Friday, January 13

~මහිම මන්දහාසි~ 19වන කොටස

   අනේ මහිමගෙන් ඒ ගැන ඇහුවේ අපරාදේ කියල මට හිතුනේ ඇහුවට පස්සේ. එයා මොන විදියේ උත්තරයක් දෙයිද? මොන විදියේ උත්තරයක් හම්බවුණත් මට කඩා වැටෙන්න සිද්ද වෙනවා කියල මට තේරුණා. නොතේරෙන අමුතුම විදියේ අද්භූත හැගීමකින් මුළු හිතම පිරිලා තිබුනත් බස් එකෙන් බහිනකන් ඒ ගැන මුකුත් කරන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. විකාර විදියට බස් එකේ කලබල වෙලා හැසිරුනොත් කොහෙන් නමුත් ගෙදරට පණිවිඩේ යනවා කියල මං දන්නේ අත්දැකීමෙන්. මොකද මේ බස් වල යන්නෙම ගමේ අබිලිං හාමිනේලා.


    මහිම ඊළඟ මැසේජ් එක එවනකන් මගේ හිත තිබුණේ ගිනි කබලක් උඩ. දැන් එවයි, දැන් එවයි කියල බලාගෙන හිටිය මැසේජ් එක එන්න විනාඩි 10 ක් විතර පරක්කු වුණා. ඇයි පරක්කු කියල අහන්න ඕනේ කම තිබුණත් මොකටද නිකන් ඇදගෙන නාන්නේ කියල හිතුන නිසා එයම මැසේජ් එක එවනකන් පාඩුවේ හිටියා.


                                                       '1 message received'


     ස්ටෑන්ඩර්ඩ් මැසේජ් ටෝන් එකත් එක්ක ෆෝන් එකේ ස්ක්‍රීන් එක සරසපු ඒ වචන පේළිය දැක්කම හිතේ ඇති වුණු හැගීම විස්තර කරන්න මට වචන නෑ. දෙමෝලෙන්  පිටි කොටනවා වගේ හිතේ ගැස්මත් එක්කම මං මැසේජ් එක ඕපන් කරා.


    'Man dan oyata call karannda Hasi??' 


    මෙයා මේ මගුලක් කතා කරනවා අහපු ප්‍රශ්නෙට උත්තර නොදී. මට තරහකුත් ආවා. මේ බස් එකේ සෙනග අස්සේ කෝල් කරතහැකියැ. අනික මං මහිමට කියල තියෙන්නේ මං ඉන්නේ දිගනේ කියලා. මේ කොන්දා ගිරිය කඩාගෙන 'සුවසෙවන, ගැටඹේ, රජවත්ත, පේරාදෙණිය, පැණිදෙනිය ..............'  කියලා මන්තරේ වගේ මතුරද්දී මං බෙල්ල ලඟින්ම අහුවෙන්නත් බැරි නෑ. ඒ නිසා ටිකක් වෙලා අරගෙන තමයි මං රිප්ලයි කරේ.


    'Hmmm... man dan bas ekene inne. Hitagena inne.' 


    සැපට සීට් එකක ඉඳගෙනත් ඉද්දිත් මං කිව්ව බොරුවට බස් එකේ රෝද හතරේම හුලං යයි කියලා හිතුණත් අනිත්  මිනිස්සුන්ගේ වාසනාවටද කොහෙද එහෙම වුනේ නෑ..




   'Oh.... ehemada?? Man dan me yaaluwekge gedara yanna hadanne. Gihin awithma kathawa kiyannada ehenam??' අන්න හොඳයි. අඬන එක වුණත් නිවී සැනසිල්ලේ කරන්න ඕනේ දෙයක් නේ..


   'Ahhh... k.. datz better.. :)) ' 


   'Elaz.... Col ya l8r... Byeee.. Tc.Bs. ;) :* හම්මේ... අර අන්තිමට තිබුණු කිස් සිම්බල් එක දැකල නම්, මට ලැජ්ජා හිතුණා.... කන් දෙක රත් වුණා.... කම්මුල් රතු වුණා..... මල කෙලියයි.........අන්තිමේදී අරහේ මෙහෙ දිව්ව හිත එක තැනකට අරගෙන යන්තම් මැසේජ් එකක් ටයිප් කරගන්න පුළුවන් වුණා.


