Thursday, October 13

~මහිම මන්දහාසි~ 6වන කොටස


                    'හරි හරි ඉතින් හොඳක් කරාමත් රවන්න එපා බං..එහෙනම් මෙයාලත් එක්කගෙන මාලිගාව ඉස්සරහට වරෙන් හොඳේ , අපි ඉන්නම්' අයියා අපි ඉන්නම් කිව්වේ විනූ දිහා බලාගෙන.විනූ මං දිහා බැලුවා

              'මොනවද බලාගෙන ඉන්නේ? පලයන් පලයන්' මං එහෙම කියල විනූව අයියා ලඟට තල්ලු කරලා වගේ යැව්වා. මහිමයි,යාළුවෝ ටිකයි පුදුමෙන් බලාගෙන ඉන්නවා.මේ මොනවද වෙන්නේ කියල හිත ගන්න බැරුව ඇති.

    අයියාගේ උරහිස යන්තමට අල්ලාගෙන බයික් එකට නගින විනූ දිහා බලාගෙන ඉතින් අපිට කට වහගෙන ඉන්න පුලුවන්ද? බෑ නේ...

          'ආ ...නංගි ,ඔහොම යන්කො'

           'මේ මාළිගාවටම යන්න හරිද? වෙන කොහෙවත් එහෙම යන්නෑ'

         'අජානේය ඉස්කුටර තුරඟු පිටින් වඩිනා
         කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
         බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
         විලාසයට නුඹේ කිරුල බිම වැටේද සිතුණා.....'
    මංසලා එහෙම කිව්වම මහිමලාටත් හිනා ගියා. විනූගේ මුණ ලැජ්ජාවට ලා රෝස පාට වෙලා. ලස්සන couple එක..මට මතක් වුනේ ‘Rab ne bana di Jodi’ ෆිල්ම් එක.

          'එහෙනම් ඉක්මනට එන්න' කියල එයාල ගියා.

     අපි ඩී.එස් සේනානායක වීදිය දිගේ මාළිගාව පැත්තට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මහිමලා අපිට ටිකක් පිටිපස්සෙන් ආවේ. 

       'අර ගොල්ලෝ අපිට ටිකක් පස්සෙන් එන්නේ අපි ගිලී කියල බයේද දන්නෑ නේ?' සඳු මගෙන් ඇහුවා.
       'මං කොහොමද දන්නේ? එයාලගෙන්ම අහගන්න

      'මේ හලෝ අපි හරක්මස් කන්නෑ. ඉක්මනට එනවද? ඔයාලා ලත වෙනවනේ' සඳු කෙලින්ම කිව්වා.

      'ඒ උනාට බයයි අනේ. ඔයාලා අපිට ගැහුවොත් එහෙම?. ඊයේ නිල් ගැහුව නිසා' තිසර කිව්වා.

          'අපෝ වැඩේමයි'.
      
          'අනික හලෝ ඔයාලගේ යාළුවො කතාකාරටවත් හිනාවෙන්නේ නෑනේ. එහෙම උනාම එකට යන්නේ කොහොමද නේ?' විශ්ව ඒ කිව්ව කතවට නම් මට හැරිලා නොබලා ඉන්න බැරි වුනා. ඒ කතාව කිව්වේ මට හින්ට් එකට.

         මං බලනකොට මහිම විශ්වගේ බෙල්ල මිරිකන්න හදනවා. මට හිනාත් ගියා. ඒ කියන්නේ ඒ කතාව කියන්න ඇත්තේ මහිම වෙන්න ඕනේ. එත් ඉතින් එයා මං දිහා බලනකොට නිකන් මාව කරකවලා අත ඇරියා වගේ දැනෙන හැගීම නිසා මට එයට හිනා වෙන්න අමතක වෙනවා. ඒ වුනාට මීට පස්සේ කරකවලා අත ඇරියා වගේ නෙමෙයි, උස්සලා පොළවේ ගැහුවා වගේ දැනුනත් හිනා නොවී නම් ඉන්න හොඳ නෑ කියල මං හිතාගත්තා. කිසිම කෙනෙක් මං ආඩම්බරයි කියල හිතනවට මං කැමති වුනේ නෑ. මොකද මට කිසිම දේකට ආඩම්බර වෙන්න හේතුවක් තිබුණේ නැති නිසා.


