සඳු කතා කරලා ඉවර වුනාම මුණ හෝදගෙන තේකත් බීල තමයි මං අයෙත් කාමරේට ආවේ. මහිමගෙන් මොර්නින්ග් විශ් එකක්..
'Morning greetings doesn't only mean saying GOOD MORNING!
It has silent msg saying : I remember yu when I wake up...
Good Morning Mandahaasi...!!'
අනේ අම්මේ.. නිකන් කණට ගැහුවා වගේ වුණා මැසේජ් එක දැක්කම. මං එයාට උදේම මැසේජ් එකක් යැව්වේ නැති එකට හින්ට් එකක්වත්ද? ඔන්න ඔහේ ඕනේ මගුලක්...
'Wow... nice 2 hear.. Good Morning Mahima!!'
ඔය විදියට පටන් ගත්ත එදා දවසේ මැසේජ් කිරිල්ලට උදේ 10 ඉඳන් හවස 4 විතර වෙනකන් පොඩි විරාමයක් හම්බවුණා. මහිම නම් හේතුව විදියට කිව්වේ අම්මත් එක්ක ටවුන් යනවා කියලා. ඒත් ඇත්තම හේතුව මහිම මන්දහාසිට නොකිව්වට විශ්මි නම් දන්නවා. හේතුව තමයි මහිමට ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වලට යන්න වෙන එක... තෝමස් එකේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෙවත් මගේ එකම සහෝදරයට වැදගත් වැඩක් අතරතුරේ ෆෝන් එක පාවිච්චි කරනවා දැක්කම ඌරු ජුවල් වගේ තමයි. අයියකාරයගෙම වචනවලින් කිව්වොත් 'මේ ඔෆීෂියල් වැඩ අස්සේ ඔය මගුල් ෆෝන් එකෙන් කොටන්න ගත්තම මේ වැඩ කරන්නේ මොකාද??' අනේ උන්දැයි මමයි නොදන්න 'ඔෆීෂියල්'..
මහිම මන්දහාසිට ඇත්තම නොකිව්ව එක ගැන නම් අවංකවම මගේ හිතේ ඇති වුනේ සතුටක්. මට කලින්ම මහිම ගැන හැම තොරතුරක්ම ලැබුණා නිසා මහිමගේ ඇත්ත විස්තරයි , මන්දහාසිට කියන දේවලුයි සංසන්දනේ කරලා බලන්න මට තවත් පහසු වුණා. මහිම ගැන හැමෝම දන්න විස්තර ටික ඇරුණම පෞද්ගලික ජීවිතේ ගැන මහිම මන්දහාසිට හැමදෙයක්ම කිව්වේ බාගෙට.. ඒ මදිවට පට්ට පල් බොරු.. මන්දහාසි කිව්වේ ඊට හපන් ගල් පැළෙන බොරු. අන්තිමේදී කාට කාටත් මදි නොකියන්න පව් පිරෙනවා තමයි , ඒත් ඉතින් පටන් ගත්ත එක අහවර කරලා ඉන්නත් එපැයි.
*****
ඔය හැමදෙයක් ම අතරේ අලුත් අවුරුද්දක් දොරකඩටම ඇවිත් තිබුණා.. මගේ හිතේ මහිම ගැන ඇතිවුණු හැගීම අවංක ආදරයක් බවට පත් වෙමින් අලුත් බලාපොරොත්තු දළුලාගෙන ඒ ලස්සන අවුරුද්ද උදාවුණා. මහිමව දකින දකින වාරයක් පාසා අමුතුම නොසන්සුන්තාවයකින් මුළු හිතම පිරුණත් ඒ තරු ඇස් මග ඇරලා ඉන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් තෑගි ලැබුණු අලුත්ම දින පොතේ පළවෙනිම පිටුව ඉඳුල් වුණේ මේ පුංචි සටහනෙන්..
ආදරේ... මහා පුදුම හැගීමක්.
කවදාවත් නොහිතන , නොපතන මොහොතක
අහම්බෙන්ම හිතට රිංගලා ජීවිතේම වෙනස් කරන ලස්සන....
ඔව්...
මං ආදරෙයි ඔය ලස්සන ඇස් වලට....
ඔය ලස්සන හදවතට....
උණුසුම් හිනාවට ......
මහිම ගැන ඇතිවුණු ලෙන්ගතු හැගීම පළවෙනි වතාවට අකුරු වලට පෙරලුනේ ඒ විදියට..
'ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නේමී......'
මං ආසම සින්දුවක පද පේලි කීපයකින් අවසන් වුණු ඒ පළවෙනි සටහන වටේට කැටයමක් දාන්නත් මං අමතක කරේ නෑ.. හයිලයිටර් එකකින් වැඩ දාලා හාර්ට් ස්ටිකර්ස් අලවලා පිස්සුවක් නටලම තමයි මගේ වැඩ කොටස ඉවරවුනේ.
*****
මහිම අහනකොට ඉස්කෝලේ විදියට ඇත්තම ඉස්කෝලේ නම කියන්න කියලා අදාළ පාර්ශව වලින් මන්දහාසිට උපදෙස් ලැබුණා. ඉතින් මං මන්දහාසි වෙලා ඒ රාජකාරියත් අකුරටම ඉෂ්ට කරා. අලුත් වාරේ ඉස්කෝලේ පටන් ගත්තට ඉතින් අපි රිසාල්ට්ස් එනකන් ගෙවල් වල නේ..
'Breaking News: Anna mahima iskole peerala Mandahaasiwa hoyanawalu... :P :P'
දිනාදිගෙන් ආව මැසේජ් එක දැකලා මට හිනාත් ගියා. ඒ කියන්නේ මහිම මන්දහාසි ගැන උනන්දුයි කියන එකනේ. මං ඉගෙන ගන්නේ යශෝධරා බාලිකාවේ. දැන් මහිම අපේ බැච් එකේ මන්දහාසි කෙනෙක්ව හොයනවා ඇති. කොච්චර හෙව්වත් එයා මාව නම් හොයනවා බොරු.. දිනාදී කිව්ව කතාවේ ඇත්ත නැත්ත ඔප්පු වෙන වැඩක් තමයි ඊළඟට වුණේ. මං fb ලොග් වෙනකොට මහිමගෙන් මැසේජ් එකක් තිබුණා.
'Vish, i wanna big help yar.... help meeeeeeeee... :D :)' උදව්ව මොකද්ද කියලා කලින්ම දන්න නිසා මං මහිමව ඕන් ලයින් ඇඩ් කරගත්තා..
' I'm here... yeah tell mee.. :)'
'Ane oyalage schl eke oyalage batch eke Mandahaasi kiyala kenek innawada kiyannako?? Plzz.... :( ' මට ඇත්තටම පව් කියලත් හිතුණා. ඒත් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන එකත් මීට වඩා ලේසි වෙයි.
'Hmmmmm.... Mandahaasi?? Man danna widiyata nam naa... man heta hoyala kiyannada? Mokak hari prashnayakda??' ආයේ ඉතින් හොයන්න දෙයක් නෑ. ඔය මේ චැට් කරන්නේ මන්දහාසි එක්ක තමයි. දෙසා බෑව ටොම් පචේ නිසා එතනම පොලොව පලාගෙන යයි කියලත් හිතුණා.
'Ane naa... :) Puluwan nam kiyannako.. Thnx a lot.. :) :) '
තවත් රටේ නැති දේවල් ටිකක් ගැනයි එයාලගේ ස්පෝර්ට්ස් මීට් ගැනයි මං මහිමත් එක්ක චැට් කරා. ඒත්................. ඒ වෙලාවේම මන්දහාසි මහිමගේ මොබයිල් එකට මැසේජ් කරා කියලත් අමතක කරන්න එපා.
___________________________________
එක ඉරිදා දවසක උදේ පාන්දරම නිදිමරගාතේ මට මෙන්න මේ විදියේ දෙබසක් ඇහෙනවා.
'කොහෙද පුතා ක්ලාස් එක?'
'...................'
'මං දන්න විදියට නම් එතන ගොඩක් හොඳයි. සෑහෙන ළමයි ගොඩක් ඉගෙනත් ගන්නවා'
'ඔව් අන්කල් හැමෝම කියනවා. මාත් යන්න තමයි හිතාගෙන ඉන්නේ.'
'අපේ ගෙදරටත් ලියුමක් ආව මං හිතන්නේ. මෙයාලගේ අම්මගේ හුරතලේනේ. ගෙදර ඉඳල මොනවා කරන්නද නේද?'
