Monday, April 16

අතුරුදහන් වීම!


ඔන්න එහෙනම් නමෝ විත්තියෙන්ම කිව්වා හැමෝටම 
    "ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා!"

    කස්ටියට අයිස්ව අමතකත් වෙලාද මන්ද... කොලමේ පොස්ට් 1 ක්, කමෙන්ට් 1 ක් නැතුව ලොකු කාලයක් ගෙවුණා නොදැනුවත්වම... බ්ලොග් ලෝකේ අලුත් වෙලා... වෙනස් වෙලා... හැමෝම අලුත් පෝස්ට්ස් ලියලා.. හැම පොස්ට් එකක්ම කියවන්න නම් වෙලා නෑ.

     වහෙන් ඔරෝ නැතුව ඔහෙන් වරෝ කියලා දැන් මේ කියන්න හදන්නේ මගේ අතුරුදහන් වීම ගැන...
හා හා පුරා කියලා ඔන්න මමත් දැන් රැකියාලාභියෙක් වෙලා.. :D නිකන් නෙමෙයි, ටිකක් පිටිසර පළාතක. දැන් මගේ පදිංචිය සීගිරියේ ඉනාමළුවේ.... මම අන්තර්ජංජාලයට පිවිසෙන්නේ එයාර්ටෙල් සම්බන්දතවයකින් වීමත්, ඉනාමළුවට එයාර්ටෙල් අරහන් වීමත් නිසා අයිස් පැටලී ඇති පඹගාල ගැන යම්තරමක හෝ අවබෝධයක් ඔබ සැමට ලැබෙතැයි අනුමාන කරමි.. :P (මේ පෝස්ටුව ලියන්නේ රැකියාවේ ප්‍රථම එක්දින නිවාඩුව සඳහා නිවසට පැමිණි අවස්ථාවේ බවත් කරුණාවෙන් සලකන්න)

     වෙනත් අන්තර්ජාල සබඳතාවයකට මාරුවීම සඳහා කුළුඳුල් වැටුප ලැබෙනතෙක් ඉවසීමට සිදුවන නිසා පෝස්ටු සහ කමෙන්ටු ප්‍රමාද වීම් සිදුවේවි. ;) ඩෝන්ට් වොරි හොඳේ! 

    රැකියාවට ගියත් "තුහින වර්ෂාවට" කුමක් සිදුවීද.... දිනේෂ් අයියා අලුත් කතාවක් ලියනවා ඇතිද.... හිතු අක්කා දැන්වත් ඩබල් වී ඇතිද..... සෑමා තවමත් වැලහින්නට පෙම් කරනවාද.... හිස් අහස දැන්වත් පිරි ඇතිද....... ලට්ට ලෝට්ටේ කුමක් ලියවේද........ (අනෙකුත් සියලු බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග් ද ඇතුළුව) යනුවෙන් ප්‍රශ්න නම් එලෝ කෝටියකි... උමා සමග අන්දාලි නගා දින කීපයකට පෙර අයිස්ගේ රැකියා ස්ථානයට පැමිණ සැපදුක් අසා ගිය නිසා කොලමට අලුත් කතාවක් ලිවිය යුතු බවත් හදිස්සියේම සිහිවිය.

     ඉතින්...... සියලුම ප්‍රශ්න වලට විසඳුමක් සමග කොලමේ ඊළඟ පෝස්ටුව ළඟදීම ලියවේවි... එතෙක් ඔබ සැමට ජයෙන් ජය! 

   දිගු නිහැඬියාව අතරේ අයිස් දියවෙලා දැයි සොයා බැලූ සියලුම සහෘදයන් හට බෙහෙවින් ස්තුතියි! 

බුකියට අවුරුදු සුබ පැතුම් එක් කල සියලු දෙනාටත් ස්තුතියි!


     ප/ලි: අද දිනය වන විට "මහිම මන්දහාසියේ" විද්‍යුත් පුස්තකයේ බාගත කිරීම් ගණන 85 ක් වී ඇති බව ඔබ හට දැනුම් දෙන්නේ හද පිරි සතුටෙනි!







