Friday, March 9

~දේදුනු පැහැ සිහිනයක්~ [කෙටිකතාව]

   වැව් දියරැළි පිසගෙන හමන හිතුවක්කාර හීන් හුළඟට මුණ දී හුන් මා දෙනෙත් යොමුව තිබුණේ බෝගම්බර වැව් මැද්දේ දඩයමේ යෙදෙන දියකාවෙකු දෙසටය.

   "අන්න ඔයාගේ නෑදෑයෙක්" ඈත වැව් කොනේ මසුන් දඩයම් කරමින් පසුවූ දියකාවෙක් දෙසට සුරත දිගුකරමින් ඔහු පැවසුවේ මීට කලකට ඉහතය. ඒ අප හොඳම මිතුරන් වූ අවදියයි.

    "ඇයි මොකද මාව දැන් පෙන්නේ දියකාවෙක් වගේද?" ඔහුට රවමින් ඇසුවෙමි.

     "නෑ ඉතින්... ඒ වගේම නෑ" කතාකරනවිට ඔහු එසේ ඇද පැද පවසන්නේ යමක් සිතේ සඟවාගෙන බැව් මා දැන උන්නේ අත්දැකීමෙන්මය.

    "එහෙනම්?" 

   "ඌ ඔයාට වඩා පොඩ්ඩක් සුදුයි"  මහ හඬින් සිනාසෙමින් අප ඉඳ සිටි බංකුවේ කොනට රූටමින් ඔහු පැවසුවේ ඉන්පසු මගේ ප්‍රතිචාරය ඉවෙන් මෙන් දැනුණු නිසා වෙන්නට ඇත. වෙනත් අවස්ථාවක නම් කන මිරිකීමෙන් හෝ 'චටාස්' ගා ගුටියක් දෙමින් ඔවැනි දේවලට ප්‍රතිචාර දැක්වූ මා එදා නිහඬව සිටියේ මන්දැයි තවමත් මා හට නිනව්වක් නැත්තේය.

  ජීවිතයේ ප්‍රථම වතාවට ඒ දෑස්වල කාන්තිය මා දුටුවේ එදිනය. කැරලි ගැසුණු කොණ්ඩය, දිදුලන දෑස්, දඟකාර සිනහව ......... අන් කවරදාකටත් වඩා ඔහු දෙස මා එවේලේ බලා හිඳින්නට ඇත.

   "මොකෝ මෝඩි?" නැවතත් මා අසලට රූටමින් දඟකාර  සිනහවකින් මුව සරසන ඔහුගේ වදන් මා පියවි සිහියට ගෙන ආවේය. සමාව ඉල්ලිය නොහැකි වරදක් කල කලෙක මෙන් වැරදිකාර හැගීමකින් මසිත පිරිගියේ වසර ගණනාවක් ඔහු මාගේ හොඳම මිතුරා, ලබැඳි සොයුරා වූ නිසායැයි මා අනුමාන කරමි. මාගේ වෙනස දැනුණු කලෙක මෙන් ඔහුද නිහඬ වී අපට ඉදිරි පසින් වැව් තලයේ එහා ඉමෙන් විරාජමානව වැඩසිටිනා දළදා මාලිගය දෙස බලාසිටිනු නෙත් කොනෙන් ඔහු දෙස බැලු මා දුටුවේය.

   ඔහුට මාත්, මට ඔහුත් නොමැතිව දිවි ගෙවිය නොහැකි තරමට අප බැඳුනේ කෙදිනදැයි නිශ්චිත ලෙස මා හට පැවසිය නොහැකි නමුත් මේ බැඳීම සසර පුරුද්දක් යැයි අපේ බොහෝ මිතුරු මිතුරියන් පවසනු මා අසා ඇත්තේය. කොතෙක් මිතුරියන් ඇසුරු කලත් මාගේ පුද්ගලික දිවියෙහි සෑම රහසක්ම මා පැවසුවේ ඔහුටය. ඔහුත් එලෙසමය. 

