'Wade shape da ban?' සඳු ඇහුවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා මං හොරෙන් මහිම දිහා බැලුවා. කිසිම ගානක් නැතුව හුරතල් විදියට කතා කර කර මං ලඟින් ඇවිදගෙන එන මහිමව දැක්කම මට හිතුනේ ශේප් කියලා කියන්න. ඒත් මේ අවසානයක්ම නොවෙන නිසා ඒ ගැන තීරණේ කරන්න වෙලා වැඩියි කියලත් මට හිතුණා.
'i hv no idea Sandu.. :/ '
'hmm... dn't worry sudu. lts c' සඳු එහෙම කිව්වේ මගේ හිත සනසන්න වෙන්න ඇති.
'කාටද දැන් ඔය හෝ ගාලා කොටන්නේ?' පාර අයිනේ තිබුණු පුංචි ගල් කැටේකට පයින් ගහන ගමන් මහිම මගෙන් ඇහුවා. මං ඒ ප්‍රශ්නෙට හිනාවකින් විතරක් උත්තර දීලා පාඩුවේ හිටියා.
'යාලුවොන්ට නේද?' ආයෙත් මහිම. ඇස් ලොකු කරලා පුදුමෙන් වගේ මං මහිම දිහා බැලුව විදියට එයාට හිනා ගියා.
'හ්ම්.... ' තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන හිනාවේ හිමිකාරයත් එක්ක හවස් යාමේ, පාලු පාරක, ඇවිදගෙන යන්න අකමැති මොන කෙල්ලද? ඒ නුපුරුදු හැගීම කිසිම අඩුවක් නැතුව මං ඒ මොහොතේ වින්දා. තොරතෝංචියක් නැතුව කියවන ගමන් පුංචි ගල් කැටයක් ෆුට්බෝලයක් කරගෙන පාර පුරා දුවන මහිමව දකිනකොට හිතට දැනෙන සතුටට හිත පුපුරලා යයි කියන මෝඩ සිතිවිල්ලක් පවා ඒ වෙලාවේදී මගේ හිතට ආවා.
ඒ නලියන තරු ඇස් වලට, දඟකාර හිනාවට වහවැටුණු මගේ හිත මහිමගේ කෙලින් කතාවට, නිර්ව්‍යාජ ගතිගුණ වලටත් ආදරේ කරන්න පටන්ගෙන කියලා ඒ වෙලාවේදී මට දැනුණා.
_______________________________________________________
දොඩම්වල හන්දියෙන් මහිමට සමු දීලා, යාලුවොත් එක්ක බස් එකේ ගෙදර එන මොහොතේ පවා මගේ හිත තිබුනේ මහිම ළඟ. මහිම දුන්න ලියුම ගැන කිව්ව නිසා යාලුවොත් මගෙන් වැඩි විස්තර අහන්න ආවේ නෑ. මගේ හිතේ තිබුණු දෙගිඩියාව එයාලටත් දැනෙන්න ඇති කියලා මට හිතුණා.
ගෙදර ආව ගමන් මුණවත් හෝදන්නේ නැතුවම ලියුම බලන්නම් කියලා හිතුවට ඒකට අම්මිගෙන් ඉඩක් නම් ලැබුණේ නෑ. 'දවස තිස්සෙම රස්තියාදුවේ ගිහින් ඇවිත්, යනවා ගිහින් ඇඟ හෝදගන්නවා' අම්මිගේ තරවටුව නිසාම දඩි බිඩියේ ඇඟ සෝදාගෙන කාමරේට ආවම හිතටත් ලොකු සැහැල්ලුවක් දැනුණා. අම්මි එහාට මෙහාට වෙනකන් ඉඳලා කාමරේ දොරත් වහලා ඇවිත් මං ඇඳෙන් ඉඳගත්තා. හවස මහිම දුන්නු, පරිස්සමට පර්ස් එකේ දාගෙන ආව ලියුම මං අතට ගත්තේ මහිමට වුණු පොරොන්දුවත් මතක් කරන ගමන්. පුංචි අළු පාට බෑග් එකත් පැත්තකින් තිබ්බේ හොරෙන්වත් බෑග් එක
ඇතුල නොබලමයි.
'තාම තෑගී බැලුවේ නෑ නේද හොර පුසී? ෂුවර් නේ? (ශිෂ්‍යත්ව පන්තියේදී ලියුමක් ලිව්වට පස්සේ මේ ලියුමක් ලියනවමද කොහෙද.. වැරදි ඇති,ගණන් ගන්න එපා හොඳේ. අනික අකුරු කැතයි කියන්නත් එපා හරිද.)' ලියුම් කවරෙන් ලියුම එලියට ගන්නකොටම කුරුමිණි අඬු වගේ පුංචි අකුරු වලින් මහිම ලියල තිබ්බ දේවල් දකිනකොට මගේ මූණට හිනාවක් ආවේ නොදැනුවත්වම වගේ.
හිනා ගියාට මොකද ඊට පස්සේ නම් හිතට දැනුනේ ලොකු දෙගිඩියාවක්. මහිම ඕනෙවටත් වඩා හොඳින් හැසිරුන එක මට ඒ වෙනකොටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. බයටමද කොහෙද අත් දෙකත් වෙවුලනවා. ලියුම දිග අරිනවද නැද්ද කියල හිත හිතා ඉන්නකොටම කෝල් එකක් ආවා. මං හිතුවේ මහිම වෙන්න ඇති කියලා. ඒ සිතිවිල්ල නිසා හිතේ බය දෙගුණ වුණා. ඒත් කෝල් එක සඳුගෙන් කියලා දැනගත්තම මට දැනුනේ ලොකු අස්වැසිල්ලක්.