27 comments:

  1. Replies
    1. මාත් මේ බැලුවේ අයිස් දිය වෙලාද කියලා මේ දවස් වල රස්නෙට... අලුත් පෝස්ට් එකක් දාපු බව දැක්ක ගමන් ඇස් දෙක පිහිදලත් බැලුවා මම දකින්නේ හීනයක්ද කියලා.. හෙ හෙ.. ඉතින් නංගියෝ.. කොහොමද අලුත් job එක. කොහොම වුනත් කොහේ ගියත් blog එක අමතක කරන්න එපා... අළුතින් පිස්සු හැදෙන කථාවක් එහෙම දාන්න හිතන්නේ නැත්ද ලඟකදි.. :D :D

      Delete
  2. අළුත් රැකියාවට සුභ පැතුම්..!

    ReplyDelete
  3. මගෙ අප්පේ සුභම සුභ පැතුම්.. දැන් ඉතිං අයිස් දියවෙන්ට වැඩ කරන්න...

    සෑම්ට වැලහින්නක් පෙම් කරනව තාමත්.. :))

    ජයෙන් ජය වේවා.. පරිස්සමෙන් ඉන්ට.. පිලිවෙලක් වෙලා පෝස්ටුවක් දානකල් ඉදිමුකෝ බලාගෙන..

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
  5. එහෙනම් ඒකයි මේ හදිසි අතුරුදන් වීමට හේතුව.. හොඳයි හොඳයි.. තව දින කීපයකින් එහෙමනම් කුළුඳුල් පඩියෙන් අලුත් කනෙක්ෂන් එකෙන් ලියන පොස්ට් එකෙක් කියවන්න ලැබෙයි නේ.. සුභ නව වසරක් වේවා, ඒ එක්කම අලුත් රැකියාවට සුභපැතුම්.

    ReplyDelete
  6. ඉක්මනින් ආපහු එන්න කියලා ප්‍රර්ථනා කරනවා නගෝ

    ReplyDelete
  7. රැකියාවට සුබ පැතුම් ඒ වාගේ සුබ අලුත් අවුරුදක් කියලත් පතනවා.ඔය ජංජාලේ හදාගෙන ඉක්මනටම අපිට කියවන්න මොනවා හරි දෙන්න හොදේ.

    ReplyDelete
  8. මම හිතුවේ රස්නේ වැඩි නිසා අයිස් දියවෙලා ඇති කියල.

    අලුත් රස්සාවට මගේ සුභ පැතුම් මොනවා කරන්නත් ඉතිං රස්සාව හොඳින් කරගෙන ඉන්න එපැයි. ඉක්මනින්ම වැටුප වැඩිවේවා!!

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් සමග අලුත් රැකියාවටත් සුභ පැතුම්..ඉක්මනින් ලියන්න..මම නම් ඔයා ඉන්න පැත්තට ආශයි..!!

    ReplyDelete
  10. අයිස් නංගියෝ.. අළුත් රැකියාවට.. ඒ වගේම ජීවිතයේ බාධක ජය අරන් ඉස්සරහටම යන්නත්.. හදවතින්ම සුබ පැතුම්.. නංගියෝ ඔයාට..!!!

    පුළුවන් වුණ ගමන් එන්න නගේ.. අපිට අළුත් පෝස්ටුවකුත් අරගෙනම..

    උයා සීගිරිය හෙම අයිස් කොරනවා නෙවෙයි ඕන්.. ;)
    ජය වේවා..!!

    ReplyDelete
  11. //හිතු අක්කා දැන්වත් ඩබල් වී ඇතිද....//

    මලකෙලියයි!!! ::D තාම නෑ නගෝ!! ඔයා ඩබල් වෙනක්ම් මම වෙන්නෙ නෑ..හික්ස්ස්.. මේකි රස්සාවට ගිහින් හිතන එව්වා :p

    අලුත් ජොබ් එකට මගේ සුභ පැතුම් නගෝ!! ඉදිරි කටයුතු හැම එකක්ම සාර්ථකම වෙන්න ඕනෙ!!!

    මොකක්ද බොලේ මේ සීගිරිය උඩ ඉන්න කතාව? :O

    කොහෙහරි කමක් නෑ නගෝ පරිස්සමින්!! ආයෙත් බ්ලොග් ලියන්න එන්න.නාමතක කරන්න එපා. අවුරුදු උත්සවේට එන්නෙත් නැතිවෙයි වගෙ..:/

    ReplyDelete
  12. අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  13. අලුත් රැකියාවට මගෙනුත් සුබ පැතුම්. සැලරිය ලැබුන ගමන්ම නෙට් අරගෙන අපිට ලස්සන කතාවක් ලියන්න හොඳේ. ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  14. හි හි.... අයිස් දිය වෙලා නෑ.... තාම හයියයි නේ..... මෙහෙම හරි පෝස්ට් එකක් දාල ගිය එක සතුටක්... අළුත් ජොබ් එකට මගෙත් සුභ පැතුම්... !!!

