‘අපෝ දැනටමත් මං
විනාඩි 15 ක්
පරක්කුයි. ෂුවර් එකටම අපේ සෙට් එක ක්ලාස් එකට ගිහින් ඇති’. මෙහෙම හිතන ගමන් මං ක්ලාස් එකට යන අතුරු
පාරට හැරුණා. ලබන සඳුදා අපිට O/L exam පටන් ගන්නවා. ඉතින් මේ තකහනියක් මං දුවගෙන යන්නේ අපේ විද්‍යාව පන්තියට.අද
ක්ලාස් එකේ අන්තිම දවස.ටිකක් විතර විශේෂ දවසක් තමයි.ඒත් ඉතින් මං අදත් පරක්කුයි.
‘අපොයි විශ් ,
දැන් ඉතින්
මුළු ක්ලාස් එකේම කොල්ලන්ගේ 'ෂූ'
හඬ මැද්දේ
ගිහින් ඉස්සරහම පේලියේ ඉඳගන්න එපැයි’.
එහෙම හිතනකොටත් මට හීන් දාඩිය දැම්මා.ක්ලාස්
එකට පරක්කු වෙලා එන හැමදාම මං ඒ අත්දැකීමට මුණදීලා තිබුණත් ඒ ගැන මතක් වෙනකොට හිතට
දැනෙන්නේ පුංචි චකිතයක්. ඒ මදිවට මගේ යාලුවෝ හැමදාම ගිහින් වාඩි වෙන්නේ ක්ලාස් එකේ
ඉස්සරහම පේලියේ. දකින ඕනෙම කෙනෙක්ට හිතෙන්නේ 'ෂා,හොඳ bright කේස් ටිකක්' කියල.අනේ ඉතින් මොකටද මගේ කට.
සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්තරේ ව්‍යුවහය
ගැන දේශනයක් කරන සර්ගේ හඬ හෝල් එකේ තිබුන තඩි බෆල් නිසා පාරටත් ඇහුණා. දඩිබිඩියේ
පර්ස් එක අවුස්සලා ක්ලාස් කාර්ඩ් එක හොයාගෙන 'ටික්කට' දෙනකොට 'අදත් පරක්කුයි' නේද කියල මනුස්සය දැම්මේ මහා නෝන්ඩි
හිනාවක්.ටික්කට කියන්න හොඳ කතාවක් මතක් කරද්දීම ,'මොකටද නිකං
අන්තිම දවසෙත් හිත නරක් කරගන්නේ'
කියල හිතුන
නිසා මං කට පියා ගත්තා.
ඒ වෙලාවේ තවත් කවුරුහරි පරක්කුකාරයෙක් ඇවිත් මගේ වම් පැත්තෙන් හිටගත්තේ කාර්ඩ් එක මාර්ක් කරගන්න. ඒ පිරිමි ළමයෙක් කියලා තේරුණත් ඒ කවුද කියලා බලන්න තරම් මට විශේෂයක් හිතුනේ
නෑ. කාර්ඩ් එකේ
තිබුණ පුංචි කොටු හතරෙන් අන්තිම කොටුව කපලා ටික්කා මගේ අතට කාර්ඩ් එක දෙනකොටම,මගේ පැත්තකින් හිටිය කෙනාගේ අත ටික්කා දිහාට යොමුවුණා. ඒ එයාගේ කාර්ඩ් එක
මාර්ක් කරගන්න කියලා මං දන්නවා. ඒත් මට විශේෂයක් වුණේ ඒ සුදු අතේ ඇඟිලි ටික. ඇඟිලි
ටික දැක්කම නම් මට ඒ මුණ දිහා බලන්න ඇති වුණේ පුදුම කුතුහලයක්…………
දිගම දිග හෝල් එකේ කොනක තිබුණු දොරෙන් ඇතුල් වෙද්දී මං දැක්කේ 1000ක් විතර ඔලුගෙඩියි, ස්ටේජ් එකේ ඉන්න සර්වයි විතරයි.පිරිමි ළමයි ඉදගන්නේ ක්ලාස් එකේ වම්
පැත්තේ. ගෑනු ළමයි දකුණු පැත්තේ.ඒක නීතියක් නෙමෙයි.ඒක තමයි මේ ක්ලාස් එකේ සම්ප්‍රදාය.සුපුරුදු
පරිදි ක්ලාස් ඒක මැද්දෙන් යන්න කියලා මං ලෑස්ති වෙනකොටම කවුද මගේ අතින් ඇදල එතන
බංකුවෙන් වාඩිකරවගත්තා.'මෙන්න බොලේ අද මගේ සෙට් එකම ක්ලාස් එකේ
පිටිපස්සෙම පේලියේ වාඩි වෙලා'.