   "අපිට කොලේ වැහුවට මුන් දෙන්නා සෙට් වෙලා වගේ බං" ඔහුගේ මිතුරන් ඇනුම්පද පැවසූයේ අපගේ බැඳීම ගැනය. නමුත් කිසි කලෙකත් ඔහු මා ගැනවත්, මා ඔහු ගැනවත් මිතුරු දමෙන් එහා ගිය බැඳීමක් ගැන නොසිතුවේය.  ඉදින් එදින මසිතේ ඔහු ගැන ඇතිවූ සුවිශේෂී හැගීම යටපත් කරගැනීමට මා උත්සාහගත්තේත් ඔහු මා වැරදි කෙල්ලක් යැයි සිතනවාට බියෙනි. නමුදු ඊට වසරකට පසු 'සිතුම් සත්සර' නමැති ඒ දඟකාර ඉලන්දාරියාගේ, සොඳුරු මිතුරාගේ, ලබැඳි සහෘදයාගේ ආදරණීය පෙම්වතිය වීමට තරම් මා වාසනාවන්ත කෙල්ලක වීමි.

    එදා මෙදා තුර බොහෝ කාලයක් ගෙවීගොස් අවසන්ව ඇත. ළඟ ලඟම දැනෙනා හුරු පුරුදු විලවුන් සුවඳ  විසින් මා සිතිවිලි වර්තමානයට කැඳවීමට සමත්වීය. මා මෙතෙක් වේලා බලාපොරොත්තුව උන්නේ ඔහුගේ පැමිණීමයි. සිතූගේ සුවඳ දැනුණත් හැරී ඒ දෙස නොබලන්නට මා ඉටා ගතිමි. ප්‍රමාද වීම ගැන පුංචි පහේ රණ්ඩුවක් ඇල්ලීමට සිත්වීම නිසාය. ආදරණීය ආමන්ත්‍රනයකින් ඇමතීම හෝ මාගේ කණ රත් පැහැ වනතුරු තදින් අල්ලාගෙන සිටීමක් මවිසින් බලාපොරොත්තු වූවත් සිදුවුයේ අනිකකි. දිගු සුසුමක් හෙලු ඔහු නිහඬවමවිත් ඇඟේ ගෑවී නොගෑවී ඉඳගත්තේය. එවන් කලකිරීමක්, විඩාවක් ඔහු වෙතින් කිසි කලෙක නොදුටු හෙයින් මසිත බෙහෙවින් කලබලයට පත්විය.

    "සිතූ..."

    "හ්ම්ම්..." හැගීම් වලින් තොරවූ එකම එක බැල්මක් පමණක් හෙලා වැව් දිය මත දෙනෙත් රැඳවු ඔහුගෙන් පිලිතුරක සේයාවක්වත් නොමැති විය.

    "ඇයි මේ? මොකද්ද ප්‍රශ්නේ?" ඔහුගේ උරහිසට මෘදු ලෙස අතක් තබමින් මා විමසුයේ හැකි තරම් සන්සුන් විලාසයෙනි.

    "ලොකු ප්‍රශ්නයක් බබා" ඔහු හඬ අවදි කලේ මද වෙලාවකට පසුවය.

    "මොකෝ වුණේ කියන්නකෝ?" එවර නම් මාගේ හඬේ කලබලය දෙගුණ වී තිබිණ..

    "මට අපේ ගෙදරින් ප්‍රොපොසල් එකක් ගෙනල්ලා " 

    "මොකක්?" 

   "මට එයාව කසාද බඳින්නලු" සිතූගේ වචන ඇසුනේ එහා ලෝකයක සිට එන හඬක් මෙනි. ඉමක් කොනක් නොදන්නා මහා කාන්තාරයක අතරමං වූවෙකුට සමාන සිතිවිලි දාමයක් ක්ෂණිකව මසිතෙහි ඇඳෙන්නට විය. ඒ ආදරණීය ඉලන්දාරියා මගේ නොවී අනෙකෙකු හට අයිතිවීමක් ගැන සිහිනෙන්වත් නොසිතු හෙයින් මෙවන් දෙයක් කෙසේ නම් මා දරාගන්නද? නැත එය සිහිනෙන්වත් සිදුවිය යුතු නැත. එවන් වෙන්වීමක් බලාසිටිනවාට වඩා මරණය යෙහෙකැයි සිතීමි. දෙනෙත් හරින්නට මහත් වෙහෙසක් දැරුවද, ලේ මස් නහර උණු කරවමින් වේගයෙන් දෙනෙතට උනමින් තිබු කඳුළු නිසා එය අසීරු කටයුත්තක් විය. 