            කොහොමහරි කතාවෙන් කතාවෙන් මගේ යාළුවොන්ටයි,මහිමලාටයි ෆිට් වෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ. එයාලට කතා කරන්න ඉඩ දීල මං මගේ පාඩුවේ ආවා. ඒ කතා වලින් මං තේරුම් ගත්ත විදියට තිසර හොඳට විහිළු කතා කියන්න දන්නවා. මහිමයි, රුචිරයි, විශ්වයි මහ කටර් 3ක්. මහිමගේ නම් පුදුම කියවිල්ලක් තිබුණේ. ඒ කියවන විදියට අහන් ඉන්න ආස හිතෙනවා. ඒ වගේම මේ කට්ටියම ඉස්කෝලේ ටිකක් දඟ චරිත වෙන්න ඕනේ.

       අපි මාළිගාව ඉස්සරහට එනකොට අයියයි විනූයි බෑග් කවුන්ටර් එක ඉස්සරහ හිටගෙන ඉන්නවා. අයියගේ අතේ තියෙන නිල් මානෙල් මල් ටික මට කියල මං දන්නවා.කොච්චර පිළිවෙලට මල් වට්ටිවල මල් අහුරලා තිබුනත් දඬුව පිටින් තියෙන නිල් මානෙල් මල් මිටියක් ඊට වඩා දාස් ගුණේකින් ලස්සනයි ,පිළිවෙලයි කියල මට හැමදාම හිතෙනවා. මගේ කැමැත්ත ගැන අයිය දන්නා නිසා තමයි එයා මට වෙනම මල් අරගෙන තියෙන්න.

                     'ඉක්මනට ඇවිත් නේ? අපි ඔයාලටත් එක්ක මල් ගත්තා.විනූ ලොකු මල් වට්ටි දෙකක් සඳුගෙයි,රුචිරගෙයි අතේ තියන ගමන් කිව්වා. අයිය මානෙල් මල් ටික මට දුන්නා.

           'බොහොම පින්. බුදුන් දැක නිවන් දකින්න ඕනේ. මාලිගාවට මල් තියල වැන්ද කාලයක් මතක නෑ. අපි ඉතින් අතේ සතේ නැති දුප්පත්, අහිංසක කොල්ලොනේ'. මල් වට්ටිය ගන්න ගමන් රුචිර කිව්වා. මහ පිස්සෝ ටිකක්. හැමෝගෙම බෑග්ස් ටික කවුන්ටර් එකෙන් තියල අපි පෝලිමට මාලිගාවට ඇතුල්වුණා...

           අයියා මට දුන්න මල් මිටිය මල් 8ක් තිබුණා. මං නිකන් මල් පෙති ගණන් කරනවා වගේ බිම බලාගෙනම ඇවිදගෙන ආවා. අනිත් අයට නම් කතා ගොඩක් තිබුණා.. 
              'මේ මධූ අයියේ අපිට දළදා වඳින්න තරම් හිතේ සැහැල්ලුවක් නෑ හලෝ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා'. ගහෙන් ගෙඩි එන්නා වගේ එහෙම කියන ගමන් තිසර පාර මැද්දේ නැවතුණා.
       
              'ඇයි?'

            'දැන් කවුද ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්?' 'දඩෝන්' ගාලා පිට මැද්දට තඩි පොල්ලකින් පතබෑවා වගේ විශ්ව ඇහුව කතාවට අපිත් පාර මැද්දේ නැවතුණා.

            'විනුරි' විනූව පෙන්නන ගමන් අයියා කිව්වේ ස්ථීර විදියට.

            'එතකොට විශ්මි?'

