Saturday, February 4

~මහිම මන්දහාසි~ 22වන කොටස

     රෙස්ටුරන්ට් එක ඇතුලේ හිටිය සෙනග දිහා බැලුව මහිම අයෙත් ඉක්මනටම මගේ දිහා බැලුවා. ඒ ඇස් දිහා අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්න ඕනේකමක් තිබුණත් මං ඉක්මනින්ම බිම බලාගත්තේ හිතට දැනෙන අපහසුව මග හැර ගන්න හිතාගෙන.


     'වාඩි වෙන්නකෝ' මට එයාගේ ඉස්සරහින් තිබුණු පුටුව අතින් පෙන්නන ගමන් මහිමත් වාඩි වුණා.

     'ශික් මං වගේ මෝඩියක්. මොකට මෙහෙම මීට් වෙන්න ආවද මන්ද.. එක්කෝ ඕනේ මගුලක් වෙද්දෙන් කියලා ෆෝන් එකෙන්ම මේ හුටපටේ කියලා ඉවරයක් කරගන්න තිබුණා' මගේ හිත මටම දෙස් තියෙනවා. පැත්තකට ඔළුව හරවලා මං හිමින් හන්තාන දිහා බැලුවා. බැහැගෙන යන ඉර එළියෙන් හන්තාන හැඩවෙලා තිබුණත් හැම තිස්සම යාන්තමට තියෙන මීදුම් පටලය ඒ වෙලාවෙත් පෙන්න තිබුණා.

     'විශ්මි... ' මං අහන්න කැමතිම කටහඬින් මගේ නම ලස්සනට කියවෙනකොට මං කොහොමද නොබලා ඉන්නේ. මං බැලුවා,හැබැයි මහිමගේ මුණ දිහා නෙමෙයි ටී ෂර්ට් එක දිහා. 

I'm the BOSS 
NO Questions,
No Arguments,
We'll JUST DO THINGS
MY WAY..!

     මහිමගේ සුදු පාට ටී ෂර්ට් එකේ නිල් පාට අකුරින් ලියල තිබුණු වචන පේලි ටික කියෙව්වම මට දැනුණේ අනතුරු ඇගවීමක් වගේ හැගීමක්.

     'විශ්මි?' දෙවෙනි පාරට ඒ කටහඬ ඇහුණේ නම් ප්‍රශ්නාර්ථයක් විදියට. දැන් නම් මුණ දිහා බලන්නම වෙයි. පුළුවන් තරම් හිතට ශක්තිය අරගෙන මං ඒ තරු ඇස් දිහා කෙලින් බැලුවා. 

     'සොරි' මාත් ඉතින් 'ඉට්ස් නයිස් ටු මීට් යූ' කිව්වම  'හැපී බර්ත්ඩේ' කිව්වා වගේ මෙලෝ ගැලපීමක් නැති කතාවක් කිව්වා.

      'හෙහ්... සොරි? ෆො වට්?' මහිම හිනා වෙලා කිව්වම ඒ ඇත්තම හිනාවක්ද, නැත්තම් නෝන්ඩි හිනාවක්ද කියලා බලන්න නම් මං ඒ මුණ දිහා හොඳට බැලුවා. පුරුදු විදියටම ඒ මූණේ ඇඳුනේ මහිමටම විතරක් තිබුණු හුරතල් හිනාවමයි. ගිනි කබලක් වගේ මගේ හිත ගිනියම් වෙලා තිබුණු මොහොතේ ඒ හිනාව දැක්කම හත් අවුරුද්දකින් වැහැපු නැති පැත්තකට හදිස්සියේම අයිස් කැට වැස්සක් කඩන් වැටුණා වගේ සනීපයක් දැනුණා. මෙච්චර කාලයක් මගේ හීන වලට පාට දීපු, බලාපොරොත්තු ජීවත් කරවපු ඒ හිනාවට ජීවිතේ වුණත් දෙන්න පුළුවන් කියලා මට ඒ වෙලාවේ හිතුණා.

     'මේ, කෝ අර ඔයාගේ බ්රේක් නැතුව කියවන කට, ආ??' මං පාඩුවේ හිටිය නිසාමද කොහෙද ආයෙත් මහිමම ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙටත් මං හිනාවකින් විතරක් උත්තර දුන්නේ ඇයි කියන්න තේරුණේ නෑ, ඒත් නොතේරෙන අමුතු බලවේගයක් නිසා මං හිටියේ කතා කරගන්න බැරුව.