  මගේ හිස ඔහුගේ පළල් උරතලය මතට වාරු කරගත් සිතුම් මා අස්වසාලීමට නොයෙකුත් දේ පවසමින් උන්නද ඒ ගැන මාහට නිනව්වක් නොතිබුණේය. සිතුම් හැඳ සිටි අහස් නිල් පැහැ කමිසයෙන් හරි අඩක්ම පෙඟී තිබුණේ මා දෑසට ඉනූ උණු කඳුළු නිසාය. කොතෙක් වේලා එසේ කඳුළු සලමින් උන්නා දැයි වැටහීමක් නොතිබූ මා අවසානයේදී බොහෝ ලෙස හෙම්බත්ව උන්නාය. ඔහුගේ උරතලයෙන් හිස මුදා ගන්නට ලෝබකමක් දැනුණද ඒ වෙනකෙකුට අයිති වස්තුවක්ය යන පරාජිත සිතිවිල්ල විසින් මා හිස ඒ පුළුල් උරතලයෙන් මුදා ගනු ලැබීය. 

    "කවුද සිතූ ඒ වාසනාවන්ත කෙල්ල?" අතිශය වේදනාවකින් මා ඒ විමසීය.

    "හ්ම්ම්........එයා තරුෂි මන්දාරා අබේකුලවර්ධන කියල කෙනෙක්

   ඒ පමණක් කියා ඉස්සර දවසක මෙන් බංකුවේ කොනට රූටමින් මහහඬින් සිනාසුනු සිතුම් දෙස මා බැලූයේ අදහා ගත නොහැකි යමක් කණ වැකීම නිසාය. තරුෂි මන්දාරා අබේකුලවර්ධන ඒ මාගේ ආදරණීය දෙමවුපියන්ගෙන් ලැබුණු මගේ නමයි. එවර නම් මා හට නිහඬව සිටීම කිසිසේත්ම කල නොහැක්කක් විය. 

       "මෝඩයා" යැයි අමතමින් සිතුම්ගේ දකුණු කණ රත් පැහැ වනතුරු සිත්සේ ඇඹරීමට මට හැකිවිය.


ප/ලි : (ලැජ්ජාවෙන්) මේ කෙටිකතාවක් ලියන්න ගත්ත මගේ කුළුඳුල් උත්සාහය..:D ව්‍යාකරණ දෝෂ සහ අඩු පාඩු පෙන්වා දීම් බොහොම ආදරෙන් බාරගන්න මග බලාගෙන ඉන්නවා.. මීට අයිස්..

86 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා...හෙළ බාසාවෙන්වත් ලිව්වනං ව්‍යාකරන ගැන කියන්න තිබුනා..හික් හික් .....ජය!!!

    ReplyDelete
    Replies
    1. ඇයි හලේ මේවා නිකන් ග්‍රීක් වගේද? :P
      ස්තුතියි බණ්ඩාර අයියා.. :DD

      Delete
  2. :) lassanai ayesha

    ReplyDelete
  3. කාලෙකට ඉස්සර හුඟාක් ලඟින් හිටිය,...
    අද වෙනකොට හුඟාක් දුර ගිය කෙනෙක්ව මතක් උනා......
    හැමෝගෙම ආදර කතා වලට මේ වගේ ලස්සන අවසානයක් එනවනම්......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැමෝම එහෙම වාසනාවන්ත වුණොත් අපි ජීවිතේට වැදගත් අත්දැකීම් ලබන එකක් නෑ කියලයි මට හිතෙන්නේ ලොකු අයියේ..
      අර කවුදෝත් කියන්නේ
      "ආදරයයි කඳුලයි අතරේ - අමුතු පෙමක් ඇත මගේ මිතුරේ" කියලා... :DD

