Thursday, September 29

~මහිම මන්දහාසි~ 2වන කොටස


සර් නම් දැන්ම එන පාටක් නෑ වගේ.බංකුවේ අයිනේම ඉන්න නිසා මුළු ක්ලාස් එකම පේන්නෙත් නෑ.දැන් නම් අරයව හොයාගන්නම ඕනේ.බංකුවේ මුල්ලේම වාඩිවෙලා හිටියේ විනුරි.

 'විනූ,මං ඔතෙනට එන්නද?'මං ඇහුවේ මුල්ලට වෙලා බිත්තියට හෙත්තුවුනාම  මුළු ක්ලාස් එකම පේන නිසා.

                     'ඔන්න ඔතන දීපන් බං.නැත්තං අද ක්ලාස් ඉවරවෙනකොට මෙයා නවතින්නේ බෙල්ලේ අමාරුවක් හදාගෙන.කාවදෝ හොයනවා මං හිතන්නේ'.
                      හුටා.ඒ කියන්නේ සඳුට ඒක නෝට් ද? ශිෂ්‍යත්ව පන්තියේ ඉඳන් සහෝදරියක් වගේ එකට ඉන්න සඳුට බොරුකරන්න බෑ කියලා මට හිතුණා. කට්ටියගෙම නෝන්ඩි පාර මැද්දේ මං ගිහින් මුල්ලෙන් වාඩි වුණා.'දැන් හරි..ආයේ බලනකොට පරිස්සමින් බලන්න ඕනේ.මෙයාලට මාට්ටු වුනොත් එහෙම මාසයක් බයිට් වෙන්න පුළුවන්.'.

                'හොඳයි ළමයිනේ,දැන් අපි බලමු මේ පාර පේපර් එකට එන්න පුළුවන් විදියේ ප්‍රශ්න ටිකක්.අවුරුදු ගානකින් අහල නැති නිසා මේ පාර 'කණ' ගැන අහන්න තියෙන ඉඩකඩ වැඩියි'.සර් එහෙම කියනකොට මට මතක වුණේ මගේ කාමරේ බිත්තියේ අලවලා තියෙන 'කණක හරස්කඩ'.තවත් පැයක් විතර වෙන් වුණේ අනුමාන ප්‍රශ්න ගැන කතා කරන්න.ඒ හැම එකක්ම වගේ හරියට නෝට් කරගත්තේ ගෙදර ගිහින් පාඩම් කරනකොට විශේෂ අවදානයක් යොමු කරන්න පුළුවන් නිසා.

                                       තවත් ටික වෙලාවකින් සඳු,දුලා,විනූ,මංසලා ඒ කියන්නේ මගේ යාලුවෝ ටික තරමක් විතර නොසන්සුන් වෙලා කියලා මට තේරුණා.'ෂුවර් එකටම මුන්ට බඩගිනි වෙලා'.එහෙම හිතෙනවත් එක්කම විනූ මගේ අතට ඇන්නේ 'විශ්,මේ බලපන්'කියාගෙන.
    Oh my god!
                   එයාලගේ පොත් වලයි,ඇඳුම් වලයි නිල් තීන්ත විසිරිලා තිබුණා. මුල්ලේ හිටිය මට වැදිලා තිබුනේ නෑ..
       'මොකාද මේක කරපු බූරුවා? කියාගෙන මං හැරෙනවත් එක්කම.............. මං හිතන්නේ මං එයාව දැක්කා. ඔව් ඒ එයා තමයි. එයා වාඩිවෙලා හිටියේ පිරිමි ළමයින්ගේ අන්තිම පේලියේ එහා කොනටම වෙන්න.මොහොතකට ඒ තරු ඇස් දැකලා මං ගල් ගැහුණා.

