බොහොම අමාරුවෙන් අවිශ්කයවයි, සමියාවයි ශේප් කරගෙන අපි ක්ලාස් එක ඇතුළට එනකොට විනාඩි විස්සක් විතර පරක්කු වෙලත් තිබුණා. කොහොමත් හැමදාම අපි එන්න පරක්කු වෙන නිසා,සර්ට නම් ඒකෙ වගේ වගක් තිබුණේ නෑ.. ක්ලාස් එකට ඇවිත් විනාඩි දහයක්, පහළවක් යනකන් මම හිටියේ නොසන්සුන් වෙලා තිබුණු හිත හදාගන්න බැරුව. ඒත් ටික වෙලාවකින් ආයෙමත් මගේ සුපුරුදු විදියට ඉන්න මට පුළුවන් වුණා.
"දිදුල, චිට් එකක් ලියපන්කො මචං" කලණ මට කිව්වා.
"කාටද?"
"අර සුදු පාට බ්ලවුස් එකක් ඇඳලා ඉන්න එකට, ඒකි හොරාට හොරාට ඇහැ දෙනවා" ඌ ඇස් වලින් මට පෙන්නුවේ අපිට එහා පැත්තේ හිටිය පේලියේ ඉඳගෙන හිටිය කෙල්ලෙක්ව.
"හ්ම්... ඉඳපන්කෝ." එහෙම කියලා මං ටික වෙලාවක් ඒ කෙල්ල දිහා බලාගෙන හිටියා. ලියන්න අදහසක් ගන්නත් එපැයි.
"මේ,අපි පොඩ්ඩක් ෆෝම් කරලා ගමුද? අයි මීන් ඇහැ දෙනවා නම්, උගුල්ලාම දාමුද?" මං කලණගෙන් ඇහුවා.
"මේ මොන කතාද සනා. ලියපන් ලියපන්" ඌ මගේ පිටට තට්ටුවකුත් දැම්මා.
"ඇයි ඔහොම බලන්නේ?" පොතේ අන්තිම පිටුවෙන් කඩාගත්ත පුංචි කොල කෑල්ලක මං ඒ ටික විතරක් ලියලා චිට් එක කලණගේ අතට දුන්නා. අර කෙල්ල උගේ දිහා බලනකන් ඉඳල ඌ කරේ, කෙල්ලට චිට් එක පෙන්නුවා, ඊට පස්සේ ඒ කෙල්ල හිටිය පේළියේ අයිනේම හිටිය කෙල්ලගෙ අතට චිට් එක දීලා "අරයට දෙන්න" කිව්වා.
"බලපන්කො ඒක කියවලා දැම්ම මල් හිනාව. අම්මට සිරි ඔන්න දිදුලයෝ රිප්ලයි එකක් ලියනවා" කලණයා මට රහසින් කිව්වා. තප්පර ගානකින් කෙල්ල එව්ව පිළිතුරු චිට් එක කලණයා දිග ඇරියා.
"ඇයි හොඳ නැද්ද?" බෝල අකුරු වලින් ලියවෙලා තිබුණා.
"හොඳයි, ඒත්.... ඒත් එහෙම බලලා හිනා වෙන්න එපා" ඒ චිට් එකත් පාස් වුණා.
"අනේ........ ඇයි කියන්නකෝ"
"නොදකින් මුන්ගේ නාකි හුරතල්" කලණයා එහෙම කියලා මගෙත් එක්ක බනින ගමන් ඒකිට හිනා වෙනවා.
"අනේ... මගේ පපුව පිච්චෙනවා රත්තරන්... ඔය හුරතල් හිනාවට" ඒක දැක්කම නම් කෙල්ලගෙ ඇස් දෙක ලොකු වෙලා,කම්මුල් රතු වුණා.
"අඩේ පව් කියලත් හිතෙනවා බං. ඒත් මොනවා කරන්නද කෙල්ලේ. අපේ දිදුලයා උපන්ගෙයි අවලමා" අපේ එවුන් රහසින් මුමුණනවා. අඃ අමතක කරන්න එපා අපි මේ ඉන්නේ ක්ලාස් එකක කියලා. සර්ද? සර් බෝර්ඩ් ඒකෙ මොනවද ලියනවා පේනවා.