     'හරි.. මොනවද කන්නේ?' ඔන්න ඉතින් ඇහුවා මං උත්තර දෙන්න ආසම නැති ප්‍රශ්නේ. දවල්ට කාලා නැති වුණාට මොකද දැන් නම් කනවා තියා වතුර උගුරක්වත් බීගන්න බැරි තරමට බඩ පිරිලා. ඊටත් වඩා හිත පිරිලා. අනික අපේ උන් පල්ලෙහා මං වෙනුවෙන් බඩගින්නේ ඉද්දි මං තනියම කන්නේ කොහොමද? ඒත් ඉතින් ඒක මහිමට කියන්නයැ.


     'හ්ම්... බඩගිනි නෑනේ' 

     'අන්න ඉතින් කිව්වා බොරුවක්... යකෙක් කන්න බඩගින්නේ ඉන්නේ කියලා මුණ බැලුවම කියතහැකි' මහිම එහෙම කියනකොටම වගේ වේටර් කෙනෙක් අපි ලඟට ආවා. මහිම මං දිහා බලාගෙන හිටියේ මං කන්නේ මොනවද කියලා දැනගන්න කියලා මට තේරුණා. 

     'හ්ම්....' නිනව්වක් නැතුව මං බොරුවට කල්පනා කරනවා වගේ පෙන්නුවේ ළඟ හිටිය වේටර් නිසා.

     'වෙජිටේරියන් නෙමෙයි නේ?' මගේ දීර්ග කල්පනා කිරිල්ල නවතෙන්නේ නැති නිසා මහිම ඇහුවා.

     'නෑ'

     'චිකන් සබ්මැරින්ස් දෙකයි. කෝක් දෙකයි' මහිම ඕඩර් කරේ තරහෙන් වගේ කියලා මට නිකමට හිතුණා. ඇත්ත තමයි, මං මෙතන බොරුවට හුරතල් වෙනකොට ඕනේ කෙනෙක්ට තරහ යනවනේ. 

     'හ්ම්....... ඉතින්...' ලොකු හුස්මක් අරගෙන පුටු ඇන්දට හේත්තු වෙන ගමන් අත්දෙකත් බැඳගෙන මහිම මගෙන් ඇහුවා. ' කියන දේ බොක්කටම වදින්න කියන්න ඕනේ නම් පුළුවන් තරම් අයි කන්ටැක්ට්ස් තියාගෙන කතා කරපන්' මෙතනට එන්න කලින් යාළුවො එහෙම උපදෙස් දුන්නත් මහිමගේ ඇස් දිහා බැලුවම මං අතරමං වෙන තරම දන්නේ මං විතරනේ.

     'ඉතිං.... ඔය කියන්න' මං කිව්වේ සැහැල්ලු වෙන්න ලොකු උත්සහයක් ගන්න ගමන්. ඕනේ දෙයක් වෙද්දෙන්, එන විදියට මුණ දෙනවා කියලා මං හිත හදාගත්තා.

     'මං දැන් කතා කරන්න ඕනේ කොහොමද? විශ්මි කියලද? නැත්තන් මන්දහාසි කියලද?' යාන්තමට ඇහැක් පොඩි කරන ගමන් මහිම ඇහුවා.

     'ඔයාට කැමති විදියටක..'

      'මං කැමති විදියකට නේද? මට නම් ඒ නම් දෙකම ලස්සනයි. මේ ඒක නෙමෙයි කොහෙන්ද ඔය මන්දහාසි කියන නම අහුලගත්තේ?' ඔළුව ඇල කරලා ඇස් පුංචි කරන ගමන් මහිම ඇහුවේ මගේ ඇස් දිහා කෙලින් බලලා. හිත කිති කැවිලා ගියා. මෙයත් පිරිමි මායම් පාවිච්චි කරනවද මන්ද....

     'අහුලගත්තා නෙමෙයි, ඒ මගේ නම. විශ්මි මන්දහාසි සූරියබණ්ඩාර'

     'නෑ.......' පුදුමෙට මහිමගේ කට ඇරුණා. 'සිරා ද?' 

     ' නෑ ධමනි..' මං හිනා වෙලා කිව්වා.

     'ආ...... ඔය තියෙන්නේ අර බ්රේක් නැති කට... ඉතිං ඔයාගේ නම දන්නේ නැද්ද ඉස්කෝලේ කවුරුත්??'

     'හොඳම යාලුවන්ට විතරයි මතක. වැඩිය පාවිච්චි කරන්නේ නෑනේ. විශ්මි සූරියබණ්ඩාර කිව්වම තමයි දන්නේ'

     'ආ....... ඒක තමයි එහෙනම් මේ මං ඉස්කෝලේ පීරලා හෙව්වත් හොයාගන්න බැරිවුණේ නේද?' කිව්ව තාලෙටම ඔළුවත් වනන ගමන් මහිම ඇහුවේ හරියට හොරයක් අහුවුණා වගේ.

