'ආ..... ඒ පාර උඹ මොනවද කල්පනා කරන්නේ?' ළඟ හිටිය දිනාදිගේ ඔලුවට පුංචි තට්ටුවක් දාන ගමන් මගේ වෙන්ඩ නෑනාන්ඩි ඇහුවා.
'නෑ බං,බලපන් පොඩ්ඩක් කල්පනා කරලා. මහිමයා කොච්චර රොමෑන්ටික් පොරක් ද කියල?' ඇස් දෙකත් ලොකු කරලා දිනාදී මං දිහා නොබලා, අනිත් අය දිහා බලල ඇහුවා. 'ඒ මොකද්ද ඒ කතාවේ තේරුම' කියල මං අහන්න කලින් අනිත් අය ඉස්සර වුණා.
'අපෝ උඹලා නම් මෙලෝ රහක් නෑ. හරි හරි මෙහෙමයි' එහෙම කියන ගමන් දිනාදී ඉඳගෙන හිටිය මේසෙන් බිමට පැන්නා. දැන් මෙතන එක්කෝ වේදිකා නාට්ටියක්, නැත්තන් ෆිල්ම් එකක්.
ප/ලි : අම්මෝ කාර්යබහුල සතියක් අවසන්වුණේ අද දවල්. ඒ නිසයි මේ කොටස ලියන්න පරක්කු වුණේ. හොයල බැලුව හැමෝටම ස්තුතියි යාලුවනේ.. :))
කට්ටියගේ පෝස්ට්ස් වලට කමෙන්ට් කරන්න බැරි වුණා මේ ටිකේම. ඉක්මනින් එන්නම්කෝ.
'සෙනසුරාද හවස....... වටපිටාවම කියන්න බැරි තරම් ලස්සනයි........ පරිසරෙත් නිහඬයි, නිසංසලයි......... ඈතින් යාන්තමට මීදුමෙන් වැහුණු ආදරණීය හන්තාන........ ඩයින්මෝ එක ඇතුලෙන් ඇහෙන මියුරු සංගීතය.......... වඃ.... ඒ තරම් ප්‍රේමාන්විත, ආනන්දජනක, ආදරණීය, ජුගුප්සාජනක මොහොතක් තවත් කොහෙන්ද බං ආදරණීය යුවලකට??' ඔපෙරාවක රංග විලාසයකට ගැලපෙන විදියට අත් වලින් නිරුපණයක් කරලා පෙන්නන ගමන් දිනා විස්තර කරේ මං මහිමව හම්බවෙන්න යන දවස කොයිවගේ වෙයිද කියලා.
'අම්මට සිරි....'
'ඇයි බං උඹ ෆිල්ම් ඩිරෙක්ටර කෙනෙක් වෙයන්කෝ දිනා'
'මේ දැන් ඔය උඹ කිව්ව ආනන්දජනක යි, ජුගුප්සාජනක යි උඹලගේ ලොකු අම්මගේ පුතාලද බං?'
දිනාදී කිව්ව කතාව ගැන හැමෝම එක එක අදහස් පලකරත් මං කල්පනා කරේ වෙනම දෙයක් ගැන.
'ඇත්තටම එදා දවස ඒ තරම් ලස්සනවෙයි ද? නෑ.. නෑ... එහෙම වෙන එකක් නෑ. මහිම මාව දැක්කම මොන විදියේ ප්‍රතිචාරයක් දක්වයි ද? එයා කලබල වුණොත්? මිනිස්සු ඉස්සරහ මට හොඳටම බැන්නොත් එයාව රැවට්ටුවා කියලා? මට මොනවා වෙයිද?' මීට් වෙමු කියලා මහිම කිව්වම හිතේ ඇති වුණ තිගැස්ම දිනාගෙ කතාව නිසා දෙගුණ වුණ වගෙයි මට දැනුණේ.
'විශ්?' මගේ උරහිසෙන් අතක් තියන ගමන් ලෙන්ගතු බැල්මකින් මං දිහා බලාගෙන හිටිය විනූ නිසා මං ආයෙමත් පියවි සිහියට ආවා. මොන ප්‍රශ්නේ ආවත් මාව දාල යන්නේ නැති සහෝදරකමක බැඳීම ඒ ඇස් වලින් මං ඒ වෙලාවේදී හොඳටම දැක්කා. අනිත් යාළුවොන්ගේ ඇස් වල ලියවිලා තිබුනෙත් ඒ විදියම කතාවක්. මහිම මාව පිළිනොගත්තත් මට මගේ යාළුවො ඉන්නවා කියලා මං දැනගෙන හිටියා.
'වැඩිය හිතන්න එපා කෙල්ලේ. ඕනෙම දේකට අපි ඉන්නවනේ' ආයෙත් අර ලෙන්ගතු හිනාවමයි.
'මේ,ඒක නෙමෙයි දැන් මොකද්ද උඹ එදාට ඇඳගෙන යන්නේ?' එච්චර වෙලාවක් මටත් නිනවුවක් නොතිබුන ප්‍රශ්නයක්.