'ඒකනේ අන්කල්' එහෙම කියපු අමුත්තා හිනාත් වෙනවා ඇහුණා. යන්තම් හත වුණා විතරයි. කවුද යකෝ මේ උදේ පාන්දර අපේ අප්පච්චිත් එක්ක බරසාර සාකච්චාවක නිරත වෙන උත්තමයා? මං එහෙම කල්පනා කරන ගමන්ම ඇඳෙන් වාඩි වුණා. එයාල කතා කරන්නේ මොනවා ගැනද කියලා නම් හාන්කවිසියක් හිතාගන්න මට බැරි වුණා...
'ආ...නැගිට්ටද?' එහෙම අහගෙනම හිනා මූණත් අරගෙන අම්මි කාමරේට ආව. මේ හිනාව උදේ පාන්දරම දැක්ක කියන්නේ ඉතින් දවසම පිරුන කියන එකනෙ.
'කවුද අම්මි ඇවිත් ඉන්නේ මේ උදේ පාන්දර?' ඇඳෙන් වාඩි වුණ අම්මිගේ ඔඩොක්කුවේ ඔලුව තියාගන්න ගමන් මං ඇහුවා. එතකොට අම්මි මගේ ඔලුව අත ගාන විදියට පුංචි කාලේ ඉඳන්ම මං හරි ලෝබයි.
'අනේ අර මහිම පුතා' මොනවා මහිම??? අම්මිගේ ඔඩොක්කුවේ තිබුණ ඔලුව මටත් නොදැනිම එක පාරටම ඉස්සුනත් ආයෙත් හිමිට ඔලුව තියාගත්තේ අම්මිට වෙනසක් දැනුනොත් කියලා බයේ.
'මහිම? මෙච්චර උදෙන්?' මං වෙනසක් නොපෙන්නාම ඇහුවා.
'මොන උදයක්ද? දැන් හතයි වෙලාව. බලන්න පුතේ කොල්ලෙක් වෙලත් ඒ පුතා මෙච්චර උදෙන්ම නැගිටලා. ඔයා තාම නිදි. ගෑනු ළමයෙක් නේද?'. හ්ම්..... 'පුතා' අපේ අම්මිට කාව හරි හිතට ඇල්ලුවොත් එහෙම තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අම්මිට මහිමව හිතට අල්ලලා.
'අප්පච්චිටත් ඒ දරුවාව හිතට අල්ලලාද කොහෙද. ආව වෙලේ ඉඳන් කතාව' ආ.... ඒ පාර මාමන්ඩිගේත් හිතට අල්ලලාලු. එහෙම හිතෙනකොට මූණට ආව හොර හිනාව අම්මිට පේන්න නොදී හංගන්න මට සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා.
'මේ, තේ ඕනේ නම් කුස්සියට ඇවිත් බොන්න. මං මීට පස්සේ කාමරේට ගේන්නේ නෑ' එහෙම කියාගෙන අම්මි නැගිටලා එළියට ගියා. අනේ ඔය බලහලකෝ ඉතින්.... මහිම මේ උදේ පාන්දර ඇවිත් අම්මිගෙයි , අප්පච්චිගෙයි හිත හොරකම් කරලා මදිවට මගේ වරප්‍රසාදත් කප්පාදු කරලනේ. ශි... එපා වෙනවා. නෑ නෑ මහිමව නෙමෙයි. ජීවිතේ...
අම්මි ගියාට පස්සෙත් මට සාලෙන් මහිමගෙයි ,අප්පච්චිගෙයි කතාව ඇහුණා. ඒත් ටීවි එකේ සද්දේ නිසා එයාලගේ කතාව ඇහුනේ බාගෙට. ෆෝන් එක අරගෙන බලනකොට මහිම මිස් කෝල් එකක් තියල තියෙනවා පාන්දර 5ට. ඒ කියන්නේ එයා එච්චර උදෙන් නැගිටලා. කොල්ලෙක් විදියට මහිමට මේ දේවල් කරන්න පුළුවන් නම් ඇයි කෙල්ලෙක් විදියට මට බැරි??? මං මගෙන්ම ප්‍රශ්න කරගත්තා. මං හොයාගත්ත දේවල් වල හැටියට මහිම කොච්චර දඟ වුණත් හරිම පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඉස්කෝලේ වගේම පෞද්ගලික ජීවිතේදීත්. 'මහිම හෙන නීට් කොල්ලෙක් විශ්' . දෞපදී කිව්ව විදිය මට දැන් වගේ මතකයි. නැගිටින්න ටිකක් වෙලා ගියාට, අම්මි තේක ගෙනත් දුන්නට, ටිකක් දඟ කරාට, යාලුවොත් එක්ක පිස්සු නැටුවට, තොරතෝංචියක් නැතුව කියෙව්වට මාත් ඉතින් නීට් කෙල්ලෙක් තමයි හරිය. ඒත්................. ඒ දේවල් මදි. මං මහිමට ආදරේ කරනවා නම් , එයාගේ ආදරේ මං බලාපොරොත්තු වෙනවා නම් මාත් එයාගේ විදියට හැඩගැහෙන්න ඕනේ කියලා මං තීරණේ කරා. ඔව්.... දැන් ඉඳන් ඒ වෙනසට ලැස්තිවෙන්න ඕනේ කියලා එක හෙලාම තීරණේ කරලා මං ඇඳෙන් නැගිට්ටා.
