Thursday, December 29

~මහිම මන්දහාසි~ 16වන කොටස

        දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ අයියා පදිංචි වෙලා හිටියේ මං දැන් ඉන්න කාමරේ. මං හිටියේ එයා දැන් ඉන්න උඩ තට්ටුවේ කාමරේ. ඒත් දවසක් මේ මනුස්සයා ගෙදරට හොරෙන් රෑ ජාමේ යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකක් බලන්න ගිහින් අප්පච්චිට අතේ මාට්ටු වෙලා තිබුණා. ඉස්සරහ දොර ලොක් කරලා තිබුණා නිසා මෙයා එළියට ගිහින් තිබුනේ කාමරේ ජනේලෙ ග්‍රිල් එකක් ගලවලා. ඊට කලිනුත් මෙයා ඔය වගේ වැඩ කරලා තියෙන විත්තිය එදා ඔප්පු වුණා. හැබැයි එහෙම හොරෙන් කොහේ ගියාද කියල මං නම් දන්නේ නෑ ඕන්. මට මතක විදියට එතකොට එයා එකොළහ වසරේ හිටියේ. ඔය අනම් මනම් කේස් නිසාම ඒ දවස් වල අපි දෙන්නගේ කාමර දෙක මාරු කරන්න සිද්ද වුණේ මගේ අවාසනාවට කියලයි මට නම් දැන් හිතෙන්නේ.


        සාලෙන් මහිමගේ කටහඩට ඇහුම්කන් දෙන ගමන්, මං හිමිට ජනේලෙ ඇරලා එළිය බැලුවේ කවුරුත් හිටියොත් කියල බයේ. තාමත් යන්තම් එළිය වැටුණ විතරක් නිසා පාරේ වැඩිය කට්ටියත් නෑ. තුවායත් කරේ දාගෙන මං ඉස්කුරුප්පු නියනෙන් ජනෙල් ග්‍රිල් වල තිබුණු ඇන ගලවන්න පටන් ගත්තා. හිතුවට වඩා ලේසියෙන් ඒ වැඩේ ඉවර කරන්න මට පුළුවන් වුණා. ෂුවර් එකටම අයියන්ඩි අපිට කිව්වට වඩා හොර ගමන් මේ ජනේලෙ හරහා ගිහින් තියෙන පාටයි. ගලවපු ග්‍රිල් එක කාමරේ බිමින් තියලා පරිස්සමට බෙල්ල එළියට දාල බැලුව. ම්හු... ගමන් මග පැහැදිලියි. එලම තමයි. ජනෙල් පඩිය උඩට නැගලා එළියට පැන්නා විතරයි,


         'නංගි????'. මෙන්න යකෝ අපේ අයියා හෙල්මට් එකත් අතේ තියාගෙන හොල්මනක් දැක්ක වගේ ගල් ගැහිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒක නම් හරි කියමුකෝ. ඒත්......... ඒත් මට එල්ලෙන්න පිදුරු ගහක්වත් නැතිවුණේ අනිත් හෙල්මට් එක අතේ තියාගෙන අයියට පිටිපස්සෙන් මගේ දිහා බලාගෙන ඉඳපු තරු ඇස් දැක්කමයි. ඒ ඇස් පුදුමෙන් ලොකු වෙලා තිබුණේ.

        මට ඒ වෙලාවේ මතක් වුණේ එකම එක දෙයක් විතරමයි. ඒ ඉන්දිකා උපමාලි කියන සින්දුවක රීමික්ස් වර්ෂන් එකක්..
        'අනේ මම බින්කුන්ඩෙක් වුණා නම්... ම්... ම් ...ම්' ඇයි හත්වලාමේ බින්කුන්ඩෙක් වුණා නම් ඒ වෙලාවේම මං වලක් හාරාගෙන වැළලෙනවා.. අම්මපා. ඇයි දෙයියනේ මං කාට කරපු වැරද්දක්ද මට මේ පටිසන් දුන්නේ??

       'මොකද මේ?' අයියා තාමත් පුදුම වෙලා. මහිම හිනාව නවත්තගන්න ඕනේ නිසාද කොහෙද හිමීට අහක බල ගත්තා.

       'නිකන්.. ඇයි?' 