'විශේෂයක් නෑ බං' ගානකට නෑ වගේ මං කිව්වේ බොරුවක්. මහිමව හම්බවෙන්න යන දවස තීරණේ කරපු වෙලාවේ ඉඳලම දහස් සැරේකට වඩා හිතින් අහපු ප්‍රශ්නයක් ඒ.
'අන්න අන්න,ඉතින් උඹ අපිටත් කොලේ වහනවා. ඔහොම හිටහන්කෝ අපි තෝරලා දෙන්නම් එකක්' එහෙම කියලා කස්ටිය ගිහින් මගේ ඇඳුම් අල්මාරිය ඇරලා, ඇඳුම් තෝරන්න පටන් ගත්තා. වර්ණ ගැලපීම්-නොගැලපීම්, ලොකු මෝස්‌තර- පොඩි මෝස්‌තර, රේන්ද-බෝරිච්චි, ගවුම්-ඩෙනිම් ඔය හැම මගුලක් ගැනම ලොකු වාදෙකුත් ගියා. ඒ කියලා ඉතින් මං එදාට ඇඳුම් තුන හතරක් අඳින්නයැ. කොහොමින් කොහොමහරි අන්තිමේදී කස්ටිය ඒකමතිකව එක ඇඳුමක් තෝරලා දුන්නේ දීර්ග සාකච්චවකිනුත් පස්සේ.
_____________________________________________________
මෙච්චර දවසක් මන්දහාසි වෙලා මහිමගේ හිත දිනාගත්තට විශ්මි විදියට මහිමගේ හිතේ මං ගැන තියෙන්නේ කොයි විදියේ හැගීමක්ද කියලා මට හිතා ගන්නවත් බැරි වුණා. මහිම මන්දහාසිට ආදරේ කරාට විශ්මිට ආදරේ කරයි ද කියන්න මං දන්නේ නෑ. මහිමගේ හිතේ මං ගැන කිසිම හැගීමක් නැත්තන් එයා මාව දැක්කම ගොඩක් අසරණ වෙයි. මගේ ඉස්සරහදිම එයා මට ආදරේ කරන්න බෑ කියල කිව්වොත් ඒක මහිමගේ වැරද්දක් නෙමෙයි,ඒ වුනත් ඒ වෙලාවට මං අසරණ වෙයි කියන එක නම් මට හොඳටම දැනුණා. කොයි විදියේ අවස්ථාවකට මුණ දෙන්න වුණත් මමවත්, මහිමවත් ලෝකයක් ඉස්සරහ අසරණ නොවෙන විදියක් ගැන ගොඩක් සැරයක් කල්පනා කරා. එහෙම හිතලා මං මහිමගෙන් පුංචි ඉල්ලීමක් කරා.
'ඔයා මට එක දෙයක් පොරොන්දු වෙනවද? ප්ලීස්?'
'කියන්න හසී.. පුළුවන් දෙයක් නම් මං නොකර ඉන්නේ නෑ ඔයා වෙනුවෙන්'
'හ්ම්............ අපි හම්බවෙන දවසට.... ආදරේ කියන වචනේ තහනම් වචනයක් කරනවද?'
'ඇයි ඒ?'
'ඔයා මට දැන් ආදරේ කරාට මාව දැක්කට පස්සේ ඔයා කොහොම හිතයිද කියන්න මට තේරෙන්නේ නෑ මහි. එදාට එක්කෝ ඔයා අසරණ වෙයි, නැත්තන් මං අසරණ වෙයි. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු'
'අයියෝ.... පිස්සු කෙල්ල' හිනා වෙලා මහිම එහෙම කිව්වට හිනා වෙලා හිතා හදාගන්න මට බැරි වුණා.
'ඔයා දැන් ඔහොම කිව්වට මීට් වුනාට පස්සේ මට කෝල් එකක්වත් දෙන එකක් නෑ. ඒ නිසා ප්ලීස් මහිම'
'අපෝ එහෙමයි නේ හිතාගෙන ඉන්නේ? වෙලාවකට මට ඔයත් එක්ක හරි තරහයි හසී,ඔයාට ඇයි මං කියන දේවල් තේරෙන්නේ නැත්තේ? කමක් නෑ ඔයාගේ කැමැත්තක්'
ඒ ඉල්ලීම කරපු කෝල් එක කට් වුනේ මහිම මාත් එක්ක තරහ වෙලා. ඒ වුණාට ඒ තරහ බොහොම පුංචි වෙලාවකට විතරයි.
__________________________________________________________
සිකුරාදා රෑ නින්ද යන්න ගොඩක් වෙලා ගියත් සෙනසුරාදා උදේම මට ඇහැරුණේ හිතේ තිගැස්ම නිසාම වෙන්න ඇති. උදේ ඉඳන්ම පිස්සුවෙන් වගේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉඳලා සඳුටත් කෝල් එකක් දීලා බැලුවේ අද මාත් එක්ක යන්න එයාලත් එනවා කියලා පොරොන්දු වුණ නිසා.
'හරි හරි ඉන්දපන්කෝ පොඩ්ඩක්. හතර හමාර වෙන්න තව කොච්චර වෙලා තියෙනවද බං? උඹලගේ මේ මගුල් නිසා වැඩක් කරගන්නත් නෑ වදේ' නෝක්කාඩුවට වගේ එහෙම කිව්වට එයාල එනවා කියලා මං දැනෙන හිටියා.