ඒත් ඉතින් මෙහෙම එළියට යන්නයැ. තාම මුණ හෝදලත් නෑනේ. බාත්රූම් එකට යන්න කාමරෙන් එළියට ගියොත් මහිම මාව දකිනවා. උදේ පාන්දර මොන නවනින්ගිරාවක් ද ඒක. ඒත් යන්න කලින් මහිමව බලන්නත් ඕනේ. අම්මිගේ හොඳ දුව වෙන්නත් ඕනේ. හ්ම්.......... මොකද කරන්නේ?? ටිකක් වෙලා කල්පනා කරනකොට මගේ මොලේට හොඳ අදහසක් ආව... ඒත් ඒ මිෂන් එකට අවශ්‍ය වෙන එකම එක උපකරණයක් තියෙනවා. විනාඩි දෙකක් ඇතුලත මගේ කාමරේ පෙට්ටියකින් ඒ උපකරනෙත් හොයාගෙන මං ලෑස්ති වුණා. මේ වැඩේ හරි ගියොත් බඩුම තමයි..
විශ්මි නමැති හොර පූසියගේ මිෂන් එක සාර්ථක වෙයිද? වැඩේ අල පාත්තියක් වෙයිද? ඊළඟ කොටසින් හමුවෙමු >>>>>
hehehhhe akki lassanate kathawe iwere karala thiyenne,, ala pathiyak karana nam epa mission eke,, ilange ekath ikmanate danne hode :)
ReplyDeleteada man thamay 11111111111111111111111111111
ReplyDeleteඅම්මේ ඉක්මනට ඉතුරු ටිකත් දාන්න ඉක්මනට නංගෝ....
ReplyDeleteආයි මොනාද?
ReplyDeleteඅල පාත්තියක්ම තමා
කතාවනම් වෙනදා වගේම සිරා
ඊළග කොටසත් ඉමනටම දාන්න නගෝ
නියමයි...නියමයි...
ReplyDeleteහේ හේ...හොරාගේ අම්මාගෙන් නෙමෙයි හොරාගෙන් මනේ පේන අහලා තියෙන්නේ...
නියමයි.. ඊළග කොටස කවද්ද එන්නේ??
ReplyDeleteමට හිතෙන්නේ වැඩේ හරි යයි වගේ. කතාව සෑහෙන්න වටයක් කැරකිලා වගේ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මන්දහාසියි විශ්මියි දෙන්නම එකම කෙනා කියලා මහිම මල්ලි දනගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා. බලමුකෝ කතුවරිය මේ අවුල විසදන හැටි.
ReplyDeleteඉක්මනටම ඉතුරු කොටස් ලියන්න නංගි.
අයේ හෝදන්න දෙයක් නෑ අල පාත්තියක් ම තමයි...
ReplyDeleteෂුවර් එකටම ජනේලේ ග‍්‍රිල් එක ගලවන් ජනේලෙන් එලියට පනින්න හදනකොට මහිමට මාට්ටු...
This comment has been removed by the author.
ReplyDeleteඑක හුස්මට කියවල දැම්මා. ඉවර වෙනකම් දන්නේ නෑ.:-q :-q #-o #-o හොදට ලියලා තියෙනවා. මන්දහාසි වගේ කම්මැලි නැතුව ඉක්මනට ඉතුරු කොටස් ටිකත් කෙටුවනම් හොදයි නේද? ;) ;) ;)
ReplyDeletehale... mata enna bari wuna kalekin, menna bole kotas dekakma daala. maru habay,. mata nam hithaganna ba me mission eka mokakda kiyala. api balamuko. :D
ReplyDeleteමම මේ අද තමයි මන්දහාසි හරියට කියවන්න පටන් ගත්තේ! නියමයි අයිස්!