      'නිකන්?? නිකන් ජනේලෙන් පනින්න මොකද ඒ පාර තමුසේ අපිට හොරෙන් උදේට උදේට ජොගින්වත් යනවද, තුවායත් කරේ දාගෙන?' ඒක නම් අයියා ඇහුවේ ඔලොක්කුවට වගේ හිනා වෙන ගමන් මහිම දිහත් බලලා. තාමත් අරයා ඉන්නේ අහක බලාගෙන. මේ වෙලාවේ අයියත් එක්ක රණ්ඩු වෙන එක හොඳ වැඩක් නෙමෙයි කියල මට හිතුණා. හවසට වරෙන්කො ගෙදර..

      'ඔව්.. ඇයි ඔයත් එනවද? ඒ කතාවට නම් මහිමට මං දිහා බැලුනා, ඒත් තප්පර ගානකින් ආයෙත් එයා අහක බලගත්තා. මං තාම දත් මැදලත් නෑනේ. මහිමට මාව නිකන් නරලොව හොල්මනක් වගේ පේනවද මන්ද.

      'අනේ මේ මට ඕනේ තරම් වැදගත් වැඩ තියෙනවා කරන්න.. යමන් බං යන්න. මෙයත් එක්ක හිටියොත් අපෙත් ඔලුව නරක් වෙනවා'. මහිමට කියන ගමන් අයියා බයික් එකට නැග්ගා. 

      එතන ඉන්න කොයි තරම් උවමනාව තිබුනත් මහිම දිහාවත් නොබලා මං ගේ ඇතුලට ආවා. කාමරේට ඇවිත් ඇඳේ ඉඳ ගන්නකොට බයික් එක යන සද්දෙත් ඇහුණා. අයියල ගිහින් ටික වෙලාවකින් මට අඬුනා. කොහෙත්ම බලාපොරොත්තු  නොවුණු විදියට එක දිගටම ඇස් වලින් ගලාගෙන එන කඳුළු නවත්තන්න මං උත්සහ කරේ නෑ. දුකට ද, බලාපොරොත්තු කඩවීමට ද, නැත්තම් ලැජ්ජාවට ද කියන්න නොතේරුණත් මං හොඳටම ඇඩුවා. 

******

      දවස් ගානක් යනකන්ම එදා උදේ වුණ සිදුවීම හිතෙන ඈත් කරලා තියන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. කොයි වෙලේ හරි මහිම ඒ ගැන නෝන්ඩි විදියට අහල ෆේස්බුක් එකට මැසේජ් කරයි කියල මං බලාපොරොත්තුවෙන් හිටියත් එහෙම දෙයක් වුණේ නෑ. මහිම වෙනද සාමාන්‍ය විදියටම මාත් එක්ක කතා කරා. ආයෙත් ඒ සිදුවීම ගැන අයියා මගෙන් ඇහුවෙත් නෑ.

     ඒ සිදුවීමෙන් මං මගේ ජීවිතේට ලොකු පාඩමක් ඉගෙන ගත්තා. වෙනද පස්සට එළිය වැටෙනකන් නිදා ගන්න මං ඊට පස්සේ කොයි තරම් කම්මැලි වුණත් හැමදාමත් උදෙන්ම නැගිටින්න පුරුදු වුණා. අම්මි තේ එක ගෙනල්ල දෙනකන් නොයිඳ තනියම තේ හදාගෙන බොන්න පුරුදු වුණා. කාමරේ පිළිවෙලට තියාගන්න, ගේ හැඩි නොකර තියාගන්න පුළුවන් තරම් මහන්සි වුණා. මගේ හැම වැඩක්ම පිළිවෙලට කරනවා දැකපු අම්මි, අප්පච්චි කොටින්ම මගේ අයියා පවා මගේ වෙනස ගැන ගොඩක් පුදුම වුණා. තැනක් නොතැනක් නැතුව දඟ කරන්න මං ඉගෙන ගත්තේ අයියගෙන්. පුංචි කාලේ ඉඳලම මගේ එකම සහෝදරයව අනුකරණය කරන්න පුරුදු වෙලා හිටිය මං ඒ ඇබ්බැහියෙන් මිදෙන්න උත්සහ කරා. 

      'ඕන් බලාපල්ලකෝ ඉතින්. ප්‍රේමයක් කල හදියක් නේ...ද?' මගේ කතාව අහපු සඳු නිකටට අතකුත් තියාගෙන පැහිච්ච තාලෙට කියපු කතාව ඇහුණාම මට හිනා ගියා.

මගේ හිත යට හැංගිලා සිටි 
ආදරේ එළියට අරන්...
ජීවිතේටම ඔබ තිළිණ කල
පිළිවෙලක අරුමය බලන්.....