         'අන්න සර් මේ පැත්තට එනවා'

          'මොකද මේ ළමයි දගලන්නේ?' අපි ලඟට ආපු සර් එහෙම අහනකොට අපි මූණෙන් මුණ බලාගත්තා.
     'අහ්..කවුද මේ වැඩේ කරේ?'
                             සර්ගේ ශාන්ත මූණට ආවේ නපුරු ගතියක්.ඒ බැල්මෙන්ම එහා පැත්තේ හිටපු පිරිමි ළමයි දිහා බැලුවම කට්ටියම පොත් වලට එබුණා.පව් අප්පා...තවත් ටික වෙලාවක් පිරිමි ළමයින්ට බැන්න සර් අයෙමත් පන්තිය ඉස්සරහට ගියා.. අර හුරතල් මුණටම අයිති වෙලා තිබුණු තරු ඇස වල තිබුනේ දඟකාරකමක්.මෙයාලව නම් මෙහෙම හදන්න බෑ...
         "දැන් ඔය ළමයි interval ගන්න.විනාඩි 45යි".
ඔන්න පටන් ගත්තා ගෝශාව.සර් පන්තියෙන් යන්නත් කලින් විසේකාර කොල්ලෝ ටික පන්තියෙන් එළියට පැනලා ඉවරයි.

        'අද ඉතින් පන්තියේ අන්තිම දවස නිසා ගෝල්ඩ් ඩස්ට් හරි නිල් හරි ගහයි කියලා අපි හිත හිත හිටියේ.එත් මෙහෙම බස් වල යන්නේ කොහොමද බං?' දුලනි ඇහුවේ දුකින්.

         'කරන්න දෙයක් නෑ බං දැන් වෙලා ඉවරනේ.අනික ඕවා මේ නාහෙට අහන් නැති හිතුවක්කාර උන්ගේ වැඩනේ'.එතකොට මට මතක් උනේ හුරතල් මුණ. කෑම කන අතරේ මේ එයා ගැන යාලුවොන්ට කියනවද නැද්ද කියලා මං දහස් වාරයක් කල්පනා කළා.. කිව්වා කියලා මොනවා කියන්නද? එක්කෝ ඕනේ නෑ...

              'කවුද බං නිල් ගැහුවේ? එතන කොල්ලෝ හතර දෙනෙක් හිටියනේ'.

             'මං හිතන්නේ ප්ලෑන් කරන්න ඇත්තේ හතර දෙනාම.ඒත් නිල් ගැහුවේ මෙහා කොනේ හිටපු තිසරයි,විශ්වයි වෙන්න ඕනේ.මං බලනකොට අනිත් උන් දෙන්නා හිනා වේවි ඉන්නවා.මට පුදුම තරහක් ආවේ බං
           'මොන ඉස්කෝලේ ද දන්නෑ නේ?'
      
           'තෝමස් එකේ බං.විශ්වයි,තිසරයි මං යුනියෙන් දැකල තියෙනවා'.
         
           'එතකොට අර එහා කොනේ හිටිය එක්කෙනා?'... අපෝ හිතන්නත් කලින් කට ඉස්සර උණා.ඉවරයි...දැන් මොකේදැයි දන් වළඳන්නේ.
කට්ටිය බත් කන එක නවත්තලා මාව කන්න වගේ දැන් බලාගෙන ඉන්නවා.

             'ඇයි?'මං ඇහුවේ වෙනසක් පෙන්නන්නේ නැතුව.

         'නෑ උඹ මොකද්ද ඇහුවේ?හරියට ඇහුනේ නෑ වගේ'

         'ඕකනේ ඉතින් බැරි.අපි කොල්ලෙක් ගැන ඇහුවත් වැරදි.නැතත් වැරදි'.මං කිව්වේ අසරණ විදියට. සඳුගේ ඇස්වල තිබුණේ හරි කුතුහලයක්.

    'හරි හරි,ඒ කොල්ලානම් මොන ඉස්කෝලේද දන්නෑ.හැබැයි හොයාගන්න බැරිවෙන එකක් නෑ.අපිත් ඉන්නේ මේ නුවරනේ'.අනිත් අයට ඇහැක් ගහන ගමන් සඳු කිව්වා.

