Thursday, October 20

~මහිම මන්දහාසි~ 7වන කොටස


      මං වැඳලා ඉවර වෙලා ඇස් දෙක අරිනකොට මහිම මං එනකන් පඩිපෙළ ළඟ බලාගෙන ඉන්නවා. අනිත් අය පහලට ගිහිල්ලත් ඉවරයි.


         'ඔයා අද ලස්සනට සින්ග් කරා' මං කිව්වේ පඩිපෙළ බහිනගමන්.


         'ඇත්තද? තෑන්ක්ස්. ආ ..... සොරි සොරි ගොඩක් පින් හොඳේ'. මහිම හිනාවෙලා කිව්වා. ඒ මං ඉස්සෙල්ල කිව්ව කතාවට හින්ට් එකක්.


         'මියුසික් කරනවද?'


         'හ්ම්...ඔව්. ඉස්කෝලේ මියුසික් ගෘප් එකේ ඉන්නවා'. ආ... එහෙනම් මේපාර තෝමස් කළා උළෙලට යන්නම ඕනේ කියල මං හිතා ගත්තා. ඔයා වගේ බොහොම සාමාන්‍ය කතා ගොඩක් එක්ක හැන්දෑව ගෙවිල ගියේ පුදුම තරම් ඉක්මනට.. මට මහිමගෙන් ඈත් වෙන්න දැනුනේ ලොකු ලෝබකමක්. ඒ කියල ඉතින් මං මහිමලගේ ගෙදර යන්නයැ. ගෙදර එන්නම එපැයි.


          'හොඳට exam කරන්න විශ්'. ගුඩ්ෂෙඩ් එකට යන්න ලැස්ති වෙලා මහිම කිව්වා.


          'ඔයත්.. Good Luck'.


          'තෑන්ක්ස් . ආ ..... නෑ නෑ පින් හොඳේ'. අයියෝ......පණ්ඩිත කතා කියන්න ගිහින් මං කරගත්ත වැඩක්. මගේ හැන්ද අරන් මෙයා ඒ පාර මටම බෙදනවා.


     විනූව දිගන බස් එකට දාල සඳුලගෙනුයි,මහිමලාගෙනුයි සමු අරන් මං අයියත් එක්ක ගෙදර එන්න ආවා.


'Vish, uba mahimata luv neda?'ඒ එන අතර මගදී සඳු මට එකක් එවල තිබුණා.


'Ane manda ban. Mata therenne naa' මං ඇත්තම කිව්වා.


"Monawa unath exam hariyata karala inna. Aftr di xam... v'll C... ;) ;)'


'C wht?? Ane nikan fala fala... :P :P '.මොනවා උනත් මගේ ඕනෙම දුකකදී,සතුටකදී මගේ ලඟින් නොවෙනස්ව ඉන්න යාලුවෝ ටිකක් මට ඉන්නේ. ඒ ගැන මට තිබුනේ අවංක සතුටක්.


******


              'ආ... ඔයා එන්නේ රස්තියාදුවේ ගිහින්' මමයි,අයියයි ගෙට ගොඩ වෙනකොට අම්මි ඉනට අත් දෙකත් තියාගෙන බලන් ඉන්නවා. අයියා ඉක්මනට කාමරේට රිංගුවා. හරියට නිකන් එයාගේ හොර වැඩේ අම්මි මූණෙන් අල්ලාගනී වගේ. අනේ ඉතින් මේ අම්මිගේ අහිංසක කෙල්ල විශ්මිට නෑනේ අයියන්ඩිට වගේ හංගන්න දෙයක්. එත් ඉතින් ළඟදීම මටත් අයියට වගේ හංගන්න දෙයක් තිබුනොත් එහෙම?? 