'Hello'
'ලියුම බැලුවද?'
'තාම නෑ.'
'ඇයි බං මං හිතුවා දැන් බලලත් ඇති කියලා. මෙච්චර වෙලා පොල් ගෑවද? '
'අනේ මට බයයි සඳු' මං ඇත්තම කිව්වා.
'ආ..... ඒක හරි කතාවක් නේ. මොකෝ ලියුම අස්සේ යකෙක් ඉන්නවද? අනේ මේ විශ්. නිකන් මෙතන හුරතල් නොවී ඕක බලලා අපිටත් කියන්න'
හවස තරහ ගිය විදියටම සඳුට ඒ වෙලාවෙත් තරහ යන්න ඇති කියලා මට හිතුණා. සඳු ෆෝන් එක තිබ්බට පස්සේ මං ආයෙත් ලියුම අතට
ගත්තත් එක පාරටම දිග අරින්න බය හිතුණා. යකෙක් නොහිටියත් ඒ ලියුම ඇතුලේ මගේ හීන විනාස කරන්න පුළුවන් බෝම්බයක් තියෙයි කියලා මං බය වුණා.
ඒත් ඕනේ දුකක් දෙකයි පනහයි කියලා ලියුම කියවන්න තීරණේ කරේ සඳුගේ වචන මතක් වුණ නිසා.
පිස්සු කේස් එක විශ්මි ට, මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ දැවිල්ලක් එක්කම මං ගල් ගැහුණේ මහිම ලියලා තිබුණු ආමන්ත්‍රණේ දැකලා. මීට් වෙන්න කලින් ලිව්ව ලියුමක මන්දහාසි නැතුව විශ්මි කියලා තිබුණේ කොහොමද කියන
සැකෙත් එක්ක මං ඉතුරු ටික කියවන්න පටන් ගත්තා.
'හරි ඉතින් දැන් ඇස් දෙක නළලේ තියාගෙන හිටියා ඔය මදැයි. දැන් අර බෑග් එකේ දම් පාට ලොකු රැපින් එකෙන් රැප් කරලා තියෙන තෑග්ග දිග ඇරලා බලලා ඉන්නකෝ. ප්‍රශ්නෙට විසඳුම එතන ඇති. ' මහිම කොහොම කිව්වත් ඇස් නළලේ තියාගෙනම මං බෑග් එකෙන් ඒ පාර්සලේ අරගෙන හිමින් දිග ඇරියා. මගේ නැති වුණ ඩයරිය? මං අලවලා තිබුණු එකම එක ස්ටිකර් එකක්වත් අඩු නැතුව,නැති වෙද්දී තිබුණු විදියටම මගේ ඩයරි එක තිබුණා. ඒත් ඒක කොහොමද මහිම අතට ගියේ කියලා දැනගන්න තිබුණු කුතුහලේ නිසාම මං අයෙත් ලියුමට එබුණා. මටත් නොදැනිම මුළු ලියුම පුරාම දුවන්න දඟලන ඇස් බොහොම අමාරුවෙන් එක්තැන් කරගෙන මං නවත්තපු තැනින්ම කියවන්න පටන් ගත්තා.
'ඔයාගේ නැති වුණු ඩයරිය. මන්දහාසි වගේම මාත් හොඳ නළුවෙක් තමයි හරිය. දැන් හිතනවා නේද මේක කොහෙන්ද මට කියලා? ඔන්න එහෙනම් ඉස්සෙල්ලම කිව්වා සොරි කියලා. මං ඕක හොරකම් කරා. ඔයා කොහේහරි ගිහින් හිටිය දවසක මං ඔයාලගේ දිහා ආවේ මධූ අයියව හම්බවෙන්න. ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වගයක් කරන්න නෙට් යූස් කරන්න ඕනේ වුණත් මධූ අයියගේ ලැප් එකේ අවුලක් නිසා අපි ඔයාගේ කම්පියුටර් එකෙන් නෙට් ගියා කියමුකෝ. ටික වෙලාවකින් ටී ෂර්ට් ඩිසයින් එකක් ඇඳගන්න කොලයක් හොයන්න මං ඔයාගේ පොත් රාක්කෙ අවුස්සනකොට ඔයාගේ ඩයරි එක මෙසේ උඩට වැටුණා. කාගේවත් ඩයරි එකක් බලන්න උවමනාවක් නැති වුණත් ස්ටිකර් තොගයක් අස්සේ මන්දහාසි කියලා තියෙනවා දැකලා මං ඩිම් වුණා. ඒ කුතුහලේ නිසාම මධූ අයියා එහා මෙහා වෙනකන් ඉඳල ඩයරිය ඉස්සුවා.' හප්පේ ඒ ටික දැක්කම මට හුස්ම ගන්නත් අමතක වුණා.. ඩයරිය නැති වුණු එකට මං සැක කරේ අපේ අයියව. මහිම කියලා නම් හීනෙකින්වත් හිතුවේ නෑ. බලාගෙන ගියාම මේ තරු ඇස් ඇති කුමාරයත් හොඳ නළුවෙක් තමයි. හැමදෙයක්ම දැනගෙනත් බබා වගේ හිටිය හැටි. ඒ ගැන හිතනකොට නම් මට දැනුනේ පොළොව පලාගෙන යන්න තරමට ලැජ්ජාවක්.
'ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ මං ඔයාගේ මුළු ඩයරි එකම කියෙව්වා. තරහ නෑනේ මාත් එක්ක? තරහ වුණත් දැන් ඉතින් කරන්න දෙයක් නෑ හොඳේ. මේ, ඒක නෙමෙයි මොනවද අර මං ගැන ලියල තියෙන්නේ ආ?? හප්පේ මට ඒවා දැකලා ලජ්ජා හිතුනා අප්පා. සිරාවට මගේ හිනාව ලස්සනයිද? අම්මප මට කවදාවත් එහෙම හිතිලා නෑනේ. ඒ මදිවට ඇස් දෙකත් ලස්සනයිලු. කවුරුත් මං ගැන ඔහොම කිව්වමද කොහෙද. ලැජ්ජාවේ පණ යනවා.' ඒ වෙලාවේ මහිමට වඩා ලජ්ජා හිතුණේ මට.
'විශ්මි, යාලුවොත් එක්ක සමනලියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ඔයාව මං ඉස්සර ඉඳන්ම ක්ලාස් එකේදී දැකලා තියෙනවා. ඒත් ඔයා මාව දැක්කේ අන්තිම දවසේ කියන එක නම් මට විශ්වාස කරන්න බෑ ඇත්තටම. සමහරවිට ඔයාට මාව විශේෂයෙන් පේන්න ඇත්තේ එදා වෙන්න ඇති.' ඇත්තටම මට ඒ ගැන ඉස්සෙල්ලම හිතුණේ ලියුම කියවද්දී. මං මහිමව කලින් දැකලා නැති වෙන්න බෑ. මට විශේෂයක් නොවෙන්න ඇති. 'එදා ක්ලාස් එකේදී ඔයා මං දිහා කීප සැරයක්ම බලනවා දැකලා අපේ උන් මාව කෑවේ නැති එක විතරයි. මාත් නොදැක්කා නෙමෙයි, මාත් දැක්කා.... ඒත් මට ඔයාව විශේෂයක් වුණා කියලා බොරුවක් කියන්න තරම් මං ආත්මාර්ථකාමී කොල්ලෙක් නෙමෙයි විශ්. ඒ වෙලාවේ ඇත්තටම ඔයාව මට විශේෂයක් වුණේ නෑ.' නොසන්සුන් සිතිවිලි නිසා එක පාරටම හිත හිරි වැටුණා කියලා මට තේරුණත් මහිම අවංකව කිව්ව කතාව ගැන හිතේ ඇති වුණේ පැහැදීමක්. ගෑනු ළමයි කීපදෙනේක්ගෙම අවධානයට ලක්වෙන ඉලන්දාරියෙක් වුණු මහිමට මාව විශේෂ නොවුණු එක පුදුමයක් නෙමෙයි.
'ඒත් එදා හවස, ඔයා මධූ අයියත් එක්ක බයික් එකේ නැගල යනවා දකිනකොට ඔයා දිහා නොබලා අහක බලාගෙන හිටියේ ආඩම්බරකමකට නෙමෙයි.ඉරිසියාවක්ද මොකද්ද මන්ද එක පාරටම හිතට දැනුණා නිසයි. ඒත් පහු වෙනිදා ඔයා මධූ අයියගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි නංගි කියලා දැනගත්තම හිතට සැහැල්ලුවක් දැනුණා. ඒ සතුටට විසිල් එකක් ගැහුවමනේ නපුරිච්චි වගේ මට බැන්නේ. මතකද?' දෙයියනේ ඒ දේවල් කොහොම අමතක කරන්නද.. හවස මීට් වෙලා ගියාට පස්සේ මහිමගෙන් තම මිස් කෝල් එකක්වත් නෑ. මං තිබ්බෙත් නෑ. ෆෝන් එක අතට අරගෙන කෝල් කරන්නත් හදලා ඉතුරු ටිකත් කියවලාම කෝල් කරන්න තීරණේ කරා.
'ඊටපස්සේ මං ඔයාලගේ ගෙදර ආව ගිය දවස් වලයි, අපේ කට්ටියව දැක්ක ගමන් හොරෙන් හොරෙන් ඔයා මාව හොයනවා මට නොතේරුණා නෙමෙයි විශ්මි. ඒත් මං පුළුවන් තරම් ඔය ඇස් මග ඇරලා ඉන්න උත්සාහ කරා. ඒ මධූ අයියා නිසා. මං ඔයාගේ අයියට ගොඩක් ගරු කරන නිසා. ඔයාට මතක ඇතිනේ දවසක් අයියා අපි දෙන්න දිහා අමුතු විදියට බැලුව හැටි. මට එයාගේ විශ්වසේ නැති කරගන්න ඕනේ කමක් තිබුනේ නෑ.. අර දවසක් ඔයා හැදුව තේකක් බීල හැමෝම රසයි කිව්වත්, මං මුකුත් නොකිය පාඩුවේ හිටියේ මගේ නපුරුකමට කියලා ඔයා ලියල තිබුණා. නෑ විශ්මි, මං නපුරු නෑ. නිකරුනේ ඔයාටත් බලාපොරොත්තු දීලා මාත් බලාපොරොත්තු තියාගන්න මං බය වුණා'
'ඒත් පස්සේ ඉතින් කට්ටිය එකතු වෙලා මගේ නම්බර් එක හොයාගෙන මං ගැන හොයන්න ගහපු ප්ලෑන් එක නම් නියමයි හොඳේ.. ඒ වැඩේ නම් මගේ හිතට ඇල්ලුවා සිරාවටම' හප්පේ... මං හිතුවේ මහිමට ඒකට තරහ ගිහින් ඇති කියලා. 'මට අහු නොවුණා නම් තවත් නියමයි. දැන් ඒ හොයාගත්ත විදියට මං හොඳයි ද?'