     'හ්ම්... හ්ම්..... ආරංචියි ආරංචියි' මාත් ඒ විදියටම ඔළුව වනලා කිව්වා. මං මුලින්ම මෙතනට එනකොට හිතට දැනුණු චකිතය, බය ටිකෙන් ටික ඈත්වෙමින් තිබුණා. ඒ මහිමගේ හැසිරීම මං නොහිතුව තරම් සැහැල්ලු වුණ නිසයි. ඒත් ඒ සැහැල්ලුව තවත් කොච්චර වෙලාවකටද කියලා හිතනකොට නම් හිතට දැනුණේ පුංචි තැති ගැන්මක්.

     'එතකොට.............. කස්ටිය එකතුවෙලා මාව බයිට් කරාද?' ඒ වචන ටික ඇහෙනකොට නම් මගේ හිත ගැහුනා.

     'එහෙම නෑ... '

    'එහෙනම් කොහොමද??.......... කොහෙන්ද මගේ නම්බර් එක හම්බවුණේ??' තදබල විදියට ඇහුවේ නැතත් ඒ ප්‍රශ්නෙට  මහිම උත්තරයක් බලාපොරොත්තු වුණා.

     'හරියටම කාගෙන්ද කියන්න නම් දන්නේ නෑ. ඒත් ඔයාලගේ ඉස්කෝලේ කෙනෙක්ගෙන් වෙන්න ඕනේ' පොඩ්ඩක් විතර කපටි වුණේ නම නොදන්න ඒ අහිංසකයව පාවා දෙන්න බැරි නිසයි.

     'එතකොට........' මහිම තවත් ප්‍රශ්නයක් අහන්න ලැස්ති වෙනකොටම ඇලඩින්ගේ පුදුම පහනේ යෝධයා වගේ වේටර් මතු වුණේ අපේ ඕඩර් එක අරගෙන. උණු උණුවේ තිබුණු තඩිම තඩි සබ්මැරින් එක දැක්කම මං කල්පනා කරේ කොයි තරම් කොටසක් මට කාගන්න පුළුවන් වෙයි ද කියලයි. කොයි තරම් බඩගින්නේ ඉන්න වෙලාවක කන්න ගත්තත් කවදාවත් මට සම්පුර්ණ සබ්මැරින් එකක් කාගන්න පුළුවන් වෙලා නෑ තාම.




     'නම්බර් එක හොයාගෙන මට නිර්නාමිකව ටෙක්ස්ට් කරන්න හිතුවේ ඇයි විශ්?' එයා කලින් අහන්න ලෑස්ති වෙලා හිටිය ප්‍රශ්නේ වේටර් ගිය ගමන් ඇහුවා. අහයි කියලා බයෙන් හිටිය, ඇහුවොත් උත්තර නැති ප්‍රශ්නේ මහිම ඇහුවා. එච්චර වෙලා සැහැල්ලුවෙන් තිබුණු ඇස් අයෙමත් බිම බලාගත්තේ ඒ ප්‍රශ්නේ මගේ හිතට බර වැඩි නිසයි. 
     'හරි හරි ළමයෝ... අනිවා උත්තර ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි. හිත රිදුන නම් සොරි වෙන්නකෝ' මගේ වෙනස දැකල ඉක්මනින්ම මහිම කිව්වා.

     'නෑ... ඔයාව බයිට් කරේ නම් නෑ මහිම' 

    'නැත්තෙමත් නෑ... කට්ටිය මාව බයිට් කරලා තියෙන පාටයි. අනේ...... අම්මප මාත් අහුවුණා නේ' මට හයියෙන් හිනා ගියේ එයා ඒ කතාව කිව්ව විදියට.

     'අන්න.... දැන් තමයි ඔයා ඔප්පු කරේ මධූ අයියා ඔයා ගැන කියලා තියෙන දේවල් හරි කියලා' මහිම එක පාරටම කිව්වා.

     'ඇයි?? අපේ අයියා මොනවද මං ගැන කියලා තියෙන්නේ?' මං ඇහුවේ පුදුම වෙලා.

     'නෑ ඉතිං මධූ අයියා, ගෙදර ගැන කතා කරොත් වැඩියෙන්ම විස්තර කියන්නේ ඔයා ගැන නේ, ඒකයි' අප්පා......... අපේ එකා මොනවා කියලද දන්නේ නෑ මෙලහකට.

     'ඉතිං මොනවද කියන්නේ?'