   'Okay... b4n... Tc. Bs. :)))' ඒ මැසේජ් එක යැව්වම මටත් නොදැනිම ලොකූ හුස්මක් පිටවුණා. ඒ සද්දෙට නම් වටේ හිටිය කීපදෙනෙක්ම ඇස් ලොකූ කරන් මගේ දිහා බැලුවා. මොකෝ උන් බැලුවා කියලා මං ගිය හුස්ම ආයෙත් අදාල ගන්නයැ? ඕනේ මගුලක් හිතා ගත්තදෙන් කියලා මත ජනේලෙන් එලිය බලාගත්තා.


___________________________________________________
    
ගෙදර විත් ටික වෙලාවක් ගියාට පස්සේ හිතුණා, මහිම යාලුවෙක්ගෙ ගෙදර කිව්වේ අපේ ගෙදරවත් දෝ කියලා. ඒත් ගෙදර නම් හිටියේ අයියා විතරයි. ඔව් ඉතින් මහිමටත් අපේ අයියන්ඩි ඇරුණම තව යාළුවො ඇතිනේ. ඊළඟට මහිම ගෙදර ඇවිත් කෝල් කරනකන් කරන්න වැඩක් තිබුණේ නැති නිසා, ගොඩ දවසකින් ෆේස්බුක් පැත්තේ යන්න හිතුණා. 

     පුරුදු පරිදි එෆ්බී ගිහින් අර ෆොටෝ එකට, මේ ස්ටේටස් එකට ලයික් කරලා, කමෙන්ට් කරලා අන්තිමේදී මං නැවතුනේ මහිමගේ ප්‍රොෆයිල් එකේ. එයා ෆොටෝස් වගේකුත් අප්ලෝඩ් කරලා තිබුණා. මං මහිමව එයාලගේ ස්පෝර්ට්ස් මීට් එක දවසේ දැක්කට පස්සේ දැක්කේ අද. ඒ ටිකට ලස්සන වෙලා තියෙන තරම්.... හිතේ දුකක් මිශ්‍ර, පසුතැවිල්ලක් වගේ හැගීමක් ඇතිවෙන්න පටන් ගත්තේ, මං ඒ ෆොටෝස් දිහා බලාගෙන ඉන්නකොට. මහිමට මාව ගැලපෙනවද කියන උභතෝකෝටික සැකය මට ඒ මොහොතෙදීත් ඇතිවුණා. ටිකකින් මහිමගේ විස්තර බල බල පහලට යනකොට දැක්ක දෙයින් මං උඩ ගියා...

    ' I'm in luv wid her... ϡ ♥.." 

    ඉස්සෙල්ලම කියන්නේ මට තමයි කියලා කිව්වට මොකද, ඊයේ රෑ මහිම ඒ රහස හැමෝටම කියලා. හිතේ ඇතිවුණේ තරහක්ද, දුකක්ද කියලා තෝරාබේරා ගන්න බැරිව ඉද්දීම මං එෆ්බී එකෙන් ලොග් අවුට් වුණා. තවත් ටිකක් වෙලා පුටුවම ඉඳගෙන හිටියේ නැගිටින්නවත් මතක් නොවුණු නිසයි. 

    දැන්ම මේ ගැන මහිමගෙන් අහන්න ඕනේ කමක් තිබුණත් මන්දහාසි ෆේස්බුක් නෑ කියලා මං කිව්ව නිසාම  මට ඉවසන්න සිද්ද වුණා. මේක නම් පුදුම කරුමයක් තමයි. මං කිව්ව බොරු වලින් කරකියාගන්න දෙයක් නැතිවෙලා තියෙන්නෙත් මටමයි. ඕනේ දෙයක් වෙද්දෙන් කියලා හවස එයාට කලින් මට මගේ කතාව කියන්න තිබුණේ. ශික්.... මං කරගත්ත මෝඩ කමක්. 