      Delete
  4. ඔයාට ලැජ්ජාවෙන්න දෙයක් නෑ. ලෝක ප්‍රසිද්ධ ලේඛකයොත් ඉන්නව තමන්ගෙ මුල් කාලෙ නිර්මාණ ගැන ලැජ්ජ වුන. ඔයා කාලෙකදි මේ නිර්මාණය ගැන සතුටු හෝ අසතුටු වෙයි.(දිගටම ලිවුවොත්).
    "කෙටි කතාවක් කියන්නෙ එක් සිද්ධියක් මුල් කරගෙන උපරිම කාලය පැයකින් විතර කියවල ඉවර කරන්න පුළුවන් වෙන්න ඕන එකක්" කියල කිව්වෙ කෙටි කතාවෙ පියාවුන එඩ්ගා ඇලන් පෝ.
    "කෙටි කතාවකින් ජීවිතයේ අංශුමාත්‍රයක් නිරූපනය කරන්න ඕන" කියල කිව්වෙ ඇන්ටන් චෙකොෆ්. කෙටි කතා ලියවෙන්නෙ මේ ක්‍රම දෙක ඇතුලෙ තමයි. ඔයාගෙ කෙටිකතාව ගැන කියනවනං ඒක ඉතා කුඩා සිද්ධියක් පදනම් කරගෙන තියෙන්නෙ. අතිශයින් සාමාන්‍ය සිද්ධියකට වඩා විශේෂිත සිද්ධියක් තෝරාගත්තනං හොදයි කියන එකයි මගේ අදහස. අක්ෂර වින්‍යාසය ව්‍යාකරණ වගේ දේවල් නං තමන්ටම හදාගන්න පුළුවන්.
    ඕං ඕකයි මගේ විචාරය. තව එකක් ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා කෙටි කතාව ගැන විශිෂ්ඨයන්ගේ අර්ථ කතන ගෙනාපු එක ගොඩක් වටිනවා...

      Delete
    2. රාජ් අයියා-- අම්මෝ මෙයා දන්නා දේවල්

      Delete
    3. @රාජ් අයියා : ගොඩාක් ස්තුතියි අයියගේ අදහස් වලට.. හිස නමා පිළිගන්නවා. මමත් උසස් පෙළ සිංහල කරපු නිසා ඔය තියරි එක ගැන යම්තරමක් දැනුවත්... ජීවිතේ පළවෙනි වතාවට කෙටි කතාවක් ලියන්න හිතුව නිසා ප්ලොට් එකේ නම් අවුලක් ඇති.. මමත් ඒක පිළිගන්නවා. ගොඩාක් ස්තුතියි අයියේ..

      Delete
  5. සාමාන්‍ය සිද්ධියක් වුනත් කතාවේ ගලා යාම ලස්සනට තියෙනවා. පොඩි වෙලාවකට මාත් ඒ ලෝකයට ගියා.
    පළමු කෙටි කතාවට මගෙන් සුභ පැතුම්...
    :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නෙත්පානි... :DD

      Delete
  6. ලැජ්ජා නොවී දිගටම ලියන්න. රාජ් අයියා කිවිව කතාව හරි. අපි වැටෙන තරමටම ආපහු නැගිටින්න ඔින. එතකොට තමයි කවදාහරි දවසක අපි ආපු මග දිහා සතුටින් ආපහු හැරිලා බලන්න පුළුවන් වෙන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ඔයාගේ අදහස් වලට සහෝදරයා!
      :DD

      Delete
  7. අඩුපාඩු පෙන්නලා දෙන්න මමනම් දන්න කෙනෙක් නෙවෙයි නංගියා.කතාවනම් කියවල ගොඩක් රසවිඳින්න පුළුවන් වුනා.ලස්සනයි ගොඩාක්...

    ඔයා මේ විදිහට දිගටම ලියන්න.එතකොට ඔයාටම ටිකෙන් ටික හුරුවේවි.වැරදුනානම් තැනක එදේවල් ඉබේටම ටිකෙන් ටික හිරුවේවි හරගස්සන්න ඔනවෙන තැන්.