මට දැනුනේ ලොකු
පුදුමයක්.
'මොකද බං මේ ඇස් දෙකත් ලොකු කරගෙන?' එහෙම ඇහුවේ මාව වාඩි කරවපු මගේ හොඳම යාළුවා
සඳුපමා. අපි එයාට ආදරේට කිව්වේ 'සඳු'
කියලා.
'මොකද අද මේ මීටර් කෙල්ලෝ ටික පිටිපස්සෙන්
වාඩි වෙලා?'
'ඇයි විශ්,බුද්ධිමතුන්
බිහිවන්නේ පසුපස පේලි වලිනි කියලා උඹම නේද අපිට හැමදාම කියන්නේ?ඉතින් අපි හිතුවා ඒක ඇත්තද කියලා බලන්න'.මංසලා කිව්වා.
'උඹලටත් ඒක හිතිලා තියෙන්නේ ක්ලාස් එකේ
අන්තිම දවසේ වෙච්ච එකනේ වැඩේ.හැමදාම පාඩුවේ ඇවිත් මෙතනම ඉඳගන්න තිබුනනේ' කියලා කියන්න හදනකොටම ඉස්සරහින් කාගේද ෆෝන්
එකක් රින්ග් වෙනවා ඇහුණා.සර්ට කෝල් එකක්.ෆෝන් එකට අන්ස්වර් කරන ගමන් සර් එලියට
ගියා.ඒ එක්කම ක්ලාස් ඒක ඇතුලේ ඇතිවුනේ එකම ගෝෂාවක්.පැය බාගයක් විතර වැහිලා තිබුණ
කටවල් ටිකනේ.පව් අප්පා.
මගේ හිතට ලොකු අඩුවක් වගේ හැගීමක්
දැනුණා.ඇයි ඒ?.ඒත් එක්කම මට මතක් වුණේ ටිකකට කලින් දැකපු
ලස්සන දිග ඇඟිලි ටික.එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු 400ක් විතර කොලු
රෑන අතරින් මගේ ඇස් දිව්වේ ඒ හුරතල් මුණ බලන්න.'හ්ම්... කෝ
නෑනේ'.
මගේ හරිම නම 'විශ්මි' වුණත් යාලුවෝ මට කතාකරේ 'විශ්' කියලා.මං ඒ නමට හරිම කැමැතියි.ගෙදරදී
අය්යියත් එක්ක රණ්ඩු වෙනකොට 'විශ් නෙමෙයි ඕයි,තමුසේ මහා පුස්'කිව්වම එයාගේ කන පලන්න මට හිතෙන්නෙත් ඒ
නිසාමයි.
ඊළඟ කොටසෙන් හම්බවෙමු... ජය වේවා!! >>>
ඊළඟ කොටසෙන් හම්බවෙමු... ජය වේවා!! >>>
pixxuwak atheeeeeeeeeeee.....
ReplyDeleteThank you wewa... :D
ReplyDeleteකතාවේ ආරම්භය ලස්සනයි. ඉතුරු ටිකත් වෙලාව තියෙන හැටියට කියවලා බලන්න ඕනා
ReplyDeleteස්තුතියි සහෝදරයා... ඉතුරු ටිකත් කියවල හොඳ නරක කියන්නකෝ... :D
ReplyDeleteඔලේ මොල්මොරොන්දම් වගේ නිසා මුල ඉදලා කියවන්න ආවෝ
ReplyDeleteHehe... ThanQ.. :DD
Deleteඔන්න මම මේ කතාව මග අඑරුනු නිසා මුල ඉදන් කියවන්න ආවා..:D එලකිරි!! මේ කතවෙ සමහර තැන් මට හුඟාක් සමීපයි..
ReplyDeleteහලේ.... කොච්චර දෙයක්ද අක්කියෝ.. ගොඩාක් ස්තුතියි ඔයාට.. :DD
Delete