    හදිස්සියට ෆේස්බුක් ලොග් අවුට් වුණාට මොකද මහිමගේ ස්ටේටස් එකට තිබුණ කමෙන්ට්ස් වත් බැලුවේ නෑනේ. අපරාදේ... එතන සමහරවිට මේ ගැන හෝඩුවාවක් තියෙන්නත් ඇති. ඒත් දැන් ආයෙත් කම්පියුටර් එක ඔන් කරනවා කියන්නේ මරනවා වගේ වැඩක්. දැන් නමයත් පහුවෙලා. මහිම මෙච්චර වෙලා මොනවා කරනවද දන්නේ නෑ.......... හිතේ තිබුණේ කවදාවත් නැති තරමේ නොසන්සුන්කමක්. ඒත් ඉතින් මගේ හදිස්සියට හැමදේම වෙන්නේ නෑනේ.

     බලාගෙන ඉඳල බැරිම තැන ටීවී බලන්නවත් යන්න කියලා හදනකොටම ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

     'Hey, man aawa... Oya kaawada?' 

     හම්මේ.... මං හිතුවා කතාව කියලා මැසේජ් එකක් එව්වා කියලා. ඒත්........ මහිම මෙහෙම වටේ යන එක ගැන නම් මට පොඩි සැකයක් ඇතිවුණා. මෙයා මේ හදන්නේ මට ලණුවක් දෙන්නවත් ද? ඒ නිසා වැඩිය ඒ කතාව ගැන උනන්දුවක් පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ කියලා මං තීරණේ කරා.

     'Ow... man kaawa. Oya kaawada? Naththan kanna.. :) ' 

     'Naa..... man kaala ennam..k wait.. ' මෙච්චර වෙලා බලාගෙන ඉඳලත් තාම බැරි වුණානේ මහිමගෙන් වචනයක් ගන්න. දැන් ඉතින් තවත් ටිකක් වෙලා බලන් ඉන්න වෙයි. වෙන මොනවා කරන්නද ඉතින්. 
 *****

     'Man dan col karannada?' මං බලාපොරොත්තුවෙන් හිටිය මැසේජ් එක ආවේ රෑ 10 ට විතර.. මැසේජ් එක දැක්කම හවසට වැඩිය හිතා ගැහෙන්න පටන් ගත්තා. මහිම මට ලණුවක් දෙන්නවත් හදනවද කියන ප්‍රශ්නේ නිසා පුංචි බයකුත් තිබුණා. එන ඕනේ ප්‍රශ්නෙකට මුණ දෙන්න ශක්තිය දෙන්න කියලා තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලලාම මං මැසේජ් එකට රිප්ලයි කරා.

    'Ok....' එච්චරක් විතරක් කියලා රිප්ලයි කරපු මැසේජ් එක ඩිලීවර් වෙලා ටික වෙලාවකින්

'මීදුම් දුමාරයේ.... 
සීත හැන්දෑ යාමේ.... 
සිහින ඇන්ද සානුවේ.... 
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්නට...'

   ඒ මගේ රින්ග් ටෝන් එක... තවත් ටිකක් වෙලා සින්දුව අහගෙන ඉඳලා,මං ෆෝන් එක ආන්සර් කරන්න ලෑස්ති වුනේ දොර දිහත් බලලා, උගුරේ රැල් බුරුලුත් ඇරලා. මොකෝ බය වැඩිකමටම උගුරේ නිකන් මොනවහරි හිරවෙලා වගේ දැනුණා. 

  'හෙලෝ' පුළුවන් තරම් හිමීට කටහඬේ සද්දේ අඩුකරලා මං ෆෝන් එකට ආන්සර් කරා. 

  'හෙලෝ' අම්මේ....... ඒ කටහඬ ඇහෙනකොට හිතට දැනෙන සතුටක්. ඒ සතුට නිසාම ඊළඟට මං මුකුත් නොකියම හිටියා. 

  'දැන් කතා කරාට කමක් නෑනේ හසී?' මං කතා නොකරපු නිසාම ආයෙත් මහිම ම කතා කරා. මට ඒ වෙලාවේ මතක් වුණේ මං කලින් දවසක දැකපු හීනයක්. හිනාවකුත් ආවා.

