මන්දාරම් වැහි පොද හිරිකඩ
මගේ සියොළඟ රන්දාලා ...
උනුන් අප හා ගිය වග මග තොට
මතක අගුලු හැර දාලා....
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරේ ගලා ගිය උණු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුණා...
පැහැසර ඔබේ ආදරේ..
මන්දාරම් අඳුරේ වෙලී...
සැඟවී ගිය නුබේ සෙනෙහේ..
හද රිද්දනවා රහසේ..
මැලවුණු මගේ දෙතොලෙහි රැඳී තතු
සැමගෙන් සඟවා ඉන්න...
නුඹ නොමැතිව සිනහ නගනයුරු
මට කියාදී යන්න....
උමතුව හද විලාප දෙන
හඬ අහගෙන ඉන්න...
බිඳකට ඇවිදින් මගේ ලය
මත ඔය සවන තියන්න...