    මේ අලුත් වැඩේට සුබ පැතුම් අයිස් නංගෝ!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි යාලු!
      ඔය අදහස් මට රත්තරන් වලට වැඩිය වටිනවා. :DD

      Delete
  8. ඔය තියෙන්නේ බඩු නේ. කෙටි කතාව නව කතාවට වඩා වෙනස් තමයි. හැබැයි මම හිතනවා මේක හොඳ කෙටි කතාවක් කියලා..ගොඩක් වෙලාවට කෙටි කතා ලියන්නේ පුංචි සිදු වීමක් මුල් කරගෙන නේ..මේකත් ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. ප්ලොට් එක ගැන නම් ලොකුවට හිතුවේ නෑ, පළවෙනි කතාව නිසා.. ඒත් ඔයාල රසවින්දා නම් ඒ ටිකම ඇති මට තවත් උත්සාහයක් ගන්න. ස්තුතියි සයුරි අක්කියෝ.. :DD

      Delete
  9. ලස්සනයි නංගී.. අඩු පාඩු හදාගන්න පුළුවන්.. අපි හැමදේම දන්න මිනිස්සු නෙමෙයිනේ.. මට උනත් ඔය ව්‍යාකරණ ප්‍රශ්ණේ තියෙනවා.. නංගිගේ කතා තේමාව ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ වගේ ලිවීමෙහි සමත්, කලාකාමී අදහස් ඇති කෙනෙක්ගෙන් අදහසක් ලැබීමත් ගෞරවයක් දිනේෂ් අයියා!
      ගොඩාක් ස්තුතියි!

      Delete
  10. hmm hmm..kathawa lassanai...wenas aluth mathruka walin liyanna balanna.... subapathanawa.. (Ik) log wenna kammali.. :D (Ik)

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැතෝ... ගොඩාක් ස්තුතියි ඉසුරු.. :DD

      Delete
  11. වහාම එල් බෝඩ් එක ගලවල දාන්න..
    කවදාවත් එහෙම කරන්න එපා...ඔයා අලුත් කිව්වම මේකෙ වැරදි ඇත කිව්වම සමාර පොරවල මේකෙ අතන වැරදියි මෙතන වැරදියි..මේක මෙහෙම උනාන්ම හොඳයි කියල කතාව ඔපරේසන් කරනවා. ඒ නිසා ඔයා ලියන්න..
    ඒ වගේම මහ ලොකු කමක් හිතට අරගෙන ඉන්න..
    පොඩි අකුරු වැරැද්දක් උනත් මට ඕව හදන්ට වෙලාව නෑ වගේ ලයින් එකකින් ඉන්න...
    ඕන් මං අලුත් කිව්වම එනව කස්ටිය පන්ඩිතයො වෙන්න මේ වගේ තැන්වල..

    ReplyDelete
    Replies
    1. හි හී.......... අදහස්වලට ස්තුතියි සහෝදරයා.. ඔයාගේ කතාව නම් ඇත්ත..
      ඒත් අපි අනිත් අයගේ අදහස්වලට ගරු කරන්නත් ඕනේ නෙ.. වැරදි හදාගන්න අනිත් අයගේ අදහසුත් අපිට වැදගත් නෙ.. :D

      Delete
  12. අනේ ශෝක් හරිම ලස්සනට ලියලා තියෙනවා නගෝ...

    කතාවේ කොල්ලා කෙල්ලට ඇස් රතුවෙන විහිළුවක්නේ කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ඉතින් කරන්නෙම ඇස් රතු වෙන විහිළුනේ වර්ණා අක්කියෝ.. හික් හික්.. ;)
      තැන්කූ ඔයාට! :DD

      Delete
  13. ඔය දැකල තියනවද සකපොරුවේ තියන මැටි ගුලියක් කෝප්පයක් වෙන හැටි? මුලින්ම එකේ හැඩේ රවුම් නෑ. එත් ටිකෙන් ටික පදම් වෙද්දී රවුම් හැඩේ අතේ හුරුවට එනවා. ඒ වගේ තමයි හැමදෙයකම ඇරඹුම. ලජ්ජා වෙන්න දෙයක් නෑ නංගෝ, ගඟක් හැදෙන්නේ එකපාර නෙවෙයි නේ. ඒ හින්ද හෙමි හෙමින් ටික ටික ලියන්න. ටික ටික ලියනකොට හරියයි.