  'කමක් නෑ..' තප්පර කීපයක් පරක්කුවෙලා මං උත්තර දුන්නා. කතාවට වඩා නිශ්ශබ්දතාවය වැඩි කියලා මටත් නොහිතුනාම නෙමෙයි.

  'හොඳයි' එහෙම කියලා මහිම ලස්සනට හිනාවෙනවා මට ඇහුණා. 'ඉතින් ඉතින්, කියන්න මොනවහරි??' ආයෙත් එයාම අහනවා. මෙන්න යකෝ වැඩක් මං කතා කරේ එයාගේ කතාව අහන්න නෙ. දැන් මට කියනවා මොනවහරි කියන්නලු.

  'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... ඔය කියන්න ඉතින්. මොකද්ද අර හවස කිව්ව කතාව?' ඇඟට පතට නොදැනී වගේ ඒ අමාරු වචන ටික මං කියලා දැම්මා. 

  'හ්ම්.... හවස කිව්ව කතාව නේ?' ඒ අහපු ස්ටයිල් එක නම් මට එච්චරම ඇල්ලුවේ නෑ.

  'ඔව්'

  'ඉස්සෙල්ලම ප්‍රොමිස් වෙන්න'

  'මොනවද?'

  'මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියලා?' හෑ............. මේ මොනවද මේ කියන්නේ?

  'මං මොකටද තරහ වෙන්නේ?'

  'කියන්නකෝ පඬියා නොවී' අනේ එක නම් මහිම කිව්වේ හරි හුරතල් විදියට. වන් මෝ කියන්නත් නොහිතුනාම නෙමෙයි ඉතින්..


  'හරි හරි.. ප්‍රොමිස්..'

  'මං ගැන වැරදියට හිතන්නත් බෑ. ඕකේ??'  

  'ඕකේ...' හිතේ ලොකූ බරක් ඇතිව වුණත් කිසිම ගානක් නෑ වගේ මං කියලා දැම්මා.

  'හොඳයි.. හ්ම්... මාත් එක්ක තරහ වෙන්නත් බෑ, වරදවා හිතන්නත් බෑ. ඔයා දැන් මට ප්‍රොමිස් වුණා නේ' එහෙම කියලා එයා කතාව නතර කරත් මං කතා කරේ නෑ

  'හසී... මං මේක හොඳට හිතල ගත්ත තීරණයක්.. මං ඔයාට ආදරෙයි හසී.. මං ඔයාට ආදරෙයි. ගොඩක්' 
මහිම මේ මොනවද කියවන්නේ. එයා හොඳ සිහියෙන්ද?

   'මං දන්නවා ඔයා බයවෙලා ඉන්නේ දැන්.. ඒත් මං කිව්වේ ඇත්ත හසී.. අවංකවම මං ඔයාට ආදරෙයි. ඔයාට මේ ගැන ගොඩක් කල්පනා කරන්න ඕනේ කියලත් මං දන්නවා. කමක් නෑ. ඔයා හොඳට හිතන්න. බනිනවා නම් මට බනින්න. හැබැයි දැන් නෙමෙයි. හෙට උදේට. මොකෝ දැන් මං ෆෝන් එක තියනවා. ඔයා කල්පනා කරලා මට උදේට කියන්න.. ප්ලීස් දැන් මට මුකුත් කියන්න එපා. මං කන් දෙක වහගෙන ඉන්නේ...... මං තියනවා... ගුඩ් නයිට්.. බුදුසරණයි. පරිස්සමින් ඉන්න පැටියෝ...'

    මං අහන්න කැමතිම හුරතල් තාලෙට, මේ ටික කියාගෙන කියාගෙන ගිය මහිම මං මොනවත් කියන්න කලින්ම ෆෝන් එක කට් කරා. වෙවුලන අතින් හිටිය විදියටම ෆෝන් එක අල්ලාගෙන ඉන්නකොට මගේ හිතට දැනුණු තිගැස්ම ගැන කියන්න මට වචන නෑ.... 

   සතුට, ආදරේ, බලාපොරොත්තු, පුදුමය මැද්දේ හිරවුණු පුංචි දුකකුත් එක්ක මේ ගෙවෙන්න යන්නේ තවත් නිදි නැති රැයක් කියන එක නම් මට හොඳටම දැනුණා.