අන්තිමේදී යන්තම් හිතා හදාගෙන දෙක විතර වෙනකොට ලැස්තිවෙලා මං ටවුන් එකට ආවා. මං ඇවිත් විනාඩි 15 කින් විතර යාළුවො ටිකත් මං ලඟට ආවා.
'දැන් උඹ මොනවද මහිමට දෙන්න හිතාගෙන ඉන්නේ?' අප්පා.......... මං එහෙම දෙයක් ගැන හිතුවෙවත් නෑනේ.
'අපෝ ඕව දන්නේ නැත්තන් එක්ස්පීරියන්ස් තියෙන අපි වගේ එකෙක්ගෙන් අහපංකෝ නැද්ද විනූ?' මං ඇස් දෙක ලොකු කරගෙන හිටිය නිසාද කොහෙද දිනා එහෙම ඇහුවේ විනූට ඇහැක් ගහන ගමන්. විනූ ඒකට ලජ්ජාවෙන් බිම බලාගත්තා විතරයි. කොහොමත් අයියා ගැන කතා කරනකොට විනූගේ කම්මුල් ලැජ්ජාවට රෝස පාට වෙනවා කියලා අපි කවුරුත් දන්නවා.
'මොනවද දෙන්න ඕනේ?'
'හ්ම්.....'
'හ්ම්ම්.....' හැමෝම කල්පනා කරනවා.
'වොච් එකක්?' සඳු ඇහුවා.
'මං දන්න තරමින් එයා වොච් එකක් පාවිච්චි කරන්න ආස නෑ සඳු'
'ටී ෂර්ට් එකක්?' ඒ දිනා.
'අනේ ෂර්ට් තෝරන්න මේ වෙලාවේ කඩවල් වල රිංගන්න බෑ බං' මං කිව්වේ වෙලා යයි කියලා හිතිලා.
'ආ ඔව් ඔව්. දාඩිය දැම්මොත් උඹේ මේක්අප් එක දියවෙයි නෙ නේද?'
'අනේ පල පල. උබයි මමයි නොදන්න මේක්අප්'
'හරි ඉතින් මොනවද දෙන්නේ එහෙනම්?'
'මං හිතන්නේ මං දන්නවා මොනවද ගන්න ඕනේ කියලා. වරෙන්කො යන්න' ටිකක් වෙලා හිතද්දී හදිස්සියේම හිතට ආව අදහස නිසා මං යාලුවොන්වත් ඇදගෙන කෙලින්ම ගියේ KCC එකට. සරසවි බුක් ෂොප් එකේ රාක්ක අස්සේ ඇවිදිනකොට දැනෙන පොත් වල සුවඳට මං හ්මදාමත් ආසකරා. ඒත් අද වැඩි වෙලා ඒ සුවඳ විඳින්නේ නැතුව අපි ආව කාරණේ ඉවර කරගෙන ඉක්මනට එලියට ආවේ ඩයින්මෝ එකට යන්න හිතාගෙන.
'ඔයා පොත් කියවන්න ආසද?'
'හ්ම්... ආසයි. හැබැයි ඉතින් පොත් පස්සේ හොයාගෙන ගිහින් කියවන්නේ නම් නෑ. කොහෙන්හරි හම්බුනොත් නම් අනිවා කියවනවා. ඔයා ආසද හසී පොත් වලට?'
'ගොඩා........ක් ආසයි' පොත් වලට මං ආදරේ කරේ පුදුම විදියට.
'මොකද්ද ඔයා ආසම පොත?'
'හම්මෝ.. ගොඩක් තියෙනවා. ඒත් ඉතින් හැමදාම කියෙව්වත් එපා වෙන්නේ නැති ආසම පොත 'ගුරු ගීතය'..'
'ගුරු ගීතය. මාත් අහල තියෙනවා. ගොඩක් අය කියනවා ලස්සනයි කියලා'
'අය්යෝ ඔයා තාම කියවල නැද්ද? වැඩක් නෑනේ' මං එහෙම කිව්වේ හිනා වෙලා.
'ආ..... මේකිගේ පඬිකම විතරක්. ගෙනත් දෙනවකො නොකියවා ඉඳීද කියලා බලන්න' ටික කාලෙකට කලින් මහිම මට ඔහොම කියලා බැන්නේ තරහකට නම් නෙමෙයි. සරසවියට ගිහින් ගුරු ගීතය අතට ගත්තේ මහිමට තෑගි කරන්න හිතාගෙන. පොත අරගත්තට පස්සේ පුංචි සටහනක් තියන්න හිතුනේ ඇයි කියන්න මං දන්නේ නෑ.
මහිම,
අදින් පස්සේ ආයෙත් කිසිම දවසක ඔයා මාත් එක්ක කතා නොකලත් මේ පොත එකම එක පාරක් හරි කියෙව්වොත් මට ඒ හොඳටම ඇති..
විශ්මි (මන්දහාසි).