'ඔයා තහනම් කරපු මාතෘකාව ගැන කතා කරන්න මට දැන්වත් අවසරද මැඩම්?? නැති වුණත් කරන්න දෙයක් නෑ ඉතින්. ඔයා මට ආදරෙයි විශ්මි. මං ඒක දන්නවා. මට ඒක දැනෙනවා. ඒත් කෙලින් ඒ ගැන මට කියන්න තරම් ඔයා ශක්තිමත් නෑ කියලත් මං දන්නවා. ඒ නිසයි මං මන්දහාසිට ආදරෙයි කිව්වේ. අවංකවම මං හිතුවේ ඔයා මට පැනපු ගමන් කැමති වෙයි, ඊට පස්සේ ඇත්ත කියයි කියලයි. ඒත් පස්සේ තේරුණා මං වැරදි කියලා. ඔයාගේ ආදරේ ඒ තරම් පහත තත්වෙකට දාන්න තරම් ඔයා මෝඩ කෙල්ලෙක් නෙමෙයි කියලා මං දැනගත්තා. ඒ ගතිගුණේට මං ආදරෙයි ඇත්තටම.'මගේ හිතේ ඇති වුණු හැගීම කියන්න මට වචන නෑ. සතුට වැඩිකමට ඇස් වල කඳුළු පිරුණා.
'විශ්මි... මං ආදරෙයි ඔයාට. හැගීමකට වහල් වෙලා තාවකාලික සැනසීමක් හොයන්න නෙමෙයි. ජීවිත කාලෙම පරිස්සම් කරලා තියාගන්න පුළුවන් ආදරයක් ඔයාට දෙන්න මට පුළුවන්. හැමදාමත් ලඟින් ඉඳන් මට ආදරේ දෙන්න ඔයාට පුලුවන්ද? මොනම ප්‍රශ්නේ ආවත් දාල දුවන්නේ නැතුව, ප්‍රශ්න වලට මාත් එක්කම විසඳුම් හොයන්න, මට ශක්තියක් වෙන්න ඔයාට පුලුවන්ද? ඔයාට එහෙම පුළුවන් නම් මට ඔයාගේ ආදරේ දෙන්න විශ්මි. මට මාව විශ්වාසයි. ඔයාට ඔයාව විශ්වාසද? ඔයාගේ ආදරේ විශ්වාසද?' මට මාව විශ්වාසද? මං මගෙන්ම ඒ ප්‍රශ්නේ ඇහුවා.
'මේ ලියුම කියවලා ඉවර වුණාම මට උත්තරයක් ඕනෙමයි හොඳද... එක්කෝ 'හා' නැත්තන් 'බෑ' දෙපැත්තට වැනෙන්න බෑ කෙලින් උත්තරයක් ඕනේ මට. අනිත් එක....... මං හැමදාම දකින්න ආසයි නිදහසේ, කැටයම් නැති චාම් විදියට ජීවත් වුණු විශ්මිව. ඔයාගේ පුංචි, අහිංසක හිත සංකීර්ණ විකාරයක් කරගන්න එපා පැටියෝ. එහෙම කෙල්ලොන්ව මට පේන්න බෑ.'
'බුදු සරණයි වස්තුවේ. පරිස්සමට ඉන්න. පිළිතුරු බලාපොරොත්තුවෙන් පසු වෙන අහිංසක කොල්ලෙක්මි.. :*** ;)' ලියුම කියවලා ඉවර වෙලා මං විනාඩි දහයක් විතර කොට්ටෙට මුණ ඔබාගෙන අඬන්න ඇති. අන්තිමේදී මුළු දුකම හෝදගෙන ගිහින් ඉතුරු වුණේ මගේ ආදරේ සතුට විතරමයි. හිත ඉල්ලන දෙයල් ලැබෙන කෙනෙක් කොයි තරම් නම් වාසනාවන්ත ද? මාත් වාසනාවන්තියක් කියලා දැනෙනකොට හිතේ ඇති වෙන්නේ අහිංසක ආඩම්බරයක්. ඒ හුරතල් හිනාවේ, තරු ඇස් වල අයිතිකාරයා මගේම විතරයි කියලා හිතෙනකොට හිතට දැනෙන ආඩම්බරේ ලෝබකම වෙන්නත් ඇති.. ඒත්........ මං කැමතියි ඒ ලෝබකමට.
මං ෆෝන් එක අතට ගත්තේ මහිමට කතා කරන්න හිතාගෙන. ඔයාල හිතන්නේ මං මහිමට මොනවා කියන්න ඇති කියලද? හා?? බෑ?? ඒ දෙකම නෙමෙයි.
'මහිම, ඔයාට වගේම මටත් මාව විශ්වාසයි. මගේ ආදරේ විශ්වාසයි.'
~නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා~
_______________________________________________________
ඔය තියෙන්නේ මම හිතුව විදියටම..... හැමදාමත් වගේ ගොඩාක් ලස්සන අවසානයක්..... සුබ පැතුම්....
ReplyDeleteගොඩාක් ස්තුතියි යාලුවා.. :)
Deleteවිශ්මිට කෙසේ වෙතත් මට නම් ඇඬුණ නගෝ.. සතුටින් නිමා වූ කතාවක්... හරිම ලස්සනයි...:)
ReplyDeleteඅක්කිට ඇඬුණ කියන්නේ මං සාර්ථකයි කියන එක.. හි හි.. ගොඩාරියක් ස්තුතියි.. :))
Deletehonda awasanayak...lassanyi nangi.
ReplyDeleteගොඩක් ස්තුතියි ලොකු අයියා!
Deleteසතුටින් නිමා වූ කතාවක්... සරලවම කිව්වොත් එලම එළ....
