මගෙත් කට කහනවට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්තිය. :P
මහිම මන්දහාසි ..... ඒ මගේ කුලුඳුල් නවකතාව...
ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මං ලියන්න පටන් ගත්ත මේ කතාවේ කොටස් 23 ක් ලියල ඉවර කරන්න මට මාස 5 ක විතර කාලයක් ගත වුණා. කොච්චර පරක්කු වුණත් පහුගිය ආදරවන්තයින්ගේ දවසේ කතාව ඉවර කරන්න මං තීරණේ කරලා තිබුණා. ඉතින් ඒ විදියටම කතාව ඉවරකරන්නත් මට අවස්ථාව ලැබුණා. පරක්කු වෙනකොට බැන බැන හරි කතාව බලන්න ආපු අයට ගොඩක් ස්තුතියි... :DD
මේ කතාව ලියන්න මට අදහස ආව හැටි ගැන කියලම ඉන්නම්කො. අයිස් කියන්නේ කතුවරියක් නම් නෙමෙයි ඔන්න. දැනට අවුරුදු 8 කට විතර කලින් මම ඉස්කෝලේ අටේ පන්තියේ ඉගෙන ගත්ත කාලේ මගේ එකම අක්කි කතාවක් ලිවවා. බ්ලොග් එකකටද කියලද අහන්නේ?? පිස්සුද බං, ඒ කාලේ කොහෙද බ්ලොග්? :P පරණ පොතක් අරගෙන අක්කිගෙ ලස්සන අකුරු වලින් ලියල තිබුනේ එයාගේ ආදර කතාවම වෙන්න ඇති කියල මට අද හිතෙනවා. ඒත් එදා ඔය මගුල් තේරුම් ගන්න තරම් වයසක අයිස් නොහිටියාට, එක ඇබ්බැහි වීමක් නිසා ඒ සිදුවීම මගේ හිතේ තදින්ම කාවැදිලා තිබුණා. පුංචි දවස් වල ඉඳන්ම ඕනෙම පොතක්,පත්තරයක් අහු වුණාම කියවන පුරුද්දක් මට තිබුණා. 'නවකතා කියවන්න එපා, ඔලු නරක කරගන්න එපා' කියලා අම්මිගෙන් කිසිම වොර්නින්ග් එකක් කවදාවත් මට ලැබිල තිබුනේ නෑ. (එහෙම තහංචි දැම්ම ම පුංචි හිත වලට කුතුහලේ ඇතිවෙන නිසා වෙන්න ඇති.) ඒ නිසාම ඉතින් අක්කිගෙ කතාවත් මං කියෙව්වා. 'කවදාහරි මාත් කතාවක් ලියන්න ඕනේ' කියලා සිතිවිල්ලක් මුලින්ම හිතට ඇතුළු වුනේ එදා...
ඉතින් දැනට ටික කාලෙකට කලින් (ගිය අවුරුද්දේ) පරණ අල්මාරියක් අවුස්සද්දි අක්කිගෙ නවකතාවේ කොටස් කීපයක කොල වගක් හම්බවුණා මට. එදා ආයෙත් මට හිතුණා මගේ බ්ලොග් එකටත් ලස්සන ආදර කතාවක් කියන්න ඕනේ කියල. ඒ ආසාව නිසාමයි මං ~මහිම මන්දහාසි~ ලියන්න පටන් ගත්තේ.
මං දන්නවා දැන් අහන්න යන ප්‍රශ්නේ... :PP
මේ කතාව ඇත්ත කතාවක් නේද කියල හැමෝම ඇහුවා. මේ මගේ කතාව කියලත් සමහරු කිව්වා. (මේ මගේ කතාව නෙමෙයි කිව්වම මගේම යාලුවොවත් මාව විශ්වාස නොකරන තැනක හිටියා පහුගිය දවස් වල.) ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නිසා තමයි මං මේ පසුවදන ලියන්න පොරොන්දු වුණේ.. හික් හික්..
මේ විදියේ කතා ගොඩක් මේ ලෝකේ හැමතැනම ඇති... ඒත් මේ මගේ කතාව නම් නෙමෙයි. මං අහපු දැකපු කතාවකුත් නෙමෙයි..
සමහර කොටස් වලදී මේ කතාව කියෙව්ව මගේ බ්ලොග් අවකාශයේ මිතුරන්ට මතක් වෙලා තියෙන්නේ තමන්ගේම අතීතේ.. ආදරේ ප්‍රකාශ කරපු විදිය, රෑට රෑට මල් කැඩුව විදිය, ප්‍රථම පෙම් හසුන වගේ වගේ දේවල්..... ගොඩක් තැන වලදී සමහර යාලුවන්ගේ ආදර කතාවයි - මං ලිව්ව ආදර කතාවයි ගොඩක් සමානයි කියලා මටත් හිතිලා තියෙනවා. සමහර දෙබස් පවා.... ඒත් ඉතින් සීමිත අවස්ථා කීපයකදී ඇරෙන්න ~මහිම මන්දහාසි~ සහ මගේ (අයිස්ගේ) ආදර කතාව අතරේ කිසිම සම්බන්දයක් නෑ හොඳේ.