ලියල ඉවර වෙනකොට අකුරු උඩට වැටෙන්න ඇස් වල කඳුළු බින්දු නලියව්වත් වැටෙන්න නොදී ඒ කඳුළු පිහිදල දැම්මේ සඳු..
'යමු' ඒ විතරක් කියලා පැණිදෙනිය බස් එකේ ඇවිත් දොඩම්වල හන්දියේ බහිනකන්ම මං කතා කලේ නෑ.
'මේ ටික පයින් යමු නේ?' දිනාදී කිව්වේ එතන හිටිය ත්‍රීවිල් ඩ්‍රයිවර්ගේ දිහා බලන ගමන්. මෙකි නම් කොයිවෙලේ හරි ගුටි කනවා කියලා මට ඒ වෙලාවේ හිතුනා.
හවස හතර වෙනකොට අපි හිටියේ ඩයින්මෝ එකේ පහල තට්ටුවේ තිබුණු සුපර් මාර්කට් එක ඇතුලේ. බඩු ගන්න උවමනාවක් නොවුනත් එතන හිටියේ මහිම උඩට ගියොත් පේන නිසා. රාක්ක අතර හිටියට මොකෝ අපි හතර දෙනාගේම ඇස් තිබුනේ එළියේ.
'අනේ මාත් එක්ක උඩට යමුකෝ. අනේ අනේ අනේ ප්ලීස් බං.....' මං වැන්දෙ නැති එක විතරයි.
'මේ පිස්සු කතා කරන්න එපා විශ්. මහිම හිතයි ඔයා එයාව බයිට් කරා කියලා. මොනවා වෙයිද එහෙම වුණොත්? පොඩ්ඩක් හිතපන්කෝ'
'ඒයි.... අර බලපන්' මාව ඉස්සරහ වීදුරුව පැත්තට හැරෙව්වේ විනූ.
දෙයියනේ මහිම....... ලා නිල් පාට ඩෙනිම් කලිසමට, සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳලා..... එයාගේ හුරතල් ගතිය මං හරියටම දකින්නේ දැන්ද කොහේදෝ. අද කන්නාඩි දෙකත් දාලා...... පඩිපෙළ දිගේ උඩට දුවගෙන ගිය එයාගේ අතේ පුංචි බෑග් එකකුත් තියෙනවා මං දැක්කා. කියාගන්න බැරි තරම් සිතිවිලි ගොඩක් හිතේ පෙරලි කරද්දී මට දැනුණේ මුළු ලෝකෙම නැවතිලා වගේ. ගල්පිලිමයක් වගේ මං හෙලවෙන්නේවත් නැතුව හිටියට මගේ පපුව ගැහුණ තාලෙට මට හිතුනේ මට කලන්තේ හැදෙන්න එනවා කියලා.
'දැන් පලයන්' පිටිපස්සේ ඉඳලා මාව තල්ලු කරේ සඳු.
'අනේ ඔයාලත් යමුකෝ' මං යාලුවන්ගෙන් ඉල්ලුවේ ගොඩක් බැගෑපත් විදියට.
'විශ්මි...'
බොහොම තදින්, තීරණාත්මක විදියට සඳු එහෙම කිව්වම මට සඳුගේ මුණ දිහා බලන්න ඇත්තටම දැනුණේ ලොකු බයක්. පුංචි කාලේ ඉඳන්ම, සහෝදරියක් නැති මට සහෝදරියක් වුණු, හෙවනැල්ලක් වුණු, මගේ හොඳම යාලුවා වුණු සඳු, මට 'විශ්' නොකියා 'විශ්මි' කියලා කතා කරන්නේ එයාට මාත් එක්ක ලොකු තරහක් ඇති වුණු අවස්තාවක විතරයි කියන එක මං දන්නේ අත්දැකීමෙන්. මේ වගේ තීරණාත්මක අවස්ථාවක වත් ඒ හඬට අවනත නොවී ඉන්න මට පුළුවන් වුණේ නෑ. නොදැනුවත්වම මං දොරත් අරගෙන සුපර් මාර්කට් එකෙන් එලියට ආවා. මං පස්සෙන් එලියට ආව යාළුවො දිහා එකම එක පාරක් මං හැරිලා බැලුවා. ඒත් එයාලගේ අදහස වෙනස් වෙන පාටක් තිබුනේ නෑ.
උඩ තට්ටුවට නගින්න තිබුණු පඩි කීපය මට දැනුණේ යාපහුවේ පඩිපෙළ වගේ. කකුල් පැටලිලා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා මං හිමින් හිමින් උඩට නැග්ගේ බයෙන්. කකුල් දෙකත් වෙවුලනවා. එළියේ ඉඳන් වීදුරු දොර ඉස්සරහ හිටගෙන ඇතුල බැලුවට මහිම නම් පේන්න හිටියේ නෑ. මං පල්ලෙහා බැලුවේ සඳුල පඩිපෙළ පාමුලටවත් එයි කියලා හිතලා. ඒත් එයාල අවේ නෑ. එයාල මාව දාලා යයිද දන්නේ නෑ ක්යලත් හිතුනා.