*********

                      පන්තිය ඉවර වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ.අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගත්ත,දුක -සතුට බෙදාගත්ත පන්තිය දාල යන්න අපි හැමෝටම තිබුණේ දුකක්.විභාගෙට හොඳින් මුණ දෙන්නේ කොහමද කිව්වා සර් අන්තිමේදී අපි හැමෝටම සුබ පැතුවා.ඒ අවස්ථාව නම්  හැමෝටම ගොඩක් සංවේදී අවස්ථාවක් වුණා.හැමෝම පේලියට ගිහින් සර්ට වැඳලා ආශිර්වාද ලබා ගත්තා.ඒ අතරේම අපි සල්ලි එකතුකරලා ගත්ත සමරු සිහිවටන කීපයකුත් සර්ට තෑගිකරා.යාලුවෝ හැමෝටම සුබ පතලා අපි බිම බලාගෙනම බස් හෝල්ට් එකට ආවා.
    
              'විශ්,අන්න අර කොනේ හිටපු එක්කෙනා ඉන්නවා අර නරුමයෝ ටිකත් එක්ක'.දුලා නරුමයෝ කිව්වේ තිසරටයි,විශ්වටයි.
මං ඒ දිහා බලනකොට එයාලා අපි දිහා බලාගෙන හිටපු නිසා මං ඉක්මණට අහක බලාගත්තා.

                'අන්න දිනාදී යි,දෞපදි යි එනවා'.සඳු කිව්වේ ඈතින් එන නිවුන් සහෝදරියන්ව පෙන්නලා.ඒ දෙන්නත් අපේ ඉස්කෝලේ,අපේ පන්තියේ ඉගෙන ගන්නේ.

                'මේ නුවර කොල්ලෙක් ගැන දැනගන්න ඕනේ නම් ඉතින් අහන්න ඕනේ ඒ දෙන්නගෙන් තමයි'.මංසලා කිව්වේ මං දිහා බලාගෙන.ඒ කියන්නේ මෙයාලා දැන් මේ ලෑස්ති වෙන්නේ අර හුරතල් මුණ ගැන මෙයාලගෙන් අහන්න.ගම කයි ද  මන්දා..
ගම කෑවද බලන්න 3 වෙනි කොටසෙන් හමුවෙමු!! >>>
       

Wednesday, September 28

~මහිම මන්දහාසි~ 1වන කොටස


        අපෝ දැනටමත් මං විනාඩි 15 ක්  පරක්කුයි. ෂුවර් එකටම අපේ සෙට් එක ක්ලාස් එකට ගිහින් ඇති. මෙහෙම හිතන ගමන් මං ක්ලාස් එකට යන අතුරු පාරට හැරුණා. ලබන සඳුදා අපිට O/L exam පටන් ගන්නවා. ඉතින් මේ තකහනියක් මං දුවගෙන යන්නේ අපේ විද්‍යාව පන්තියට.අද ක්ලාස් එකේ අන්තිම දවස.ටිකක් විතර විශේෂ දවසක් තමයි.ඒත් ඉතින් මං අදත් පරක්කුයි.

                  අපොයි විශ් , දැන් ඉතින් මුළු ක්ලාස් එකේම කොල්ලන්ගේ 'ෂූ' හඬ මැද්දේ ගිහින් ඉස්සරහම පේලියේ ඉඳගන්න එපැයි’.
                    එහෙම හිතනකොටත් මට හීන් දාඩිය දැම්මා.ක්ලාස් එකට පරක්කු වෙලා එන හැමදාම මං ඒ අත්දැකීමට මුණදීලා තිබුණත් ඒ ගැන මතක් වෙනකොට හිතට දැනෙන්නේ පුංචි චකිතයක්. ඒ මදිවට මගේ යාලුවෝ හැමදාම ගිහින් වාඩි වෙන්නේ ක්ලාස් එකේ ඉස්සරහම පේලියේ. දකින ඕනෙම කෙනෙක්ට හිතෙන්නේ 'ෂා,හොඳ bright කේස් ටිකක්' කියල.අනේ ඉතින් මොකටද මගේ කට.

              සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්තරේ ව්‍යුවහය ගැන දේශනයක් කරන සර්ගේ හඬ හෝල් එකේ තිබුන තඩි බෆල් නිසා පාරටත් ඇහුණා. දඩිබිඩියේ පර්ස් එක අවුස්සලා ක්ලාස් කාර්ඩ් එක හොයාගෙන 'ටික්කට' දෙනකොට 'අදත් පරක්කුයි' නේද කියල මනුස්සය දැම්මේ මහා නෝන්ඩි හිනාවක්.ටික්කට කියන්න හොඳ කතාවක් මතක් කරද්දීම ,'මොකටද නිකං අන්තිම දවසෙත් හිත නරක් කරගන්නේ' කියල හිතුන නිසා මං කට පියා ගත්තා.

              ඒ වෙලාවේ තවත් කවුරුහරි පරක්කුකාරයෙක් ඇවිත් මගේ වම් පැත්තෙන් හිටගත්තේ කාර්ඩ් එක මාර්ක් කරගන්න.  ඒ පිරිමි ළමයෙක් කියලා තේරුණත් ඒ කවුද කියලා බලන්න තරම් මට විශේෂයක් හිතුනේ නෑ. කාර්ඩ් එකේ තිබුණ පුංචි කොටු හතරෙන් අන්තිම කොටුව කපලා ටික්කා මගේ අතට කාර්ඩ් එක දෙනකොටම,මගේ පැත්තකින් හිටිය කෙනාගේ අත ටික්කා දිහාට යොමුවුණා. ඒ එයාගේ කාර්ඩ් එක මාර්ක් කරගන්න කියලා මං දන්නවා. ඒත් මට විශේෂයක් වුණේ ඒ සුදු අතේ ඇඟිලි ටික. ඇඟිලි ටික දැක්කම නම් මට ඒ මුණ දිහා බලන්න ඇති වුණේ පුදුම කුතුහලයක්…………

              කරන්ට් එක වැදුණා වගේ ඔලුව උස්සල මං එයා දිහා බැලුවත් ඒ ඇස් යොමුවෙලා තිබුනේ එයාගේ කාර්ඩ් එක දිහාවට. 'හ්ම්... හුරතල් මූණක්' . මොහොතකට මට මහා අමුත්තක් දැනුණා.මං අයෙමත් පියවි සිහියට ආවේ මකර කටින් ඇහෙන සර්ගේ හඬ නිසා.ක්ලාස් එක දිහාවට දුවන ගමන් මගේ හිතට ප්‍රශ්න කෝටියක් විතර ආවා.'එයා කවුද?'..'අපේ පන්තියෙමද?'.. 'ඇයි මං එයාව කලින් දැකලා නැත්තේ?'..




                    දිගම දිග හෝල් එකේ කොනක තිබුණු දොරෙන් ඇතුල් වෙද්දී මං දැක්කේ 1000ක් විතර ඔලුගෙඩියි, ස්ටේජ් එකේ ඉන්න සර්වයි විතරයි.පිරිමි ළමයි ඉදගන්නේ ක්ලාස් එකේ වම් පැත්තේ. ගෑනු ළමයි දකුණු පැත්තේ.ඒක නීතියක් නෙමෙයි.ඒක තමයි මේ ක්ලාස් එකේ සම්ප්‍රදාය.සුපුරුදු පරිදි ක්ලාස් ඒක මැද්දෙන් යන්න කියලා මං ලෑස්ති වෙනකොටම කවුද මගේ අතින් ඇදල එතන බංකුවෙන් වාඩිකරවගත්තා.'මෙන්න බොලේ අද මගේ සෙට් එකම ක්ලාස් එකේ පිටිපස්සෙම පේලියේ වාඩි වෙලා'. මට දැනුනේ ලොකු පුදුමයක්.


            'මොකද බං මේ ඇස් දෙකත් ලොකු කරගෙන?' එහෙම ඇහුවේ මාව වාඩි කරවපු මගේ හොඳම යාළුවා සඳුපමා. අපි එයාට ආදරේට කිව්වේ 'සඳු' කියලා.

'මොකද අද මේ මීටර් කෙල්ලෝ ටික පිටිපස්සෙන් වාඩි වෙලා?'

'ඇයි විශ්,බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලි වලිනි කියලා උඹම නේද අපිට හැමදාම කියන්නේ?ඉතින් අපි හිතුවා ඒක ඇත්තද කියලා බලන්න'.මංසලා කිව්වා.