      මහිම වෙනුවෙන් මගේ හිතේ පොදි ගැහුණු ආදරේ අකුරක් නෑරම දින පොතේ ලියවෙන එක නම් මගේ පුරුද්දක් බවට පත්වුණා. පෙබරවාරි මුල් සතිය ගෙවෙන මොහොත වෙනකොට මන්දහාසි මහිමගේ හොඳම යාලුවෙක් විදියට හිත දිනාගෙන හිටියා. ඒත් ඒ වෙනකන් මහිමට මන්දහාසිව හොයාගන්න නම් පුළුවන් කමක් තිබුණේ නෑ. 

      ඊට පස්සේ සතියේ තෝමස් එකේ ස්පෝර්ට්ස් මීට් එකත් තිබුණා. මගේ අයියගේ,මහිමලාගේ මාසගානක මහන්සියේ ප්‍රතිපලේ අතිසාර්ථක එකක් විදියට හැමෝගෙම පිළිගත්තා. එදා අපේ සෙට් එකම මාත් එක්ක බෝගම්බර ග්‍රවුන්ඩ් එකට ගිහින් හිටියා. 
'අනේ මේ දෑස කුමටද බං?'

'මේ කොල්ලෝ ඇයි බං මේ තරම් ලස්සන වෙලා ඉපදෙන්නේ?'

'අර බලපන්කො ලස්සන. දුකේ බෑ'

'අරයා මගේ හරී... එන්න එපා එකෙක්වත් අයිතිවාසිකම් කියන්න ඔන්න'

       අපේ සෙට් එකටම එදා රජ මගුල්. ඇයි ඉතින් මුළු බෝගම්බරම එකම කොලු ලෝකයක් වෙලානේ තිබුණේ. අපේ උන් කියන කතා වලට අපේ අම්මි, අප්පච්චි ඇහුනේ නෑ වගේ හිටියත් අහක බලාගෙන හිනා වෙනවා මං දැක්කා. ඒත් එදා මහිම නම් සෑහෙන්න බිසී වෙලා හිටියේ. ස්පෝර්ට්ස් මීට් ඉවර වෙනකන්ම එහෙට දුවනවා, මෙහෙට දුවනවා ඉවරයක් නෑ. ඒත් ඉඳල හිටලා අපි ලඟට ඇවිත් පොඩ්ඩක් කතා කරලා යන්නත් එයා අමතක කරේ නෑ. අපි එක්ක කිව්වට අම්මි, අප්පච්චි එක්ක. මාව දකින හැමවෙලේම හිනාවක් දාල යන්නත් අමතක කරේ නෑ. ඒ ගැන නම් හිතේ ලොකු සතුටක් වගේම පුංචි ආඩම්බරෙකුත් තිබුණා.
අන්තිමේට තෝමස් එකේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට අයියා ස්තුති කතාව කරන වෙලාවේ අම්මිට අඬුනා. ඒ දරුවෙක්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් අම්ම කෙනෙක්ගේ ඇස් වලින් උනපු ආඩම්බර කඳුළු. අයියගේ කතාව අතරේ ආදරේ වෙනුවෙන් ඇස් වලට සතුටු කඳුළු උනපු තවත් කෙනෙක් හිටියා. ඒ විනූ....

___________________________________

        ටික දවසකින් මං යාලුවොත් එක්ක මාලිගාවට ගියා. මහිම මන්දහාසිට එව්ව හැම මැසේජ් එකක්ම යාලුවන්ට පෙන්නව්වම එයාල මට උපදෙස් ගොඩක් දුන්නා. ඒ හැම දේමත් එක්ක එදා දවස සැහැල්ලුවෙන් සතුටෙන් ගෙවිල ගියා. ඒත් හවස ගෙදර ආවම මට මුණ දෙන්න සිද්ද වුණේ මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ  අවස්ථාවකට. 




 ප/ලි : මේ ටිකේ මගේ හිතට සතුටක් සැහැල්ලුවක් තිබුණේ නෑ කතාව ලියන්න තරම්. ඒ අතරේම තවත් වැඩ ගොඩාරියක් යෙදිලා තිබුණා නිසා මේ කොටස දාන්න සති දෙකකටත් වැඩිය පරක්කු වුණා.ඉස්සෙල්ලම ඒකට මට සමාවෙන්න. 
ඒ වගේම පොරොන්දු වුණ විදියට ගියා ඉරිදා කතාව ලියන්න බැරි වුණ එකටත් උමා සහ මල්කි මට සමා වෙන්න හොඳේ.. මුණු පොතට මට බැනල බැනලා මැසේජ් එවල තිබුණු හැමෝටම ගොඩාරියක් ස්තුතියි. ඔයාල නිසයි අදවත් ලියන්න හිතුනේ.... :))) කස්ටියගේ පෝස්ට්ස් බලන්න ඉක්මනින්ම එන්නම්කෝ.     ආ............. ඒ වගේම ඊයේ මගේ උපන්දිනේට සුබ පතලා තිබුණු බ්ලොග් අවකාශයේ මගේ යාළුවො හැමෝටමත් ගොඩාක් ස්තුතියි... :DD