පුළුවන් තරම් අත් වෙවුලන එක පාලනේ කරගෙන මං දොර
ඇරගෙන ඇතුලට යනවත් එක්කම වේටර් කෙනෙක් මට හිනා වීගෙනම පල්ලෙහට ගියා මට ඒ මනුස්සයට හිනා වෙන්නත් අමතක වුණා. එක තැනක
නැවතිලා වටපිට බලනකොට එළියේ තිබුණු හට් එකක් ඇතුලේ ඉඳගෙන ඉන්න මහිමව මං දැක්කා. එයා හිටියේ ඈතින් පේන, යන්තම් මීදුමෙන් වැහිච්ච හන්තාන දිහා බලාගෙන. මට ඒ වෙලාවේ මතක් වුණේ දිනාදී කිව්ව කතාව.
එතනට යන්න කලින් තවත් පාරක් මං කල්පනා කරා. පහලට දුවගෙන යන්න තරම් අසරණ කමක් මට දැනුණේ. කටේ කෙලත් හින්දිලද කොහෙද, උගුරත් රිදෙනවා. වටේ හිටිය කීපදෙනෙක්ම මං දිහා බලනව් කියලා දැනුනු නිසා මං මහිම ඉන්න පැත්තට ගියා, ගොඩක් හිමින්. ටේබල් එක උඩ අත්දෙකත් තියාගෙන ඈත බලාගෙන ඉන්න එයාගේ මුණ බලන්න තරම් මට ශක්තියක් නෑ කියලා මට තේරුණා. මොන දේවල් වුණත් අඬන්නේ නැතුව ඉන්න මං මගේ හිත පොරොන්දු කරගත්තා. මහිම ළඟටම ගියත් එයාට කතා කරන්න වචන පිට වෙන්නේ නැති වෙයි කියලා මට හිතුණා.
'ම්.. මහි... ම' වෙවුලන කටහඬින් වුණත් මට එයාට කතා කරන්න පුළුවන් වුණා. කලබලෙන් වගේ හැරිලා මං දිහා බලනවත් එක්කම වගේ
මහිමට පුටුවෙන් නැගිට්ටුනා.
'විශ්මි??' ලොකු ප්‍රශ්නාර්තෙකුත් මූණට ඇරගෙන මහිම කතා කරේ මගේ හරි නමින්.
' සො... සොරි මහිම.. මන්දහාසි ක්යන්නෙත් ම... මං' ඒ ඇස් වලින් මගේ ඇස් අහකට ගන්න දඟලන ගමන් මං කිව්වේ වෙන දෙයක් වෙද්දෙන් කියලා හිතලා.
ප/ලි : අම්මෝ කාර්යබහුල සතියක් අවසන්වුණේ අද දවල්. ඒ නිසයි මේ කොටස ලියන්න පරක්කු වුණේ. හොයල බැලුව හැමෝටම ස්තුතියි යාලුවනේ.. :))
කට්ටියගේ පෝස්ට්ස් වලට කමෙන්ට් කරන්න බැරි වුණා මේ ටිකේම. ඉක්මනින් එන්නම්කෝ.
ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා ???
ReplyDeleteඅම්මෝ පොයින්ට් එකෙන්ම නවත්තලා. දැන් හිටපන්කෝ ඉතුරු කොටස ලියනකන්. ඉක්මනටම ඒකත් ලියන්න
අද මම එක ද මන්දා
එකද මන්ද නෙමෙයි එක තමයි.. හි හි..
Deleteඊටපස්සේ මොකද වුනේ දන්නේ නෑ මම.... දවස් දෙකකින් අනිවා ලියන්නම් අයියේ..
ඉක්මණට ඉවර කරන්න ඕනේ. :D
යන්තම් ඇති දැම්මා මේක. හම්බවෙන සීන් එක ඉවර කරලම නතර කරානම් ඉවරයිනේ අයිස්.
ReplyDeleteහි හි...මේවා ට්‍රික්ස් ආ...
Deleteඅම්මෝ මේ ටිකත් ලිව්වේ බොහොම අමාරුවෙන් ඒ ටික ලිව්වා නම් අද පොස්ට් එක දිග වැඩි වෙනවා සහෝ. එතකොට කියවන්න කම්මැලි හිතෙනවනෙ, ඒකයි මෙතනින් ඉවර කරේ.. :D
අයියෝ හොදම තැනින් නවත්තලා නේ අනේ ඉක්මනට ඊලග කොටසත් දාන්න කෝ
ReplyDeleteසතිගනක් බලන් ඉන්න බැ
හි හි... හලේ.... දවස් දෙකකින් දාන්නම්කො හොඳේ? :DD
Deleteකොටස් 21ක්ම නොදැනිම ගලා ගිහින්... ඉතිරියත් ලියමු නංගියේ.. කතාව ලස්සන නිසා කැමැත්තෙන් කියවන්නේ..
ReplyDeleteඒක නම් ඇත්ත අයියේ ..... මේක මෙගා වෙන එක නවත්ත ගන්නත් එපැයි.
Deleteස්තුතියි අයියේ හැමදාම කියවන්න එනවට.. පුළුවන් ඉක්මනින් ලියනවා. :D
ane anith ekath ikmanata liyannako.................