    ReplyDelete
    Replies
    1. අයියගේ උදාහරණේ නම් නියමයි!
      ගොඩාක් ස්තුතියි අයියේ.. ඔය අදහස් මගේ ගමනට ලොකු ශක්තියක්.. :DD

      Delete
  14. වැරැද්දක් පේන්න නැහැ.ලිවීමේ හැකියාවක් තියෙනවා නේ ඉතිං ඔයාට.කතාවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඇත්තට?? හි හී... ස්තුතියි අසර් අයියා! :D

      Delete
  15. වරදක් නැහැ නෙවැ..

    ඉදිරියට බලමු.. ජය පතමි..

    ReplyDelete
  16. හලිම ලස්සනයි අයිස් නගෝ... ඔය තියෙන්නෙ එලටම. මොන අඩුපාඩුද?? නියමයි... ශෝයි කෙල්ලයි කොල්ලායි..:D

    තව තවත් කතා ලියන්න නගාට ජය!!

    ReplyDelete
    Replies
    1. හි හී................. තැන්කූ හිතු අක්කියෝ.. :DD

      Delete
  17. මෙන්න මගේ කතාවෙ නමක් උස්සලෝ...

    කතාව ලස්සනයි නඟා... ඔයා ලියන්නෙ සරල සුන්දර අවසානයක් තියෙන ආදර කතාම වගේ... :DD

    ReplyDelete
    Replies
    1. හලේ....... ඔව්මයි නෙ.
      සුන්දර අවසානයකට අපි හැමෝමවගේ කැමතියිනේ. ඒකයි...
      ස්තුතියි ශානි අක්කියෝ.. :DD

      Delete
  18. මාර ගති ආ මාවත් පිස්සු වැට්ටුවා මේ කතාව අන්තිම හරියට යද්දි තප්පර ගානකට අර කොල්ලව මම දැක්කේ අමුම අමු මෝඩ මී හරකෙක් කාලකන්නියෙක් විදියට ඒත් ඉවර වුනු විදිය නම් හිතාගන්නවත් බැරිවුනා මූ නම් මාර කොල්ලෙක් බලාගෙන යද්දි....

    තව පැත්තකින් බලද්දි ඔයා මාර කෙල්ලක්....(යකෝ මේකි කොල්ලෝ ගැන දන්න දේවල්.....)

    නියමයි අක්කේ එල ආ මට නම් වැරැද්දක් පෙනුනේ නෑ මම සාමාන්‍ය ජනතාව නියෝජනය කරන්නේ මට සිංහල ගැන මෙලෝ දැනුමක් නෑ මම කෙටි කතාවටත් පට්ට ආගන්තුකයි....දිගටම ලියමු එලකිරි වගේ ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ........ මං කිව්වනේ මං කොල්ලෝ ගැන දීර්ඝ කාලීන සමීක්ෂණයක් කරා කියලා.
      තැන්කූ වේවා මලයෝ...! :DD

      Delete
  19. මහිම මන්දහාසි ලියලා අපිව පිස්සු වැට්ටුව ඔයාගෙ කතාවල කොහොමද අඩුපාඩු හොයන්නේ.මන්දා.. අඩුපාඩු ඇති.මට නම් පෙනුනෙ නෑ.
    මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
    Replies
    1. හලේ හලේ....... මහිම මන්දහාසිය කියවලා පිස්සු හදා ගන්න එපෝ කෙල්ලේ..
      ස්තුතියි නංගෝ...
      මං ඇවිත් යන්න අනිවා එනෝ.. :DD

      Delete
  20. ඔන්න පුබුදුවත් කොලමට ගොඩ වුනා එහෙනම්...අනේ මම හිතුවේ දෙන්නට වෙන් වෙන්න වෙයි කියලා...එහෙම වුනේ නැහැනේ..ඒක හොදයි.දුකාන්ත වලට මගේ වැඩි කැමැත්තක් නැහැ...