ReplyDelete/* විශ්මි... මං ආදරෙයි ඔයාට. හැගීමකට වහල් වෙලා තාවකාලික සැනසීමක් හොයන්න නෙමෙයි. */
මේ ටිකට නෝටියා පට්ටම ලයික්
තැන්කූ නෝටි... :D
Deleteමේ කතාවනම් පොතක් ගහලා පබ්ලිෂ් කරන්න හොඳයි...මොකද කියන්නේ? කරමුද :)
ReplyDeleteවිශ්මි ට මහිම ලැබුනා වගේ අයිස්ටත් ඉක්මනින්ම මහිම කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ඇත්තටම නංගා මේ කතාවට මමත් හරිම ආදරෙයි..ඒ තරම්ම ලස්සනට, තාත්වික විදියට ඔයා ඒක ලිව්වා... "හොර පූසී, වස්තුවේ" වගේ වචන මටත් හරිම හුරු පුරුදුයි..ඒ නිසාම වෙන්න ඇති මේක මෙච්චරම හිතට ඇල්ලුවේ...:)
හි හි... සයුරි අක්කිත් මාර කතා තමා කියන්නේ.. බලමුකෝ හොඳේ... ඩවුන්ලෝඩ් කරගන්න විදියට හදන්න විතරයි හිතාගෙන ඉන්නේ නම්..
Deleteඅක්කිගෙ ප්‍රාර්ථනාවටත් තෑන්ක් යූ හොඳේ!
ගොඩක් ස්තුතියි අක්කියෝ.. මේ කතාව ඉවර වෙනකන්ම මාත් එක්ක හිටියට ගොඩක්ම ස්තුතියි.. :DD
විශ්වාස කරන්න අක්කෝ ඇත්තටම කඳුලු පිරුණා හි හි මමත් මම ලියපු මුල්ම ලියුම පටන් ගත්තේ ඕලෙවල් වල සිංහල පේපර් එකට ලියුම ලිව්වට පස්සේ කියලා.... මේ කතාව සෑහෙන්න තාත්විකයි අප්පා මට හිතෙන්නෙම මේක ඇත්ත කියලා නැත්තම් කොහොමෙයි මෙහෙම ලස්සන ලව් ලෙටර් එකකුත් ලියවෙන්නේ කෙල්ලෙක් අතින් සිරාවට කොල්ලෙක්ම ලිව්වා වගේ????
ReplyDeleteසෑහෙන්න ලස්සනයි නියම අවසානයක්..... ඒ කොරලත් දැම්මනේ ඇඩ් එකක් දැන් ඉතින් බලන් හිටහංකෝ පසුවදන එනකන් ඔයා හොඳයි මාකටිං කරන්න ජය වේවා...
ආ සුභ වැල-ඉන්-ටයිමක් වේවා(සැමා අයියා කියන පරිදි)
කඳුළු පිරුණා නම් එළම තමා... හි හි...
Deleteකොල්ලෝ ගැන හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා නම් එක හෙන සිම්පල් වැඩක් හලේ... හික් ..
පසුවදනෙන් මං ලියන්න ඉන්නේ නම් මං ඇයි මේ කතාව ලිව්වේ සහ ඇත්ත නැත්ත ගැන.. එතකොට බලමුකෝ ඇත්ත කතාවක්ද කියල හොඳේ..
කතාව මගදී කියවන්න එකතු වුණත් ආයෙත් මුල ඉඳන්ම ගිහින් කියවගෙන ආපු අයගෙන් කෙනෙක් ඔයත් ඒ කැපකිරීමට ගොඩක් ස්තුතියි.. :D
ඔන්න කවුරුත් බලාපොරොත්තු උන අවසානයක් :))
ReplyDeleteඔව් අයියේ.. නැත්තන් ඉතින් වසලා හමාරයි.. :D
Deleteලස්සන අවසානයක්....හෙ.හේ මම ගිය පාර කොටසෙ කිව්ව නේද ඔය ලෙටර් එක මොකක්ද කියල? මම හරිනෙ නේද?
ReplyDeleteහරි නේන්නම්! මොකෝ කියන්නේ පටන් ගමුද පේන කියන්න?? හි හි.. ගොඩක් ස්තුතියි කිරිල්ලී.. :D
Deleteසිරා නංගි, මාරයි ලස්සන අවසානයක් පට්ටයි :)
ReplyDeleteහිතපු විදියෙම හොද අවසානයක්.
මම හිතුවා ඩයරිය උස්සන්න ඇත්තේ ඕකා තමා කියලා.
ගොඩාක් ස්තුතියි අයියේ!
Deleteමුල ඉඳලම කතාව කියවපු කෙනෙක් නෙ ඔයත්... මුල ඉඳන්ම මාත් එක්ක හිටියට ගොඩාක් ස්තුතියි! :D
mama kiyawapu lassanama kathawa ICE :D :D
ReplyDeletematath liuma kiyawanakota adunada manda
ගොඩාරියක් ස්තුතියි.. :DD
Deleteකෙනෙක්ගේ දුකක් කියවලා (බ්ලොග් පොස්ට්) මම අඩලා තියනවා.. එත් ඇත්තටම මට හිතාගන්න බැ ඇයි මට අදත් ඇඩුනේ කියාලා....
ReplyDeleteආදරේ දැනුන නිසා වෙන්න ඇති..
ආදරණිය අවසානයක්.. කිවට ආදරණිය ඇරබුමක් නේද ?
අනිවාර්යෙන්ම..... ස්තුතියි අයියා! :DD
DeleteAkke man masa ganak blogs kiyeuvata meka thamai mage 1st comment eka.
ReplyDeleteThis is great. Api hithapu vidiyata kathava ivara una. E velave danuna sathuta hariyata mage kathava sathutin ivara una vage. I felt that this is my story :) ow mage eka vagemai :)
Thavath me vage lassana katha liyanna akkata puluvan venna kiyala man wish karanava.
HAPPY VALENTINE DAY FOR EVERYONE
Mama - Mandahasi vagema samanaliyek vage danga punchi kellek.