ReplyDeleteහානේ....... ඉක්මණට ලියන්නම්කො උමා ජී.... :DD
Deleteහොඳම කොටස ඊළඟ කොටසින්.. ආසාවෙන් කියෙව්ව කතාවක් නංගියෝ.. ගොඩක් ලස්සනයි.. ඉතිරියත් ඕනේ.. හැකි ඉක්මනටම... :)
ReplyDeleteගොඩාක් ස්තුතියි නන්දු අක්කියෝ... ඉක්මනින්ම ලියන්නයි හිතාගෙන ඉන්නේ ඊළඟ කොටසත්. :DD
ReplyDeleteමට කලින් එක මිස් වෙලාද මන්දා/// :(
ReplyDeleteහලේ නැතෝ... කලින් කොටසට ඔයා තමයි පලවෙනි කමෙන්ට් එක දැම්මෙත්... :D
Deleteඑල එල...:D ඉතිරියත් ඉක්මණට ලියමු...
ReplyDeleteඑළම තමා... :D
Deleteඇති යන්තං ... ඊලග කොටසනං ඉක්මනට දාන්න ..
ReplyDeleteහි හි... අද ලියන්න හිටියට බැරි වෙයි වගේ.. වැඩ ගොඩා......ක් තියෙනවා.
Deleteammooooooooo athi yanthan :D :D ane math giya dinamore ekate ... man dakke nane mahimaway mandahasi way :( :P ikmnate anik kotesath danne hode :) take care
ReplyDeleteඔයා ගියේ නුවර ඩයින්මෝ එකට කියලා ෂුවර් ද නගෝ?? ඉක්මනින් ලියන්න බලනවෝ... :D :D
Deleteකියවන් කියවන් යනකොට කතාවෙ හැඟීම්බරම කොටසට එද්දි.......අයියෝ...හොඳම හරියෙදි කතාව නතර වුනානෙ.දැන් ඉතින් ඊළඟට මොනව වෙයිද මන්ද?
ReplyDeleteඉතිරිය බලාපොරොත්තුවෙන් සිටින්නෙමි...ප්‍රමාද නොවනමෙන් ඉල්ලා සිටිමි...හිහ්...ඉතුරු කොටසත් ඉක්මනින් දාන්න බලන්න යාළු....
ආ... ඒවාට තමයි ට්‍රික්ස් කියන්නේ... හික් හික්...
Deleteඅනේ පුළුවන් තරම් ඉක්මනින් ලියන්න බලන්නම්.. එත් මේ ටිකේම වැඩ ගොඩ ගැහිලා නිසා කතාව ලියල ඉවරයක් කරගන්න විදියක් නැතුව ඉන්නේ..:D :D
අදත් මේක එක හුස්මට කියෙව්වා..professional කතා කාරියක් වගේ හරිම තැන්න් නවත්තලා..ඊළඟ කොටසත් ඉක්මනින් දාන්නෝ...
ReplyDeleteහලේ..... ස්තුතියි රූ... ඉක්මනින්ම ලියන්න බලන්නම්කෝ.. :D
Deleteපලමු ප්‍රේමවන්ත හමුවීමක් කිසිදු අඩුවකින් තොරවම ලියල තියනව.... ලස්සනට....
ReplyDeleteකොච්චර දන්න කියන යාලුවෙක් උනත්, මේ වගේ දේකට හමු වෙද්දි තියන හැඟීම නියමෙටම ලියල තියනව...
නොදැනීම අතීතයට ගියා....
අනිවාර්යෙන්ම.... ඒ චකිතය නම් අඩුවක් නැතුවම ඕනේ කෙනෙක්ගේ හිතේ තියෙනවා...
Deleteමේ ඉන්නේ එක්ස්පීරියන්ස් තියෙන අයත්.. හික් හික්.. :D
ඇති යන්තම් දෙන්නා හම්බ උනා...ඒත් ඉතින් ඉවරයක් නෑ නේ තාම :(
ReplyDeleteතව දෙකකින් ඉවර වෙනෝ......... :)
Deleteමොනවා වෙයිද...දෙන්නා සෙටමෝල් වෙයි ද.....
ReplyDeleteසෙට්ටමෝල් වෙයිද කියලා බලමුකෝ... හප්පේ අද නම් ඔන්න බණ්ඩාර අයියගේ මූඩ් එක ටිකක් හොඳයි.. :DD
Deleteමේකෙ කලින් කොටස මට මිස් උනාද මන්ද...මගෙ ලිස්ට් එකට ආවෙ නැතිවා වගේ....හ්ම්ම් යාන්තම් හම්බ වෙලා දෙන්න...ඊගාවට මොකෝ වෙන්නෙ...? ඉක්මනින් ලියන්න.....
ReplyDeleteනෑ නෑ මම කලින් කොටස කියෙව්වා...මේක ටිකක් ලේට් නිසා අමතක වීමක් උනේ..:)
Deleteඔව් නේ..... මං මේ කොටස පටන්ගෙන තියෙන්නේ අලුත් දෙබසකින් නිසා කොටසක් මිස් වෙන්න ඇති කියලා හිතෙන්න ඇත්තේ..