     'ඒවා එහෙම ලේසියෙන් කාටවත් කියන්නේ නෑ' මහිම හරි ආඩම්බර හිනාවක් එක්ක කිව්වා. 'අයියා කෙනෙක් නිසාම මං මධූ අයියට මන්දහාසි ගැන කිව්වේ නෑනේ. නැත්තන් ඉතිං කෙල්ලගේ වැඩේ ලත් තැනම ලොප් වෙන්න තිබුන නේ?' මහිම එහෙම ඇහුවම තමයි මං ඒ ගැන කල්පනා කරේ. බැරි වෙලාවත් එහෙම වුණා නම් මං ගෙදර වසලත් හමාරයි.

     'මිස්, දැන් කරුණාකරලා අපි කමුද? මට බඩගිනි' ඔළුව පහත් කරලා බැගෑපත් විදියට මහිම අහනකොට මට හිනා නොවී ඉන්න බැරි වුණා.

******

     රටේ නැති කතා ගොඩක් කියවන ගමන් මහිම කාලා ඉවර කරත්, මට නම් සබ්මැරින් එකෙන් බාගයක්වත් ඉවර කරගන්න බැරි වුණා. කෝක් එකටත් ඒ සෙතේම තමයි. 

     'දැන් ඔය කාලා ඉවරද?' මහිම ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.

     'ඔව්..'

     'හප්පෝ..... ඔහොම ඉතුරු කරන්න හොඳ නෑ. ඕවා සල්ලි. කෝ දෙන්න.... ' දඩිබිඩියේ මගේ කෑම ප්ලේට් එක එයා ලඟට ඇදගන්න ගමන් මහිම කිව්වා. හිතේ ඇතිවුණු හැගීම විස්තර කරන්න මට වචන නෑ. හැමදාමත් මං ආදරේ කරන කෙනාගෙන් දකින්න  බලාපොරොත්තු වුණු නිර්ව්‍යාජ ගතිගුණ හැමදෙයක්ම මහිම ලග නොඅඩුව තිබුණා. 'කොල්ලෝ කියන්නේ නම් කන්නම උපන් ජාතියක්ද කොහෙද' මෙතන හිටියා නම් මගේ යාළුවො කියනේ ඒ කතාව තමයි. 



     කාලා ඉවරවෙලා බිල් එකට මාත් සම්මාදම් වෙන්න් හැදුවත් මහිම ඒකට ඉඩ දුන්නේ නෑ. ඒ ගැන නම් මගේ හිතේ තිබුණේ පුංචි නොරිස්සුමක්.

     'දැන් අපි යමුද? ඔයාට පරක්කු වෙනවනේ. පහ හමාරයි' ෆෝන් එකෙන් වෙලාව බලන ගමන් මහිම මගෙන් ඇහුවා. මහිමට ගත්ත තෑග්ග දෙන්නේ කොහොමද කියලා හිතන ගමන් මාත් 'හා' කිව්වා. 

     'අහන්නකො ඉතිං.... මං ඔයාට පොඩි තෑග්ගක් ගත්තා.. ඔය කැමති වෙයිද දන්නේ නෑ. ගෙදර ගිහින් බලන්න' ඒ මූණේ තිබුණු හිනාවට පුංචි ලැජ්ජාවකුත් එකතු වෙලා තිබුණද මන්ද.

     'තෑන්ක් යූ මහිම' තවත් මොනවා හරි කියන්න ඕනේකම තිබුණත් මං ඒ ටික විතරක් කියලා එයාට දෙන්න අරගත්ත පුංචි පොත බෑග් එකෙන් එලියට ගත්තා.

     'මේක ඔයාට... කැමති වෙයි කියලා හිතනවා' මං කිව්වේ ඒ ඇස් මග ඇරලා.

     'තෑන්ක් යූ මිස්...' සුපුරුදු දඟකාර හිනාවෙන් කියන ගමන් එයා පුටුවෙන් නැගිට්ටා.

     'විශ්මි..' මට අඩියක් පිටිපස්සෙන් පඩිපෙළ දිගේ පහලට බැහැගෙන ආපු මහිම කතා කරපු විදියට මං ගල් ගැහුණා. මහිමගේ පර්ෆියුම් එකේ සුවඳ මට ගොඩක්ම ලඟින් දැනුණේ ඒ වෙලාවේ.

     'මට එක පොරොන්දුවක් වෙනවද?'

     'කියන්න මහිම' හිතේ තිබුණු තිගැස්ම පිටට නොපෙනෙන්න මං ඇහුවා.

    'ගෙදර ගිහින් ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ ලෙටර් එක' ලා කහපාට ලියුම් කවරයක් ඇතුලේ දාපු ලියුමක් මගේ අතට දෙන ගමන් මහිම කිව්වා. නොතේරෙන හැගීමක් කලින් විදියටම හිත ඇතුලේ පෙරලි කරද්දී මං මහිමගේ අතින් ලියුම ගත්තා. 'ප්‍රොමිස්'.....