            අනුරාධා කරුණාරත්න. මගෙයි,අයියගෙයි ආදරණීය අම්මි. වෘත්තියෙන් බැංකු නිලධාරිනියක් වෙලා හිටපු අම්මි,අපි දෙන්නා වෙනුවෙන් රස්සාවටත් ආයුබෝවන් කිව්වා. අප්පච්චි ගෘහ නිර්මාණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක්. ලලිත් සුරියබණ්ඩාර. අම්මි අපි වෙනුවෙන් රස්සාව අතාරිනකොට අප්පච්චි රස්සාවෙන් ඉහලටම යන්න උත්සහ කරා. ඒ කැප කිරීමත් අපි වෙනුවෙන්. එහෙම කැප කිරීමක් කරපු අම්මිටයි, අප්පච්චිටය් බොරු කරන්න මටවත්,අයියටවත් පුළුවන් උනේ නෑ.. අයියත් ළඟදීම විනූ ගැන අම්මිට කියයි. මාත් කවදාවත් අම්මිට මගේ ආදරේ ගැන හංගන්නේ නෑ කියල තීරණේ කරලා තිබුණේ. ඉතින් තාම මට කියන්න තරම්  ආදරයක් නෑ නේ. පව් අනේ මං. ඔන්න ඔහේ තිබුණ දවසට කියනවා.



******

                     කෑමත් කාලා , cartoons බලලා හවස 6ට විතර තමයි මං සාමාන්‍යයෙන් පාඩම් කරන්න පටන් ගන්නේ. ඒත් අද මට ඊට අමතරව කරන්න වැදගත් වැඩක් තියෙනවා. මං computer එක කරන ගමන් පුටුවෙන් වාඩි වුණා. මොහොතකින් මං අන්තර්ජාලයේ. තාක්‍ෂණේ හරි දියුණුයි අප්පා.... වෙනදට නම් fb log උනාම ඉස්සෙල්ලම කරන්නේ home එකේ යාලුවන්ගේ updates බලන එක. ඒත් අද මං ඉස්සෙල්ලම ගියේ අයියගේ profile එකට .කොහෙද ඉතින් මේ මනුස්සය friend list එක එයට විතරක් පෙන්න හදලානේ. අයියගෙන් මහිමගේ නම අහන්නත් බෑ. ඊළඟට දාහක් ප්‍රශ්න අහයි. තෝමස් එකේ යාලුවෝ කීප දෙනෙක්ගේම friend lists වල හෙව්වත් මට මහිමව හොයාගන්න බැරි වුණා. අන්තිමේදී මං සකර්බර්ග්ටත් බැන බැන මට ඇවිත් තිබුණු friend requests ටික බැලුවා. 
Oh... my god!!

      'Mahima Tharuneth Weerasekara'

                   උඩින්ම තිබුණු request එක. මට පුදුම තරමේ සතුටක් දැනුණේ. 'මහිම තරුනෙත්'. මං ඒ නම හිතින් මිමිණුවේ මහිමගේ තරු ඇස් හිතෙන මවා ගන්න ගමන්. එයටම ගැලපෙනවා. මං ඉක්මනට request එක confirm කරා අනේ සොරි සකර්බර්ග් අයියේ..මහිමගේ profile එකට දාල තිබුනේ එය school uniform එකෙන් ඉන්න photo එකක්. මං like කරේ comment එකකුත් දාන්නම් කියල හිතාගෙන. ඒත්....එතන මට දාන්න තරම් comment එකක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

'nice mahima... :D'

'Sweet Mahi'

'Wooow... Nice one'

'Anaaaaaaaa....cute'

'Shoooiii'

'Awesome machan.. maxxa... Thomians 4ever!!'
            ඔන්න ඔය වගේ comments 20 ක් විතර තිබුණා ඒ photo එකට. වැඩිහරියක් ගෑනු ළමයින්ගෙන්. මට හරි තරහක් හිතුන අනේ. කෙල්ලොන්ටත් වෙන වැඩක් ඇත්තෙම නැද්ද දන්නෑ මේවට කර කර ඉන්න. මං ඒ photo එකට comment කරන එක අමතක කරලා අනිත් albums ටික බැලුවා. හැම photo එකකටම වගේ like කරන්න ඕනේකම තිබුනත් ආයසයෙන්ම ඒ උවමනාව යටපත් කරගෙන සමහර photos වලට විතරක් like කරා. අපිත් ඉතින් ටිකක් ආඩම්බරේට ඉන්න කැමති ගෑනු ළමයි හරිය.......