       'උඹලටත් ඒක හිතිලා තියෙන්නේ ක්ලාස් එකේ අන්තිම දවසේ වෙච්ච එකනේ වැඩේ.හැමදාම පාඩුවේ ඇවිත් මෙතනම ඉඳගන්න තිබුනනේ' කියලා කියන්න හදනකොටම ඉස්සරහින් කාගේද ෆෝන් එකක් රින්ග් වෙනවා ඇහුණා.සර්ට කෝල් එකක්.ෆෝන් එකට අන්ස්වර් කරන ගමන් සර් එලියට ගියා.ඒ එක්කම ක්ලාස් ඒක ඇතුලේ ඇතිවුනේ එකම ගෝෂාවක්.පැය බාගයක් විතර වැහිලා තිබුණ කටවල් ටිකනේ.පව් අප්පා.

                මගේ හිතට ලොකු අඩුවක් වගේ හැගීමක් දැනුණා.ඇයි ඒ?.ඒත් එක්කම මට මතක් වුණේ ටිකකට කලින් දැකපු ලස්සන දිග ඇඟිලි ටික.එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු 400ක් විතර කොලු රෑන අතරින් මගේ ඇස් දිව්වේ ඒ හුරතල් මුණ බලන්න.'හ්ම්... කෝ නෑනේ'.
                                       මගේ හරිම නම 'විශ්මි' වුණත් යාලුවෝ මට කතාකරේ 'විශ්' කියලා.මං ඒ නමට හරිම කැමැතියි.ගෙදරදී අය්යියත් එක්ක රණ්ඩු වෙනකොට 'විශ් නෙමෙයි ඕයි,තමුසේ මහා පුස්'කිව්වම එයාගේ කන පලන්න මට හිතෙන්නෙත් ඒ නිසාමයි.


ඊළඟ කොටසෙන් හම්බවෙමු... ජය වේවා!! >>>

Tuesday, September 27

~ මහිම මන්දහාසි ~ ළා හිරු මඬලයි මා අබියස ඔබ බැසයන්නේ නැති සසර පුරා...

Coming Soooon.... >>>





ඔක්කොම කොටස් මෙතනින් ගන්න...


සම්පුර්ණ විද්‍යුත් පොත 


~ මහිම මන්දහාසි ~    1වන කොටස 


~ මහිම මන්දහාසි ~    2වන කොටස 


~ මහිම මන්දහාසි ~    3වන කොටස


~ මහිම මන්දහාසි ~    4වන කොටස


~ මහිම මන්දහාසි ~    5වන කොටස


~ මහිම මන්දහාසි ~    6වන කොටස


~ මහිම මන්දහාසි ~    7වන කොටස


~ මහිම මන්දහාසි ~    8වන කොටස 


~ මහිම මන්දහාසි ~   9වන කොටස 


~ මහිම මන්දහාසි ~ 10වන කොටස 


~ මහිම මන්දහාසි ~    11වන කොටස


~ මහිම මන්දහාසි ~    12වන කොටස

~ මහිම මන්දහාසි ~    13වන කොටස

~මහිම මන්දහාසි~      14වන කොටස

~මහිම මන්දහාසි~      15වන කොටස

~මහිම මන්දහාසි~      16වන කොටස

~මහිම මන්දහාසි~      17වන කොටස

~මහිම මන්දහාසි~      18වන කොටස

~මහිම මන්දහාසි~      19වන කොටස


~මහිම මන්දහාසි~      20වන කොටස

~මහිම මන්දහාසි~      21වන කොටස

~මහිම මන්දහාසි~      22වන කොටස

~මහිම මන්දහාසි~      23වන කොටස [අවසන් කොටස]

~මහිම මන්දහාසි~      [පසු වදන]




Saturday, September 24

හොඳ හොඳ Quotes

මේවා මගේ නිර්මාණ නම් නෙමෙයි ඔන්න. මමත් internet එකෙන් හොයාගෙන edit කරලා තියෙන්නේ.. මූණු පොතේ banners වලට ගන්න මේව නේ. :).























