Tuesday, October 25

~මහිම මන්දහාසි~ 8වන කොටස

                      දවස් තුනක් හරි ඉක්මණට ගෙවිලා ගියා. කන්නයි, බොන්නයි, පාඩම් කරන්නයි, cartoons බලන්නයි දවසම ඉවරයි. හෙට ජීවිතේ තීරණාත්මක කඩයිමක් ආරම්භවෙන දවසක්. ඉතින් අදවත් ටිකක් relax එකේ ඉන්න කියල අම්මියි,අයියයි දෙන්නම කියපු නිසා මාත් ඉතින් එහෙම ඉන්න තීරණේ කරා. නැතුව මේ මගේ ආසාවකට එහෙම නෙමෙයි. හවස පන්සලේ බෝධි පුජාවට ගිය වෙලේ මට හදිස්සියේම මහිමව මතක් වුණා. ඇත්තම කිව්වොත් මේ දවස් තුනේ මං එයාව අමතක කරා නෙමෙයි, වැඩිය මතක් නොකර හිටියා. නොසෑහෙන බලාපොරොත්තු වල අවසානය ලොකු වේදනාවක් වුණොත් ඒක මට දරාගන්න බැරිවෙයි  කියලා මං ගොඩක් බයෙන් හිටියේ.

******

                     උදේම නැගිටින්න වුණේ ඉතින් විභාගෙට යන්න අම්මි නැකත් හදවල තිබුණු නිසා. නැත්තන් ඉතින් 8.30ට පටන් ගන්න විභාගෙට යන්න පාන්දර 5ට නැගිටින්නේ මොන මෝඩයද.. මගේ හිත සැහැල්ලුවෙන් තියන්න පුළුවන් හැමදේම අප්පච්චි ලැස්ති කරලා තිබුණා. මේ මගේ වගේම පවුලේ අයගෙත් වැදගත් අවස්ථාවක් කියලා මං තේරුම් ගත්තේ ඒ දේවල් නිසා. 


                    පටන් ගන්නකොටම ඉතින් කාපියකෝ යකා. ඉස්සෙල්ලම ඉංග්‍රීසි සාහිත්‍යය. ආසාවෙන් ඉගෙන ගත්තට මොකද, මට සිංහල වලදී වගේ ලස්සනට ඉංග්‍රීසියෙන් විචාර නම් ලියන්න බෑ ඕන්. ඒත් ඉතින් මොනවා කරන්නද බැඳ ගත්ත බෙරේ ගහන්නම එපැයි. සිංහල, ඉංග්‍රීසි, බුද්ධ ධර්මය, ගණිතය, සංවර්ධන අධ්‍යයනය, සමාජ අධ්‍යයනය, විද්‍යාව, IT, නාට්‍යය හා රංග කලාව මගේ විෂයයන්. එක දිගට මට ඔක්කොම විෂයයන් ටික යෙදිල තියෙන්නේ. ඒකත් හොඳයි ඉතින්.
  
                    ඉස්සෙල්ලම දවසේ විභාගේ ලියල ගෙදර ආවේ සුපුරුදු පරිදි බස් එකේ. එහෙම එනකොට ඉතින් ගෙවල් ලගදි අම්මිගේ යාළුවෙක්ව හම්බවුණා. ගමේ හැමෝම එයාව හඳුන්වන අන්වර්ථ නාමය ඉතින් 'රොයිටර්'. එතකොට කොයිවගේ කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන් නේ. එයා මගෙන් ඇහුවා paper එක කොහොමද කියලා. මෙයාටත් ඉතින් අනුන්ගේ මංගල්ලයක්ම තමයි. මාත් ඉතින් 'අනේ ආන්ටි, paper එක නම් මරු කොලෙත් හොඳයි,අකුරුත් හොඳයි,ඔක්කෝ.....ම හොඳයි. රජයෙන් සෑහෙන්න වියදම් කරන්න ඇති' කිව්වා. මේ ගිනි බෝම්බෙ ඒක අම්මිගේ කනේ තියලා. අම්මි මට බැන්නත් එක්ක.