68 comments:

  1. අඩඩා !!!!
    මේ කතාව කියවගෙන යනකොට මම් අවුරුදු හතරක් ආපස්සට ගියා !!!
    ගිහින් ඔය වගේම ෆෝන් කෝල් එකක් ලඟ නතර උනා.
    ඒ කෝල් එක තමයි මම් මගේ ජීවිතයෙන් ආස කරපු කෝල් එක !!!
    කතාව දැන් නම් ලස්සනයි.
    ඉක්මනටම ඉතුරු ටික ලියන්න. අද උනත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. “ කතාව දැන් නම් ලස්සනයි.
      ඉක්මනටම ඉතුරු ටික ලියන්න. අද උනත් කමක් නෑ.“

      ඇයි යාළුවා කතාව ඉස්සර ලස්සන නැද්ද?

      Delete
    2. ආව් ආව්........ මධූ අයියාගේ මූණේ මල් හතයි...... තියෙන හදිස්සියක්..
      හදිස්සි වුනාට මොකෝ ඉතුරු කොටස දාන්න වෙන්නේ හෙටයි ඕන්... :))

      @ලකී : මං හිතන්නේ මේ කොටස තමයි මධූ අයියට හරියටම දැනිල තියෙන්නේ.. හි හි..

      Delete
  2. පැණිදෙනිය බස් එකක යන්නත් ආසයි. මම ආසම ගමක් තමයි පැණිදෙනිය කියලා කියන්නේ. හවස් වරුවක ගමේ ඔහේ ඇවිදින්න ගොඩක්ම ආසයි. එහෙම ඇවිදලාත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත.. ඒ පැත්ත හරිම ලස්සනයි.. මේ කොටස අයියට අතීතේ මතක් කරලා වගේ.. ;)

      Delete
  3. මලකෙලියයි. මහිම මන්දහාසිව දැකලවත් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ... එතන කෙලි එකක් නෙමෙයි, දෙක තුනක්ම තියෙයි වගේ.. :D

      Delete
  4. බුදු අම්මේ මේ මොකෝ වෙන්නේ
    දැන් විශ්මිට මොකද වෙන්නේ ?


    හම්මේ... අර අන්තිමට තිබුණු කිස් සිම්බල් එක දැකල නම්, මට ලැජ්ජා හිතුණා.... කන් දෙක රත් වුණා.... කම්මුල් රතු වුණා..... මල කෙලියයි.......

    මේ කැල්ල නම් සිරා :))

    ReplyDelete
    Replies
    1. හලේ මන්ද අප්පා..... මොනා වෙයිද කියල බලමුකෝ..
      හි හි... ස්තූතියි කිව්වා... :DD

      Delete
  5. පට්ටය එලය නියමයි.ලස්සනට කතාව ලියල තියනව.ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න :D

    ReplyDelete
  6. හලේ මහිමටනම් පිස්සු අප්පා...කෙල්ල දැකලවත් නෑ නේ තාම :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අෆ්ෆා.... මහිමයට පිස්සුම තමයි.. :P :DD

      Delete
  7. ඔය පේරාදෙණිය.... පැණිදෙණිය..... කියලා කෑ ගහන කොන්දලා ඉන්න හොල්ට් එකට දවස ඇවිත් බලන්න ඔනේ මේ අයිස් ඉන්නවද කියලා..... පොඩ්ඩක් දැකලා පුරුදුයි වගේ හරියට මීටරේට එන්නේ නෑ කොහෙද කියලා....
    බීටගේ බ්ලොගේ පැත්තෙත් ඇවිත් යන්න එන්න....

    ReplyDelete
    Replies
    1. හලේ බීටාත් නුවර පැත්තේද? දැකල තියේනම්, දන්නවා නම් කට පරිස්සම් කරගෙන ඉන්න තරමට හොඳා... හි හි... මං ඒ පැත්තේ ඇවිත් තියෙනෝ... :D

      Delete
  8. ආදරේ සුන්දරයිලු නේද?මං පොතක දැක්කේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තට? හලේ මං දන්නෑ අප්පා ඔවා. මං බබා නේ.. හිකිස්..