තරු ඇස් ළඟ සදහටම නවතින්න..... මේ පුංචි කෙල්ලට හැකි වෙයි ද?
කප්පරක් හීන බොඳකරන්.... ප්‍රථම ප්‍රේමය කඳුලක්ම වෙයි ද? 

අවසාන කොටස සමගින් හමුවෙමු >>>>

ප/ලි : ඔන්න ඊළඟ කොටස ලියන්න නම් ටීකා...ක් විතර පරක්කු වෙයි. සොරි වෙන්න ඕනේ හොඳේ.. මේ දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා.. 

71 comments:

  1. හා හා දැන් තමයි ලස්සනම කොටස් ටික යන්න යන්නේ :))

    ReplyDelete
  2. hhehehe...mahima kiyanne atthatama wachanarthayenma kollek..maru maru... balamuko lium kium wala thiyena dewaluth ikmanata...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... හි හි....
      පුළුවන් ඉක්මනට ලියන්න බලන්නම්කෝ... :D

      Delete
  3. aneeeeeeeeeeee anthima kotesade ilangete danne yane?? apoy mate dukay wage :( :( ade kotesath godak lassanay.... akki tikaaak withere parakku karala danneko ehenam anik kotesath :P take care

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා....
      දුකයි තමයි,ඒත් ඉතින් අවසානයක් තියෙන්න එපැයි නේද? :D
      හි හි.... බිසී බිසී... take care..

      Delete
  4. හ්ම්.. මොනවා වෙන්නද යන්නේ දැන් අන්තිම කොටසේ ... ටිකාක් විතර බලන් ඉන්න තමා බැරි .. ඉක්මනට ඊලග එතත් දාන්නෝ...

    ReplyDelete
    Replies
    1. අන්තිම කොටසනේ... ටිකක් කාලේ අරගෙන ලියන්න ඕනේ අෆ්ෆා.. හි හි... ටිකා.......ක් පරක්කු වෙලා ලියන්නම් හොඳේ..

      Delete
  5. කතාවේ මුල වගේම අන්තිම හරියත් ලස්සනයි. අන්තිම කොටස පලවෙන දාට අපි බෝගම්බර පිට්ටනියේ පුළුල් තිරයක ප්‍රදර්ශනයට දාමුද ? (මටත් හිතෙන විකාරා

    ඉක්මනටම ඉතුරු කොටසත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු අයියා!
      හලේ ඉතින් එහෙම කරොත් කොළඹ කස්ටියට එන්න අමාරු වෙයි නේ. ඒ නිසා මේ විදියටම ඊළඟ කොටසත් ලියලම දාන්නම්.. (අනික මේ හදිස්සියේ මහිමටයි, විශ්මිටයි රඟපාන්න නළු නිළියෝ හොයන්නේ කොහොමැයි?)

      Delete
    2. නෑ නෑ. රඟපාන වැඩක් නෙමෙයි. ඔයා කතාව ලියලා පෝස්ට් කරන එක තමයි පුළුල් තිරයක පෙන්නන්නේ. :)

      Delete
    3. ආ.... ඒක මිසක්. නැත්තන් ඉතින් මධූ අයියට තමයි මහිමගේ චරිතේ කරන්න වෙන්නේ. :DD

      Delete
    4. ඒකට නම් මධු අනිවා කැමති වෙයි..... කෝ එතකොට විශ්මි

      Delete
    5. විශ්මිටත් එක්කෙනෙක් හොයා ගමු.. හි හි..

      Delete
  6. නියමා........යි...ලියුමේ මොනාද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ සයුරි අක්කියෝ... ඊළඟ කොටසින් ඔබේ ප්‍රශ්නයට විසඳුම්! :DD

      Delete
  7. අනේ ඉක්මනට අන්තිම කොටසත් දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. හප්පේ...... මෙයාට තියෙන හදිස්සියක්... මහිම ලිව්වේ මොනවද කියලා, මහිම දැනගන්න එපැයි.. හිකිස්..

      Delete
  8. හ්ම්... මරුවට ලියල තියනවා. ඉක්මනට අනිත් එකත් දාන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා!
      හැකි ඉක්මනට ලියන්න බලාපොරොත්තු වෙනවා. (ඔය කිව්වට එහෙමමත් නෑ.. :P )

      Delete
  9. මහිම කලින් ඉඳන් දන්නව මන්දහාසි කියන්නෙ විශ්මි ම තමා කියල.....ඒ ගැන තමා ලෙටර් එකේ ලියල තියෙන්නෙ......මම හරිද?????????