              'ඉතින් අම්මි ගෙදරට එන ටිකට මුළු ගමම මග බලන් ඉන්නවනේ paper ඒක කොහොමද අහන්න. ඒකයි මං එහෙම කිව්වේ. අනික ඒක බොරුවකුත් නෙමෙයි. මටත් චැලි කට්ටක්වත් තිබුණා නම් ඔය කතා අහන්නේ නැතුව එන්න තිබුණා ඉතින්' මං හොරෙන් අම්මි දිහා බලල කිව්වා. ඒකට නම් අම්මිට ටිකක් හිනා ගියා. 

             'චැලි??? හි හි .... තමුසේ චැලියකට උසවත් තියනවද? අනේ නිකන් යනවා ඕයි යන්න ' අයියා මැදට පැන්න ඒ පාර. අම්මප මෙයාගේ හොම්බට අනින්න හිතෙනවා වැඩිහිටියන්ගේ කතා මැද්දට පනිනවට.

              'ඒ කතාව නම් ඇත්ත පුතා..හරි දැන් ඔයාට බස් එකේ එන්න නේ බැරි? හෙට ඉඳන් අයියව එවන්නම් ඔයාව එක්කගෙන එන්න. එතකොට ඔය පණ්ඩිත කතා නැතුව එන්න පුළුවන් නේ'. අම්මි අහනකොට අයියගේ මුණේ මල් හතයි. 

               'මං යන්නම් අම්මි' අයියා මටත් කලින් පටාර් ගාලා කියපි. 

               'ඔව් ඉතින් ඉබ්බව දියට දාන්න ඇහුවම,හිමිට ඇත ඇරපන් බං කිව්වලු නේ අයියා?' මං එහෙම කියාගෙන කාමරේට දිව්වා.
*****

                      ඊට පස්සේ හැමදාම අයියා ආවා මාව එක්කගෙන යන්න. මනුස්සයට ඉතින් ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඒත් ඉතින් අන්තිම දවසේදී නම් අයියා එනවට මං කොහෙත්ම කැමති වුණේ නෑ. පොඩි fun එකක් ගන්න තියෙන දවසනේ අපිට. ඒ නිසා මං අයියට එන්න එපා කිව්වා. ඒත් එයා ඒකට කැමතිවුනේ ඉක්මණට විනූටයි, එයාටයි meet වෙන්න චාන්ස් එකක් හදල දෙන්න පොරොන්දු වුනාට පස්සේ තමයි.


                      අන්තිම දවසේ තිබුණු නාට්‍යය හා රංග කලාව paper එක ලියලා අන්තිමේදී, අපි සෙට් එක ෆොටෝස් එහෙම අරගෙන ටවුන් එකේ පොඩි රස්තියදුවකුත් ගියා. ආයේ ඉතින් school uniform එක අඳින්න වෙන්නේ ගොඩ කාලෙකින් නේ. හවස 4.30ට විතර අපි කස්ටියම ගෙවල් බලා යන්න සමුගත්තා. විනූ clock tower ගියා. සදූ,දුලනි,මංසලා, දිනාදී දෞපදී ,අරවින්දි කට්ටියම good shed ගියා. අනේ ඉතින් අහිංසක විශ් තනියම පැණිදෙනිය හෝල්ට් එකට ආවා.

                      සඳුල ගිහින් ටික වෙලාවකින් KCC එක පැත්තෙන් school uniforms වලින් පිරිමි ළමයි ටිකක් මතු වෙනවා මං දැක්කා. අද ඉතින් ටවුන් එකේ හැමතැනදිම මේ වගේ කට්ටියව හම්බවුණ නිසා මට ඒක විශේෂයක් වුණේ නෑ. ඈත ඉඳන්ම කෑකෝ ගහගෙන, හිනා වේවි ආපු කොල්ලෝ ටික මට ටිකක් එහායින් නතර වුණා. දෙතුන් පාරක්,එහෙ මෙහෙ බලපු මට ඒ අය සැරින් සැරේ මේ පැත්ත බලනවා කියලා තේරුණා. ඒ වුනාට මාත් එක්ක හෝල්ට් එකේ තව ගොඩක් අය හිටපු නිසා මං ඒ ගැන වැඩිය හිතුවේ නෑ. ඒ කොලු රෑනේ එක්කෙනෙක්, දෙන්නෙක් විතර ටිකක් දැකල පුරුදුයි කියලා හිතුනත් අනිත් අයව නම් නෝට් නෑ..