Thursday, September 22

පැහැසර ඔබේ ආදරේ ..


මන්දාරම් වැහි පොද හිරිකඩ
මගේ සියොළඟ රන්දාලා ...
උනුන් අප හා ගිය වග මග තොට
මතක අගුලු හැර දාලා....

වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරේ ගලා ගිය උණු කඳුලැලි 
වියලි දෙතොල් මත වැටුණා...

පැහැසර ඔබේ ආදරේ..
මන්දාරම් අඳුරේ වෙලී...
සැඟවී ගිය නුබේ සෙනෙහේ..
හද රිද්දනවා රහසේ..

මැලවුණු මගේ දෙතොලෙහි රැඳී තතු
සැමගෙන් සඟවා ඉන්න...
නුඹ නොමැතිව සිනහ නගනයුරු 
මට කියාදී යන්න....

උමතුව හද විලාප දෙන 
හඬ අහගෙන ඉන්න...
බිඳකට ඇවිදින් මගේ ලය
මත ඔය සවන තියන්න...

ඔබ යන්න.....

එපා තවත් මගේ හිත රිදවන්න...
එපා තවත් මගේ හිත රිදවන්න...
ආල නුරාකම් , නෑ මට සොඳුරු...
ප්‍රේම හැඟුම් මතකයි , මට නුඹේ රුදුරු..
ඔබ යන්න...ඔබ යන්න....

හිත කීරි ගැහෙනවා , මගේ වෙනදා විදියට..
නුඹ මතක ලොවේ , සැරිසරන වෙලාවට..
නුඹ නැතිව බැරිඋනත්  , උණුහුමකට මා ළඟ...
පෙම් කරන්න බෑ , යලි ගොළු වුනු හදකට...
ඔබ යන්න...ඔබ යන්න...


Tuesday, September 20

ආදරණීය ඔයාට ...

මං ඔයාට ආදරේ කරේ ගිනි ගොඩක ඉඳගෙන..
මොනම ප්‍රශ්නේ ආවත් ඔයාව දාල යන්නේ නෑ කියල,

මං මගේ හිත පොරොන්දු කරගෙන හිටියේ..

ඒත් අන්තිමේදී ඔයාටම මාව එපා කිව්වමත්,

ඔයාගේ ඇඟේ එල්ලිලා ඉන්න මට ඕනේ කමක් තිබුනේ නෑ..

ඒ නිසා ඔයාට ඔයාගේ සතුට හොයාගෙන යන්න මං අවසර දුන්නා..

ඒත් ඒ ගිය පාර වරද්දගෙන,ඔය අසරණ වෙලා ඉන්නකොට
ඔයාව දැක්කේ නැති ගානට ඉන්න මට බැරි උනා..
මං අයෙත් ඔයාට ලං උනේ ඒ නිසා..
දැන් අයෙමත් ..
ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න ලැස්ති වෙනවා
මොන තරම් හිත රිදුනත් ඒ දුක දරා ගන්න මං ලෑස්ති.
ඔයාට සුබ ගමන් ...!!!!
ආයෙමත් මග වරද්ද ගන්න නම් එපා,
මොකද එදාට ඔයාව සනසන්න මං ඔයා ළඟ නැති වෙයි......



Monday, September 19

Rio රසවිඳින්න..



Friday, September 2

ජීවිතේ...



Pцт уоця тяоцЬlє$ aщaу
Lоок оvёґ тнє щояld.
Уоц caи $єє
Hощ мцcн шё нavё мї$$єd.
Шну шояґу alщaу$
Jц$т lоок тнґоцgн ёvєяу тноцgнт
Уоц caи fїйd оиlу
Tнє fяёёdом оf Jоу.
Dо cґazу тнїйg$
Lїкё ио ойё cоцld єvєя dо.
Bё тнё нappїё$т pёґ$ой
Шном, ио ойё caи $aуЬоо”.
Йёvёя lёт тяоцЬlє$ то вё a тяоцЬlё fоґ уоц.
Єйjоу тнё lїfє,
BЁ $їмplё
Tнaт ї$ тнё paтн & clцё….

බෝනික්කෝ ...