    ReplyDelete
    Replies
    1. අහ්...! ගෙස් කරනවා නෙහ්?? අපි බලමුකෝ.... තව එක කොටසයි නේ.. :DD

      Delete
  10. මටනම් හිතෙන්නෙ විශ්ගෙ ඩයරිය අරන් තියෙන්නෙ මහිම.. බලමු බලමු මහිම මොනමද ලියලා තියෙන්නෙ කියලා.. :D විශ්ට ලියුම කියවන්න කොච්චර විතර කල් යයිදෝ.. හිහිහී.. අවසාන කොටසනේ.. නිවාඩුපාඩුවේ ලස්සනට දාන්න නංගියෝ.. :) බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටස එනකල්..

    ReplyDelete
    Replies
    1. ආහා....! තවත් ගෙස් කිරීමක්... නියමයි නන්දු අක්කියෝ.. ;)
      අන්තිම කොටස නිසාත්, වැඩ අධික නිසාත් ටිකක් විතර කල් ගන්නයි හිතාගෙන ඉන්නේ... ඒ නිසා දවසක් නම් දැන්ම කියන්න බැරියෝ.. :DD

      Delete
  11. වාව්.... මේ කොටස නම් මුල ඉඳං කියෙව්වා.... එල නගේ. අවසාන කොටස සතුටුදායක වේවා!!! ඔයාට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා..... එතකොට අනිත් කොටස් කියෙව්වේ බාගෙට නේ? :O
      ස්තුතියි අක්කියෝ...
      ජය වේවා!

      Delete
  12. ලස්සනයි.. අගෙයි... කොලු චන්ඩි වැඩත් එක්ක කෙල්ලෙක්ගෙ චන්ඩි වැඩ නියමෙට පෙන්නල තියනවා... ළස්සන ආදර කතාවක්.., අවසානය සතුටු එකක් වේවා...!!!!

    මං තිළිණි......

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි තිළිණි...
      කොලු චන්ඩි වැඩ අස්සේ, කෙලි චන්ඩි වඩාත් ලියවෙන්න ඕනේ නේ... :DD

      Delete
  13. ම්ම්ම්... ලස්සනයි! මට පේන විදියට නම් ඉක්මනට ඉවර වෙයි වගේ! මරු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළහිරු!
      ඊළඟ කොටස අවසාන කොටස තමයි.. :D

      Delete
  14. අයියෝ... අන්තිම කොටසට එච්චර කල් ගන්න එපා අනේ....

    ReplyDelete
    Replies
    1. හලේ එහෙම කිව්වට බෑනේ හලේ... වැඩ ගොඩයි.. අනික අන්තිම කොටසනේ.. ;) :DD

      Delete
  15. තරු ඇස් ළඟ සදහටම නවතින්න..... මේ පුංචි කෙල්ලට හැකි වෙයි ද?
    කප්පරක් හීන බොඳකරන්.... ප්‍රථම ප්‍රේමය කඳුලක්ම වෙයි ද?

    මේ මේ අපෙන් ප්‍රශ්න අහ අහ ඉන්නේ නැතුව ඉක්මණට ඊළග කොටස.මේ සැරේ වගේ පරක්කු වුණොත් ඉතිං අපෙන් බේරිලා ඉන්න නෙවෙයි.

    කතාව ඉවර වෙනවට නම් පොඩි දුකකුත් තියෙනවා අක්කියෝ,
    (ඒක නෙවෙයි ඔහොම කොල්ලො ලංකාවෙ ඉන්නවද..?)

    ReplyDelete
    Replies
    1. හප්පේ...... මේ පුංචි කෙල්ලන්ට තමයි මේ කතාව ඉවර වෙනවට මතත් වඩා දුක හිතිලා තියෙන්නේ.. හි හි..... ඒ වයසේ ආදර කතාවක් නිසා නේ?? ඔන්න වැරදි ආදර්ශෙට ගන්නවා එහෙම නෙමෙයි නගෝ...

      මේ ටිකේ ක්ලාස් එකේ වැඩත් එක්ක සෑහෙන බිසී වෙලා ඉන්නේ නගෝ... ඒ නිසා පුළුවන් ඉක්මනට ලියන්න උත්සාහ කරනවා...
      (මේ ඒක නෙමෙයි, මේ විදියේ කොල්ලොත් ඇත්තටම ඉන්නවා.. :D )

      Delete
  16. ඔය තියෙන්නෙ....ඔන්න ඔහොම එපැයි කතා ලියන්න....