Deleteඊළඟට මොකෝ වෙන්නේ කියලා ඉක්මනින්ම ලියන්නම්කො...
සමහර ඒවා මගහැරිලා..... කියෙව්ව සමහර ඒවටත් කමෙන්ට් දාන්න ලැබුනෙ නෑ....සමහර ඒවා ලැබුණත් දැම්මෙ නෑ.... මොකද හැමතිස්සෙම කියන්න වෙන්නෙ 'අනේ ඉක්මනට ඉතුරු කොටසත් දාන්න' කියලනේ.... ලස්සන කතාව......
ReplyDeleteහික් හික්... මොනවා වුණත් මියුරු අක්කා ඇත්තම කතාව කිව්ව එක ගැන නම් සතුටුයි ඕන්.....ස්තුතියි!
Deletetheeranathmaka senasurada kiuwata theeranathmaka kotasa dala nane.. :( :P :D
ReplyDeleteහික් හික්... ළඟදීම බලාපොරොත්තු වෙන්නකෝ.. අද ලියන්න හිටියට බැරි වෙයි වගේ.. :D
Deleteපට ගාල ඊළඟ කොටසත් දාන්නෝ........
ReplyDeleteපට ගාල සෙනසුරාදට ලියන්නම්කො.. :DD
Deleteවෙන මොනවා කියන්නද නගේ ඉතුරු කොටහ ඉක්මනට දාන්න කියලා මිසක්...
ReplyDeleteවෙන කුමක් කියන්නද ඉතින් නේ?? තව දවස් දෙකකින් ලියන්නම්කො අක්කෝ.. :DD
Deleteමාර ලස්සනයි අප්පා එකින් එක හරි ලස්සනට ඇත්තම විදියට විස්තර කරලා තියෙනවා සුපිරිම සුපිරි කතාවේ ඉහලම තැන මෙතන ඒත් තව සති කීයක් ඉන්න වෙයිද ඉතුරු ටිකට....මම හිතුවෙම one-plus-one එකට ගිහින් ටී ෂර්ට් එකක් ගනී කියලමයි හැබැයි පොතක් අරන් අරහෙම ලිව්වා කිව්වාම ඒක නම් මාර තාත්විකයි මාර ආදරණීයයි.හැබෑට ඔය ඩයින්මෝ එක තියෙන තැන කියන්නකෝ ආසා හිතුනා ඒකට යන්න......කතාව එලමකිරි....ඕං මගේ එව්වත් මතක් වෙනවා
ReplyDelete++++++++++++++++++++
ස්තුතියි ගැමියෝ...
Deleteමේ විදිය අත්දැකීමක් තියෙන කෙනෙක් කමෙන්ට් කරනකොට ඇත්තටම මේ කතාවට අලුත් වටිනාකමක් එකතු වෙනවා.. මොකද මවාපාලා කියන්න යනවට වඩා, යථාර්තයට ළඟ ගතියක් දැනෙනවා එතකොට..
මේ හමුව ආදරණීය වෙයිද කියලා හරියටම විශ්වාස නැති නිසා විශ්මි කරේ හරිම තෝරාගැනීම කියලා මට දැන් විශ්වාසයි. ආදරය, පරිත්‍යාගය ගැන කියලා දෙන්න 'ගුරු ගීතය' තරම් වටින තෑග්ගක් තවත් කොහෙන්ද?
අහ්හ්... ඩයින්මෝ එක තියෙන්නේ හයිස්කුල් එකට පිටිපස්සේ. දොඩම්වල පාරේ.. ඔයාලගේ අයියා දන්නවා ඇති.. :D :D
//මවාපාලා කියන්න යනවට වඩා, යථාර්තයට ළඟ ගතියක් දැනෙනවා එතකොට.. //
Deleteදැන් මේ කියන්නේ මේවා ඔයා හිතලා ලිව්වා කියලද ඈ.....ඔයාගේ පරිකල්පන මෙව්වා එක නම් උපරිමයි එහෙනම්....මේවා ඇත්තටම ඒ වෙලාවෙදි වෙන හිතෙන එව්වනේ.
ලව් ස්පොට් ගැන එයාගේ දැනුම අති දුරුවලය.මල් වත්තට යන පාරවත් දැනගෙන හිටියේ නැතය.පැය ගනනක් මහකන්දට රු15ක් වැනි සුළු මුදලකට තරණය කලේත් ඒකමය හි හි....දැන් හයිස්කූල් එක හොයහන්කෝ ඉතින්..
කතාව පරිකල්පනයෙන් ලිව්ව එකක් ද නැත්තම් ඇත්ත කතාවක්ද කියලා ළඟදීම කියන්නම්කො.. හික් හික්.. :P
Deleteඔයා නුවර එන දවසක් තියේ නම් කලින් මට කියන්න. එතකොට වරද්දන්නෙ නැතුව පාර කියල දෙන්නම්කෝ අනිවා.. හොයාගන්න අමාරු නෑ..
අයියෝ මදෑ බලන් හිටියා.... මට පේන විදියට නං වැඩේ හොඳ විදියට ඉවර වෙනවා.. අන්තිමට අපිව පොඩි නොමඟයැවීමක් කරන්න හදල තියෙන්ටනේ.. අපිනං අහ්වෙයි ඕවට...