    ReplyDelete
  15. කාලෙකින් ඇවිත් තියෙන්නේ...සුබ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  16. මං හිතුවා අයිස්, වතුර වෙලා කියල.කමක් නෑ ආයෙ ආවනේ.
    ඔයාට වාසනාවන්ත ජීවිතයකට සුබ පැතුම් අක්කියෝ..

    ReplyDelete
  17. අඩේ බොලේ අයිස් අක්කත් දැං වැඩ නේ නියමයිනේ.... මේක කියවද්දි නිකමට හිතුනා තව ටික දවසකිං මෙහෙම දෙයක් කියයි කියලා...

    "ආ මා බැන්ඳනේ...ඉතිං දරුවෙක් මල්ලෙක් ලැබිලා එකලාසයක් වෙනකං ලියන්න බැරිවෙයි ඩෝන්ට් වොරි හොඳේ"

    කියහංකෝ බලන්න මෙහෙම.... මාසෙකට එකක්වත් ලියපියෝ

    රැකියාවත් එක්ක පටං ගත්ත ජීවිතේ එලම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඕං එහෙනම් ජය වේවා ලියන්න අළුත් දේවල් එමට ලැබෙයි කියලා හිතනවා..මගේ උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  18. අක්කත් කාලෙකට පස්සෙ ,පිලිවන් හැම වෙලාවෙම ලියන්න හොඳේ

    ReplyDelete
  19. අයේශා, Job එක වගේම Blog එක ගැනත් හිතන්න!

    ReplyDelete
  20. too bad.. Mama ada ne me paththe awe.. Aiyo ikmanta liyannoooo...

    ReplyDelete
  21. අයිස්.. අයිස්...!! කෝ මේ අයිස් තාමත් නෑනෙ. ජොබ් එක නියමෙට සෙට් වෙලාද මන්දා.

    සීගිරි කතාව තේරැනේ නෑ මට

    ReplyDelete
  22. කෝ මේ අයිස් !!!!
    අයිස් දියවෙලාද මන්දා !

    ReplyDelete
  23. කෝ තාම දියවෙලාද ඉන්නේ ??

    ReplyDelete
  24. සෙන්ටිමීටර් 3 දසම 2 1ක් තරම් සම සතරැස් පොටො එක. ඒකත් එක්දහස් අටසිය බර ගනන් වල අරගෙන ලගදී කලර් කරගත්ත වගේ අපහැදිලි ඡායා රූපයක් යන්තමින් ice කියල මියැදුණු සිත ආරම්භ කරපු දවස්වලම වගේ සිතට ගොඩ වෙලා තිබුනට හිතු වේ නෑ මං මේ තරම්ම ලස්සනට ලියන බ්ලොග් කාරියක් කියලා.

    අයිස්ගේ බ්ලොග් එකට මතක හැටියට නම් ගොඩවුනේ අද තමයි මයෙ හිතෙ. ඉතිං සුභ අළුත් අවුරුදු පතල මාස ගාණක් යන කම් හාවක් හුවක් නැ පඩි කපලවත්ද ඉක්මනට ආපහු එන්න ඔයා ලියන ඒවා කියවන්න ඇත්තටම ආසාවෙන් අපි බලන් ඉන්නවා. එහෙනම් ලස්සන හෙට දවසක් (ඒකත් බාලගිරි දොසේ වගේ වෙයිද මංදා)

    ReplyDelete
  25. මම නම මේ පැත්තෙ ආවාමයි Ice. අලුත් ‍රැකියාවට සුබ පතන්න ඉඩදෙන්න මුලින්ම. අපිත් කාලයක් ලංකාවෙ දුශ්කර සේවය කරලා කට්ට කාලා ඉන්න අය තමයි. දැන් පළමු වැ‍ටුප ලැබිලත් ඇතිනෙ. ඉතින් ලියමු හෙමිහිට.
    සුබ පැතුම්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)