      Delete
  9. දැකලා නැතුව ආදරේ කරන්න පුළුවන්ද? මම නම් හිතන්නෙ පුළුවන් කියලා..
    ඉතිරි කොටසත් ඉක්මනට දාන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් පුළුවන්.... හෙට දිහාට බලාපොරොත්තු වෙන්න.. :) :)

      Delete
  10. හොදම හරිය... බලමුකෝ මොනවද වෙන්නේ කියල.... දාන්නකෝ ඉතුරු ටිකත් ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. හි හි... බලමු ඉක්මනට...... :) :)

      Delete
  11. අඩේ මම හිතුවේ නෑ මොනා උනත් දැකලා නැති කෙල්ලෙක්ගෙන් අහයි කියලා හි හි කොල්ලා මරුනේ

    මට මතක් වුනා මගේ ආදර කතාව ම්ම්ම් අවුරුද්දක් මමත් මෙහෙම ආදරේ කලා ෆෝන් එකෙන් අපි පොඩි කාලේ ඉදන් දන්නවා හැබැයි එයා නුවර මම තොළඹ මට එයාගෙන් කැමත්ත අහන්න අනන්තවත් හිතිලා ඇති ෆෝන් එකෙන් ඒත් මට හිතුනා ඒකේ වටිනාකමක් නෑ ගිහින් එයාගේ ඇස් දිහා බලාගෙනම අහන්න ඕනේ කියලා......අන්තිමට ඒ දවස උදා වුනා සේරම හරිගියා.අවරුදු 8ක යාළුකමක් ආදරේකට පෙරළුනා දැන් ඒ ආදරේට අවුරුදු 2ක්

    ඔයාගේ කථාව හරිම ලස්සනයි මේක ඉවර වෙන්නේ හොදින්ද නරකින්ද.දැකලා නැතිව ආදරේ කරනවා නම් ඒක ශක්තිමත් මොකද රූපෙට නෙමෙයිනේ ආදරේ කරන්නේ නේද රූ අක්කේ...

    ReplyDelete
    Replies
    1. ලස්සන ආදර කතාවක්නේ ගැමියාට තියෙන්නේ... සුබ පැතුම්!!
      ඉක්මනින්ම කියන්නම්කො ඉවර වෙන විදිය. අනිවාර්යෙන් එහෙම ආදරයක් ශක්තිමත්, එත් දැක්කට පස්සේ රූපේ ගැන නොහිතුවොත් විතරයි.. :)

      Delete
    2. මේ ඒක නෙමෙයි ගැමියාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නුවර කොහෙද? :D

      Delete
    3. නුවර ඉඳන් හූවයි බල්ටි දෙකයි ගැහුවාම මම ඉන්නේ එයාලගේ ගෙදර හි හි...ඕං මම මගේ ආදර කතාව ලියන්න ගත්තා ඔයාගේ මේ පෝස්ට් එක නිසාම ඔයා අහලා තිබුණු ප්‍රශ්නේ දැකලා ආයේ ආවේ මේකේ රිප්ලයි බලන්න...

      අනික අක්කේ ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් එක්කෙනෙක්ට සාපේක්ෂව ලස්සන කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට සාපේක්ෂව කැත වෙන්න පුළුවන් ඒ නිසා ආදරේ කරද්දි තිබිය යුතුම කරුණක් විදියට ලස්සන වර්ගීකරණය කරන්න බෑ.එල නේද කතාව ඕං දැන් හිතලා ලිව්වේ..

      අපි දෙන්නා මුලින්ම මල් වත්තට යන්න පැණිදෙනිය බස් එකක නැගලා කතා කර කර ගියා අන්තිමේ අපි බැස්සේ "මහ කන්ද" කියලා පාළු ගමක...මම ඒ වගේ සිද්ධි ලියන්නම්කෝ

      සුභ පැතුම් වලට ස්තූතියි අක්කේ.ලඟදි යනවා ඒ පැත්තේ...මේ අක්කේ පුළුවන්නම් අප්‍රේල් වල ගෙට්ටුව නුවරට දාගන්නකෝ එතකොට මට නුවර යන්න පුළුවන්(ගාල්ලේ අයට අසාධාරණයි ඒත් එයාලත් කැමති නම්)

      Delete
    4. අනිවා ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්...
      නුවර තිබුනොත් මටත් හැකි උපරිමෙන් උදවු කරනවා. කොහොමත් කොළඹ තියෙනවා නම් ගෙවල් වලින් එවන එක ගැන දෙතුන් පාරක්ම හිතනවා. :)

      Delete
  12. මේ ආදර කථා කියවනකොට ඇඟ හිරි වැටනවා ඇයි දන්නෑ....