ReplyDeleteමමත් අද ඔක්කොම කතාව කියෙව්ව..නියමයි අයිස්..ඉක්මනට ඊලග කොටස එයි නේද..
ReplyDeleteමාත් හිතන්නේ වඩේ අල වෙන්න ඇති.මිෂඔන් ඉම්පොසිබ්ල් මියුසික් එක මතක් උනා.
ReplyDeleteමධුරංග අයියා විතරයි දනාත්මකව හිතල තියෙන්නෙ.
එල එල ....ඔහොම යං
ReplyDeleteඅර නෝටියා කිව්ව වගෙ ජනේලෙ ග්‍රිල් එකවත් ගලවන්නද හදන්නෙ..
ඉතුරු ටිකත් ඉක්මනට ඔන නංගා.
ane ice akke,harima lassanai.. oya me kathava liyanne mage vayase kenek gena..baya venna epa.oyage kathava kiyavala mama nomaga yanne ne..harida? hee..hee..
ReplyDeleteu have a bright future...keep up writing
හිකිස් නියමයි නංගෝ ... මේ අර රහස් උපකරණෙ මොකද්ද කියල කියන්ට බැරිද අපටත්? ඔය මහිම කෙනෙක් ගෙදර කඩන් වැටුණු වෙලාවක පාවිච්චි කරන්ට!
ReplyDeletehmm...wade hariyatama hariyai wage mata hithenawa...balamuko...
ReplyDelete@Glimmer නංගා : ඔව් ඔව් ඔන්න ඔය තමයි එක.. යේ.... හි හි.. ස්තුතියි නංගෝ... බලමුකෝ මොකද වෙන්නේ කියල නේද? ඉක්මනට ලියන්නම්. :) :)
ReplyDelete@හෂාන් මල්ලි : ඇයි මොකෝ? මොනවහරි මතක් වුණා නේද? ;)
@වර්ණා : පුළුවන් ඉක්මනට ලියන්නම්... තැන්කූ වේවා! :)
ReplyDelete@මහිම මධුරංග : අපොයි වැඩේ අල වෙනකන් තම බලාගෙන ඉන්නේ නේද? ස්තුතියි ගොඩාරියක්.. :) :)
@සයුරි අක්කි : ස්තුතියි අක්කියෝ ...... හි හි.. ඒකනේ... දැනගත්තම මොනා හිතෙයිද නේ? ;)
ReplyDelete@දිනේෂ් අයියා : ස්තුතියි අයියේ... පුළුවන් ඉක්මනට ලියන්නම්... දවසක් කියන්න නම් බෑ.. එතකොට ඒක පොරොන්දුවක් වෙනවනේ. ඉෂ්ට කරන්න බැරිවුණොත් හොඳ නෑනේ.. :) :)
@මධුරංග අයියා : හි හි.. ඇත්තට මහිම මල්ලි දැනගත්තම දහඅට වන්නම නටන්න පටන් ගනීද දන්නේ නෑ.. හිකිස්... පුළුවන් ඉක්මනට ලියල දාන්නම් අයියේ.. ස්තුතියි හැමදාමත් වගේ අදත්... :) :)
ReplyDelete@නෝටියා : ඔන්න ඔන්න ඉතින් නෝටියා නෝටි වැඩක් කරලනේ..:P මීට පස්සේ පේන බලලා තිබුනොත් කාරිය එල්ලනවා මස් කඩේ කොක්කේ හරිය??? :P :P :)
@සිහින කොදෙව්ව : ස්තුතියි යාලු.... පුළුවන් ඉක්මනට ලියන්නම්කො..