    ලස්සණට ලියලා තියෙනවා අයිස්...මෙහ් මට පස්සෙ තමයි මීටර් වුනේ ඔයාව

    අර නුවර පැත්තේ ඔරකල් ඩේටා බේස් හදපු අයනේ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අන්න හලී.......... හි හි..
      සුකාන්තයක් වුනේ නැත්තන් එහෙම කස්ටිය ඔළුව කන්න හදනවනේ...
      ස්තුතියි සහෝදරයා කොලමට ගොඩ වැදුනට! :DD

      Delete
    2. කතාවක් ලස්සන වෙන්න සුකාන්තයක්ම ඕන නෑ නංගී.. ඉදිරිපත් කරන කතා තේමාව ලස්සනනම් ගොඩක් දෙනෙක් කතාවට ආසා වේවේ..

      හප්පේ.. ඔයා අපේ මලයව දන්නවද? විනාසයි එහෙනම්..

      Delete
    3. නෑ බයවෙන්න එපා හලේ.. මං මලයාගෙන් අයියන්ඩි ගැන විස්තර අහන්නේ නෑ... හිකිස්.. :D

      Delete
  21. සෝයි කතා පොඩ්ඩ !!!
    මේ වගේ කෙටි කතා ලියන්න. අපි කියවන්ඩ එන්නම්. මරු

    ReplyDelete
    Replies
    1. හි හී.......... තැන්කූ මදූ අයියා! :D

      Delete
  22. good story. wish you all the best friend

    ReplyDelete
  23. පටන් ගත්ත තැන ඉඳන් අග වෙනකම් ආසාවෙන් කියෙව්වා. ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. අහ්...... සිතුම් පැතුම්.... :D
      ගොඩාක් ස්තුතියි පැතුම්!

      Delete
  24. මට නම් ඔය හරි වැරදි තේරෙන්නෙ නැහැ.....ලස්සනම කතාවක් කියල නම් තේරුනා..සුභ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි කිරිල්ලි අක්කියෝ.. :DD

      Delete
  25. ෂා: ලස්සනයි ගොඩක්...

    ReplyDelete
  26. ලස්සනයි අයිස් ... මට හරි හුරු කමක් දැනෙනවා මේ වචන වල ඔයාගේ පලමු උත්සාහය ගොඩක් සාර්ථකයි.

    ReplyDelete
  27. ලස්සනයි නංගි...

    යකෝ එච්චර අඩන කල් බලාගෙන හිටියද සද්ද නැතුව.මාර කොල්ලෙක්නෙ.කන ගලවලා අතට දෙන්න තියෙන්නෙ.

    හැමෝම ඔහොම වාසනාවන්ත නම් නෑ නංගියෝ... :((

    ReplyDelete
    Replies
    1. ආදරේ විරහවෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවනේ අක්කෝ... :))

      ඒකනේ අනේ කණ ගලවන්නම තමයි වටින්නේ... හි හී....

      තැන්කු වේවා!

      Delete
  28. කොහොම වුනත් ලස්සන කතාව...
    ඔය වගේ සර්ප්‍රයිස් වලට මාත් කැමති...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ... කවුද අකමැති...
      ස්තුතියි රූ....... :D

      Delete
  29. අනේ හරිම ලස්සනයියියි... ඒත් මම හිතුවා තව ඇති කියලා.. ඔයාට පුළුවන් නම් මේක නවකතාවක් විදියට දිගට ලියන්න.. එතකොට තව හොඳයි...well done! :)

    ReplyDelete
    Replies
    1. හි හී............. ගොඩාරියක් ස්තුතියි සිතු...
      නවකතාවක් විදියට? බලමුකෝ හොඳේ.. :DD

      Delete
  30. කතාව කියවලා අහවර උන ගමන් හිතට ආව හැගීම තමයි.
    "අඩේ සිරා කතාවක්."

    ව්‍යාකරණ ගැන නම් මගේ දැනුම ගොඩක් අඩුයි.ඒත් හිතට වදින්න ලියලා තියනවා...මම හිතන්නේ එක ගොඩක් වටිනවා සරල රස වින්දනයකට...

    ඒ වගේම ඔය කතාවේ පුරුදු බවකුත් තියනවා.සමහර විට නොටිච්චිට ඔය වගේ සර්ප්‍රයිස් කරාන නිසා වෙන්න ඇති.