      'Hey Vish... R u online??' 
      මහිමගෙන් message එකක්. ඒ කියන්නේ එයා මේ වෙලාවේ online. මම සාමාන්‍යයෙන් හොඳම යාලුවන්ව විතරයි online group එකට add කරගෙන ඉන්නේ. මහිමව add කරනවද??? දැනට ටිකකට කලින් නම් මං වැඩිය නොහිතම එයාව add කරනවා. ඒත් අර comments ටික දැක්කම මගේ හිතට හරි අමුත්තක් දැනුණා. නොපැහැදීමක් , නොරිස්සුමක් වගේ හැගීමක්. සමහරවිට ඒකට කියන්නේ ඉරිසියාව ද දන්නෙත් නෑ. මං reply කරේ නෑ. අන්තිමේදී මට හිතුනේ මහිම කියන්නෙත් තවත් එක 'මල්සරා' චරිතයක් ද දන්නෑ කියලයි. සමහරවිට එයට girlfriend කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනේ. එහෙම නම් මං බලාපොරොත්තු තියාගෙන තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ මං අසරණ වෙන එක විතරයි කියල මං දැනගෙන හිටිය.
           'Exam ඉවරවෙනකන් ආයේ මේ පැත්තේ පස් පාගන්නෙ නෑ..... :P :P ;)' කියලා status එකකුත් upload කරලම මං log out  වුණා.
******
ඊළඟ කොටසෙන් හම්බවෙමුකෝ....
මේ පාර කතාව දාන්න ගොඩක් පරක්කු වුණා.. Sorry වෙන්න ඕනේ...


21 comments:

  1. තාම කියවන ගමන් ඉන්නේ.. අලුත් කෙනෙක් නේද..
    නංගි මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කළා නම් කමෙන්ට් කරන අයට ලේසි,,


    ජය..

    ReplyDelete
  2. කතාවම කියෙව්වා එලට යනවා... නුවර කෙල්ලෝ ඔහොමමම්යි... මගේ අම්ම නුවරම්ම් නැන්දගේ දුව එහෙ ඉන්නේ. මට නම් පන ඇරලා... කතාව නියමයි,,, ජය වේවා... අනේ මේ වර්ඩ් වෙර්ෆිකේෂන් අයින් කරහන් කෙල්ල...

    ජය.

    ReplyDelete
  3. ඔව් අයියේ මං තාම බ්ලොග්කරණයට අලුත් කෙනෙක්..හි හි.. නුවර කෙල්ලෝ එහෙම තමයි..
    ඔන්න මං වර්ඩ් වෙර්ෆිකේෂන් අයින් කරා.....

    බොහොම ස්තුතියි අයියගේ අදහස් වලට... :D :)

    ReplyDelete
  4. මේ ඔය කියන මහිම මම නෙවි නේ :-ඩ

    ReplyDelete
  5. හා හා.... මහිම කෙනෙක්. . . . අඳුර ගන්න ලැබීම සතුටක් සහෝදරයා. මේ කතාවේ මහිම නම් ඔය මහිම නෙමෙයි. ඒත් එයාට සමානයි ද දන්නේ නෑ.... හි හි.. :D :)

    ReplyDelete
  6. අපෝ කොහෙත්ම නැ මම ඔයතරම් ලස්සන නැ නේ :-)
    ඔයා මාරට ලියනවා නේ
    කොහොමද මන්ද මට මේක මග ඇරුනේ
    අද ඉදන් දිගටම කියවනවා
    දිගටම ලියන්නකෝ

    ReplyDelete
  7. මේ කතාව මට මුල ඉදන් කියවන්න ලැබුනේ නැති නිසා මාව කොයිල් උනා !! මුල ඉදලම කියවන්න ඕනා.
    යන ගමන් ෆලෝ කරලා යන්නම්. එතකොට අලුත් ලිපි වලන එන්න ලේසියි !!!