            'යකෝ බත් කන හරකෝ, විශ්මි මගේ නංගි. එක කුසඋපන්  මගේම නංගි'. අයියා කිව්ව කතාවට මගේ යාළුවෝ ඔක්කොම හිනාවුණා.
             'එතකොට ඊයේ west hill එක ලඟට විශ්මිව එක්කන් යන්න ආව වෙලේ විනුරිත් එක්ක කතා නොකළේ? මහිම ඇහුව. 'විශ්මි' කියල එයා හරි ලස්සනට කිව්ව. මෙච්චර කාලෙකට මගේ නම ලස්සනටම කිව්වේ මහිම වෙන්න ඇති. මට දුවගෙන දුවගෙන දූ....වගෙන ගිහින් වැවට පනින්න තරම් සතුටක් හිතුනා..
         
           'ආහ්.... විනු මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුනේ අද නේ' ඒ ටික නම් අයියා කිව්වේ ටිකක් ලැජ්ජාවෙන් වගේ. දැන් ඉතින් අයියා ඉඳල ඉවරයි.
        'නෑ....'
     
        'අම්මට සිරි නම්, තාත්තට ආසිරි කිව්වලු

       'මරුනේ..'

       'කවද්ද පා(ර්)ටි?.අන්තිමට සතුට ඉහ වහා ගීය මහිම හයියෙන් විසිල් එකක් ගැහුවා.

        'ෂ්..... ඉන්න තැනත් අමතකද?' හිතල නොවුනත් මට එහෙම කියවුණා.

        'සොරි' …පොඩි එකෙකුගේ දඟකාරකමක් අම්මට අහුවුනාම වගේ හොර මූණක් හදාගෙන මහිම කිව්ව විදියට මට දුකත් හිතුණා..

        'ගලේ බණ්ඩාර දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ. මෙච්චර වෙලා පාඩුවේ ඉඳපු මෙයාගේ සැර' තිසර කිව්ව කතාවට නම් මට හිනා නොවී ඉන්න බැරි වුනා..

        'හි හි... පුදුමයි මේ කටර් එක මෙච්චර වෙලා කට පියාගෙන හිටියා. නැත්තම් කතා කරන්න ගියාම මෙයාට බ්රේක් නෑ'. අයියා කිව්ව කතාවට මං බොරුවට රවලා බැලුවේ. එයා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත.

     

      මල් පූජාකරලා උද මාලේ ඉඳන්ම වඳින්න හිතාගෙන හිටියට අපිට එහෙම කරන්න බැරි වුනේ සෙනග වැඩි නිසයි. අද සෙනසුරාදා නේ. සෙනඟ අස්සෙන් මල් පූජා කරන තැනට යනකොට අපි කට්ටියම විසිරිලා හිටියේ.මල් ආසනේ ඉස්සරහ හිටිය මැදි වයසේ ගෑනු කෙනෙක් දොහොත්මුදුන් තියාගෙන වඳිනවා. මං ගිහින් ඒ පිටිපස්සෙන් හිටගත්තේ ඒ ගෑනු කෙනා අයින් වුනාම මගේ මල්ටික තියල වැඳගන්න පුළුවන් නිසා. මට ටිකක් එහායින් සඳුලයි මහිමගේ යාළුවෝ ටිකයි ඉන්නවා මං සෙනඟ අස්සෙන් දැක්කා. අයියයි,විනූයි මල් පූජා කරලා ඉවරවෙලා පහලට යන පඩිපෙළ ලඟට ගිහිනුත් ඉවරයි. ඒත්... කෝ මහිම? මහිමව හොයන්න වටපිට බලනකොට මෙන්න එයා මගේපැත්තකින් ,මගේ ළඟම හිටගෙන ඉන්නවා. මගේ හුස්මත් හිරවුණා....

             මෙතන ඉන්න නිසා එයාට පුජකරන්න මලුත් නෑ.. මං කතාවක් නැතුවම මගේ අතේ තිබුන මල් වලින් 4ක් මහිමගේ අතේ තිබ්බා.
        'අහ්... තෑන්ක්ස්'.

       'තෑන්ක්ස් නෙමෙයි පින්' මං මහා පණ්ඩිත කතාවක් කිව්වා.

       'ආ ඔව් නේ.. සොරි හොඳේ'. එහෙම කියලා එයා හරි ලස්සනට හිනාවුණා. 
        