ReplyDeleteලිවිල්ල උපරිමයි හොඳේ.
ස්තුතියි පැණි දොඩම්... හික් හික්.. ඉක්මනට ලියන්නම්කො ඉතුරු ටිකත්.. :DD
Deleteඅනේ අම්මෝ මට එහෙම ඔහොම උනානම් මාව වෙව්ලලාම මැරෙයි
ReplyDeleteඅහ්හ්...... ඔන්න එහෙනම් වර්ණා අක්කිට පුළුවන් මේ කතාවෙන් ආදර්ශයක් ගන්න.. ;)
Deleteහරිනෙ ඉතිං ඔය කළේ වැඩක්....,
ReplyDeleteඔයත් ටී.වී කාරයො කාටුන් වල කඩු පයිට් තියෙන හරියෙදිම ඇඩ් එකක් දානව වගේ මෙව්වා එකේ කොල්ලා සීන් එකට එන්ටර් වෙන ඒ උච්චතම අවස්ථාවෙදිම කතාව නැවැත්තුවනේ...
ඒවා ඔට්ටු නෑ හරිද...........
හික් හික්... මොන කරන්නද හලේ... මේවා තමයි පබ්ලිසිටි ට්‍රික්ස් කියන්නේ.. (අනේ මං නොදන්නා පබ්ලිසිටි ට්‍රික්ස් නේ? ) :P :P
Deleteආයෙත් අහලා.........
Deleteaneh! ikmanata.. ikmanata.. eelanga kotasa.mahima monava kiyaida kiyala hithena kotath kakul deka vevlanna gannawa!
ReplyDeleteහප්පේ...... විශ්මිට වඩා බය වෙලා තියෙන්නේ අපේ වර්ෂා නගා නේ.. හි හි... පුළුවන් ඉක්මනට ලියනවා නංගෝ.. සෙනසුරාදට ලියන්නම්කො.. :DD
Deleteඅම්මෝ, මාරයි. මොනවා වෙයිද මන්දා. මේ ඒක නෙවෙයි මොකක්ද ඉතින් ඔයා ඇඳන් ගියේ. :P
ReplyDeleteහරිම ලස්සනයි නංගියෝ කථාව.
හයියෝ මේ කෙල්ලන්ට ඇඳුං වලින් තොර ලෝකයක් නෑ... අනේ දුප්පත් කොල්ලෝ.
Delete@ප්‍රර්ථනා අක්කි : ගොඩක් ස්තුතියි අක්කියෝ... හික් හික්... මේ වගේ අවස්ථාවකට ඇඳගෙන යන්න ගෑනු ළමයෙකුට ගැලපෙනවා කියලා අක්කි හිතන්නේ මොන වගේ ඇඳුමක්ද? :D
Delete@ඇනෝ: මේ වගේ වැදගත් අවස්ථාවකට අඳින ඇඳුම ගෑනු ළමයෙක්ට ගොඩක් වැදගත්.. මං හිතන විදියට ඒක කොල්ලොන්ටත් පොදුයි.. :D
Deleteහ්ම් හ්ම් මාත් මගේ හොඳම යාළුවෙක් එක්ක ඇඳුමක් ගන්න ගියා ඒ මොහොතට ලස්සනට යන්න එපැයිනේ ඒත් ඒ අළුත්ම ඇඳුම ඇඳගෙන ගියාට මගේ ආදරී ආවේ නෑනේ හලේ....දෙවෙනි දවසේ අතට අහුවෙච්චි ඇඳුමක් ඇඳන් ගියා ෂුවර් නැතිකමට මේං බොලේ ආවනේ එදා....ඒ ඇඳුම මම තාම අරන් තියලා තියෙන්නේ හි හි
Deleteකමක් නෑ බොලවූ.. ඒක ආදරණීය සිහිවටනයක් නේ.. ;)
Deleteඔයා මාව අපහු අතීතේ අවුරුදු 6 විතර අරන් ගියා.
ReplyDeleteආහා...... ඔය කට්ටියටම අතීතේ මතක් වෙලා තියෙන්නේ.... මාරම සතුටුයි අයියේ.. :DD
Deleteරීඩර් එකට දාගත්තට අප්ඩේට් වෙලා නං තිබුන් නෑ, හැබැයි මේ දවස් වල ගූගල් අංජ බජල් ඒ නිසාද දන්නෑ.
ReplyDeleteමගේ රීඩරෙත් සමහර බ්ලොග්ස් අප්ඩේට් වෙන්නේ නෑ මාමේ.. මොකක්හරි අවුලක් ඇති. :D
Deletesenasurada kathava danava kivva.thama ne.bohoma kethai!
ReplyDeleteමෙන්න තියෙනෝ අපි එහෙම පොරොන්දු කඩ කරන්නේ නැතෝ... :DD
Deleteහය්යෝ තාම නැනේ....
ReplyDeleteඅන්න අලුත් කොටස ලිව්වෝ... හි හි... ස්තුතියි මග බලාගෙන ඉන්නවට... :DD
Delete