28 comments:

  1. හ්ම්ම් ඉක්මටන ඊළගට මොකද උනේ කියලත් කියන්න..
    අහ්හ් හික් හික් හොරෙන් පනින්න ගිහින් වැඩේ මාට්ටු වෙලා පව් අනේ ළමයා :D

    ReplyDelete
  2. ඉක්මනට ඉතුරු ටික දාන්න අයිස් නංගී..

    ReplyDelete
  3. හප්පා.. වැඩේ අර්තාප්ල් වගාවක්ම කරගෙන තියෙන්නෙ.. :D ඕකනේ ඉතින් නගේ.. හොඳම හරියෙදි ඉන්ටවල් දුන්නම.. :(

    ගොඩක් ආසාවෙන් කියෙව්වා.. එහෙමනම් ඉගෙනීම් වැඩ කටයුතුත් හොඳින් කරන ගමන්.. මහිම මන්දහාසි ඉතිරි කොටසත් හෙමිහිට දාන්න නංගියෝ.. :)

    ReplyDelete
  4. ඕකනෙ අපි කිව්වේ වැඩේ අල කියලා.නිකමට හරි හොර වැඩක් කරන්න ගියොත් අහුවෙනවාමයි.

    මං මූණු පොතේ නැති නිසා ඔයාගේ උපන්දිනය දැනගෙන හිටියේ නෑ'
    Wish you a very happy birthday.
    මන්දහාසි මහිමයාට මාට්ටුද? එහෙම උනොත් ...........හුටා

    ReplyDelete
  5. හා මම කිවනේ වැඩේ අල පාත්තියක් කරගන්නවා කියලා
    :D :D
    මේ ඉතුරු ටික ඉක්මනට දාන්නනෝ

    ReplyDelete
  6. මුලින්ම නංගි ගේ උපන්දිනේට සුබ පතන්නම්. (පමාවට සමාවා

    ජනේලෙන් පනින්න ගිහින් මාට්ටු වෙලා. හික්ස් :)

    ReplyDelete
  7. හපොයි...වලක් කපාගෙන හාන්සි උනොත් මම පස් ටික දාලා දෙන්නම්..හි හි..නියමයි..

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් ඔයාට....ලස්සන කතාව, ඉක්මනින් ලියන්න ඉතුරු ටිකත්...

    ReplyDelete
  9. ශුවර් එකටම අර ඩයරිය ගෙදරට අහු වෙලා ඇති.ඒක නේද වුනේ?? මට හොරෙන් කියන්නකෝ..

    ReplyDelete
  10. උපන් දිනය පහු උනාට කමක් නෑ.
    Wish Your Happy B'day.....
    කතාවෙ ඉතුරු කොටසත් ඉක්මනට දාන්න නංගා.මේක වගේ පරක්කු කරන්න එපා.....එක නෙමෙයි අර මන්දහාසිගෙ ඩයිරියෙ ලියපු කවිය හරි ලස්සනයි....short and sweet.

    ReplyDelete
  11. hmm..ehema attha thathwen dakka eka hondai..mokada godak kollo (mama asuru karana samajaya anuwa) kamathi sabawika lassanata..makeup dala mawa gattha lassanata nemei.. :D

    ReplyDelete
  12. ow ee kaviya maara lassanai akkio..hebei katava venada tharamma negala giye nehe.samahara vita mama anith kotas eka digata kiyev nisa venna ethi.
    palaveni vathavata thamai venama kotasak kiyevve.

    pa.li:
    genu lamaya pilivelata veda karanna igena gaththu ekath loku deyaknee..hee..hee...

    ReplyDelete
  13. කොහෙද්ක් ගිහින් හිටියේ..කාලයක් පෙන්නම නැති වෙලා ගියානේ.මං හිතුව අයිස වගේ දියවලදෝ කියල..
    සුභ උපන්දිනයක් සහා ඖභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  14. ilange post ekath ikmnate dane akkiyo,, and wishing u a belated happy birthday,, and a happy new year filled with lots of love and joy :)

    ReplyDelete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  16. subama suba aluth avuruddak veva ape ice akkiyata. elabena 2012 vasara sathutin pirunu,siyalu yahapath pethum itu wana,'Mahima Mandahaasi' ikmanata liyavena, vasarak veva kiyala prarthana karanava.