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙයි,ඔයාගේ කතාවෙයි මොකක්හරි සමානකමක් ඇති.. ;) :)

      Delete
  13. මගෙත් ඇඟ හිරිවැටෙනව.......මොකද මන්ද.....

    ReplyDelete
  14. මල සේකර 7යි කිව්වලු. කාලා වරෙන්කො... හොද වැඩේ කොල්ලො අන්දන්න යනවට... හික්ස්.. :D :D

    ReplyDelete
    Replies
    1. අප්පෝ මෙහෙම වැඩක් වුණාම හොඳ වැඩේ කියනවද? පව් අර අහිංසක කෙල්ල... :))

      Delete
  15. බුදු අම්මෝ මේක මෙගා නාට්ටියක් වගේ. ඔහොම ඉන්න මුල ඉදල බලල විස්තර කියන්නම්. අදයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. කොලමට සාදරයෙන් පිලිගන්නවා. ටිකක් විතර මෙගා තමයි... හි හි... ස්තූතියි සහෝදරයා.. :) :)

      Delete
  16. ෂඃ.. මරු නංගි... ටෙලි ඩ්‍රාමා එකක් හදන්නවත්ද ලෑස්තිය? :) මල් හතයි!!!

    ReplyDelete
    Replies
    1. කොටස් 20 කින් විතර නේද? එකත් නරකම නෑ..සල්ලි තමයි නැත්තේ. හිකිස්... ස්තූතියි අක්කෝ... :) :)

      Delete
  17. munata nevei hithata aadare karana mehema kollo ipadichcha davasata apita mechchara duk vidinna venne nethi vei.

    eththatama mahima vage kollo me loke innavada akki.

    ReplyDelete
    Replies
    1. අනිවා නගෝ.... එත් තාමත් ලෝකේ මෙහෙම කොල්ලොත් ඉන්නවා.. :) :)

      Delete
  18. 'මීදුම් දුමාරයේ....
    සීත හැන්දෑ යාමේ....
    සිහින ඇන්ද සානුවේ....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්නට...'
    ලස්සනයි..අදමයි ඉස්සෙල්ලා මේ පැත්තේ ආවේ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සාදරයෙන් පිළිගන්නවා... :))

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩ ඕනා ඈ?
      ඕකනෙ අපි කලින්ම කිව්වේ හසීට බඩු හරි කියලා.
      මහිමයා තාප්පෙටම කෙළලා තියෙන්නේ ආයේ ලොවෙත් නැතිවෙන්නම.
      එළ.
      ජය වේවා!

      Delete
    2. හික් හික්... ඒකනේ ඒකනේ... අන්න කොල්ලෝ නේ? :D :D

      Delete
  20. මල් පොකුරු පොකුරු.. :D
    මටනම් හිතෙන්නෙ මහිම දන්නවා මේ දෙන්නම එක්කෙනෙක් කියලා..
    ඊ ළඟ කොටසත් හැකි ඉක්මනට දාන්නෝ නංගියෝ.. :D

    ReplyDelete
    Replies
    1. හි හි..... හොඳ උත්සාහයක් නන්දු අක්කෝ..
      ඊළඟ කොටසත් ඉක්මනින් ලියනවා.. :D :D

      Delete
  21. එක කෑල්ලයි බැලුවෙ.. මැක්ස්නේ... වෙලාවක ඔක්කොම බලන්නම්

    ReplyDelete
    Replies
    1. අද නිවාඩුපිට ඉඳන් ඉස්සෙල්ලම මේකට සෙට් වුණේ.. නියමයි මේක නම්.. නවල් එකක් විදියට දාන්න පුළුවන්.. උණු කැවුම් වගේ තියෙයි..