අදහස් දැනගන්න අවශ්‍යම වෙලාවක ඔයාගේ පළවෙනි කමෙන්ට් එක දැම්මට ගොඩාක් ස්තුතියි නංගා..
Deleteගොඩාක් ස්තුතියි! :DD
Akke mama thamai oya kalin inna anonymous. Man me kiyana kathava aththama aththa. Mage story eka nam me vidiyatama ivara une(aluthen patan gaththe) 14 venidata passe. 1st comment eka danakota e sithuvilla hithe thiyan duken hitiye. Man nohithapu vidiyata man hithin adare karapu yaluvage adare mata labuna. Eyath oya kathave vagema hama deyakma danagena mata nokiya mata adare karala. Eth 17 th of February thamai mata eka kivve.
DeleteSo man dan hariiiima sathutin inne. Man eda kivva vage meka magema kathava una :)
අනේ කොයි තරම් නම් හොඳද... ගොඩාක් සතුටුයි නංගියෝ ඔයාගේ කතාව අහලා... මගෙන් සුබපැතුම්! :DD හැමදාමත් ආදරෙන් ඉන්න. :))
Deleteලස්සනට අවසානයක් නගේ..
ReplyDeleteතවත් මේ වගේ කතා ගොඩක් ලියන්න සුභ පැතුම්..!
ගොඩාරියක් ස්තුතියි රූ අක්කියෝ.. :DD
Deleteඅක්කේ මහීමමන්දහාසී ගොඩාක් ලස්සනයි. මන් කියවපු ලස්සනම අහින්සකම කතාව තමයි මේ.......... හැමදාමත් ලස්සනට ලියන්න අක්කියො...
ReplyDeleteඔයාගේ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි! :DD
Deleteඅයියෝ අපරාදේ ඉවර උනේ.මට හිතුනා ඔයා අදම කතාව දායි කියලා.ඒකයි වැඩ ගොඩක් අස්සේ බලලා යන්න ආවේ.කියන්න වචන නෑ අයිස්.නියමයි කියන්නේ පට්ට නියමයි.ඕකයි මම කියන්නේ හොරෙන් වැඩක් කළොත් අතේ කෝට් වෙන වෙලාවක් තියෙනවා කියලා.
ReplyDeleteමේකෙ දෙවන සීරීස් එකකුත් පටන් ගන්නවා නේද?(අයියෝ නෑ කියන්න නම් එපා.)
By the way where's the treat?:D
අවසානය අනුව අපි එහෙම එකක් ඉල්ලන එක සාධාරණයිනේ?
සුභ පැතුම් නංගියෝ!
හප්පේ ට්‍රීට් ඉල්ලන්න ඕනේ විශ්මිගෙන් නෙ අනේ... හි හි..
Deleteගොඩාක් ස්තූතියි මිතුරු කතාව ඉවර වෙනකන්ම මාත් එක්ක හිටියට...
මේ කතාවේ දෙවෙනි සීරියස් එකක් නම් ලියන්න අදහසක් නෑ අනේ.. එතකොට බෝරින්ග් වෙයි නෙ.. :DD
ෂා ආදරවන්තයින්ගේ දවසේ ආදරෙන්ම කථාව ඉවරකරලා.....එළ...
ReplyDeleteතැන්කූ බණ්ඩාර අයියා! :DD
Deleteලස්සන අවසානයක්..ආදෙරේ කරන අය ප්‍රාර්ථනා කරන අවසානයක්..සුභ පතුම්..ආයෙත් අලුත් කතාවක් ලියමු.. :-)
ReplyDeleteඅලුත් කතාවක් ලියමු.. එත් දැන්ම නෙමේ හොඳේ.. හි හි..
Deleteගොඩාක් ස්තූතියි සිත්රූ! :DD
ආදරබර අවසානයක් ....... ඇත්ත කතාවක් වගේ .....සුබ පැතුම් ..
ReplyDeleteපසුවදනකින් දැනගමුකො ඇත්ත නැත්ත.. හි හි..
Deleteගොඩක් ස්තූතියි සම්මානි! :DD
aneeeeeeeeeeee harima lassanay end eke :) mate nam nikan dukay wage appa,, thawe kotesak dekak thibba nam?? anik eke man hithuwa vish akki valentines dawesate post eke day kiyala ;) man hari ne :D thawe aluth kathawak liyamu hode :) take care ahhh by the way WISH YOU A VERY HAPPY VALENTINES' DAY !!!!
ReplyDeleteතව කොටස් දෙකක් තිබ්බා නම්? හික් හික්... ඕනෙවට වඩා කතාව දික් කරාම එපා වෙනවනේ නගෝ. ඒ නිසා හිතාගෙන හිටිය විදියටම කතාව ඉවර කරා.. :)
Deleteඅලුත් කතාවක් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ නගෝ.. එත් දැන්ම නෙමෙයි..
ගොඩාක් ස්තූතියි මාත් එක්ක හිටියට.. :D
ලස්සන අවසානයක්.. ඒ එක්කම නව ඇරඹුමක්.. අර කිව්වත් ඔයා නම් හොඳ මාකටින් කරන්න.. ඒවගේම මේ නම් ඇත්ත කතාවක්ද වෙන්න ඕනේ. අද නියම දවසක ඔයා කතාව පබ්ලිෂ් කරේ.. තවත් ලියන්න සුභපැතුම්...
ReplyDeleteහික් හික්.... කතාවේ ඇත්ත නැත්ත පසුවදනින් ලියන්නම් අයියා.
Deleteගොඩාක් ස්තූතියි! :DD
ලස්සනට කතාව ඉවර කරලා නංගි...මං දෙපාරක් කියෙව්වා.නියමම දවසක කතාව දාලත් තියෙන්නෙ.
