෙව්වේ විශ්මි. මං මේ මොනවද කරන්නේ? ඇයි මං මහිමට බොරු කරේ? හැම දෙයක්ම දැනගත්ත දවසට එයාට මොනවා හිතෙයි ද? මට සමාවදෙන්න එයාට පුළුවන් වෙයි ද? මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරා.
පුළුවන් තරම් ඉක්මනින් මං මේ හැම බොරුවක්ම මහිමට කියලා මේ වැරැද්ද හදාගන්න ඕනේ කියලා හිතට පොරොන්දුවක් දුන්නම විතරක් පුංචි සැනසීමක් මට දැනුණා. මං මහිමට 'මහී ' කියන්නත්, මහිම මට මන්දහාසි කියන නමේ මැදකින් ගත්ත 'හසී ' කියන්නත් පුරුදු වෙලා හිටියේ මාස හතරක විතර තිබුණු යාලුකමේ ප්‍රතිපලයක් විදියට.
__________________________________
ප/ලි : ඉස්සෙල්ලම දවස් වල කතාව පරක්කු වෙනකොට 'ඇයි පරක්කු?' කියලා ඇහුවා. ඒත් දැන් නම් කතාව පරක්කු වෙන්න,පරක්කු වෙන්න එන පණිවිඩ නම් හරිම දරුණුයි. මාරාන්තිකයි. :o කෙලින්ම එන්නේ මරණ තර්ජන. බයේ බෑ අප්පා... :PP පහු පහු වෙනකොට කොහු කොහු කියන්නේ මේවට වෙන්ටැ. හික් හික්.... සන්තෝසේ බැරුවා. අද නම් ඔන්න කලින් පොරොන්දු වුණ විදියටම රෑ 12ට කලින් කතාව ලිව්වො... :D :D
ඊළඟ කොටසෙන් ළඟදීම හම්බවෙමු >>>>
මේක කරන්න බෑ...අද හොඳටම කොටයිනේ කතාව :( ඒ මදිවට අයියට ඩයරියත් අහු වෙලා...
ReplyDeleteආව් ආව්.. මහිමවත් ඩයරි එක ඉස්සුවදෝ... :D
ReplyDeleteහේහේ.. කතාව ගොඩක් ලස්සනයි නංගියෝ.. ඕන් අපි නෑ ඔය තරජන වලට.. :D
massinala ohommamamai... :( :(
ReplyDeleteඅදත් මට ඔයාගෙයි හිතුවක්කාර නංගිගෙයි කතාව පැටළුනානේ...
ReplyDeleteහරියන්නේ නෑ හොදටම කොටයි.
ReplyDeleteඊලග දවසේ දිග එකක් ඕනේ :)
ඇ බන් නංගියා... හරි සුට්ටයි නේ ලියල තියෙන්නේ... ලයපන්කෝ බන් ටික්කක් දිගට... දිගට කිවුවම දික් කරන්න පින්තුර වෙඩි කරලා නෙමෙඉ ඔන්න.
ReplyDeleteඅර කිව්වත් වගේ අද කතාව හොරටම ලියලා.
ReplyDeleteමට මේ කතාවේ අවසානය කොහොමද කියලා දැනගන්න ඉවසිල්ලක් නැත.
මගෙ ලැප් එකත් ඔයාගෙ ඩයරිය වගේ හෙට අනිද්දට අය්යල බලාවි කියල මං බයේ ගැහි ගැහි ඉන්නෙ....දැන් මේකෙ මොකක් හරි ලෙඩක් ආවත් මට කවුරුවත් නැහැ හදල දෙන්න..නෙට් එකේ ඉන්න යාලුවන්ට වඳිනවා මම ඒ නිසා..ඉස්සර අයියල ඔක්කෝම කරල දුන්නෙ...දැන් එයාල හිතන් ඉන්නෙ මම හැම දේම තනියම කර ගන්නව කියල...හික්ස්..!
ReplyDeleteහප්පේ මේ මන්ද හාසී මෙගා සීරීස් එකක් වගේ ....නියමයි ඈ...