    ReplyDelete
  17. @වර්ණා : හුරේ........ වර්ණා අක්කි එක.. :)) ඒකනේ අනේ වැඩේ අල.. පව් තමයි කෙල්ල.. :D

    @ශානි : හෙට ලියන්නම් අක්කියෝ.. :D

    ReplyDelete
  18. @නන්දු අක්කි : හි හි.. හෙට ඉතුරු ටික ලියන්නම්කො අක්කෝ.... ගොඩක් ස්තුතියි අක්කිටත් කතාව කියවන්න එකතු වුණාට. :DD

    @මිතුරු : ඒක නම් කෙල්ලොන්ගේ හැටි ද කොහෙද නේද? හොර වැඩක් කරොත් අහුවෙනවා මයි.. හික් හික්.. ස්තුතියි මිතුරු.. :DD

    ReplyDelete
  19. @මහිම මධුරංග : මේ කොල්ලෝ බලාගෙන ඉන්නේ කෙල්ලොන්ට වරදිනකම් තමයි නේද? හෙට ලියනවා ෂුවර්.. :)

    @මධුරංග අයියා : ස්තුතියි අයියා.. ඔව් නේ , පව් අප්පා.. :P

    ReplyDelete
  20. @සයුරි අක්කි : හික් හික්... තැන්කූ අක්කෝ... :P

    @වින්චැට්කිරිල්ලී : ගොඩක් ස්තුතියි කිරිල්ලී.. :D ඉක්මනින්ම ලියන්නම්කො. :))

    ReplyDelete
  21. @නිසුපා අක්කි : මෙන්න මේ පාර නිසූ අක්කිත් නෝටියා වගේ පෙන බලන්න පටන් අරන්... හි හි... හෙට මන් අක්කිට විතරක් කියන්නම්කො හොඳේ.. :))

    @ලොකු අයියා : ස්තුතියි ලොකු අයියේ.. ඔව් අයියේ හෙට (03) වෙනිදා ලියනවා... හි හි... ස්තුතියි අයියා. :DD

    ReplyDelete
  22. @(අයි කෙ) : ඒක නම් ඇත්ත තමයි.. එත් ඉතින් උදේ පාන්දර කට කෙල පෙරාගෙන පෙරේත විදියට ඉන්නවට කොල්ලෝ කැමතිද?? :P

    නංගා : ස්තුතියි නංගා. නෑ නංගා ඔය කියන කතාව ඇත්ත. මොකෝ මං මේ කොටස ලිව්වේ කලබලේට, අනික පොඩ්ඩයි ලියල තියෙන්නෙත්. කුතුහලය මදි.. ඒක මටත් තේරුනේ පබ්ලිෂ් කරාට පස්සේ. ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි නගෝ.. :DD
    ඔව් නේ නේද? පිළිවෙලට වැඩ කරන ඒක කොච්චර දෙයක්ද.. :D

    ReplyDelete
  23. @අසරණයා: හික් හික්.. නෑ අප්පා පහු ගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා හිටියේ.. ස්තුතියි සහ එසේම වේවා කිව්වා! :DD

    @Glimmer නංගා: ඉක්මනින් ලියන්නම් නංගෝ.. උපන්දින සුබ පැතුමට ස්තුතියි... ඔයාටත් සාමය,සතුට,සෞභාග්‍යය සපිරුණු සුබ නව වසරක් වේවා! :D

    ReplyDelete
  24. @ඔබ නොදුටු ලොවක් : ඔයාටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු සුබ නව වසරක් වේවා! :DD

    @Anonymous: හි හි... ස්තුතියි ඇනෝ.. ඔයාටත් සුබම සුබම අලුත් අවුරුද්දක් වේවා! :))

    ReplyDelete
  25. හුරේ...... නොටියගේ සාත්තර බැලිල්ල හරි ගියා... ඔය පැන්නේ ලස්සනට ජනේලෙන්...!!

    ReplyDelete
    Replies
    1. හැක හැක... එහෙනම් එහෙනම්.. :D
      දැන් නොවැ මේක දැක්කේ.. සොරි කිව්වා පරක්කුවුණාට..
      සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  26. oh mind blowing... i forgot it..,
    wish u a very very happy new year..!!!

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)