ReplyDeleteතව කතාවක් ලියමු...
ගොඩාක් ස්තූතියි නිසූ අක්කියෝ.. මේ මගේ වැලන්ටයින් තෑග්ග.. හික් හික්..
Deleteලියමු ලියමු! :DD
නගෝ කියන්න වචන නැහැ.. ඇත්තටම හරිම ලස්සනයි.. ඒ ආදරේ හැමදාටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteගොඩාරියක් ස්තූතියි අක්කෝ මෙච්චර කල් මාත් එක්ක හිටියට.. :DD
Deleteඔන්න... මමත් මේ ඇස් දෙක උඩ තියාගෙන කථාව බැලුවේ.. ඇග පුරාම වෙවුලිල්ලක් ගියා මහිමගේ ලියුම දැක්කම.. හම්මෝ... මරු... හරිම ලස්සනයි නංගියෝ.. ඕක ඇත්තටම වුන දෙයක් නම්... ඒ කවුරු වුනත් සුභ පතනවා හදවතින්ම..
ReplyDeleteහලේ... ඉරිසියයි අප්පා... :P :D ;) <3
හලේ...... මටත් ඉරිසියයි අෆ්ෆා... හි හි.. ගොඩාරියක් ස්තූතියි ප්‍රාර්ථනා අක්කියෝ.. ඔයාගේ කතාවත් හරිම ලස්සනයි.. :DD
Deleteඅවසාන කොටස දැක්කාම කියවන්නම හිතුනා..:D
ReplyDelete// (ශිෂ්‍යත්ව පන්තියේදී ලියුමක් ලිව්වට පස්සේ මේ ලියුමක් ලියනවමද කොහෙද.. වැරදි ඇති,ගණන් ගන්න එපා හොඳේ. අනික අකුරු කැතයි කියන්නත් එපා හරිද.)'//
මෙන්න මෙතන මට සෑහෙන පුරුදු බවක් දැනුනා. මම හුඟාක් ආදරේ කරපු කෙනෙක් දුන්නු මුල්ම ලියුමෙත් උඩින් ඔහොම් තිබුනා..
මම කතව මැද කියවන්න ඕනෙ..ඒත් මේ අවසානයට මම ආසයි..පුදුම තාත්විකයි..මේක ඇත්ත කතවක් වෙන්න ඕනෙ..
anyway,සුභ පතනවා හදවතින්ම... ජය වේවා!!
දැන් ඉතින් හිතු අක්කා අවසානය දන්න නිසා රිලැක්ස් එකේ කතාව කියාවත් හැකි..
Deleteමේ කතාවේ සමහර තැන් කියවන අයට ගොඩක් සමීප වෙලා තියෙන හැඩයි..;)
පසුවදනකින් මේ ප්ලොට් එක ගැන කියන්නම් අක්කියෝ..
ගොඩාරියක් ස්තූතියි ඔයාට.. :DD
ලස්සන අවසානයක්...
ReplyDeleteඅනිවා! ගොඩක් ස්තූතියි.. :DD
Deleteහ්ම්.. ලස්සනයි ..
ReplyDeleteගොඩක් ස්තූතියි.. :DD
Deleteස්තුතී මෙහෙම ඉවර කලාට !!
ReplyDeleteහික් හික්.. ඔයාටත් ස්තූතියි! :DD
Deleteසුපිරි අවසානයක් !!!
ReplyDeleteලස්සනයි ලස්සනයි !
දැන් තමයි කතාව පටන් ගන්නේ !!! පසු වදනින් අපිට මහිමවයි මන්දහාසි ! ආහ් නෑ. විශ්මිවයි හම්බ වෙයි නේ ??
ගොඩාක් ස්තූතියි මධු අයියා!
Deleteකතාව ඉවර වෙනකන්ම මට දිරි දුන්නට ගොඩාක්ම ස්තූතියි!
හ්ම්.... පසු වදනින් මං ලියන්න බලාපොරොත්තු වෙන්නේ මට මේ ප්ලොට් එක ආව හැටි ගැන විතරයි හලේ.. :)
මේක මාරයිනෙ.......අනේ නංගි තව රස කතාවක් ලියන්නකො......
ReplyDeleteස්තූතියි!
Deleteමන්චි මිල්ක් ෂෝර්ට් කේක් වගේ ද?? :PP
මිල්ක් ෂෝට් කේක් තියේද??
Deleteඔය තියෙන්නේ ගින්දර වගේ.. අපිට තව එකක් ඕනි.
ReplyDeleteස්තූතියි අයියා!
Deleteලියමු තව ටික කාලෙකින් හොඳේ. :DD
ලස්සන අවසානයක්... නැද්ද අදහසක් තවත් එකක් ලියන්න...?
ReplyDeleteස්තූතියි මියුරු අක්කෝ!
Deleteඅදහසක් නම් තියෙනවා.. එත් තාම කතාවකට ප්ලොට් එකක් පහලවී නැත. :DD
yahooo මං කිව්වෙ ඔය හොල ගෙඩියා තමයි විශ්ගෙ ඩයරිය ගෙනියන්න ඇත්තෙ කියලා.. :D මැද සිට බ්ලොග් අවකාශයට එකතු වුණත් ආයෙමත් මුලට ගිහින් ආසාවෙන් කියෙව්ව කතාවක්.. ඒ වගේම මං දැක්කා නංගා ලියලා තියෙන්නෙ වෙනස්ම විදිහක්.. විශ්ගෙ සම්පූර්ණ නම එන හැටි එහෙම.. හරිම අපූරුවට ගලපලා තිබුණා ඒ අවස්ථාව.. :)
ReplyDeleteපසුවදනත් බලාගෙන ඉන්නවා නගේ.. ඒ වගේම තව තවත් නිර්මාණ යුනිකේත හරහා අප අතරට ගේන්න.. හදවතින්ම සුබ පැතුම්..!!!