      Delete
    2. හි හි.... ස්තූතියි සහෝදරයා කතාව ඔක්කොම කියෙව්වට... නවල් එකක් විදියට? දැනට නම් එහෙම බලාපොරොත්තුවක් නැතෝ.. හි හි..

      Delete
  22. අනේ හරිම ෂෝක්...මහිම එහෙනම් ඒක කිව්වා. මම බය වුණා මහිම වෙන කාටවත් ආදරෙයි කියයි කියලා.
    කතාව කියවද්දි මටත් මගේ අතීතේ මතක් වුණා...මේ වගේ වෙලාවට හිත කොච්චර නම් නොසන්සුන් වෙනවද? හරියට හිත ඇතුලෙ ගිනි මැලයක් පත්තු කරලා වගේ දැනෙනවා. ආදරේ...ආදරේ...කොච්චර සුන්දරද මේ වෙලාවට!
    ඔයා හරිම ලස්සනට ලියනවා නගා...ගොඩක් දුර යන්න, හොඳ ලේඛිකාවක් වෙන්න ඔයාට පුලුවන් වෙන්න කියලා මම සුබ පතනවා! (ඔයා දැනටත් හොඳ ලේඛිකාවක් තමයි)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කියෝ...... කොලමට ආදරෙන් පිළිගන්නවා ඔයාව.. :)

      අනිවාර්යෙන් ඒ දැනෙන හැගීම විස්තර කරන්න වචන නෑ... තමන්ටම විතරක් දැනෙන, හැගෙන හැගීම් දාස්ගානක් ඒ වෙලාවට හිතේ පෙරලි කරනවා. ආදරේ විඳපු, විඳින ඕනෙම කෙනෙක් ඒ හැගීම දන්නවා. :):)

      Delete
  23. මම අදයි ආවේ .. මුල ඉදන් ඔක්කොම කියෙව්වා ... ලස්සන කතාවක් .. ඉක්මනට ඊලග කොටසත් දාන්න ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා... කොලමට ආදරයෙන් පිළිගන්නවා. :D

      Delete
  24. මට හිතුන ගොනා හැරෙද්දී පැලේ කන්ට කියල හි හි
    ආ අර මීදුම් දුමාරයේ....ඒක මගෙත් ප්‍රියතම සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. හි හි.... ඒකනේ අක්කෝ...
      ඒ සින්දුවේ අමුතුම ලස්සනක් තියෙනවා.. :DD

      Delete
  25. man kiwwane akkite,, mahime is in love with mandahasi .. yeippieeeeeeeeeeeee ane ilnage kotasath damu ithin ikmante ,, :D

    ReplyDelete
    Replies
    1. හි හි... මෙයාට තියෙන සතුටක්.. ඉක්මනින් ලියන්නම් නංගෝ.. :D

      Delete
  26. prashnaya.. mahima hasita adare karanne dakinneth nathuwa,,..vishmi dakkama na kiuwoth?? :O :O

    ReplyDelete
    Replies
    1. අම්මේ........ මාර කේස් එක. ඔහොම බය කරන්න එපා මාවත්... :D

      Delete
    2. heheee..kathuwariya mewata utthara hoyagai neh...api balamu.. :D

      Delete
    3. අනිවා අනිවා... ඊළඟ කොටසත් දැම්මෝ......... :D

      Delete
  27. අද තම මුලින්ම මේ පැත්තේ ගොඩ උනේ... කතාව නම් ආස හිතෙන විදිහට ලියල තියනව... එක හුස්මට කියෙව්ව... මොනව උනත් ආදර කතාවක් නෙ :)

    පරන කතා ටිකත් කියවන්න ආස හිතුනා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට... :D

      Delete
  28. අය්යෝ කෝ ඊලග කොටස තාම නැනේ ..

    ReplyDelete
  29. මාරම කතාවක්නේ ... පොඩක් ඉන්න මුල ඉඩන් ඔක්කොම කියවනවා

    ReplyDelete
  30. ඔන්න මමත් ගොඩ වැදුනා මේ පැත්තට කියවන්න දෙවල්නම් ගොඩයි.මුලඉදල හිමි හෙමිහට බලන්නම්කො

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)