                    මොන හේතුවක් නිසාද මන්ද මගේ හිතට පුංචි බයක් දැනුණා. විනාඩි පහෙන් පහට තියන පැණිදෙනිය බස් එකත් අද පරක්කුයි. අපරාදේ මට අයියට එන්න කියන්න තිබුණා. නැත්තන් සඳුලත් එක්ක ගිහින් යන්න තිබුණා.  

                   ටිකක් විතර කලබල වුණේ අහේතුවකට කියලා හිතුනත් ඒත් එක්කම වගේ හිතේ කලබලේ සාධාරණ හේතුව මගේ ඇස දෙකටම දැක්කා. මගේ සැකේ හරියටම හරි.... නිල්..... කොලු රෑනේ හිටිය කෙනෙක්ගේ අතේ නිල් බෝතලයක්. අද අන්තිම දවස තමයි. ඒත් uniform එකෙන් නිල් නාන්න නම් බැරියෝ. අනික දැන් නිල් ගැහුවොත් බස් එකක යන්නේ කොහොමද? අයියට කෝල් කරනවද? අනේ කෝ මේ බස් එක? මගේ ඉස්සරහ ප්‍රශ්න ගොඩයි. ඒත් ඉක්මණට තීරණයක් ගත්තේ නැත්තං මට නාන්නයි වෙන්නේ... නිකන් නෙමෙයි .... නිල්..........


                  මොනවද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්න වෙලාවේ පැණිදෙනිය බස් එකක් හෝල්ට් එකට එනවා මං දැක්කා. පුළුවන් තරම් ඉක්මනට බස් එකට නගින්න කියල හිතාගෙන පාර පනින්න හදනකොටම අර කොල්ලෝ සෙට් එකෙන් දෙන්නෙක් මට කලින් පාර පැනල බස් එක ළඟ හිටගත්තා. ඒ කියන්නේ මං බස් එකට නගිනකොට නිල් ගහන්නයි හදන්නේ. ඉවරයි.... එක්කෝ නිල් නාන්න ඕනේ, නැත්තන් මේ කොල්ලෙකුට කනේ පාරක් දෙන්න ඕනේ. (පණ්ඩිතයා වගේ කිව්වට මොකද මං එහෙම කරන්න බයයි. ඒක වෙනම කතාවක්). අනිත් කොල්ලෝ ටික මේ පැත්තේ ඉඳන් කෑගහනවා. මං හිතාමතා ම පාර පනින එක පරක්කු කරා. පාර පැන්නත් මං නසී. මෙතන හිටියත් මං නසී........


ඊළඟ කොටසෙන් හම්බවෙමුකෝ... ජය වේවා!!!

15 comments:

  1. අයියෝ මන්දහාසියෝ...අදවත් ඉස්කෝලේ කියලා නෑ......අහ්! හොඳම තැනින් තමා නතර වෙලා තියෙන්නේ.....හොඳ වැඩේ...අයියා එක්ක යන්නේ නැතුව පණ්ඩිතකම් කරනවට...දැන් කාපංකෝ නිල්.....kcc එකේ අහ් මාර පොට් එක,,,අපි ක්ලාස් යන කාලේ ඔතනමයි...කැන්ඩි ගර්ල්ස් කොලේජ් වල ලස්සන පොෂ් කෙල්ලොත් ඉතින් ඔතනමනේ...හික්z
    ආ මරු කොටස.....ඉතිරි කොටස පල කරන තුරු නොඉවසිල්ලෙන්...

    ReplyDelete
  2. අහ් ! ඔන්න මම තමා පලවෙනි කොමෙන්‍ටු කට්ට.....හි හී

    ReplyDelete
  3. හික් හික්.. මම නම් නංගි ගේ ඉස්කෝලේ දන්නවා.. මේ ඔය kcc කියන නම දන්නේ නුවර අය විතරයි.. අනික් උන් බලනවා ඇති මේක kfc වගේ එකක් ද දන් නෑ කියල. හිකිස්..

    ජය...