       මා ඔබත් එක්ක සුහද කතාවක්..
      ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...ඒ සින්දුව මතක් වෙලා මට පුංචි හිනාවකුත් ආවා.

         මගේ ඉස්සරහ හිටපු ගෑනුකෙනා අයින් වුනේ මටයි, මහිමටයි මල් පූජාකරන්න ඉඩ හදලා.මල් ටික තියලා ඇස් දෙකත් පියාගෙන වඳින මහිමව දැක්කම මට මතක්වුනේ ඊයේ පළවෙනි වතාවට එයාව දැක්ක හැටි. එයා මොනවා ප්‍රාර්ථනා කරනවා ඇතිද? මට මොහොතකට එහෙම හිතුනා. මට නම් කරන්න ප්‍රාර්ථනා දෙකක් තිබුනා..


ඊළඟ කොටසෙන් හම්බවෙමුකෝ..>>>>

17 comments:

  1. Honda anagathayak thiyenawa wage penawa... (Ik)

    ReplyDelete
  2. Hehe.... Matada?? Naththan Mahimatai, Vishmitai da?? LOL.. :P :P

    ReplyDelete
  3. ඔන්න මමත් මේ පැත්තේ ආවා..ලස්සනයි..මගේ සුභ පැතුම් දිගටම ලියන්න

    ReplyDelete
  4. බොහොම ස්තුතියි සහෝදරයා... :)

    ReplyDelete
  5. ලියනවා ලස්සනයි..දිගටම ලියන්න..බ්ලොග් අවකාශයේ දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න , එතකොට කමෙන්ට් කරන අයට ලේසියි :)

    ReplyDelete
  6. mahimagei vishmige anagathe thiyenne oyage athene..eka theeranaya karana oyage anagathe hondai kiyala kiuwe.. (Ik)

    ReplyDelete
  7. @ChammA : ගොඩක් ස්තුතියි සහෝදරයා...

    @Isuru : hehe...thanx bro... :)

    ReplyDelete
  8. aiyoo..hoya gatthada.. kk nwy good luck..:D (Ik)

    ReplyDelete
  9. Hehe... Man dakka FB eke alternate name eka IK kiyala daala thiyenawa... :D :D

    ReplyDelete
  10. අම්මට සිරි නම් තාත්තට ආසිරි කිව්වලු....මෙච්චර කල් මේ සොඳුරු කතාව කොහෙද සැඟවී තිබුනේ...?පට්ටයි ice.....ගල් ගැහෙන කතාවක් නේ මේක......ඉතුරු ඒවත් දාන්න මම අනිවා බලනවා...මෙයා උඩරට මැනිකේ නිසා වෙන්න ඇති ගලයා වන්නියෙද කියලා ඇහුවේ...මෙයාගේ ආඩම්බර....

    ReplyDelete
  11. @ගලයා : තැන්කූ තැන්කූ ....... අනේ ඔයා වන්නියේද ඇහුවේ මං නෙමෙයි.. නදී...:D :D

    අපිත් ඉතින් ටිකක් ආඩම්බරේට ඉන්න කැමති ගෑනු ළමයි හරිය.. හි හි

    ReplyDelete
  12. අයියයි නංගියි දෙන්නම එකපාර ගොඩ යන පාටයි. මරු මරු

    ReplyDelete
  13. හි හි... ඒකනේ... එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි... හරි කපටියි අප්පා... :P

    ReplyDelete
  14. // එත් ඉතින් එයා මං දිහා බලනකොට නිකන් මාව කරකවලා අත ඇරියා වගේ දැනෙන හැගීම නිසා මට එයට හිනා වෙන්න අමතක වෙනවා. //

    මට නිකන් දැන් හිතෙනවා, අර දිනේශ් අයියා ඔයාගෙයි මගෙයි කතාව පැටලෙනවා කියන්නෙ ඇත්තක්ද කියලා..:O මොකද මට සාමාන්‍යෙන් හිතෙන මම ලියල තියන සමහර හුඟාක් ස්ඉතුවිලි මෙතන තියෙනවා...:D

    ReplyDelete
    Replies
    1. හි හි.... ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ නේන්නම්.. :DD

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)