මුල ඉඳන්ම කතාව කියවන්න මහන්සි වුණාට ගොඩාක් ස්තූතියි නන්දු අක්කියෝ..
Deleteපසුවදන සුට්ටක් විතර පරක්කුවෙයි හලේ..
අක්කිගෙ අදහස් වලට වගේම සුබ පැතුම් වලටත් ගොඩාරියක් ස්තූතියි.. :DD
පුංචි අවුලක් නංගෝ....විශ්මිට එයාගේ ආදරේ ලැබුණා වගේම මහිමත් කෙල්ලට ආදරෙයි... ඒත් දෙන්නගේ අනාගතේට මොකක් වෙයිද? විශ්මිගෙ අයියා, අම්මා, තාත්තා... මහිමගේ පැත්තෙන් ..... හයියෝ.......ප්‍රශ්න ගොඩයි.., මට නම් විකාරයි වගේ...... පසුවදනක් නම් ඕනමයි නංගෝ......
ReplyDeleteThilini..
හලේ තිලිණි අක්කියෝ , මං පසුවදනින් කියන්න ලෑස්ති වෙන්නේ මේ කතාව ලියන්න ආව අදහස ගැන විතරයි නෙ... :D
Deleteඒ ආදරේ ගැන මුළු කතාවම ලිව්වොත් බෝරින්ග් වෙයි කියල හිතෙනවා මට. :DD
අම්මටඋඩු අවසානයි ප්‍රේමාදරේද ????????
ReplyDeleteකෝ ඉතුරු ටික,ගෙවල් වලට හොරෙන් ලව් කරන ඒවා,
අයියට හොරෙන් රවුන් ගහන ඒවා,
හැම අවුලකින් පස්සෙම බඳින ඒවා,
බැන්දට පස්සෙ........,,,.නෑ එව්ව ඕනෙ නෑ,
බඳින කං වත් ලිවුවනම් මරු.
ඒ මොනා වුනත් කතාව නම් මල් 7යි ඈ....
හප්පේ ඒ ඔක්කොම ලිව්වොත් එහෙම අර සිරසේ ගිය මහගෙදරටත් අන්ත මෙගා වෙයිනෙ මේ කතාව.. හික් හික්..
Deleteගොඩාරියක් ස්තූතියි යාලුවා! :DD
This comment has been removed by the author.
ReplyDeletehmmm...hama kathawakma me wage aadaraneeya widihata iwara wenawanam... ela ela ice.. lassana kathawak dunnata godak pin.. digatama liyanna.. aluth kathawak langadima liyai kiyala balaporotthu wenawa.. good luck..
ReplyDeleteහැමෝම මහිමයි, විශ්මියි තරම්ම වාසනාවන්ත නම් නෑ තමයි..
Deleteකතාවේ මුල ඉඳන්ම කියවන්න එකතු වුණාට ඔයාට ගොඩක්ම ස්තූතියි ඉසුරු!
අලුත් කතාවක් ලියන්න නම් අදහසක් තියෙනවා. ඒත් දැන්ම නම් නෙමෙයි හොඳේ.. :DD
Akke mama kalin inna anonymous(man dapu 1st comment eka . Man me kiyana kathava aththama aththa. Mage story eka nam me vidiyatama ivara une(aluthen patan gaththe) 14 venidata passe. 1st comment eka danakota e sithuvilla hithe thiyan duken hitiye. Man nohithapu vidiyata man hithin adare karapu yaluvage adare mata labuna. Eyath oya kathave vagema hama deyakma danagena mata nokiya mata adare karala. Eth 17 th of February thamai mata eka kivve.
ReplyDeleteSo man dan hariiiima sathutin inne. Man eda kivva vage meka magema kathava una :)
This comment has been removed by the author.
Deleteඅද මාර්තු 1...............පසුවදන එනකන් බලාගෙන ඉදිමි............බුකියේ පින්තූර වලට අනුව පෙනීගියේ අයිස් කොළඹ පැමිණ ඇති බවකි.....
ReplyDeleteඉක්මනට දාපියෝ.......
මාත් මේ කියන්නමයි හිටියේ...දැම්මේ නැත්නම් බලාගමු හරීද???? :-ෂ්
Delete@ගැමියා : ඔව් නේ හලේ, අපේ කොන්වොකේෂන් එක තිබුණනේ... පසු වදනත් ලිව්වෝ.. පසුවදන
Delete@සයුරි අක්කි : අනේ සමාවෙන්නෝ.... පසුවදන ලිව්වෝ...:D
අයේෂා නංගී මට සමාවෙන්න ඕන.. මොකක් හරි හේතුවකින් මට මේ අවසානය මිස් වෙලා.. අද ඔයා ෆේස්බුක් එකේ පසුවදන ලියනවා කිවුවමයි මම මේ තකහනියක් දුවලා ආවේ..
ReplyDeleteපහුගිය කොටස් වලට කමෙන්ට් නොදැම්මට මම කතාව කියෙවුවා නංගියේ.. ඇත්තටම හරිම අපූරුයි.. ඔයා මේ දීලා තියෙන අවසානයත් නියමයි.. තවත් කතාවක් ලියාවි කියලා බලාපොරොත්තු වෙනවා..
අනේ ඒකට කමක් නෑ අයියේ... අයියා මෙච්චර කල් දුන්නු සහයෝගයට ගොඩාක් ස්තුතියි.. තවත් කතාවක් ලියමු.. :D
Delete