ReplyDeleteමෙගා මෙගා :) ඔහොම යන් ඔහොම යන්... ටෙලියකුත් ගහන්න බැරිය..ලස්සනයි නංගා.
ReplyDeleteහැක හැක ඔය වෙලා තියෙන්නෙ මං හිතුව එක....ඉක්මනට ඉතුරු ටිකත් දාපියෝ....
ReplyDeletedenna akkio doben!api kiyavanavooo............!
ReplyDeleteapoy me moko wela thiyenne :( pawu ane mahi .. eyage diary eke ikmanate hambenne kiyala wish karanewa :) ikmnate anik post ekath dannekooooooooo
ReplyDeleteඅනිත් ටිකත් ඉක්මන්ට දාන්නෝ මේක හෙන බයානක කථාවක් මොනා වෙයිද කියලා ඉක්මන්ට දැනගන්න ඕනේ....
ReplyDeleteඕකට තමයි කියන්නේ ඩයරි ලියන්න එපා කියලා මොනා හැංගුවත් අන්තිමේ බඩුත් එක්ක හොරු මාට්ටු.මටද එලෙසම විය හි හි....ජය වේවා
@සයුරි අක්කි : අපොයි.... කලින් පොස්ට් එකට වඩා දිගයි මගේ හිතේ... :D
ReplyDelete@නන්දු අක්කි : හි හි.. ඕවා පුස් වෙඩි අනේ... අපි බලමුකෝ.. ස්තුතියි අක්කියෝ... :)))
@(අයි කෙ) : අත්දැකීමෙන් වගේ කියන්නේ නේ?? හිකිස්..
ReplyDelete@දිනේෂ් අයියා : අපොයි අපොයි... :)))
@මහිම : හි හි... හරියෝ...... ඊළඟ කොටස දිගට දිගේ ලියන්නම්කො.. :))
ReplyDelete@නෝටියා : හික් හික්... මන් මේ කතාව පබ්ලිෂ් කොරේ රාහු කාලේද මන්ද.. කස්ටියටම කතාව සුට්ටයිලු.. :D
@මධුරංග අයියා : අයියටත් එහෙමයි... :)) ඉක්මනින්ම ඉවර කරන්නයි කල්පනාව..
ReplyDelete@කිරිල්ලී : ආ.... හා..... කිරිල්ලිගේත් හොර තියෙනවා ඒ කියන්නේ නේ? හික් හික්... :PP
@ඔබ නොදුටු ලොවක් : කොටස් 20 ත් මෙගා වගේද? ඉක්මනින් ඉවර කරන්නයි ඉන්නේ.. හි හි..
ReplyDelete@ශානි : ස්තුතියි ශානි... මෙගා කරන්න නම් ආසාවක් නැතෝ.. ඉක්මනටම ඉවර කරනවා. :))
@ නිසූ අක්කා : පේනේ හරි ගියා නේ? හි හි.. ඉක්මනට දානවෝ.. :D
ReplyDelete@ඇනෝ : ස්තුතියි කිව්වා.. :)))
@Glimmer නංගා : හි හි... පුළුවන් ඉක්මනින් ලියන්නම් නංගෝ..... මේ දවස් ටිකේ වැඩ ගොඩයි. :D
ReplyDelete@ගැමියා : පුළුවන් ඉක්මනට ලියන්නම් ...... ස්තුතියි ගැමියා.. අත්දැකීම් ජීවිතේට හරි වටිනවා. හැක හැක..... :DD
ow ow..athdakimen.. :D
ReplyDeleteMata hithuna... :D
DeleteMeke 1st part 1 balanne kohomada?
ReplyDeleteමෙන්න තියෙනවා පලවෙනි කොටස... මේ බ්ලොග් පිටුවේ දකුණු පැත්තෙන් අවුරුද්ද, මාසේ එක්කම වැටිලා තියෙන ගැජට් කොටසෙන් කතාවේ අනිත් කොටස් ටික හොයාගන්න ඔයාට පුළුවන් වෙයි කියල හිතනවා... :DD
Delete