ReplyDelete@ප්‍රාර්ථනා අක්කි : හලේ....... ගොඩ කාලෙකින් නේ අක්කිව දැක්කේ.. සතුටුයි ගොඩක්.. ස්තුතියි අක්කියෝ.. අපි බලමුකෝ ඊළඟ කොටසෙන් නේද? :) :)
@විසිතුරු : ස්තුතියි අයියේ... ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා මහිම මන්දහාසියට.. :) :)
ReplyDelete@සිත්රූ සිහින : ස්තුතියි සිත්රූ... :) :) හි හි... ඉක්මනින්ම ලියන්නම්කො.. :)
@මිතුරු : ඇයි මිෂන් 'දියකාවා'.. හිකිස්... ඔයා හිතන්නෙත් අල කියල නේ?? කස්ටිය අල වෙනකන් තමයි ඉන්නේ නේ? හිකිස්.... බලමුකෝ හොඳේ.. :) :)
ReplyDelete@ලොකු අයියා : ස්තුතියි ලොකු අයියේ.... ඔයා නෝටියා කියන ඒවා ගණන් ගන්න එපා අනේ. එයට ටිකක් මොලේ හොඳ නෑ.. හිකිස්.. ඉක්මනින් ලියන්නම් අයියේ.. :) :)
@Anonymous නංගා : හි හි.... අන්න එච්චරයි ඕනේ නංගා... :) ඔය වයසට සාමාන්‍ය දේවල් තමයි,එත් කල්පනාවෙන් වැඩ කරන්න.. ස්තුතියි නංගෝ... :) :)
ReplyDelete@අමා අක්කි : හිකිස්...අනේ ඇත්තට උදේ පාන්දර ඔහොම දේවල් වෙනවනේ නේද අක්කියෝ? ඊළඟ කොටසෙන් කියන්නම්කො හොඳේ.. :) ස්තුතියි අක්කියෝ.. :) :)
@ඉසුරු : අන්න ඔයයි ,මධුරංග අයියයි විතරයි පොසිටිව් විදියට හිතුවේ.. තෑන්ක්ස් ඉසුරු... ''මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු විශ්ට'' හිකිස්... :) :)
ReplyDeleteapi purudu wela thiyenne anna a widihata hithanna witharai neh... :D
ReplyDeleteikmanata liyanavakoo ice..apitath kenthi yanava.
ReplyDeletehee..hee..
@(අයි කෙ) :අන්න එහෙමයි හොඳ ළමයි... heheeeeee.. :)
ReplyDelete@Anonymous : හි හි... පුළුවන් ඉක්මනට ලියන්න උත්සහ කරන්නම්... කවුද මේ ඇනෝ??? දන්න කෙනෙක් ද? :P
සෑහෙන කාලෙකින් කොමෙන්ටුවක් දාල යන්ට බරි උනා.. මෙ දවස්වල පොඩ්ඩක් busy .. හෑබෑයි ඉතින් කියවන්ට අමතක කොරන්නෑ ඕන්..
ReplyDeletehuh කපටි කෙල්ල.. හොර පූසි වගේ ඉදන් දශමෙට ගේම දෙනවා.. පව් අර අසරණ මහිමයා.. ලිදෙන් වතුර ඈදගෙනම නාගන්නවා.. හෑමතනම ඔහොම තමයි.. කොලු හිත් හරිම අහිoසකයි..
මදෑයි help එකක් ගන්ට කියල කතා කොරා.. එක කඩයක් නෙවේ දෑන් ඉතින් shopping center 1ක් වටේම ගිහින් තමා නතර වෙන්නෙ ඕන්..
Ice කෙල්ලෙ, ඔයා ලියනව පට්ටයි ඈ.. අර පොඩ්ඩගෙ කතාව බොක්කටම වදින්ඩ ලියල තියෙනව.. ඔය විදිහටම carry on කරන්ඩකො එහෙනන් ඈ.. ජයවේවා
@ඈනොනිමස් කොල්ලා : ඒක නේන්නම්... සෑහෙන කාලෙකින්.. කමෙන්ට් නොකලත් කමක් නෑ කතාව කියවනවා නම් මට ඒ ඇති.. :)))))
ReplyDeleteඅපොයි.... දැන් කොහේ කොල්ලොද අහිංසක? පව්... හිකිස්.. කොල්ලෝ ඊටහපන් හොර පූසෝ නේ..
ස්තුතියි සහෝදරයා... වචනෙකින් හරි ලැබෙන ඔය දිරිය නිසා තමයි මේ බ්ලොග් කෙරුවාව නවත්තන්න හිත දෙන්නේ නැත්තේ.. ජය වේවා!
හරිම ලස්සනයි අයිස්.. ඕන් මං මුල ඉදන් කියවලා මෙතනින් නැවත්තුව.. ආසාවෙන් කියෙව්වා ගොඩක්.. ඉතිරිය කොටස එනකල් බලාගෙන ඉන්නවා..
ReplyDeleteසුබ පැතුම්..!!! :)
@නන්දු : මහන්සි වෙලා මුළු කතාවම කියෙව්වට ගොඩක් ස්තුතියි අක්කියෝ... ඔය දිරිගැන්වීම මට වටිනවා ගොඩක්.. ස්තුතියි.. :))
ReplyDelete