    ReplyDelete
    Replies
    1. හලේ... ඇත්තට?? හි හි........... තැන්කූ තැන්කූ... :D :D

      Delete
  17. //හත් අවුරුද්දකින් වැහැපු නැති පැත්තකට හදිස්සියේම අයිස් කැට වැස්සක් කඩන් වැටුණා වගේ සනීපයක් දැනුණා.//

    heeee meka mehema liwwanam maru

    "හත් අවුරුද්දකින් naapu nathi kellekwa අයිස් කැට වැස්සක් wahala naawwa වගේ සනීපයක් දැනුණා"

    attatama mama kiyawapu lassanama aadara kathawa tamai meka......kaama kanna giyama ara plate eka adala ganna widiyanam sirawatama mamat karana wadak hee hee.....habai itin submarine ekak me dakkamai elaga sare ඩයින්මෝ ekata gihilla patha submarine ekakata wade denna one......

    kathawa nam uparimai meka oyata nowunu deyak nam mechchara detail ekka liyanna godak amaru wenawa kisima deyak maga arala na....mandahasi wishmi bawa kolla dannawat ati may be.....kathawata jaya wewa.....
    im ගැමියාගේ පත් ඉරුව

    ((windows 7 wenuwata ubuntu daala pissu nata nata inna welawakai me patte awe ekai mehema type karanna une ekata sorry hode.....ubuntu wala sinhala tibunat me welawe eka uninstall karapu nisa tawa kaalayak yanakan mehemai comment karanna wenne hee hee.......))

    ReplyDelete
    Replies
    1. අනේ මමත් කෑවා ඔය පරිප්පුව... දැන්නම් උබන්ටු කියද්දිත් වෙව්ලලා යනවා..

      Delete
    2. කමක් නැද්ද දන්නේ නෑ?? හිකිස්.... විශ්මිලා හැමදාම නාලා, ලස්සනට ඉන්න ගෑනු දරුවෝ හරිය?

      //attatama mama kiyawapu lassanama aadara kathawa tamai meka....// තෑන්ක් යූ.. අන්න එහෙම තමයි සරල කොල්ලෝ.. අන්න එල, ඩයින්මෝ පැත්තේ එද්දී මටත් කියන්නකෝ,නෑ නෑ මං එන්න නෙමෙයි පාර කියලා දෙන්න.. :P

      තමන්ට පෞද්ගලික අත්දැකීමක් නැතුව වුණත් කතාවක් කියන්න පුළුවන් නේද? ඒ මගේ අදහස!
      සිංහල නැති වුණාට අවුලක් නෑ... මට කමෙන්ට් ඒක වටිනාවෝ... :DD

      Delete
    3. @Senna : හප්පේ ....මාත් ඕපන් සෝස් පාවිච්චි කරන්න ඉන්නේ... බය කරන්න එපා! :D

      Delete
    4. open source nam ela bayawenna epa meka gaanata hadagattama loweth na....senna ayye salenna epa hode kohoma hari kattak kaala mama meka goda daanoooo......tama sanwardana awadiye tawa tika dohakin goda etakan no posts tamai itin

      Delete
    5. එහෙනම් ඉතින් එලම තමයි.. :DD

      Delete
    6. ඔන්න වැඩේ හරි උබුන්ටු වලට සිංහල දාගෙන උබුන්ටු මට ඕනේ විදියට ලස්සනට හදාගත්තා හි හි බය වෙන්න එපා හලෝ ඕපන් සෝස් මාර ගති මම මේ ගැන පෝස්ට් එකක් දාන්න ඕනේ තව ටික කාලෙකින් හි හි ඕං උබුන්ටු වල ඉඳන් දාන දෙවෙනි කොමෙන්ට් එක තමයි මේක

      Delete
    7. ෂා..... මේ තියෙන්නේ නියමෙට. මේ ගැන සවිස්තරාත්මක ලියවිල්ලක් එන තෙක් නොයිවසිල්ලෙන්..:D

      Delete
    8. මම ලිනක්ස් ගැන බ්ලොග් එකක් පටන් ගත්තා කාලෙකට කලින් ඒකේ ටික ටික විස්තර දානවා පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ මේං මෙතනින්

      Delete
  18. අම්මෝ අන්තිම එක එන්නත් ළගයිද?
    මම කියවගෙන එද්දි හිතුවා විශ් කතා නොකරම හිටියොත් තමයි සීන් එක කියලා.අප්පා මෙයා කියවලා තියෙන්නේ ලෙසටම.

    ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ.
    නියමයි. එහෙනම් ඒකත් ජය සිරි මංගලම් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ...... මං මේ ඒත් බැලුවා ඔය කොයි කියලා..
      ඊළඟ කොටසින් ඉවර වෙනෝ.. :)

      Delete
  19. විශ්මි දැක්කම මහිම මොකද කලබන නූනෙ..මට නම් ප්‍රශ්නයක්...
    වැඩ ටික ඉවර කරගෙන ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ..