    /*
    "කවුද සිතූ ඒ වාසනාවන්ත කෙල්ල?" අතිශය වේදනාවකින් මා ඒ විමසීය.
    "හ්ම්ම්........එයා තරුෂි මන්දාරා අබේකුලවර්ධන කියල කෙනෙක්"
    */
    // මේ ටිකට නොටියා හෙනට ලයික් ය.

    ReplyDelete
  31. අනෙ අම්මපා අක්කිට නම් මාරම මාර අදහස්නෙ තියෙන්නේ. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මේක කියෙවුවම. මේ ඇත්තමයි. ඒත් ඉතින් කොල්ලට නම් සූටිම සූටි දුකක් දැනෙනවා අක්කි. coz මේ වගේ අහිංසක coupleවලට වැව වටේ බංකුවල ඉන්න බැ නොවැ. police අංකල්ලා කොක්ක දානවනෙ.:O

    වෙනසකටත් එක්ක අක්කි ටොපික් එක මාරැ කලා නම් සෝයි... ලවු ස්‍‍ටෝලිම දැම්මම ඒකාකාරී වෙනව වගෙනේ... (මම හරිද මන්දා)

    කතාව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‍අනර්ඝයි. උත්කුස්ටයි. විසිස්ටයි. සාමප්‍රදායික සීමාවෙන් එපිටට ගිය අහිංසක උත්සහයක්. පළවෙනි වතාවෙන්ම සාර්ථක ආරම්භයක් ඇරන් තියනවා කියලා තමයි අපෙ තාත්තිගෙ පුතා නම් කියන්නෙ....(මගේ වචන සැර වැඩිද මන්දා:D ) wsh u all da bst ice අක්කි........(",)

    ReplyDelete
    Replies
    1. මං මේ රිප්ලයි එක ලියන්නේ මාස ගානකට පස්සෙයි මලයෝ..
      තැන්කු කිව්වා ඔයාගේ කමෙන්ට් එකට. :D

      Delete
  32. හලේ.. මම ටිකක් පරක්කු වෙලානේ.. ලස්සනයි නංගියෝ කථාව.. මේ.. නරකද පොතක් ලියන්න පටන් ගත්තා නම්... :D

    ReplyDelete
    Replies
    1. හප්පේ........... පොතක් නේ? හික් හික්....
      තැන්කු ප්‍රාර්ථනා අක්කියෝ... :D

      Delete
  33. lassanay akki kathawe :) sorry ane comment karane parakku unate.. kathawe kiyawwate busy nisa comment karanne une na :) ane thawe kathawak liyanne ganneko appa :) take care

    ReplyDelete
    Replies
    1. ඔයා ටිකක් පරක්කු වුනාට මම නම් ගොඩක්ම පරක්කුයි රිප්ලයි කරන්න..
      ගොඩක් ස්තුතියි නගේ කමෙන්ටුවට...
      අලුත් කතාවක් ලියන්න පටන් ගන්නවා ඉක්මනටම. :D

      Delete
  34. Replies
    1. ස්තුතියි.... මෙහෙට බොලිවුඩයෙනුත් කමෙන්ට් වැටිලා නොවැ...:P

      Delete
  35. ice akkite blog ekak thiyeda kiyala mathakath na wage appa,,, ay post ekak wath nathe??? :(

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ මම රැකියාව නිසා ගොඩක් බිසී වුණා නේ නගේ... ඒත් දැන් ආයෙත් ලියන්න පටන් ගත්ත. :D

      Delete
  36. Ice "mahima-mandahasi" ela aaa.. waradi thanata comment kole. me kathawath elamai.. digtama liyanna..

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් :D ස්තුතියි කතාව කියවල කමෙන්ට් කලාට.. :D

      Delete
  37. කතාවේ වරදක් නැහැ, හොඳයි...

    ReplyDelete
  38. The Shady Poker Room at Golden Nugget Casino in NV
    Find 평택 출장마사지 the perfect 포천 출장마사지 poker 제주 출장샵 room at Golden Nugget Casino in NV. We have an 군포 출장샵 array of table games and games including blackjack, roulette,  Rating: 7.5/10 · ‎8 votes 천안 출장샵

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)