"අනේ යන්න අනේ බොරු නොකියා..... හහ්"
"එහෙම කියලා හරි යන්නේ නෑ. ඔය හිනාවට මගේ හිත අසරණ වෙලා ඉන්නේ. මට ඔයාව ඕනේ" ඒ චිට් එකට නම් කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා.
"මොකක්?" මේ වැඩේ අපිට හෙන ආතල් වුණාට අපි වටේ හිටිය එවුන්ට නම් අපිව මල ඇණයක් වෙලයි තිබුණේ ඒ වෙනකොට.
"මට ඔයාව ඕනේ.... අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්...." ඒ පාර නම් කෙල්ල හොඳටම බය වෙලා අපි දිහා බැලුවා.
"අනේ මේ පිස්සු නම් නටන්න එපා. මං විහිළුවක් කරේ. මට boyfriend කෙනෙක් ඉන්නවා. Sorry..Sorry..Sorry"
"යකෝ... කොල්ලෙකුත් තියාගෙන ද මේකි මේ ඇහැ දෙන්නේ"
"පොඩ්ඩක් හිටු දැන් තමයි හොඳම හරිය" අවිශ්කට එහෙම කියලා මං ලියන්න පටන් ගත්තා.
"එයා හිටියට කමක් නෑ"
"ඔයා මොනවද මේ කියන්නේ? අනේ ප්ලීස් මං විහිළුවක් කරේ. සොරි.. මං ආයෙත් ඔයාට චිට් එවන් නෑ. සොරි"
"අයියෝ ළමයෝ,බය වෙන්න එපා. මං ඔයාව කෙලින්ම ගෙනියන්නේ අපේ ගෙදරට. අපේ ගෙදර තිබුණු හිරමනේ මලකඩ කාලා. ඉතින් මං හිතුවා ඒ වෙනුවට ඔයාගේ දත් සෙට් එක රීප්ලේස් කරන්න. කොහෙද ඒකටත් ඔයාට පින නෑනේ. බුහ් හහ් හා.......... :P " කෙල්ල ඒ චිට් එක දිග ඇරලා. අපි ටික දිහා බැලුවේ මරාගෙන කන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරුව වගේ. ඒ දැකපු අපි එක එකාට පහේ ඒවා දාගන්න ගමන් ඩෙස්ක් ඒකෙ ඔලුව ඔබා ගත්තේ හිනාව පිට පනියි කියලා බයට. ඒකි නම් ආයේ ජීවිතේට කොල්ලොන්ට චිට් ලියන එකක් නෑ.
ඒත් එක්කම වගේ ඉන්ටවල් ලැබුණු නිසා අපි හතර දෙනා පන්තියෙන් එළියට පැනලා ඇති තරම් හිනා වුණා. ඒත් ඉන්ටවල් එකෙන් පස්සේ, පන්තියට ආව සර් කිව්ව කතාවට අපේ හිනාව එහෙම්මම දිරෙව්වා.
"ළමායි........ අද.... මේ පන්තියට එන්න ආපු ගෑනු ළමයි ටිකකට... පන්තියට එන්න නොදී කොල්ලෝ හතර දෙනෙක් පාර අවහිර කරගෙන ඉඳල තියෙනවා. මං දන්නවා උන් හතර දෙනා දැන් මේ පන්තිය ඇතුලේ ඉන්නවා. හ්ම්.... දැන් ඉතින් නැගිටපියව් ඒ නැහැදිච්ච, පාහරයෝ ටික.. %#@#%%^& &^!@# *&%$@#%^ ((*&$" ඕනේ යකෙකුට ඇහුවම බඩ යන ජාතියේ හොඳම සුද්ද සිංහල වචන ටිකක් සර් කිව්වා. මං අනිත් උන් තුන් දෙනා දිහා බැලුවා. උන් හිටියෙත් මං වගේම හොඳටම බයවෙලා කියලා මට උන්ගේ මුණූ දැක්කම තේරුණා.
හමුවෙමු නැවතත් ආඩම්බර සඳවතිය සමගින්!