අන්තිම කොටසේ ලියුම දැකලා ගැමියා මලයා (මලයා කිව්වට මට වඩා දවස් කීපයයි බාල මගේ හිතේ. :P) ඇහුවා මේ මගේ කතාව නෙමෙයි නම් කොල්ලෙක් ලියන විදියට මහිම ලියුම ලියන්න කොහොමද කියලත්.?? අයිස්ට නම් ඔය සෙනෙහෙ කොල ලැබිලා නැතෝ. (ලංකාවේ අපිට නම් ඉතින් මොබිටෙල් නෙ.. හික් හික්).... ඒ ලියුම ලිව්වේ කොල්ලන් ගැන දීර්ඝ කාලීනව කල සමීක්ෂණයකින්. සාර්ථකයි කියලා හිතනවෝ......
කලින් කිව්වා වගේම මං කතුවරියක් නම් නෙමෙයි ඔන්න. හිතේ ගොඩ නැගුණු, සත්‍ය නොවුණු කතාවක් යථාර්තයට ගලපන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා මං තේරුම් ගත්තේ කතාව ලියන්න ගත්තට පස්සේ. කියවන අයට කතාවේ අස්වාභාවික ගතියක් නොදැනෙන්න මං ලොකු උත්සහයක් ගත්තා. ඒ ඇරෙන්න මහා ලොකුවට, වචන භාවිතය ගැනවත් උපමා රූපක ගැනවත් මං තැකීමක් කරේ නෑ අවංකවම. මගේ කැමැත්ත තිබුණේ සරල ආදරණීය කතාවක් ලියන්න මිසක්, සංකීර්ණ කතාවක් ලියන්න නෙමෙයි. ඒ හැකියාව මට නෑ කියලා මං දන්නවා.. :P
ඒත් මගේ හිතට වදදෙන තරමට මේ කතාව ලියනකොට එක තැනකදී මං වැරද්දක් කරා... ඒ මහිමගෙයි, විශ්මිගෙයි ඉස්කෝල වලට බොරු නම් දීලා. නුවර ඇත්ත ඉස්කෝල වල නම් ලියලා, මගෙන් නොදැනුවත්ව ඒ ඉස්කෝලෙක නමට හානියක් වේවි කියලා හිතුන නිසා මං එතනට ආදේශක නම් කීපයක් පාවිච්චි කරා.. ඒත් පස්සේ කට්ටියට කියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා කියලයි මට හිතෙන්නේ.. කතාව උවමනාවෙන්ම අස්වාභාවික ගතියක් දැනෙන්න ඇති හැමෝටම.. ඒ වැරැද්දට සමාවෙන්න. අයෙත් ඒ වැරැද්ද කවදාවත් වෙන්නේ නෑ..
මහිම තරුනෙත් වීරසේකර
විශ්මි මන්දහාසි සූරියබණ්ඩාර
මේ කතාවේ ප්‍රධාන චරිත දෙක... පුදුම තරමේ ආදරේකින් ඒ චරිත වලට පණ දෙන්න මං ලොකු උත්සහයක් ගත්තා. ඒ උත්සාහය ටිකක් හරි සාර්ථක වෙන්න ඇති කියලා මං විශ්වාස කරන්නේ කියවපු ඔයාලගේ අදහස් නිසයි. මහිමගේ චරිතේ ගති ගුණ වලට ගොඩක් කැමති අය හිටියා. පෞද්ගලිකව ඒ ගතිගුණ වලට මමත් ගොඩක් කැමතියි. ;)... මේ කතාව හිතේ ඇඳුණු දවසේ ඉඳලම මගේ හිතේ හොල්මන් කරපු හැබැහින් හමු නොවුණු ඒ චරිත දෙකට මම පුදුම විදියට ආදරේ කරා. කතාව ඉවරවුණු දවසේ ඉඳන් හිතේ නොසන්සුන්කමකින් හිටියේ මේ දෙන්න නැතුව පාලු නිසයි.. :))
අපි කවුරුත් ආදර කතාවකදී බලාපොරොත්තු වෙන ආදරණීය අවසානයක් (ඇරඹුමක්) මේ කතාවට දෙන්න මං වගබලාගත්තා. ඒ හැමෝගෙම හිත සුව පිණිසයි..ඉතින් අන්තිමේදී පහුවුණු ආදරවන්තයින්ගේ දවසේදී ආදරණීය විදියට කතාවේ අන්තිම කොටසත් ලියල ඉවර වුණා.. ගොඩක් අය ඒ කොටස කියවල අඬල තිබුණා. දැන් නම් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඔයාල අඬපු නිසා නම් නෙමෙයි මට සතුටු, කියෙව්ව අයව සංවේදී කරවන්න මගේ වචන වලට පුළුවන් වුණා කියලා දැනගත්තම අහිංසක ආඩම්බරයක් දැනුණා. :)))
එතකොට අන්තිම කොටසේ අදහස් වලින් කට්ටිය අහල තිබුණා කෝ කතාවේ ඉතුරු ටික කියලා..දෙවෙනි සීරියස් එකක් තියෙනවද ඇහුවා... ආදරේ පටන් ගත්තට පස්සේ ඇතිවෙන ප්‍රශ්න කොයි ඇහුවා.. කසාද බඳින ටික වෙනකන් ජීවිතේ කොයි ඇහුවා ( කසාද ජීවිතේ කොහොමද කියලා විතරයි ඇහුවේ නැත්තේ..:PP )
අනේ මේ කතාවේ දෙවෙනි සීරියස් එකක් නම් ලියන්නේ නැතෝ...කසාද බඳිනකන් ජීවිතේ ලියන්නෙත් නැතෝ... එහෙම වුනොත් මේ කතාව මහගෙදරට හපන් මෙගා වෙනවා ෂුවර්.. හි හි...