    ප.ලි. කතාව නියමයි,, ඔහොම යන්.. ඔන්න මම මගේ බ්ලොග් ලිස්ට් එකට මේ බ්ලොග් එක ඇඩ් කළෝ...

    ReplyDelete
  4. නියමයි නියමයි!!! ඉස්කොලේ කාලේ කොච්චර ෆන් ද නේද!!
    නිල් කෑවද නැද්ද බලන්න ඉතින් ඊළඟ දවසෙත් එන්න වෙනවා!
    සුභ පැතුම් තවත් හොදට ලියන්න... ජය වේවා!

    ReplyDelete
  5. @ Gayan Rupasinghe :
    kcc - Kandy city center එක නේද??? O_o

    ReplyDelete
  6. විශ් පැණිදෙනියේ ද ඉන්නේ ?? අපරාදේ මාත් ඔය කාලේ පැණිදෙණියේ හිටියා. බස් හෝල්ට් එකට ආවමන් විශ්වයි මහිමවයි බලාගන්න තිබ්බා.

    එතකොට විශ්ට මහිමයාව හම්බ වෙලාද තියෙන්නේ ? විශ් ගොඩ ගිහින්දෑ ඉන්නේ ??

    ReplyDelete
  7. @ගලයා : හිකිස්......ඔයා නුවර ක්ලාසස් ආවද? මරු නේ... ඒකනේ අනේ පාඩුවේ විශ්මිට අයියත් එක්ක යන්ද තිබ්බ එකනේ. තියෙන පණ්ඩිතකම තමයි.පළවෙනි comment එකට ස්තුතියි සහෝදරයා... :D

    @Gayan Rupasinghe : හි හි... මගේ බ්ලොග් එකත් ඇඩ් කරාට වගේම දිරිගැන්වීමටත් ස්තුතියි අයියේ....

    ReplyDelete
  8. @Chamikawp : හි හි... ඉස්කෝලේ ජීවිතේ තරම් සුන්දර කාලයක් ජීවිතේට තවත් නැති තරම්නෙ සහෝදරයා... ස්තුතියි මේ පැත්තේ ආවට. KCC කියන්නේ කැන්ඩි සිටි සෙන්ටර් එකට තමයි. :D :D

    @(‍‍‍අයි කෙ) :නිල් කෑවොත් හොඳයි ද? පව් නේ විශ්මි.... හි හි.. හැමදාම මගේ කතාව කියවන්න එනවට ස්තුතියි ඉසුරු... :D :D

    ReplyDelete
  9. @මධුරංග : තවම නෑනේ අයියේ... ඒ කාලේ විශ්මිලා, මහිමලා කොහේ හිටියද දන්නේ නෑ... හි හි... :D :D

    ReplyDelete
  10. Nil kaawoth hondai.,.nil kala yanakota mahima dakkama thawath hondai...:D
    api kiyawanne nathuwa bane...ape kollo kello daskam pana kota api ewata diri denna inna one ne.. :D

    ReplyDelete
  11. Apoooo paw vishmi.... Oya athdakeem walin wenda athi kiyanne ne??? :P
    He he... aniwa aniwa.... thanks saho... :D :D :D

    ReplyDelete
  12. na na..matama kiyala paudagalika athdakim nam na..podu athdakim walin kiyanne...eya nil kaawoth lassanata indi kiyala hithuna..hehe...liyannako balanna.. :D

    ReplyDelete
  13. ඈනොනිමස්Oct 28, 2011, 8:52:00 AM

    පට්ට ආහ්.. ස්ටෝරිය මරුවට ගලගෙන යනව.. ඔයාගෙ සබ්ද කෝෂයටත් සෑහෙන ලකුනු දෙන්ඩ ඈහෑකි.. දිගටම booring නෑතුව කුතුහලයෙන් යුතුව කතාව continue කරන්ඩ සුබ පතනවා..
    ජය වේවා!!

    ReplyDelete
  14. @(‍‍‍අයි කෙ): හි හි.... එහෙමද? බලමුකෝ මොකද වෙන්නේ කියලා නේ?? :D :D

    @ඈනොනිමස් : ස්තූතියි ඇනොනිමස් මේ පැත්තේ ආවට.. :D

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)