    ReplyDelete
    Replies
    1. සිරා... ඒකත් ප්‍රශ්නයක් තමයි..
      උත්සාහ කරනවා අක්කියෝ... :D

      Delete
  20. //'නම්බර් එක හොයාගෙන මට නිර්නාමිකව ටෙක්ස්ට් කරන්න හිතුවේ ඇයි විශ්?'//

    ගොඩක් අය මුලදි ඔහොම තමා අයිස්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කිව්වේ? ගෑනු ළමයි ද? :D

      Delete
  21. මට හිතෙන්නෙ නම් මහිම වැඩේ දැන ගෙන ඉදලා වගේ...

    පුලුවන් ඉක්මනට අන්තිම කොටස දාන්න නංගි....

    ReplyDelete
    Replies
    1. අහ්....! ඔය තියෙන්නේ තවත් ගෙස් කිරීමක් ලෙසටම..
      ඔව් අක්කෝ, පුළුවන් ඉක්මනට ලියනවා.. :D

      Delete
  22. සම්මැරීන් එක නං මොකක්ද වගේ දැක්කම.....මේ මන්දහාසී මෙගා එකක් ද ඈ.....

    ReplyDelete
    Replies
    1. ටිකා........ක් විතර මෙගා.. ඒත් ඉතින් ඊළඟ කොටසෙන් ඉවරයි.. :D

      Delete
  23. ChammA අයියාගේ පබ්ලිෂ් නොවූ කමෙන්ටුව!

    //ChammA has left a new comment on your post "~මහිම මන්දහාසි~ 22වන කොටස":

    සබ්මැරීන් නම් මොනවද නංගි..මම මේ පුදුම වෙලා බැලුවේ තනියම කන්න බෑ කිව්වම.. :D//

    ReplyDelete
    Replies
    1. අප්පේ....... ඔව් ඉතින් අර විෂ්ගේ යාළුවො කියන කතාව නම් පට්ටම ඇත්තනේ..
      "කොල්ලෝ කියන්නේ නම් කන්නම උපන් ජාතියක්" ය කියලා. :D

      Delete
  24. කතාව කියවද්දි ඉක්මනට අවසානය දකින්න ඔන හැබැයි ඉවර උනාට පස්සෙ හිතෙයිද දන්නෙ නෑ තව තිබුනනම් හොදයි කියලා

    ReplyDelete
    Replies
    1. හලේ.......... ඔන්න ඉතින් එහෙම වුණොත් නම් මං නෑ... :DD

      Delete
  25. සබ් එක දැක්කෙ බඩගින්නෙ ඉන්න වෙලාවක, පව් මං....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා...... ඒකට ඉතින් කරන්න දෙයක් නැතෝ.. හි හි

      Delete
  26. ඉතුරු ටික කියවනකම් ඉවස්ල්ලක් නෑ.........

    ReplyDelete
    Replies
    1. වැඩ ගොඩක් තියෙනවා ක්ලාස් එකේ.... ඒ ටික ඉවරවුණු හැටියේ ලියනවා සහෝ.. ස්තුතියි.. :D

      Delete
  27. අය්යෝ තව එක කොටසද ? ඉවරවෙනකොට දුකයි අප්පා !

    ReplyDelete
    Replies
    1. මටත්..... ඒත් ඉතින් ඉවර කරන්න එපැයි.. :DD

      Delete
  28. හලේ.... මරු නංගෝ.. මහිම නම් නියම කොල්ලෙක්.. මම මාරම ආසයි මහිමගේ චරිතේ ගතිගුණ වලට.

    ReplyDelete
    Replies
    1. අහ්........ නියමයි.. එහෙමං අක්කිත් කැමති මේ වගේ කෙනෙක්ට වෙන්න ඇති නේ? ;)

      Delete
  29. සිරා ලව් මෙව්ව එක ඈ,මගෙ අග්න්‍යා‍ශෙටම වැදුනා
    අඩේ එළ එළ,
    ඔහොම යං ඈ,
    අනිත් කෑල්ල දාන්න පරක්කු වෙයි කිව්වට ඉක්මනට දාන්න හොඳේ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි..
      නිදහසක් ලැබුන ගමන් ලියන්නම් අනිවා..
      අර වැදුන පාරට අග්න්‍යා‍ශෙ තුවාල වුනේ එහෙම නෑනේ නේද? හික් හික්..

      Delete
  30. අර අහිංසකිගේ Diary 1 උස්සලා නේද මේ හොර කොල්ලා........

    ReplyDelete
    Replies
    1. අහ්...... ඊළඟ කොටසින් කියන්නම්කො ඒ හොර කොල්ලගේ කතාව.. හි හි..

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)