අපි මහිමටයි, විශ්මිටයි එයාලගේ ආදර ලෝකේ ගොඩ නගා ගන්න ඉඩදෙමු නේ?. ප්‍රශ්න ජීවිතේට පන්නරයක් කරගෙන ආදරෙන් ඉන්න ලැබේවා කියලා විතරක් ප්‍රාර්ථනා කරමු.. :)))
අවසාන වශයෙන්>>>
ඔයාල හැමෝටම ගොඩාරියක් ස්තුතියි..
කතාව ලියන්න පටන් ගත්තු දවසේ ඉඳලා අවසානය වෙනකන්ම කතාව කියවපු.... කතාවේ මගදී එකතුවෙලා අයෙත් මුල ඉඳන් කතාව කියවගෙන ආපු..... අඩු පාඩු පෙන්නලා මාව දිරිමත් කරපු බ්ලොග් අවකාශයේ හැම යාලුවෙක්ටම, සහෝදරයෙක්ටම ගොඩාක් ස්තුතියි... (කොටස් 23ටම අදහස් දක්වපු හැම කෙනෙක්ගෙම නම් කියන්න ගිහින් එක්කෙනෙක්ව හරි මග ඇරුණොත් දුක නිසා නම් නොකිය ඉන්නම්..)
බ්ලොග් අවකාශයේ සාමාජිකයන් නොවුණත් ~ මහිම මන්දහාසිය~ කියවන්නම කොලමට ගොඩ වැදුණු මගේ හැම යාලුවෙක්ටම, යාලුවන්ගේ යාලුවන්ට, සහ එයාලගේ සහෝදර සහෝදරියන්ට ගොඩාක්ම ස්තුතියි.. ( විශේෂයෙන්ම අපේ අන්දාලි පුංචි කෙල්ලට.. ) ඔයාලගෙත් නම් කියන්න ගියොත් කාවහරි මට මග ඇරෙයි කියලා බයයි.. හැමදාමත් කතාව කියවලා 'ඇනෝ' විදියට කමෙන්ට් කරපු හඳුනා නොගත් සියලුම සොයුරු සොයුරියන්ටත් ස්තුතියි.. ඒ වගේම හැම කොටසක්ම නිහඬවම කියවලා, රස විඳපු හැමකෙනේක්ටමත් ගොඩක් ස්තුතියි...
තවත් කතාවක් ලියමු කියලා ගොඩක් අය යෝජනා කරා.. ඒ වගේම ~මහිම මන්දහාසිය~ ඉවර වෙනවට දුකේ අඬපු බබාලටත් අලුත් කතාවක් ලියනවා කියලා අයිස් පොරොන්දු වුණා.. හි හි..... ආයෙත් කතාවක් ලියන්න ආසයි.. ඒත් තාමත් ඒ ගැන කිසිම අදහසක් නෑ. ප්ලොට් එකක් ලැබුනොත් ලියන්න බලන්නම්කෝ..
දැන් තමයි පමාවට හේතු විමසීම>>>
අවසන් කොටස ලියල ඉක්මනින්ම පසුවදන ලියන්න හිටියත් ටික කාලයක් පරක්කු වුණා.. මෙන්න මේකයි හේතුව. ~මහිම මන්දහාසිය~ විද්‍යුත් පොතක් විදියට ඔයාලට දෙන්න මං හිතුවා..මෙන්න ලින්ක් එක (ලින්කුවේ අවුලක් තිබේ නම් වහාම දන්වන්න.. :D) කැමති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්..
______________________________________________
ප/ලි : සුබ ආරංචියක් තියෙනවා කියන්න... පෙබරවාරි 26 වෙනිදා අපේ ක්ලාස් එකේ කොන්වොකේෂන් එක තිබුණනේ BMICH එකේ... එකේදී මං කිව්ව අපේ සෙට් එක නොහොත් ඔරකල් ගෘප් එක 'වසරේ විශිෂ්ටතම කණ්ඩායම' විදියට අභිෂේක ලැබුවා. ඉතින් මට ගොඩාක් සතුටුයි.. :DDD
ප/ප/ලි : අල්ලගන්න බැරි තරම් පෝස්ට්ස් ගොඩක් මග ඇරිලා මට... ඒත් කොහොමහරි ආයෙත් ඔයාලගේ බ්ලොග්ස් වලට හොම්බ දාල යන්න ඉක්මනටම එනවෝ........


.jpg)

.jpg)
.jpg)

.jpg)