    ReplyDelete
  8. @මහිම: ගොඩක් ස්තුතියි සහෝදරයා... මට තාම ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බැරිවුනා.. අයෙත් මේ පැත්තේ අවොත් බ්ලොග් address එක පොස්ට් කරන්න.... :D :D

    @මධුරංග : ස්තුතියි ගොඩක්.... :D :D ආයේ කොයිල් වෙන්න එපා...හි හි...

    ReplyDelete
  9. අනේ මම බ්ලොග් ලියන්නේ නැ නේ.
    කියවනවා විතරයි.

    ReplyDelete
  10. අහ්.... ඒකත් එහෙමද? අනිත් අයගේ නිර්මාණ රස විඳින්නෙක්? අඳුරගන්න ලැබීම සතුටක්... :D

    ReplyDelete
  11. අෆ්ෆා කෙල්ල බලමුකෝ...විබාගේ ඉවර වෙනකන්ම fb ලොග් වෙන්නේ නැත්ද කියලා...මහීමගේ කොලෙජ් එක තිබ්බට කෙල්ලගේ කොලෙජ් එක මට හොයන්න බැරි වුනා නේ....ශහ් මරුවට මේක ගලාගෙන යනවා....ගලයා වගේ හි හි...මොනවා වෙය්ද දන්නේ නෑ අෆ්ෆා....අනිකත් දාන්න....

    ReplyDelete
  12. @ගලයා : තාම විශ්මිගේ කොලේජ් එක දැම්මේ නෑනේ කතාවට...ඉදිරි කොටසකදී බලාපොරොත්තු වන්න.... :)
    කතාවේ නොකිව්වට හොරෙන් හොරෙන් විශ්මි fb log වෙනවලු..:D ස්තුතියි සහෝදරයා..

    ReplyDelete
  13. අම්මෝ දැනුයි කොයිල් ටික දිගෑරුනේ !!! කතාව එක හුස්මටම කියවලා දැම්මා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    මේ ඒක නෙමේ.... එක්කෝ ඕන් නෑ. ඊලඟ කොටසින් දැනගමු නේ !!! :)

    ReplyDelete
  14. hmm..good good...eka para balanawata wada tika tika baladdith fun 1k thiyenawa...liyannako himita...kiyawanna godak aya balan innawa.. :D

    ReplyDelete
  15. @ මධුරංග අයියේ , ඔක්කොම ටික කියෙව්වට ස්තුතියි සහෝදරයා...

    @(‍‍‍අයි කෙ) : ෂා... ඉසුරුත් එකක් හදල නේ... නියමයි.. ඔයාටත් බ්ලොග් එකක් ලියන්න එහෙම අදහසක් නැතෙයි ?????? හි හි
    ස්තුතියි අදහස් වලට.... :D :D

    ReplyDelete
  16. okkoma liyala bane...kiyawanna ayath one ne..api kiyawannam..oya liyanna.. :D

    ReplyDelete
  17. නියමයි නංගී..ඔයා කතාව ලියලා තියෙන්නේ හරියට Professional කෙනෙක් ලියලා තියනවා වගේ..දිගටම ලියන්න..මමත් මුල ඉදන්ම ඉතුරු ටිකත් කියවලා ආයේ එන්නම්කෝ මේ පැත්තේ..

    ReplyDelete
  18. @විශ්ව : Professional කෙනෙක් වගේ? අනේ මන්ද...හි හි ..
    ස්තුතියි සහෝදරයා දිරිගැන්වීමට.... ආයෙත් මේ පැත්තේ එන්නකෝ...
    :D :D

    ReplyDelete
  19. නියමයි!! ඔන්න එහෙනම් ජයසිරි මංගලම් කිව්වලු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිව්ව හිතූ අක්කියෝ. :DD

      Delete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)